Saturday, December 20, 2014

ඇමෙරිකාවට ගිය එස්කිමෝවරු සහ අපේ නායකයන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශන.

අතීතයේ දිනෙක එස්කිමෝවරයෙකුට ඇමෙරිකාවට යාමට හැකිවිය. ඉන් පෙර කිසිවෙකු ඇමෙරිකාවේ සංචාරය කර තිබුනේ නැත. සංචාරයෙන් පසු මව් රටට පැමිණි සංචාරකයා ඇමෙරිකාවේ අැති යාන වාහන වල ගමන් කල අයුරු, නොමිදුන ගංගා වල මාළු බෑ අයුරු, ආදී නානාප්‍රකාර විස්තර මිතුරන් හා පැවසීය. එහෙත් කිසිවෙකු ඔහුගේ කතා පිලිගත්තේ නැත. යාන වාහන හෝ නොමිදුන ගංගාවල් ඔවුන්ට සුරංගනා කතාවන් පමණක් විය. අවසානයේ සංචාරකයාට සිදුවූයේ ටොම් පචයා වැනි නම් වලින් පිදුම් ලැබීමටය. ඉන් ටික කලකට පසු යලි ඇමෙරිකාවට යන වෙනත් එස්කිමෝවරයෙකු දකින්නේ කලින් 'ටොම් පචයා' කියූ සියල්ල සත්‍ය බවයි. එහෙත් කපටියෙකු වූ ඔහු තෝරාගන්නේ සත්‍ය ප්‍රකාශ කර පචවීම නොව එස්කිමෝවරුන්ට සමීප බොරු තොගයක් කියා ඔවුන් රැවටීමයි.

අපට මේ කතාව සිහිවන්නේ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ගැන විවිධ පුද්ගලයන් කරන විචාර දුටු විටය. මෛත්‍රීගේ පමණක් නොව විපක්ෂය පැත්තෙන් පැමිණෙන සියලු ප්‍රතිපත්ති ප්‍රකාශනයන් 'සුරංගනා කතා' ලෙස සැලකීමට බොහෝදෙනා පුරුදුව සිටිති. එක පැත්තකින් එහි වරදක් ඇත්තේද නැත. විපක්ෂයේ සිටියදී ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශන වලින්, බලය ලැබුන පසු සීයට පහක්වත් ඉටු නොකරන තත්වයකදී මේවා හැඳින්වීමට 'සුරංගන‍ා කතා' යන්න යොදා ගැනීම ගැටළුවක් නැත.

මේ ක්‍රියාවලියේ නරකම පැත්ත එය නොවේ. බොහොමයක් ආණ්ඩු/විපක්ෂ කණ්ඩායම් ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශන වලින් අඩුම තරමින් සීයට හැත්තෑ පහක්වත් කල හැකි සරළ දේවල්ය. රාජ්‍ය සේවකයන්ට රුපියල් දහ දාහක වැටුප් වැඩිවීමක් දියහැකි යයි ඔවුන්වත් විශ්වාස කරන්නේ නැත. රටේ සිදුවන මහා පරිමාණ දූෂණ වංචා ප්‍රමාණය සීයට පනහක් හෝ පාලනය කලහැකි නම් මේවා මහලොකු දේවල් නොවේ. සිදුව ඇත්තේ එස්කිමෝවරයාගේ කතාවේ අැබැද්දියයි.

මෛත්‍රීපාල මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයද සුපුරුදු ලෙස ඉදිරිපත් කල ආකර්ශනීය එකක් බැව් කිවයුතුය. මහින්ද මහතාද එන සතියේ තම ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරනු ඇත. එයද ලස්සන පොරොන්දු ගොඩකින් පුරවා දෙනු නිසැකය. මෛත්‍රීපාල මහතා මෙතරම් විස්තරාත්මක ප්‍රතිපත්ති ප්‍රකාශනයක් ඉදිරිපත් නොකලේ නම් මා පෞද්ගලිකව කැමතිය. මෛත්‍රීපාල මහතා ජයග්‍රහණය කලහොත් ඔහුගෙන් ම‍ා බලාපොරොත්තු වන්නේ විධායක ක්‍රමය අහෝසි කිරීම හෝ යම් පාලනයකට නතු කිරීම හා රටේ නීතිය සහ පාලනය යම් සුබවාදී දිශාවකට යොමු කිරීමත් පමණක්ය.
මෛත්‍රී මහතාණනි ලොකු දේවල් අවශ්‍ය නැත. දැනට මේ ඩිංග ඇතිය!

