Monday, December 5, 2011

ප්‍රවාහන ඇමතිතුමාට චෝදනාවක් සහ යෝජනාවක්.

පසුගිය දින කිහිපයේදී වැඩිපුරම කාලය ගතකලේ කාර්යාලයේ හෝ නිවසේ නොව පාරේය. පැහැදිලිවම කිවහොත් පෞද්ගලික බස්රථ තුලය. බසයේ යාමට වැඩි කැමැත්තක් නැතත් අධික වර්ෂාව නිසා යතුරු පැදියේ ගමනටද බාධා ඇතිවේ. දුරගමන් සේවා බස් රථ වලින් කොළඹ සිට නිවසටත් නිවසේ සිට කොළඹටත් කිහිප විටක් ගමන් කිරීමේදී ලැබූ අත්දැකීම් මෙසේ සටහන් කරමි.

ඩීසල් මිල කීයකින් හෝ වැඩිවූ විට බස් ගාස්තු ඉහල දැමීමට කැසකවන පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න ඇතුළු නඩය කුමක් සදහන් කලද ප්‍රවාහන සේවය පෞද්ගලික අංශයට විවෘත කලදා පටන් මේ දක්වා එහි ගුණාත්මක භාවයේ කිසිදු වෙනසක් සිදුවී නොමැත. අර්ධසුඛෝපභෝගී යයි කියා සාමාන්‍ය බස් ගාස්තුව මෙන් එකහමාරක් පමණ ගාස්තු වැඩිකල බස් රථවල ඇති තිර රෙදිත් ඒවාට සවිකර තිබූ කැසට් යන්ත්‍ර වෙනුවට අලුතින් සවිකර ඇති විවිධ වර්ගවල ගීත ධාවකයන් හැරුණු විට ඇගට දැනෙන වෙනසක් සිදුවී නොමැත. ආසන දෙකක් අතර ඇති පරතරය කොතරම් අඩුකර ඇත්දැයි කිවහොත් අඩි පහමාරකට වඩා උස අයෙකු වාඩිවුවහොත් කකුල් තබාගැනීමට සිදුවන්නේ එලියේය. බස්රථය තුල දුම්පානය තහනම් වන්නේ මගීන්ට පමණි. රියදුරු, කොන්දොස්තර සහ පාපුවරුවේ යන අමතර සහයකයින්ට දුම්පානය කිරීමට කිසිදු තහණමක් නැත. මා මේ පිළිබදව එක් රියදුරෙකුගෙන් ප්‍රශ්න කලවිට ඔහුගේ පිළිතුර වූයේ "රෑට යනකොට නිදිමත වෙනවා අයියා" යන්නයි. දුම්පානය නොකර රිය පැදවීමට අපහසු උදවියට පොදු ප්‍රවාහනයේදී පැදවීමේ බලපත්‍ර නොදිය යුතුය. මක්නිසාද ඔවුන්ගේ නිදිමත වෙනුවෙන් මගීන්ට ලෙඩවීමට නොහැකි බැවිනි.

දුරගමන්සේවා බස්වල අනෙක් ප්‍රධාන ගැටළුව ආහාරපාන ලබාගන්නා ස්ථානයන් පිළිබදවය. කොළඹ සිට මාතර, තංගල්ල සහ කතරගම බලා ගමන්කරන බස්රථ නවත්වන ස්ථාන කිහිපයක් පිහිටා ඇත්තේ අම්බලන්ගොඩ ඉදුරුව යන ප්‍රදේශයන්හිය. මේවායේ බස්රථ නැවැත්වීමට ඇති එකම සුදුසුකම වන්නේ රියදුරුට හා කොන්දොස්තරට යහමින් සලකන ස්ථානයන් වීම පමණි.(මේ පිලිබදව මාරයාගේ හෝරාවේ බස්පළුවන්ගේ කතා වලින්ද විස්තර කර තිබු බව මතකය) නොමිලේ ලැබෙන කෑමබීම වලට අමතරව(කෑම ටිකක් දීමෙහි වරදක් නැත) දුම්වැටි පමණක් නොව ගංජාවලින්ද සංතර්පනය කර අවසානයේ අතට කීයක් හෝ මුදලක්ද දීමට මගීන් ඉස්තරම් අයුරින් සූරාකෑම කලයුතුය. කෑමට බිමට ඇති සියළුම ආහාර අයිතමයන්ගේ මිල "රවුම් කර" ඇත්තේ එබැවින් වියයුතුය. බොහෝ කෑම වර්ග රුපියල් හතලිහකට වඩා වැඩි අතර තේ එකක් සදහා රුපියල් පහලවක් හෝ විස්සක් අයකරයි. අවසානයේ බලහත්කාරයෙන් "ඇගේ ගසන" ටොපි, චුවිංගම් වැනිදෑද රැගෙන ඒමට අසරණ මගියාට සිදුවේ. මෙම ස්ථානවල ඇති අනෙකුත් පහසුකම් ගැනද කථා කිරීමට දෙයක් නැත. කාන්තාවකට පාවිච්චිකල හැකි වැසිකිළියක් හෝ නොමැති අතර පිරිමි පාර්ශවයට නම් ඇත්තේ මුහුදු සුලං වදිමින් වෙරළේසිට අවශ්‍යතාවය ඉටුකර ගැනීමටයි. මේවා ගැන ගැමුණු විජේරත්න තබා මේ විෂයෙන් හොදට "පදම් වී" ඇතැයි තමාම කියාගන්නා කුමාර වෙල්ගම ඇමතිවරයා හෝ සීබී රත්නායක ඇමතිවරයාවත් පාරිභෝගිකයා පිළිබද අපමණ අනුකම්පාවකින් කටයුතු කරන එම විෂය භාර ඇමතිවරයාවත් කතා නොකරයි.

