සර්පයාගේ ඇල්ලිය යුත්තේ බෙල්ලෙන් බව අපේ පැරණි කියමනක් ඇත. එසේ නොවුවහොත් ඇතිවන ප්‍රථිඵලය ගැන අමුතුවෙන් කතා කිරීම අනවශ්‍යය. ලංකාවේ ප්‍රශ්නද විසදීම සිටින වගකිවයුත්තන්ද භාවිතා කරන්නේ බෙල්ලෙන් ඇල්ලීම නොව එහෙන් මෙහෙන් ඇල්ලීමේ ක්‍රමවේදයයි. මෙය ලිවීමට සිදුවූයේ හේතු දෙකක් නිසාය. එකක් නම් පසුගිය දිනක මා නැරඹූ රූපවාහිනී සාකච්ඡාවක්ය. අනෙක මා කියවූ බ්ලොග් සටහනක්ය.
රූපවාහිණී සාකච්ඡාවට සහභාගී වූ ස්වාමීන් වහන්සේ බුදු දහම ගැනත් එහි පිරිහීම ගැනත් එය රැකගැනීමට ක්‍රියාකල යුතු ආකාරය ගැනත් දීර්ඝ වශයෙන් කරුණු ගෙනහැර දැක්වීය. ඊට අමතරව පන්සල් යාම, දෙමාපියන්ට සැලකීම-නොසැලකීම, සමාජයේ පවතින යම් යම් විෂම දෑ ආදිය ගෙනහැර දැක්වීය. එහෙත් උන්වහන්සේ කතා නොකලේ ගෞතම බුදුන්ගේ ප්‍රතිපත්ති, රැකීමේ අවශ්‍යතාවය ගැන පමණි. මගේ ප්‍රශ්නය බුදු දහමේ "මූලික හරය" අමතක කරදැමූ පසුබිමක ඉහත දැක්වූ උප-කාරණා ඉෂ්ඨ වීම සිදුවිය හැකිද යන්නයි. එහෙත් ඒ පිලිබද කතාකිරීම අමතක කරදමමින් සිටී.
දැන් තවත් කාරණයක් සලකා බලමු. රාජ්‍ය සේවයේ අකාර්යක්ෂමතාවය ඇතැයිද වංචා දූෂණ ඇතැයිද චෝදනා කරන්නන් බොහෝය. විශේෂයෙන්ම වැඩ බැරි දේශපාළුවන් තම නොහැකියාව රාජ්‍ය සේවකයන් පිටින් යැවීමට කැසකවනු දැකිය හැකිය. ඔවුන්ට අනුව නම් ප්‍රශ්නය ඇත්තේ රජයේ සේවකයන් තුලය. මෙයින් අදහස් වන්නේ රාජ්‍ය සේවකයන් යහපත්ය යන්න හෝ ඉහත කී දුර්වලකම් ඔවුන් තුල නැතැයි යන්න නොවේ. ප්‍රශ්නය අල්ලාගෙන ඇත්තේ වැරදි තැනකින් බවය. මේ වනවිට රාජ්‍ය සේවය සම්පූර්ණයෙන්ම පාහේ ජඩ දේශපාලනයට නතුව ඇත. දාහත් වසරක එජාප පාලනයකින් පසු චන්ද්‍රිකා මැතිණියගේ සමයේ යම් ධනාත්මක හැරවුමකට රාජ්‍ය සේවය යොමුවන ලකුණු දුටුවත්, ස්වාධීන කොම්ෂන් ආදිය අහෝසිකර දමමින් දැන් ගමන් කරන්නේ වඩාත් අයහපත් වූ දිශාවකට බව සිතාගැනීම අපහසු නොවේ. මේ වසර තුල රැකියා විරහිත උපාධිධාරීන්ට පත්වීම් ලබාදුන් ක්‍රමවේදයෙන්ම එය තහවුරු වේ.
මෙවැනි විකාර රූපී දෑ ශ්‍රී ලංකාවේ අන්‍යතාවය වන තරමටම සමාජය තුලට විහිදී ඇත. පසුගිය ජනාධිපතිවරණය අවසානයේ සිදුවූ සරත් ෆොන්සේකා මහතාගේ අත්අඩංගුවට ගැනීමේ ක්‍රියාවලිය සලකා බලමු. සමාජයේ බොහෝ දෙනා ඔහු අත්අඩංගුවේ තබා ගැනීමට විරුද්ධ වුවත්, "එයා දේශපාලනයට එන්න ඉක්මන් උනා වැඩියි", "ජෙප්පොයි යූ.ඇන්.පී කාරයොයයි එයා අමාරුවේ දැම්ම" වැනි ප්‍රකාශයන් සිදුකලේ ප්‍රශ්නයේ මූලික බීජය වන "ශ්‍රී ලංකාව තුල ප්‍රජාතන්ත්‍රවාදය කඩවීම" අමතක කර දමමිනි.
