Saturday, November 21, 2015

අයවැය 2016

ගරු කතානායකතුමියනි, තංගල්ල උඩමාවත අංක හතලිස් හතේ පදිංචි රාජ් වන මා අප කුටුම්භයේ ගෘහ මූලිකයා ලෙස 2016 වසරේ අයවැය ඉදිරිපත් කිරීමට ඉඩ ලැබීම භාග්‍යක් කොට සලකමි. 2011 අප කුටුම්භය ගොඩනැඟීමෙන් අනතුරුව දෙදෙනා විතැන් වීමෙන් අනතුරුව වසර දෙක තුනක පමණ කාලයක් ගතකල අසීරු කාල පරිච්ඡේදයෙන් මිදී සෞභාග්‍ය කරා පියනැඟීමේ දැඩි උත්සාහය සඵල වන ලකුණු පෙනෙන්නට අැති බැව් සතුටින් ප්‍රකාශ කරමි.

☻ ගරු කතානායකතුමියනි, 2015 වර්ෂයට සාපේක්ෂව ආදායම් සහ වියදම් සැලකීමෙන් අනතුරුව ආදයම් වැඩිවීම ලෙස 2016 වසරේ ලැබෙන රුපියල් එකසිය හැත්තෑවක වැටුප් වර්ධකය ලැබීමට නියමිත අතර වෙනත් ආදායම් නොමැති බැව් ප්‍රකාශ කරමි. ඊට අමතරව ණය පොලිය අඩුවීමේ වාසියක් ලෙස රුපියල් හයක් පමණ මාසිකව වැටුපට එකතු වන බව සතුටින් ප්‍රකාශ කරමි.

☻ මීට අමතරව මහ ගෙවල් දෙකෙන් ඉඳහිට ලබාගන්න‍ා පොල් ගෙඩි කිහිපයත් හාල් මල්ලත් ආදායම් ලෙස එකතු කල බැව් දැන්වීමට කැමැත්තෙමි.

☻ ගරු කතානායකතුමියනි, වෙළඳපොලේ භාණ්ඩ මිල වැඩිවීමත් සමඟ පහත සඳහන් ක්‍රියාමාර්ග වලට එළඹීමට තීරණය කලෙමි.
කාර් මිල ඉහල ගොස් ඇති බැවින් හා ඒ සඳහා වන අටෝරාසියක් වන බදු මුදල් හේතුවෙන්, වැස්සෙන් බේරීමට කාරයක් මිලදීගැනීමට ඉදිරිපත් කල යෝජනාව අවලංගු කරන අතර තවදුරටත් යතුරු පැදියේ ගමන් යාමට තීරණය කරමි. වැස්සෙන් ආරක්ෂා වීමට වර්ෂාව පවතින අවස්ථා වල ගමන් බිමන් අඩුකිරීමට යෝජනා කරන අතර අත්‍යාවශ්‍ය ගමන්බිමන් යාම සඳහා වැහි කබා තුනක් මිලට ගැනීමට යෝජනා කරමි. තවද සෙම්ප්‍රතිශ්‍යාවෙන් ආරක්ෂා වීමට සමහන් සංචිතයක් පවත්වා ගැනීමට අවසර ඉල්ලා සිටින අතර පිරිටන් ඇමොක්සලින් වැනි ඖෂධ කිහිපයක් රෝහලෙන් ලබාගෙන ගබඩා කරගැනීමට යෝජනා කරමි. තවද දඩයක් වැදීමේ අවධානම අඩුකරගැනීම පිණිස මාර්ග නීති අකුරටම පිලිපැදීමට කටයුතු කරන බව දන්වමි.

☻ වාහන ආදායම් බලපත්‍ර ගාස්තු සහ දුම් පරීක්ෂණ ගාස්තු ඉහලයාම හේතුවෙන් දැරීමට සිදුවන වියදම් වලින් කොටසක්, අඩුකර ඇති භාණ්ඩ මිලට හිලව් කරගතහැකි බව සතුටින් ප්‍රකාශ කරමි. ගරු කතානායකතුමියනි, කිරිපිටි මිල රුපියල් තිහකින් අඩුවීමේ වාසියත් ගෑස් සිලින්ඩරය සඳහා අඩුකරන ලද රුපියල් එකසිය පනහක මුදලත් මේ සඳහා ‍ලබාගැනීමට අපේක්ෂා කරමි.

☻ ගරු කතානායකතුමියනි, සාලයා කරවල අඩුවිමේ වාසිය ලබාගනු වස් උම්බලකඩ පාවිච්චිය නතර කිරීමට යෝජනා කරන අතර කොලුවාගේ කෑම රුචිය වැඩිකිරීම පිණිස සාලයාගේ ගුණ දැක්වෙන පෝස්ටරයක් බිත්තියේ ඇලවීමට යෝජනා කරමි. තවද මාළු ගෙන එන අතරමැදියා වන ජෙමා මාළු කිලෝවකින් අධික මුදලක් අයකරන බැවින්, නිවාඩු දිනවල වැල්ලට ගොස් රැවුල කැපීමෙන් සතියේ මාළු අවශ්‍යතාවය සම්පූර්ණ කරගැනීමට කටයුතු කරමි. දෙහි මිල ඉහල ගොස් ඇති බැවින් ඊට පිලියම් ලෙස අල්ලපු වත්තේ දෙහිගසේ අපේ පැත්තට නැවී ඇති දෙහි වලින් කොටසක් නෙලා ගැනීමටත් වැඩිමනක් ලෙස යෝජනා කරමි.

☻ ගරු කතානායකතුමියනි, භූමිතෙල් මිල පහල යාමේ වාසිය ලබාගැනීම පිණිස භූමිතෙල් ලිප නැවත පාවිච්චි කිරීමට යෝජනා කරන අතර පරිප්පු සහ සැමන් මිල අඩුවී ඇති බැවින් එක් ආහා‍ර වේලක් සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි පරිප්පු එක් කිරීමට යෝජනා කරමි.

☻ විනෝද බද්ද ඉහලයාම හේතුවෙන් මත්පැන් පාවිච්චිය සීමා කිරීමට කටයුතු කරන අතර දුම්වැටි පාවිච්චිය නතර කිරීමට තීරණය කරමි. එහෙත් විශේෂ අවස්ථාවලදී පමණක් ඔබේ අනුමැතියට යටත්ව භාගයක් දක්වා මත්පැන් ලබාගැනීමට අවසර ඉල්ලා සිටිමි. මගුල් තුලා සහ මලගෙවල් වෙනුවෙන් වැයකරන මුදල් අඩුකිරීමට යෝජනා කරන අතර හිඟන්නන් සල්පිල්කරුවන් සම්මාදන්කාරයන් ඒම වැලැක්වීමට බල්ලන්ගෙන් ප්‍රවේශම් වන්න පුවරුවක් ගේට්ටුවේ එල්ලීමට යෝජනා කරමි. එමෙන්ම සිංහල අවුරුද්දට බුලත් දීමේදී රුපියලේ කාසියක් පමණක් දීමට යෝජනා කරනමි.

☻ ගරු කතානායකතුමියනි, කොල්ලාගේ ආහාර වියදම් සීමා නොකිරීමට කටයුතු කරන අතර සෙල්ලම් බඩු ලබාදීමේදී මිල අඩු භාණ්ඩ කෙරේ විශේෂ අවධානය යොමුකරන අතර මීට අමතරව පොල්පිති හරකා, ගොක් කොල නයා ආදී පාරම්පරික ක්‍රීඩා සඳහා ඔහු පෙළඹවීමට අපේක්ෂා කරමි.

☻ ගරු කතානායකතුමියනි, රූපලාවන්‍ය ඇඳුම් ආයිත්තම් වැනි සුකුරුත්තං වෙනුවෙන් වන වියදම සැලකිය යුතු මට්ටමකින් කපාදැමීමට සිදුවන බැව් කණගාටුවෙන් ප්‍රකාශ කරන අතර අත්‍යාවශ්‍ය සනීපාරක්ෂක පහසුකම් සඳහා වන වියදම් පමණක් දැරීමට සලකා බලන මෙන් ඉල්ලා සිටිමි.

☻ අන්තර්ජාල සම්බන්ධතාවය වෙනුවෙන් යොදවන මුදල් අඩුකිරීමට අපහසු බැවින් දුරකතන පාවිච්චියේදී ඉන්කමින් සඳහා පමණක් ප්‍රතිචාර දැක්වීමට යෝජනා කරමි.

