Thursday, May 31, 2012

වැරදි තැනින් ඇල්ලීම.

සර්පයාගේ ඇල්ලිය යුත්තේ බෙල්ලෙන් බව අපේ පැරණි කියමනක් ඇත. එසේ නොවුවහොත් ඇතිවන ප්‍රථිඵලය ගැන අමුතුවෙන් කතා කිරීම අනවශ්‍යය. ලංකාවේ ප්‍රශ්නද විසදීම සිටින වගකිවයුත්තන්ද භාවිතා කරන්නේ බෙල්ලෙන් ඇල්ලීම නොව එහෙන් මෙහෙන් ඇල්ලීමේ ක්‍රමවේදයයි. මෙය ලිවීමට සිදුවූයේ හේතු දෙකක් නිසාය. එකක් නම් පසුගිය දිනක මා නැරඹූ රූපවාහිනී සාකච්ඡාවක්ය. අනෙක මා කියවූ බ්ලොග් සටහනක්ය.

රූපවාහිණී සාකච්ඡාවට සහභාගී වූ ස්වාමීන් වහන්සේ බුදු දහම ගැනත් එහි පිරිහීම ගැනත් එය රැකගැනීමට ක්‍රියාකල යුතු ආකාරය ගැනත් දීර්ඝ වශයෙන් කරුණු ගෙනහැර දැක්වීය. ඊට අමතරව පන්සල් යාම, දෙමාපියන්ට සැලකීම-නොසැලකීම, සමාජයේ පවතින යම් යම් විෂම දෑ ආදිය ගෙනහැර දැක්වීය. එහෙත් උන්වහන්සේ කතා නොකලේ ගෞතම බුදුන්ගේ ප්‍රතිපත්ති, රැකීමේ අවශ්‍යතාවය ගැන පමණි. මගේ ප්‍රශ්නය බුදු දහමේ "මූලික හරය" අමතක කරදැමූ පසුබිමක ඉහත දැක්වූ උප-කාරණා ‍ඉෂ්ඨ වීම සිදුවිය හැකිද යන්නයි. එහෙත් ඒ පිලිබද කතාකිරීම අමතක කරදමමින් සිටී.

දැන් තවත් කාරණයක් සලකා බලමු. රාජ්‍ය සේවයේ අකාර්යක්ෂමතාවය ඇතැයිද වංචා දූෂණ ඇතැයිද චෝදනා කරන්නන් බොහෝය. විශේෂයෙන්ම වැඩ බැරි දේශපාළුවන් තම නොහැකියාව රාජ්‍ය සේවකයන් පිටින් යැවීමට කැසකවනු දැකිය හැකිය. ඔවුන්ට අනුව නම් ප්‍රශ්නය ඇත්තේ රජයේ සේවකයන් තුලය. මෙයින් අදහස් වන්නේ රාජ්‍ය සේවකයන් යහපත්ය යන්න හෝ ඉහත කී දුර්වලකම් ඔවුන් තුල නැතැයි යන්න නොවේ. ප්‍රශ්නය අල්ලාගෙන ඇත්තේ වැරදි තැනකින් බවය. මේ වනවිට රාජ්‍ය සේවය සම්පූර්ණයෙන්ම පාහේ ජඩ දේශපාලනයට නතුව ඇත. දාහත් වසරක එජාප පාලනයකින් පසු චන්ද්‍රිකා මැතිණියගේ සමයේ යම් ධනාත්මක හැරවුමකට රාජ්‍ය සේවය යොමුවන ලකුණු දුටුවත්, ස්වාධීන කොම්ෂන් ආදිය අහෝසිකර දමමින් දැන් ගමන් කරන්නේ වඩාත් අයහපත් වූ දිශාවකට බව සිතාගැනීම අපහසු නොවේ. මේ වසර තුල රැකියා විරහිත උපාධිධාරීන්ට පත්වීම් ලබාදුන් ක්‍රමවේදයෙන්ම එය තහවුරු වේ.