මෙවැනි උදාහරණ කොතෙකුත් දැක්විය හැකිය. ප්‍රශ්නය ඇත්තේ කොතැනදැයි නිවැරදිව හදුනාගන්නා දිනෙක ඒවාට විසදුම් නිරායාසයෙන් මෙන් ලැබෙනු ඇත.
සටහන අවසන් කිරීමට මත්තෙන් ඔබවෙත ප්‍රශ්නයක් ඉදිරිපත් කරනු කැමැත්තෙමි. ප්‍රශ්නය හදුනාගෙන විසදුමක් ඉදිරිපත් කරන්න.(කැමති අයට) ;-)
සහනාධාර බෙදීම සදහා වන එක්තරා රජයේ කාර්යාලයක් අගනුවර පිහිටුවා ඇත. රටේ නොයෙකුත් ප්‍රදේශ වල වෙසෙන දිළිදු ජනතාව විශාල පිරිසක් විවිධ කාර්යන් සදහා කාර්යාලයට පැමිණේ. ගොඩනැගිල්ල තුලදී ඔවුන්ට නිසි මගපෙන්වීමක් කිරීමට කිසිවෙකුත් පත්කර නැත. බීමට ජලය ටිකක් හෝ ශාරීරික අවශයතා ඉටුකරගනු වස් වැසිකිලි පද්ධතියක් නැත. මේවැනි ස්ථානයක අනිවාර්යෙන්ම සිදුවිය හැකි පරිදි අල්ලස් ලබාගැනීම් වැනි අක්‍රමිකතා ඕනෑ තරම් ඇත.
ප්‍රශ්නය/ප්‍රශ්න මොනවාද? විසඳුම කුමක්ද?
(මෙය එක්තරා වර්ෂයක රජයේ උසස් සේවාවක් සදහා බදවාගැනීමේ විභාගයකට ඇතුලත් වූවකින් කොටසකි. ලිපියට ඇති අදාලතාවය නිසා එක්කරන ලදී. ලොකුම විහිවව නම් මෙවන් ප්‍රශ්න වලට පිලිතුරු සපයා රාජ්‍ය සේවයට පැමිණෙන්නන් හට ඉන්පසු උපදෙස් ලබා දෙන්නේ අට වසර හෝ පාස් නැති අමනයන් වීමය).
Thursday, May 31, 2012
වැරදි තැනින් ඇල්ලීම.
Monday, May 28, 2012
එන්න! මතකය අවුස්සන්න.
මේ ලගදි යාළුවෙක් මුනගැහුන පිටකොටුවෙදි. මේ යාලුව ඉස්සෙල්ලම දැක්කෙ මම 5 පන්තියෙදි. කොහේදෝ ඉස්කෝලෙක ඉදල ආව මේ යාළුව මම ඉගනගත් මුල් ඉස්කෝලෙ අවුරුද්දක් මාත් එක්ක එක පන්තියෙ ඉගනගත්ත. ඊට පස්සෙ අපි දෙන්නම නගරෙ ඉස්කෝලෙට ගියා. එතනදි අපි දෙන්න පන්ති දෙකකට වැටුන. ඊට පස්සෙ සාපෙ ලියල යාළුව අධ්‍යාපනය අත්හැරිය. ඊට පස්සෙ එයා දැක්කෙම නෑ. ඒ කියන්නෙ අපි දෙන්න අන්තිමට මුනගැහුනෙ හරියටම 1996 අවුරුද්දෙ අග.
යාලුව දැන් පිටකොටුවෙ ඉන්නෙ. බජාර් එකේ කකුලක්. මම දැක්කත් එයාට බැරිවුනා හදුනාගන්න. ඒවගේම මම, ඇත්තටම මමද කියල ඌට සැකයකුත් තිබුන.(මම ඒකාලෙට සාපේක්ෂව සෑහෙන වෙනස් ඒකයි. කොටින්ම අවුරුදු 6කට කලින් හිටිය විශ්ව විද්‍යාලෙ යාලුවන්ට උනත් එකසැරේටම මාව අදුරගන්න බෑ. ඒක වෙනම කතාවක්. පස්සෙ කියන්නම්).
හරි ආයෙත් කතාවට. මම යාළුවට මාව හදුන්වා දුන්න. ඊට පස්සෙයි ඌට මම මතක් උනේ. එයාගෙ තුන්රෝද රථයට වෙලා අපි දෙන්න පැයක් විතර කතා කලා. එතනදි මම කිව්ව දේවල් වලින් ඌ කොච්චර පුදුම උනාද කියල වචනයෙන් විසිතර කරන්න බෑ. පොඩි ඉස්කෝලෙදි අපි කෑම කෑවෙ එකට. මම කිව්ව,
"අපි ඉස්කෝලෙදි කෑම කෑවෙ එකට, උඹ ඒකාලෙ මාර කැමතියි සෝයා මීට් කන්න, සන්ෆ්ලවර්ලගෙ සිංදු අහන්නත් කැමතියි, අපේ ඉස්කෝලෙට එන්න කලින් උඹ ඉස්කෝල 4ක ගියා...."