45 comments:

  1. බලාගෙන හිටහන්. දැනටම විධායකෙන් මත්වෙලා. මම එක එකා කියන විදියට නටන්නෙත් නෑ. මාව එහෙම නටවන්නත් බෑ කියලා දැන් ටෝක් එක දෙන්නේ. ආන් එදාට තමයි සෝභිත හාමුදුරුවෝ නිවන් දකින්නේ.

    ReplyDelete
    Replies
    1. හුඟ දෙනෙකුට තියන අවුලක් තමයි ඕක. කන්න ඕනවුනාම තලගොයා. අනිත් වෙලාවට කබරයා.
      චන්ද්‍රිකාට රනිල්ට අකමැති අයගෙ තර්කය තමයි මෛත්‍රී කියන්නෙ මේගොල්ලගෙ රූකඩයක්. නූල් තියෙන්නෙ ඒයාල අතේ. කිසි දෙයක් කරගන්න බැරි වැනෙන මිනිහෙක්

      තවත් වෙලාවකට ජනාධිපතිවුනොත් මෙයත් මහින්ද කෙනෙක් වෙයි. කවුරුවත් කියන දෙයක් අහන එකක් නෑ. එතකොට එහෙමයි.

      මට නං ඕන අර මූලික දෙකතුන විතරයි. සමහර විට ඒ ටිකත් නැතිවෙලා අපේ බලාපොරොත්තු සුන් වෙන්න පුළුවන්. නමුත් අනිත් එක්කෙනාගෙන් ඕව කොහොමවත් නැති එකේ අපි මෙයාට දෙනව.

      Delete
    2. මම නං හිතන්නේ මයිත්‍රී 52-52 % වගේ ගනියි කියලා. මම මේ කොමෙන්ට් එක වෙන බ්ලොග් එකකත් දැම්මා. අයෙත් කියන්න තියෙන්නේ ඒකම තමයි.

      මගේ පියා ශ්‍රීලනිපයේ ආසන සංවිධායකවරයෙක්. මැතිනියගේ කාලයේ සිටම දේශපාලනය කරපු අයෙක්. ඉතිං අපේ ගෙදර තිබුනේ තනිකරම දේශපාලන පසුබිමක්. ඊළගට මගේ මිත්‍රයෝ,හිතවතුන් රාශියක් ඉන්නවා වර්තමාන රජයේ. මට දැන් මොහොතකට කලින් කතා කරා ප්‍රභල කැබිනට් ඇමතිවරයෙක්ගේ පෞද්ගලික ලේකම්. ඒ ලේකම්තුමාත් ඇමතිවරයාගේ ලගම නෑදෑයෙක්.
      ඔවුන් කිසිකෙනෙක් මේ පාර මහින්දට වැඩ කරන්නේ නෑ. රුපවාහිනී නාලිකා වල ඇවිත් කුමක් හෝ කියලා යනවා විතරයි. අඩුම ගානේ ඇතැම් සන්ධාන පාක්ෂිකයන් මැතිවරණ කාර්යාල දාන්න යද්දිත් මේ අය කිව්වලු මේ පාර නිකන් කාර්යාල දාන්න ඕනි නෑ කියලා. කවුරුත් ගම් වලට ගිහිං මහින්දට වැඩකරන්නේ නෑ.
      මගේ පියාත් මට කීවා මයිත්‍රීට ජන්දය දෙන්න තීරණය කළා කියලා. ඊයේ තමයි ඒක කිව්වේ. බොහෝ දෙනෙක් නිහඩව ඉදලා මයිත්‍රීට ජන්දය දෙන්නේ.

      මේ කාරණේ පිටතට පෙන්නේ නැත්තේ ඇස් නිලංකාරවෙන අන්දමට,අසීමිතව මුදල් පොම්ප කරමින් මහින්ද රාජපක්ෂ ගෙනයන මැතිවරණ ප්‍රචාරණය නිසා. හැබැයි ඒකත් ගමට ගිහිං නෑ.

      මේ මොහොතේ මහින්ද රාජපක්ෂ වටේ ඉන්නා අය කරන්නේ ඔහු ජන්දෙට වියදම් කරන මුදල් වලිනුත් භාගෙට භාගයක් ගසා කන එක. සමහර විට ඒ අය හිතනවා ඇති මේ හොරකම් කරපු සල්ලිනෙ, ඒවා අපි ගත්තට කමක් නෑ කියල. කොහොමහරි මහින්දව අන්දලා තියෙන්නේ වටේ ඉන්න අය.

