Tuesday, November 3, 2015

සොෆ්ට්ලොජික් අකරුණාව අබාන්ස් කරුණාව හා රග්බි ලෝක කුසලාන පසු කතා.

රග්බි ගැන ලිවිල්ල නැවැත්තුව ගිය පෝස්ටුවෙන්. හතරක් පහක් ලියුව හින්දත් කස්ටිය වැඩිය කැමති නැති නිසාත් ෆයිනල් එක ගැන නොලිය ඉන්නයි කල්පනා කලේ. මේ වගේ හුඟ දෙනෙක් අකමැති මාතෘකා ගැන දිගින් දිගටම ලියද්දි කියවන්නන්ට කේන්ති යනව. මට මතකයි ඒ දවස්වල කතන්දරකාරයා අපේ දැඩි විරෝධතා මැද්දෙ, සාහිත්‍ය මාසෙත් පැනල කයි කතන්දර ලියපු හැටි.
රග්බි ගැන ලියන්න හිතුනෙ ඒක මගේ කැමතිම ක්‍රීඩාව නිසා. අවුරුදු දෙකක‍ට විතර කලින් දුර ඥ‍ාතියෙකුගෙ ගෙදරදි රග්බි බෝලයක් දැක්ක මිසක් ජීවිතේට රග්බි ගහලවත් නැති එකෙක් තමයි මම. රග්බි ගැන උනන්දුව ඇතිවුනේ මෙහේ තියන සිංගර් සෙවන්ස් තරගාවලිය ටීවී එකෙන් බලලයි. රජ පුතාල ඒ දවස්වල ඕක ටිකක් වෙනස් කරල ගත්තත් දැං නං ඒ තරගාවලිය නැහැ මං හිතන්නෙ. ඊට පස්සෙ රග්බි නීති රීති එහෙම හොයල බලල ගනගත්තම තමයි මේක ප්‍රියතම ක්‍රීඩාව වුනේ.

පහුගිය ලිපියෙදි මුනගැහුන යහපත් ඇනෝ ඇරුනම රග්බි උන තියන අය බ්ලොග් කියවන්නන් අතරෙ නැති බව තමයි පේන්න තිබුනෙ. රග්බි ලෝක කුසලාන අවසන් තරගය ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ. නවසීලන්තය දිනුව, සොනිබිල් විලියම්ස් පදක්කම ළමයෙකුට දුන්න (ඒක තමයි වැඩිපුර කතාබහ වුනේ). රග්බි ලෝක කුසලානය ගැන මම කියපු අනාවැකි හතරක් හරිගියා. ශූරයෝ, අවසන් තරගයට ක්‍රීඩා කරන කණ්ඩායම් දෙක, අවසන් කණ්ඩායම් අට, ඒ ඒ කාණ්ඩ වල ප්‍රසාද ලකුණු අනුව අනුපිලිවෙලින් මුල් ස්ථාන දෙක.
රයිට් රග්බි ගැන ඒ ඇති.

රග්බි ලෝක කුසලානය තියන දවස් මට සෑහෙන්න අපලයි. මොකක් හෝ හේතුවක් නිසා තරගාවලිය මිස් වෙනව. 2003දි අම්ම ඉස්පිරිතාලෙ නැවැත්තුව, 2007දි මම ඇක්සිඩන්ට් වෙලා ඉස්පිරිතාලෙ ඇඳේ. 2011ත් මොකද්දෝ උනා. නැවත විකාශයන් තමයි සමහර තරග බැලුවෙ. මේ සැරේ ටීවී එක වැඩකරන්නෙ නැතුව ගියා. නමුත් මේ සැරේ කොහොම හරි බලනව කියල ගියා ටීවී එකක් අලුතෙන් අරගෙනම බලන්න. නෝනයි මම පුත්‍රයයි ටවුම පුරාම ඇවිදල තෝරගත්ත සොෆ්ට්ලොජික් එකේ තිබුන පැනසොනික් ටීවී එක. ගෙවීමේ ක්‍රමයට ගන්නයි සූදානම. රජයේ සේවයේ සිටින එක ඇපකාරයෙක් ඇති කියලයි කිවුවෙ. ටීවී එක ගැනීමේ අදහසින්ම දෙවැනි වතාවට සොෆ්ට්ලොජික් එකට ගිහිල්ල නෝන ඇපකාරය කරල මගේ නමට ටීවී එක ගන්නයි ලැහැස්තිය. නමුත් පොඩි අවුලක් හැදුන. සංවාදෙ මෙහෙමයි,

"මෙන්න මගේ අයිඩී කොපිය, මෙන්න ඇපනකාරයගෙ අඩිඩී කොපිය, අපිට අර ටීවී එක දෙන්න......" සොෆ්ට්ලොජික් කඩේ හිටපු කොලුවට හැඳුණුම්පත් දෙන ගමන් මම කිව්ව.

"සර්.... මේ නෝනද?"

"ඔව්"

"මේකයි සර්..... නෝන නං ඇපවෙලා හරියන්නෙ නෑ..... කම්පැනියෙන් එපා කියනවනෙ"

"මේ නෝන තමයි, හැබැයි ඔහේල දන්නෙ නෑනේ මෙයා නෝන කියල.... මොකෝ කසාද සහතික ඉල්ලන්නෙ නෑ නේද?"

"පොඩ්ඩක් ඉන්න සර්....." කොල්ල එතන ඉඳපු ගැණු ලමයෙකුට විස්තරේ කියල එයාලගෙ "සර්ට" කෝල් එකක් ගත්ත. නමුත් ප්‍රතිචාරය අයහපත්.

"ඔයාලට ඇපකාරයො ඕන වෙන්නෙ කම්පැනියට යවන්න නං එයාල කොහොමද දන්නෙ අපි නෝනයි මහත්තයයි කියල? ගෙදරට එනවද එයාල බලන්න?"

"ඔව් සර්..... ගෙදරට එනව බලන්න...." ඒක බොරුවක් කියල අමුතුවෙන් කියන්න ඕන නෑනෙ. ඒ ගමන එයාලගෙ ටීවී එක එයාලටම තියාගන්න කියල ගියා දෙවැනි ඔප්ෂන් එක වෙච්ච අබාන්ස් එකට, එල්ජී ටීවී එකක් ගන්න. විස්තරේ කිව්වම අපේ අයිඩී කොපි දෙක අරගෙන ටීවී එක ගෙනියන්න කිව්ව. ටීවී දෙන තැන්වල පරණ ටීවී එකක් දුන්නම ගානක් අඩුකරනවනෙ, අබාන්ස් එකේ ලොක්ක අපට යෝජනාවක් කලා.