මෙවැනි විකාර රූපී දෑ ශ්‍රී ලංකාවේ අන්‍යතාවය වන තරමටම සමාජය තුලට විහිදී ඇත. පසුගිය ජනාධිපතිවරණය අවසානයේ සිදුවූ සරත් ෆොන්සේකා මහතාගේ අත්අඩංගුවට ගැනීමේ ක්‍රියාවලිය සලකා බලමු. සමාජයේ බොහෝ දෙනා ඔහු අත්අඩංගුවේ තබා ගැනීමට විරුද්ධ වුවත්, "එයා දේශපාලනයට එන්න ඉක්මන් උනා වැඩියි", "ජෙප්පොයි යූ.ඇන්.පී කාරයොයයි එයා අමාරුවේ දැම්ම" වැනි ප්‍රකාශයන් සිදුකලේ ප්‍රශ්නයේ මූලික බීජය වන "ශ්‍රී ලංකාව තුල ප්‍රජාතන්ත්‍රවාදය කඩවීම" අමතක කර දමමිනි.

මෙවැනි උදාහරණ කොතෙකුත් දැක්විය හැකිය. ප්‍රශ්නය ඇත්තේ කොතැනදැයි නිවැරදිව හදුනාගන්නා දිනෙක ඒවාට විසදුම් නිරායාසයෙන් මෙන් ලැබෙනු ඇත.

සටහන අවසන් කිරීමට මත්තෙන් ඔබවෙත ප්‍රශ්නයක් ඉදිරිපත් කරනු කැමැත්තෙමි. ප්‍රශ්නය හදුනාගෙන විසදුමක් ඉදිරිපත් කරන්න.(කැමති අයට) ;-)

සහනාධාර බෙදීම සදහා වන එක්තරා රජයේ කාර්යාලයක් අගනුවර පිහිටුවා ඇත. රටේ නොයෙකුත් ප්‍රදේශ වල වෙසෙන දිළිදු ජනතාව විශාල පිරිසක් විවිධ කාර්යන් සදහා කාර්යාලයට පැමිණේ. ගොඩනැගිල්ල තුලදී ඔවුන්ට නිසි මගපෙන්වීමක් කිරීමට කිසිවෙකුත් පත්කර නැත. බීමට ජලය ටිකක් හෝ ශාරීරික අවශයතා ඉටුකරගනු වස් වැසිකිලි පද්ධතියක් නැත. මේවැනි ස්ථානයක අනිවාර්යෙන්ම සිදුවිය හැකි පරිදි අල්ලස් ලබාගැනීම් වැනි අක්‍රමිකතා ඕනෑ තරම් ඇත.
ප්‍රශ්නය/ප්‍රශ්න මොනවාද? විසඳුම කුමක්ද?
(මෙය එක්තරා වර්ෂයක රජයේ උසස් සේවාවක් සදහා බදවාගැනීමේ විභාගයකට ඇතුලත් වූවකින් කොටසකි. ලිපියට ඇති අදාලතාවය නිසා එක්කරන ලදී. ලොකුම විහිවව නම් මෙවන් ප්‍රශ්න වලට පිලිතුරු සපයා රාජ්‍ය සේවයට පැමිණෙන්නන් හට ඉන්පසු උපදෙස් ලබා දෙන්නේ අට වසර හෝ පාස් නැති අමනයන් වීමය).





31 comments:

  1. ඇත්ත මචං මුදල් වලට පිංසිද්දවන්නට රජයේ ලොකු තානන්තර දරන දෙශපාලුවන් නිසා ආයතනටත් ඒමගින් ආයතන සේවකයන් හටත් අවමානයන් විඳගැනිමට සිදුවී ඇත...
    අක්‍රමවත් රාජ්‍ය සේවක බඳවා ගැනිම් නිසා රාජ්‍ය ආයතන තව තවත් අගාදයටම වැටෙමින් පවති. දෙශපාලුවන්ගේ බලපැම් මත නුසුදුස්සන් පරිපාලනයේ ඉහලම පුටුවලට පත්විමෙන් ආයතන අගාදයේ පතුලසිඹින්නට ඔන්න මෙන්න කියා සිටින මොහොතකි මේ.

