Thursday, August 13, 2015

මෙන්න මෙදා ඡන්ද අනාවැකිය....

මහ ලොකුවට නැතත් ඡන්දෙ උණුසුම්. විවෘතයි. කොන්ද කෙලින් තියාගෙන රාජකාරී කිරිමේ බලය පොලිසියට දුන්න මෛත්‍රීටත් උපදෙස් දෙන මැකෝටත් අනේක වාරයක් ස්තුතියි. ඡන්ද ප්‍රතිපලය මොකක් වෙයිද?

ඡන්ද ප්‍රතිපලය ගැන විවිධ පුරෝකතන අන්තර්ජාලය පුරාම දකින්න පුළුවන්. තමන්ට ඕන විදියට-තමන් කැමති විදියට ලියන විශ්ලේශන අතරේ මේවගේ හොඳ විශ්ලේශනත් තියනව. සරළව කල්පනා කරල බැලුවම මට දැනෙන ප්‍රතිපලය මේක,

එජාපෙ: 102
එජනිස: 97
ටීඑන්ඒ: 15
ජවිපෙ: 11

(මගේ ගණනයට අදාල අපගමනය ±2ක් විතර දෙන්නත් කැමතියි. එ් කියන්නෙ මේ අගයන් 2කින් අඩු හෝ වැඩි වෙන්න පුළුවන්)

මෙතනදි සලකා බැලුවෙ දිස්ත්‍රික් මට්ටමෙන් ගන්න පුළුවන් ආසන ගණන් නිසා සුළු පක්ෂ අත්හැරල තියෙන්නෙ. සමහර විට ෆොන්සේකාගේ පක්ෂයට ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරයක් එන්න ඉඩක් තියනව. 2015.08.13 වන අද වෙද්දි පේන ප්‍රතිපලය තමයි මේක. රයිට්, විස්තරේට කලින්, ජනාධිපතිවරණය වෙනුවෙන් මම කරපු විශ්ලේශනය බලල ඉන්නම වෙනව. නැත්තං තේරුමක් නෑ. එතන කියල තියන තාක්ෂණික කාරණා ඔක්කොම මේ ලිපියටත් අදාලයි. එකම වෙනසයි තියෙන්නෙ. එදා හංසයට ඡන්දෙ දුන්න මම මෙදා සීනුවට දුන්න.

ඔන්න එහෙනං රතු කණ්නාඩිය ගැලෙව්ව, දැං හරි.
මෙදා සුළු ආසන ගණනකි‍න් එජාපය ජයගන්නව. සන්ධානය ඉන්නෙ ඔවුන්ට ආසන පහක් විතර පිටිපස්සෙන්. ඒ ඇයි?

සන්ධානය අවුරුදු ගණනක් තිස්සේ ජයග්‍රාහී තත්වයකයි හිටියෙ. ඔවුන් පැරදුනේ විපක්ෂයේ සාමූහික එකතුවක් වුන ජනාධිපතිවරණයේදි විතරයි. ඒකත් ලක්ෂ 62+:57+ වගේ ලඟ අනුපාතයකින්. විපක්ෂය(මෛත්‍රී) ගත්ත ලක්ෂ හැට දෙකකුත් ගණනින් දෙමළ සන්ධානය සහ ජවිපෙ කොටස විතරක් ඉවත් කලත් යූඇන්පිය පරාදයි. ඒ නැතත් සිංහල ප්‍රදේශ වල බහුතරය ජයග්‍රහණය කරල තිබුනෙ මහින්ද. එහෙනං වෙනස් වෙන්නෙ කොහොමද?

මේකෙ හුඟ දෙනෙක් කල්පනා නොකරන පැත්තක් තියනව. විශ්ලේශනය කරන්නන් කිසිම කෙනෙකුට අල්ලන්න බැරිවුන පැත්තකින් තමයි එජාපය ජය ගන්නෙ. මේ ගැන අන්තර්ජාලයේ දැක්ක එකම පැහැදිලි කිරීම දැක්කෙ දමිත් කේතකගෙන් විතරයි. උපුටා ගැනීම මෙතැන් සිට.

"මේකෙන් රනිල් දිනනවා….

ඒ ඇයි?…

මහින්දට එක්සත් ජනතා නිදහස් සන්ධානය සමග සහමුලින්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බාර දුන්නත් මේක ගොඩදාන්න බෑ….

ප්‍රංශයේ රජ කළ 8 වැනි ලුවී රජු ( එංගලන්තයේ බැරන්වරුන්ගේ යුද්ධය පැවති සමයේ ) එංගලන්තය ආක්‍රමණය කළා….බැරන් වරු ඔවුනොවුන් මරා ගැනීම නවත්තලා තාවකාළික සම්මුතියකට ඇවිත් ඉතාම දුර්වල ඒකාබද්ධ ප්‍රතිරෝධයක් ඉදිරිපත් කළා….ඩෝවර් වලදී ප්‍රංශ කාරයන් මේ ප්‍රතිරෝධය සුනු විසුණු කරා…එයින් පසුව 8 වැනි ලුවී මෙහෙම කිව්වා….