☻ ගරු කතානායකතුමියනි, "පුංචි පවුල රත්තරං", "ගුණ නැන බෙලෙන් යුතු පුතුමය ඉතා ගරූ" වැනි සංකල්ප අනුව දැනට ඉන්නා එකා හොඳටම අැති බව යෝජනා කරන අතර "ආරක්ෂාව" සඳහා වියදම් රහිත ක්‍රියාමාර්ග වලට එළඹීමට යෝජනා කරමි.

ගරු කතානායකතුමියනි, දෙදහස් දහසය වසරේ අපේක්ෂික ඉලක්ක සපුරාගැනීම පිණිස ඉදිරිපක් කල මෙම අයවැය ලේඛණය සඳහා ඔබේ අනුමැතිය ඉල්ලා සිටින අතර ඉදිරියේදී ඇතිවිය හැකි ආර්ථික අවපාත හමුවේ නොසැලී ඉදිරියට යෑමේ ධෛර්ය අපේක්ෂා කරමි.

--------------------------------------------

චාමි සෑම් විසින් 2011 වසරේ ඉදිරිපත් කල නව ලිබරල් අයවැය ලේඛනය අනුව සකස් කර ඉදිරිපත් කරන ලදී.

91 comments:

  1. රාජ්,
    පුංචි පවුල රත්තරන් කරන්න හිතලා හදා ගත්ත පොඩි එකාට අවුරුදු 15 විතර වෙන කොට අකරතැබ්බයක් උනොත් (එහෙම එකක් නම් හීනෙන්වත් වෙන්න නම් එපා) එදාට මොකක්ද කරන්නෙ. එතකොට තව දරුවෙක් හදන්න පුළුවන් පොහොසත් මට්ටමේ ඔබ සහ ඔබේ නෝනා ඉන්නවාද? ඒක නිසා අති පන්ඩිත වැඩ පැත්තක් තියලා අඩු ගන්නේ දරුවන් 4ක් වත් හදා ගනිං. එතකොට එකෙක් දෙන්නෙක් අප්සැට් ගැහුවත් වැඩිය ලොකු හානියක් වෙන්නේ නැහැ.

    සමරසේකර

    ReplyDelete
    Replies
    1. මේක බ්ලොග් ලිපියක්.සීරියස් ගන්න එපා සමරසේකර මහත්තයා.

      Delete
    2. කන්න දෙන්නේ සමරසේකර මහත්තයද....?

      Delete
    3. මගේ යාලුවෙක් ළමයෙක් හදන්න ගිහින් බඩ උඩ මළා

      Delete
    4. සමරසේකර මහත්තය දැන් ගොඩක් පවුල්වලට එක ලමයෙක් හදන එකත් අභියෝගයක්. බල්ලො බලල්ලු වගෙ හදන්නත් බෑනෙ හෙහ් හෙහ්

      Delete
    5. @ මාතලන්, මුස්ලිම් අයට නම් මෙ ප්‍රශ්නය නැහැ. එ අය කියන්නෙ ළමයි දෙන්නෙ දෙවියෝ.කන්න දෙන්නෙ ආණ්ඩුව කියලා.
      @මධ්‍යස්ථ මතධාරියා එක ලමයෙක් ඉන්න පවුල් වල ඒ ළමයා පරිහරණය සම්පත් වල නාස්තිය ගැන අධ්‍යනයක් කර ඉන් පසු මේ කතාව කියන්න. ඔබ විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක් නේද? මා මෙ රටේ විශ්ව විද්‍යාල දෙකකම ඉගෙන ගත් අයෙක් නිසා විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් ගැන මගේ ගරුත්වයක් තියෙනවා

      Delete
    6. ඔව් රාජ් ඔන්න ඔහේ ළමයි දහයක් දොළහක් හදපන් සමරසේකර හරි රොටුඹේ ප්‍රේමරත්න හරි නානසාර හරි කන්න බොන්න දීලා ඉස්කෝලෙ යවයිනෙ.

      Delete
    7. සමරසේකර මොකද බං උඹ විශ්ව විද්‍යාල දෙකක ඉගෙන ගත්තෙ? එකකින් පේල් වෙලා අනෙකට යැව්ව නේද?

      Delete
    8. රාජ්,
      ට්‍රැෆික් දඩවලින් බේරීම සඳහා මාරග නීති පිළිපැදීම හෝ සයිකලය දෝෂයෙන් තොරව නඩත්තුව අවශ්‍ය නොවේ.
      සමරසේකර ගේ උපදෙස නම් පන්සල් දේවාලේට පඬුරක් දමා ගමන් ඇරඹීමයි.

      දරුවන් සැදීමේදී ද පඬුරක් දමා පටන් ගන්න.

      Delete
    9. This comment has been removed by a blog administrator.

      Delete
    10. මං හිතන්නෙ සමරසේකර මහත්තය පට්ට ගැහීම අවශ්‍ය නෑ. සමරසේකරගෙ සාමාන්‍ය ස්ථාවරය අනුව ඔහු මා වෙනුවෙන් උපදෙසක් දුන්නෙ. ඒකෙ වරදක් මම දකින්නෙ නෑ. මොකද ඔහු මොකුත් අයහපත් දෙයක් ප්‍රාර්ථනා කරල නැති නිසා.
      දරුවන් හැදීම ගැන ඔහුගේ ස්ථාවරය ප්‍රශ්න කල හැකියි. ඒකෙ කිසි අවුලක් නෑ.

      Delete
    11. ආර්ථිකය,පවුලේ විස්තර, රුචි අරුචිකම්, මානසිකත්වය, වෙනත් ප්‍රශ්න මොකක් වුනත් කමක් නෑ. මුස්ලිම් එවුන්ට තරගයක් දෙන්න ඔනැනෙ.
      අපේ ජාතිය සයින්ස්කෘතිය බාසාව ආගම රැකගන්න ඔන්න ඔහෙ දේසහිතයිසීත්වයෙන් මොනවහරි කරල හතක් අටක් හදලා දාන්න රාජ්.

      Delete
    12. agama? rate agam 4 k thiyenawa koi agamada rekaganna one?

      Delete
  2. රාජ්,
    පුංචි පවුල රත්තරන් කරන්න හිතලා හදා ගත්ත පොඩි එකාට අවුරුදු 15 විතර වෙන කොට අකරතැබ්බයක් උනොත් (එහෙම එකක් නම් හීනෙන්වත් වෙන්න නම් එපා) එදාට මොකක්ද කරන්නෙ. එතකොට තව දරුවෙක් හදන්න පුළුවන් පොහොසත් මට්ටමේ ඔබ සහ ඔබේ නෝනා ඉන්නවාද? ඒක නිසා අති පන්ඩිත වැඩ පැත්තක් තියලා අඩු ගන්නේ දරුවන් 4ක් වත් හදා ගනිං. එතකොට එකෙක් දෙන්නෙක් අප්සැට් ගැහුවත් වැඩිය ලොකු හානියක් වෙන්නේ නැහැ.

    සමරසේකර

    ReplyDelete
    Replies
    1. සමරසේකර@ ඔහේ වගේ නරුමයෙක්.කුඩා දරුවෙක් ඉන්න පියෙකුට කියන්න වටින කථාවක්ද මේ?

