Thursday, April 9, 2015

වසන්තයා 5, බඩ අල්ලං හිනාවෙන්න චූටි කතා (18+)

වසන්තය ආපු එකේ කාලයක් එකතු වෙච්ච චූටි කතා ටිකක් දෙන්න හිතුව. වැඩි කතා ඕන නෑ මෙන්න.

වචනෙ තේරුම


ඇමරිකන් ගොල්ෆ් ක්‍රීඩකයෙක් ගියාලු චීනෙට, ගොල්ෆ් තරගාවලියකට. මෙයා හොඳ සුපිරි ක්‍රීඩකයෙක්ලු. අර කටුගේ කඩු හොරකම් කරපු හාදය වගේ. ඔන්න චීනෙට ගොඩබැහැපු වෙලාවෙ ඉඳල උසස්ම තත්වෙ සැලකිලිලු. ගුවන් තොටුපොලේදි මල් මාලයක් එහෙම දාලලු පිලිගත්තෙ. ඊට පස්සෙ කෙලින්ම හෝටලයට එක්කරගෙන ගියාලු. පහුවදා තමයි තරගය. ඔන්න කාමරේ ඉන්නකොට ඉටිකිරිස් කෙල්ලක් ආවලු කාමරේට. චීන්නුන්ගෙ සැලකිල්ල කොච්චරද කියනව නං අහවල් අවශ්‍යතාවය ගැන පවා හිතල තියනව. පොඩි අවුලකට තිබුනෙ කෙල්ලට ඉංග්‍රීසි බැරිඑක විතරයි. ඒක ඉතිං මොකද්ද කියල දෙන්න ඔන්න රෑ කෑමෙන් පස්සෙ ඇඳට ගියාලු. කරුවගේ ජරමරේ අස්සෙ කෙල්ල කෑගහනවලු "චොන්ග් හොයි....චොන්ග් හොයි...." කියකියා. ආතල් එක වැඩිකමට වෙන්න අැති කියල ගොල්ෆ්කාරය ඒ ගැන වැඩිය හිතල නෑ.
ඔන්න පහුවදා ගොල්ෆ් ගහන්න ගිහිල්ල චීන්නු එක්ක. චීන්නු ප්‍රැක්ටිස් කරනවලු. ගොල්ෆ් බෝලෙ වලකට වැටිච්ච සමහර වෙලාවට චීන ක්‍රීඩකයන් "චොන්ග් හොයි" කියල නලලට ගහගන්නවලු. ඇමරිකන් කාරය ඇහුවලු මොකද්ද ඒකෙ තේරුම කියල. "wrong hole!" චීන උත්තර දුන්නලු.

♋ ♋ ♋ ♋ ♋ ♋ ♋ ♋ ♋ ♋ ♋ ♋ ♋ ♋ ♋ ♋ ♋ ♋ ♋ ♋ ♋ ♋ ♋ ♋

ආච්චිගෙ සෝකෙ
අනූ හයේ ලෝක කුසලානය දිනපු දවස්වල ක්‍රිකට් ප්‍රබෝධයක් අැතිවුනා නෙව. ක්‍රිකට් නොබලපු එවුනුත් ක්‍රිකට් බලන්න පටන් ගත්ත. ගමක හිටිය වයසක ‍ජෝඩුවකුත් ඔන්න ක්‍රිකට් ප්‍රේමීන් උනා. මේ අතරෙ සීය මැරුන. ආච්චි දැං මලගෙදර අඬාගත්තු ගමන්. හරියටම එදා මැච් එකකුත් තිබුන. මල ගෙදර ඉන්න කොල්ලොත් මේ ගැන උනන්දුයි. මලගෙවල් වල තියන සිරිතක් තමයි ඔය දුර ඉඳල එන නෑයෙක් ගෙට ගොඩවැදුන ගමන් ගෙදර එකා සද්දෙට අඬන්න ගන්න එක. අඬල ටිකකින් නවත්තනව. ආයෙ කවුරුහරි ආවම ආයෙ අඬනව. කාන්තා පාර්සවේ තමයි මේ වැඩේ කරන්නෙ.
අර ආච්චිත් මේ විදියට අඬමින් ඉන්නකොට එයාගෙ නංගි කෙනෙක් ආව. මේ අතරෙ කොල්ලෙකුගෙ කටින් පිටවෙච්ච ජයසූරිය අවුට් කියන එකත් ඇහිලයි තිබුනෙ.

"අනේ නංගියේ දැං ඉතිං මං ඉඳල මොකට........ද........... ජයසූරියත් අවුට්වුනා........." කියල අඬනවලු.

