Sunday, December 18, 2011

පිවිසුම් 10000ක් සමග සයිබරයේ නොසිතූ මානයක් කරා......

හරි අද වංසෙ කබල්ගාන්න යන්නෙ. මොකද කියනවනං අමාරුවෙන් පටංගත්ත ‍මගේ නවාතැන 10000 වාරයක් පිටු පෙරලිලා කියල සටහන්වෙලා තියනව. ඇත්තටම කිව්වොත් මේක පටන් ගන්නකොට මගේ ටාගට් එක උනේ පෝස්ට් 50ක් හෝ හිට්ස් 10000ක ප්‍රමාණයකින් නවත්තන්න. ඒත් ලිව්වට වැඩිය ලියන්න හිතේ තියෙද්දි නවත්තන්නත් බෑනෙ. :D

බොහෝ දෙනෙක් වගේ මාත් බ්ලොග් කියවන්න පටන්ගත්තෙ අහම්බෙන් සිංහල බ්ලොග් කියවනයට ගොඩවැදිල. ඊටත් කාලෙකට පස්සෙ බ්ලොග් එක පටන් අරගෙන මාරයගෙයි රංගගෙයි තල්ලුවෙන් තමයි ගොඩ ආවෙ. ලාංකීය සිංඩියට එන්ටර් උනාට පස්සෙ දිගටම ලියන්න ගත්ත. දැන් ඒ ගාන 64ක් වෙලා. ඒත් ඒකාලෙ මම ආසාවෙන් හැමදාම ගොඩවැදුන සිංහල බ්ලොග් කියවනයට බ්ලොග්එක දාගන්න ට්‍රයි කලත් බැරිවුනා.

මගේ බ්ලොග් එකේ පිවිසුම් 10000ක් සටහන් වෙච්ච වෙලාවෙ මතක් කරන්න ඕන නම් ගොඩාක් තියනව. එයින් උඩින්ම ඉන්නෙ මුල් කාලෙ මගේ පෝස්ට් වලට කමෙන්ට් කරල ලියන්න ශක්තියක් ලබා දුන්න නලිනි චන්දිමා. අනිත් අය තමයි බ්ලොග් වලට තල්ලුව දුන්න මාරයා සහ මගේ ලෝකය ලියන රංග. ඊට පස්සෙ කතන්දර(ලාංකීය ඇරුනම ඊලගට බ්ලොග් එකට ආපු අය ඇවිල්ල තියෙන්නෙ කතන්දරගෙ ප්‍රමෝට් එකෙන්. එහෙම බැලුවම මට ඒක සිංඩියක් වගේ), දුකා, ලකී, පංසල් හන්දියෙ කල්හාර, මාව සිංඩියට දා ගත්ත මාතලන්, බුවා, වෙදගෙදර මහවෙදනා, අහම්බෙන් මුණගැහුනු RAJ, මධුරංග, සබිත්, දිනේෂ්, සදරු, ඔබා අයිය, වර්ණා, ලොකුපුතා, නරකය, මියුරු, වින්චැට් කිරිල්ලී, ඔබ නොදුටු ලොවක්, පොඩි කුමාරිහාමි, විසිතුරු, සෑම්, දිල්, වෙනී, පිස්සා පලාමල්ල,...ආදී මෙකි නොකී සියල්ලන්මත්, ඒ වගේම විශේෂයෙන් ලාංකීය සිතුවිලි (කරන්නෙ කවුද දන්නෙ නෑ), අඹගහයට, මාතලන්ගෙ සිංඩිය ආදී සිංඩිකේටර් ඇඩ්මින්ලාටත්,

බොහොම ස්තුතියි!

මේ අයගෙ තියන විශේෂත්වය තමයි මම දන්න කියන කිසිම කෙනෙක් මේ අතර නෑ. අඩුගානෙ ෆෝන් එකෙන් (එකවරක්) කතාකරල තියෙන්නෙත් පන්සල් හංදියෙ කල්හාර විතරයි. ඒ වගේම මගේ එක යාළුවෙක් ඇරෙන්න කිසිම කෙනෙක් මට බ්ලොග් එකක් තියනව කියලත් දන්නෙ නෑ. අන්න ඒකයි මේ 10000 මට වටින්නෙ.

අද විශේෂ මොකුත් කියන්නෙ නෑ. මම ලියපු පෝස්ට් අතරින් මම කැමතිම පෝස්ටුව ඕනනං මෙතනින් බලල යන්න.

46 comments:

  1. සුබපැතුම් සහො... මං ආස බ්ලොගයක් දිගටම ලියන්ට ඈ... අද මටත් ටිකක් විශේෂ දවසක් වෙච්චි... සෙට්වෙමුද කොහෙට හරි...