      Delete
    2. @ jay-cz
      මම ප්‍රතිපත්තියක් හැටියට Anonymous ලාට උත්තර දෙන්නෙ නැත්තේ අනන්‍යතාවකින් ඉන්න තරම් ආත්ම ශක්තියක් නැති අය කියන කරන දේ ගණන් ගන්න ඕනෑ නැති නිසයි. එහෙත් ඔබට දෙන මේ උත්තරය පහළ ඉන්න අනන්‍යතාවකින් ඉන්න තරම් ආත්ම ශක්තියක් නැති කෙනාටත් අදාලයි.
      වයස අවුරුදු 68ක් වන මා තනි දරුවන් හා දෙදරුවන් සිටින හා සිටි සමහර පවුල් වල දෙමාපියන් අද විඳින දුක් අද්දැක තිබෙනවා. හදිසි අනතුරකින් දරුවෙක් නැති උනොත් හෝ දරුවෙක් බේබද්දෙක් හෝ කුඩු කාරයෙක් වීමෙන් වෙන යම් හේතුවක් නිසා පව්ලෙන් ඉවත් උනොත් එමගින් ඒ පවුලට වන්නේ නැවත පිළියම් දීමට බැරි අලාභයක්.
      අනුන් ගැන ඕනෑ නැහැ. මා ගැනම බලමු. අපේ තාත්තාට දරුවන් 8ක් හිටියා.ගැහැණු 2යි.පිරිමි 6යි.මින් පිරිමි දෙදෙනෙක් හැර අන් සියලු දෙනාම හොඳින් ඉගෙන ගෙන ඉහල වැටුප් ලනබ හොඳ රැකියා කලා. ගෙදර හුරතලාවූ බාලම මල්ලි ඉගෙන ගත්තේ නැහැ.එහෙත් එයා දක්‍ෂ කාර්මිකයෙක්.අපි ඔක්කොටම වඩා මුදල් හෙව්වා. ඒකෙන් හොඳටම බිව්වා. හොඳට දැන් නැවත යහ මගට ගන්න බැරි තරමේ බේබද්දෙක් වෙලා . එක මල්ලියෙක් විශ්ව විද්‍යාලයෙන් පිට වෙලා ගණකාධිකාරී වරයෙක් ලෙස සේවය කලේ මාස දෙකයි. නිවාඩුවට ගෙදර ආපු වෙලේ ගෙදර තිබුන ට්‍රැක්ටරය පෙරලා ගෙන මියගියා. අපේ පවුලේ අනාගත බලාපොරොත්තුව උනේ එයා.එයා පවුලේ සියලු දෙනා කෙරෙහිම සමානව බැලු කෙනෙක් . අපේ තාත්තාගේ මිනිය ගෙදර තියෙන වෙලේ එක මල්ලියෙකුට උවමනා උනේ දේපල බෙදා තිබෙන්නේ කොහොමද කියලා දැන ගන්න විතරයි. මේ අඩුපාඩුකම් මැද උනත් මගේ මෙන්ම ඉතිරි සහෝදර සහෝදරියන්ගේ යම් යම් අඩුපාඩුකම් තිබුනත් අපේ පවුල ප්‍රදේශයේ අන් අයට ආදර්ශයක් දෙන පවුලක් හැටියට යමක් කර කියා ගන්න පුළුවන් මට්ටමින් ජිවත් වන බව අපේ ගමේ කතා වෙන දෙයක්.

      අපේ තාත්තා නැති උන වෙලාවේ මල ගෙදර ආවරණයක් කරගෙන බුරුවා ගහන්න ආපු අය ගෙදරින් එලවන විට, මිනියට කර ගහන්න එන්නෙ නැහැ කියලා තර්ජනය කරන කොට අපිට තනියම මිනිය සොහොනට ගෙනි යන්න පුළුවන් කියලා උත්තර දුන්නේ අපි සහෝදරයෝ 7ක් එක මිටියට හිටපු නිසා.
      පොඩ්ඩක් හිතන්න. එක දරුවෙක් හිටියා නම් මේ තත්වය ඇතිවෙනවාද?

      ලෝකේ ඇත්ත තත්වය මේකයි.
      සමරසේකර

      Delete
    3. සමරසේකර මහතා@ මගේ වචන වල රළු බවට සමාවෙන්න.නමුත් ඔබේ අදහසේ සත්‍යතාවක් ඇතිමුත්.එය මෙසේ ප්‍රකාශ කිරීම සදාචාරවත් නැති බවයි මගේ අදහස.

      Delete
    4. මටත් ටිකක් හිත කීරි ගැහුන ඒ කතාවට. සමරසේකර මහත්තය ඒක කිව්වෙ සද්භාවයෙන් . ඒත් ඒක හරි මදි වගෙ. මම ඒක නොකියයි උඩ වෙන කොමෙන්ට් එකක් දැම්මෙ. දැන් තව කෙනෙක් ඒක කෙලින්ම කියල නිසා මාත් මගෙ අදහස ඔන්න කිව්ව.
      jay-c z @ ++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
    5. @jay-c-z @ මධ්‍යස්ථ මතධාරියා,
      ඔබේ ප්‍රතිචාර වලට ස්තුතිය්, ඇත්ත කොහොමටත් තිත්ත තමයි. රාජ්ට මෙහෙම කියන්න හිතුවේ එයාගෙයි මගෙයි තියෙන එක සමාන කමක් නිසයි. ඒ මම විශ්‍රාම ලද රජයේ සේවකයෙක්. රාජ් රජයේ සේවයේ යෙදී ඉන්නෙක්. මට මතකයි මම ඒ කාලේ මගේ මාසික වැටුප දහ අතේ උගස් කර කර බැංකු නය ගත්ත හැටි. මාසේ අන්තිම සතියෙ රීම් එකෙන් ගිය හැටි. අතිකාල අහිමි රැකියාවක් කල නිසා ඒ කලේ සතුටක් ලැබුනෙ ගමන් ගාස්තු චෙක් එකෙන් විතරයි. අය වැය ගැන රාජ්ට ඇතිවූ දුක හා කලකිරීම මගහරවා ගෙන සතුටක් ගන්න මේක ලිව්වත් උපත් පාලනය කලයුතුය කියල මේකෙන් සමාජයට වැරදි පණිවිඩයක් යන්නෙ.
      හැබැයි රජයේ සේවය නරකම නැහැ. මා ආරම්භයේ පටන්ම රජයෙන් ලබා ගත් නය මුදලින් ගත් මෝටර් රථයක් පාවිච්චි කළා. රජයේ වියදමින් ලෝකය දැක්කා. දරුවන්ට ඉහල අධ්‍යාපනයක් ලබා දුන්නා.

      Delete
    6. සමරසේකර නරුමයෙක් තමයි. අපි ඒක දන්නෙ ගොඩාක් කල් ඉඳලා. මූ වගේ එකෙකුට තමයි ඔය වගේ කට කැඩිච්චි කතා කියන්න පුළුවන්. අනෙක ඔය උපදේසය රාජ් "සිංහලයෙක්" නිසා දෙන එකක් මිස් රාජ්ට ඇති ආදරේකින් දෙන එකක් හෙම නෙවෙයි. රාජ් මුස්ලිම් හරි දෙමළ හරි වුණානම් මේකා ඔය වගේ කතාවක් කියන්නෙ නැහැ. අමනුස්සයෝ.

      Delete
    7. සමරසේකර මහතා නරුමයෙක් නොවෙයි ඇනෝ. ඔහු අපේ බ්ලොග් අවකාශයට සිටිය යුතුම මහත්මයෙක්. බොහෝ ඇසූ පිරූ තැන් ඇත්තෙක්. රටට දැයට ආදරය කරන්නෙක්. පොලවෙ පය ගහල ඉන්න කෙනෙක්. මාත් මිත්‍යා මත සහ රජවරුන්ගෙ කේස් වලදි සමරසේකර එක්ක වෙනස් මත දරුවත් බ්ලොග් වල විවිධත්වය සදහා හෑ මතයක්ම දරන අය අවශ්‍යයි . නැත්නම් ඕලාරික වෙනව.

      Delete
    8. ‘ජාතිය බෝ වන්නම‘ නටන මැට්ටෙක් ඇවිත් මේ අගනා පෝස්ට් එක අල ම කළා...:/

