Thursday, May 24, 2012

කරිවිල බාලමහත්තයගෙ තවා ගැනිල්ල.

අපේ ඔපීසියට සම්බන්ධ ග්‍රාම සේවක රාලහාමිල සතියට දවසක් කාර්යාලයට එනව. ඒ ආවම එයාලගෙන් හොද හොද කතන්දර අහන්න ලැබෙනව. මීට කලිනුත් ඒ වගේ කතා කීපයක්ම කියල ඇති.

ඔන්න මේ රාලහාමි දවසක් හම්බන්තොට ගිහිං ගෙදර එන්න බස්එකට නැග්ගලු. පිටිපස්සෙ දොරෙන් බස්එකට ගොඩවෙලා ඉස්සරහටම ගිහින් පූජ්‍ය පක්ෂයට වෙන්කල සීට් එකේ ඉදගත්තලු. අනිත් පැත්තෙන් හාමුදුරු කෙනෙකුත් ඉන්නවලු. රාලහාමි ඊට පස්සෙ කතාව කිවුවෙ මෙහෙමයි.

"මහත්තයෝ මම ඉතිං මැරිච්ච මිනිහෙක් එක්ක උනත් කතාකරන මනුස්සයනෙ. හම්බන්තොට ඉදල එනකල් කතාකරන්න හිතාගෙන හාමුදුරුවන්ගෙ මූන බැලුව. බලනකොට මට පුරුදු මූනක්නෙ මේ. බලනකොට මගේ වසමෙ හිටිය කරිවිල බාලමහත්තයනෙ මේ! හාමුදුරුවනේ කියන්නත් මොකද්ද වගේ, ඒත් මං ඇහුව මොකද හදිස්සියෙ මහණඋනේ, සසර කලකිරුනද? කියල. ඔව් සසර කලකිරුන කිවුව. ඊට පස්සෙ මං ඇහුව දැං කොහේද යන්නෙ කියල. ඒ ගමන මූ කියනවා, මූ කියන්නත් හොද නෑ මහත්තයෝ..... හාමුදුරු කෙනෙක්නේ,.... මම භාවනා කරන්න ගියා, ඒත් කොන්දෙ අමාරුවක් ආව. ඒකට බේත් ගත්ත. දවස් තුනක් තවන්න කියල තැවිල්ලක් දුන්න. දැං ගෙදර ගිහිල්ල දවස් තුනක් ඉදල තවාගෙන එනව"

"ඒ ගමන මම ඇහුව ගෙදර ගිහිං හාමිනේ දැක්කම සිවුර ගලවන්න හිතෙයිද දන්නෑ කියල. හාමුදුරුවො කියනව නෑ නෑ රාලහාමි එහෙම වෙන්නෙ නෑ. මගේ හිත හයියයි කියල. මේ මනුස්සයට අවුරුදු හැත්තෑවකටත් කිට්ටුයි. ගෑනි නං අවුරුදු 15කට විතර බාලයි. එදා අපි කතා කර කර ආව. මම ගෙදර ලගින් බැස්ස හාමුදුරුවොත් ගියා"

"ඊට පස්සෙ දවසක මම ගියා පොලට. කරිවිල ගොඩක් ලග මෙන්න දැකල පුරුදු මූනක් තියනව. බලනකොට බාලමහත්තයනෙ! මං ඇහුව මොකෝ බාල මහත්තයෝ සිවුරු ඇරියද කියල, බාල මහත්තය කියනව අනේ රාලහාමි කෑ ගහන්න එපා, එදා කොන්ද තවාගන්න ගෙදර ගියානෙ, නෝන කිව්ව ඉන්න කියල, ඊට පස්සෙ පන්සලට ගියේ නෑ කියල"

ඊලග කතාව කිවුවෙ තවත් රාලහාමි කෙනෙක්. මේක අසූ ගනන්වල වෙච්ච සිද්ධියක්.
ඒ කාලෙ ගංවතුරක් ඇවිල්ලද කොහෙද මිනිස්සුන්ට බෙදන්න දිස්ත්‍රික් කාර්යාලෙන් දීල තියනව පිගන් වගයක්. ඒක බෙදා දීමේ කටයුතු භාරව ඉදල තියෙන්නෙ කාර්යාලයේ වැඩකල එක් නිලධාරියෙක්. පිගන් ගෙනල්ල එයා භාරයේ තිබිල එයා ඒව බෙදන්න ගෙනගොස් තිබුන. ඔහොම කාලයක් ගියාට පස්සෙ අර නිලධාරියගෙ ගෙදර මොකක්දෝ උත්සවයක් තිබිල තියනව.(මට මතක විදියට නිලධාරියගෙ දුවගෙ "පාටියද" කොහෙද). ඒකට දිස්ත්‍රික් කාර්යාලෙ බොසා එහෙමත් ඇවිල්ල. මේ කස්ටිය කෑම කන්න ගියාමයි දැක්කෙ, කෑම මේසයෙ තිබුන පිගන් අර බෙදන්න දුන්න ඒව.(ඒ පිගන්වල තිබුන රටා විශේෂයක් නිසා ඕන වෙලාවක හදුනාගන්න පුළුවන්ලු).