      තව බොහොම වැදගත් කාරණයක් තියෙනවා. ඒක සිද්ද වෙන්න නියමිත ජන්දෙට ඉතාම ආසන්නයේ. ඒ නිසා මගේ මතය දිනන්නේ මයිත්‍රී.

      (අසීමිත බලතල ඇති විධායකධුරයේ ඒ බලතල අඩුකරලා, ජන්ද ක්‍රමයත් වෙනස් කරලා, කොමිෂන් සභා ඇතිකරාට පස්සේ ඉලගට එන මැතිවරණයෙන් ආයේ ඕනි පක්ෂයක් බලයට ආවට කමක් නෑ කියන මතයෙයි මම ඉන්නේ. තවත් මේ ක්‍රමය තියං රටට ඉස්සරහට යන්න බෑ. )

      Delete
    3. උඹගේ නෙමෙයි මොළේ කළඳක් තියෙන ඕන එකෙක් කියන්නේ අනිවාර්යයෙන් වෙනසක් ඕනමයි කියන එක. නමුත් මම කිව්වේ විධායකේ නැති කරනවා කියන එකට ඡන්දේ දෙනවා නම් ඒ යකා පට්ට ගොනෙක්..

      Delete
    4. ඇනෝ කියන කතාව හරි.
      මාත් මෙදා පාර දැක්ක දෙයක් තමයි රජයේ ඇමතිවරුන්ගේ උදාසීන බව. අනිත් පැතිවල නං කොහොමද දන්නෙ නෑ. මෙහේ ඉන්නෙ (ඇමති කෙනෙකුට) මහින්ද අමරවීර සහ පළාත් සභාවෙ ඩීවී උපුල්. ඔවුන් මැතිවරණයට කියල අමුතු වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කරන්නෙ නෑ. වෙනද මේ තත්වය දැක්කෙ නෑ. සරත් ෆොන්සේකට විරුද්ධව බැහැල වැඩකල බහුතරය මේ වෙද්දි නිශ්ක්‍රීයයි. මහින්දගෙ ආනුභාවයෙන් කීයක් හරි හොයාගන්න පිරිස උනත් සද්දයක් නෑ. කටවුට් පවා ගහන්නෙ වෙනම ටීම් එකක් බැහැල. (මේ පිරිස නාමල් රාජපක්ෂගෙ කණ්ඩායමක්)

      මාතලන්,
      වෙන්න පුළුවන්. නමුත් මේ යන මජර ක්‍රමය පවතින්නෙ විධායකය කියන දැවැන්ත මුදුන් මුල හේතුවෙන්. ඒක ඉවත් නොකර ක්‍රමයේ වෙනසක් හිතන්නවත් බෑ මට නං.

      Delete
    5. //මට නං ඕන අර මූලික දෙකතුන විතරයි. සමහර විට ඒ ටිකත් නැතිවෙලා අපේ බලාපොරොත්තු සුන් වෙන්න පුළුවන්. නමුත් අනිත් එක්කෙනාගෙන් ඕව කොහොමවත් නැති එකේ අපි මෙයාට දෙනව.//

      සම්පුර්ණයෙන් එකඟයි.

      Delete
    6. අයියෝ මෙතන දීලා තියෙන පොර ටෝක් සේරම ඉවරයි. ගූ වල්වල් පිටින් නාගත්ත විතරයිනේ අන්තිමට. යහපාලනේට කඩේ ගිය හොරිකඩයෝ වෙන්නෙ නෑ කියපු සේරම ටික දැන් වෙලා. තවත් ඔය එස්කිමෝ සුරංගනා කතා කියව කියව ස්වයංවින්දනය කරලා බුදියගනින්.

      Delete
  2. කොහෙදෝ කියෙව්වා මතකයි මොකෙක්ටද ඉන්ග්‍රීසි උගන්නන එක හරියට එස්කිමෝවරුන්ට පොල් ගස් නගින්න උගන්නනවා වගේ කියලා.. මෙතනට ඒක අදාල නැති උනත් අපේ මිනිස්සුන්ගේ හිතන පතන ක්‍රමෙ වෙනස් කරන එකත් එච්චරටම හරි ඊටත් වඩා අමාරු හරි වැඩක් කියල හිතෙනවා.. මෛත්‍රී ටත් තියෙන්නේ ඒ වගේ බාධක තරණයක්.. හැබැයි බැරි නෑ..

