Thursday, October 29, 2015

ශූරයෝ කවුරුන්ද? Rugby World Cup 2015

මේ, රග්බි ලෝක කුසලානය ගැන තැබූ සටහන් මාලාවේ අවසානයයි. අපේක්ෂා කල ආකාරයටම ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය අවසන් තරගයට සුදුසුකම් ලබා ඇත. තෙවැනි ස්ථානය සඳහා වන තරගයට දකුණු අප්‍රිකාව සහ ආර්ජන්ටිනාව සිකුරාදා තරග වැදීමට නියමිතය.

ආරම්භයේදී යම් යම් පෙරලි සිදුවුවද අවසන් වටයන් ක්‍රියාත්මක වනවිට ලෝක කුසලානය සාම්ප්‍රදායික ආකාරයට අවසන් වන ලකුණු පහලව ඇත. තරගාවලියට පෙර ශ්‍රේණිගත කිරීම් සැලකූ විට අවසන් තරගය සඳහා අංක එක සහ අංක දෙක සුදුසුකම් ලබාගත් අතර තෙවැනි ස්ථානය අංක තුන ස්ථානයේ සිටි දකුණු අප්‍රිකාවත් ආර්ජන්ටිනාවත් පැමිණීම මීට උදාහරණය. යුරෝපයේ තිබූ තරගාවලියෙන් එම කලාපයේ කණ්ඩායම් ඉවත්වීමද කැපී පෙනේ.

නවසීලන්තය හා ඕස්ට්‍රේලියාව දෙවතාවක් බැගින් ශූරයන් වී ඇති ලෝක කුසලාන ඉතිහාසයේ ශූරතාවය තෙවරක් දිනාගන්නා කණ්ඩායම බවට පත්වීමට මෙවර එක් කණ්ඩායමකට අවකාශය සැලසේ. මීට අමතරව දෙවතාවක් ශූරයන් වීමට දකුණු අප්‍රිකාව සමත්වී අැත.

මෙම තරගාවලියෙන් පසුව ක්‍රීඩාවෙන් විශ්‍රාම ගනී යයි සිතිය හැකි ක්‍රීඩා තරු ගණනාවකි. නවසීලන්තයෙන් කෙවින් මියලාමු, ටෝනි වුඩ්කොක් මෙන්ම නායක රිචී මැකෝ විශේෂිතය. සෙනසුරාදා තරගයෙන් ජයගැනීමට නවසීලන්තයට හැකිවුවහොත්, ලෝක ශූරතා දෙකකට නායකත්වය දී ජයග්‍රහණය කල එකම ක්‍රීඩකයා බවට රිචී මැකෝ පත්වනු ඇත. මීට අමතරව ඕස්ට්‍රේලියානු නායක ස්ටීවන් මුවර්ද සමුගැනීමේ ලැයිස්තුවට එක්ව සිටී.
දකුණු අප්‍රිකාව පැත්තෙන් සුපිරි ක්‍රීඩක බ්‍රයන් හබානා සහ තිස් අට වියැති වික්ටර් මැට්ෆීල්ඩ්ද සහභාගී වන්නේ අවසාන ලෝක කුසලාන තරගාවලියටයි. තෙවැනි ස්ථානය සඳහා වන තරගයේ නායකත්වය මැට්ෆීල්ඩ් හට ලබාදීමට දකුණු අප්‍රිකාව තීරණය කර ඇත.
තෙවැනි ස්ථානය සඳහා තරග කරන දකුණු අප්‍රිකාව සහ ආර්ජන්ටිනාව අතර තරගය සිකුරාදා මධ්‍යම රාත්‍රියේ පැවැත්වෙන අතර එහිදී උණුසුම් තරගයක් අපේක්ෂා කල හැකිය. සමස්තයක් ලෙස තරගාවලියේ ඉදිරියට පැමිණ ඇති ආර්ජන්ටිනාවට නැතිවීමට යමක් නොමැති බැවින් වැඩි වාසි ඔවුන්ට බව කිවහැකිය. පසුගිය ෆෝ නේෂන්ස් තරගාවලියේදීද දකුණු අප්‍රිකාව පරාජය කිරීමට ඔවුන්ට හැකිවිය.

අවසන් තරගයේ ජයග්‍රාහකයන් කවුරුන්දැයි පැවසීම අපහසු වුවත් නවසිලන්තය මඳක් ඉදිරියෙන් සිටින බව කිවහැකිය. එහෙත් විටින් විට දක්ෂතා අතරට පිවිසෙන ඕස්ට්‍රේලියාව අවසන් තරගයේදී ක්‍රීඩා කරන ආකාරය අනුව තරගයේ ප්‍රතිපලය විස‍ඳෙනු ඇත.