☻☻☻☻☻☻☻☻☻☻☻☻☻☻☻☻☻☻☻☻☻☻☻☻☻☻

අසමත් ක්‍රීඩකයා
මේක ඇත්තම කතාවක්. අපි කට්ටියක් අනුමත වෙන දවසක දවසක් ලෝක කුසලාන පාපන්දු තරගයක් ටීවී එකේ යනව. අපිත් වැඩේ කරන අතරෙ ටීවී එකට ඇහැ දාගෙන හිටිය. පාපන්දු ගහද්දි නිතර නිතර ක්‍රීඩක ආදේශ වෙනවනේ. මේ වෙලාවට අර එලියට එන ක්‍රීඩකයගෙ අංකය රතු පාටිනුත් ඇතුලට යන කෙනාගෙ අංකෙ කොලපාටිනුත් පෙන්නන බෝඩ් එකක් උස්සනව දැකල ඇතිනෙ. ඔන්න ඔය වෙලාවෙ හොඳ ගානට අනුමත වෙච්ච අපේ එ‍කෙක් කියනව මෙහෙම,

"අඩෝ බලපංකො හැම තිස්සෙම එලියට යන්නෙ මේ හබ්ලොට් කියන එකාමයි, ඌ එලියෙ තිව්වනං ඉවරයිනෙ!"


☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺

කරපු විදිය
මේක සිද්ධවුනේ ඊයෙ ඔපීසියෙදි. අපි කතා කරද්දි නිරායාසයෙන් එන වචන වලට වෙනත් භයානක තේරුම් එන්න පුළුවන්. හාමුදුරු කෙනෙක් ළමා අපචාරයක් කරල ඇතුලට ගිහිල්ල කියල ආරංචියක් ආව. මේ ගැන අපි කතාවුනා. එක එක්කෙනා අදහස් දක්වද්දි එක නෝන කෙනෙක් කියනව මෙහෙම,

"හාමුදුරුවො සිවුර ගලවල ඔයවැඩේ කලානං ඉවරයිනෙ නේද?" එයා අදහස් කලේ සිව්රුහැරල ඕන මගුලක් නටාගත්ත නං හරිනේ කියල. නමුත් මම ඇහුව මෙහෙම,

"හැබෑට මිස්, සිව්ර ගලවල වෙන්නඇති නේද ඔයවැඩේ කරන්න ඇත්තෙ? ඔයා කෙහොමද කියන්නෙ ඒ වෙලාවෙ සිව්ර තිබුන කියල? දැක්කද?....." ඊට පස්සෙ වෙච්ච දේ කියන්න ඕන නෑනෙ.
☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸

85 comments:

  1. සිවුර ගලවල කරත් ලමා අපචාරෙ ලමා අපචාරෙමයි නේද?...... ඒ නෝනා ලමා අපචාර කියන්නෙත් මොකක්ද කියලා දන්නෙ නෑ වගේ...

    ReplyDelete
    Replies
    1. ගුඩ් පොයින්ට්! ලියද්දි මටත් ඕකමයි මතක් උනේ. නමුත් අපේ කතාව උනේ ළමා අපචාරම නෙවේ. පොදුවේ ඔය ශාරීරික අවශ්‍යතාවය ඉටුකරගැනීම ගැන.

      Delete
    2. මාත් ලියන්න ආවේ ඒකම තමයි!
      මේ අයගේ චින්තනය අනුව වැඩි වරද සිවුරේ ඉඳන් අපචාර කිරීමයි, අපචාරය නොවෙයි.

      Delete
    3. නැත. ඒ හදන්නේ සිවුර බේරා ගැනීමටය...

      ළමා අපචාරයක් වෙනුවෙන් දඬුවම් ලබන්නේ එකී පුද්ගලයා වුවද, එම වරදම සිවුරේ සිට කල විටකදී සමාජය විසින් වැඩි වරදක් පටවන්නේ සිවුරටය...
      සිවුරට පටවන බර සමාජයේ බහුතරයකටද දැනෙන නිසාය එවැනි අදහස් මතු වන්නේ

      Delete
    4. සිවුර ඇඳල ඉන්න කොට කරන එක ලේසියි. ඇයි යට ඇඳුමක් වත් අඳින්නෙ නැතුව ගන්ටාරෙ හොල්ල හොල්ලානෙ ඉන්නෙ.

      ඒ නෝනා ප්‍රායෝගික පැත්ත ගැනත් පොඩ්ඩක් හිතුවා නම් හොඳයි නේද?

      Delete
    5. මොකක්ද අනේ ළමා අපචාරේ කියන්නේ ළමයෙකුට ආප්ප අරන් දීලා චාරිකාවක එක්ක යන එකටද?

