Thursday, March 29, 2012

මෙන්න (වයසක + තරුණ) පිබිදීම් ගැන තවත් කතා. (18+)

වයසක තරුණ කේස් දැං නැගල යන මාතෘකාව නොවැ. පොඩි කුමාරිහාමිට උත්තර විදියට මාතලන් අයියත් පෝස්ටුවක් දාල තියනව. අපි ඉස්කෝලෙ යනකාලෙ තිබුන ජෝක් එකක් තමයි ආච්චි කෙනෙක් ඔය වැඩේ කරන්න ගිහිල්ල දොරේ බෝලෙට හිරවෙච්ච කතාව. ඒකත් මේ කැටගරියෙම තමයි. ඒක දන්න නිසා කියන්න ඕන නෑනේ.

ලගදි, ලගදි කිව්වෙ අවුරුද්දකට විතර කලියෙං දවසක මම රස්සාව කරන කාර්යාලය තියන නගරයේ මුදලාලි කෙනෙක්- මුදලාලිට වයස හැත්තෑ පහක් විතර ඇති- තරුණියක් එක්ක-තරුණියට පනහක් විතර ඇති- ගියා හෝටල් කාමරේට. මාතලන්ගෙ කතාවෙ අංකල් වගේ අවුලක් මේ මුදලාලිටත් තිබුන. හැබැයි එයා කෙල්ලගෙ ඇදුම් අවුට් ඔෆ් පැෂන් වෙනකං ඉන්නෙ නැතුව සාක්කුවෙ තිබුන පොඩි පැකට්ටුවකින් ගත්ත ටැබ්ලට් දෙකක්ම ගුඩුස්ගාල බිවුව. මුදලාලිට කංසැප විදින්න පුළුවන් උනාද බැරිද කියල මම දන්නෙ නෑ, මොකෑ මම බලං හිටියෙ නෑනේ. පැය කීපයකට පස්සෙ හෝටලේ සේවකයො දොර ඇරල බලනකොට මුදලාලි මැරිල, නිරුවස්තරෙන්ම. ගෑණි ඒ වෙනකොටත් පැනල ගිහිල්ල. පස්සෙං පහු ගෑණි නං අල්ලගත්ත. ඒත් මුදලාලිට පණ ගන්න බෑනේ.
ඒ දවස්වල මේ පැත්තෙ හැම තැනම කතාවෙන්නෙ .......මුදලාලිගෙ මරණය ගැන. සමහරු කිව්ව මුදලාලි මැරිල හිටියත් අහවල් එක අංශක 90ට තිබිල පෙට්ටිය වහන්නත් බැරිවුනා කියල. අන්තිමට අර ටැබ්ලට් ජාතිය හැදින්වුවෙ ..........ටැබ්ලට් කියල.

මීයට පණගන්න පුවවන් බේත් ජාති ගැන කිව්වම රවී අයිය කිව්ව තව කතාවක් මතක් උනා.
රවී අයිය කලින් වැඩකරපු ඔපීසියකට අලුතෙන් බොසෙක් ඇවිල්ල. ම්ණිහ කලින් වැඩ කරල තියෙන්නෙ අගනුවර පැත්තෙ. මෙහේ ආවට මිණිහට කිසි ගතියක් නැහැලු. බොසා දවසක් සීසී මහත්තය එක්ක කියල තියනව "සීසී මහත්තය මට කිසිම තෘප්තියක් නෑ" කීයල. ඒකෙන් අදහස් කරල තියෙන්නෙ රැකියාවෙ තෘප්තිය ගැන. හැබැයි සීසී මහත්තය ඒක තේරුම්ගත්තෙ වෙන විදියකට. උන්නැහේ ගත් කටටම කිව්වලු "සර් මටත් ඔය අවුල තියනව. ඕකට කුටිලාවතී ගත්තනං" හරි කියල. :D (කුටිලාවතී කියන්නෙ වාජීකරණ ඖෂධයක්).