"ඔයාල ටීවී එක ගෙනියන්න.... බිලයි වොරන්ටි කාඩ් එකයි අපි තියාගන්නං.... පරණ ටීවී කෑල්ලක් ගෙනත් දෙන්න.... අපරාදෙනෙ අඩුකරන ගාන නැතිවුනොත්...."

සතියක් දෙකක් ගිහිල්ලත් පරණ ටීවී එකක් හොයාගන්න බැරිවුන නිසා පහුගිය පඩි දවසෙම ගියා වාරිකයත් ගෙවල පරණ ටීවී එකක් හොයාගන්න බැරිවීම ගැනත් කියන්න.

"මහත්තය මම ‍ආවෙ අර ටීවී එකේ වාරකේ ගෙවල යන්න.... පරණ ටීවී එකක් හොයාගන්නත් බැරිවුනා.... ඒ නිසා ඒ ගණනත් ගෙවල දාන්නං නේද...."

"බැරිද මොකක් හරි හොයාගන්න.... මොකක් හරි කෑල්ලක් ගෙනත් දෙන්න.... අපරාදෙනෙ.... ඔය වීවී හදන තැනකට ගියාම රුපියල් පන්සීයක් විතර දීල ගන්න පුළුවන්"

බිලයි වොරන්ටි කාඩ් එකයිත් මට ලැබුන. ටීවී එකකුත් හොයාගත්ත කියල ගෙදරින් පනිවිඩයක් ලැබුන. අද ඒ ගණුදෙනුව අවසන් කරන්න හිතාගෙන ඉන්නව.

74 comments:

  1. අබාන්ස් එකේ කස්ටමර් සර්විස් හොඳයි. හැබැයි එල් ජී නම් එච්චර හොඳ බ්‍රෑන්ඩ් එකක් නෙවෙයි. වඩා හොඳනෙ රාජ් සෝනි මැලේසියන් එකක් ගත්තනම්? මොකද, අපේ යාළුවෙක් ඉන්නව ඔය ඉලෙක්ට්‍රොනික් ෆීල්ඩ් එකේ. පොර කියන්නෙ, ලංකාවට එන ගොඩක් ටීවී වොරන්ටි කාලෙන් එහාට වැඩ කරන්නෙ කලාතුරකින් කියලා.

    මං නම් ගෙදර හයි කරල තියෙන්නෙ සෙකන්ඩ් හෑන්ඩ් එල්සීඩී මොනිටරේකට ටීවී කොම්බො එක දාලා. ඒක කෑම කාමරේ බිත්තියක හයිකරල තියෙන්නෙ, කන ගමං ටීවී බලන්න. මුළු වැඩේටම ගියෙ රු. 12,000/- ක් විතර. (ටීවී වෝල් මවුන්ට් එකටත් එක්ක)

    මං ඉලෙක්ට්‍රොනික් බඩුවක් ගන්න යන්නෙ ක්‍රවුන් එකට. ජපානෙ පාවිච්චි කරපු බඩු. හැබැයි කල්පැවැත්ම හොඳයි. ක්‍රෙඩිට් කාඩ් එකට වාරික ගෙවන්න ගන්නත් පුළුවං.

    ReplyDelete
    Replies
    1. එහෙමද! එල්ජී සෑහෙන්න කලක් පාවිච්චි කල නිසා ඔන්නොහෙ ගත්ත බං. ඕවයෙ හොඳ නරක හොයන්න ගියාම පිස්සු හැදෙනව.

      කොම්බො එකක් මාත් පාවිච්චි කලා. නමුත් හොඳ කොලිටියට ටීවී බලන්න නං පුළුවන්කමක් තිබුනෙ නෑ.

      Delete
    2. අපේ උන්දගෙයි මගෙයි නිදන කාමරේ තියෙන්නෙත් LCD මොනිටරේකට කොම්බෝ බොක්ස් එකක් දාලා. සබ් වූෆරයක් සහිත ස්ටීරියෝ ස්පීකර් දෙකක් දාලා. මල් හතයි.

      LG වල මූලාරම්භය USA. ඒ කාලේ නම Gold Star පස්සේ තමයි Life is Good = LG වුණේ. ඇමරිකාවේ හෝ බටහිර යුරෝපීය රටක හෝ දකුණු කොරියාවේ හදන LG හොඳයි. චීන හෝ සිංගප්පූරු ඒවා ප්‍රමිතියෙන් බාලයි.

      මගේ ළඟ තියෙන්නේ 2000 දී ගත්ත CRT තිරය සහිත LG එකක්. අද දක්වා හොඳින් වැඩ. හැබැයි මම මාස 6 කට පමණ වරක් ගලවා, සේවා කරනවා.

      Delete
    3. LG හොදයි මොන බොරුද හොද නෑ කියන ඒවා

      Delete
    4. LG මොකෝ බං නරක? අපි අපේ Goldstar ෆ්‍රිජ් එක ගත්තේ 1995දි. ඔය ලිබර්ටි ප්ලාසා අබාන්ස් ෂෝරූම් එකෙන්. ගෙදෙට්ටම ගෙනත් දුන්නා. අදත් වැඩ. ඒකම තමයි පස්සෙ Lucky Goldstar කියලා නම වෙනස් කලේ. මම නම් කැමති බඩුවර්ගයක්.

      Delete
    5. කොම්බෝ බොක්ස් තියෙනවා LCD වලටම හදපු එකක්. ඒක හොදයි. හොද පැහැදිලියි.

      Delete
    6. මම කොළඹ ඉන්න කාලෙ 2007 වර්ල්ඩ් කප් එක බලන්නම ගත්ත කොම්බො බොක්ස් එකක්. ඒක රුපියල් පන්දාහක් විතරවුනා මතක විදියට. නමුත් සාමාන්‍ය කොලිටියවත් තිබුනෙ නෑ. හැබැයි රුපියල් අටදාහක වගේ හුදලටත් එකක් තිබුන මතකයි

      Delete
    7. LG ඉස්සර එව්ව තරම් දැන් හොඳ නෑලු. ඒ කෙසේ වෙතත් ඉලෙක්ට්‍රොනික් බඩු කෝකත් ෂුවර් නෑ. ඒවා වල පැවැත්ම රඳා පවතින්නේ ගන්න එකාගේ වාසනාව උඩ. සමහර වෙළාවට චීන බඩු පට්ට ගහන්න පුළුවන් පදම් උනොත්, ජර්මන් එව්වා උනත් සතියෙන් කැඩෙනව. මේ ලඟදි වෝටර් ප්‍රෙෂර් ගන් එකක් ගත්ත "කාචර්" . හොඳම ජර්මන් බ්‍රෑන්ඩ් එකක් නිසා. ගෙනත් මාසෙන් කැඩුන. උඩහ ගෙදර එකා චීන එකක් ගෙනාව. අපූරුවට වැඩ...