මේ නිසා ජනතාවට ආදරය ඇති ඉහත ඇමතිවරුන් තිදෙනාටම මෙවැනි යෝජනාවක් කරනු කැමැත්තෙමි.

හිතවත් ඇමතිතුමන්ලා වෙත,
පුළුවන්නම් මගේ මේ යෝජනාව ක්‍රියාත්මක කරන්න.

කරන්න තියෙන්නෙ මෙච්චරයි ගාලු පාර අයිනේ අම්බලංගොඩ හරියේ තියන ආණ්ඩුවෙ ඉඩමක හදන්න ගොඩනැගිල්ලක්. එක සැරේකට බස් තුනක් හතරක් පාක් කරන්න පුළුවන් ඉඩකඩ පිටත තියන විදියටත් ඒවායේ සෙනගට ඇතුලට ඇවිල්ල තේ එකක් බොන්න කෑම එකක් කන්න පුළුවන් විදියටත්. මීට අමතරව මෙතෙන්ට ඕන අඩුම ගානෙ බේකරියක් සහ කැත නැතුව යන්න පුළුවන් වැසිකිළි පද්ධතියක්.

හදල ඉවර උනාම විකල්ප දෙකක් තියනවා ඔබතුමාට.

එකක් තමයි සේවකයන් හත් අටදෙනෙක් මෙතෙන්ට දාල වැඩේ කරගෙනයන එක. එතකොට රස්සාවල් කීපයකුත් ඇතිවෙනවා. ආරම්භයක් වශයෙන් භාණ්ඩාගාරෙන් අත්තිකාරමක් ගන්නත් පුළුවන්නේ. (අත්තිකාරම් අරගෙන කරගෙනයන බේකරියක් අංගොඩ මාණසික රෝහලේත් තිබුන කලකට ඉස්සර). ඒ වැඩේ පාඩුයි කියල හිතනව නං දෙන්න පෞද්ගලික අංශෙට. එයාල හරියට කරගෙන යයි. මොකද අනිවාර්යෙන්ම ලාභ ලබන්න පුළුවන් තැනක්නේ.

කාට දුන්නත් මිල පාලනයක් තියෙන්න ඕන. සහන මිලට දෙන්න කියල අපි ඉල්ලන්නෙ නෑ. හැබැයි මගීන්ව ගසා කන්න ඉඩදෙන්න එපා. අනිත් කාරනාව මේ රූට් එකේ යන දුරගමන් බස් නැවැත්විය හැකි එකම ස්ථානය මෙතන පමණක්ම වෙන්න ඕන. ඒකට නීතිරීති ගේන්නත් වෙයි. ඒත් 2/3ක් තියන එකේ ඔච්චර දෙයක්වත් බැරිනං වැඩක් නෑනෙ!

26 comments:

  1. හැදුව කොලිටි තැනක් පර කඩුවේ (ඩලස් ඇමති තුමා ) ඒත් දැන් එතන සමහර ලංගම බස් පවා නතර කරන්නේ නැලු , වාසි තැනටම ලු ඇදෙන්නේ

    ReplyDelete
  2. බුවාගේ සිතුවිලි
    ඒක තමයි මම කිවුවෙ නීතියක් ගේන්න ඕන කියල. මොකද මේ කරන්නෙ මංකොල්ලකෑමක්. බස් නවත්තල ඒවායේ ගමන්කරන අයගේ මුදල් කොල්ලකෑම හා මෙහි එතරම් වෙනසක් නොමැත.