අන්තිම කතාව කිව්වෙ ග්‍රාම සේවක රාලහාමි කෙනෙක්. ඒ රාලහාමි කියන විදියට ලංකාවෙ වැඩිම පවුල් අවුල් ප්‍රමාණයක් විසදපු රාලහාමි එයා. කතාව මේකයි,
දවසක් රාලහාමිගෙ කාර්යාලයට ඇවිල්ල තියනව වසමේ ජීවත් වෙන වයසක සීය කෙනෙක්. එයාගෙ වයස 75කට වැඩියිලු. සීය ජීවත් වෙන්නෙ ආච්චිත් එක්ක (එයාටත් ඒ වයසම ඇති) දරුවෙකුගෙ ගෙදර. දරුවටත් ඉස්කෝලෙ යන වයසෙ ළමයි ඉන්නවලු. ආච්චි ගැන පැමිණිලි කරන්නයි සීය ඇවිල්ල තියෙන්නෙ. ප්‍රශ්නෙ තමයි ආච්චිගෙ අධික කාමාසාව. ආච්චිගෙ ඇස් එහෙමත් හරියට පේන්නෙ නැතිලු. සීය ලගින් ගියොත් ආච්චි කරන්නෙ සීයගෙ මීය අල්ලන එකලු. දරු මුණුපුරන් අහල පහල ඉන්න එක ගැනවත් හිතන්නෙ නැතිලු. ඉතින් සීයගෙ ප්‍රශ්නෙ ඕකයි. කතාව කියපු රාලහාමිත් හොද විහිළුකාරය. එයා සීයට දීපු උපදෙස මේකයි,
"මාමේ, ඕවට දැන් නවීන තාක්ෂණයෙන් එක එක උපකරණ හදල තියනව. නැන්දට (ඒකියන්නෙ ආච්චිට) එයින් එකක් අරංදෙන්න. රැපියල් විසිදාහක් විතර වෙනව එයින් එකක්"
සීයගෙ උත්තරේ වෙලා තියෙන්නෙ,
"අනේ මහත්තයෝ මට බෑ කඩවල් වලට ගිහිං ඕව ඉල්ලන්න. මම සල්ලි දෙන්නං මහත්තය එකක් ගෙනල්ල දෙන්නකො" කියන එක.

සටහන: මේ කතන්දර තුනම සත්‍යය. මතුපිටින් විහිළු සහගත ස්වභාවයක් ගත්තද පිටුපස ඇත්තේ ශෝක ජනක යතාර්ථයකි. පිටරටවල කෙසේ වුවත් වික්ටෝරියානු සභ්‍යත්වයේ සළුපිලි පොරවාගත් ශ්‍රී ලංකාවේ තවමත් ලිංගිකත්වය යනු මැජික් එකකි. වයසක මිණිහෙකු තරුණ ගෑණියෙකු සමග හෝ වයසක කාන්තාවක් තරුණ ගැටවරයෙක් සමග අතිනත ගෙන යන දසුනක් අපේ සමාජයේ මාර ආතල් සිද්ධියක් වන්නේ එනිසාය.

ප.ලි.- කිරි පුතාගේ කවි පන්තියත් සමග මේ සිව්වන පෝස්ටුවයි.

83 comments:

  1. පෝස්ටුව බලලා හොඳටම හිනා උනා. ලස්සන භාෂාව.ඒ වගේම රසවත් කතා ටික.

    //මුදලාලිට වයස හැත්තෑ පහක් විතර ඇති- තරුණියක් එක්ක-තරුණියට පනහක් විතර ඇති//...:D:D:D

    //පෙට්ටිය වහන්නත් බැරිවුනා //ඒ උනාට මුදලාලි මැරිලානේ.
    පාඩුවේ ගෙදරට වෙලා හිටියා නම් අදටත් ජීවත් වෙනවා නේද? ඕක තමයි මගෙ හිතේ ලද පමනින් සතුටු වෙන්ට කියන්නේ.

    අර ආච්චි නම් අනේ මම දන්නේ නෑ...:)))

    ReplyDelete
    Replies
    1. උඹ ආච්චිව දන්නෙ නෑ... සීයව දන්නව... කාට කියන්නද මෙව්ව :)

      Delete
    2. පාඩුවෙ හිටියනම්..... අනේ මංද.