මේක දැක්ක බොසා ඇහුවලු
"මිස්ටර්....., මේ අපි අර බෙදපු පිගන් නේද? මේව කොහෙන්ද?" කියල.
ඊට පස්සෙ නිලධාරිය කිව්වලු
"සර්... පිගන් ටික එකම විදියට තියෙනකොට ලස්සන නිසා මම ඒව බෙදූ අයගෙන් ඉල්ලගෙන ආව" කියල. කොහොමද මහත්තයගෙ ටිකිරි මොලේ?



83 comments:

  1. අය්යෝ කරවිල මහත්තයා

    ReplyDelete
    Replies
    1. ෂිකේ මම හිතුවෙ මම එක කියලා.

      Delete
    2. ;-)
      බට්ටී
      මීගොඩයගෙ කොමෙන්ටුව මකනවනෙ කලිං කිව්වනං. :-)

      Delete
    3. අය්යෝ බට්ටියෝ කලින් කියන්න එපැයි....

      Delete
  2. ඔයවගේ අය නිසා අපේ කියලා බුදු දහමක් අපිට නැතුව යනවා.

    ReplyDelete
    Replies
    1. බුදු දහම නැතිවෙන්නෙ නෑ. හරියට පිලිපදින අය ඉන්නකල්.

      Delete
  3. කරවිල මහත්තයා නම් ගෙදර ඇවිල්ල සිවුර ගලවලා තියල හින්දා කමක් නෑ කියමුකෝ. අපේ ගෙවල් පැත්තේ පන්සලක ඉන්න ප්‍රසිද්ද ලොකු හාමුදුරු කෙනෙක් ඉන්නවා. පොර දවල්ට පන්සලේ. රෑට ගෙදර. ළමයිත් ඉන්නවා දෙන්නෙක්ද කොහෙද? ආදායම් මාර්ගය තියෙන්නේ සිවුර හින්ද තමයි සිවුර දාගෙන ඉන්නේ. ඕව දැකල ලේ පුච්ච ගෙන කතා කරන්න ගිහිල්ල පවු සිද්ද වෙන්නේ අපට. මිනිහ කරන දේවල් කවද හරි යනකොට මිනිහම අරගෙන යයි. අපි මොකටද නිකං පවු පුරවා ගන්නේ කියලයි මට නම් හිතෙන්නේ.

    ReplyDelete
    Replies
    1. නිර්වාන මාර්ගය ආදායම් මාර්ගයක් වෙනව කියන්නෙ ඕකටයි!

      Delete
  4. දෙවෙනි කතාවෙ උත්තරේ ඒ නිලදාරියා බේරෙන්න හිතාගෙන කියපු එකක්ද නැත්නම් ඇත්තටමද කියලා තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. බේරෙන්න. එයා බෙදපු පිගානක් නෑ. බෙදන්න දීපුව එයා තියාගෙන

      Delete
  5. පුදුමයි ඒත් ඇත්තයි නේ ?

    ReplyDelete
    Replies
    1. ඒකනේ දැක්කනේ නෝනගෙ ගැටේට හාමුදුරුවො අහුවුන හැටි ;-)

      Delete
  6. //සර්... පිගන් ටික එකම විදියට තියෙනකොට ලස්සන නිසා මම ඒව බෙදූ අයගෙන් ඉල්ලගෙන ආව//

    මීට වඩා හොඳ උත්තරයකුත් තියෙනවා. "සර් මේ ගමේ පිඟන් කුලියට දෙන එකා ඒ සේරම සල්ලි වලට අරගෙනනේ (මගෙනුත් :D).

    ReplyDelete
    Replies
    1. ඔව් ඒක වඩා හොදයි. මෙන්න හොරකමට අනුබල දෙනව ;-)

      Delete
  7. තවාගෙන තවාගෙන යන කොට ශ්‍රද්ධාව වැඩිකමට කොහෙ කොහෙ තැවෙන්න ඇද්ද? නැද්ද සෑර්!

    ReplyDelete
    Replies
    1. සූස්තිටත් හිතෙන දේවල්!
      අතුරු ප්‍රශ්නයක්- සූස්තිගෙ බ්ලොග් එකේ ගැම්මක් ඇති පෝස්ටුවක් කලකින් නැත්තෙ මොකද?