    ReplyDelete
  3. අපොයි බන් ඔය ගාලු පාරෙ බස් නවත්තන තැන් නම් අපායවල්... මම නම් මලාට දෙයක් ගන්නෙත් නෑ යන්නෙත් නෑ....

    ReplyDelete
  4. මේක සෑහෙන කාලයක් ඉඳල පැවතගෙන එන Highway Robbery එකක්

    ReplyDelete
  5. ඔය අත්දැකිම මමත් ලබල තියෙනව එමට..මමත් එකඟයි උබේ කතාවට..සහ යොජනාවට..අනික මචො..ඔය කැම කඩවල කැම පිරිසිදුකම අතිනුත් ඒවයේ ගනං වලට දෙවෙනි නෑ...ඔය බස්සංගම් වගේ ක්‍රියාත්මක කරගෙන යන්ඩ පුලුවං හරී බස් මගී සංගමයක් තියෙනවනං ඔව ගැන කතා කරන්ඩ පුලුවං මචො..

    ReplyDelete
  6. පිස්සා පලාමල්ල
    අපායවල් හොදයි කියල හිතෙනව!

    Observer
    හැබෑට මට ඔබා අයිය අමතකඋනානෙ. ඉස්සරත් එහෙමද?

    Raj
    බස් මගීන් සංගම් හදනඑක නං කවදාවත් කෙරෙනඑකක් නෑ. පිටරටවලවත් තියනවද දන්නෑ. ඒකත් ඔබාගෙන් අහමු බලන්න.

    ReplyDelete
  7. මම ගාලු පාරේ යනවනේ සතියට සැරයක් මාතරට යනකම්ම. අපේ හාමිනේගේ පළවෙනි වැඩේ තමයි පාන් ටිකක් සැන්විච් හදා ගැනීම. වතුර බොතලයක් දෙකක් ගැනීම. කවදාවත් ඔය කඩවලට ගිහින් නැහැ. ඕවා කඩ නෙමෙයි ලෙඩ පතුරවන ගුහාවල්. ඇමතිලා කොරයි. බලන් ඉන්න මේන් කියලා.

    ලිපිය නම් අගේයි. මිනිස්සු දැණුවත් කරන එකත් පිනක් තමා.

    ReplyDelete
  8. වෙද ගෙදර මහ වෙදනා
    ගෙදරින් කෑම හදාගෙන යනඑක මේකට විකල්පයක් තමයි. ඒත් හැමෝටම ඒක බෑ.

    ReplyDelete
  9. මම නම් ඔය දුර ගමන් යද්දි වැඩිපුරම ඔය තැන්වලින් බැස්සෙ වැසිකිළි යන්න... ඒ අපහසුකම ගැන නම් කතා කරල වැඩක් නෑ..... මමත් ඒ කාලෙ අනිවාර්යයෙන්ම ගෙදරින් මොනව හරි ඔතාගෙන තමයි යන්නෙ... කවදාවත් ඕවැයින් කෑවෙ නෑ.... බයට... මගදි බඩේ අමාරුවක් හෙම හැදිලා වැසිකිළි යන්න වෙයි කියලා...

    බලනකොට තවමත් ඒ තත්ත්වයේ වෙනසක් නෑ...

    ReplyDelete
  10. ඔය ක්‍රමේ 1971 මම ආධුනිකයෙක් හැටියට ලංගමට බැඳෙන කොටත් තිබුන. ඒ වෙන කොටත් මුල් බැහැල තිබුන එකක්. මම අහල තියෙන විධියට 1958 බස් ජනසතු කරන්න ඉස්සෙල්ල, කොම්පැනි වලින් බස් දුවද්දිත්, දුර සේවා බස්, කෑම කන්න තේ බොන්න, රියදුරු කොන්දොස්තරලට ඕනෙ තැන වල හෝ බස් අයිතිකාරයන්ට ඕනෙ තැන වල නවත්තල තියෙනව.

    මම මෙහෙ වැඩ කරන්නෙත් බස්, කෝච්චි, දෙකම දුවන රජයේ ආයතනේ. බස් මගී සංගම් අවශ්‍ය නැති නිසාද කොහෙද, එහෙම සංගම් මෙහෙ මං දැනුවත්ව නං නැහැ.