“A Country at War with itself, with so deep as wounds, with such little time to heal”

ඔන්න ඕකයි මාලන් අන්කල් මහින්ද කඳවුරේ සීන් එක….තුවාල සුවපත් කරගන්න කල් මදි….වෙච්ච තුවාල ඔඩු දුවලා වැඩියි…කාවවත් විශ්වාස කරන්න බැරි තරම් අවුලෙන් අවුලට පත් වුනු බලවේගයක්….එහෙම බලවේගයක සංවිධාන ශක්තිය කොච්චර පිම්බිලා තිබුනත් ඇතුළෙන් කුණු වෙලා තියෙන්නෙ…Paranoia එක ලොකු එකෙන්ම බලන්න පුලුවන් මේ පාර මහින්දගෙ කැම්පේන් එකේ….මේ ඉන්න එකා ෂුවර් නෑ….පිටතින් වගේම අභ්‍යන්තරයෙනුත් දරුණු සතුරන් සිටින කැම්පේන් එකක්….බොහෝ විට එජාපයට කරන්න දෙයක් ඉතිරිවෙන එකක් නෑ….කැම්පේන් එක යනකොට සන්ධාන පිළම විවිධ ගේම් සිය ගණනක් වින්දිතයා බවට පත්වෙයි….

එජාපයත් පේන තරම් ශක්තිමත් නෑ…!…මෛත්‍රී දිනවපු සටන ඇත්තම කිව්වොත් ඔවුන්ටත් තරමක විමතියක් දනවන ජයක්…!…අවුරුදු ගාණක් තිස්සේ විපක්ෂයේ හිඳිමින් ඔවුන් වැටුණු වැටිල්ලෙන් 100% රිකවර් වෙලා නෑ….ඒ උනත් ඔවුන්ට මේ මොහොතේ නොබෙදුණු මතයක් සහිත තනි පක්ෂයක් තියෙනවා…ඇයි ඒ?…

එක නායකයයි
ඒ නායකයාට එරෙහිව නැගී හිටපු අය එහෙම නැගී හිටියේ කෙහෙල්මල් පක්ෂයක් ගැන තියෙන ආදරයෙන් වත්, ජනතා සේවයක් සලසන්න ඕන නිසාවත් නෙමෙයි….තමන්ගේ කෑම වේල එන්න එන්නම පරක්කු වෙන නිසා…විපක්ෂයේ පුටු රත් කලාට, පාතරාසය බිස්නස් කාරයන්ගෙන්, ඩීල් කාරයන්ගෙන් නොලැබෙන නිසා….ගස් ටික ආණ්ඩුවෙ එවුන් කපනවා….බාර් පර්මිට් ටික ආණ්ඩුවෙ එවුන් විකුණ ගන්නවා…මේවා දැක දැක තව කොච්චර කළක් බඩ ගින්නෙ ඉන්නද?… ඉතින් “අපි පරදින්නේ මූ නිසයි” කියලා සියළු පවු රනිල් පිට දාලා රනිල්ට එරෙහිව නැගී සිටියා….

දැන් එහෙම නෑ…දැන් බත් පත පේනවා….!…දැනටමත් මේ දවස් ටිකට අහුරු දෙක තුනක් කාලා රහත් දන්නවා…!…දැන් මොකටද නිකන් ප්‍රතිපත්ති වෙනුවෙන් රනිල් එලවන්න ගිහින් අතට බෙදලා ඈතින් ගේන බත් එක අහිමි කරගෙන නැගිටලා යන්නෙ….දැන් ඒ ප්‍රශ්ණ ඔක්කොම ඉවරයි…

දෙවනියාගේ ඉඳලා ගම් මට්ටමේ පාක්ෂිකයා දක්වා 1994 ඉඳලා වැටි, වැටි උහුලගෙන හිටපු දුක් කන්දරාවට හරියන්න එක්ක සැප සැලසෙන බවට බලාපොරොත්තුවක් දැන් තියෙනවා…ඒක නිසා එජාපයේ,

මේ මොහොතේ ඉහළ සිට පහළටම ඇත්තේ එක හඬයි….එක අරමුණයි….එක අණයි…!…. ( “දැන් අපිට උණු උණු බත් ලැබෙන දවස ළඟයි” මානසිකත්වය නිසා රනිල්ට මෙතෙක් දවස් තිබුණු නායකත්ව අර්බුදය දැන් නෑ…)

බලය හැරෙන්නෙ ප්‍රාග්ධනය තියෙන පැත්තට >>> ප්‍රාග්ධනය හැරෙන්නෙ ලාභය තියෙන පැත්තට >> ලාභය හැරෙන්නෙ වාසිය තියෙන පැත්තට >> වාසිය හැරෙන්නෙ බලය තියෙන පැත්තට

මේ චක්‍රය හැමදාම ක්‍රියාත්මකයි….

මහින්ද හිටපු කාලේ එජාපය දුක් වින්දේ මේ චක්‍රය නිසා….මෙරට ප්‍රාග්ධන ආයෝජනයේ සහ ලාභ ජනනයේ “ශුද්ධ – අශුද්ධ” සියල්ලෝම හිටියෙ මහින්ද ළඟ….ඒ අසීමිත බලය නිසා….එජාපය දුකෙන් දුකට පත් වුනා මේ චක්‍රය නිසා…..

දැන් ඒකම තියෙන්නෙ එජාපය අතේ….සන්ධාන පාර්ශවයට දැන් මේ චක්‍රය නිසා දුක් විඳින්න වාරය…අර එදා මහින්ද ළඟ හිටපු ශුද්ධ – අශුද්ධ බලවේග ටික අද රනිල්ගේ පළිඟු බෝලයේ ප්‍රාදුර්භූත වෙනවා….