      Delete
    2. ඇත්ත සෑර්, ඇත්ත! වේලාවක් නැහැ නේ
      මේ දවස් වල තණමල්විල පැත්තේ ඇස්ට්‍රොෆිසික්ස් රිසර්ච් එකකට කොටු වෙල නෙව. ඒකයි!

      Delete
  8. සමහර හාමුදුරුවරුන්ගේ කොඳු තවන්න හාමිනේලා පන්සල් වලටම යනවලු.

    පිඟන් කතාව වගේම එකක් දැක්කා මහවැළි කලාපයක රස්සාව කරන කාලේ. බ්ලොගක් ලියන්න හිතුන කාලෙක ලියන්නම්.

    ReplyDelete
    Replies
    1. ඒවගේ හාමුදුරුවරුත් ඉන්නව ඕන තරම්. බ්ලොග් එකක් ලියන්න කාලෙ හරි!

      Delete
  9. 1.නෝනා එහෙනම් හොදට තවලා....:P
    බලාගෙන අර අර ඇනෝ එයි...කකාට වගේ උඹටත් පව් වඩියක් දීලා යන්න....

    2.පිගන් තියෙන්නෙ බෙදාගන්න නේන්නම්....:D

    ReplyDelete
    Replies
    1. 1. කමක් නෑ. ආසාවනේ....
      2. ඒකත් ඇත්ත ඒත් බෙදාගන්නෙ නැතුව බදාගන්න එකයි අවුල.

      Delete
    2. හි . හි.

      මං අර ඇනෝ.. කතන්දර වගේ පණ්ඩිතකම් කරන්නේ නැතිව සමස්ත සංඝයා ඉලක්ක කර ගන්නේ නැතිව ලස්සනට ලියලා තියෙනවා. මෙතන පොර කතාවකුත් නෑ...

      නිරිඇල්ල මහතා, ඔබේ නිදහස් අදහස් වලට මම ගරු කරනවා, ඒත් ඔබ මාව වරදවා වටහාගෙනයි ඉන්නේ..

      Delete
    3. මෙයා නම් හොඳ ඇනෝ කෙනෙක් වෙන්න ඕනෙ...:)

      Delete
    4. ඔවු අනේ මං හරි හොඳායි.

      Delete
    5. Anonymous
      සමස්ත සංඝයා ඉලක්ක කරල මොකුත් කරන්න බෑ. මොකද එක එක්කෙනා එක එක විදියයිනේ. ස්තුතියි අදහස් දැක්වීමට.

      Delete
  10. ටිකිරි මාරි තිබ්බද ඒ කාලෙත්..... හිකිස්‌ හිකිස්‌....

    ReplyDelete
  11. ඉතාම ඉහලයි. හාස්‍යය සමග මුසුවූ මානව ස්වභාවය ලස්සනට කුළු ගැන්වුණු කතා. මේවගේ දේවල් තවත් ලියන්න. හරසුන් විහිලු වලට වඩා මෙවැනි කතාවල වටිනාකම ඉහලයි.
    http://jangun.wordpress.com/

    ReplyDelete
    Replies
    1. ආ... විචාරක මහත්මයට බොහොම ස්තුතියි. කියන්නත් බැරිවුනා... අද අර ක්‍රමේට පොලිෂ් කලා. 60% විතර සාර්ථකයි.

      Delete
    2. 60% කියන්නේ විශාල ප්‍රතිඵලයක්නේ. ඔහොම යං. 80% ට ආවනම් හොඳටම ඇති.

      Delete
  12. එහෙනං හාමිනේ තවන වැඩේ හොදටම කරලා තියෙනවා.

