Thursday, December 18, 2014

බර්ත්ඩේ ක‍ාඩ්, අරක්කු, සිගරට් සමඟ පොදුජන මෙව්ව එක. (වැඩිහිටියන්ට වඩාත් සුදුසුය)

මම ටවුම පැත්තට ආවෙ පොඩි වැඩක් කරන්න හිතාගෙන. ඒ එද්දි මිත්‍රයෙක් මුනගැහුන. ආගිය කතා වලින් පස්සෙ මගේ කාරණාව ඔහුට කිව්ව.

"මගේ බර්ත්ඩේ එක අනිද්දනෙ.... මම ආවෙ මට බර්ත්ඩේ කාඩ් එකක් අරගෙන තැපෑලට දාල යන්න.... අනිද්දට ලැබෙන්න"

"හහ් හහ් හහ් හහ්........" උෟට හිනාව නතර කරගන්න බෑ.

"කොහේද මචං හොඳ කාඩ් තියෙන්නෙ?" මම ඇහුව. ඒකා ආයෙ හිනාවෙනව.

"වරෙංකො යන්න" මම මෑන්ගෙ අතින් ඇදගෙන කාඩ් එකක් ගන්න යනව.... දැං නං උගේ මූන වෙනස්.

"ඈ! උඹ සිරාවටමද කිව්වෙ මේ කාඩ් කතාව?"

"නැතුව නැතුව" ඌ මගේ දිහා බැලුවෙ හරියට අමුතු සතෙක් දිහා බලන්න වගේ.

"උඹේ බර්ත්ඩේ එකට උඹම කාඩ් අරගෙන උඹටම පේන්න එවාගන්න උඹට පිස්සුද?" අන්තිමට යාළුව ඇහුව.

**************************************************************

එදා හවස කට්ටිය සෙට්වුනා. අපි පස්දෙනෙක්ද කොහෙද හිටිය. එක එකා තියන විදියට සල්ලි දාල සූදානං උනේ බෝතලයක් දෙකක් අනුමත වෙන්න. සල්ලි එකතු කරගෙන අවසානයේ උදේ යාළුවයි මමයි මගේ මොටෝ බයිසිකලෙන් අල්ලපු ටවුමට ආව බෝතල් ගන්න. ඒ අතරෙ මම පොඩි යෝජනාවක් කලා.

"එකහමාරක් ගන්නත් සල්ලි මදිනෙ බං.... අපි එකකුයි කාලකුයි ගමු.... අරගෙන මෙහේ කොහේ හරි ඉඳගෙන කාල ගහලම යං...."

"ඒ මොකෝ?"

"ඇයි බං නැත්තං එකකින් මොකක් කරන්නද පස් දෙනෙක්.... අපි කාලක් ගහල බෝතලේට සෙට්වුනානං අපිට මදැයි!"

"යකෝ කැරි වැඩ කරන්නෙපා.... ඇති වුනත් මදිවුනත් පුළුවන් තරමක් අරගෙන යමං.... මොකද්ද උඹට අද වෙලා තියෙන්නෙ?"

"ඇයි බං අපි කඩෙත් අැවිල්ල....."

"යකෝ කඩේ ආව කියල එහෙම කරන්න හොඳද? මට නං උඹ ගැන ලැජ්ජයි බං"

"හරි හරි එහෙනං එකයි කාලක් අරං වරෙං... මම එහා පැත්තෙං සෝඩ එකක් ගේන්නං...."

**************************************************************

ඔන්න කට්ටිය සෙට්වුනා. පළමු වීදුරුව ගත්තට පස්සෙයි කට්ටියට මතක් උනේ!

"කෝ සිගරට්?" "සිගරැට් එකක් නැද්ද බං?" "ඒයි කඩේට ගිහිල්ල සිගරට් දෙක තුනක් ගෙනෙල්ල බං...."

මේ වෙලාවෙ මම නැඟිටල සාක්කුවට අත දැම්ම.

"මොකද කියන්නෙ? කාටද සිගරට් ඕන? ඔන්න බලපල්ල මම නැතිවුනානං උඹලට අද සිගරට් නෑ!" මම කිව්ව. ඒත් මගේ යාළුවට මගේ කතාව ඇල්ලුවෙ නෑ.

"උඹනෙ කඩේට ගියේ..... සිගරට් ගන්න එක උඹේ වැඩක් තමයි.... සල්ලි තිබුනෙත් උඹේ අතේනෙ.... ඉතිං අපි අමුතුවෙං උඹට පිංදෙන්න ඕන කියල උඹ හිතනවද?"

**************************************************************

බෝතලේ බීල තවත් කොටයකුත් ගෙනල්ල බීල ඉවර වෙද්දි හොඳ ගනං.... ඒ ගමන කට්ටිය දේශපාලනේ කතා කරන්න ගත්ත. මම අර මාත් එක්ක උදේ ඉඳල හිටපු යාළුවගෙන් ප්‍රශ්නයක් ඇහැව්ව.