කාළෙකට පසුව පරණ යූ.එන්.පී එක ඉන්නවා…යූ.එන්.පී නායකයෙක් ඉන්නවා…බලාපොරොත්තුවක් තියෙනවා උණුසුම්…!..යූ.එන්.පී කාරයො ඡන්දෙ දාන්න මේ වතාවෙ බුරුතු පිටින් යනවා….එතකොට මෙතෙක් කල් දුර්මුඛ මානසිකත්වය නිසා යටපත් වෙලා තිබුණු යූ.එන්.පී එකේ සැබෑ ඡන්ද පදනමේ ශක්තියෙ මුළු බරම හෝ ඊට ආසන්නව රනිල්ට ලැබෙනවා….
මෙලොව පාවෙන ඡන්ද කියා කිසිවක් නැත…..පාවෙන ඡන්ද වනාහි, පෞද්ගලික අරමුණු උදෙසා උපදින්නට කයක් ලැබෙන තුරු අහසේ සැරිසරන අන්තරා භවයන් පමණයි….මේ අන්තරා භවයන් තම තමන්ගේ පෞද්ගලික අරමුණු ( බිස්නස් කිරීම, බිස්නස් වලට ලයිෂන් ගැනීම, ළමයි ඉස්කෝලෙ දැමීම, රස්සාවල් ගැනීම, ගෙවල් දොරවල් හදන්න ආධාර ගැනීම, ස්වයං රැකියා ආධාර ගැනීම, අරක, මේක…) වෙනුවෙන් බොහෝ විට උපදින්නෙ ඒ මොහොතේ තියෙන ශක්තිමත්ම බලවේගයේ කුසේ….මේ පාර උන්ගෙන් බහුතරය උපදින්නේ අලි කුසේ….යුද්ධ සියල්ල අවසන් වෙලා තියෙන නිසා මහින්ද පාර්ශවයට ජාතිකත්වය, ජාතික ආරක්ෂාව වැනි කිසිවක් සාර්ථකව මාකට් කරන්න ලැබෙන්නෙ නෑ….මේ පාර ඡන්දයේ එකම තීරක සාධකය තමයි ආර්ථික සහ සාමාජීය අවශ්‍යතාවයන් හා ඒ වටා ගොඩනැගෙන සටන් පාඨ…..ඒවායින් නම් මිනිස්සුන්ගේ වැඩිම ලකුණු වැටෙන්නෙ එජාපයට…..ඒ නිසා පාවෙන ඡන්ද රැල්ල එජාපයට යනවා….මහින්දට ඒක කඩාගන්න ලැබෙන්නෙත් නෑ….
මේ රටේ සෙසු ජන පාර්ශව වල ඡන්ද බරෙන් 90% රනිල් ප්‍රමුඛ එජාපයට ලැබෙනවා…ඒවාත් ආර්ථික සහ සාමාජීය අවශ්‍යතා වෙනුවෙන්….ඒවා කඩාගන්න මහින්දට ලැබෙන්නෙ නෑ….

මහින්දට වාසි ගෙන දෙන සටන් පාඨ සියල්ල දැන් තියෙන්නෙ ඉතිහාසයේ …

මහින්ද වාදීන් ඒ සටන් පාඨ අකළට පර කර ගත්තා හැම තැනම පාවිච්චි කරන්න ගිහින්….ඔවුන් රනිල් ආවොත් පස්සෙන්දටම රට බෙදෙනවා කියලා Dark Fantasy එකක් නිර්මාණය කරලා දුන්නා රටේ ජනතාවට….ජනතාව රනිල් සමග මාස කිහිපයක් ජීවත් වෙලා රියැලිටිය ඒ තරමට භයානක නෑ කියන එක අත්දැක්කා…දැන් ආයෙ ඒ සටන් පාඨ වලට ගැම්මක් නෑ…..
මහින්දට ප්‍රබල “පෞද්ගලික” ආර්ථික සංරචක නෑ මාකට් කරගන්න….මිනිස්සුන්ට සාර්වසර ආර්ථික සංරචක මෙතැනින් ඉදිරියට මාකට් වෙන්නෙ නෑ….මිනිස්සු අවුරුදු තිහක් තිස්සේ විවිධ ආණ්ඩු “යුද්දෙ ඉවරකරලා දෙනකල් / රට හදලා දෙනකල් / සංවර්ධනය ගේන කල් පටි තද කර ගනිල්ලා” කියන උපදේශනය පිළිපැද්දා….දැන් ඒක පිළිපදින්න මිනිස්සුන්ට ඕන නෑ….ඒ නිසා රට හෝ සංවර්ධනය පෙන්නා ඡන්ද ගැනීමට තිබිය යුතු පාරිසරික අවශ්‍යතා දැන් අහෝසියි…!

මේකෙදි රනිල්ගෙ අතට සියළුම භූ දේශපාලනික සහ සාමාජීය වාසි ටික ලැබිලා තියෙන්නෙ….මේකෙදි අම්බ දැවැන්ත බුලක් කෙළියෙ නැත්තන් වැඩේ ගොඩදාන්න රනිල් ලොක්කට පුළුවන්….