      Delete
    3. මම එතනදි අදහස් කලේ 'ආච්චී කරපු වැඩේ' ගැන. මොකද මේ කට්ටිය මම කියන දේවල් වැරදියටම තේරුම් ගන්නේ. දෙන්නා ගැනම මම දන්නේ නෑ හොඳේ.

      ඔයා සාතන් කෙනෙක් බව භාෂාවෙන්ම පේනවා...:)

      Delete
    4. රාජ් ඔයාගේ පෝස්ට් කියවන ඔක්කොමලාම මා එක්ක තරහයි වගේනේ...:)))

      Delete
    5. හත්වලාමෙ පොඩ්ඩියෙ විහිලුවක් කලේ.. :)

      භාශාව නම් ඉතිං මම ඕන කෙනෙක් එක්ක යාළුවො වගේ අදහස් හුවමාරු කරන හින්ද.. ඒ වුනත් ලිවීමෙදි ඒක පැහැදිලිව නොපෙනෙන හින්ද වෙනස් කරගන්න වෙයි වගේ :)

      Delete
    6. පොඩ්ඩී...., ඔය සාතන්ගෙ බොරු. ඩී

      Delete
    7. මම පොඩ්ඩිට කොමෙන්ටුවක් දාන දාන සැරේට සාතන් මැදට පැනල! බි.පෙ.සි!

      Delete
    8. Commented By හදවතින්ම ශ්‍රී ලාංකිකයි මුල් සිද්දිය වෙලා ත්බ්නේ නුවර පැත්තේද?

      Delete
  2. මුන්ට මොන මංගල්ලයක් වෙලාද ඒ පාර... හැම එකාම පිරිමින්ට විරුද්ධවනෙ ලියන්නෙ... අන්තිම කුජීතයි ;)

    ReplyDelete
    Replies
    1. නෑ නෑ මෙතන කාටවත් විරුද්ධත්වයක් නෑ. මම කියන්නෙ කවුරු උනත් වයසට ගියාට පස්සෙ මේ දේවල් සිද්ධවෙන එක පවු. කාටත් අවශ්‍යතා තියනවනේ.

      Delete
  3. පට්ට සීන් ටික.... මේ පැත්තේ හෝටලේකත් ඔහොම සීයා කෙනෙක් මැරුනා හාට් ඇටෑක් එකකින්.

    ReplyDelete
    Replies
    1. නහින දෙහින කාලේ... බඩ ඉරිගු මොටද රාලේ.... කියලද මේ සිද්ධි වලින් කියන්නෙ?

      Delete
    2. එක අතකට පිරිමි පව් අප්පා...නහින දෙහින කාලේ වෙලත් තමන්ගේ පාඩුවේ වැඩක් බලාගෙන ඉන්න මහා බඹා ඉඩ තියලා නැහැනේ..:)

      Delete
    3. අන්න සයුරිට විතරයි වරද කොතැනද කියල තේරුනේ.

      Delete
  4. අර දොරෙ බෝලෙට අහුවුන කතාවත් කියුවනම්

    ReplyDelete
    Replies
    1. ඒක නං හොදටම අසබ්බයයි. දන්නෙ නැත්තං කියන්න එපැයි.
      ඔන්න රාලහාමි කියපු කතාවෙ ජාතියෙ ආච්චි කෙනෙකුට ඒ අවශ්‍යතාවයම දැනුන. සීයට කිව්වට සීය එච්චර කැමතිවුනේ නෑ මොකද ...... මුදලාලිට වගේ ප්‍රශ්නයක් තිබුන නිසා. අන්තිමේදි ආච්චි යෝජනා කලා සීය දොරට හේත්තුවෙලා "අවශ්‍ය ඉරියව්වෙන්" ඉන්නත් ආච්චි දුවගෙන ඇවිත් වැඩේ කරන්නත්. ඒ වෙලාවෙ ආච්චි තමා ගාවට දුවගෙන එන විදියට සීය භයවෙලා අයින් වුනා. ආච්චි දොරබෝලෙට හිරවුනා. ;-)

      Delete
  5. මන් මේ කල්පනා කොරේ ආච්චි කෙල්ල කාලේ පොදු දේපලක් වෙන්න ඇති නේ..:)) (ඔන්න අදත් ඩබලක් බෙල්ලේ වැල දාගේනලු, මන් හිතන්නේ එක තමා ද අලුත්ම ට්‍රෙන්ඩ් එක )

    ReplyDelete
    Replies
    1. ඉඳුරුවදි වෙලා තියෙන්නෙ. තමන්ගෙ බිරිඳගෙ නංගිත් එක්ක එල්ලිලා මැරිල. අහිංසක දරුවො දෙන්නෙක් අනාථ වෙලා.
      එක දරුවෙක්ට මාස හතරක්ද පහක්ද කොහෙද.