    ReplyDelete
  13. ඉතින් දෙයියනේ ඒ මනුස්සය හොඳයි නේ. සිවුර ගලවල ගෙදර නැවතුන එක කොච්චර හොඳද සිවුරෙ ඉඳන් පඩත්තලකම් කරනවට වැඩිය.
    මෙතනට අදාල නොවුනත් මම මගේ අත්දැකීමක් කියන්නම්. මීට කලින් නම් මම මේක කාටවත් කිව්වෙ නෑ. මම කවුද කියල පුද්ගලිකව දන්නෙ නැති නිසා කාටවත් ඒ පුද්ගලය කවුද කියල අනුමාන කරන්න බැරි නිසා මෙතන ලියන්නෙ. ලංකාවෙ සුප්‍රසිද්ධ රජමහ විහාරයක පිරිවෙනක උගන්වන තරුණ හාමුදුරුකෙනෙක් මම කාලයක් තිස්සෙ දැන ගෙන හිටිය. හැසිරීම කථාබහ හුඟක් හොඳ නිසා මමත් කැමැත්තෙන්ම ඒ මනුස්සය ආශ්‍රය කළා. (අර උඩුවෙ උන්නාන්සෙ වගේ එයාටත් නරකට හිටියෙ එයාගෙ රූපෙ කියල දැන් මට හිතෙනව.) මාස තුනකට විතර කලින් දවසක් හාමුදුරුවො එයාගෙ චිප් කිහිපයක තිබුණු ඩේටා වගයක් ඩීවීඩී එකකට රයිට් කරල දෙන්න කියල අපේ ගෙදරට අරන් ආවා. ඉතින් මම චිප්වල තිබුණු ඒව හාඩ් එකට කොපි කරල නැවත රයිට් කළා. හාමුදුරුවො කොහොම හරි දැනගෙන හිටිය කම්පියුටරෙන් ඩිලීට් කළාට ඒ ෆයිල් බින් එකේ තියන බව. “අයියෙ කොහොමද ෆයිල් ස්ථිරවම ඩිලීට් කරන්නෙ“ කියල අහල පානිය දාගෙනම මෑන් මම ලව්වම ෆයිල් ටික ඩිලීට් කරව ගත්ත. මම සාමාන්‍යයෙන් අනුන්ගෙ කුණු හොයන්න නොගියත්, මේ යකාට මේක ඩිලීට් කරන්න තිබුණු උවමනාව නිසාම එයා වැඩේ කරාගෙන ගියපු ගමන්ම පොඩි ස්කෑන් පාරක් දාල ඩිලීට් කරපු ෆයිල් ටික රීස්ටෝ කරගෙන බැලුව. මම හිතුව වගේම හාමුදුරු කොල්ලා, කෙල්ලෙකුත් එක්ක රූම් එකක අමු නිරුවස්තරෙන් ඉන්න වීඩියෝ වගයක් ඔය ෆයිල් අතරෙ තිබුණ. මම හිතන්නෙ මෑන් ම ෆෝන් එකේ වීඩියෝ ඕන් කරල පැත්තකින් තියල වීඩියෝ කරගතිපුව. ඇත්තටම මට ඒ වෙලාවෙ පුදුම කලකිරීමක් ඇතිවුණා. මම කෝකටත් වීඩියෝ ටික සේව් කරල අනිත් ෆයිල් ඩිලීට් කළා. අදටත් ඒව මගේ ළඟ තියනව. ඒත් ඊට පස්සෙ නම් ආයිත් ඒ ෆෝල්ඩරේවත් ඕපන් කළේ නෑ. (වෙන කාටවත් ඕපන් කරන්නත් බෑ. මම ඒක .iso ෆයිල් එකක් කරල පාස්වර්ඩ් එකක් දැම්ම.) අනිත් ප්‍රශ්නෙ දැන් මට එයාට මූණ දෙනකොට පුදුම අපහසුතාවයක් දැනෙන්නෙ. මම ඒව බලපු බව දන්නෙ නැති නිසා ඒ යකාට නම් ගානක් නෑ. ඒ වුනාට මම පුළුවන්තරම් එයාව මග හරිනව. කොහොම උනත් මම ඒ වීඩියෝ ටික කාට හරි කොල්ලෙක්ට ෆෝන්එකට දාල දුන්න නම් ඕක ගම පුරාම යනව. එහෙම උනොත් අර හාදයට සිවුරු ඇරල යන්න වෙනව. කාගෙවත් සිවුරක් ගලවන පවකට කරගහන්න මගේ නම් කිසිම බලාපොරොත්තුවක් නෑ. ඒ වුනාට ඒ යකා දකිනකොට වෙලාවකට මට ඌරු ජුවල්, සිවුරට අපහාස කර කර තවත් ඒක දරාගෙන වයසක මිනිස්සුන්ගෙන් වැඳුම් ගන්න කොට. එදයින් පස්සෙ මම ඔය කොළු හාමුදුරුවරු කිසිම එකෙක් වැඩිය ගනන් ගන්නෙ නෑ.
    ඒ නිසා තමයි මම කිවුවෙ හැඟීම් පාලනය කර ගන්න බැරි මිනිස්සු සිවුරටත් අපහාස කර කර ශාසනයත් විනාශ කරන්නෙ නැතිව ගෙදර යන එක ගොඩක් හොඳයි කියල.

    ReplyDelete
    Replies
    1. ඕව ඔහොම තමයි. බාලමහත්තය හාමුදුරුවො ගෑනු ගැටේට අහුවෙලා සිවුරුහැරි එක වැරැද්දක් කියල කියන්න බෑ. ප්‍රසිද්ධ හාමුදුරු කෙනෙක් කරපු ඔය වගේ සිද්ධියක් මාත් දන්නව. වෙන වෙලාවක ලියන්නම්.