    ReplyDelete
  2. නියම කාරණයක් මතුකරලා තියෙන්නෙ.... සමාජයේ අද පවතින ඔණෑම ප‍්‍රශ්නයක් ගත්තොත් ඒකට ගේන්නේ පැලැස්තර විසඳුම්..අධ්‍යාපනය සෞඛ්‍යය අධිකරණ ඔනෙම තැකින් උදාහරණ දෙන්න පුළුවන්

    ReplyDelete
  3. සුදුස්න්ට සුදුසු තැන ලැබීම,ජනතාවගෙ පාට පාට දෙශපාලන අාකල්ප වෙනස් වීම වගෙ දෙවල් උනොත් රට නැංවෙයි...

    ReplyDelete
  4. රාජ්‍ය සේවය කියා එකක් ලංකාවේ නෑ. කරන්නේ රජයට සේවය කිරීම. රජය කියන්නේ තුමා ඇතුළු පිරිස.

    පොලිසියේ රාජකාරිය නීතිය හා සාමය රැකීමයි. අහන කොටත් විහිළුවක් වගේ නේද හිතෙන්නේ?

    ආගමික සංස්ථා සහ රජයත් වෙන්කරන්න ඕනෑ.

    ReplyDelete
    Replies
    1. ඒකනෙ ඇමතිවරු සහ ජනාධිපති අතින් රාජ්‍යසේවයෙ පත්වීම් ලිපිය ගන්නෙ ( දෙන්නෙ ).

      Delete
  5. හරි සෙරම පෞද්ගලීකරනය කරමු එතකොට හරියයි

    ReplyDelete
  6. //ලොකුම විහිවව නම් මෙවන් ප්‍රශ්න වලට පිලිතුරු සපයා රාජ්‍ය සේවයට පැමිණෙන්නන් හට ඉන්පසු උපදෙස් ලබා දෙන්නේ අට වසර හෝ පාස් නැති අමනයන් වීමය//

    රාජ්, ඇත්තටම දේසපාලුවො රාජ්‍ය සේවයේ ඉහල ඇත්තන්ට බලපෑම් කරනවා තමයි. ඒත් මමනම් දකින්නේ මේ ඉහල තැන්වල ඉන්න පිටකොඳු කඩාගත්තු පරිපාලන සේවයේ ඉන්න අමන නිලධාරී රැළ ඒකට වැඩියෙන් වගකියන්න ඕනෑ කියලයි. ඒ අය මේ දේසපාලුවො විතරක් නෙවෙයි උන්ගෙ වට පිටේ ඉන්න අට පාස්වෙලා (සමහර කාලයක් පහ පාස් වුන අයත් ගත්තා) රජයේ සේවෙටම ආපු මෝඩයන් කියන වැඩත් (මම මේ කියන්න කා.කා.ස. අය නෙවෙයි) කිසිම ලැජ්ජාවක් නැතිව කරන්න සූදානම්. අර කියන අමන දේසපාලුවන්ට මේ ගැන තේරුම් කරලා දෙන්න පුළුවන් අවස්ථාවකදී වත් ඒ ගැන උන්ට පැහැදිළි කරන්න මේ නිලධාරී අමනයන් බයයි.

    ReplyDelete
    Replies
    1. තමුන් ඉගෙන ගත්ත සිල්පයටත්, හිතට එකගව තීරණය ගන්න නිලධාරියෙක්ට වර්තමාන රාජ්‍ය සේවයේ ඉහල තැනක ඉන්න බෑ...ඇමතියා නෑත්නම් ජනපති කියන ඕනා දේකට එහෙයි කියන ...කියන්නත් කලින් පැනල දෙන අය විතරයි තීරණ ගන්න තනතුරු වලට පත් කරන්නේ...හැකියාව වෙනුවට කඩේ යෑම තමයි ඉහල තැනකට යන්න සුදුසුකම...අද දයාන ජයතිලකලට, තමාරා කුමානයගමට ව්ගේ අයට වෙලා තියෙන්නේ දෙන දයක් කාල වෙන දයක් බලන් නොහිටපු එකේ ආනිසංසය තමයි.......