      Delete
  2. 1. එක නම් අවාසනාව තමා...හැබැයි ඉතින් ඒකේත් ජොලියක් තායෙන්ඩ ඇති...එකනේ කෑ ගහලා නැවතුනේ...
    2.මිනිහා මලා වගේද ජයසූරිය අවුට් වුනාම?
    3.ඕකව ගෙදරම යවන්ඩ ඕනේ මම කියන්නේ?
    4.නෝනාලාටත් හිකෙන ඒවා....

    සාරාංශය- පට්ට ම පට්ට.....

    ReplyDelete
    Replies
    1. නෝනලාට මක් වෙලයි කිව්වා????

      Delete
    2. මාත් දැක්ක. මම හිතුවෙ හිතලම කිව්ව කියල. බොලාට කියන්න මම දවසක් ත ක මාරුවෙලා මොකද්දො කුනුහබ්බයක් ටයිප් කරල ලියුමක් ලියල අස්සන් අරගෙන තැපැල් කරන්න හදද්දි දැක්කෙ. අමාත්‍යාංශයකට කුනුහබ්බ යවනව තව ඩිිංගෙං

      Delete
    3. කතා ටිකටත් වඩා හිනා ගියේ රූපෙගේ කමෙන්ට් එකට...:D :D :D

      Delete
    4. සිදුවූ කාර්මික දෝෂය ගැන මාගේ සාතිශය සංවේගය.....
      ක යන්න හා ත යන්න එක ලගට දාපු එකාට වැරුද්ද බාර ගන්ඩ වෙයි....

      Delete
    5. ආයේ කියෝලා බැලුවා මොකක්ද මේකේ වැරැද්ද කියලා,, හි හි

      Delete
    6. රූපෙයගේ කමෙන්ට් එක හරි. ඒක හදන්න ඕනේ නෑ.

      Delete
  3. ටයිගර් වුඩ්ස්ටනම් විවිධත්වය ඒතරම් නුපුරුදු වෙන්න බෑ (ජයසූරිය හෙහ්)

    සිවුර ගැලවීම නොගැලවීම ගැන දැනගන්න තරම් මට ශ්‍රධ්දාවක් තිබිල නෑ කවදාවත්.
    මගෙ ප්‍රියතම ගත්කතුවරියක් (Colleen McCullough ) රෝමන් ටෝගා එක ගැනනම් එක්ස්පෙරිමෙටල් රිසර්ච් කරල තියනව

    //Robinson, who is some years her junior, is "a colonial aristocrat in every way," according to McCullough a planter of the kentia palm ("it's the very hardy plant you see in all the hotel foyers"), Robinson modeled a reconstructed toga for his wife, providing irrefutable evidence that Romans did not sport underwear when wearing the garment. "It would have been impossible to pee in a toga if you wore anything underneath, you see. There's your left arm, weighted down by an immensity of toga: it's 16' by 9'. You can't possibly lower that hand …" McCullough rises from our table in a Las Vegas coffee shop, pantomimes the situation. PW is convinced.//

    ReplyDelete
    Replies
    1. අම්මප අර කොලින් ඇන්ටිගෙ කතාව සහතික ඇත්ත! මට හිතාගන්න බෑ මොනව කියන්නද කියල.

      Delete
    2. ආ.. ඒකයි එහෙනම් මේ අපේ ගරුතර මහා සංඝරත්නය ලන්කට් වහන්සේලා වඩම්මන්නෙ නැති රහස...! ඇන්දොත් චූ කොර ගන්න බෑ.

      Delete
    3. Mcullough Pitts කියලා කෙනෙක් ගැන දැනේ නැද්ද ?

      Delete
  4. ඉතින් රාජ්ට චොන් හෝයි අත් දැකීම් නැද්ද?

    ReplyDelete
    Replies
    1. අවාසනාවට ඒ වාසනාව මට නෑ නෙව. චීන්නු කොයින්ද අප‍ට!

      Delete
  5. මළගෙවල්වල කුලියට අඬන ගෑනුකෙනෙක් එක්ක අැවිත් වාහනෙන් බස්සපු ගමන් පටන් ගත්තලු බෙරිහන් දෙන්න “බුදු බාප්පේ...“ කියලා. ළඟ හිටපු කෙනෙක් කිව්වලු “මැරිල ඉන්නෙ ගෑනු කෙනෙක්“ කියලා. ඒ පාර මේ ගෑනි බෙරිහන් දෙනවලු...
    “බුදු බාප්පේ... පුංචි අම්මට මොකද මේ උනේ...“ කියලා.