      Delete
    2. @DDT : ඔයා කවුද කියල නොකිව්වට ඔයාගේ ගම අම්බලන්ගොඩත් - මාතරත් අතර කියල පැහැදිලියි. ඔයාට තියෙන්නේ එයාට කියන්න සිවුරු ඇරල ඕන මගුලක් කරන්න කියලා. අපරාදේ දුප්පත් මිනිස්සු අමාරුවෙන් හරි හම්බ කරන සල්ලි වලින් දෙන දානය.

      Delete
    3. @ අමුතු ඉලංදාරියා,
      ඔව් මම දකුණු පළාතෙ තමයි. අම්බලන්ගොඩත් - මාතරත් අතර කිව්වට වරදක් නෑ. ඒ වුනාට මම අර කියපු සුප්‍රසිද්ධ රජ මහා විහාරෙ තියෙන්නෙ නම් මේ පැත්තෙ නෙවෙයි. පොර නිවාඩු දවස්වල අපේ පන්සලට එන නිසා තමයි මම දන්නෙ. එයා අපේ පන්සලේ නේවාසිකව ඉන්න කෙනෙක් නෙවෙයි. මම මුලින්ම කිව්වනේ, ඒ මිනිහගෙ සිවුර ගලවන්න මූලික වෙන්න මට ඕන නෑ. මමත් එයාව මුලින් ආශ්‍රය කරපු හැටියට මට කවදාවත් ඒ වගේ දෙයක් නම් කරන්න බැරිවෙයි. තමන් කරන දේවල්වල ප්‍රතිඵලත් තමන්ටමයි. ඒ මනුස්සය කවද හරි කෙහෙල් ගහකට කොටපු දවසට මට්ටු වෙයි. මටත් මුලදි ලොකු ප්‍රශ්නයක් වුණා මොකක් ද කළ යුත්තෙ කියල. අවසානෙදි මම තීරණය කළේ නිහඬව ඉන්න එක තමයි හොඳම වැඩේ කියල. (අනෙක මම මුලින්ම කිව්ව වගේ ඒ හාමුදුරුවො හුඟක් තැන්පත්. ඒ වගේම බණට බෝධි පූජාවලට හරි දක්‍ෂයි. හරි ලස්සනයි. එයාව දන්න කියන හැමෝම එයාගෙ පින්පාටට රැවටෙනව)

      Delete
    4. ඕකට ඉතිං කාන්තා පාර්ෂවය පැත්තටත් වැරද්ද පැටවෙන්න ඕන .

      Delete
    5. DDT, මම නම් කියන්නෙ හොඳම වැඩේ අර ඉතිරි වීඩියෝ ටිකත් delete කරල දාන එක... ඒක තියෙන එකත් ඔය කතන්දරේ ආපහු මතක් වෙන්න හේතුවක් වෙන්න පුලුවන්... ඔය තරම් බරපතල නොවුනට, සුලු සුලු සිදුවීම් මමත් දැකල තියෙනව... ඒ හාමුදුරුවන්ට මගේ ගෞරවය නැති උනා මිසක් මං එච්චර ඒ ගැන හිතන්න ගියෙ නැහැ... :)

      Delete
    6. අමුතු ඉලංදාරියා
      //ඔයා කවුද කියල නොකිව්වට ඔයාගේ ගම අම්බලන්ගොඩත් - මාතරත් අතර කියල පැහැදිලියි//
      මාර හැකියාවක්නේ... :-)

      DDT
      ඕක ජාලෙට මුදා නොහැරියාට ඔබට පින් අයිති වෙනව.

      Delete
    7. පිං පාට විතරක් නෙමෙයි, තට්ටෙන් දෙන සොමියත් වැදගත්!

      Delete
    8. කකාටත් තට්ටෙ තියනව බුද්ධිගෙ චිත්‍රෙ හැටියට නං. අත්දැකීමෙන්ද කොහෙද කියන්නෙ.

      Delete
    9. @ කතන්දර,
      හික්ස් ... කතන්දර අත්දැකීමෙන් ම වෙන්ටෑ.
      දැන් ඉන්න උන්නාන්සෙල කොහෙද කතන්දර තට්ටෙ ගාන්නෙ. සමහරදාට මම කොණ්ඩෙ කපනව එයාලට වැඩිය කොටට.

      Delete
    10. This comment has been removed by a blog administrator.

      Delete
    11. @ DDT ඔය තත්වය පුදුම වෙන්න දෙයක් නෙවෙයි. මට නිරීක්ෂණය වන හේතු අංක පිලිවෙලින් මතකයේ හැටියට දක්වන්නම්.

      1. අද කාලයේ මහන කරවන කුල දරුවන්ගෙන් බහුතරය, මහණදම් පිරීම සඳහා පන්සලක සෑහෙන කාලයක් රඳවා තබා, දැඩි ශික්ෂණයකින් යුත් පූර්ව සූදානමක යොදවන්නේ නැත.