      Delete
    9. සමරසේකර මහත්මයා... දරුවො හැදිල්ලේ "අප්සට් ගැහිල්ල" ගැන කතා කරලා තියන විදිහ තනිකර වැරදියි... විශේෂයෙන් ඔය වැනි මාතෘකා ගැන කතා කරද්දී සංයමයකින් කතාකළොත් හොඳයි කියන එකයි මම කියන්නෙ. අපට ඉපදෙන්න හිටපු පලවෙනි දරුවා ඔබතුමාගේ භාෂාවෙන් කිව්වොත් "බඩේදීම අප්සට් ගැහුවා" , ඊළඟට ඉපදුනු නිවුන් දරුවො දෙන්නා ඉපදිලා දවස් 6න් "අප්සට් ගැහුව" . දැන් ඉන්නෙ හතරවෙ දරුවා... ඔබතුමාට දරුවො ඉන්නවා ඇති. ඒ දරුවොත් "අප්සට් ගහයි" කියල තව වැඩිපුර දරුවො හැදුවද? දරුවො කියන්නෙ උතුම් සම්පත්. ඒ උතුම් සම්පත් එක්ක විහිළුවටවත් , වචනෙකින් වත් "අප්සට්" ටෝක් දෙන්න එපා. අනිත් එක තමයි තමන් හදන දරුවන් ගැන තීරණය කරන්නේ ඒ අම්මයි තාත්තයි මිසක් පිට ඉන්න එවුන් නෙවෙයි. එක දරුවෙක් හදාගත්තත් ඒ දරුවා ගුණාත්මක දරුවෙක් විදියට හදාගන්න වෙහෙසෙන මිනිස්සු ඉන්න සමාජයක් මේක. එළු බෙටි වැටෙන්නා වගේ ලබයි බිහි කළාට උන්ට හරි හමන් අධ්‍යාපනයක්, කන්න බොන්න සහ අනෙක් අවශ්‍යතා දෙන්න බැරි නම් ළමයි කලතක් නොහද ඉන්න එක හොඳයි. ආර්ථික ප්‍රශ්න, සෞඛ්‍ය ප්‍රශ්න සහ වෙනත් කාරනා නිසා ළමයි වැඩිපුර නොහද ඉන්න මිනිස්සු ඉන්නවා. ඒ මිනිස්සුන්ගෙ ඒ තීරණය ප්‍රශ්න කරන්න පුළුවන් කාටද? කොහොමද එහෙම ප්‍රශ්න කරන්නේ. සිංහල ජාතිය වඳ වෙනව ඒ හන්ද ළමයි හදපල්ල කියන හොර ඝනයොත් ඉන්න රටක් මේක. උන් එනවද ඒ හදන ළමයින්ට කන්න බොන්න දෙන්න? ඔබතුමාගෙ මේ අදහස නිකමට කියවුන දෙයක් විදියටයි මම දකින්නෙ. හැබැයි මේ අදහස එකහෙළා විරුද්ධයි... with all due respect.

      Delete
    10. සජ්ජ කියන්න ඕන දේ නියමෙටම කියනව. ඕක මට ඔහොම ලුනු ඇඹුල් අච්චාරු ඇතුව කියන්න බෑ. සජ්ජගෙ ශෛලියට මම කැමති ඒකයි .හෙහ් හෙහ්
      ජාතීන් අනුව තරඟෙට ළමයි හැදුවොත් මහ විනාසයක් වෙන්නෙ. ඔය හොර ගනයො කියන විදියට කලානම් රට හිඟන්නන්ගෙ විමානයක් වෙයි. පාරට බැහැපු හැටියෙ මන්ද පෝශනය හැදුන පොඩි උන් වටකරගනියි හිඟමන් ඉල්ලල.

      මම ඉන්නෙ දරුවන් හදන එකට සීමාවක් දාන්න ඕන කියන තැන. කායික මානසික දුබලතා වලින් පෙළෙන ,අන්ත දරිශ්‍රතාවයෙන් පෙළෙන අයට දරුවන් බිහිකරන්න දෙන්න හොඳ නෑ. මොකද ඒ අයගෙන් බිහිවන්නෙ දුර්වල පරම්පරාවක්. ළමයි ගඟට මුදට දාන්නෙ ඒ අය. ඉතාම දරිද්‍ර පවුල්වල ළමයි දහය පහලොව ඉන්නව ඇයි උඹලට බැරි කියල බුකියෙ පෝස්ට් එකක් ශෙයා වුනා.මේ ළමයි හැමෝම හිගන්නො අපරාධකාරයො,අපචාර වලට ලක්වෙන අය .

      Delete
    11. රාජ්,
      ට්‍රැෆික් දඩවලින් බේරීම සඳහා මාරග නීති පිළිපැදීම හෝ සයිකලය දෝෂයෙන් තොරව නඩත්තුව අවශ්‍ය නොවේ.
      සමරසේකර ගේ උපදෙස නම් පන්සල් දේවාලේට පඬුරක් දමා ගමන් ඇරඹීමයි.

      දරුවන් සැදීමේදී ද පඬුරක් දමා පටන් ගන්න.



      Delete
    12. This comment has been removed by a blog administrator.

      Delete
    13. This comment has been removed by a blog administrator.

      Delete
    14. මං හිතන්නෙ සමරසේකර මහත්තය පට්ට ගැහීම අවශ්‍ය නෑ. සමරසේකරගෙ සාමාන්‍ය ස්ථාවරය අනුව ඔහු මා වෙනුවෙන් උපදෙසක් දුන්නෙ. ඒකෙ වරදක් මම දකින්නෙ නෑ. මොකද ඔහු මොකුත් අයහපත් දෙයක් ප්‍රාර්ථනා කරල නැති නිසා.
      දරුවන් හැදීම ගැන ඔහුගේ ස්ථාවරය ප්‍රශ්න කල හැකියි. ඒකෙ කිසි අවුලක් නෑ.

      Delete
    15. //අනිත් එක තමයි තමන් හදන දරුවන් ගැන තීරණය කරන්නේ ඒ අම්මයි තාත්තයි මිසක් පිට ඉන්න එවුන් නෙවෙයි//

      Delete
  3. ඒක නිසා අති පන්ඩිත වැඩ පැත්තක් තියලා අඩු ගන්නේ දරුවන් 4ක් වත් හදා ගනිං. එතකොට එකෙක් දෙන්නෙක් අප්සැට් ගැහුවත් වැඩිය ලොකු හානියක් වෙන්නේ නැහැ.

    තු නොදොකින් , මේවගේ ලියන නාකියොත් ඉන්නවනේ ! ගටවරයෙක් මෙහෙම කිව්වනම් කමක් නැ උට ජිවිතේ ගැන හරි අවබෝධයක් නැහැ කියලා සිතන්න පුළුවන් .

    ReplyDelete
    Replies
    1. මුගෙ වයස ඉස්මතු කරගෙන එන්නෙ හිතෙ පැහැවන ජාතිවාදය. දැන් ඔය කතාව රාජ්ට කියන්නෙ රාජ් "සිංහලයෙක්" නිසා මිසක රාජ්ට ආදරේකින් නෙවෙයි. රාජ් මුස්ලිම් හරි දෙමළ හරි වුණා නම් මූ මේ කතාව කියන්නෙ නැහැ. අමනුස්සයෙක්.

      Delete
    2. මං හිතන්නෙ සමරසේකර මහත්තය පට්ට ගැහීම අවශ්‍ය නෑ. සමරසේකරගෙ සාමාන්‍ය ස්ථාවරය අනුව ඔහු මා වෙනුවෙන් උපදෙසක් දුන්නෙ. ඒකෙ වරදක් මම දකින්නෙ නෑ. මොකද ඔහු මොකුත් අයහපත් දෙයක් ප්‍රාර්ථනා කරල නැති නිසා.
      දරුවන් හැදීම ගැන ඔහුගේ ස්ථාවරය ප්‍රශ්න කල හැකියි. ඒකෙ කිසි අවුලක් නෑ.