      Delete
    2. ඇනෝ ගෙයි Mayyaගෙයි කතා ඇත්ත... කොන්ද කෙලින් තියන් වැඩක් කරන්න පුලුවන් රාජ්‍ය සේවකයො ඉන්නෙ බොහොම පොඩ්ඩයි... ඒ, යමක් කමක් තියෙන පවුලකින් ආපු අය... ලොක්කත් එක්ක අසාදාරනේට විරුද්ධව කතා කරල, ඊට පස්සෙ එලියට බහින්න උනොත්, දඬුවම් මාරු හම්බ උනොත් ඒව ඔරොත්තු දෙන කෙනෙක් ඇරෙන්න වෙන මනුස්සයෙක්ට ඔය වැඩේ කරන්න බැහැ...

      Delete
    3. AnonymousMay 31, 2012 5:00 PM
      මං හිතන්නෙ ඔයත් වැරදි තැනින් අල්ලගත්ත කියලයි. උදාහරණයකට බලන්න ප්‍රාදේශීය ලේකම් කෙනෙකුයි ප්‍රා.සභාවක මන්ත්‍රී කෙනෙකුගෙයි වෙනස. එක මිනිහෙක් පාස් කරන්න තියන ඔක්කොම විභාග පාස් කරල(හැබැයි ඒ කියන්නෙ සියල්ල දත් කියන එක නෙවේ)රාජ්‍ය සේවයට ඇවිල්ල තියෙන්නෙ. අනෙකා ජනතා නියෝජිතයෙක්(?). ඒත් දෙවනියට පුළුවන් පලමුවැන්නට බලපෑම් කරන්න. නොකලොත් උතුරු නැගෙනහිරට කරන මාරුවක ඉදල ඇසිඩ් ප්‍රහාරයක් දක්වා ඕන දෙයක් වෙන්න පුළුවන්.
      ඉතින් ප්‍රශ්නයට නියම හේතුව හදුනාගන්නෙ නැතිව දෙන විසදුම් අපතෙ යනව විතරයි.

      Delete
  7. උඩ ඉඳන් පහලට බැලුවත්...පහල සිට උඩට බැලුවත් මේක තමයි හේතුව.
    "Wrong person at wrong place!!!"

    ReplyDelete
  8. සම්පූර්ණ ඇත්ත සහෝදරයා..මේවා අහන දකින කොට එපා වෙනවා රාජ්‍ය ආයතන ගැන කතා කරල වැඩක් නහැ. එතුමලගෙ පක්ෂෙ උනොත් තමයි වැඩක් කර ගන්න පුලුවන්. ඒ තත්වයට රාජ්‍ය සෙවාව ඇදල දාල තියෙන්නෙ..

    ReplyDelete
  9. //ලොකුම විහිවව නම් මෙවන් ප්‍රශ්න වලට පිලිතුරු සපයා රාජ්‍ය සේවයට පැමිණෙන්නන් හට ඉන්පසු උපදෙස් ලබා දෙන්නේ අට වසර හෝ පාස් නැති අමනයන් වීමය)//

    ReplyDelete
  10. බල තන්හාව නිසා පාලකයෝ පත්වීම් දෙන්නේ තමන්ගේ හෙන්චයියන්ට.ඒ හෙන්චයියන්ලා තමා ඊළඟ චන්දෙදිත් කතිරේ ගහන්නේ. සුදුස්සෙකුට පත්වීම දුන්නොත් ඒ සුදුස්සගෙන් තමන්ට සෙතක් නොවන නිසා මේ සිද්දිය දිගින් දිගටම සිද්ද වෙනවා. මට තේරෙන විදියට මනාම ක්‍රමය නැති දවසක් ආවොත් මේ දේ වෙනසක් දකින්න පුළුවන් වෙයි.

    ReplyDelete
  11. මට නම් මේවා තේරෙන්නේ නැහැ මට තේරෙන්නේ හැමදේම වැරදියි කියලා මේ ලිපියෙන්.

    ReplyDelete
  12. අනේ මන්දා! සුද්ද කරන එක උනත් කොහෙන් කියලා පටන් ගන්නද?