      2. රූපවාහිනී යන්ත්‍ර පන්සලට පැමිණීමත් සමග භික්ෂු ශීලය බිඳවැටීම කෙරෙහි ඉඳුරාම දැඩි බලපෑමක් එතින් ඇතිවිය. ගිහි ජීවිතයේ 'රසය' (රසය?) පෙන්වන ටෙලි නාට්‍ය නැරඹීමෙන් බොහොමයක් භික්ෂූන් වහන්සේලාගේ චිත්ත දමනයද ඉන්ද්‍රිය දමනයද පාරාජිකාවී ගියේය.

      3. ජංගම දුරකථන සහ පරිගණක භාවිතය පණිවිඩ හුවමාරුව සහ තොරතුරු තාක්ෂණ දැනුම යන අභිමතාර්තයන්ගෙන් ගිලිහී හුදු ඕලාරික, අශ්ලීල, ලාබ ශ්රුන්ගාරය හා කම්රසය විදීමේ මෙවලම් බවට භික්ෂු ප්‍රජාවේ බහුතරයකගේ සිත් තුල පැලපදියම්ව ඇත.

      4. කාන්තාවන් පන්සලට යනවිට වස්ත්‍ර සංවරය බිඳ දමා, රිලා කලිසම්ද හැඳ (පාරේ නටවන රිලවුන්ට අන්දවන කලිසම් හා සමාන කලිසම්) ශරීර අංගෝපාංග ප්‍රදර්ශනයේ යෙදීමෙන්, අර බහුමාධ්‍ය කාම ගුලාවේ මුලාවී සිටින භික්ෂුන් වහන්සේලා උද්දීපනයට ලක්වීමෙන්, අත්‍යන්තයෙන්ම සිල් පිරිහීම.

      5. භික්ෂු පරපුර පාලනය කිරීම, සංවර ශීලය වර්ධනය කිරීම, ශාසන විලොපය වලක්වා සංගායනාවක් පැවැත්වීම, යන අතිශයින් ප්‍රමුඛත්වයේ ලා සලකියහැකි කරුණු පසෙකලා, මහා නායක ස්වාමීන් වහන්සේලා මුනිවත රැකීම සහ රාජ්‍ය අනුග්‍රහයෙන් ලැබෙන පෞද්ගලික ලාභ ප්‍රයෝජන පස්සේ යමින් මුලාවේ ගැලී සිටීම.
      අසමි දකිමි සොයමි ලියන විචාරක

      Delete
  14. පුදුම පොරවල් තමයි...

    ReplyDelete
  15. උඹටත් හමු වෙන්නේ නියම චරිත. කතා දෙකම හාස්‍ය උපරිමයි.

    ජයෙන් ජය!!

    ReplyDelete
  16. 1. කොන්දේ අමරුව නිසා සසර ගමන කෙලවර කරන්න හිතන් පටන් ගත්ත ගමන නිමා වෙලා..

    2. පිගන් වලට උන දේම තමා ඔය ලැබෙන සහනාධාර වලටත් වෙන්නේ..

    ReplyDelete
    Replies
    1. කමක් නෑ. බාලමහත්තය සිවුරෙ ඉදගෙන නරක වැඩ කරන්න නැතුවැති.
      සහනාධාර ගැන නං කතා කරල වැඩක් නෑ. ලැබිය යුත්ත ඇරුනම අනිත් අයට නං ලැබෙනව.

      Delete
  17. මං දන්නා හාමුදුරු නමක් ඉන්නවා ගාල්ලේ ඉදලා මෙහෙ ඇවිත් ගේකට රිංගලා දවස් දෙකක් විතර ඉදලා ආයේ යනවා.මේ ගෙදර ඉන්නේ මිනිහෙක් නැති ගෑනියෙක්.

    ReplyDelete
    Replies
    1. ගමේ මිනිස්සු "පියවරක්" ගන්නෙ නැද්ද?

      Delete
  18. අම්මප ඔය වගේ එවුන්ව...

    ReplyDelete
    Replies
    1. උල තියන්නද? ගල්ලහන්නද?

      Delete
  19. මට මුලින්ම හිතුණෙ බස් එකේ යනකොට ෂීට් එකක් හම්බෙන නිසා තාවකාලිකව දාගත්ත සිවුරක්වත්ද කියලා..... මේ ඊයෙ පෙරේදා අපේ ගෙවල් පැත්තේ විකුනන්න පොරක් ආවා... ඒවා සෙුනාමිය දවස්වල බෙදන්න දීපුවාලු.... ඔන්න බොදිලි කොහෙත් ඔහොමයි...

    ReplyDelete
  20. ඇත්තටම අද තරුණ පරම්පරාව පන්සලෙන් ඈත් වෙන්න ප්‍රධාන හේතුවක් ඕක...
    අන්තිමට වැඩිහිටියන් බනින්නෙ...තරුණයන්ට..!