    ReplyDelete
  2. නරකයා ...!!
    බොහොම ස්තුතියි මචං.

    ReplyDelete
  3. ඔහොම තමයි අපිත් පටන් ගත්තේ. සිංඩි කැලේ කතාගේ පැත්තකින් නම වැටුනත්. උඹ ලියන ඒවා රසයි. දිගටම ලියපන්. පොඩි අවවාදෙකුත් දෙන්නම්. මේ වගේ පෞද්ගලික කාරනා වලට පෝස්ට් එකක් දාන්න එපා. පෝස්ට් එකක පොඩියට සඳහනක් දැම්මම ඇති. මම දන්නවා උඹ මාර හැපි කියලා. අවවාදය කැමති නම් පමණයි.
    සුබ අනාගතයක්....!!!
    ජයවේවා....!!!

    ReplyDelete
  4. සුභ පැතුම් මචං!

    ReplyDelete
  5. මාතලන් & Sabith
    මේ අන්තිම එකය. මින්පසු නැත. බොහොම ස්තුතියි.

    ReplyDelete
  6. This comment has been removed by the author.

    ReplyDelete
  7. සුභ පැතුම් රාජ්...!!

    මුළ ඉඳන්ම මගේ බ්ලොග් එකටත් ඇවිත් මාව දිරිගන්වපු ඔයාටත් බොහොම ස්තුතියි....

    ReplyDelete
  8. Miyuru
    රීඩර්ස්ල නැත්තං බ්ලොග් ලියන්නොත් නෑ. බොහොම ස්තුතියි.

    ReplyDelete
  9. සුභ පැතුම් තවත් ලියන්න. ජය!!

    ReplyDelete
  10. අඩේ ඔන්න මගෙනුත් උම්මා එකක් .......

    අපි දැකලා නැති උනාට මේ බ්ලොග් අවකාශෙ අපේ සිතුම් පැතුම්වලට ගැලපෙන කට්ටි, අකුරු කියන පාර දිගේ ගියාම අපිට හොයා ගන්න පුලුවන්, වර්චුවල් උනත් මම හිතනවා ඒ බැඳීම ගොඩක් වටිනවා කියලා, මට ඇත්තටම හම්බ වෙලා දැකලා නැති උනත් හොඳ යාලුවො ටිකක් ලැබිලා තියනවා මේ බ්ලොග් නිසා .......

    උඹත් එයින් එකෙක් තමා ......

    ආ උඹගේ බ්ලොග් එකේ තියන ලොකුම අඩුවක් තමා බ්ලොග් රෝල් එකක් දාලා නැති එක, ඒක සෑහෙන්න වටිනවා පුලුවන්නම් අදම දාපන් ........

    ReplyDelete
  11. වෙද ගෙදර මහ වෙදනා
    බොහොම ස්තුතියි. මේ 10000ට ඔබේ ප්‍රමෝට් එකත් වගකියන්න ඕන.

    ReplyDelete
  12. පන්සල් හංදිය
    මට ඕක කල්පනාවෙලා ගොඩක් කල්. ඒත් මම දන්නෙ නෑ කරන විදිය මොකක්ද කියල. ටෙම්ප්ලේට් එක මාරුකරන එකද? එතකොට මගේ දැනට තියන පෝස්ට් වලට අවුලක් නැද්ද. එක එක සොෆ්ට්වෙයාර් ගැන දාන සයිට් වල වත් තිබුනෙ නෑ මේක කරන්නෙ කොහොමද කියල.

    ReplyDelete
  13. පන්සල් හංදිය දන්නේ නැත්තන් මට කියපන් මගේ ඊය මෙන්න..
    happyjay65@gmail.com

    ReplyDelete
  14. මගෙත් සුබ පැතුම්....:D

    ReplyDelete
  15. Podi Kumarihami
    බොහොම ස්තුතියි. ඔය ":D" හරියනඑකක් නෑ 02-29න් පස්සෙ:D

    ReplyDelete
  16. මාතලන්
    හරි උඹවත් කියපංකෝ...

    ReplyDelete
  17. ඉන්දික උපශාන්ත
    බොහොම ස්තුතියි සහෝ.

    ReplyDelete
  18. මගේ උණුසුම් සුබ පැතුම්. සිංහල බ්ලොග් කලාවට සයිබරයට හරසම්පන්න දෙයක් කරන්නට තවත් දිරි සවි ලැබේවා..