    ReplyDelete
    Replies
    1. නරක මිනිස්සු අතරෙත් හොඳ මිනිස්සු ඉන්නව. දැං වෙලා තියෙන්නෙ නරකම ඩයල් එකක් රටට සෙට්වීම

      Delete
  3. නීතිගරුක පාලනයක් කියන ටික විතරක් ඇති මෛත්‍රීට කැම්පේන් කරන්න . අරක දෙනව ,මේක අඩුකරනව කියන පොරොන්දු මල්ලක් අත අරින එක මෝඩකමක්.
    විධායකේ නැති කරනවා කියන එකට ඡන්දේ දෙනවා නම් ඒ යකා පට්ට ගොනෙක් කියලයි මමත් හිතන්නෙ.

    ReplyDelete
    Replies
    1. 1.//නීතිගරුක පාලනයක් කියන ටික විතරක් ඇති මෛත්‍රීට කැම්පේන් කරන්න//
      2.//විධායකේ නැති කරනවා කියන එකට ඡන්දේ දෙනවා නම් ඒ යකා පට්ට ගොනෙක් කියලයි මමත් හිතන්නෙ//
      වැඩේ තියෙන්නෙ 1 ඇති කරන්න 2 නැති කරන්නම වෙනව.

      Delete
    2. නීති ගරුක පාලනයේ පෙර හුරුවඊයේ සිරිකොතේදී පෙන්නු තරම මදැයි.

      Delete
  4. මයිත්‍රීව ෂුවර් නැති උනාට මහින්ද මේක වෙනස් කරන්නෑ කියලා ෂුවර් නේ.ඒක හින්දා අවධානමක් අරගෙන මයිතිට චෑන්ස් එකක් දීලා බාන එක තමයි හොඳ.

    ReplyDelete
    Replies
    1. අනිව. මොකද මහින්දට වඩා මෛත්‍රී පට්ට චාටර් නෑනෙ. වර්ස් කේස්, මේ වගේම තමා. ඉතින් චාන්ස් එකක් ගන්න එක තමයි හොඳ.

      Delete
    2. ආං ඒක තමයි මගෙත් පොයින්ට් එක

      Delete
  5. රටේ ගාමක බලය සුළුතර උගත් නාගරික ජනතාව උනාට, ඡන්දෙ තීරක බලය ග්‍රාමීය සහ රාජ්‍ය සේවක බහුත්‍ර ජනතාව. උන්ට ඕනෙ සහන සහ පොරොන්දු මිසක් ප්‍රථිපත්ති නෙමේ.

    ඉතින් මෛත්‍රී දෙපැත්තටම බෙදල, මහින්දට ආයි දෙන්න දෙයක් ඉතුරු කරල නෑ.

    ReplyDelete
    Replies
    1. බෙදලා තියෙනවා උඹල වගේ සක්කිලින්ට කන්න ගූ හට්ටියක්

      Delete
  6. මහින්ද කියපු දේවල් නොකරනේ මේ මැතිවරණයට එන්නේ.කලින් දීපු පොරොන්දු හරියට ඉටු නොකරපු මිනිහෙක් ආයෙත් දෙන පොරොන්දු ගැන කොහොමද විශ්වාසයක් තබන්නේ?

    මම දෙන්නේ මෛත්‍රීට.මෛත්‍රී කියන දේවල් ඔක්කොම නොකරන්න පුළුවන්.එත් මහින්දට වඩා විශ්වාසයි.

    ReplyDelete
    Replies
    1. හරියට හරි මනෝජ් මල්ලි.උඹට ජයවේවා!!!

      Delete
  7. වැඩිදෙනාට ඕනි වෙනසක්. යකා වෙනුවට රාස්සයෙක් වුණත් කමක් නෑ. පළමුව වෙනස. ඉතිරිය දෙවනුව.

    ReplyDelete
    Replies
    1. ඔව් වෙනසකට කියල උඹේ අම්මවත් දූෂණය කරානම් හරි.

      Delete
  8. මමත් තවදුරටත් ලංකාව මේ යන විදිහට යන්න බැරි විත්තිය පිලිගන්න ,මේ යන ගමන වෙනස් කරන්න ඕන කියල කොන්දේසි විරහිතව පිලිගන්න එකෙක්..