"උඹ කාටද ඡන්දෙ දෙන්නෙ?"

"මහින්ද මහත්තයට!"

"ඇයි?"

"මහින්ද මහත්තය යුද්දෙ අවසන් කලා.... බඩුමිල අඩුකලා.... පාරවල් හැදුව.... රස්සා දුන්න.... බයික් දුන්න...."

**************************************************************

"උඹට තනියම යන්න පුළුවන්ද? නැත්තං බයික් එක දාල පලයං..." මම එන්න හදනකොට යාළුව කිව්ව.

"අවුලක් නෑ යන්න පුළුවන්...."

මම පාරට එද්දි මෑන් ගේට්ටුව ලඟට ඇවිල්ල 'නරක යාළුව' යන හැටි බලාගෙන හිටිය. කොමිස් ගහගෙන හදපු පාර දිගේ එන මට එතුමාගෙ උපන්දිනේට සුබපතල ගහපු කටවුට් එකකුත්, බයික් දුන්නට ස්තුති කරල ගහපු පෝස්ටරයකුත් පේනව.

ඇයි යකෝ මුං අපිට විතරක් පිස්සු කියන්නෙ? හොරු කියන්නෙ? නිකං දෙන්න පුළුවන් පින් ටිකක්වත් ‍නොදෙන්නෙ?

44 comments:

  1. නියමෙට ලියල තියෙනවා....

    ReplyDelete
  2. අර කතාවක් තියෙන්නේ "It's not illegal when a king does it" කියල

    ReplyDelete
    Replies
    1. ඒක හරි. රජා කරද්දි එක විදියක් රාජ් කරද්දි තව විදියක්

      Delete
  3. ලබා උපන් හැටි කියන්නේ ඕකට තමයි.. ලෙසටම තියෙනව.. ආයි දෙකක් නෑ.. උපන්දින කාඩ් එක පට්ට.. හෙහ් හෙහ්..

    ReplyDelete
  4. සල්ලි දුන්නට හරියනවයැ. ස්වේච්ඡාවෙන් උදව්වක් කලාම කළගුණ සලකන්න ඕනි. නැද්ද හා...?

    ReplyDelete
  5. බෝතලේ ටවුමෙදි ගහල කාල අපිට ගෙනාවත් අපි ඒ කාල ගහල බෝතල් හතක වෙරි ගන්නං .. .!! ඕ යේස් .

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව ඒ හරිය මොකට කියනවද!

      Delete
  6. උමත් එක්ක මාත් බෝතලේ ගාහුවා වගේ.. හැබෑට අර සුභ පැතුම් කටවුට් ගහන්නේ ජනතාව නෙමෙයිද නොදන්න නිසයි අහන්නේ

    ReplyDelete
    Replies
    1. මේ ලඟදි කටවුට් වගයක් ගහල තිබුන ඇතුලෙ ඉන්න සම්පත් චන්ද්‍රපුෂ්පටත් සුබපතල. මට නං දෙකොනෙං හිනයි.

      Delete
    2. @දේශක යා

      //හැබෑට අර සුභ පැතුම් කටවුට් ගහන්නේ ජනතාව නෙමෙයිද නොදන්න නිසයි අහන්නේ//

      ජනතාව නැතුව වෙන කව්ද බං..? ජනතාව.. ජනතාව....රාජ් කියන විදියට ඔව්ව තමන්ම ගහගන්න මහින්ද මහත්තයට ආයෙ පිස්සුවක් ඇතෑ..

      Delete
  7. වෙරි වෙනවනම් වැඩේ එච්චරනේ... අර කාඩ් කතාව නම් පට්ට.. අන්තිම හරිය ටිකක් ටියුබ් ලයිට්...

    ReplyDelete
    Replies
    1. වෙන වෙනම ගන්න එපා. එකක් විදියට කියවන්න.

      Delete
  8. අපෙං අරං අපිටම දෙද්දියි, ඌට පැවරිච්ච වැඩේ ඌ කෙරුවටයි උඩ පැනගෙන පින් දීලා අත ඉඹලා ඒ මදිවට ගෙදර ඉන්න හඩු පොඩි එකාවත් වඩාගන්ඩ දීලා මෝඩ චූන් එකක් ගන්න එකෙත් හරි ලාංකික බවක් තියෙනවා බං.

    ReplyDelete
    Replies
    1. අන්න උඹ තමයි හරියටම කි(යෙ)ව්වෙ!