    ReplyDelete
    Replies
    1. රාජ්ගේ ඒවට බනින්න යන කොට මේක දැක්කේ.. ඕක නේ කොමෙන්ට්ස් වල තියෙන වටිනාකම...

      Delete
    2. ඇයි උඹට හිනා යන්නැද්ද මගේ කතා වලට?

      Delete
    3. ඌට වසන්තයට ලියල කිව්වම හිනා යන්නෙ නෑලු :P

      Delete
    4. This comment has been removed by the author.

      Delete
    5. වැඩියෙන්ම් හිනා ගියේ මේ මධුමාධවීගේ කතාවට.....!

      Delete
    6. වසන්තත ලියන්නේ, මෙතෙක් නොලියපු උන් නේද...? මමම දැක්කේ දුමියගේ එකම එකක් ඉතරයි....

      Delete
    7. ඇයි බං ලියන්නා නොහොත් වෙනී, ඕනයා, ඉෂාන්ගෙ අපේ අහස, වන් සීරෝ සීරෝ, ඩුබායි වට්ටක්කා, ඔයිට අමතරව සුජීවයත් එකක් ලිව්ව, මම ලින්ක් එක හොයල දාන්නම්.

      Delete
    8. මතලන්, වසන්තයට ලියාපු පරණ උන් තව ඉන්නව. මෙන්න අර ගෝල්ඩ් ෆිෂ්. මෙන්න ලිෂාන් පුවක්ඕවිට. ආරම්භය නරක නෑ.

      Delete
    9. සෑහෙන්න පිරිසක් ලියල තියනව. වසන්තය සාර්ථකයි කියන්න පුළුවන් තරමටම ලියවිලා. ඩුබායි වට්ටක්ක ලියපු පුතා ලිවිල්ල නවත්තල තිබුනෙ මම බ්ලොග් පටන් ගන්න කාලෙ. ඌත් ලියල තිබුන.

      Delete
  6. ලංකාවේ මැච් එකක් බල බල ඉන්න ගමන්, පොරක් ටොයිලට් බ්‍රේක් එකකට ගියාලු. එක පාරටම කමෙන්ට්‍රි දෙන එවුන් කෑ ගහනවා ඇහිලා මිනිහා ඇහුවලු නෝනගෙන් මොකද වුණේ කියලා... "එක්කෙනෙක් අවුට් වුණා" කිව්වලු. "කවුද?" ඇහුවහම කිව්වලු "ඩිල්මා" කියලා.

    ReplyDelete
    Replies
    1. +++++++++++
      අපේ තාත්තගෙ බෑන්ඩ් එකේ යාළුවෙක් ඉන්නවා ඩිල්මන් කියලා. පොර නං කියන්නෙ ක්‍රිකට් ටීම් එකට ඇඳම් ස්පොන්සර් කලේ තමන් ලු.

      Delete
    2. එළ කතාව සිහිනයෝ.....!

      Delete
    3. කොහෙද යකෝ සිහිනයෙක්?

      Delete
  7. යකෝ වසන්තයට නැගලම යන්නෙ රයිටර් බොලොක්කෙ දාන් උන්නු රාජනෙ. හිටහන් මාත් එන්න නැට්ටෙ එල්ලිල හෙහ් හෙහ්..

    අපේ පුතා ඊයෙ පෙරේද ස්කූල් බිග් මැච් එකේ වීඩියෝ එකක් දැකල අහනව " How do they identify the opposite players " කියල.

    වැඩි දුර විස්තර කරදර නිසා මම කිව්ව අර බැට් එක අතේ තියන් ඉන්න අය එක ටීම් එහෙක, නැති අය අනෙක් ටීම් එකේ කියල.

    මූ ටිකක් බලන් ඉඳල කියපි "it's an unfair game" කියල :D

    ReplyDelete
    Replies
    1. මෙහේ හැදෙන එවුන්ගේ ප්‍රියතම ක්‍රීඩාව ෆුට් බෝල්. අපේ කොල්ලත් මගේ වදේට ක්‍රිකට් ප්‍රැක්ටිස් ගියාට ඌත් ආසා ෆුට් බෝල් වලට. ජීවිතේට මැච් එකක් බලන්නේ නෑ ටී.වී එකේ.....!

      Delete
    2. ෆුට් බෝල් මොන ක්‍රීඩාවක්ද බං. පැය එදෙකක් විතර බැලුවම ගොල දෙකතුනක් බලාගන්න පුළුවන්.

      Delete

    3. "ෆුට් බෝල් මොන ක්‍රීඩාවක්ද බං. පැය එදෙකක් විතර බැලුවම ගොල දෙකතුනක් බලාගන්න පුළුවන්."