    ඒත් මෛත්‍රීට මේ වගේ හද්ද කෙබර ගහන්නෙ නැතුව මේ වැඩේ කරගන්න පුලුවන් කියන එකයි මගේ අදහස..

    මුලින්ම තේරුම් ගන්න ඕන රටේ ජනාධිපතිවරණයකින් ආණ්ඩුවක් බිහිවෙන්නෙ නෑ.. ඒ වගේම ජනාධිපතිට බෑ තමන්ට ඕන හැටියට ආ ඔයාට පන්දාහක් ඔයාට තුන්දාස් පන්සීයක් කිය කියා සල්ලි දෙන්න, සල්ලි දෙන්න ඕන පාර්ලිමේන්තුවෙන්. මම මේ කතාකරන්නෙ ඔය දෙනවයි කියන පඩි වැඩිවීම ගැන. දහදාහ පොඩ්ඩකට අතෑරල දැනට දෙනවයි කියන ඕකට යන වියදම පොඩ්ඩක් බලමු..

    ලංකාවෙ රාජ්‍ය සේවකයින් සංක්‍යාව = 1,283,000 [ 2013 මහබැංකු වාර්ථාව ] ‍x රු 5000 = 6,415,000,000
    ලංකාවෙ විශ්‍රාමිකයින් සංක්‍යාව = 521,699 [ වි.වැටුප් දෙ. වෙබ් අඩවිය] x රු 3500 = 1,825,946,500

    එකතුව මසකට = 8,240,946,500 , වස්‍රකට (x 12 ) = 98,891,358,000 ( කෝටි නමදාස් අටසිය අසූනමයක්)

    මේ කොච්චරක් ද .. මත්තල ගුවන් තොටුපොල හදන්න ගිය මුදල මෙන් හතරගුණය්කි..!!! එක් වසරක් සඳහා...

    මේ සල්ලි මෛත්‍රී ජනාධිපති තුමාට දෙන්නේ කවුද.. අපි ජනාධිපති එක පක්ෂයකිනුත් , ආණ්ඩුව තවත් පක්ෂයකිනුත් තිබූ රටක් දැක ඇත්තෙමු.. එහි සියලු ආර්ථික සම්බන්ධ ගුණ දොස් [ ගුණ = සෘණ ආර්ථිකය ධන කිරීම , දොස් = කිසිම රැකියාවක් දුන්නේ නෑ වැනි චෝදනා ] බැර වන්නේ එවකට පාර්ලිමේන්තුවේ බලය තිබූ ආණ්ඩුවට මිස එවක ජනාධිපතිනියට නොවේ. එනම් පාර්ලිමේන්තු බලය නැති ජනාධිපති කෙනෙකුට ආර්ථිකයක් මෙහෙයවිය නොහැක.

    මෛත්‍රීට කිසි සේත් පාර්ලිමේන්තුවේ බලය ලබාගත නොහැකියයි මින් නොකියවේ. ඒත් ඒවාට යම් කාලයක් ගතවේ.ඒ නිසා ජනවාරි 10 දිවුරුම් දී පෙබරවාරි‍යේ අලි කොටි දෙන්නම් කීම සිහිබුද්ධිය ඇති චන්ද දායකයාට කරන අවමානයකි...

    >>>>>>>>>.

    අතුරු කථාවක්...

    රටේ ආර්ථිකය වර්ධනය නොකර ඔය කියන මුදල කෙසේ හෝ රාජ්‍ය සේවක්යින්ට දුන්නා කියමු.(දෙන්නට හැකි වන්නේ මුදල් අච්චු ගැසීමෙනි.) ඒ නිසා ඇතිවන wage-price spiral එක මගින් ඇතිකරන උද්ධමනය නිසා ඒ පඩි වැඩිවීම නොලබන සාමාන්‍ය ජනතාවට ඇතිවන පීඩනයට වග කියන්නේ කවුද..


    මම කියන්න මෛත්‍රීට දිනන්න පුලුවන්.. ඒත් මේ ගොම ගාගත්තෙ අපරාදෙ..