      Delete
    8. අඩෝ මේ LG වලට මොකුත් කියන්න එන්න එපා. හොඳට තිබ්බ කාලෙ සිංගර් ගත්තට දැං අපේ ගෙදර තියෙන වැඩි හරියක් ඒව LG

      Delete
  2. එතකොට වැඩකරන්නෙ නැතුව ගිය ටීවී එක. ඒක නෙමෙයිද ගෙනත් දෙන්න කිව්වෙ?

    ReplyDelete
    Replies
    1. ඒකෙ පොඩි ලෙඩක් තිබුනෙ. ඒක දෙන එක අපරාදෙ නිසයි එහෙම කලේ. ඒක වෙන කෙනෙකුට දුන්න හදාගන්න.

      Delete
  3. ඒකනේ මම ටිවි එකක් ගන්නෙ නැත්තෙ..

    ReplyDelete
    Replies
    1. හැක්! උඹේ කතාවක් දැක්ක බුකියෙ ශෙයා වෙනව...... මොකක්ද කියලයි මං කල්පනා කලේ.

      Delete
    2. ගිය පාර උඔගේ පොස්ට් එකට ඉන්දියාව දිනයි කියලා කමෙන්ට් එකක් දාපු නිසා මම හිතුවා තරහා වෙලද කියලා?

      Delete
  4. රගර් ෆයිනල්ස් ලියනවට වඩා මේ කතාව හොඳයි බං.

    ReplyDelete
    Replies
    1. උඹ ඉතිං ලේසියෙං සෑහීමකට පත්කරන්න බැරි එකා නෙව.

      Delete
  5. රගර් වලට වඩා මේක නම් හොඳයි...

    අර මනුස්සයා ගෝල්ඩ් මෙඩල් එක ළමයෙකුට දුන්නේ අපේ එකෙක් ඒ වෙලාවේ පිට්ටනියේ ඉඳල කිව්වද දන්නේ නැහැ "ඔය මෙඩල් එක ළමයෙකුට දීපං..." කියලවත් කිව්වද දන්නේ නැහැ... හෙහ් හෙහ්...

    ReplyDelete
    Replies
    1. එහෙමත් වෙන්න පුළුවන්.
      "සොනී...... ඔය මෙඩල් එක දීපං ළමේකුට......"

      Delete
  6. රාජ් මටනම් සොෆ්ට්ලොජික් එකෙන් සෙටප් එකක් දුන්න. හැබැයි ඔය කියන රාජ්‍ය සේවක ඇපකරු ඕන උනේ නෑ. ඇපකාරය උනෙත් මස්සිනා. මගේ දැනීමේ තරමට LCD, LED TV හොඳ නෑ. උපරිම අව්රුදු 4ක් විතර බලන්න පුලුවන් කියල මම අහල තියෙන්නෙ. ජපන් ඒවනම් හොඳ ඇති. අබාන්ස් එකේ මට තියෙන්නෙ හොඳ හැඟීමක් නෙවෙයි. ඒ කියන්නේ ලැප්ටොප් වගේ වොරන්ටි පීරියඩ් එකේදි හදන්න දුන්නම සෑහෙන්න කාලයක් යනව ආපහු දෙන්න.

    ReplyDelete
    Replies
    1. මාත් එල්ඊඩී ගත්තෙ නමුත් කල් පැවැත්මක් නං නෑ තමයි. අනේ මංද ඉතිං මේ මගුල් ඉස්සර ටීවී වගේ පරම්පරාවක් බලන්න බෑ තමයි.

      Delete
    2. මේක කියවලා බලන්න

      http://ccm.net/faq/10203-how-long-will-your-lcd-led-tv-last

      Delete
    3. ස්තුතියි ඇනෝ.
      ඔය කාලය බලන්න පුළුවන් නං ඉතිං ගොඩ. අනිත් ක්‍රියාමාර්ග නං සැනටම අරගෙන තියෙන්නෙ. මොකද වාරිකය ගෙවනකං වත් බලන්න එපැයි

      Delete
  7. මට නං ඔය ටීවී ගැන එච්චර ආසාවක් නැහැ. ඒ උනත් දැන ගත්ත එක හොදා. ඔතන තිායනනෙ මං හිතනනේ පුද්ගලික මත පිලිපද ප්‍රශ්නයක්.. අඩෝ ව් මේ අපෙන් බඩු ගනන් ඇවිත් නිති කතා කරන්න එපා හරිද?? හැක්..

    රග්බි බොලේ ගැන මට උනන්දුව ආවේ ඔස්ටරේලියන් පුට්බෝල් බලලයි. ඒ දවස් වල එම්ටීවී චැනල් එකේ ගියායින් මට ආසා හිතුනා. ඒත් ක්‍රිකට් තරං රග්බි වලට උනන්දුවක් ඇත්තෙම නැහැ. ජෝනා ලොමු හිටපු වතාවක නං වර්ඩ් කප් එක බැලුවා.. උඹ කිව්ව අනාවැකි හරියට හරි නේ බං..

    දැං උඹ අලුතින් තැනකට යන කොට අපිට දෙන පාටිය මොකක්ද??

    ReplyDelete
    Replies
    1. උන්ගෙ තර්කය තේරුමක් නැති එකක්නේ. හොඳයි අපි වෙන වෙනම ආව නං උන් කොහොමද දන්නෙ අපි ගෑනියි මිනිහයි කියල!

      පාටියක් දෙන්නං මේ පැත්තෙ වරෙංකො.

      Delete
    2. ඒකනේ අවංක වෙන්න ගියාම තියෙන කරදරේ නෙහ්. හැක්

      Delete
    3. දේශක යා " රග්බි බොලේ ගැන මට උනන්දුව ආවේ ඔස්ටරේලියන් පුට්බෝල් බලලයි "

      ඔබ මෙයින් අදහස් කරන්නේ කුමන ක්‍රීඩාවද

      ඔසී රුල් ද එහෙමත් නැතිනම් ඔස්ට්‍ර්ලියන් රග්බි ලිග් තරඟද
      ඔසී රුල් ක්‍රීඩාව කරන්නේ ක්‍රිකට් ක්‍රීඩා කරන සමාන ක්‍රීඩා පිටිවල ය . ගැන්ඩ් ෆයිනල් ගේම් එක ගහන්නේ MCG මෙල්බෝන් ක්‍රිකට් ක්‍රීඩාංගනයේ ය .රග්බි ක්‍රීඩාවේ හා ඔසී රුල් ක්‍රීඩාව පන්දුව ඇතුළු තරඟ නීති සපුරාම වෙනස්ය. මෙය වික්ටෝටියා ප්‍රාන්තයේ ඉතාම ජනප්‍රිය යි

      රග්බි ලිග් ක්‍රීඩාව ක්‍රීඩා කරන්නේ රග්බි යුනියන් ක්‍රීඩා කරන ක්‍රීඩාංගන වලයි [බොහෝ දුරට ] ක්‍රීඩකයන් 13 දෙනෙකු එක කණ්ඩායමකට අයත් වේ මෙමෙ ක්‍රීඩාවේ blind side flanker (6) and open side flanker (7) වශයෙන් ක්‍රීඩකන් දෙදෙනෙකු නොමැත [රග්බි යුනියන් ක්‍රීඩාවට සමානව]
      මෙහි ක්‍රීඩා පිටි සලකුණු ඉරි ඇදී ඇති ආකාරය ද වෙනස්ය නීති රිරිතිද වෙනස්ය [රග්බි යුනියන් ක්‍රීඩාවට සමානව] නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ජනප්‍රිය ක්‍රීඩාවකි .