      Delete
    2. හපෝයි! මුංගෙ මෝල් අමාරුවට වන්දි ගෙවන්න වෙන්නෙ අහිංසක දරුවන්ට.

      Delete
    3. අප්පේ එහෙමද ඒ සීන් එක වෙලා තියෙන්නෙ???

      Delete
  6. මට තව කතා මතක් උනා. පිබිදීම කතා සීරීස් එකක ආරම්භය වගේ.
    මේවා රජ කාලෙ ඉඳන් පැවතගෙන එන දේවල්. නාකි විසේ ගෙටත් උසේ කියනවනෙ.

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් හෙහ්... මෙව්ව කොහෙං කෙලවර වෙයිද දන්නෑ. පොඩි කුමාරිහාමි තමයි වගකියන්න ඕන.

      Delete
  7. හප්පා . . පිබිදීම ට්‍රෙන්ඩ් එක නැගලා යනවා වගේ . . .

    ReplyDelete
    Replies
    1. හ්ම් හ්ම්.... මාර පිබිදීමක්.

      Delete
  8. මරු කතා ටික.. තව තියෙනවා.. පස්සේ දෙන්නම් .. එක පාර දැම්මම ආතල් නෑ...

    ReplyDelete
    Replies
    1. උඹ ඉතිං කොයිදේත් ටික ටික දෙන එකානේ.

      Delete
  9. නියම ට්‍රෙන්ඩ් එකක් වෙලානෙ මේක. මොනවා වුනත් අපිට නියම කතා ටිකක් අහන්න පුලුවන් වගේ... :D

    ReplyDelete
    Replies
    1. කාලෙන් කාලෙට එක එක ට්‍රෙන්ඩ් එනවනේ. මම උනත් මේ කතා කිවුවෙ රැල්ල ආපු නිසයි.

      Delete
  10. හැබෑටම මේ කතා කොහෙන් හොයා ගන්නවද මන්දා :))))

    ReplyDelete
    Replies
    1. මේව හොයාගත්තඒව නෙවේ. හැබෑවට සිද්ධ වෙච්චි ඒව.

      Delete
  11. ඒ පාර ලෝකෙම පිබිදීගෙන එන්නෙ..සීයලා ආච්චිලා...අනේ වාසනාවන්..!!
    කාටද ඉතින් ආඩම්බර..? පොඩිකුමාරිහාමිට නෙ..!!

    ReplyDelete
  12. මේ සම්බන්ද ලිපි හතරම මම කියෙවුවා.. තව වැටෙයිනේ.. ඒවත් බලමු..

    ReplyDelete
    Replies
    1. මාතලන්අයිය ගාව තව තියනව කියන්නෙ.

      Delete
  13. වික්ටෝරියානු සම්ප්‍රදාය අපිට පටවපු අය දැන් ඒක අතැරලා දාලා. අපි තවම ඒ මත්තෙ නැහෙනවා..

    ReplyDelete
    Replies
    1. මොනව කරන්නද. බොහොම ස්තුතියි ආවට.

      Delete
  14. බ්ලොග් අවකාසෙ මාර පිබිදීමක් වෙලා නොවැ........

    ReplyDelete
  15. ආච්චිලා සීයලා උදේ හවා පින් දෙයි පොකූ මතක් කරලා අනාගතේදී ..