තුන්වෙනි ලෝකයේ රටවල දේශපාලනය ඇකඩමික මාවත් වල හැසිරෙන්නෙ නෑ… ( උදා: තාක්ෂණය, ආර්ථික ප්‍රතිපත්ති, සෞඛ්‍ය, අධ්‍යාපනය )…. මේ දේශපාලනය ලොවෙත් ආසයි ඉතාම පෞද්ගලික තැන්වල උණුහුමට තුරුල් වෙන්න….මේකෙදි ආසි කොළ ටික එනකොට එනවා පැක් එක පිටින්ම….යනකොටත් ඒ වගේම තමයි…යනවා හිටු කියලා….

ඒක තමයි තෝම අතේ තියෙන නම් අනන කොට පරිස්සම් වෙන්න ඕන කියන්නෙ..!…පැක් එකයි පොට් එකයි තමන්ගෙ නෙමෙයි නම් “තෝම” ගියොත් බඩුම තමා….!…මහින්ද නාමල් වෙනුවෙන් කොළ පනස් දෙකම දීලා “මහණ” උනා…දැන් ඉතින් “තෝම” තියෙන්නෙ රනිල් අතේ…!…


ඔන්න ඔය විදියටයි දමිත්ගෙ පැහැදිලි කිරීම. දමිත් අකුරු වලින් පෙන්නන දේ පොලවේ ඉන්න අපිට පේනව. ඡන්දයක් ප්‍රකාශ කල ගමන් අපේක්ෂකයන්ගේ හැසිරීම සාමාන්‍යයෙන් මෙහෙමයි.
ඇතිවෙන්න කන්න බොන්න දෙනව, මිනිස්සු සංවිධානය කරගෙන වැඩේ ගොඩදාගන්න බලනව, ආධාර බෙදනව,..... මේ අතරින් ජහමනතාව රවටාගන්න පුළුවන් ක්‍රමයක් තමයි ලඟ බලාපොරොත්තු දීම. "ඡන්දෙන් පස්සෙ සතියක් විතර අැතුලත අහවල් තැන ජොබ් එක ගන්න පුළුවන්.... අන්න ඇප්ලිකේෂන් එක (ශාඛා සමිතියෙ) සභාපතිගෙ ලඟ" වගේ සීන් එන්නෙ මේ කාලෙට තමයි. මේ පැත්තෙ ගත්තොත් මහින්ද මහත්තයගෙ දර්පන ප්‍රතිබිම්බය වෙච්ච සජිත් උන්නැහේ එහෙම මේකෙන් හොඳට වැඩ ගන්න බව පේන්න තියනව. නිවාස අධිකාරියේ ණය අයදුම්පත් එහෙමත් සංසරණය වන ආකාරය දකින්න පුළුවන්.(මේ ගැන මැතිවරණ කාර්යාලයෙන් වාරණයකුත් ආව).

මේ ජාතියෙ මිනිස්සු සහ දමිත් කියල තියන ටිකක් ඉහල ලෙවෙල් එකේ මිනිස්සු නිසා තමයි එජාපය දිනන්නෙ. හංසයාගෙන් ජවිපෙට-ටීඑන්ඒ එකට කැඩෙන ඡන්ද ටික බැලන්ස් කරන්න මේ කිව්ව ඡන්ද දායකයන්ට පුළුවන්.

සන්ධානය ගැන වැඩිය කතා කරන්න දෙයක් නෑ. යෝධයාගේ ඇදවැටීමට පස්සෙ බලය ඇති පැත්තට බුරුතු පිටින් මාරුවුන මිනිස්සු සහ ඡන්ද පොලට නොයන සන්ධාන පාක්ෂිකයන් ඔවුන්ව දෙවන තැනට ඇදදැමීම, වියහැකි ආසන්නම සිද්ධිය. (මෙවර ඡන්ද ප්‍රකාශිත ප්‍රතිශතය ජනාධිපතිවරණයට වඩා 3-4%ක් විතර අඩු විය හැකියි)

දෙමළ ජාතික සන්ධානයේ ගණන ලොකුවට වෙනස් වෙන්න බෑ. ජවිපෙ තමයි අනිත් සාධකය.
මම විශ්වාස කරන විදියට "ඉතිහාසයේ හොඳම ජවිපෙ" නෙවේ තාමත් ඉන්නෙ. හොඳම ටීම් එක ආසන 16ක්ද කොහෙද ගන්නකොට අද ඉන්න ජවිපෙට මම දෙන්නෙ 11 විතර ගණනක් තමයි. ප්‍රධාන පක්ෂ දෙක අතර තියන තරගය නිසා තෙවැනි බලවේගය දුර්වල වීම ස්වභාවිකයි.

පසුවදන: එජාපය පැත්තෙන් ප්‍රතිපලය මීටත් නරක උනත් ආණ්ඩුවක් පිහිටුවන්න එයාලට පුළුවන්. 18දා පාන්දර වෙද්දි අප්පච්චි දෙවැනි වතාවටත් වලදාන්න බලන් ඉන්න පුත්තු සෙට් එකකුත් සන්ධානයේ ඉන්න බව මතක තියාගන්න.

55 comments:

  1. හරිම සංවේදී සටහනක් රාජ්.

    ReplyDelete
    Replies
    1. මේකට දෙන්න තියන උත්තරේ නං සංවේදී නොවෙන්න පුළුවන්. ඒ නිසා මොකුත් නොකිය ඉන්නං.