    ReplyDelete
  13. රටේ ඉන්නේ ජනාධිපතිගේ ඉඳන් හොරු නම් ඉතිං කවර කතාද :D

    ReplyDelete
  14. දේශපාලුවන්ට එතෙන්ට එන්නට ඉනිමං බැන්දෙත් අපේ මෝඩයෝන් ම තමය්
    හෙට චන්දයක් තිබ්බත් ඒක වෙනස් වෙන එකක් නෑ රෑ වැටුණු වලේ දවාලෙත් වැටෙනවා අපේ කට්ටිය

    ReplyDelete
  15. මේ ගැන මගේ අදහස කෙටියෙන් කියන්න බෑ බන්...

    ReplyDelete
  16. රජයේ කාර්යාලයකට වැඩක් කරගන්න යනවට වඩා හොඳයි අපායේ ට්‍රිප් එකක් යනවා, පුදුම රස්තියාදුවක් දෙන්නෙ,රෙගුව,පොලිසිය,තැපැල,දුම්රිය දෙපාර්තුමෙන්තුව,ප්‍රාදෙශිය ලේකම් කාර්යාල, ප්‍රාදේශිය සභාව ඔවට වැඩක් කරගන්න යනව කියන්නෙ දවසම ඉවරයි....එදාට වෙන වැදගත් වැඩ තියාගන්න බැහැ

    ReplyDelete
  17. දේසපාලු බලෙන් ඇතුලට රිංගලා ඔහේ ඉන්නාව වැඩක් නොකර. එහෙම ඉදල පඩිය අරන් පැත්තකට වෙනවා. රටට වැඩක් නැහැ. අලුතෙන් දෙයක් හිතල කරන මට්ටමේ එවුන් රාජ්‍ය සේවයට ගියත් ඒව කරන්න බැහැ. මොකද අනිත් එකාල හරස් කපනව. නැත්තම් උන්ට අනුගත වෙනවා.

    ReplyDelete
  18. ඔබ අසා ඇති ප්‍රශ්ණයෙහි ප්‍රශ්ණය වන්නේ සහනාධාර අවශ්‍ය අය සහනාධාර දෙන්නන් සොයා පැමිණීමයි කොටින්ම ගැටළුවට මුහුණ දුන් අය විසඳුම් දෙන තැන වෙත යායුතු වීමයි. එවිට බස් ගාස්තු වශයෙන් සැලකූවත් යන මුළු වියදම වැඩිය. එහෙත් විසඳුම් දෙන්නා ප්‍රශ්ණය වූ පිරිස් වෙත ගියා නම් ? ප්‍රශ්ණයට මුහුණ දුන් අයට විඳින්නාට වෙන විවිධ තාඩන පීඩන අඩු වනවා මෙන්ම ඔවුන් පත් වී ඇති සැබෑ තත්වය නිළධාරියාට තේරුම් ගැනීමට හැකි වීම් නිසා ආධාර දීමේ ක්‍රියාවලියද කාර්යක්ෂම වනවා ඇත.

    ReplyDelete
    Replies
    1. බොහොම හොදයි! ප්‍රශ්නෙට උත්තරේ එක්කෙනෙක් හරි දුන්න එක ගැන සතුටුයි. උත්තරේ ලගටම ඇවිල්ල තියනව. ඒ කියන්නෙ කරන්න ඕන දේ තමයි එක ස්ථානයක තියන මේ කාර්යාලයේ කාර්යන් අඩුම තරමින් දිස්ත්‍රික් ලේකම් කාර්යාල/ප්‍රාදේශීය ලේකම් කාර්යාල වගේ පහල මට්ටමට විමද්‍යගත කිරීම. එතකොට තමන්ගෙ කොට්ඨාසය තුලදි වැඩේ කරගන්න සේවා දායකයාට හැකියාව ලැබෙනව. ඕකට හොදම උදාහරණය තමයි රියදුරු බලපත් නිකුත් කරන වේරහැර තියන මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කටයුතු දිස්ත්‍රික් ලේකම් කාර්යාල වලට පැවරීම. ඉස්සර වේරහැර සිදුවුන හොරකම් කොච්චරද කියල දන්නෝ දන්නව. ෆෝම් පුරවල දීල සල්ලි කඩාගන්න "කාක්කො" පවා බිහිවෙලා හිටිය. දැන් තත්වය සාපේක්ෂව ඉතාම හොදයි කියන්න පුළුවන්.