ඔන්න ඔයවගේ දේවල් කියල ඌ මවිත කරන්න මම සමත්වුනා. (උගේ කතාවත් වෙනම පෝස්ටුවක දාන්න වටින එකක්. ඒකත් ඉදිරියෙදි).
හරි දැන් තමයි කතාවට එන්ටර් වෙන්නෙ. මේ යාළුවට කිව්ව දේවල් එක්ක මට මතක් උනේ මංතුමාට කොච්චර මෙමරියක් තියනවද කියන එක. ඇත්තටම සුපිරි මෙමරියක් තියනව. හැබැයි අධ්‍යාපන කටයුතු වලදි, ඉගෙනගත් දේවල් සම්බන්ධයෙන් නෙවේ. සිදුවීම් සම්බන්ධයෙන්. බොරුනං මෙන්න සාක්කි!
මම උපන්නෙ 1980 දෙසැම්බර්. අපේ අම්මගෙ තාත්ත, ඒ කියන්නෙ මගේ සීය මියගියේ 1984 අවුරුද්දෙ මැද. දිනේ හරියටම මතක නෑ. සීය මැරුණෙ දියවැඩියාව නිසා. ඊට කලින් අම්මයි මමයි ගියා සීය බලන්න මාතර ඉස්පිරිතාලෙට. ඒ වෙනකොට සීය හිටියෙ එක කකුලක් කපල. ඒත් මට ඒක මතක නෑ. හැබැයි ලෙඩ ඇදේ ඉදගෙන සීය දීපු මාරි පැකට්එකට වග කියපු හැටි නං හොදට මතකයි. ඒ වගේම සීය මොන වගේ කෙනෙක්ද කියලත් මතක නෑ. ඒ වෙනකොට මගේ වයස අනිවාර්යෙන්ම අවුරුදු තුන හමාරක් විතර වෙන්න ඇති කියල තර්කාණුකූලව හිතන්න පුවවන්. ඔන්න ඕක තමයි මගේ මතකයේ තියන පැරණිම සිද්ධිය. ඊට ටික කාලෙකට පස්සෙ සිදුවෙච්ච සීයගෙ මරණයත් හොදට මතක තිබුන. ලගදි දවසක ඒක තහවුරු කරගන්න මට ඕන උනා. මම අම්මගෙන් ඇහුව, සීයගෙ මරණෙ තිබුනෙ පහල ගෙදර නේද? සීයගෙ මිනීපෙට්ටිය තිබුනෙ අහවල් තැන නේද? ඔළුව තිබුනෙ අහවල් පැත්තට නේද? කියල. ඒ සියල්ලම හරි කියල අම්ම කිව්ව. කොහොමද මෙමරිය!
දැන් තමයි කස්ටියට අභියෝගෙ. මතක ඇතිනෙ මම බයික්එකේ ගිය රෙකෝඩ්එක? ඒ වගේ කාටද මේ රෙකෝඩ් එක කඩන්න පුළුවන්? අවුරුදු තුනහමාර හෝ ඊට අඩු වයසකදි වෙච්ච සිද්ධියක් මතක කෙනෙක් ඉන්නවද? ඒ වගේම ඔහේලට මතක තියන මුල්ම සිද්ධිය මොකක්ද? පහලිං කොටන්න. හැබැයි "මම තාත්තගෙ අහවල් එකේ ඉදල අම්මගෙ ඇගට පීනල ගිය හැටිත් මතකයි" වගේ බොරු කියන්නත් ඔට්ටු නෑ.
Thursday, May 24, 2012
කරිවිල බාලමහත්තයගෙ තවා ගැනිල්ල.
අපේ ඔපීසියට සම්බන්ධ ග්‍රාම සේවක රාලහාමිල සතියට දවසක් කාර්යාලයට එනව. ඒ ආවම එයාලගෙන් හොද හොද කතන්දර අහන්න ලැබෙනව. මීට කලිනුත් ඒ වගේ කතා කීපයක්ම කියල ඇති.
ඔන්න මේ රාලහාමි දවසක් හම්බන්තොට ගිහිං ගෙදර එන්න බස්එකට නැග්ගලු. පිටිපස්සෙ දොරෙන් බස්එකට ගොඩවෙලා ඉස්සරහටම ගිහින් පූජ්‍ය පක්ෂයට වෙන්කල සීට් එකේ ඉදගත්තලු. අනිත් පැත්තෙන් හාමුදුරු කෙනෙකුත් ඉන්නවලු. රාලහාමි ඊට පස්සෙ කතාව කිවුවෙ මෙහෙමයි.