      රාජ් ෆූටි ගැන ඔහොම කියනවට අපි විරුද්ධයි. දවසක්ම බලාගෙන් ඉඳලා එපා වෙන ගේම් එකක් ක්‍රිකට්. ෆූටි ඒ වගේද.
      අපි ඇවිල්ල මැරුණත් ෆූට්බෝල් ෆෑන්ස්ලා හරි....

      Delete
  8. හැමෝම වගේ මටත් ක්ලික් උනේ සිවුර ගලෝලා ළමා අපචාර කලාට කමක් නැද්ද කියන එකයි...!

    මොනා උනත් ලේ පිරිසිදු උනා... කමෙන්ට් වල තියෙන හිනා කතා ටිකත් නියමයි...!

    ReplyDelete
    Replies
    1. වසන්තයක් ආපු එකෙන් උඹ මෙහෙම කමෙන්ටුවක්වත් දානව මදිද

      Delete
  9. උඹගෙ කතා ටිකත් හරි මදාවියගේ එක කතාවත් හරි.

    ReplyDelete
  10. මටනම් නැගලම ගියෙ අර 69 පේජ් බ්‍රේකර් මල් වැල.. හැක්..

    ඔය නෝනා වගේ නෝනා කෙනෙක් දවසක් ලුණු මිරිසක් හදන හැටි කතා කරද්දි ගත් කටටම කියුවලු 'අනේ මටනම් ඔය ගලේ අතුල්ලල වැඩක් නෑ හොඳට කොටලම ගන්න ඕනි' කියල..

    ReplyDelete
    Replies
    1. කොපිඒබල් හැට නවය. ♋

      Delete
  11. මිනිහා මැරිලා ගැනි අඩනවලු “අනේ මගේ සුදෝ දැන් ඉතිං මට කව්ද ඉන්නෙ කියලා?“ එතකොට හොර මිනිහා එහා පැත්තෙ ඉදලා හස්ත මුද්‍ර්‍යාෙවන්(අතින්) කියනවලු..“ ඇයි මම ඉන්නේ මම ඉන්නෙ කියලා එතකොට ගෑනි ආයත් අඩනවලු “ඒකත් මම දන්නවා සුදෝ“ කියලා..

    ReplyDelete
    Replies
    1. :-)
      ඇයි අර පොඩි එකෙක් අඬනවලු අනිත් එවුන් එක්ක. අයියෝ දෙවේලකින් කෑවෙ නෑ..... සීනි ටිකක්වත් දියල්ලා...... කියල.

      Delete
    2. ඇයි එතකොට අර එක ගෑණු කෙනෙක් මැරුනාම තමන්ට වඩා හයියෙන් වැලපෙන හොර මිනිහා දිහා බලං ඉඳලා දුක හිතුන නියම ස්වාමිපුරුෂයා අරූට කිව්වලු, "උඹ නාඩ ඉඳිං. මම තව කසාදයක් බඳිනවා" කියලා.

      Delete
  12. නියම කතා ටිකක්. :D :D :D

    ReplyDelete
  13. හැක්.. නියම කතා ටික. අර ගොල්ෆ් කාරය ඊට පස්සෙ හරි හිල හොයාගත්තද දන්නෑ.

    ReplyDelete
    Replies
    1. ඒකට නං ඉතිං මොන හිල උනාම මොකද!

      Delete
  14. අඩෝ අදනම් හිනා ගියේ නැනේ බන්

    ReplyDelete
  15. සීයා මැරෙන්න කලින් ආච්චිට මීයා පෙන්නපු හැටි කිය කිය අඬපු කතාව මතක් උනා.... නියම කතා ටික...

    ReplyDelete
    Replies
    1. ඒ මොකද්ද ඒ සීන්එක. දාපංකො මෙතනම

      Delete
    2. සීයා මැරෙන්න කලින් දවසෙ රෑ ආච්චිට පෙන්නුවලු වහලෙ මීයෙක් ඉන්නවා. ඉතින් පහුවදා සීයා මැරිලා මිනීය ගෙනාවට පස්සෙ ආච්චි අඬනවලු "අනේ ඔයා මට ඊයෙ රෑත් මීයා පෙන්නලානේ මැරුනේ..." කියලා....

      Delete
  16. ඕවත් කතාද රාජ්? මෙන්න කතා!