    ReplyDelete
    Replies
    1. ඔව්.... බැනල වැඩක් නෑ.

      Delete
  21. අයියෝ ..... යෝ යෝ...
    නියම කතා දෙක !!!
    අර කරිවිල මහත්තැන් නම් මරේ මරු ඈ.

    ReplyDelete
  22. හාමුදුරුවරු ගැන මාත් කතා ගොඩාක් දන්නවා.....අනේ මොකටද පව් සිද්ද කර ගන්නෙ..එයාල යන ලොකෙට එයාල යාවි..අපි යන ලෝකෙට අපි යාවි....(අම්මෝ මගදි වත් හමු වෙන්න නම් එපෝ.)

    ReplyDelete
    Replies
    1. ඒගොල්ලට නං හාමුදුරුවරු කියන්න බෑ.

      Delete
  23. අර දෙවෙනි කතාව තමා වැඩියෙන් ලස්සන. මාර පිඟන් බෙදිල්ල නේද? :D

    හාමුදුරු කතාවත් නරක නෑ. පන්සල්වල ඉඳන්, දෙසිය ගානක සීලයක් රකින ගමන්, නෝනලා තියාගෙන ඉන්නවාට වඩා ඒක පව් නැහැනේ.:)

    ReplyDelete
  24. කරිවිල මහත්තයට කරිවිල මහත්තය කියල කියන්න පටන් ගත්තෙ කොහොමද කියල රාජ් ඇහුවෙ නැද්ද? :)

    ReplyDelete
    Replies
    1. අයියෝ ගම්වල මිණිස්සුන්ගෙ නම් හැදෙන විදිය දන්නෙ නැද්ද? ඒක පොදු ෆෝමැට් එකකට වෙන්නෙ. මේ කතාවෙ කරිවිල බාල මහත්තයගෙ නම හැදුන විදිය දන්නෙ නැතත් අපට පුළුවන් 100%ක් නිවැරදිව උපකල්පනය කරන්න.

      ගම්වල මිනිස්සුන්ට එක එක ආරූඪ නම් තියනවනේ. කිරිමහත්තය, බාල මහත්තය, පොඩි මහත්තය.... ඔය විදියට. ඒ නම් දෙන්නෙ එක්කෝ දෙමවුපියන් නැත්නම් ලගම ඥාතීන්. එයාල උප්පැන්නෙ නම භාවිතා කරන්නෙ නෑනෙ. අනෙක පවුල්වල ලමයි ගනන වැඩියිනේ. මොකක් හරි නමක් දෙන්න වෙනව. මේ කතාවෙදි ඒ විදියට දුන්න නම "බාල මහත්තය". ඊට පස්සෙ ළමය ලොකු වෙලා මොකක් හරි රස්සාවක් කරනව. ඊට පස්සෙ ඉබේම එයින් කොටසක් එකතු වෙනව. ඒ කියන්නෙ බාල මහත්තය කරිවිල විකුණනව/වගා කරනව කියන්නෙ ඉබේම එයා කරිවිල බාල මහත්තය වෙනව. කොච්චර සරළද!
      අපේ ගමේ ඉන්නව මේ විදියෙ නම් තියන කිහිප දෙනෙක්, බුලත් සෝමෙ, කියත් රංජි(මෙයා ගස්කැපීම කරනව. ගස් කපන යන්ත්‍රයක් ඉස්සෙල්ල ගෙනාවෙ එයා), මිරිස් රාජ.....

      Delete
  25. ෂා මරැ කතා දෙක

    ReplyDelete
  26. මම මෙහේ කොමන්ට් නොකලාට බොහොම ආශාවෙන් කියවන බ්ලොග් එකක් මේක.... කොටින්ම රවී අයියාගේ මුල්ම කතාවල ඉඳන් ආශාවෙන් කියවන එකක්....

    අර වයසක කරිවිල මහත්තයාගේ සීලේ නම් මරු... පුළුවන්කාලේ උපරිමයෙන් ජීවත් වෙලා වයසට ගිහින් යමක් කමක් කරගන්න බැරි වෙනකොට මහණ වෙන එකත් මරු ආතල් වගේ.... ( ඒ උනාට අද කාලේ ඉන්න හමුදුරුවන්ට නම් වඩා ඒකත් හොඳයිද කොහෙද?......