      Delete
    2. Fake Helapa Kade profile

      Delete
  2. මං නං ග්‍රවුන්ඩ් රියැලිටි දන්නේ නෑ!

    මගෙ සිහිනය මට දකින්න ඉඩ හරින්න.


    ReplyDelete
    Replies
    1. ඒකට නං මාත් කැමතියි. ඒත් ඉතිං ග්‍රවුන්ඩ් රියැලිටිය ගොඩක් දුරින්

      Delete
    2. අවුලක් නෑ,

      ග්‍රවුන්ඩ් එකටත් කිලෝමීටර් දාස් ගානක් දුරින් නේ ඉන්නේ, ඉතිං රියැලිටිය ගැන කවර කතා ද?

      Delete
  3. ඔබේ අනුමානය නිවැරදියි. එය වෙනස් වුණොත් වන්නේ ඉතා සුළු ගණනකින් තමයි. කොහොමත් ආණ්ඩුව හදන්නෙ වෙන්නේ බිලීබෑමකින් තමා. අන්න පනින එවුන්ට ලැබෙන ඒ ලන්සුව ගැනත් සැලකිල්ලෙන් ඉන්න ඕනි.

    ReplyDelete
    Replies
    1. පනින එවුන්ට අමුතු ලන්සුවක් මෙදා ඔ්න නෑ. මොකද ජාතික (වගේ) ආණ්ඩුවක් එයි. අනෙක මෛත්‍රී පිලේ අයට එන්න අවුලක් නෑ නෙව.

      Delete
  4. එකහෙලාම එකඟයි රාජ් ඔබේ සහ දමිත්ගේ අදහස් දැක්වීම් වලට.

    ඔබේ මැතිවරණ ප්‍රතිඵල අනාවැකියටත් බොහෝදුරට එකඟයි. මම හිතන ප්‍රතිඵලය එක්ක පොඩි පොඩි ගණන් චුට්ටක් එහෙ මෙහෙ වෙලා විතරයි තියෙන්නෙ..:)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මේ පැත්තෙ ආවට.

      Delete
  5. මගෙ කමෙන්ට් එක කෝ යකෝ.

    ReplyDelete
    Replies
    1. කෙලින් බලං ඉන්නෙ නැතුව උඩ බලපංකො!

      Delete
  6. මේ ගණන් බොහෝ විට නිවැරදි වෙන්න පුළුවනි..... ජවිපෙ ගාන ගැනත් ඒකගයි...... ජවිපෙ ගානයි.... චම්පිකලා ගන්න ගානයි බැලුවා ම විකල්ප සෙට් ඒකට ලොකු බලයක් තියේවි ඊළග පාර්ලිමේන්තුවේ.... ඒකට රජිවි විජේසිංහ වගේ අයත් ඉන්න නිසා තවත් වැඩි වේවි...... අැත්තට ම රාජ්... මේ ඡන්දයෙන් රනිල් අාණ්ඩුවක් හදයි... ඒත් අපි නම් වැඩිපුරම බලන්නේ කලින් කිව්ව සෙට් ඒකේ බලය වැඩි කරන්නයි.... රනිල්ගේ අාණ්ඩුවක් පාලනය කරන්න ඒ විදිහ සෙට් ඒකක් ඔ්නේම වෙනවා......

    ReplyDelete
    Replies
    1. මාත් හිතන විදියට සුළු පක්ෂ වලට කේවල් කරන්න වෙන එකක් නෑ. ඒ නිසා හොඳ විපක්ෂයක් තමයි ඕන.

      Delete
  7. රාජ්, කමෙන්ට් කපන එක හොඳ නෑ නේද, ඔබ එය නිතරම කරන දෙයක් වුණත්.

    ReplyDelete
    Replies
    1. ගොන්පාට් කපනව.

      Delete
    2. දැන් ඔබට තේරෙනව නේද මම කිව්ව එක හරි බව එදා?

      Delete
  8. බොහෝ දුරට එකඟයි.. දමිත් බ්ලොග් එකක් ලියන්නේ නැද්ද? දමිත් ගේ කොමෙන්ට් නම් නිතර කියවනවා මාලන් ගේ බ්ලොග් එකේම :) ඒ විශ්ලේෂණය විශේෂයි.

    ReplyDelete
    Replies
    1. දිගට ලියන්න කම්මැලියි. මගේ විශ්ලේෂණයේ සාරාංශයත් මෙතනටම දැන්නම් ජනාධිපතිවරනේදී කරා වගේ.
      එජාප+මුකො+ජවිපෙ එකතුව 115-117 අතර මන්ත්‍රීධුර ගණනකින් ආණ්ඩුව පිහිටුවනවා.. ඒක ස්ථාවර කරගන්න ආරම්බයේදීම වගේ එජනිස වලින් ආපු මන්තිවරු 8-10ක් අතර ප්‍රමාණයක් 'සහයෝගය' දෙනවා. වැදගත්ම දේ මේ පරාජයෙන් පස්සේ ම.රා. දේශපාලනෙන් කැපිලා යනවා.. හැබැයි ඔය කියන නඩු නම් වැටෙන්නේ නෑ කාටවත්ම.. අහ! තව පොඩ්ඩෙන් අමතක වෙනවා මෙන්න රාජ් ගේ පොස්ට් එකට දාපු මගේ ජනාධිපතිවරණ අනාවැකිය..
      //මගේ අනාවැකියත් මීට බොහෝ ආසන්නයි..
      51%-53% අතර ඡන්ද ප්‍රතිශතයකින් මෛත්‍රීපාල සිරිසේන මහතා මෙවර ජය ගන්නවා නියතයි.//

      Delete
    2. 1.දමිත්ගෙ බ්ලොග් එක
      දමිත්ගෙ බ්ලොග් එක එච්චර ජනප්‍රිය නෑ. ටිකක් ඉහල ලෙවෙල් එකෙන් ලියවෙන්නෙ. ඊට වැඩිය හොඳයි බණ්ඩගෙ බ්ලොග් එකේ කමෙන්‍ට්.