    වෙසක් පුන් පොහෝ දිනයෙහි මහාසෑය කරවන්නට සූදානම් වී මුල්වැඩ අරඹන ලද්දේ ය. එහිදී මහසෑ බිමෙහි පිහිටි එක්තරා රන්තෙලඹු ගසක් ඉවත් කළ යුතු වුයේ ය. එකල්හී එහි විමන් තනා සිටි ස්වර්ණමාලී නම් පිනැති දෙව්දුවක් රහතන් වහන්සේලා මුණ ගැසී ඇගේ දිව්‍ය විමානය පිහිටි රන්තෙලඹු ගස ඉවත්නොකරන්නැයි ඉල්ලා සිටියා ය. එවිට රහතන් වහන්සේලා ඒ දෙවඟන හට මහාස්ථූපයේ ආනුභාව ගැන පවසා වෙන විමානයකට යන්නට සුදුසු රුකක් පෙන්වා දුන් සේක. ස්වර්ණමාලී දෙව්දුව රහතුන්ගේ ආයාචනයට සතුටු වී රන්තෙලඹු ගසින් ඉවත්ව වෙන විමානයකට යන්නට කැමැත්ත පළ කොට සිටියා ය. නැවත ඕතොමෝ තමාගේ නාමයෙන් මහා සෑය බඳිනා සේක්වායැයි රහතන් වහන්සේලාගෙන් ඉල්ලා සිටියා ය. එකල්හී ඇයගේ ඉල්ලීමට සවන් දුන් රහතන් වහන්සේලා ස්වර්ණමාලී යන නාමය සහිතව මහාස්ථුපය කරවීම සුදුසු යැයි දුටුගැමුණු රජතුමා හට දැනුම් දුන්නාහු ය.

    සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසුව රටවල් අටක නරපතියන් විසින් සෑම රටකටම ධාතූන් වහන්සේලා නැලි දෙක බැගින් ගෙනනොස් ස්ථූපවල නිදන් කරවා වන්දනාමාන කරන ලදී. රාමාගම ග්‍රාමයේ නිදන් කර තිබූ ධාතූන් වහන්සේලා සහිත නැලි දෙක බුදුන් වහන්සේගේ අධිෂ්ඨානයට අනුව රුවන්වැලි මහා ස්ථූපයේ නිධාපිත කරන්නට නියම කෙරිනි. ඇසළ පුන් පොහෝ දින උත්තරාසීහ නැකතින් මහා ස්ථූපයේ ධාතු නිධානය කිරීමට නිල උත්සවයක් සංවිධානය කළ දුටුගැමුණු රජතුමා, පුන් පොහෝ දිනට පෙර දින සංඝ රත්නය මුණගැසී වැඳ නමස්කාර කොට, පසු දිනය ධාතු නිධාපිත කිරීමට සූදානම් කර ඇති බවට මතක් කරමින් ධාතූන් වහන්සේලා රැගෙන එන ලෙස ඉල්ලා සිටියේය.

    දුටුගැමුණු නරනිඳු තෙමේ ධාතු නිධානය පිණිස සියළු කෘතයන් විධාන කොට විහාර මාර්ගය අලංකාර ලෙස සරසා අනුරාධපුර නගරය දෙව් විමනක් මෙන් සරසා ධාතු පූජාවට සූදානම් වූයේය. ශක්‍ර දේවේන්ද්‍ර තෙමේ විශ්ව කර්ම දිව්‍ය පුත්‍රයා කැදවා සකල ලංකාද්වීපයම අනේකාකාරයෙන් සැරසවුයේ ය.

    සංඝයා වහන්සේගේ විධානයෙන් පසුව සෝඋත්තර නම්වූ රහතන් වහන්සේ සෘද්ධි බලයෙන් ධාතූන් වහන්සේලා රැගෙන වැඩම කළහ. ඉන් ඉක්බිති සංඝයා වහන්සේගෙන් ධාතූන් වහන්සේලා පිළිගත් දුටුගැමුණු රජතුමා, එය රත්‍රන් මංජුසාවක බහා තම හිස මතට ගෙන, අනේක විධ දක්ෂිණ හා උපහාරත්, දිව්‍ය සහ බ්‍රහ්මයන්ගේ ගරු බුහුමන් මධ්‍යයේ ස්වර්ණමය මණ්ඩපයෙන් පිටත් විය.ඔහු, තුන්වරක් ධාතු මැදිරිය වටා පැදකුණු කොට නැගෙනහිර දිශාවෙන් ඇතුල් වී උතුරු දෙසට මුහුණලා පිළියෙල කර තිබූ රිදී සයනයක ධාතු මංජුසාව තැන්පත් කළ විට බුදුරජාණන් වහන්සේගේ අධිෂ්ඨාන බලයෙන් සිංහසෙ‍යාවෙන් බුදු පිළිරුවක් හටගෙන සියලුම ධාතූන් වහන්සේලා ඒ ප්‍රතිමාව තුල නිධන්ගත වූහ. ධාතූන් වහන්සේලා රුවන්වැලි මහා ස්ථූපයේ නිධන්ගත වීම සම්පූර්ණ වූ පසු, උත්තර සහ සුමන සාමණේරයන් වහන්සේලා විසින් පියනක් ලෙස පසුව පාවිච්චි කිරීම සඳහා කලින් සඟවා තිබූ ගල් ආවරණයකින් ධාතු ගර්භය වසා දමන ලදී.