    ReplyDelete
  16. සැටිෆිකට් ඇත්ත කතාව

    ReplyDelete
  17. ත්‍රස්තයො සිවිලියන්ලා ගිය බස් එකක් නවත්තලා. කශ්ටියම බස්සලා දැන් ගෑණු පිරිමි වෙන් කරලා. ඊට පස්සෙ ගෑණු ටික කැලේට එක්ක යනවලු පෝලිම් ගස්සලා. එක කෙල්ලෙක් ඇහුවලු තුවක්කුවක් අතේ තියාගෙන ඉන්න ත්‍රස්තයගෙන් 'දැන් උඹලා අපිව මරා දාන්නද යන්නෙ?" කියලා. ත්‍රස්තයා කිව්වලු ගොරෝසු හඬින්, "නැතුව නැතුව" කියලා. කෙල්ල ඇහුවලු "උඹල ඊට කලින් අපිව දූශණය කරන්නද මේ හදන්නෙ?" කියලා. පිරිස අතරෙ හිටපු වයසකම ආච්චි කියනවලු. "නැචුව නැචුව!" කියලා.
    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. චැහ්! මට අමතක උනානේ ඒ කතාව දාන්න. මම අහල තියෙන්නෙ හොරු සෙට්එකක් වන්දනා නඩයක් යන බසේකට නැගල කිව්වලු "කාගෙත් ගාව තියන සල්ලි රත්තරන්බඩු ඔක්කොම ගනිල්ල, නැත්තං මේකෙ ඉන්න ගෑණු එකෙක් නෑර දූෂණය කරනව කියල. ඒක අහගෙන හිටිය නඩේ ගුරා ඇහැව්වලු "අනේ මහත්තයෝ මේ වයසක ආච්චිලාටත් එහෙම කරනවද" කියල. ආච්චි කෙනෙකුට මලපැන්නලු ඒගමන. එයා කියනව,
      "නඩේ ගුරා කටවහගෙන හිටියනං, ඒ ළමයින්ට ඕන දෙයක් කරගන්න දීල"

      Delete
  18. දත් තියෙන කාලෙ මස් කන්න ඔ්නේ....

    ReplyDelete
    Replies
    1. එතකොට දත් නැතිවුනාම?

      Delete
  19. හොට්ම එක මං මේ දැං ඔෆිස් ගිහිං එද්දි දැක්කා... අවුරුදු 60ක විතර වයසක පොරක් අවුරුදු 30ක විතර ගෑණු කෙනෙක් එක්ක බස් හෝල්ට් එකක පොඩි සීන් එකක්. දෙන්නටම මෙලෝ සිහියක් නෑ...

    ReplyDelete
    Replies
    1. අසබ්ය දෙයක් කලේ නෑනේ? නැත්තං උඹට කියන්න පුළුවන්නේ "දැං හැදෙන ආච්චිල සීයල නිසා පොඩි එකෙකුට පාරෙවත් යන්න බෑනේ" කියල.

      Delete
  20. අපේ පහල ගෙදර ආච්චිට 70ක් විතර ඇති. සීයට 75 යි. මේ මෑතකදි මේ ආච්චි අපේ CEO (හාමිනේ) එක්ක කියල තියනවා

    ' බලන්නකො පුතේ මේ මිනිහට තියන අමාරුව, ගෙදරදි යන එන ගමන් මගේ කිරි මණ්ඩලයට තට්ටු දානවනේ, මම පපුවේ අමාරු කාරය වෙච්චි මොනවහරි උනොත් එහෙම' කියලා.

    ඇත්තටම බැලුවොත් දෙන්නම පවු. අර සීයා ගැටිස්සියො පස්සේ ගියොත් කතා කෝටියයි. කසාද ගැනි පස්සේ ගියොත් බැනුම් කෝටියයි. මක්ක කොරන්නැයි.

    Modern Patriot

    ReplyDelete
    Replies
    1. හ්ම්. මේව ගැන හිතෙනකොට දුක හිතෙනව.
      Modern Patriot ෂහ් නියම නම. හදාගන්නකො ඕකෙන් හැදුනුම්පතක්.