      Delete
    3. @සජ්ජා @ මධ්‍යස්ථ මතධාරියා
      උත්තර දෙන්න පරක්කු උනාට හේතුව නම් , ගෙදර හාල් ඉවර වෙලා තිබුන නිසා අද උදේ ඉඳලම මට බර වැඩ තිබීමයි. හාල් ඉවර වෙලා.කඩේට ගිහිල්ලා හාල් කිලෝ එකක් ගන්න සිරිතක් මට නැහැ. අවුරුද්ද පුරා පාරිභෝග කරන්න වී තියෙනවා. පසුගිය දිනවල වැස්ස නිසා වී කාමරේ තිබුන වී වලින් කොටසක් තෙත බරිත වෙලා. ඉස්සර වෙලාම වී වේලෙන්න දාල ඊට පස්සේ වෙලුනු වී මලු දෙකක් මෝලට ගෙන ගොස් අඹරලා ආපසු ගෙනාව. ගෙදර එන කොට දුවිල්ලෙන් හා දාඩියෙන් නැවිලා. අැඟ පත හෝදගෙන පරිගණකය ඉදිරියට පැමිණි විටයි ඔබේ උත්තර දැක්කෙ.
      රසිකොලොගිස්ට් ට මා උත්තර නොදෙන්න හිතා ගෙන ඉන්නෙ කාලයක ඉඳල. ඉඳලා. එ් ඔහු සහතික පත් ටිකක් තියෙන අයෙක් මිසක් උගතෙක් නොවන සදාකාලික හීනමානයෙන් පෙලෙන අයෙක් බව මට වැටහුණු නිසයි. හිනජන්මය නිසා වෙන හේතුවක් නිසා මිනිසුන් තුල හීනමානයක් ඇති වෙන එක ස්වාභාවික උනත්, උගතෙක් නම් කරන්නේ අධ්‍යාපනයක් ලැබුණු පසු ඒ හින මානය හදවතින් ඉවත් කර ගැනීමයි. අධ්‍යාපනයක් ලැබීම education යන්න educo කියන ලතින් වචනයෙන් ආපු දෙයක්. develop or draw out from within.ඒකෙ ආසන්නම තේරුම තම හදවත තුලින්ම එලියට ගනු ලබන වර්ධනයයි. එහෙම අධ්‍යාපනයක් නොලැබුන කෙනා විෂයන් ටිකක් ඉගෙන ගත්තාට ලැබෙන්නෙ සහතික ටිකක් විතරයි. එතකොට එයා මැට්ටෙක්. රසිකොලොගිස්ට් කියන්නෙ මෙහෙම හීනමානයක් තියෙන මැට්ටෙක්. මම මැට්ටන්ට උත්තර දෙන්න කාලය මිඩංගු කරන්නේ නැහැ.
      ඔබ දෙදෙනාම මගේ පළමු උත්තරය මැනවින් කියවා බලන්න. මා කියලා නැහැ රාජ්ගේ දරුවාට කිසිදු අනර්ථයක්. මා කියා ඇත්තේ ආර්ථික කරුණු මුල් කරගෙන දරුවන් සිමා කිරීම නුසුදුසු බවයි. ආර්ථික කරුණු ඉස්සරහට දමලා එක දරුවෙක් පමණක් න්‍යාය වැරදි බවයි මා කියා ඇත්තේ. එතැනට සෞඛ්‍ය ආදී අන් සාධක අනුව දරු උපත් සිමා නොකළ යුතු යයි මා කියා නැහැ. ඉපදීමට ඉන්නා දරුවාගේ අනාගතය කෙසේ වේදැයි අපි කාටවත් කියන්න බැහැ.අනුන් ගැන නිදර්ශන ඕනෑ තරම් තිබුනත් මා මා ගැනම කියා ඇති බවමෙන්ම එතැනදී හොඳ සහ නරක දෙකම කියා ඇති බව ඔබට හොඳින් පෙනෙන්නේ නැත්තේ මොකද? සජ්ජා කියන්න හදන දුක මට හොඳින් තෙරේ. ඒ වසර 25 කට පෙර මිය ගිය මල්ලි මා සෑමදාකම වාගේ අලුයම සිහි කරන නිසාය. සජ්ජා කියන අන්දමට මා දරුවන් රොත්තක් හදන්න කියා නැත. කියා ඇත්තේ අඩු ගන්නේ දරුවන් 4ක් හදා ගන්න ලෙසටයි.මගේ සහ පවුලේ සාමාජිකයන්ගේ කෙතරම් අඩුපාඩු තිබුනත් වැඩි දෙනා හොඳ අය නිසා වසර 35 කට පෙර මිය ගිය අපේ අම්මා වෙනුවෙන් අඛණ්ඩව වාර්ෂිකව දානමය පින්කම් කරන්න අපිට පුළුවන්කම ලැබිලා තියෙනවා. වසර 23කට පෙර මිය ගිය මල්ලිගෙත් වසර 17 කට මියගිය පියතුමාත් සිහි කිරීම එ පින්කමට එකතු කළා. ඒ ඒ වසරේ එකේ බරපැන මුලික ලෙස දරන්නේ ඒක කරන්න පුළුවන් කෙනයි.
      නමුත් අද රටේ තුන්මාසේ දානෙන් පසු නැවත මිය ගිය අය සිහිපත් නොකරන පවුල් සිටිනවා නේද. ඒකට හේතුව ලෙස මා දුටුවේ තනි හෝ සුළු දරුවන් පිරිසකගේ ආර්ථික ශක්තිය එයට හරස් කපනවා කියලයි. අනෙක් කරුණ භික්ෂුන් වහන්සේලාගේ ශිලය පරික්සා කිරීම මට අයත් කටයුත්තක් යයි මා කල්පනා කරන්නේ නැත. මා පරික්ෂා කරන්නේ මා ගැනම පමණි. ඔබට හොර ගණයන් සිහියට එන්නේ ඔබ තුල ශ්‍රද්ධාව නැති නිසාය. ඔබ හොර ගණයන් සාසනයෙන් ඉවත් කිරීමට මොකක් හරි වැඩ පිළිවෙලක් කර එ අනුව මත ඉදිරපත් කරනවාද?
      අන් කරුණු පැත්තකින් තියමු. අප සහෝදරයන් අතරේ හදිසි අවශ්‍යතා වලදී කොපමණ නම් අතමාරු සිදුවෙනවාද? කොපමණ නම් සම්පත් හුවමාරු වෙනවාද? ඔබ දෙදෙනාටම මේක තේරුම් ගන්න නම් අඩු තරමේ ඔබ දෙදෙනා තුල අවුරුදු 50 ක වත් ජිවිත අද්දැකීම තිබිය යූතුයි.

      සමරසේකර





      Delete
    4. සමරසේකර මහත්තයෝ, බල්ලන් සමග බුදියන්න නොයන්න. බැරිකම වහගන්න කුණුහරප කියන අවලම්මු සමග වාදයට නොයන්න. අවජාතකයන් සමග අදහස් හුවමාරු නොකරන්න. දරුවන් කීපදෙනෙක් සිටීමේ වටිනාකමත්, පවුල් කළමනාකරණයත් නොදන්නා අමනයන්ට කුද ගහගන්න කියන්න.

      Delete
    5. සමසේකර ලොක්කෝ ඔහෙට ඔය කියන අවුරුද්දක් පුරා කන්න වී තියෙන්නේ දෙමව්පිය උරුමෙන් ලැබුණ කුඹුරු නිසානේ ලන්කාවේ ඉන්න හැමෝටම කුඹුරු නැතිවගයක් ඔහේ දැනිලම නැද්ද ?එක එකාට ළමයි හදන්න කියන්න කලින් ඔය දැනට හදලා ඉන්න එවුන්ට අනාගතෙදිවත් හොදින් ඉන්න ජිවිතයක් සමාජයක් හදන්න විදිහක් හිතලා බලලා ලියලා කියාපන් ලොක්කෝ

      රසික ලොජිට තියන උගත් කම ඔසී රටේ ඉන්න සුද්දෝ දන්නා හින්දා තමයි දියුණු රටක් හැටිය පෙනී සිටින ඕස්ට්‍රේලියාව එවන් අයව ගෙන්වාගෙන රට දියුණුවෙන් දියුණුවට ගෙනියන්නේ. එහෙම නැතිව ඉතිහාසය/බුද්දගාමයි ගැන කියව ලියව ඉන්න උපාදිධාරින්ව ඒ වගේ රටවල් වලට වැද්ද ගන්න නැතිව ඉන්නේ එකයි උඹේ ඔය උගත්කම රෝල කරලා ගහ ගන් පුකේ
      සමරසේකර ලොක්කෝ ඔහේ ඉතිහාසයයි බුද්දගමයි ලොකු කරගෙන විකුණගෙන කාපන් ඔය හොර ගණයන්ට අවුරුදු 35-25 සිට දන්දෙන එක, එදා වෙලා හොයාගන්න දුක් විදින පවුලකට /ළමයකුට කන්න වේලක් /පොතක් පතක් වගේ දෙයක් අරගෙන දෙන්න බලාපන් ලොක්කෝ .මලගිය යට පින් දෙන්න ඕන නිසානේ ඔක කරන්නේ ඇයි ගණයන්ට කන්න දුන්නාම පින ඩබල් වෙනවද?

      Delete
    6. දැනුයි තේරුණේ. ඔය තෙමිච්චි හාල් කාලා තමයි උඹට නට් ලූස් වෙලා තියෙන්නෙ. මීට පස්සෙ කාගිල්ස් එකෙන් තෙමුණේ නැති හාල් අරගෙන උයලා කාපන්.