    ReplyDelete
  17. "ධාතු ගර්භය භූමිකම්පාවකින් වුවද නොසෙල්වේවා ; එදින පූජා කළ පිච්ච මල් ආදී මල් වර්ග ගෞතම බුද්ධ ශාසනය අවසන් වන තුරු මැල නොවේවා;ගිතෙල් වලින් දල්වන ලද පහන් නොනිමේවා; සඳුන් සහ සුවඳ විලවුන් මිශ්‍ර කරන ලද පස් වියළී නොයේවා; ධාතු ගර්භයේ එකදු සීරීමක් වත් නොවේවා; පූජා කළ රත්‍රන් භාණ්ඩවල මල නොබැඳේවා" මේ සියලු ප්‍රාර්ථනා මෙම උත්සවයට වැඩම කර සිටි රහතන් වහන්සේලාගේ අධිෂ්ඨාන බලයෙන් සඵල විය.ඔවුන් "සතුරන්ට වත් මේ ධාතු ගර්භය දකින්නට පවා නොලැබේවායි" අධිෂ්ඨාන කළහ. තවද දුටුගැමුණු රජතුමාගේ නියෝගය පරිදි බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා ඇතුලත් රන් හා රිදී මංජුසාද තවත් බොහෝ වස්තූන්ද ධාතු ගර්භය මත නිදන් කෙරිණි.

    සිත්තසේන රහතන් වහන්සේ මහා සෑය වටා ඇඳ තිබූ සීමා රේඛාවේ නැගෙනහිර ප්‍රදේශයේ සුවඳැති ලාටු පිඩක් තැන්පත් කළේය.ජයසේන රහතන් වහන්සේ උත්තරසීහ සහ සුපටින්හිත තාරකා මණ්ඩලය යටතේ ඒ මත පිරිත් පැන් ඉසින විට උත්සව මංගල්‍යය භාර අමාත්‍යවරයා ඉසින ලද පිරිත් පැන් මත රන් ගඩොල් සහ අධික ලෙස ධනය වැයකොට කරන ලද පූජාවන් තැන්පත් කළේය.ජනප්‍රවාදයේ සඳහන් පරිදි මේ අවස්ථාවේදී දෙලක්ෂ හැත්තෑදහසක් යොදුන් වූ දෙරණ තලය ගිගුම් දෙමින් කම්පා විය.

    ඔහු ඔහුගේ පුතුන් ලවා මේ ආකාරයෙන් මහා ස්ථූපයේ අනෙකුත් දිසා සතෙහිද රන් ගඩොල් තැන්පත් කරවන ලදී.ඉන් පසුව මළුවේ සතර දිසාවේ වැඩ සිටි රහතන් වහන්සේලාට පිරිකරාදිය පූජා කළ දුටුගැමුණු රජතුමා ඇතුළු ජනතාව පියදස්සී මහ රහතන් වහන්සේගෙන් ධර්මය ශ්‍රවණය කිරීම සඳහා අසුන් ගත්හ.එම ධර්මය ශ්‍රවණය කිරීමෙන් හතළිස්දහසක් පිරිස අරහත් භාවයට පත් විය.හතළිස්දහසක් පිරිස සෝවාන් ඵලයට පත් විය.දහසක් පිරිස සකෘදාගාමී තත්වයටත් තවත් දහසක පිරිසක් අනාගාමී තත්වයටත් පත් විය.

    අද්විතීය රුවන්වැලි මහා සෑය හතරැස් කොත් දහය දක්වා රහතුන් වහන්සේලාගේ ආරක්ෂක සූත්‍ර සඡ්ජායනා මධ්‍යයේ නිමවෙද්දී, විසි සතර වසරක් ලක්දිව පාලනය කළ දුටුගැමුණු රජු, ඔහු විසින් කරන ලද පින් ඇතුළත් පොත කියවා මහා සෑය දෙස බලා සිටියදී මියැදී දිව්‍ය පුත්‍රයකුව තුසිත දෙව්ලොව උපත ලද්දේය. දුටුගැමුණු රජුගේ සහෝදර සද්ධාතිස්ස රජතුමා සෑයේ ඉතිරි වැඩ කොටස නිමකර, මරණයෙන් පසු තුසිත දෙව්ලොව උපන්නේය.