    ReplyDelete
    Replies
    1. මේ දවස් වල දඩි බිඩියේ ස්තිර කරන පිරිසට සහ අලුතෙන් බඳවා ගන්නා අයත් එක් වුනාම ඒ අයට ගෙවන්න ඕන පඩි වැඩවීම එකතු වුනාම තවත් ගුවන් තොටුපලක් හදන මුදලක් යාවී.
      ඔය වැඩේ කරොත් පෙට්ටල් මිල 250 ට ඩීසල් මිල 150 ට හාල් කිලෝඑක 150 පාන් ගෙඩිය 120 අනිවාර්යේන්ම නගීවි. ජීවන වියදම වැඩිවීම සමග නිෂ්පාදන වියදම වැඩිවීම තුලින් පුද්ගලික අංශයේ සියලු විදේශ අපනයන ආශිත ව්‍යාපාර බිඳ වැටේවි. දැක්මක් නැති මිනිහෙකුට චන්දෙ දෙන්නේ කුමටද?

      Delete
    2. //කෝටි නමදාස් අටසිය අසූනමයක්//

      ඕක අපිට ලොකු ගානක් වගේ පේන බව හැබෑව. නමුත් ඔය ගනන රටක් විදියට බැලුවම මහලොකු ගානක් නෙවේ. රටේ තියන දූෂණ අක්‍රමිකතා වල ගණනුත් ටිකක් හොයල බලන්න.

      //මෛත්‍රීට කිසි සේත් පාර්ලිමේන්තුවේ බලය ලබාගත නොහැකියයි මින් නොකියවේ. ඒත් ඒවාට යම් කාලයක් ගතවේ.ඒ නිසා ජනවාරි 10 දිවුරුම් දී පෙබරවාරි‍යේ අලි කොටි දෙන්නම් කීම සිහිබුද්ධිය ඇති චන්ද දායකයාට කරන අවමානයකි...//
      මේකට නං කිසිසේත්ම එකඟ නෑ. ජනාධිපතිධූරය ගන්න පුළුවන් නං පාර්ලිමේන්තුව නතින්. ඔන්න බලපං මෛත්‍රී දිනුවොත් ඔය සන්ධාන ආණ්ඩුවෙ මහින්ද එක්ක කීයක් ඉඳීද කියල.

      Delete
    3. මෙන්න ඕනනං පාඩු ලබන ආයතන කිහිපයක විස්තර
      තෙල් කඩදාසි ශ්‍රී ලංකන්- කෝටි 4020යි
      ගමනාගමන මණ්‌ඩලය -කෝටි 433.3
      මිහින් ලංකා -කෝටි 195.6
      රක්‍ෂණ මණ්‌ඩලය -165.6
      මිල්කෝ සමාගම - 26.7
      වතු සංවර්ධන -කෝටි 8.5
      වැවිලි සංස්‌ථාව -කෝටි 20.1
      ගුවන් විදුලි සංස්‌ථාව -කෝටි 13
      ධීවර වරාය/ධීවර සංස්‌ථාව -කෝටි 25

      ඔන්න ගනං හිලව් ඕනනං. මතක තියාගන්න මේ තියෙන්නෙ 'පාඩු' විතරයි. ඔය පාරවල් හැදීම වගේ දේවල් වල දූෂණ පාඩු යටතට එන්නෙත් නෑ.

      Delete
    4. දැන් කියන්න ඔය ආයතන පාඩු වෙන්නේ ඇයි කියලා.
      1.විදිමත් කළමනාකරණයක් නැතිකම (ඉහලින් ඉන්න ඇමති සහ එයට පහල ඉන්න ඉහල ලොක්කන් නිසි දැනුමක් තොරවීම)
      2.නිසි සුදුසුකම් රහිත සේවකයන්
      3.අතිරික්ත සේවකයි
      4.හොර කරන සේවකයන්.
      5.කොමිස් ආදී දුෂණ.
      දැන් ටිකකට ක්කලින් උබම කමෙන්ට් කරනවා //මෛත්‍රී දිනුවොත් ඔය සන්ධාන ආණ්ඩුවෙ මහින්ද එක්ක කීයක් ඉඳීද කියල.// අනිවාර්යෙන්ම එකෙක්වත් නැහැ ඔක්කොම යන්න පුළුවන් කියලා හිතමු. ඒ එක්කම සිරිසේන උන්නැහේ දිනුවොත් උන්දැ බලයට ගන්න පොරක්කාපු unp සහ අනෙක් පක්ෂ වල මන්ත්‍රීලා ඉන්නවා. සිරිසේන උන්නැහේට වෙනවා ඔක්කොම සතුටු කරන්න උන් ඇමතිකම් කරන්න උන්ගේ ගොට්ටෝන්ට නැවත ජොබ් දෙන්න. එහෙම වෙන කොට මම ඉහත කියුව අංක 1 සහිත ඉහල මැනේජ්මන්ට් එක වෙනස් වෙනවාද? වෙනස් වුනොත් වෙන්නේ සමාන අය ආදේශ වීමක්. ඒ වගේම 2,3,4,5, වෙනස් වෙනවාද නැහැ වෙන්නේ ඒ ගොඩට තව පිරිස එක්කතුවීමක්. අන්තිමට වෙන්නේ උබ කියපු ආයතන ටිකේ පාඩුවත් තව දෙගුණ වෙන එක. මම මෙහෙම කියන්නේ ඉහත ආයතන වල ඉන්න හොරු මහින්ද විතරක් ඒ ආයතන වලට දාපු අය නොවේ. රනිල්, චන්ද්‍රිකා ප්‍රේමදාස දාපු මිනිස්සුත් තවම ඔය ආයතන වල ඉන්නවා. ලංකාවේ දුෂණ නැති එක්කවර නැති කරන්න නම් පාර්ලිමීන්තු ක්‍රමයකින් බැහැ පාර්ලිමීන්තු ක්‍රමය යටතේ කරන්න නම් දැන් ඉන්න ඔක්කොම එළවලා නව ශුද්දවූ පිරිසක් පත්කරගන්න ඕන. නැත්නම් රටට ආදරේ කරන ඒකාධිපතියෙක් වෙන්න ඕන.