32 comments:

  1. කව්රු දින්නත් බං ස්ටැට්ස් වලින් හොදම ටීම් හතර තමා මේ.. ඒක නෙමෙයි බොට කියන්න මේ වතාවේ මම එක මැච් එකක් වත් බැලුවේ නැහැ.. ආසාවක් නැති නිසා පස්සෙවත් බැලුවේ නැහැ.. ෆනී මුමන්ට්ස් ටිකක් බැලුවා. ඇය වදේ අපිට ටීවි එකක් කව්රුවත් ගෙනැත් දුන්නේ නැහැ නේ.. හැක්

    ReplyDelete
    Replies
    1. මම නං මේ මගුල බලන්නම එල්ඪඩී ටීවී එකක් ගත්ත ණයට අබාන්ස් එකෙන්. එකක්වත් අතහැරියෙ නෑ. ආයෙ අවුරුදු හතරකින්නෙ බලන්න වෙන්නෙ. සීඑස්එන් එකෙත් රග්බි දෙන්නෙ නැති එකේ.

      Delete
    2. අර බුද්ධි ප්‍රසාද් උන්නැහේ නං ටීවි එකක් නිකං දෙන්න ඇඩ් එකක් දාලා තිබුනා.. ඒත් ඉතිං අපිට දෙන එකක් යැ.. හැක්

      Delete
    3. මාත් දැක්ක. ලඟක හිටිය නං ගිහිල්ල හරි ගේනව

      Delete
  2. http://quantumvisionsystemreview.com/swing-trader-pro-system-review/

    The newest feature of binary options trading is binary options signals. For a long time in other markets have there been signals, such as in the forex market. These are referred to as forex signals. The signals that are available now in the binary options arena few, but are growing at an alarming pace. You will be surprised at just how many binary options signals providers are popping up all over the place. The question is just how good are these signals? Well, you will have to do your research into how helpful these signals can be to your binary options trading experience.

    http://binarymetabot.com/swing-trader-pro-system-review/

    ReplyDelete
  3. ඔසියගෙන් ලැබෙන දඩුවම් පහරවල් නිසා කිවියෝ දිනනවා. ඔසියන් ආජෙන්ටිනාවට දාපු ලයින් ක්‍රොස් , කිවියන්ට දාන්න බැරිවෙනවා. ලයින් එක ක්‍රොස් කරන්න වානම් අනිවාර්යෙන්ම fullback ලයින් එකට හදිසියේ එකතු වෙන්න ඕනේ නොදැනෙන්න. ඒ එක්කම blind side winger , fullback ගේ ස්ථානය රැක බලාගන්න ඕනේ මේක දෙපැත්තටම බලපානවා එහෙම කලොත් ලස්සන ගේමක් බලන්න පුළුවන්

    ස්ප්‍රින් බොග්ස් හුඟක් වෙලාවට 3 වෙනියා වෙන්න ඉඩ තියනවා .හේතුව අන්තිම මැච් එකේදී, ආජෙන්ටිනාව ලයින් එක හරියට spread වෙලා සෙල්ලම් නොකළ නිසා. එක හදා ගෙන ආවොත් අනිවාර්යෙන්ම ඔවුන් දිනනවා . ඒ ඔවුන් අන්තිම මිනිත්තුව දක්වා ගේම දෙනවා. ඔසී මැච් එකේදී ඔවුන් එහෙම කළා .

    ReplyDelete
    Replies
    1. සමාවෙන්න පරක්කුවුනාට.
      ස්ප්‍රින්බොක්ස්ලා ෆුල්බැක් ඉස්සරහට ගත්ත අවස්ථා මාත් දැක්ක.

      කොහොම නමුත් සෙමියෙදි සෆ්ෆන්ට පෙනල්ටි දහයකට වැඩිය ගියා නේද නවසිලන්තයෙන්?

      Delete
    2. පැන්ල්ටිනම් ගියා තමයි කිවියෝ තමන්ගේ 50 දෙන ඒවා වොලබි එවුන්ට දාගන්න අමාරුයි අනික Bernard Foley ලේෆ්ට් කෝනර් එකේ න්ගෝල පොස්ට් කික් එක හරියට ටාගට් වෙන්නේ නෑ

      Israel Folau ගේ ඇන්කල් එකත් තවම හරියට සෙටල් නැ . මෙතැනදී ග්‍රවුන්ඩ් සපෝර්ට් එකත් බලපායි පොමියෝ කොහොමත් ඔසියන් එක්ක ඔරෝප්පුයි

      නමුත් 1991 /1999 ඔසියෝ එංගලන්තේදී තමයි දෙපාරම වර්ල්ඩ් කප් එක ඉස්සුවේ

      වොලබිලා 4 නේෂන් දිනුවේ සිඩ්නි වල ගහපු නිසා නමුත් Bledisloe Cup එකට 2 මැච් එකට ඕක්ලන්ඩ් ඉඩන් පාක් වලදී පරාද වුනා 41./13 නේ