      Delete
    2. මම දැක්ක හොඳම තැනක් තමයි VSF Global - ඉන්දියන් වීසා ගන්න තීන පුද්ගලික ආය්ථනය. එතන කරන්නේ ඉන්දියන් මහ කොමසාරිස් කාර්‍යාලයෙට අව්ශ්‍ය පරිදි අය්දුම්පත් සැකසීමේ අතරමැදි කටයුත්ත. විසා ගන්න පුලුවන් දවස් ගාන් එයාලා හරියටම කියනවා. මෙ කතාවට අදාල නැති වුනත් හොඳ තැනක්.

      Delete
  19. අනේ මම නං දන්නෙ නෑ...

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  20. මට ඔය ලංකාවෙ කරන පිස්සු විකාර තේරෙන්නෙ නැහැ..ඔයා ලියල තියෙන්නෙ හොඳ පෝස්ට් එකක්...

    ReplyDelete
  21. මේ මජර ක්‍රමය ගැන අපි කතා කරල වැඩක් නෑ රාජ්. වෙන එකම දේ අපි අමාරුවෙන් හම්බකරන් කාලා හදාගෙන තියන ලේ ටිකත් පිච්චෙන එක විතරයි. ලියන්න නම් ගොඩක් දේවල් තියනව. ඒත් ඉතින් මේක කමෙන්ට් එකක් විතරනේ.
    දැන් බලන්න ඔයා කියන්නෙ අපි ප්‍රශ්නෙ වැරදි තැනින් අල්ල ගන්නව කියල. ඔව්, අපේ පාලන තන්ත්‍රය ගැන බැළුවොත්නම් එයාල ප්‍රශ්නය මොකක්ද කියල හඳුනගෙනවත් නෙවෙයි විසඳුම් දෙන්නෙ. ඒ විසඳුමම තවත් ප්‍රශ්නයක්. අද සිස්ටම් එක ඒක තමයි.
    ඒත් අපි රටේ ජනතාව ගැන බැලුවොත් නම් තත්ත්වය වෙනස්. මොකද එයාල ප්‍රශ්නෙ වැරදි තැනින් අල්ලනව තියා බොහෝවිට ඒක ස්පර්ශ කරන්නෙවත් නෑ. අඩු තරමෙ ප්‍රශ්නයක් තියනව කියල හඳුනගන්නෙවත් නෑ. හොඳම උදාහරණෙ 18 වෙනි සංශෝධනය සම්මත කරගැනීම. ව්‍යවස්ථාවෙන්ම රටේ ජනතාවට ලබා දීපු වරප්‍රසාද මහදවල් මංකොල්ල කද්දි රටේ බහුතරය වගේ වගක් නැතිව හිටිය. උගත්ය කියල කියන සමහර අම්බරුවො ‘මිනිස්සු දැනුවත් කරන්න‘ වොයිස් කට් දුන්න මේක ජනතාව ශක්තිමත් කිරීමක්, එයාලගෙ අයිතිවාසිකම් ආරක්‍ෂා කිරීමක් තියල. යම් යම් සුළු විරෝධතා තිබුණට ඒක රටට දැනුණු ප්‍රශ්නයක් වුනේ නෑ. අඩු තරමෙ ඉන්දියාවෙ එහෙම දෙයක් වුනානම් ව්‍යවස්ථාව වෙනස්කිරීම කෙසේවෙතත් ආණ්ඩුවට ගෙදර යන්නත් වෙයි. අපේ මිනිස්සු අදටත් දන්නෑ එහෙම දෙයක් වුණාද කියලවත්. ඕක තමයි රටේ තත්ත්වෙ. හිරිවැටුණු සමාජයක්.

    ReplyDelete
  22. කරන්න දෙයක් නෑ බං. අපිට ජීවත් වෙන්න ඔය සමාජේ තමා තව දුරටත්...

    ReplyDelete