    ReplyDelete
  19. ඔයාගේ බ්ලොග් එකට අව ගියාට කමෙන්ට් එකක් දැම්මේ අයි ඔයාගේ 10.000 මගේ හද පිරි වුනුසුම් සුභපැතුම්

    ReplyDelete
  20. උනුසුම් සුභ පැතුම් අයියේ.....දිගටම ලියන්න.......

    ReplyDelete
  21. අනේ මගේ නමත් තියෙනවා. හරිම සතුටුයි මට. හැමදාමත් ඔයාගේ සටහන් කියවන්න එනවා කියලා කියන්න කැමති. ඉදිරියටම යන්න. ජය නියතයි...

    ReplyDelete
  22. දිගටම ලියමු මචං....

    ReplyDelete
  23. රාජ්,
    මගේ සුභ පැතුමත් පිළිගන්න, දිගටම ලියන්න කාල වේලාව සහ ධයිර්යය ලැබේවා...!!!

    ReplyDelete
  24. අදත් කොමෙන්ටුවක් කොටන්න කම්මැළියි වගේ. ඒත් කියවලා මාරු වෙන්න හිතෙන් නෑ..

    සුභ පැතුම් සහෝදරයා.. දිගටම ලියන්න.. මමත් අනිවා කියවනවා.

    ReplyDelete
  25. සුබ පැතුම් සහෝ....

    ReplyDelete
  26. අඩේ මං පරක්කුයිනේ...රාජ් සහොදරය..හරියට අපි දෙන්නා..නිවුන් සහොදරයෝ දෙන්නේක් වගේ ඇයි..දෙන්නව හුඟක් අයට ටැපලේනවලු නේව...මොනව වුනත් පුලුවන් තරං දුරක් පලයං..මම දන්නැ මම තව කොච්චර කල් මේ බ්ලොග් ලොකේ කරග්ගහයිද..කියල ඒත් උඹ මට වඩා එක දවසක් හරි ඉස්සරහට පලයං...ඒ මගේ පැතුම..සදා ජය

    ReplyDelete
  27. ජය වේවා මචෝ...ඔයා ආවා වගේ අගට තව බින්දුවක් ඉක්මණටම එක්වෙන්න ඕන

    ReplyDelete
  28. බ්ලොග් රොලක් දා ගැනීමට විජට්ටුවක් බ්ලොගර් වල ඇත.
    ඩිසයින් ටැබට ගොස් බලන්න.
    සුභපැතුම්!

    ReplyDelete
  29. ලියමු ලියමු.. අපි ඉන්නෙ කියවන්න.. සමහර වෙලාවල් නම් තියේ කමෙන්ට් එකක් දමන්න බැරි වෙන .. ඒත් කියවනවා හැම පෝස්ට් එකක්ම..

    ReplyDelete
  30. //මුල් කාලෙ මගේ පෝස්ට් වලට කමෙන්ට් කරල ලියන්න ශක්තියක් ලබා දුන්න නලිනි චන්දිමා//

    මම උබට හැමදාම කීවේ "රාජ් මහත්තයා" කියලා. මට ඒක දැන් ඔප්පු වෙනවා. මුලදී ලගින් හිටපු කෙනාගේ නම අමතක කරලා නැහැ බං උබ. හැම බ්ලොගෙක්ටම මුලදි තල්ලුවක් ඕනේ මම ඒක අත්දැකීමෙන් දන්නවා. ඒ තල්ලුව නැතුව මගදි නැවතුන බ්ලොග් කීයක් තියෙනවද?

    අපි කවදාවත් කතා කරලා නැහැ. උබ මට කමෙන්ට් කරනවා, මම උබට කමෙන්ට් කරනවා, රතුපාට ටීෂර්ට් එක ඇන්ද පින්තූරේ සහ උබේ බ්ලොග් එක බුක් මාර්ක් කරපු මගේ බ්‍රවුසරේ... විතරයි අපි අදුනන තරම දන්නේ...

    සෑමා පෝස්ටු 50කින් 18,000ක් හිට් ගැහුවා ඒ උබලගේ හයියෙන්. උබ දස දහස, සියක් දහස කරනකල්ම අපිත් ලගින් ඉන්නවා..

    රාජ් මහත්තයා.. ජය ශ්‍රී වේවා..
    (කමෙන්ට් කලා මදි වගේ බං, වැඩිම වෙලාවක් ගියේ මේ කමෙන්ට් එකටද මන්දා..)

    ReplyDelete
  31. ජය වේවා !!!! උනුසුම් සුභ පැතුම්.....තව තවත් ලියන්න .....