      වර්ල්ඩ් කප් එකේදී Richie McCaw කැප්ටන් එක්ස්පිරියන්ස් එකත් ඉදිරියට එයි . හැබැයි වොලබිස් තමයි ලක් එක තියෙන්නේ .මෙහෙ රැ 02.00 තමයි මැච් එක යන්නේ බලමුකෝ

      Delete
    3. එල. මට හරියන කමෙන්ට් කාරය උඹ.
      ෆෝලිගෙ එක පැත්තක අවුල මාත් දැක්ක. ඒ වගේම කාටර්ගෙත් එක පැත්තක් එච්චර සුවර් නෑ නේද? ඒ වගේම, මම දැක්ක ඔසී කෝච් කෙනෙක් කියල තිබුන මෙතෙක් බිහිවෙච්ච හොඳම ෆ්ලයිහාෆ් කාටර් කියල. නමුත් මට නං එහෙම පේන්නෙ නෑ. විශේෂයෙන්ම එයාගෙ කික් එක එච්චර හොඳද? ඊට වැඩිය හොඳයි එස්ඒ වල පොලාඩ්?

      රෑ 2 කියන්නෙ නං නරකම වෙලාව. අපිට12. අමාරුවෙන් ඉන්නව.

      Delete
    4. Nick Farr-Jones .{scrumhalf ] Michael Lynagh [ fly half ] David Campese [winger,] 1991

      මේ වොලබිස් කොම්බිනෂන් එක සෙල්ලම් කරපු අකාරය හරිම අපුරුයි මොවුන් සෙල්ලම් කලේ බෝහෝ විට රනින් රග්බි ගේම් එක

      scrumhalf නික්ෆා හොඳ ක්ලියර් බෝල එකක් අරන් දෙනවා මීටර් 5 විතර පසුපසින් ඉන්න ෆ්ලයි හෆ්ට මයිකල් කික් කරනවා වින්ගර් ඩේවිඩ් කොහොම හරි බොලේ ගන්නවා නැත්නම් ඉතා ඉක්මනින් බොලේ සෙන්ටර්ස්ලා හරහා පාස් කරනවා වින්ගර් ඩේවිඩ් ට
      ඉට පස්සේ ඉතින් " රන් වොලබිස් රන් " . දුවන් ගමන් ඔෆ් ස්ටේප් කට් ඒකක් දාලා කෙලින් ම ට්‍රයි ලයින් එකේ තමයි

      මේ ගේම ෆියිනල් එකට ගැහුවොත් වොලබ්ස් දිනන්න පුලුවන ඇශ්ලී කුපර් වින්ගර් හින්දා

      Delete
  4. ඒදා මැච් ඒකේ දී වුණත් නවසීලන්තය තමා හැකියාව අතින් ඉදිරියේ හිටියේ.. ළකුණු වලින් ද.අප්‍රිකාව ඉස්සරහා හිටියාට.. හැකියාව අතින් ඔවුන් හිටියේ පස්සෙන්... මං සපෝට් කරෙත් ද.අප්‍රිකාවට වුණාට හැකියාව අැති කෙනා අාපු ඒක හොදයි...

    ReplyDelete
  5. නවසීලන්තය ශූරතාව දිනනු ඇත.

    ReplyDelete
  6. ඇති යන්තම්.. මුගෙ කතන්දර ටිකක් කියවන්න පුලුවන් මේ අටමගෙලේ ඉවරවුණාට පස්සෙ

    ReplyDelete
  7. මම කියන්නේ ඉන්දියාව දිනයි

    ReplyDelete
    Replies
    1. කෝලි ට්‍රයි කීයක් තියයිද?

      Delete
    2. ස්ටම්ප් තුනක්වත් ගනි..මිනිහා දක්ෂයා..

      Delete
  8. //නවසිලන්තය මඳක් ඉදිරියෙන් සිටින බව කිවහැකිය. එහෙත් විටින් විට දක්ෂතා අතරට පිවිසෙන ඕස්ට්‍රේලියාව අවසන් තරගයේදී ක්‍රීඩා කරන ආකාරය//

    රාජ් අවසන් තරඟයේ පීඩනයවගේම ප්‍රතිවාදියාගේ අනන්‍යතාවයේ පීඩනයත් බලපායිනේද?

    ආර්ජන්ටීනා තරඟයේදී ඔසීලගේ වේගය හා පාස් කිරීම ඉතා උසස් වගේ පෙනුනට එයට එක හේතුවක් ආර්ජන්ටීනාවේ දුර්වලත්වයත් නේද?
    ඈෂස් ක්‍රිකට් තරඟයකදී ඔස්ට්‍රේලියාවේ තරඟකාරීත්වය හා මානසික ටෆ් බව නිසා එන්ගලන්තයට බොහෝවෙලාවට ඔස්ට්‍රේලියාවට වඩා පීඩනයක් තියනව.