      Delete
    4. ඔසී රුල් ගැන නං අහලම නෑ. ලීග් නං පහුගිය කාලෙ සීඑස්එන් එකේ දුන්න. හැබැයි "මෝල්" එහෙම නැති නිසා කිසි ගතියක් නෑ.

      Delete
    5. ඔසී රූල් තමා මිත්‍රයා.. මටත් දැං ඒ හැටි මතකයක් නැහැ.. ඔබ කිව්වම මම විකි එකේ ගිහින් බැලුවා. හරි මම කියනනේ ඒ ගැන තමා.. ස්තුතියි දැනුවත් කිරීමට

      Delete
    6. Ausi Rules is the game which cricketers used to play in the off season. They played it on the same ground, during winter (to keep fit etc) but eventually it has developed into a game by it's own.

      Then in Ireland there is Gaelic football which is bit similar, and they have international rules football, which is a compromise between Gaelic football and Australian rules football. They play a test series with australia annually

      Delete
  8. රාජ්, මට අබාන්ස් කොම්පැනියේ අයිති කාරයන්ව දන්නවා. බොහොම යහපත් මිනිස්සු. සොෆ්ට්ලොගික් එකේ අයිති කට්ටිය ගැණත් දන්නවා. ඒ ගැන යමක් කියන්නේ නැහැ. එල් ජී කියන්නේ හොඳ කොරියන් බ්‍රෑන්ඩ් එකක්. ඒ ගොල්ලන්ගෙ සර්විස් එකේ කිසිම ප්‍රශ්ණයක් නැහැ. එල් ජී බඩු ඇමෙරිකාවෙත් විකුණනවා. රග්බි ගැන , දැනට සුමාන දෙකක ඉඳන් නවසීලන්තය දිනන බවට මම කිව්වා මතක ඇතැයි සිතමි. නවසීලන්ත රග්බි කණ්ඩායම පසුගිය අවුරුදු හතරේදී තරඟ සියයකින් විතර පරාද වී තිබුණේ තරඟ හතරයි. කාලයක් එම රටේ ජීවත් උණ කෙනෙක් හැටිය මම දන්නවා ඒ ගොල්ලන්ගේ හැකියාවන් ගැන. විලියම්ස් ඔහුගේ පදක්කම කුඩා ලමයෙකුට දීමෙන් පෙනුනේ නවසීලන්ත ජාතිකයින්ගේ තියෙන නිහතමානී කම. මට ඒ වගේ අත්දැකීම් ගොඩක් තියෙනවා. ඔස්ට්‍රේලියානුවන්ට වඩා ගොඩක් හොඳ ජාතියක් තමයි නවසීලන්ත ජාතිකයින්.

    ReplyDelete
    Replies
    1. කිවියන් පොදුවේ යහපත් මිනිස්සු බව පේනව ක්‍රිකට් අරගෙන බැලුවත්. එයාල අංක එකේ ඉන්නෙ අවුරුදු දහයක විතර ඉඳල. ෆයිනල් එකට ඔසියො නැතිව සෆ්ෆො ආවනං මීට වැඩිය තරගයක් බලන්න තිබුන මට පේන විදියට. ටීවීඑක අවුරුදු හතරක්වත් බැලුවොත් මදෑ!

      Delete
  9. Rugby gena unanduwa nathuwa neweyi.. welada gena prashnayak.. final eka witharak baluwa.. :)

    ReplyDelete
  10. ඇපකාරයෙක් නැතිව ගෙවන්ඩ ගන්න පුලුවන් තැන් තියනව , කම්පනි ගානට වඩා අඩුවෙන් දෙනව වොරන්ටිය එක්කම . ඒ වගේ එකම තැනකින් බඩු ගද්දි තමන්ට කැමති බ්‍රෑන්ඩ් එකක් ගන්නත් පුලුවන පොලියක් නැතිව.
    පොඩ්ඩක් හොයල බැලුවොත් ඒ වගේ තැන් ඇති. මගෙ TV එක වොරන්ටිය තියන වෙලාවෙ කැඩිල , උන් ඇවිත් අරන් ගිහින් හදල ගෙනත් දුන්න ඉක්මනින්ම.

    ReplyDelete
    Replies
    1. ගම්පහ තියනව සේනාධීර මල්ටි ට්‍රේඩර්ස් කියල ,තවත් දෙක තුනක් තියනව හැබැයි ඒවයින් මම බඩු අරගෙන නෑ.

      Delete
  11. මගේ ප්‍රියතම ක්‍රීඩcඅක් උන රගර් එපා කොලේ රාජපක්ෂ පුත්තු... කොමෙන්ට් නොකරට උඹේ ඔක්කොම පෝස්ට් කියෙව්වා... කොහොමත් ඒක ඕල් බ්ලැක්ස්ලා ගහනවා... හැබයි සෙකන්ඩ් හාව් පට්ට ගේමල් තිබ්බා..