      Delete
    7. @ AnonymousNovember 24, 2015 at 6:52 AM

      මේ ඉන්නේ සිංහල බ්ලොග් අවකාශේ ඉන්න වසල කාලකන්නියා. දුලිප් සිකුරාජපති නොහොත් ඕනයා. රසිකට පුක දෙන්න සෑදී පැහැදී ඉන්නේ. ඌ උඹට ඔට්ටේලියාවේ ඉඳලා කීයක් හරි එවනවද මේ කමෙන්ට් දානවට ? උඹ කොහොමද පොල් බූරුවෝ දන්නේ ඒකා එහෙ කරන්නේ මොනවද කියලා? උඹ දන්නවද ඌ ගෑනිගේ පිහිටෙන් රට පැන්නේ කියලා. ලංකාවේ රස්සාවක් හොයා ගන්න බැරි උඹ වගේ එවුන්ට රසිකයා හරි ලොකු වුණාට අනිත් එවුන් පයිසෙකට වත් ගනන් ගන්නේ නෑ ඕයි.

      Delete
    8. AnonymousNovember 24, 2015 at 6:52 AM

      හි හි මට පුකෙන් හිනා උට කලින් යකෝ මම ඔට්ටේලියාවට ගියේ

      Delete
  4. Niwadu dawas wala wellata gos rawula bamen????

    Patta oyi. . :)

    ReplyDelete
  5. ///මත්පැන් පාවිච්චිය සීමා කිරීමට කටයුතු කරන අතර දුම්වැටි පාවිච්චිය නතර කිරීමට තීරණය කරමි.///

    බලධාරියාවිසින් කපා හරින ලදි . හැක හැක

    ReplyDelete
  6. / අත්‍යාවශ්‍ය සනීපාරක්ෂක පහසුකම් සඳහා වන වියදම් පමණක් දැරීමට සලකා බලන මෙන් ඉල්ලා සිටිමි. /

    / "පුංචි පවුල රත්තරං", "ගුණ නැන බෙලෙන් යුතු පුතුමය ඉතා ගරූ" වැනි සංකල්ප අනුව දැනට ඉන්නා එකා හොඳටම අැති බව යෝජනා කරන අතර /

    ඉහත පළමු යෝජනාවෙහි සඳහන් අත්‍යාවශ්‍ය වියදම් තවදුරටත් අඩුකරගැනීමේ ක්‍රියාමාර්ගයක් ලෙස දෙවන යෝජනාව ක්‍රියාත්මක කිරීම තාවකාලිකව කල්දමන ලෙස මම යෝජනා කරමි.

    / නිවාඩු දිනවල වැල්ලට ගොස් රැවුල කැපීමෙන් සතියේ මාළු අවශ්‍යතාවය සම්පූර්ණ කරගැනීමට කටයුතු කරමි. /

    නෝ අන්ඩර්ස්කර්ට්....ප්ලීස් එක්ස්ප්ලේන්....වැල්ලෙ ඉතුරු වෙච්චි මාලු අරං එනව කියලද මේ කියන්නෙ?

    ReplyDelete
    Replies
    1. උඹ මේක අහල නැද්ද? පුදුමයි!
      රැවුල කැපීම කියන්නෙ මාදැල ඇදීමට සපෝට් එක දී ලැබෙන මාළු පංගුව අරගැනීම. සාමාන්‍යයෙන් මාදැල අදිනකොට පිට ඉන්න අයටත් සහභාගී වෙන්න පුළුවන් රවී. දැල ඇදල ඉවර වෙලා, ඒකට උදව් කරන කස්ටියටත් මාළු කොටසක් වෙන් කරනව. ඔය වැඩේට කියන්නෙ රැවුල කපනව කියල. තංගල්ලෙ මාදැල අදින්නෙ ඔය හෝටල් තියන සයිඩ් එකේ.(උඹ දන්නෙ නැතුවැති ඒ පැත්ත) උදේ එකොලහට විතර, නැත්තං හවස හතර විතර වෙනකොට ඒ පැත්තෙ පාර අයිනෙ ඉන්නව මේ ලැබෙන මාළු ටික විකුණන බුවාල.
      තවත් කට්ටියක් ඉන්නව බෝට්ටු ආවම (ඒ කිව්වෙ බහුදින යාත්‍රා නෙවේ, දවසෙ බෝට්ටු) දැලෙන් මාළු ගලවන්න උදව් වෙන කට්ටියක්. දැල් බේරනව කියන්නෙ ඒකට. වෘත්තීය මට්ටමින්ම මේ දෙකම කරන අය කිහිප දෙනෙක් මේ පැත්තෙ ඉන්නව. දැල ඇදිල්ල වගේ නෙවේ දැල් බේරිල්ල ටිකක් අමාරුයි. මාළු දැලෙන් ගලවල ගන්න එක ටිකක් අමාරුයි. අත් තුවාල වෙන්න පුළුවන්. ඒකෙදිත් තියනව සමහර රීතීන්. මම දන්න විදියට දැලට අහුවෙන කකුළුවො එහෙම ගන්නෙ දැල් බේරන අය.

      Delete
    2. ඔය රැවුල කැපිල්ලේ කතාව මමත් ඇහුවමයි.තෑන්ක්ස් රාජ්.

      Delete
    3. යකෝ මාර රැවුල 'කැපිල්ලක්' නෙ ඒක.

      Delete
    4. දැන් රවියා ඒවිද දන්නේ නෑ ඒ වෙලාවට රැවුල කැපිල්ලට

      Delete
    5. මාත් ඔය රැවුල කැපීම ගැන ඇහුවමයි..

      Delete
    6. අපිනම් ඉතින් රැවුල කපලා මාළු ගෙනත් , මාළු ගෙන්න දීපු සල්ලි වලින් හවහට පිචර් බලපු එව්වොතමයි

      Delete
    7. ධිවර වරායට ගිහින් අදුනන බෝට්ටුවකින් මාලුවෙක් දෙන්නෙක් ගන්න එකාත් රැව්ල් කාරයා.. හැබෑට මුං මොනාද මන්දා අහල තියෙන්නේ.. හැක්.

      Delete
    8. රැවුල කපන කතාව ඇහුවෙ අදමයි ... හැබැයි ඔය වැඩේ නොකර වැල්ලේ නිකන් හිටියොත් කුණුහරුප අහගන්න වෙනව නේද??

      Delete
    9. රැවුල කපනවා කියන නම නම් දන්නෙ නෑ. දවසක් තාත්තයි මායි වෙරළට ගියවෙලේක තාත්තා කිව්වා එහෙම උදව් උනාම මාළු දෙනවා කියලා. මම හිතුවෙ බොරු කියලා. පස්සෙ බෝට්ටුවක් ගොඩට එද්දි එයා ගිහින් ඒක අදින්න උදව් කළා. මම හිටියා 'දැන් බැනුම් අහගෙන එයි' කියලා හිත හිත. පස්සෙ අපි මාළු ගන්න ගියාම ඒ මිනිස්සු සල්ලි භාගයයි ගත්තෙ උදව් උනා කියලා.

      haree

      Delete
    10. වැල්ලේ රැවුල කැපීමෙන් පවුල රැක ගත හැක.

      Delete
    11. This comment has been removed by a blog administrator.

      Delete
    12. //ඉහත පළමු යෝජනාවෙහි සඳහන් අත්‍යාවශ්‍ය වියදම් තවදුරටත් අඩුකරගැනීමේ ක්‍රියාමාර්ගයක් ලෙස දෙවන යෝජනාව ක්‍රියාත්මක කිරීම තාවකාලිකව කල්දමන ලෙස මම යෝජනා කරමි.//

      හොඳට හිටී!

      Delete
  7. රාජ්.................... පට්ට නිර්මාණය... දැන් ඉතින් අපිට මේ නාඩගං වලටත් රතු කොඩි පෙන්නන්න කාලේ හරි කියලයි අපිට හිතෙන්නේ......

    //විනෝද බද්ද ඉහලයාම හේතුවෙන් මත්පැන් පාවිච්චිය සීමා කිරීමට කටයුතු කරන අතර දුම්වැටි පාවිච්චිය නතර කිරීමට තීරණය කරමි.//

    මෙන්ඩෝ මේ ගැන ටිකක් බලන්න වෙනවා... විදානේ සාමාජිකයෙක් සීමා වෙන්නයි යන්නේ.... බේරගනිල්ලා....

    ReplyDelete
    Replies
    1. ඒ වෙනුවෙන් පොදු අරමුදලක් පිහිටුවිමට යෝජනා කරමි

      Delete
  8. මං අහපු බලපු කියවපු හොඳම අයවැය.. ටුමිය ඇක්සෙප්ට් කොලැයි ඉතිං

    ReplyDelete
  9. ක්‍රියාත්මක කරනවා නම් මරු...