    ඒකෙ අනිත් පැත්ත ඔස්ට්‍රේලියාවට නවසීලන්තයත් එක්ක රගර් ගහනකොට එනව වගේ නේද? ප්‍රෙෂර් එක පොඩ්ඩක් වොලබීස්ලට වැඩියි ඕල් බ්ලැක්ස්ල ප්‍රතිවාදීන් වෙනකොට

    ReplyDelete
    Replies
    1. 1.ෆෝ නේෂන්ස්ලා අතර තියන දක්ෂතාවයන් මම දකින්නෙ මෙහෙමයි. පොදු සූත්‍රයක් ගනිමු ඔසී සහ නවසීලන්තයට අදාලව.

      නවසීලන්තයේ සාමාන්‍ය දක්ෂතාවය-A
      සාමාන්‍ය තත්වයට වැඩිය ඉහලින් හෝ පහලින් සිටින විට
      එකතුකරන/අඩුකරන අගය -a

      ඔසියන්ගේ සාමාන්‍ය දක්ෂතාවය-W
      එකතුකරන හෝ අඩුකරන අගය -w
      (දැන් අපි දන්නව සාමාන්‍යයෙන් A, Wට වැඩිය ලොකුයි නමුත්
      A-a කියන අගය W+w ට වැඩිය කුඩා වෙනව. අන්න එතනදි ජයග්‍රහණය ඔසියන්ට යනව.
      වෙනත් විදියකින් කිව්වොත් ඔසියන් දක්ෂතා පෙන්වන දිනයක නවසීලන්තය පසුබෑවොත් ජයග්‍රහණය ඔවුන්ට වෙන්න පුළුවන්.
      මේ සූත්‍රය ඉතාම ක්ලෝස් රටවලට ගලපන්න පුළුවන්.

      2.පීඩනය කියන එක ඔය ලෙවෙල් එකේදි මොන මට්ටමින් බලපානවද කියන එක කියන්න බෑ මට නං. නමුත් අන්තිමට තිබුන 4 නේෂන්ස් එකේදි ඔසියො අනිත් තුනටම ගැහුව.(නවසිලන්තයත් ඇතුළුව).

      Delete
    2. My final comment (from phone, sorry) before the match.... the psychological on aussies about playing against all blacks might be the deciding factor after all. Of course the pressure of being slightly the favorite might work against all blacks. But i think aura of all blacks might be a teeny weeny bit ahead.
      Hope Raaj will reply here before analyzing the result in a new post.

      pra jay

      Delete
    3. Correction - psychological effect*


      Btw, i will be cheering for the team (whoever that will be) trailing behind 10 minutes from full time !!

      pra jay

      Delete
  9. මආ නොනුත් සමුගන්නවලුද? මගෙ ප්‍රියතම ක්‍රීඩකය...

    ReplyDelete
    Replies
    1. එතකොට තව නෝනා කෙනෙක් ගේමු බං.උඔ නාඩා ඉදහන්

      Delete
  10. නවසීලන්තයට ශූරතාව

    ReplyDelete
  11. හිතපු තරම් තරගයක් දුන්නේ නැහැනේ අජන්ටිනා ස්ප්‍රින් බොග්ස්ලාට.

    කොහොම වෙතත් කප් එක නවසිලන්තයට කියා තමයි මමත් හිතන්නේ.

    ReplyDelete
  12. " run wallabies run " greetings from Brisbane

    ReplyDelete
  13. නවසීලන්තය ශූරතාවය දිනුවේය.

    ReplyDelete
  14. ශූරතාවය කොච්චර සිම්පල්ද කිව්වොත් සොනි බිල් මෙඩල් එක කොලුපැටියෙක්ට දීල දැම්මේය...

    ReplyDelete
    Replies
    1. Williams acted after seeing a security guard rugby tackle the boy, who had run on the pitch during the All Blacks’ lap of honour

      he was walking around doing a lap of honour with the boys and a young fella came running out and he got smoked by the security guard, like full-on tackled him. he felt sorry for the little fella.
      THAT IS GREAT RUGBY UNION !

      Delete
  15. සෙමියේදී මම සපෝර්ට් කලේ පුමාස්ට. උන්ට පුදුම ධෛර්යයක් තියෙන්නේ. මැරඩෝනා ඇඩුවා මැච් එක ඉවර වෙත්දී. වොලබීස්ලා පරාදයි කියලා මම හිතා ගත්තේ එතැනදී.

    ReplyDelete
  16. VIDEO Sonny Bill gets new winners' medal

    ReplyDelete