      Delete
    5. කෝ හරකෝ දැන් අඩු කරපු දූෂණ වලින් දුන්න සහන. හාල්, පොල් සේරම ගණන්. දෙනව කිව්ව 5000 මහපොල නෙවෙයි මහින්දයා දුන්න 4000ත් නෑ නිකම්ම 2500 විතරයි. මෝඩ වේසිගේ පුත්තු වෙනසක් කියලා පුකවල් ලෙව කකා කඩේ ගියා. රට බල්ලට ගියා. මුන්ට කඩේ ගිය උන්ගේ පරම්පරාවල් වලටම සාප වෙනවා රටට කරපු විනාසෙට. මුන් පිටරටවල ඉඳන් මෙහෙ උන්ගේ මොල හොදලා රට කනවා. උන් එහේ සැප ගනිද්දි. අවජාතක හැතිකරේ.

      Delete
  9. මම / මගේ මිත්‍රයන් / පවුලේ අය / නෑදෑයන් සියල්ලම මයි 3 පාලනයක් අපේක්ෂාවෙන් සිටින අය වෙමු.

    ReplyDelete
    Replies
    1. මම / මගේ මිත්‍රයන් / පවුලේ අය / නෑදෑයන් සියල්ලම මයි 3 පාලනයක් අපේක්ෂාවෙන් සිටින අය වෙමු. X 2 :)

      Delete
    2. මම / මගේ මිත්‍රයන් / පවුලේ අය / නෑදෑයන් සියල්ලම මයි 3 පාලනයක් අපේක්ෂාවෙන් සිටින අය වෙමු. X 3

      Delete
    3. හැමදාම වෙනසක් කියල රට ආපස්සට ගෙනිච්ච උන් තමා තක්කඩි. ලැජ්ජ නැතුව අනික් මිනිස්සුන්ට අපහස කරන්න එනව මෝඩයෝ එහෙම නැත්තම් පුද්ගලික වාසි ගත්ත කියලා. මෙහෙමත් සක්කිලි.

      Delete
  10. ඇහුවමනං නිකං සුරංගනා කතා වගේ තමා. ඒත් කොරංට බැරි නෑ. අනික් අතට, කොහොමහරි කලොත් මේක ආශ්චර්යම තමා.

    ReplyDelete
    Replies
    1. කොරල තියෙනවා. මහ බැංකුවේ ඉඳලම කොරල තියෙන්නෙ ඔය. තවත් මුන්ට කඩේ යනව නේ සක්කිලි බල්ලො.