    අරූට තව ගෝල්ඩ් මෙඩල් එකක් හම්බ වෙනවලු.. මාර මිනිස්සු බං

    ReplyDelete
  12. අපේ අය රග්බි ගැන උනන්දු නැත්තේ එහි ඇති නීති රීති /තරඟතීරණ තේරුම් ගන්න අපහසු නිසා වෙන්න ඇති

    මම 80 /81/82 විද්‍යාලිය දෙවන පෙළ සහ පලමු පෙළ XV කණ්ඩායමේ ක්‍රීඩකයකු [වින්ගර්] වශයෙන් ක්‍රීඩා කළ නිසා ක්‍රිකට් වලට වඩා රග්බි යුනියන් ගේම් එකට කැමතියි. ඒ ගැන පොඩි පපුරුද්දකුත් තියන නිසා වොලබිස් ලා ගේ ක්‍රීඩා තරඟ සජීවීව නිත ර බලන්න නිසාත් ය එය මගේ ප්‍රියතම ක්‍රීඩාවයි

    මෙම ෆයිනල් ගේම් එකේදී එක අවස්ථාවකදී [9/3 ] කිවියෝ අතින් ෆෝවඩ් පාස් එකක් ගියා එය පැහැදිලි ටි වී එකේ පෙනුනා නමුත් රෙෆ්රිට එක මිස් වුනා නමුත් අනිවාර්යෙන්ම එක පැහැදිලිවම ලයින්ස් මන්ට එක පෙනෙනවා ඔහු එක රෙෆ්ට් කියන්න්නෙත් නැ එම අවස්තාව මත ටික වේලාවකින් වොලබිස් අතින් පැනල්ටියක් යනවා කිලිවියන් 12/3 පෙරමුණ ගන්නවා .නමුත් මාදන්නේ නැ ඔබලා මෙය ජජ් කලාද කියලා

    17/3 පසු යෙලෝ කාඩ් එකේ පිහිටෙන් ක්‍රීඩකයෙකු එලියට ගිය පසු[ Ben Smith’s yellow card] වොලබිස් ලා එයින් උපරිමය ප්‍රයෝජනය ගෙන නැවත ක්‍රීඩාවට තරග කාරිත්වයක් ලබා දෙනවා ට්‍රයි තියලා
    නමුත් Daniel Carterගේ ඩ්‍රොප් ගෝල එකෙන් [ඔහු මෙය ගහන්නේ අඩු පීඩනයක් යටතේ මිටර් 41 පමණ දිගු දුරකදී ]මෙහිදී තරංගේයේ ක්‍රිඩා කරන්න තිබෙන කාලයද ඔහුට පහසුකර අවස්තාවක් වෙනවා [ තව මිනිත්තු කීපයක් පසු වූ වනම් එය අසාර්ථක වීමට ඉඩතිබුනා වොලබිස් ලගේ පීඩනය මත ]නමුත් දුර ඔහුට ප්‍රශ්නක්වු බවක් පෙනුනේ නෑ පළපුරුද්ද අනුව ඔහු ඉක්මන් වුවා. වොලබිලාව කරකවලා අත හරියාවගේ වුනා නැවත කිවියන්ගේ පැත්තට ගේම හැරුනා

    කිවියන් ගේ ඊළඟ ට්‍රයි එකදී අවසන් මොහොතේ ලක්ෂණ ඉන්සයිඩ් පාස් එකක් එක්ක ලොකු ගැප් ඒකක් ඇති කරගෙන ට්‍රයි එක තිබ්බා නමුත් ඔහුට 50 /50 චාන්ස් එකක් තිබුනා ට්‍රයි එකක් තියන්න එහෙත් ඔහු එසේ නොකර ඉන්සයිඩ් පාස් කර වෙනත් ක්‍රීඩකයෙකුට ලොකු ගැප් එකක් අරගෙන දුන්නා පහසුවේන් ට්‍රයි එක තියන්න. එය රගර් ක්‍රීඩාවේදී ඉතා අගයන අවස්තාවක්

    මේ sonny ගැන විකිපීඩියා එකෙන්
    Sonny William "Sonny Bill" Williams (born 3 August 1985) is a New Zealand rugby player and heavyweight boxer who has played rugby league and rugby union at the highest levels. He currently plays rugby union for the Chiefs in Super Rugby. He is only the second person to represent New Zealand in rugby union after first playing for the country in rugby league. He is particularly known in both codes for his ability to offload the ball in the tackle and, formerly in rugby league, for his shoulder charges.[6][7][8]
    Williams made his professional rugby league debut for the Canterbury Bulldogs during the 2004 National Rugby League (NRL) season. In 2008 he left the Bulldogs mid-season to play rugby union with French club Toulon. In 2010 Williams signed with theNew Zealand Rugby Union in a successful bid to play for the All Blacks at the 2011 Rugby World Cup. He played provincially for Canterbury in the 2010 ITM Cup before being selected for the All Blacks' 2010 end of year tour, where he made his testdebut against England on 6 November. In Super Rugby he played for the Crusaders in 2011 and the Chiefs in 2012. Following that, he played briefly for Panasonic in the Japanese Top League before returning to rugby league after signing with the Sydney Roosters for the 2013 NRL season. That year he was judged the world's best rugby league player at the annual RLIF Awards. After playing another season for the Roosters in 2014, Williams returned to New Zealand rugby with Counties Manukau in the 2014 ITM Cup, followed by the Chiefs in 2015. He claimed a second Rugby World Cup title in 2015. From 2009 to 2013, Williams boxed professionally six times, winning all six of his heavyweight bouts before suspending his boxing career to focus on rugby football. Subsequently, he resurrected his boxing career in early 2015. He was formerly the New Zealand Professional Boxing Association (NZPBA) Heavyweight Champion and World Boxing Association (WBA) International Heavyweight Champion and is currently ranked inside the top 100 heavyweight boxers in the world with boxing websiteBoxRec.

    ReplyDelete
    Replies
    1. ආ..... ඔයා ගැන වෙන්න ඕන මම කිව්වෙ.
      ඔය ෆෝවඩ් පාස් එක මම ඉතාම හොඳින් නෝට් කලා. ස්කෝර් එක 6-3හෝ 9-3 වගේ තමයි මතක. ඒ පාස් එක රෙෆාට මිස් වෙලා තත්පරයකින් දෙකකින් තමයි කිවියන්ට පැනල්ටිය ගියේ. නමුත් ඒක ඔසියන්ගෙ ස්ක්‍රම් එක.
      හැබැයි එතනදි මම බලාපොරොත්තු වුනේ කාටර්ට ඒක මිස්වෙලා රෙෆාගෙ තීරණය නියුට්‍රල් වෙයි කියල.(ඈන්ගල් එකේ හැටියට).නමුත් ෆයිනල් එක දවස සම්පූර්ණයෙන්ම කාටර්ගෙ. මෑන් කික් කලේ ආච්චි වැහිච්ච විදියට.

      ඔයා එදා කිව්ව ස්ක්‍රම්හාෆ්, ෆ්ලයිහාෆ් සහ සෙන්ටර් එකතුව එදා හිටියෙ කිවියන්ගෙ පැත්තෙ.
      නිරන්තරයෙන් සිදුවන එරර්ස් අඩු වේගවත් පාස්කිරීම් නිසා හිදැස් හදාගන්න ඔවුන්ට පුළුවන් වුනා කියලයි මට හිතෙන්නෙ

      Delete
    2. සොනිය නං යකෙක්. බොක්සර් කෙනෙක් මිසක් ලීග් ගහපු බව නං දැනගෙන හිටියෙ නෑ. නොනූ සහ ස්මිත්ට වැඩිය සොනි ඉස්සරහින් ඉන්නව දැකල තිබුනත් එයා හැමදාම බෙන්ච් එකේ ඉන්න එක මට නං පුදුමයි. සමහර විට කෙටි වෙලාවකට ඇවිල්ල වෙනසක් කරන්න දෙනවද දන්නෙ නෑ. මතකද ආර්ජන්ටිනාව එක්ක පළවෙනි මැච් එකේදි නවසීලන්තය බේරගත්තෙ සොනි ආවට පස්සෙ.