      2.මුස්ලිම් කොන්ග්‍රසයේ සහය එජාපයට ඉතාම වැදගත්. ඒ වගේම කඳුරට‍. තොණ්ඩමන් බැලන්ස් කරන්න පුළුවන් දැන් ලෙහෙසියෙන්ම.
      ජවිපෙ සහ ටීඑන්ඒ ආණ්ඩුවකට එකතු වෙයි කියල හිතන්න බෑ.
      අප්පච්චි මලා සෙට් එක තමයි ආණ්ඩුවට සහය දෙන්නෙ.

      Delete
    3. ජවිපෙ ආණ්ඩුවට එකතුවෙන්නෙ නෑ කල්‍යාණ.
      ජවිපෙ ඉදිරියට තනි ගමනක් යන්නෙ.
      එජාප,මුස්ලිම් කොන්ග්‍රස් හා ගෙම්බන්ගෙ ආන්ඩුවක් එන්නෙ.
      මහින්ද දේශපලනයෙන් කැපිලම යනව.
      පැරදුනොත් ඔහු ලග විමල්වත් ඉතුරුවෙයිද මන්ද.
      මොළකාරයො රණතුංගල තමා. ඔක්කොම බිත්තර එකම කූඩෙ දාපු නැති නිසා සහෝදරයො දෙතුන් දෙනෙක් ගොඩ

      Delete
    4. This comment has been removed by the author.

      Delete
    5. දමිත්ගේ බ්ලොග් එක ගැන මට ඔත්තුව හම්බුනේ ඇනොපිලිස් ගෙන්.. උසස් ලියවිලි අන්තර්ගතයි...

      Delete
    6. මම නම් කියන්නේ මෙදා පාර යුඑන්පි/ ජේවීපී සබාගේකට යනවා.. බදුල්ලේ චන්ද සටනේ මේ දෙපාර්ශවයේම නියමුවන්ගේ හැසිරීමෙන් නිරීක්ෂණය කරේ.. ටික කලකින් කැඩිලා වැටෙන්න හරි මුලදී සබාගේකට යනවමයි කියලා හිතෙනවා.. ටී.එන්.ඒ. එන්නේ නෑ..
      දමිත්ගේ බ්ලොග් එක ගැන ඔත්තුවට ස්තුතියි. චන්දෙ ඉවර උනාම කියවන්න හොඳයි වගේ. :)

      Delete
  9. මෙන්න දිස්ත්‍රික්ක සමීක්ෂණයෙන් ලැබුණ ප්‍රතිපලේ.
    UNP+MC 105/UPFA 93/JVP 13/TNA 12/other 2

    ඔය දමිත්ගේ විශ්ලේෂණය විදියට තමයි වෙන්නේ. ජේවීපී එකට කැඩෙන ටික MR ට හම්බ උන 58න් යූඑන්පී එකට ඇවිත් බැලන්ස් වෙනවා.
    මගේ විශ්ලේෂණය අනුව නම්
    UNP+MC 107/UPFA 82/ JVP 19/TNA 17

    හැබැයි මගේ හිත කියනවා UNP+MC එක විතරක් ආණ්ඩුව හදන්න ආසන ප්‍රමාණවත් තරම් ගනී කියල

    ReplyDelete
    Replies
    1. ඇනෝ මේක කොතනින්ද ගත්තෙ?
      ටීඑන්ඒ දොලහකට බහින්න පුළුවන්ද?
      මම හිතන විදියට මේ ප්‍රතිපලය ලැබෙන්න එජාපය උතුරෙදි හොඳ ඡන්ද ප්‍රමාණයක් ගන්න ඕන.(ටීඑන්ඒට අඩුවෙලා ඒ අඩුව එජාපයට ඇවිල්ල)
      කොහොම උනත් වෙන්න අපහසු දේකුත් නෙවේ.

      Delete
    2. මේක ඉහලින්ම කොම්පැනි එකකට කියල කරවපු සමීක්ෂණයක්. ජනාධිපතිවරනෙත් ඕක කළා බැසිල්ගේ නියෝග මත. ටක්කෙට හරි ගියා . මම හිතන්නේ උතුරේ UPFA එකට හැම දිස්ට්‍රික්කෙන්ම එක ගානේ එනවා. ඒක අඩු වෙන්නේ TNA එකෙන්

      Delete
  10. ජාතික ලැයිස්තුවෙන් දාන්නේ කවුද කියන තීරණය ගන්නේ කවුද? මෛත්‍රීද ප්‍රේමජයන්තද? ඒ තීරණය ගන්නේ මෛත්‍රී නම් කේවල්කිරිල්ලක් හිටින එකක් නෑ.