    අනාගත මෛත්‍රී බුද්ධ ශාසනයේ දුටුගැමුණු රජු, බුදුරදුන්ගේ දකුණු අගසව් බවට පත්වනු ඇත.සද්ධාතිස්ස රජු වම් අගසව් බවට පත්වනු ඇත.කාවන්තිස්ස හා විහාර මහා දේවිය මෛත්‍රී බුදුන්ගේ දෙමාපියන් බවට පත්වනු ඇත.කාවන්තිස්ස රජුගේ බාල නැගණිය වන අනුලා කුමරිය මෛත්‍රී බෝසතුන්ගේ අග මෙහෙසිය බවට පත්වනු ඇත.සාලිය කුමරු මෛත්‍රී බෝසතුන්ගේ පුතු බවට පත්වනු ඇත.දුටුගැමුණු රජුගේ භාණ්ඩාගාරයේ ඇමති සනොඟා, මෛත්‍රී බෝසතුන්ගේ අග්‍ර උපස්ථායක වනු ඇත.භාණ්ඩාගාරය භාර ඇමතිවරයාගේ දියණිය අග්‍ර උපස්ථායිකාව වනු ඇත.

    ReplyDelete
    Replies
    1. ඔව්ව ජෝක් කතා නෙවෙයි, ගජබින්නාලංකාරෙ පරණ වර්ෂන් එක... :-)

      Delete
    2. සාදු.......සාදු __/\__

      Delete
  18. අර කව්ද මන්දන්නැ ටොටල් කියල එකෙක් තුන්සිය ගානක්ම ගහල තිබුන කිව්ව ලු.

    ReplyDelete
  19. පළවෙනි කථාව අද තමයි ඉස්සෙල්ලාම ඇහුවෙ...ඔය සිවුරු අපචාර ගැන හොද කථාවක් තියෙනවා මගේ ලග.. සත්‍ය කථාවක්...ලියන්න බයයි..සෝවාන් වෙච්ච උන් වලියට එයි කියලා.

    ReplyDelete
    Replies
    1. ලියල දාපං බං. වලියට ආවොත් දෙමු!

      Delete
  20. මරු කතා ටිකයි - කමෙන්ට් ටිකයි...

    ReplyDelete
    Replies
    1. ප්‍රහාරය දෙන්නෙ නැද්ද?

      Delete
    2. ප්‍රහාරය දැක්ක කල් බොලේ..

      Delete
  21. ගොල්ෆ් කාරයන්ටත් එහෙනම් රෝන්ග් හෝල් වෙන වෙලාවල් තියෙන්වා බලද්දී..

    ReplyDelete
  22. කමෙන්ට් ටික මරුනෙ බං

    ReplyDelete
  23. පොස්ට්+කමෙන්ට් මරු බං

    ReplyDelete
  24. හි හි මරු අනේ,, පළවෙනි ජෝක් එක ඇත්තටම තේරුණේ නැහැ .

    ReplyDelete
    Replies
    1. වැඩියත් හොඳයි එහෙනං

      Delete
  25. "wrong hole!" වුණේ උඹට හොදට වැදිච්ච වෙලාවකද මචං

    ReplyDelete
  26. මචං බොහොමයක් ඔය වගේ උන් සිවුර අැදගෙනමයි ඔ්ක කරන්නේ... සිවුර අස්සෙන් අරං තමා වැඩේ දෙන්නේ.... සිවුරෙන් සියල්ල වහගෙන තමා ඉන්නේ

    ReplyDelete
  27. ඔන්න එහෙනම් මගෙනුත් චීන කතාවක්. 18+ හරිද?

    ReplyDelete
    Replies
    1. ඔයාගෙ කතාව අළුත් කතාවක් නෙවෙයි. කිහිප සැරයක්ම කියවලා තියෙන එකක්. කමක් නෑ අහල නැති බයියොත් ඉන්නවනෙ.

      Delete
  28. 'චොන්ග් හොයි' කතාව නම් මරු.
    මං නම් ඇත්තටම 'wrong hole' කියන එක චීන බාසාවට translate කරලත් බැලුවා කතාව ඇත්තද කියල.... :) :) :)

    ReplyDelete
  29. ඔය චොන්ග් හෝයි කියන එක වෙනුවට ඉචිබුරා කියලා දාපු ජපන් කතාවක් තමයි මම දන්නේ.

    ReplyDelete
  30. නියමයි.
    http://nelumyaya.com/?p=1699

    ReplyDelete