      Delete
    3. මෙමෙ තරගා වලියේ මට බොහෝවිට බලන්න ලැබුනේ වොලබිස් ලගේ තරඟ පමණයි. මා ෆොක්ස් ටෙල් ග්‍රාහකයකු නොවන නිසාත් , චැනල් 9 [ජේම් tv 90] වොලබිස් තරඟ සහ සෙමි ෆයිනල් ෆයිනල් පමණයි ඔවුන් ටෙලිකාස් කලේ .ඒ හින්දා බැලුවේ ඒ ටික විතරයි . රැ 02.00 පෙන්වන්නේ සජීවීව

      රග්බි ලිග් තරග වලදී බොලේ පාස් කරනවා අඩුයි නේ. .නිතරම ට්‍රකල් කලත් බෝලය උදුරලා ගන්නේ නැහැනේ රග්බි යුනියන් ක්‍රීඩාව මෙය ට සපුරා වෙනස්නේ. ලිග් ගේම් එකේ ෆුල් ට්‍රැකල් 5 යනකම් බෝලය අනික් පැත්තට දෙන්නේ නැනේ 6 වෙනි ට්‍රකල් එකේදී අන්වාර්යේන්ම බොලේ අනික් පැත්තට දෙන්න වෙන නිසා බොලේ කික් කරනවා පුලු වන්නම් දුවලා නැවත ලාබා ගන්න
      .සෝනි හුඟක් වෙලාවට බෙන්ච් එකේ ඉන්න මේ පටලැවිල්ල නිසාද කියලා හිතෙනවා එහෙම නැතිනම් රග්බි යුනියන් ක්ලබ් තරංග වලදී කිවි ක්ලබ් වලට වඩා වෙනස් රටවල කල්බ්වලට ක්‍රීඩා කරීම නිසා හරියමන් ඇගයීමක් නැති නිසා වෙන්න පුළුවන්

      පුමාස්ලා මැච් පැරදුනත් හැම මැච් එකක්ම අන්තිම මිනිත්තුව දක්වා පට්ට ගේමක් දෙනවා

      Delete
    4. ඔව් රාජ්..සොනි ලීග් ගහල යුනියන් ගහන්න ආවෙ. සොනි බිල්ට කාලයක් කිවියො කැමති උනේ නෑ... සොනි ජපානෙ ක්ලබ් ගහන්න ගිය නිසා. සොනි බොක්සින් ගැහුව බව දන්නව.. බෝතාටත් ගැහුව මට මතක විදියට...

      Delete
    5. All Blacks use Sonny (SBW) as an impact player, and the usual game plan of the ABs is to try and increase the pace of the game in the last quarter, so it helps them to do this with SBW. Also he doesn't have the fitness levels to last 50-60 min of union (where the game is more physical)

      He plays for Chiefs in super rugby (a NZ franchise) and also in order to be eligible for All Blacks selection in 2013 he played for counties manukau (NZ ITM cup team - NZ domestic tournament) because he didn't have a super rugby contract in 2013 due to his commitments in the league game (If I'm not mistaken he played sydney roosters for NRL (rugby league competition)

      His speciality skill is the off loading (passing the ball to another guy while he is being tackled), and I personally think playing league game has influence this, as off loading late - but not too late - is really advantageous in rugby league

      Next year he will be representing NZ 7s team (along with Liam Messam) targeting Rio Olympics.

      True that he had bad reputation back in the day as he switched between clubs each earning him better contracts. So the public saw him as going after money, but having switched to union twice in time for the world cups, and also representing Kiwis in league world cups (NZ national rugby league team) has given enough for the public to believe his desire for the black jersey

      His boxing achievements are very much open to debate, as people question the quality of his opponents. But no one can deny the sportsman he is, and the true athleticism he has.

      Sorry for writing this (and another comment above - about ausie rules-) in English.

      Delete
  13. මම පැංචා කාලේ නමසිය අසූ එකේ දී අපේ ගෙදරට ගෙනාව අඟල් විස්සේ නැෂනල් (පැනසොනික් නෙමේ, තනිකර නැෂනල්) කලර් ටීවී එකක්. ඔන්න තවමත් ඒක කිසි කතාවක් නැතුව දුවනවා. මස්සිනා ගෙනාපු LCD ටීවී එක නම් දැන් කීප පාරක්ම රෙපෙයාර් කරා.

    ReplyDelete
    Replies
    1. තනිකර නැෂනල් කියලා ටීවී ජාතියක් නැහැනේ මචෝ.

      Delete
    2. ඔය කියන කාලෙ තිබුනා ඇනෝ. එතකොට ABBA තමයි ඒක ස්පොන්සර් කලේ හෙම. පස්සේ නැෂනල් පැනසොනික් ආවේ. පස්සෙ නිකංම පැනසොනික් වුනා. ඕකෙ මාක් එකත් කැපිටල් එන් අකුරක්. මට මතක් මගෙ කාමරේ තිබ්බ ඇබා ඉන්න නැෂනල් පෝස්ටර් එකක්.

      Delete
    3. තනිකර නැෂනල් තිබුන බං. අපේ තාත්තගෙ මහගෙදර තිබුන නැෂනල් කැසට් රෙකෝඩරයක්. මම උපදින්නත් කලින් ගෙනල්ල තිබුන ඒක මීට අවු.10ට කපිනුත් වැඩකලා මතකයි. නැෂනල් ටීවී එකක් තිබුන මගේ යාළුවෙකුගෙ ගෙදර, ගෙනත් තිබුනෙ 85 විතර. තාම වැඩ මං හිතන්නෙ

      Delete
    4. Dude කියන කතාව හරි. නැෂනල් තිබුනා පස්සෙ නැෂනල් පැනසොනික් උනා, නැෂනල් සමාගම පැනසොනික් සමාගම විසින් සල්ලි වලට ගත්තට පස්සෙ. නැෂනල් මම මුලින්ම දැක්කෙ බ්ලෙන්ඩර්. දැන් අවුරුදු 30 කට වඩාකල් වැඩ. තවමත් ගන්න තියෙනවා. තත්වය තාමත් ඉස්සර වගේ ඉස්තරම්.