    ReplyDelete
    Replies
    1. 1.ජාතික ලැයිස්තුව ගැන ව්‍යවස්ථාවේ තියෙන්නෙ මෙහෙමයි.

      "පිළිගත් ෙද්ශපාලන පක්ෂයකට ෙහෝ ස්වාධීන කණ්ඩායමකට, ඉහත
      සඳහන් ෙබදා ෙවන් කිරීම යටෙත්, මන්තී ධුරයකට හිමිකම ඇති අවස්ථාවක,
      මැතිවරණ ෙකොමසාරිස්වරයා විසින්, දැන්වීමක් මගින්, පාර්ලිෙම්න්තු
      මන්තීවරයන් ෙලස ෙතෝරා පත් කරනු ලැබීමට සුදුසුකම් ඇති (ෙම්
      ව􀉕වස්ථාව යටෙත් මැතිවරණ ෙකොමසාරිස්වරයා ෙවත ඉදිරිපත් කරන ලද
      ලැයිස්තුෙව් ෙහෝ ඒ මැතිවරණෙය් දී ඒ යම් මැතිවරණ ෙකොට්ඨාසයක් සඳහා
      ඒ පක්ෂය ෙහෝ කණ්ඩායම විසින් ඉදිරිපත් කරන ලද යම් නාම ෙයෝජනා
      පතයක ෙහෝ නම් ඇතුළත් වන්ෙන් යම් තැනැත්තන්ෙග් ද, ඒ තැනැත්තන්
      වන) තැනැත්තන් ඒ මන්තී ධුර සඳහා ඒ දැන්වීෙම් දින සිට සතියක් ඇතුළත
      නම් කරන ෙලස, ඒ පිළිගත් ෙද්ශපාලන පක්ෂෙය් ෙල්කම්වරයාට ෙහෝ
      ස්වාධීන කණ්ඩායෙම් කණ්ඩායම් නායකයාට ෙහෝ නියම කළ යුතු අතර
      එෙසේ නම් කරනු ලැබූ තැනැත්තන් පාර්ලිෙම්න්තු මන්තීවරයන් ෙලස ෙතෝරා
      පත් කර ගන්නා ලද බවට පකාශයට පත් කළ යුත්ෙත්ය." (99අ ව්‍යවස්ථාව)

      මේකත් නාමයෝජනා දීම වගේ සීන් එකක් තමයි. ජනාධිපතිට කල හැකි දෙයක් නෑ.

      2.ජාතික ලැයිස්තුව නෙවේ අවුල තියෙන්නෙ පත්වන මන්ත්‍රීවරුන්ගෙ. ඔවුන් ඉවත් කරන්න බෑනෙ.

      Delete
  11. බහුතරය යූඑන්පී එකට ආවත් නාවත්, රනිල් හදන්නෙ ජාතික ආණ්ඩුවක් බව පැහැදිළිව කියලා තියෙනවා. ඒ කියන්නෙ අප්පුච්චව වළදාන්න පොඩි සපෝට් එකක්. ඒ වගේම රනිල්ට ගැළපෙන නව ව්‍යවස්ථාවක් එනවා.

    බහුතරය සන්ධානෙට ආවොත් අප්පුච්චා අගමැති වෙයි. වළක්වන්න ඕනෙ ඒකයි...

    ReplyDelete
    Replies
    1. ඩ්‍රැකී මම හිතන විදියට ඔය සීන් එක වෙන්නත් රනිල් අනූව පන්නල ගන්න ඕන. සන්ධානයට එකසිය දහයක් විතර ලැබුනොත් මහින්දට යම් වාසියක් තියනව(20% විතර)

      මම හිතන විදියට අප්පුච්චට තියෙන්නෙ ඉතා සුළු අවස්ථාවක්. සරළ බහුතරයටත් ටිකක් එහා ගනනක් අරගත්තොත් තමයි ෂුවර් කරන්න පුළුවන්. නැ.ත්නම් බෑ.

      Delete
    2. ඔව්, සන්ධානෙ ඉන්න මහින්ද විරෝධී මන්ත්‍රී වරුත් පාර්ලිමේන්තුවට එනවා. සෝලංගආරච්චි, පණ්ඩු බණ්ඩාරනායක වගේ අය... එතකොට මහින්දට බහුතරේට වඩා ටිකක් වැඩියෙන් ගන්න වෙනවා.

      Delete
  12. කාටවත් තනි සරල බහුතරය දිනා ගන්න ලැබෙන්නේ නැහැ.නමුත් රනිල් කප් එක උස්සාවී.
    ජවිපෙ ගැන මගේ තක්සෙරුවත් ඕක තමයි 8-12 අතර.ෆොන්සේකාට ලැබෙන්නේ රටින්ම ලැබෙන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය විතරයි.හැබැයි රනිල්ගෙන් ඇමතිකමක් නම් ගනීවි.

    ReplyDelete
    Replies
    1. ෆොන්සේකාටත් සමහර විට එකක් ලැබෙන්න පුළුවන්. මාත් කැමතියි එහෙම එනව නං.

      Delete
  13. එතකොට පනින ගාන ගැන අනාවැකිය?