    ReplyDelete
  10. ඉන්න නෑ මචෝ අර අවුරුදු තුනකට එහා වාහන වලට රුපියල්ම 15000 කුයි. දුම් පරීක්ෂනේට 5000 කුයි ගහලා...

    උඹලා පැත්තේ නැද්ද නිවාඩු දව්ස් වලට නවතින්න තැනක් ලාබෙට... මේ නිකං බින්න බහින්න වගේ...

    ReplyDelete
  11. රජයේ සේවකයෙකුගෙ ආදායම වැඩිවෙන්නෙ මොනතරම් සුළුවෙන්ද කියන එකත් වියදම් ඊට සාපේක්ෂව මොනතරම් වැඩිවෙනවද කියන එක පෙන්නල තියනව. දෙමළ අවුල නිසා අපට ඒකත් නෑ.
    අත්‍යවශ්‍ය භාන්ඩ කීපයක මිල අඩුවුනාට මිල වැඩිවෙන දේවල් කොයිතරම් නම් තියනවද .ඒ වගේම කම්කරු සහ ටෙක්නීෂියන්ස්ල වගෙ අයගෙ කුලීහදිසි වියදම් වගෙ ඒව.
    පට්ට නිර්මානයක් ස්තුතියි

    ReplyDelete
    Replies
    1. දෙමළ අවුල =- රජයේ සේවකයන්ගේ අනිවාර්ය දෙමළ භාෂා ප්‍රවීණතාව. මෙය සම්පූර්න කරන තුරු වැටුප් වර්ධක නැත.

      Delete
  12. ගරු කතානායක තුමියගේ වර්ඩික්ට් එකත් දාමුකො බලන්ට :-)

    ReplyDelete
  13. ගරු රාජ් ගෘහ මූලික තුමා. මේ යෝජනා වලට මගෙන් පිළිතුරක් බලාපොරොත්තු වන්නේ ඇයි දැයි මට නොතේරේ. පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව පාර්ලිමේන්තුව ඇමතීමේදී මා වෙත ඇමතිය යුතුවුනත්, ඉදිරිපත් කරන යෝජනා කිසිවක් මා අසා සිටින්නේ නැත. මට ඇහුනේ අපිට ලැබීමට තිබුණු ඩියුටි ෆ්‍රී වාහන පර්මිට් නවතා ඇතිබව පමණි. පාර්ලිමේතුවේදී රුපියල් කීපයකට බඩ කට පුරා රස මසවුල් අපිට ලැබෙන බැවින් ඔය මිල ගණන් පිලිබඳ අවබෝධයක් නොමැත. අනික කථානායක නිල නිවසේ සියළු වියදම් මහජනයා දරණ බැවින් ඒ පිලිබඳවද මට කීමට යමක් නොමැත.කමෙන්ට්කරුවන් කියා ඇතිපරිදි ලමයින් හැදීම හෝ නොහැදීම ඔබට අයත් දෙයකි. නොහදන්නේ නම් නොමිලේ ලබා දී ඇති අදාල කර්තව්‍ය කිරීමේ හැකියාව පාවිච්චි කිරීමේදී උපත්පාලන කොපු සඳහා යම් මුදලක් අය වැයෙන් සම්පාදනය කරන මෙන් යෝජනා කරමි. මීට කතානායක

    ReplyDelete
  14. අතර මැද ඉංගිරිසි වාක්‍ය දෙක තුනක් නැති නිසා කතානායකතුමියට අයවැය තේරුනාද දන්නේ නෑ

    ReplyDelete
  15. ගරු මුදල් අමාත්‍ය තුමනී, ඔබට පෙර මෙම තනතුර හෙබවූ චාම් සෑම් මුදල් අමාත්‍යවරයා සේවයෙන් පහකිරීම බරලතල වරදකි..

    ගරු අමාත්‍යතුමනි,, කාලෙකින් මෙවැනි විසිස්ට අයවැයක් දැකීමි..

    ReplyDelete
  16. වඩාත් සිත්ගත් යෝජනා දෙකක් :

    //විශේෂ අවස්ථාවලදී පමණක් ඔබේ අනුමැතියට යටත්ව භාගයක් දක්වා මත්පැන් ලබාගැනීමට අවසර ඉල්ලා සිටිමි. //

    //රූපලාවන්‍ය ඇඳුම් ආයිත්තම් වැනි සුකුරුත්තං වෙනුවෙන් වන වියදම සැලකිය යුතු මට්ටමකින් කපාදැමීමට සිදුවන බැව් කණගාටුවෙන් ප්‍රකාශ කරන අතර අත්‍යාවශ්‍ය සනීපාරක්ෂක පහසුකම් සඳහා වන වියදම් පමණක් දැරීමට සලකා බලන මෙන් ඉල්ලා සිටිමි. //

    ReplyDelete
  17. //මත්පැන් පාවිච්චිය සීමා කිරීමට කටයුතු කරන අතර දුම්වැටි පාවිච්චිය නතර කිරීමට තීරණය කරමි. එහෙත් විශේෂ අවස්ථාවලදී පමණක් ඔබේ අනුමැතියට යටත්ව භාගයක් දක්වා මත්පැන් ලබාගැනීමට අවසර ඉල්ලා සිටිමි.

    රූපලාවන්‍ය ඇඳුම් ආයිත්තම් වැනි සුකුරුත්තං වෙනුවෙන් වන වියදම සැලකිය යුතු මට්ටමකින් කපාදැමීමට සිදුවන බැව් කණගාටුවෙන් ප්‍රකාශ කරන අතර අත්‍යාවශ්‍ය සනීපාරක්ෂක පහසුකම් සඳහා වන වියදම් පමණක් දැරීමට සලකා බලන මෙන් ඉල්ලා සිටිමි//
    වෙන්නෙ නැති දේවලුත් තියෙනවලු!!

    ReplyDelete
  18. ඉස්තරං යෝජන ගොන්නක්...

    ජ ය වේ වා !!!

    ReplyDelete
  19. //සාලයා කරවල අඩුවිමේ වාසිය ලබාගනු වස් උම්බලකඩ පාවිච්චිය නතර කිරීමට යෝජනා කරන අතර කොලුවාගේ කෑම රුචිය වැඩිකිරීම පිණිස සාලයාගේ ගුණ දැක්වෙන පෝස්ටරයක් බිත්තියේ ඇලවීමට යෝජනා කරමි.//

    පට්ටයි මචං....මෙච්චර කාලෙකට උඹ ලියපු හොඳම පෝස්ට් එක.

    ReplyDelete
  20. මරු පොස්ට් එක.... සිරාවටම...

    ReplyDelete
  21. හෙහ් හෙහ් අය වැය තේරුනේ නෑ කියන උන්ට මේක බලන්න කිව්වා නම් හරි.. ඔක්කොම ටික පැහැදිලිව තියෙනවා හෙහ් හෙහ්..

    ReplyDelete
  22. කතානායකවරිය කතා නොකර සිටියොත් මුදල් ඇමති ගේ පැනඩෝල් වියදම අඩු නොවේද?

    ReplyDelete
  23. ගරු කතානායකතුමියනි, ඔබතුමියගෙන් මට ලැබුණු දෑවැද්ද හොඳටම මදි බව මතක් කරනු කැමැත්තෙමි. ඒ නිසා මින්පසු සාම වසරකම විවාහ සංවත්සරය පැවැත්වෙන දිනයේදී මට ලක්ෂ පහක දීමනාව ගෙවීමට අවශ්‍ය බව මම මේ ගරු පවුල් පාර්ලිමේන්තුවට යෝජනා කරමි.

    ReplyDelete
  24. පිස්සු හැදිලා සනීප වුණා යකෝ. මාධවී තාමත් හිනාවෙනවා.

    ReplyDelete
  25. රජයේ අයවැයට සමගාමී ව යතාර්ථවාදීව සැකැසූ අයවැයක් බැවින්.. මාගේ කුටුම්බයට ද සුළු සංශෝධන සහිතව මෙම අයවැය යෝජනා සුදුසු යැයි සිතමි..