      Delete
  9. එහෙන් මෙහෙන් නූල් ඇදලා අන්තිමේදි අගේට ගැටගහලා, මරු.අර කාඩ් එකේ මතක ඇතුව ලියන්න කළගුණ දත් ජනතාව වෙතින් කියලා

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. ඒක තමයි හොඳම සින්එක. අපේ පැත්තෙ තියන සමහර කටවුට් වල තියෙන්නෙ ඒ කිට්ටුව ඉන්න "අහවලා" විසින් ගැහුව කියල. නමුත් පලාතෙම තියන කටවුට් වල ගහල තියෙන්නෙ "අහවල් ආර්ට්ස්" වගේ නමක්. එක තැනකින් තමයි බඩු එන්නෙ.

      Delete
  10. //මහින්ද මහත්තය යුද්දෙ අවසන් කලා.... බඩුමිල අඩුකලා.... පාරවල් හැදුව.... රස්සා දුන්න.... බයික් දුන්න....//
    ඔය ඔක්කොම කලේ අපේ සල්ලි වලින් නේ.ඔය ඔක්කොම වෙනුවෙන් අපිම තව වසර ගානක් වැඩිපුර බදු ගෙවන්නත් එපාය.

    ReplyDelete
    Replies
    1. ඒකනෙ අර යාළුවට තේරෙන්නෙ නැත්තෙ.

      Delete
  11. පොරජාතන්ත්‍රවාදේ සමග යහ පාළනේ
    අනේ හුකේ මේ මොන බයිලාද අනේ
    යන්න පාරයි නිදහසයි ඔය උඩින් දුන්නේ
    අනේ කූඹියනේ, අපිට තවමත් රජෙක්මයි ඕනේ..!

    ReplyDelete
    Replies
    1. //අනේ කූඹියනේ, අපිට තවමත් රජෙක්මයි ඕනේ..!//
      පට්ට කතාව

      Delete
  12. උඩ ඉඳල කියවගෙන එද්දි හැරෙන්නෙ පොල් පැලේට කියල මට තේරුනා.

    ඔහොම තමයි බං, අපි සාපේක්‍ෂව වෙනස් ! අපි ඒ වෙනසට ගරු කරමු. :)

    ReplyDelete
    Replies
    1. ගරු කිරිල්ල වගේද ඡන්දෙ දීම?

      Delete
  13. කලගුණ සලකන්නො ඔහොම තමයි!

    ReplyDelete
  14. One of the best posts in recent months in Sinhala blog sphere!

    ~Soosthi~

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි දෙන්න‍ටම

      Delete
  15. ආං කිලිනොච්චියේ ටවුම මැද්දේ තියන හැම ලයිට් කණුවකම සිංහලෙන් කටවුට් ගහලා. මම දැක්කේ ඊයේ (18) රෑ.

    මාර ලස්සනයි ඈ.

    එහෙ මිනිස්සුන්ට හොඳට සිංහල තේරෙන නිසා කතිර දෙකක්ම ගහනවලු මේ පාර.

    ReplyDelete
    Replies
    1. කිලිනොච්චි චන්ද නං සුම්ම!

      Delete
  16. මර්වින්ට ස්තූති කරලා කැළණියේ ජනතාවත් පෝස්ටර් ගැහුවා නේද සැරයක්... ජනතා පරමාධිපත්‍යය හෑල්ලුවට ලක් කරන්න එපා බං...

    ReplyDelete
    Replies
    1. දේශපාලුවන්ට හරියන විදිහට ජනතාව හැඩ ගැසීමට වඩා දැන් වෙන්නේ ජනතාවගේ චන්ද ලැබෙන විදිහට දේශපාලුවන් හැඩ ගැසීම. එතකොට කාගේද වැඩි වැරද්ද?

      Delete
  17. මිස්ටර් බීන් වගේ ඩෑල් එකක්.

    ReplyDelete
  18. ලෙසටම ලියලා තියෙනව බං.

    ඊයේ කෝච්චියෙ ගිය බේබදු බුවෙක් කියනවා,

    “ මං ඡන්දෙ දෙන්නෙ මගෙ ගෑණිට. මට කන්ඩ උයල දෙන්නෙ, මගෙ රෙදි හෝදල දෙන්නෙ, ඔක්කොම මගෙ ගෑණි. ඒකයි.“

    ඌ ළග හිටපු එකෙක් මහින්දගෙ වැරදි ගැන කියවද්දි ඌ කියනවා:

    “ඔය ඔක්කොම ඇත්ත. ඒත් මගෙ ගෑණී කැමති මහින්දටනෙ...“

    කට උත්තර නෑ බං මුන්ගෙ තර්ක වලට...

    ReplyDelete
  19. දිනුක කියලා තියෙන්නේ උඩ කතන්දරේ! මේ සැරෙත් කළගුණ සලකන්න ලොක්කට දෙනවා කියන්නේ රටටම බඩු තමයි.

    ReplyDelete
  20. නියමයි මචං.. හරිම කලාත්මකයි... ඒත් අපේ මිනිස්සු.. සෘණාත්මකයි.. නෑ.. එයාලා ධනාත්මකයි...

    ReplyDelete