    ReplyDelete
    Replies
    1. පැනීමක් කියල කියන්න වෙන්නෙ තනි ආණ්ඩුවකට‍ ගියොත් තමයි. හවුල් ආණ්ඩුවකට නං පැනීම කියන එක එච්චර සීරියස් කේස් එකක් වෙන්නෙ නෑ. මොකද ජනාධිපති‍ ලඟටනෙ යන්නෙ.
      මම හිතන විදියට පනින අය: මහින්ද අමරවීර, දුමින්ද දිසානායක, අප්පච්චි මලා මාම, කුරුණෑගල දයාසිරි, සහ අනිත් නියෝජ්‍ය ඇමති(නම මතක නෑ),..... සෑහෙන්න පිරිසක් ඉන්නව.

      Delete
    2. ඉන්දික බණ්ඩාරනායක

      Delete
  14. ඔබගේත් දමිත් කේතකගේත් විග්‍රහයන් අති විශිෂ්ටයි. විශේෂයෙන් දමිත් කේතක රසවත් බාශා ශෛලියෙන් අපූරු උදාහරන දෙමින් රචනාවක් කර තිබෙනවා.
    අනාවැකිය ගැනත් එකඟයි.

    ReplyDelete
  15. හෑ................මෙහෙමද වෙන්න යන්නේ. මහින්ද මහත්තයා කිව්වා එයාලට ආසන 117 ක් ලැබෙනවා කියලා. යූ ඇන් පී එකේ මහත්තුරු කීප දෙනෙක් කිව්වා ආසන 114 ක් ලැබෙනවා කියලා.

    ReplyDelete
  16. This comment has been removed by the author.

    ReplyDelete
  17. ඉතා අගනා කාලෝචිත විග්‍රහයක්.. මගෙත් දල අදහස ඕකම තමයි... ජවිපය 11ක් ම ගනීද කියා සැකයි...

    ReplyDelete
  18. http://www.hirunews.lk/114855/president-maithripala-sends-urgent-letter-to-mahinda

    ReplyDelete
  19. මහින්දට චන්දෙ දාල..මේ සැරේ වෙනතක්බලන/චන්දෙ නොදාඉන්න බොහෝ පිරිසක් ඉන්න බවයි පේන්න තියෙන්නෙ.අන්තිම මොහොතදක්වාම වෙනස් වියහැකි නිසා අනාවැකි කියන්න අමාරුයි. කොහොමත් දකුන නම් ලඟ ලඟ මහින්ද දිනනව කොලඹ ගම්පහ නුවර ඒව එජාපෙ අල්ලනව.මුස්ලිම් කොන්ග්‍රස් එකෙනුත් එජාපෙට ලොකු ගානක් එනව.

    ReplyDelete
  20. Replies
    1. ඔහොම කියල ලෙස්සල යන්න දෙන්න බෑ.කාටද ජයවේවා කියපං.එහෙම බැරිනං වහාම මකපං.වැදගත් තැන්වලට ඇවිත් බොලාට ඕනෑ ඕනෑ හැටියට කෝචෝක් දාල යන්න දෙන්න බෑ තේරුණාද උඹට.

      Delete
  21. මහින්ද මාමි 113 ම ගත්තොත් මිස(ජාතික ලයිස්තුව හැර) මං නං හිතන්නෙ නෑ දිනන්න පුලුවං වෙයි කියල. මොකද මහින්ද එනව වගේ පේනව නං අනික් පක්ෂ බහුතරයක් යූඑන්පී එකට සප් එක දෙන්න තියෙන ඉඩකඩ වැඩියි.
    මංද ඒ මට හිතෙන හැටි

    ReplyDelete
  22. විග්‍රහය හරියටම හරි

    ReplyDelete
  23. ෆීල්ඩ් මාර්ෂල් උන්නැහේව සීට් එකක් නොදී ගෙදර අරී කියල රාජ් හිතනවද ? මිනිස්සුන්ට එච්චර දුරට මුල අමතක නෑ. මහින්දට එරෙහිව පළවෙනි සටනට නායකත්වය දුන්න වෙලාවෙ ඉඳල බය නැතිව එය ඉදිරියටම ගෙනගිය එකම මිනිහා. මං හිතන්නෙ සීට් තුනක් විතර ගනී කියලා.

    ReplyDelete
  24. සාමාන්‍යෙයන් කාලයක් තිස්සේම දෙන උඹගේ ප්‍රඩික්ෂන් අඩුගානේ 80% ක් වත් හරි..

    ReplyDelete
  25. රාජ්, දිස්ත්‍රික්ක අනුව ආසන බෙදෙන ආකාරය දාන්න පුලුවන්ද?

    ReplyDelete
    Replies
    1. දහඅට වෙනිදා උදේම දාන්නං.පොඩ්ඩක් ඉවසල ඉඳිං.
      මීට
      රාජ්.

      Delete
  26. ඔන්න ජාතික ලයිස්තු ප්‍රශ්නෙත් ඉවරයි.

    ReplyDelete
  27. දේශපාළනය ගැන ඡන්දෙන් පසු කතා කරමු.

    ReplyDelete
  28. හරියටම වගේ කිව්වා නේද. ඕක තමා ඇත්ත කතාව . සමහර මන්ත්‍රිලට චන්දෙ දුන්නේ මොන වගේ මිනිස්සුද කියල හිතා ගන්න බැහැ. 80% සාක්ෂරතාවය තිබෙන රටක්.

    ReplyDelete