    මෙහෙ කොහොමත් හෝටල් වල පිරිසිදු කම ඉහලයි, ඒත් හෝටල් රජයේ පරීක්ෂාවට ලක් වෙනව. දුර ගමන් සේවා බස් නවත්තන තැන් [රෝඩ් හවුස්‌] වල මෙනු එකේ හැම කෑමක බීමකම මිළ ගණන් සඳහන් වෙනව. මෙහෙ ඉන්ධන වගේම කෑම බීම ඈතට යන්න, යන්න, ප්‍රධාන නගරෙට වඩා මිළෙන් ටිකක් වැඩියි, ප්‍රවාහන ගාස්තු නිසා. ඒ වුනාට අසාධාරණ ලෙස වැඩියි කියන්න බෑ. .

    ReplyDelete
  11. මහ වෙදනා එක්ක එකඟය...

    ඕව කොහෙද බං අපෙ සිරිලංකාවෙ වෙන්නෙ... ප්‍රයිවෙට් බස් වල ටිකට් ටික කඩව ගන්න.. ත්‍රීවීල් වලට මීටර් ටික හයි කරවගන්න බැරි ඇමතිල... බැරිකම නෙමෙයි බං... අපිට හෙන ගැහුනත් උන්ට ගානක් නැති කම...

    ReplyDelete
  12. රන්දොබේ හෝටලය එළය..වැසිකිලිය මහ මුහුදය...හික් හික්...

    ReplyDelete
  13. බිස්කට් පැකට් එකයි වතුර බෝතලයයි තමයි පිහිට මගදි.. කඩවල් වලින් කෑවොත් සොරිම තමයි ඉතින් !

    ReplyDelete
  14. කතාවනම් 100% හරි..
    දෑන් ගාලු කොලඹ යන්වා කියන්නේ අපා දුකක්,කෝච්චි පාර හදන්න කොහොමත් තව අවුරුදු දෙකක් වත් යාවි මගේ හිතේ,එතකන් පට්ට චාටර් එකක් කන්න වෙනවා,මෙම කාරනයට නම් කෙලින්ම ආන්ඩුවෙන් තමයි වග කියන්න ඕන මොකද අවශ්ය ප්‍රමානයට අමතර බස් දහාවනයට නොදා නෑති වීම...තියන එකම දුක අපි මේවා ගෑන කොච්චර කතා කලත් ඒවාට නිසි පිලිතුරක් නොලෑබෙන එකයි...

    ReplyDelete
  15. බස් එකක් උනත් නවත් වන්නේ ඩ්‍රැයිවර්ලට කොන්දට තේ බොන්න ඕන උනොත් විතරයි. නැත්නම් නවත්වන්නේ නෑ. ඒ නැවැත්තුවත් නවත්වන්නේ උන්ට වාසි තැන් වල විතරයි. ඒවයේ කෑම මාර ගණන්. කොන්දගෙයි ඩ්‍රැයිවර්ගෙයි කෑම වල සල්ලිත් අල්ලන්නේ අපෙන්.

    ReplyDelete
  16. මමත් ඉස්සර ඔය පැත්තේ බස් වල මාසෙකට වතාවක්වත් කරක්ගහනවා.
    හැබැයි ඒ යනඑන හැම ගමනකදීම වගේ කන්න බොන්න දේවල් ගමන පටන් ගන්න කලින්ම හොඳයි කියල හිතෙන තැන්වලින් අරගෙන ළඟ තියා ගන්නවා
    ගොඩ වෙලාවට බිස්කට් හරි කෙටි කෑම(Short-Eats) වගේ පොඩි කෑමක් සහ වතුර
    අරවගේ කඩවලට ගිහින් කරන එකම දේ චූ බර නිදහස් කරලා එනඑක තමයි.... :))

    ReplyDelete
  17. කොච්චර හොඳට හැදුවත් අපේ උන්ට චූ කරන්න කක්කා කොරන්න උගන්නන්න ඕන ඉස්සෙල්ලා. අනික මිනිස්සුන්ගේ එකමුතුකමක් නැති එක. මම නම් ඉස්සර මරා ගන්නවා. ඕවල නවත්තන්න එපා. හොඳ තැනක නවත්තන්න කියලා, එතකොටනම් අනික් උනුත් කෑ ගහනවා. ඒ උනාට බස් වල යන හරක් ගන්න ඒ හෝටල් කැමති නෑ. ඇයී එතන කනවනේ. තද නීතී නැතුව කිසිම දෙයක් හැදිලි බොරු...

    ReplyDelete
  18. Miyuru
    ඒවයෙන් කෑවොත් සොරිම තමා. හැබැයි මංවගේ ඕනදේකට ඔරොත්තුදෙන එවුන්ට අවුලක් නෑ.

    Observer
    හරි ඉතිහාසෙයි ඕස්ට්‍රේලියාවෙ තත්වෙයි දෙකම දැනගත්ත.බොහොම ස්තුතියි.