      Delete
  11. මහින්දත් ඒ කාලේ ප්‍රගතිශීලී කෙනෙක් විදිහට තමයි පෙනුනේ. නමුත් බලයේ ඉන්න ඉන්න, ඕන කෙනෙක් බලයෙන් මත්වෙලා අනිත් පැත්ත ගහනවා කියන එකට හොඳම උදාහරණයක් මහින්ද. මට නම් ඒ හේතුව විතරක් ඇති මහින්දට ඡන්දය නොදෙන්න. රටක ජනාධිපති කෙනෙක් නෙමෙයි, ගමක පොඩි සමිතියක, තනතුරක් උණත් අවුරුදු කීපයක් දරුවහම ඇති. කොච්චර හොඳ දේවල් කලත් තනතුරක් බදාගෙන ඉන්න එකෙන් පොදු යහපතක් වෙන්නේ නෑ. අධික බලයක් සහිත තනතුරක කාලසීමාව අඩු වෙන තරමට රටට හොඳයි. මහින්ද රටේ යහ පාලනය ඇති කරලා, ජාතීන් අතර සමගිය ඇති කරලා, නීතියේ ආධිපත්‍ය පිහිටුවලා තිබ්බත් මම මේ සැරේ මහින්දට ඡන්දේ දෙන්නේ නෑ ඔය හේතුව උඩ.

    මම කලිනුත් කියලා තියනවා, අපේ රටේ මෑතකදි සිද්ධවෙච්ච භයානකම වෙනස ඔය 18 වෙනි සංශෝධනය. තව ටික කලක් යනකොට, අර උතුරු කොරියාවෙ වගේ ඡන්ද පත්‍රිකාවේ ඉන්නේ එකම එක අපේක්ෂකයෙක් වෙන මට්ටමට යන්න ගත්ත මූලික පියවරක් ඒක.

    මහින්දට වගේ පක්ෂයක බැකිං එකක් නැති නිසා, මෛත්‍රීට හිතුමතේ විධායක ජනාධිපති තනතුර පාවිච්චි බැහැ කියන එකයි මගේ මතය. ජනාධිපතිවරණයෙන් මෛත්‍රී දිනුවොත්, ඊට පස්සේ එන මහමැතිවරණය සෑහෙන වැදගත් වෙනවා. ඇත්තටම මෛත්‍රී දිනුවොත් රටේ දේශපාලනය සෑහෙන කම්ප්ලිකේටඩ් එකක් වෙනවා. හැබැයි යන්න තියන එකම පාරත් ඒක විතරයි.... මට නම් මහින්ද කියන්නේ, ජනාධිපතිවරණයේදි වලංගු නැති අපේක්ෂකයෙක්...

    ReplyDelete
    Replies
    1. ++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
    2. අනේ පව්. දැන් ඔය පාවිච්චි කරන්නේ මොන බලතලද? මෙහෙමත් මෝඩයෝ. උනුත් මෝඩයෝ වෙලා අනිත් උන්වත් මෝඩයට අන්දල රට කෑවා. පණුවො ගහල මැරෙන්නෙ තොපි.

      Delete
  12. හිනායන වැඩේ තමයි, තියන සිස්ට්ම් එක හොඳම නෑ කියන අය වෙනසකදී හැමදේම සම්පූර්ණලෙස හොඳ වෙන්න ඕන නැත්නම් වැඩක් නෑ කියන එක. මේක ලංකාව මෙහෙ පොඩි හොඳ වෙනසක් වුනාම ඇති කියන එක තේරෙන්නෙ නෑ

    ReplyDelete
    Replies
    1. ඔය තක්කඩි! ඇත්තටම ක්‍රමයේ වෙනසක් උවමනා නැති අය කියන කතාවක් තමයි ඔය. එක්කෝ කපටිකමින් මහින්දගෙන් යැපෙන පිරිස. නැත්තං මෝඩකම නිසා (කෙලෙහිගුණ සලකන්න වගේ කාරණා නිසා) මහින්ද‍ට දෙන අය. එයාල තමයි මෛත්‍රීගෙ ඇහේ තියන පොල්කෙන්ද හොයන්නෙ.

      Delete
    2. හැමදාම වෙනසක් කියල රට ආපස්සට ගෙනිච්ච උන් තමා තක්කඩි. ලැජ්ජ නැතුව අනික් මිනිස්සුන්ට අපහස කරන්න එනව මෝඩයෝ එහෙම නැත්තම් පුද්ගලික වාසි ගත්ත කියලා. මෙහෙමත් සක්කිලි.

      Delete
  13. විපක්‍ෂයේ ඉඳ සිල් අරගෙන වාගේ
    රටේ ප්‍රශ්ණ විසදිය හැක කජු වාගේ
    එරට මෙරට කොයි දේසෙත් එක වාගේ
    බලමු හෙට කෙරුම් නව ජනපතියා ගේ

    ReplyDelete