    ReplyDelete
  26. මේක අයවැයක්ද ? මුදල් වර්ෂය විතරයි වෙනස්.හැමදාම එකම අයවැය මිසක් අලුත් එකක් ඉදිරිපත් කරන්න තාමත් මේ මුදල් ඇමතිතුමාට බැරි වෙලා තියෙනවා. අනිත් එක මේ යෝජනා ක්‍රියාත්මක කරන්න පුළුවන්ද ?අපි අභියෝග කරනවා පු;පුළුවන් නම් මුදල් ඇමතිතුමාගේ කුටුම්බයේ මේ යෝජනා ක්‍රියාත්මක කරලා පෙන්වන්න කියලා හිටං.
    එහෙම කරන්න බැරි නම් මුදල් ඇමති තුමාට කියන්න තියෙන්නේ ඔය ඇමතිකම ළමයෙකුට දෙන්න කියලායි.

    අනිත් දේ බලය තිබ්බාට මුදල් ඇමතිතුමාට මොළය නැහැ.අපිට මොළය තිබ්බට බලේ නැහැ.

    ReplyDelete
  27. නියම පොස්ට් එක, කාලෙකින් කියවපු නියම එකක් .
    එක නෙවෙයි

    //"ආරක්ෂාව" සඳහා වියදම් රහිත ක්‍රියාමාර්ග// කියන්නේ මොනවද? ;)

    ReplyDelete
    Replies
    1. ඕක හොඳට පැහැදිළි කරලා තියෙනවා කුරානයේ සහ ඒ ආශ්‍රිත අනිත් පොත් වල...

      කාන්තාව යනු පුරුෂයාගේ කෙත් බිමය. කෙත් බිමට ඕනෑ පැත්තකින් ඇතුළු වීමේ වරදක් නැත වගේ තේරුම් ඇති දේවල්...

      ඊට අමතරව යුද්ධයෙන් අල්ලා ගන්නා ලද ස්ත්‍රීන්ව(දකුණු අතට අයත් ස්ත්‍රීන්) පාවිච්චි කිරීමේ අවසරයද ඔවුන්ට ලබා දී තිබෙන අතර එයින් එම ස්ත්‍රීන් ගැබ් ගැනීම ඔවුනට ගැටළුවක් වී ඇති අවස්ථා වල ඔවුන් එයට පිළියම් අසනවා. පිළිතුර වී ඇත්තේ එවැනි විටෙක ශුක්‍රාණු පිටතට පහ කිරීම වරදක් නොවන බවය...

      Delete
  28. /"ආරක්ෂාව" සඳහා වියදම් රහිත ක්‍රියාමාර්ග /
    මේ ගැන මිඩ්වයිෆුත් කියනවා. "(යන්න කලිං ගැනීම)" කියලා වරහං ඇතුලෙ දැම්මනං ගොඩක් අයට තේරෙයි.

    දුම් පරීක්ෂණ ගාස්තු සහ ලයිසොං ගාස්තු ගැන මං නං ගන්න ඉන්න පියවර තමා, ගාන්ධි තුමා ගෙ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම හෙවත් සිවිල් නීති කඩ කිරීම. මේක දැනටම පොලිසියෙ උදවිය, මහජන නියෝජිතයන් සහ උවුන්ගෙ හෙංචයියන් ක්‍රියාත්මක කරන ජාතික ප්‍රතිපත්තියක්.

    ReplyDelete
  29. ලයිසන් නොකර පොලීසියෙන් දඩකමින් යතුරු පැදිය නඩත්තුකිරීම ගැන අදහස මොකක්ද?

    ReplyDelete
    Replies
    1. උඹේ ගොන්කම මිසක් වෙන මොකක්ද මචෝ

      Delete
  30. මේක සම්මත වෙයිද බං

    ReplyDelete
  31. මේක කියවපුවාම හිතට හැගීම් ගොඩක් ආවා. එකක් රජයේ සේවකයෙකු තමන් ඉදිරියේ තියෙන අභියෝගයට මුහුණ දෙන ආකාරය පිළිබඳව තමන් තුලින් ඉවත්ව හිතන්න ගන්න උත්සාහය. දෙක : එක පාරටම සිහියට අවේ රජයේ සේවකයෝ වෙච්ච මගේ දෙමව්පියන් දරුවන් පහක් පවුලක් පවත්වාගෙන ජීවිතය ගොඩ නගපු හැටි. මේ වගේ තත්වයක් තුල කෙතරම් ප්‍රවෙසමකින් ඉදිරියට තබන සෑම පියවරක්ම තබන්න වෙනවද කියන එක පැහැදිලි වෙනවා. නියමයි රාජ් !!!

    ReplyDelete
  32. බොහොම අගෙයි ... ආවේගෙන් උඩ පැන පැන ලියන්න ඕනෙ ටික ඊටත් වඩා රිදෙන්න පාඩුවේ කියලා තියෙනවා.මේ තමයි සැබෑ දක්ෂකම.
    ජයවේවා..!!

    ReplyDelete
  33. රාජ් අයියා පවුල් අයවැය පරතරය නම් වැඩි වගේ, අයියෝ රාජ්‍ය සේවය, මට නම් අවුරුද්දෙන් එපා උනා, අයියා මේක ප්‍රහසනයට ලිව්වත් රාජ්‍ය සේවකයෝ ගහන ගැට ටික හිතා ගන්න පුළුවන්. ජය,

    ReplyDelete
  34. පට්ට පෝස්ට් එක මචං...

    ///විනෝද බද්ද ඉහලයාම හේතුවෙන් මත්පැන් පාවිච්චිය සීමා කිරීමට කටයුතු කරන අතර දුම්වැටි පාවිච්චිය නතර කිරීමට තීරණය කරමි. එහෙත් විශේෂ අවස්ථාවලදී පමණක් ඔබේ අනුමැතියට යටත්ව භාගයක් දක්වා මත්පැන් ලබාගැනීමට අවසර ඉල්ලා සිටිමි. ///

    මේක යෝජනාවක් විදිහට ඉදිරිපත් කලේ නැතත් හොරෙන්ම ක්‍රියාත්මක කරන්න පුළුවන්ද කියල ට්‍රයි කරලා බලන්න ඕනේ...

    ///☻ ගරු කතානායකතුමියනි, රූපලාවන්‍ය ඇඳුම් ආයිත්තම් වැනි සුකුරුත්තං වෙනුවෙන් වන වියදම සැලකිය යුතු මට්ටමකින් කපාදැමීමට සිදුවන බැව් කණගාටුවෙන් ප්‍රකාශ කරන අතර අත්‍යාවශ්‍ය සනීපාරක්ෂක පහසුකම් සඳහා වන වියදම් පමණක් දැරීමට සලකා බලන මෙන් ඉල්ලා සිටිමි. ///

    මේ යෝජනාව අපේ ගෙදර අයවැයේදී නම් ඉදිරිපත් කරන්නවත් ලැබෙන එකක් නැහැ...

    ReplyDelete
  35. aluth blog akak mamth haduwa podi sahayogayak on..
    http//newsinhalife.blogspot.com

    ReplyDelete
  36. This comment has been removed by the author.

    ReplyDelete
  37. රැව්ල කපන්නේ ආයේ මොකටැයි, බ්ලේඩ් තලේත් සල්ලිත් ඉතුරු නොකර​......

    ඔව්...ඔව්...කතානායක තුමනි...වඩා ප්‍රායෝගිව දැනෙන නිසා මමත් මේ රාජ්වම අනුගමනය කරන්න ඉටා ගතිමි. අමතරව, ​මම පෞද්ගලිකව මුහුන දෙන්න වෙන ආර්තික අවපාතයක් ගැනත් පහතින් සඳහන් කර, හැකි නම් අයවැය යෝජනාවට එයද එකතු කර ගන්නා ලෙස ගරු මුදල් ඇමැති රාජ් තුමාගෙන් ඉල්ලා සිටිමි.

    අරව පැකට් එකක් 50ක් වෙච්චි එකේ මාසෙට සැරයක් ලෙස අඩු කරගෙන පැකට් එක මාස 3කට පාවිච්චි කරන බවට මා අමතරව​ යෝජනා කරන අතර​ හදිසි අවස්තාවක් ඇතිවු වුනොත් විකල්ප ක්‍රමවේදයක් භාවිතා කරන බවද කියා සිටිමි. ගඟක් පිටාර ගලල හදිසි ආපදාවක් ඇති වුනා කියලා සමස්ත ආර්තිකයටම එය බලපාන එකක් නෑනේ කතානායක තුමනි.

    ReplyDelete