      Delete
    5. Our first tv also a 14' national b&a one with wooden frame. We never used an antenna but with Arial it was working superbly and was with us for over 30 years.. :)

      Delete
    6. ඔබ තුමන්ලා මේ සංවාද කරන්නේ "කසල ආර්ථිකය" පිළිබඳවයි.

      සිතන්න, මුළින්ම අප දුටු CFL බල්බ - ඒවාට වසර 5 ක වගකීමක් දුන් බව මතකද? දැන් වසර කීයක වගකීමක් දෙනවාද? වගකීම් කාලය ඉකුත් වූ පසු කොතෙක් කල් ඒවා භාවිතා කළ හැකිද?

      කසල ආර්ථිකය
      අළෙවිය පිණිස නිෂ්පාදනය කරන භාණ්ඩයක උපයෝගී ජීව කාලය අඩු කිරීම පිණිස සවිඥානිකවම සැළසුම් කරන ආර්ථික ක්‍රමයක් කසල ආර්ථිකයකි. මක් නිසාද යත් එවැනි ආර්ථිකයක් විසින් නිෂ්පාදනය කිරීම පිණිස සැළසුම් කරන්නේ කසල වන බැවිනි.

      Delete
    7. අපේ මහගෙදරත් තියෙනවා 'තනිකරම' නැෂනල්' රේඩියෝ එකක්. 70 ඉලෙක්ෂන් අහන්ට ගෙනාවෙ.

      Delete
  14. මට නම් කොටස් වශයෙන් ගෙවන්න බඩු ගන්න කවදාකවත් හිතිලා නෑ.
    කොහොමටත් ඔය ටීවී වගේ බඩු අත්‍යාවශ්‍ය දේවල් නොවෙයි නේ!

    ගෙදරක් ගැනීම සම්බන්ධයෙන් අදහස වෙනස් කර ගන්න වුණා. නිවාසය අත්‍යවශ්‍ය දෙයක් නිසා!

    ReplyDelete
    Replies
    1. මම නං බැන බැන උනත් ටීවී බලනව.

      Delete
  15. රාජ් අපෙ අප්පච්චි බැන්දෙ බෝතලේ කියන ගමෙන්.

    ReplyDelete
  16. අනේ මටත් ඔය බ්‍රෑන්ඩ් ගැන නම් මහ ලොකු දැනුමක් නෑ. අනික ටිවී බලන්න වැඩිය කැමැත්තක් නෑ.

    සොෆ්ට්ලොජික් ගෘප් එකට අයත් කම්පනි එකක තමයි මාත් වැඩ කරන්නෙ.. අපිටත් ස්පෙශල් ඩිස්කවුන්ට් හම්බෙනව ඒ නිසා. ඒත් ශෝ රූම් වලට ගියාම ඉන්න අයගෙ රැස් බලන්න වෙනව අපිටත්. නිකම් බඩු අරන් එනවා වගේ කතා කරන්නෙ..

    ReplyDelete
    Replies
    1. උඹලටත් එහෙම නං අපි ගැන කවර කතාද

      Delete
  17. ළමේකුට දුන්න එකට වෙන එක් එයාට හම්බවුණා නේද?

    ReplyDelete
    Replies
    1. ඔව්. බලන්න ඒකෙත් හැටි

      Delete
  18. අපේ මුල්ම ටීවී එක "කොස්මෝ"එකක් මෑතක් වෙනකම් බැලුවා.ඊට පස්සේ ගත්තේ TCL කියන චයිනිස් එකක්.අවුරුදු දෙකකට කලින් ගත්තා සොෆ්ට්ලොජික් එකෙන් Samsung LED එකක්.

    ReplyDelete
    Replies
    1. ඉස්සර අපේ පැත්තෙත් කොස්මෝ ගත්ත හුඟක් අය. හොඳට සිග්නල් තියනව කියල මතයක් තිබුන.
      සැම්සුන් එක අවුල් කියල කිහිප දෙනෙක් කිව්ව

      Delete
  19. රාජ්. මට හිතාගන්න පුළුවන් රගර් වලට තියන අමාරුව.. මාත් පොස්ටුවක් ලියන්න හදල වැඩේ කල් දැම්ම. අපි වගේ දූපත් වාසීන්ට උචිත ක්‍රීඩාවක් ඕක. ක්‍රිකට් වලට වැඩිය...

    ReplyDelete
    Replies
    1. දූපත්වාසීන් උනාට අපිට අමාර්යි මේක.

      Delete
    2. ඇයි එහෙම සිතන්නේ ෆිජි .සැමුවන්, පැසිෆික් දුපත් රටවල් හොඳට සේල්ලම් කරනවනේ.ඒ රටවල් වල පාපන්දු වලට වඩා හොදින් රග්බි යුනිංන් කණ්ඩායම් ඉන්නවානේ. ක්‍රීඩාව ගැන උනන්දුවක් නැතිකම සහ ක්‍රීඩාව ගැන නොදැනුවත් කම තමයි මුලික හේතුව කුඩා වයසේදී ටච් රග්බි වලට පුරුදු පුහුණු කිරීමෙන් ක්‍රීඩාව ගැන උනන්දුව සහ දැනුම ඇති කරලා පසුව ඔවුන් ට අනතුරු රහිතව ට්‍රැකල් කරන ආකාරය ඉගැන්විය යුතුයි වයස 15 නන් පහලදී මේ සඳාහා යෝග්‍යයි ටච් රගබි වලදී ට්‍රකල් කරනු වෙනුවට බෝලය ඇති කෙනා ඇල්ලීමෙන් බෝලය අනෙක් පැත්තට යන නිසා ඔවුන් නිතරම බෝලය පාස් කිරම් කර ට්‍රයි ලයින් එකට බොලේ අරන් යන්න ඕනේ . ඉතින් මෙවන් කරුණු මගින් ළමයින්ට රග්බික්‍රීඩාව ගැන මුලික දැනුමක් දෙන්න ඕනේ .
      දුවලා පනින ඕන ළමයෙක් ටච් රග්බි සෙල්ලම් කරන්න අකමැති වෙන එකක් නැහැ මෙය පාසලෙන් පටන් ගන්න පුළුවන් නේද

      Delete
    3. ano,
      ස්තුතියි අදහස් දැක්වීමට.
      කලිනුත් දවස් කිහිපයක් මේ ගැන කතා කලා. ඇන්ග්ලෝ සැක්සන්ස්ලාට සහ කළු ජාතිකයින්ට, ඒ වගේම ඔය කියන අයිලන්ඩ් වොරියර්ස්ලාට සාපේක්ෂව දකුණු ආසියාතිකයන්ට කුඩා ශරීර තියෙන්නෙ. ඒකයි තියන අවුල. ලක්ෂයක ජනගහනයක් හිටියත් ටොංගාවන් වර්ල්ඩ් කප් ගහන්නෙ ඒකයි මං හිතන්නෙ. රටේ ක්‍රීඩාවට තියන ජනප්‍රියතාවය එක හේතුවක් තමයි නමුත් කිලෝ නවසීයක් බර පැක් එකක් අපිට හොයාගන්න පුළුවන්ද?