    අර පසුගිය කාලේ ලංකාවේ සුනාමිය ආව වෙලේ මාත් ආව අපේ සිවිල් සර්විස් එක්ක. ඉතින් ඒ කාලේ අපිත් එක්ක වැඩකරපු එක්තරා සංවිධානෙක ලොකු තනතුරක් දරපු කෙනෙක් පස්සේ කාලෙකත් හිතවත්ව තියාගත්ත හින්දා පසු ගිය ලංකාවට ආ වෙලේක එහේ ගියා. මෙන්න යකෝ අපේ සිවිල් සර්විස් සයින් එක තියෙන ලොකු ටෙන්ට් එකක් ගහලා මූ හෙන පාටියක් දෙනවා ගාඩ්න් එකේ. මට ඒක දැක්ක ගමන් බකස් ගාලා හිනා ගියා.
    ඒ විතරක් නම් කමක් නෑ කියමුකො මූ අපේ අක්කටත් ඒවයින් එකක් විකුණලා රුපියල් තිස්දාහකට.....

    ReplyDelete
    Replies
    1. කියවන්නත් සතුටුයි. බොහොම ස්තුතියි ප්‍රථිචාරයට.
      වයසට ගියාම මහණවෙන එකේ ලොකු වරදක්නං මම දකින්නෙ නෑ. මොකද බුදු හාමුදුරුවොත් කියල තියනව වයසට යන්න යන්න පින් දහම් වැඩි වැඩියෙන් කරන්න කියල.(හැබැයි හරියට!)

      //අපේ අක්කටත් ඒවයින් එකක් විකුණලා රුපියල් තිස්දාහකට.//
      ඌ නං අදහන්න වටින එකෙක්.
      ලංකාවෙ ආධාර බෙදීමේ තත්වය තමයි ඕක. සුනාමි ආව වෙලාවෙ සුනාමිය නිසා හොදටම කරදර වෙච්ච උදවියට ආධාර ගැන හිතන්න වෙලාවක් තිබුනෙ නෑ. දේපල නැතිවෙලා ඥාතීන් මැරිල ....කොටින්ම ජීවත්වීම එපාවෙලා තිබුනෙ ඒ අයට. නමුත් අසරණ භාවයට පත් නොවුන උදවියට ඒ ගැටළු තිබුනෙ නෑ. එයාලට අරවගේ හොරකම් සිදුකරන්න හිත හදාගන්න විතරයි තිබුනෙ :-)

      Delete
  27. හෙහ් හෙහ්.... නියමනේ :-)

    එන්න පරක්කු උනා..අද ගෙදර ආවේ..
    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. රාජ සම්පත් = රජ සැප = රජ කෙනෙකුට ලැබෙන සැප.
      රජ කෙනෙකුට ලැබෙන සැප ගන්න රජ වෙන්නම ඕන. ඒ කියන්නෙ දැං ඉන්න රජතුමා යන්න ඕන. බුදු අම්මෝ මේක සුදු වෑන් කේස් 1ක් නෙවේද මං අහවන්නෙ.

      Delete
  28. අපේ කොල්ලෙක් මහන වුනා. හාමුදුරුවො වෙලා ගමට ආවහම අපි ඔක්කොම ගියා හාමුදුරුවන්ව බලන්න.

    හාමුදුරුවෝ - දැන් සචිත්‍ර මොකද කරන්නේ..?
    මිතුරා - මම ඒලෙවල් කරනවා.
    හාමුදුරුවෝ - හොදයි හොදයි.. මොනවද සබ්ජෙක්ට්?
    මිතුරා - බයෝ මචං..

    සත්‍ය සිද්දියකි ..

    ReplyDelete
    Replies
    1. සෑමා පණපිටින් නේද?

      Delete
    2. ඔව් බං ඔය ඉන්නෙ, පහුගිය දවස් දෙකේ තමයි අතුරුදන්වෙල හිටියෙ. මිනිහ හන්දිය පැත්තට ගියපු වෙලාවෙ සුදු වෑන් එකක ආව අයියල කට්ටියක් එයාව පොඩි රවුමක් ඇවිද්දවන්න එක්ක ගිහින්. ඕන් ආරංචියේ හැටියට දෙකක් ඇනල කිව්වළු මීට පස්සෙ එහෙම ඕන නැති හු_තවල් ලියනව නෙවි කියල. දැන් මිනිහ ලියන්නෙ ආගම දහම ගැන විතරයි. :D

      Delete
    3. සෑමට එහෙමත් සීන් එකක්ද?

      Delete
  29. ඔහොම රාජ්‍ය නිළදාරියෝ වාසනාවන්!

    ReplyDelete
  30. හාමුදුරුවරු ගැන කියන්න මටත් කතා ගොඩක් තියේ ඒත් ඉතින් ඕවා කියලා අන්තිමේදි නරක නාමේ අහගන්න වෙන්නේ අනික් හාමුදුරුවරුන්ටයි අපිටයි නිසා ඒවා නොකියා ඉන්න එක හොඳා... මොනා උනත් ගෑණු මායම් හමුවේ කවුරුත් අසරණ වෙනවනේ තැවිල්ල ලෙසටම තවලා ඇති නැත්තම් මොකැයි ඒ

    ReplyDelete