    ReplyDelete
  32. ඔබේ බ්ලොග් අඩවියට මුල්ම වතාවට අවේ අද තමා :)

    ඔන්න මගෙනුත් සුභ පැතුම් ඔයාට.!!

    ReplyDelete
  33. සුබ පැතුම් රාජ් .. රජෙක් වගේ මේ බ්ලොග් එක දිගටම කරගෙන යන්න . අපි ඉන්නම් කියවන්න

    ජය වේවා !!

    ReplyDelete
  34. දින දෙකකට පසු අන්තර්ජාල පහසුකම ලැබුණෙ අද. සුභ පැතුමට ටිකක් ප්‍රමාදයි වගේ.
    ලියා ඇති තරමට වඩා හිතේ ඇති තරම වැඩිනම්, වෙන විකල්පයක් නැහැ; හිත පිරෙනකම් ලියමු. :D දසදහසේ කඩඉමට මගේ සුභ පැතුම්. ජයම වේවා.

    ReplyDelete
  35. පරක්කු උනාට සොරි මචං මම දැනුයි දැක්කෙ, මොකද කර ගත්තෙ මාතලන්ගෙන් වැඩේ සෙට් උනාද, නැත්නම් මට කෝල් එකක් දීපං ..

    ReplyDelete
  36. Janaranga Wijaindu Dewasurendra
    බොහොම ස්තුතියි.

    අසරණයා
    ඒකට කමක් නෑ. බොහොම ස්තුතියි ආවට.

    වින්චැට්කිරිල්ලි. වර්ණා. ලහිරු
    සිගටම ලියමි. බොහොම ස්තුතියි.

    Pradeep Gunarathna
    අදයි දැක්කෙ.බොහොම ස්තුතියි.

    Observer
    ඔබා අයියට බොහොම ස්තුතියි.

    නාකියා
    බොහොම ස්තුතියි කම්මැලිකම තියෙද්දි කොමෙන්ටුව දැම්මට.

    Raj
    බොහොම ස්තුතියි. ටැපලිල්ල හරියයි.

    කතන්දර Kathandara
    හරි ට්‍රයි එකක් දෙන්නම්. බොහොම ස්තුතියි. කතන්දර ගැන මම කිව්වනේ.

    Weni
    ඒ ඇති.බොහොම ස්තුතියි.

    sAm (සෑම්)
    රාජ් මහත්තයා කියනකොට මට නිකං ඔෆීස් එකේ ඉන්න වගේ. බොහොම ස්තුතියි සෑමෝ.

    ඔබ නොදු‍ටු ලොවක්.Nadun Ranaweera.හිස් අහස
    බොහොම ස්තුතියි.

    නලිනි චන්දිමා
    මේකට ප්‍රමාද උනාට කමක් නෑ. බ්ලොග්එක පටන්ගන්න වෙලාවෙ ප්‍රමාද උනේ නෑනෙ.:D.බොහොම ස්තුතියි.

    පන්සල් හංදිය
    උඹට කෝල්එකක් දෙන්නං.

    ReplyDelete
  37. හරි බ්ලොග් රෝලනං අමාරුවෙන් අටවගත්ත.

    ReplyDelete
  38. මොකක්ද බං ඔය කියන අහවල් රෝල??

    ReplyDelete
  39. sAm (සෑම්)
    බලපං දකුණු පැත්තෙ උඹත් ඇති.

    ReplyDelete
  40. සුභ පැතුම් අයියේ.. දිගු ගමනකට සුභ පැතුම්..

    ReplyDelete
  41. අහ්.. හිටු මාත් රෝලක් ගහලා උබවත් හිර කොරනවා.. එල..

    ReplyDelete
  42. Dinesh
    බොහොම ස්තුතියි මලයෝ.

    sAm (සෑම්)
    හරි.

    ReplyDelete
  43. වෙරි සොරි , මම සැහෙන්න ප්‍රමාදයි . සුභ පැතුම් බොක්කෙන්ම . පෞද්ගලික සබඳතා කිසිවක් නැතුව බ්ලොග් ලියවිල්ලෙන් විතරක් දන්න පාඨකයින්ගෙන් පමනක් ලැබෙන හිටිස්, ප්‍රතිචාර බොහොම වටිනවා

    ReplyDelete
  44. බුවාගේ සිතුවිලි !
    එච්චර පරක්කු නෑ. බොහොම ස්තුතියි.

    ReplyDelete
  45. පරක්කු වෙලා හරි මගෙනුත් සුබ පැතුම්.
    බ්ලොග් අවකාශයේ දිගු ගමනක් යන්න වරම් පතන්නම්.

    ReplyDelete