"මහත්තයෝ මම ඉතිං මැරිච්ච මිනිහෙක් එක්ක උනත් කතාකරන මනුස්සයනෙ. හම්බන්තොට ඉදල එනකල් කතාකරන්න හිතාගෙන හාමුදුරුවන්ගෙ මූන බැලුව. බලනකොට මට පුරුදු මූනක්නෙ මේ. බලනකොට මගේ වසමෙ හිටිය කරිවිල බාලමහත්තයනෙ මේ! හාමුදුරුවනේ කියන්නත් මොකද්ද වගේ, ඒත් මං ඇහුව මොකද හදිස්සියෙ මහණඋනේ, සසර කලකිරුනද? කියල. ඔව් සසර කලකිරුන කිවුව. ඊට පස්සෙ මං ඇහුව දැං කොහේද යන්නෙ කියල. ඒ ගමන මූ කියනවා, මූ කියන්නත් හොද නෑ මහත්තයෝ..... හාමුදුරු කෙනෙක්නේ,.... මම භාවනා කරන්න ගියා, ඒත් කොන්දෙ අමාරුවක් ආව. ඒකට බේත් ගත්ත. දවස් තුනක් තවන්න කියල තැවිල්ලක් දුන්න. දැං ගෙදර ගිහිල්ල දවස් තුනක් ඉදල තවාගෙන එනව"
"ඒ ගමන මම ඇහුව ගෙදර ගිහිං හාමිනේ දැක්කම සිවුර ගලවන්න හිතෙයිද දන්නෑ කියල. හාමුදුරුවො කියනව නෑ නෑ රාලහාමි එහෙම වෙන්නෙ නෑ. මගේ හිත හයියයි කියල. මේ මනුස්සයට අවුරුදු හැත්තෑවකටත් කිට්ටුයි. ගෑනි නං අවුරුදු 15කට විතර බාලයි. එදා අපි කතා කර කර ආව. මම ගෙදර ලගින් බැස්ස හාමුදුරුවොත් ගියා"
"ඊට පස්සෙ දවසක මම ගියා පොලට. කරිවිල ගොඩක් ලග මෙන්න දැකල පුරුදු මූනක් තියනව. බලනකොට බාලමහත්තයනෙ! මං ඇහුව මොකෝ බාල මහත්තයෝ සිවුරු ඇරියද කියල, බාල මහත්තය කියනව අනේ රාලහාමි කෑ ගහන්න එපා, එදා කොන්ද තවාගන්න ගෙදර ගියානෙ, නෝන කිව්ව ඉන්න කියල, ඊට පස්සෙ පන්සලට ගියේ නෑ කියල"
ඊලග කතාව කිවුවෙ තවත් රාලහාමි කෙනෙක්. මේක අසූ ගනන්වල වෙච්ච සිද්ධියක්.
ඒ කාලෙ ගංවතුරක් ඇවිල්ලද කොහෙද මිනිස්සුන්ට බෙදන්න දිස්ත්‍රික් කාර්යාලෙන් දීල තියනව පිගන් වගයක්. ඒක බෙදා දීමේ කටයුතු භාරව ඉදල තියෙන්නෙ කාර්යාලයේ වැඩකල එක් නිලධාරියෙක්. පිගන් ගෙනල්ල එයා භාරයේ තිබිල එයා ඒව බෙදන්න ගෙනගොස් තිබුන. ඔහොම කාලයක් ගියාට පස්සෙ අර නිලධාරියගෙ ගෙදර මොකක්දෝ උත්සවයක් තිබිල තියනව.(මට මතක විදියට නිලධාරියගෙ දුවගෙ "පාටියද" කොහෙද). ඒකට දිස්ත්‍රික් කාර්යාලෙ බොසා එහෙමත් ඇවිල්ල. මේ කස්ටිය කෑම කන්න ගියාමයි දැක්කෙ, කෑම මේසයෙ තිබුන පිගන් අර බෙදන්න දුන්න ඒව.(ඒ පිගන්වල තිබුන රටා විශේෂයක් නිසා ඕන වෙලාවක හදුනාගන්න පුළුවන්ලු).
මේක දැක්ක බොසා ඇහුවලු
"මිස්ටර්....., මේ අපි අර බෙදපු පිගන් නේද? මේව කොහෙන්ද?" කියල.
ඊට පස්සෙ නිලධාරිය කිව්වලු
"සර්... පිගන් ටික එකම විදියට තියෙනකොට ලස්සන නිසා මම ඒව බෙදූ අයගෙන් ඉල්ලගෙන ආව" කියල. කොහොමද මහත්තයගෙ ටිකිරි මොලේ?