      රග්බි ගහල තියන "කලින් ඇනෝ" මේ ගැන දරන අදහස දැනගන්න කැමතියි.

      Delete

    4. මේ දෙකම රග්බි ගහපු අනොගෙ මයි

      ඔබ හරි රාජ් අපේ රටේ එතරම් ලොකු බර පැක් එකක් හදාගන්න අපහසු තමයි එකත් ලොකු හේතුවක් කොහෙද අපේ රටේ උස මහත අය මේ තරංග වලට එන්නේ නැ නේ
      ලංකාවේ හැටියට පැක් එකක් කිලෝ 700 විතර වෙන්නේ .එකනම් ලොකු අවුලක් තමයි
      [ මම අවුරුදු ගානකින් ලංකා ටීම් එක දැකලා නැ [25 පමණ ]අප නගරයේ වොලබිස්ලා සෙල්ලම් කරන තරග සහ 4 නේෂන් තරංග සියල්ල ක්‍රීඩාංගනයට ගිහිල්ලම බලනවා]
      මෙය අප ක්‍රීඩා කරන අවස්ථාවලදී ද අපට බල පෑවා. එවිට මෙවන් අවස්තාවලදී අප කලේ පැක් එකේ ක්‍රීඩකයන් කෙටි කාලක් සෙල්ලම් කිරීමට සලස්වා රිස්ව් ක්‍රීඩකයන්ගේ සහය ලබාගැනීම. අඩුම තරමින් පැක් එකේ චන්ජ් ඕවර් 4ක් වත් කරන්න වෙනවා බොරු ඉන්ජියර්ඩ් පාට් වලට අමතරව ඉතින් මේකට ඒ හා සමාන රිසව් කණ්ඩයක් තිබිය යුතුයි අඩු කලකදී වැඩි ජවයක් වැයකර තරඟයක් දීමෙන් මෙම අසමතුලිත තාවය තරමක් දුරට වලක්වා මග හරවා ගන්න පුළුවන්
      මෙහිදී බොහෝ විට ෆ්ලයි හාෆ් පුළුවන් සැම අවස්තාවක 22 කික් අවුට් එකක් අනෙක් පැත්තේ 22 ඇතුලේ ටච් වෙලායන්න බොලේ පිටියන් ඉවතට කික් කරන්න ඕනේ .එහිදී ඔවුන් ලයින් එක මගින් බොලේ ගත්තත් අපේ පැත්තේ side flanker දෙදෙනාගේ සේවය ලයින් එකට සහ තව අමතර ෆුල්ල් බැක් කෙනෙක් හැටියට තවකාලිකව එකතු වෙන්න ඕනේ
      තව ලයින් ආවුට් වලන් පසු නැවත බොලේ ඇතුලට දමද්දී බෝලය උඩපැන අල්ලා ලබාගන්නවාට වඩා ස්ක්රම් හාෆ් වෙතට ටැප් කර ලබාදීමෙන් ඔවුනට රොක් එක්කෙට නොගිහින් තමන්ගේ ලයින් එකට බොලේ ලබාදෙන්න පුළුවන්
      ස්ක්රම් එකේදී තමයි ප්‍රශ්නේ එන්නේ වැඩියෙන්ම. එවිට පැක් එක එන්ගේජ් වෙච්ච ගමන්නම කෙටිම කාලෙකදී scurm half බොලේ hooker දමා එකවරම් five ehight බොලේ එලියට ගන්න ඕනේ පැක් එක ඇතුලේ බොලේ වැඩි වලාවක් තිබුනොතින් බර වැඩි කට්ටිය පැක් එක පුෂ් කරලා බොලේ ගන්නවාමයි. කෙටිම කාලයකදී බෝලය එලිට ගැනීමෙන් ඔවුනට් පුෂ් කරන්න වෙලාවක් නැතිව යනවා එක නිසා තමයි අඩු බර පැක් එක ක්‍රීඩකයන්ව මාරු කරලා අලුත් ජවයක් ගන්නේ

      මෙවන් අවස්තාවලදී පුහුණු කරුගේ පළපුරුද්ද සහ නායකගේ තීරණ සහ ක්‍රීඩකයන්ගේත් අත්දැකීම වැදගත් වෙනවා

      Delete
  20. Replies
    1. කවුද බොලේ ඒ තිලක්? තිලක් කියල එකෙක් හිටිය අපේ හොස්ටල් එකේ නං....... එයාද දන්නෙ නෑ.

      Delete
  21. හායි රාජ් අයියේ හව් ආර් යූ. නවසීලන්තේ දිනපු වෙලාවේ මට ඔයා මතක් වුණා.

    ReplyDelete
    Replies
    1. මොකෑ පේන්න නැත්තෙ?

      Delete
    2. ලියන්න කම්මැලි අනේ, ඒ වගේම විහින් බිසී වෙලා ඉන්නේ. :) පස්සේ ආයෙම එන්නම්

      Delete
  22. අනික් ෂෝරූම් වලට සාපේක්ෂව LG වල කස්ටමර් සර්විස් එක හොඳයි. ඔය අති පණ්ඩිත පොරක් හිටියොත් තමයි මොකක් හරි අවුලක් වෙන්නෙ. අපි දෙන්නෙක් එක්ක ගිහිල්ල එකපාරක් වොෂින් මැෂින් දෙකක් ගත්ත. මාත් එක්ක ගිය එකා PHI හන්ද උගෙ එකට මායි, මගෙ එකට ඌයි අත්සන් කරල බඩු දෙක ගත්ත. මම රජයේ සේවකයෙක් නෙමෙයි උනත් ඒක උංට ප්‍රශ්නයක් උනේ නෑ.

    රග්බි ගැන..... කතා නොකර ඉමු

    ReplyDelete
    Replies
    1. රග්බි ගැන..... කතා නොකර ඉමු

      රග්බි ගැන දැනුවත් වෙන්න විනාඩි 80 ක් සෙල්ලම් කලත් නොකලත් ලේ උනු කරන ගේමක්

      Delete
  23. අපේ ගෙදර තියෙන්නෙත් ටොම්බා සයිස් පරණ සෝනි ජපන් තී.වී එකක්....96 කප් එක බලන්න ගෙනාවේ.....
    තාමත් ලෙසටම වැඩ ...LG නරක නෑ ...හොදට පාවිච්චි කොරන්න පුළුවන්.....

    ReplyDelete