    සපතේරු උන්නැහේ
    ඒක තමයි කාරණාව.උවමනාවක් නැතිකම. නැත්තං ඔයිට වඩා අමාරු දේවල් කලේ.

    ඔබ නොදු‍ටු ලොවක්
    හ්ම්. ඒක මට මතක් උනා පෝස්ටුව ලියද්දි.

    Weni
    මට නං බිස්කට් කන්න බෑ. ඒකයි අවුල!

    අසoක
    ඔව්.කොච්චි නැතිඑකෙන් අමතර ප්‍රශ්නත් ඇතිවෙනව.

    මධුරංග
    ඒක මංකොල්ල කෑමක්.

    ලොකු පුතා
    හැමෝම එහෙම කලානං හරි. ඒත් එහෙම කරන්න බැරි වෙලාවල් තියනවා. බොහෝවිට පිරිමි පාර්ශවය කෑම ගෙනියන්න එච්චර කැමැත්තක් නෑනෙ!

    මාතලන්
    කොච්චර හොඳට හැදුවත් අපේ උන්ට චූ කරන්න කක්කා කොරන්න උගන්නන්න ඕන ඉස්සෙල්ලා
    ඒ කතාව ඇත්ත. වැසිකිළියට ගිහිල්ල වතුර පාරක් ගහන්නෙ නැති එවුනුත් ඉන්නව.

    ReplyDelete
  19. රාජ්- හොද අදහසක්.. ඇත්තටම බොකක්, චූ බරක් සෙට්වුනොත් දාන්න තැනක් නැත. දාන්න වෙන්නේ කඩේකට නැත්තම් තාප්පෙකටය.

    ඒත් 2/3 මෙයාලා හොද දේවල් වලට භාවිත කරයි කියලා මම හිත්න්නේ නැහැ. ඔය කියන ස්ථානයේ දේශපාලනිකව තරහා කාරයෙක්ගේ ඉඩමක් තිබේනම් කියන්න. එයාලා ඒවා පටස් ගාලා අරන් ඔබේ වටිනා අදහස ක්‍රියාත්මක කරාවී.. :)

    ReplyDelete
  20. sAm (සෑම්)
    //ඔය කියන ස්ථානයේ දේශපාලනිකව තරහා කාරයෙක්ගේ ඉඩමක් තිබේනම් කියන්න. එයාලා ඒවා පටස් ගාලා අරන් ඔබේ වටිනා අදහස ක්‍රියාත්මක කරාවී//
    හොද අයිඩියා එක. මට මතක්උනේ නෑ මුලදී. නැත්තං දානව ඒකත් යෝජනාව ඇතුලට.

    ReplyDelete
  21. කොහොමද ටිකිරි මොලේ.. :ඩී

    ReplyDelete
  22. ඇත්තටම ලංකාවේ බස් මඟීන්ගේ සංගම බිහි වෙන්න ඕන කියලා මං දැන් සෑහෙන කාලෙක ඉඳන් හිතන දෙයක්... උන්ට ඕන ඕන වෙලාවට පොලිසියෙන් දඩ කොලයක් ලිව්වා කියලත් ස්ට්‍රයික් කරනකොට..දුර සේවා ගමන් බස් රථයක් කාව හරි බස්සන්න නවත්තපුවාම එතනින් මගියෙක් ගත්තා කියලත් මරාගන්න හදන උන්ට කෙල වෙන්නනං බස් මගී සංගමත් එන්න ඕන... උන් ස්ට්‍රයික්නං අපිත් ස්ට්‍රයික් වගේ..උදහරනෙකට සති අන්ත කෙටි ගමන් සේවා පෞද්ගලික බස් වර්ජනය කරලා ලංගමේ යනවා වගේ තීරන දෙක තුනක් ගත්තනං අගේට හැදෙනවා අයියලා...

    ReplyDelete
  23. //උදහරනෙකට සති අන්ත කෙටි ගමන් සේවා පෞද්ගලික බස් වර්ජනය කරලා ලංගමේ යනවා//
    ඒක කාලෝචිත සහ කලහැකි යෝජනාවක්. ඒත් ගැටළුව තියෙන්නෙ බස් මගි සංගමයක් හදාගන්න එක. මම බලාගෙන ලගදිත් ගැමුණු අංකල් කෑගැහුව 14 ඉදල ස්ට්‍රයික් එකක් කරනව කියල.

    ReplyDelete
  24. පොඩ්ඩි නම් දන්නේ නෑ අය්යෝ ලංකාවේ වැඩ. :D

    ReplyDelete