      Delete
  21. ඔය වියපත් අයගේ ප්‍රේම සම්බන්ධකම් හුදෙක් ලිංගික සම්බන්ධකම්ම නෙවෙයි. මේවා විචිත්‍ර ශෘංගාර සම්බන්ධකම් විදියට හඳුනාගැනීම වඩාත් සාධාරණයි.
    අවුරුදු 60 පැන්න ගැහැණු පිරිමි දෙපාර්ශවයම දරුවන්ගේ බ‍රින් ද රැකියාවේ පීඩනයෙන් ද නිමක් නැති "අනාගත අපේක්ෂාවන්ගෙන්" ද බොහෝදුරට නිදහස්වී ඇති නිසා ඔවුන්ගේ ශරීරවල කිසියම් අඩුපාඩුවක් නැත්නම් ශෘංගාර ජීවිතයකට ඇති බාධාව කුමක් ද ? ඔවුන් ඔවුන්ගේ නිදහස රිසිසේ බුක්ති වින්දාවෙ....
    ගාර්ෂියා මාර්කේස්ගේ "කොළරා කාලේ ආලේ" (පරිවර්තනය - ගාමිනි වියන්ගොඩ) පොතේ කතා නායකයාත් කතා නායිකාවත් ඇත්තම ප්‍රේමයේන් හමුවනවිට ඔවුන්ගේ අංග ප්‍රත්‍යාංග අක්‍රියයි, එපමණටම වියපත්- දෙදෙනාටම තම තමන්ගේ නාකි ගඳ දැනෙනවා....එහෙත් ආලය....!!!

    ReplyDelete
    Replies
    1. ඒක හොඳ ලස්සන කතාවක් තමයි... :)

      Delete
    2. ඔව් ඔව්. ඒ කතාව මාත් කියෙව්ව. ලිංගික සම්බන්දතාම නෙවෙයි කියනඑක ඇත්ත.

      Delete
  22. එල එල කාලෙකින් බ්ලොග් වලට බහිද්දී මේ අමුතු පිබිදීම දැකලා මාව කොර වෙලා ගියා ..

    අඩේ අපි වයසට ගියාම .....

    ReplyDelete
    Replies
    1. කවුරු උනත් ඔහොම තමයි. බලමු අපි වයසට ගිය කාලෙ වෙනකොට කයි කතන්දර නැතිවෙලා තියෙයිද කියල.

      Delete
    2. අම්මප එතකොටවත් අපිට නිදහසේ පිබිදෙන්නෙ...

      Delete
  23. හප්පා රාජ් උඹත් වැඩේ අතාරින්නෙම නැති පාටයි..අපේ පැත්තෙත් පොල්ලා කියලා එකෙක් ඔය පෙති බීලා ජීවිතේ නැති කරගත්ත සීන් එක මම පෝස්ට් එකක් දැම්මා..වයස ගියා කියලා නෑ අප්පා සමහරුන්ට ඔය හිරිවාතේ ඇරෙන්නේ නෑ....

    ReplyDelete
    Replies
    1. පොල්ල නේන්නං මේ අවුල්වලට මුල.

      Delete
  24. මුං දැන් ලින්ක් දාන්නෙම නෑනේ.

    මාතලන් පොකු ගේ ලිපිය ලින්ක් කළෙත් නෑ.

    රාජ් ඒ දෙකම ලින්ක් කරලාත් නෑ.

    මෙහෙම ගියොත් වේ එක කඩන් වැටෙයි!

    ReplyDelete
    Replies
    1. මෙහෙම ගියොත් Web එක කඩන් වැටෙයි!

      Delete
    2. මාතලන් කිව්ව කතාව නිසා මාත් ලින්ක් දැම්මෙ නෑ, පොකූයි මාතලනුයි නොදන්න කෙනෙක් ඉන්නවද කියල. කකා කිව්ව නිසා මීට පස්සෙ දානව.

      Delete
  25. අපේ රටේ එකාට ඕව මැජික් තමා මචං. අඩුම ගානේ බැදපු ‍ජෝඩුවක් වයසට ගියාම අතින් අල්ලගෙන නොයන සංස්කෘතියක්. ඇයි එහෙම වෙන්නේ. ඉස්සර තිබ්බ ආදරය වයසට ගියාම පෙන්නන එක වැරදිද ? කැතද ?

    හොර සීන් එසේ නොවේය. වයසට ගියත් අතින් අල්ලගෙන මයි.. බස් වල දැක ඇත්තෙමි..

    ReplyDelete
  26. හිකිස්ස් බි.පෙ.සි.. ඒ උනාට මෙහෙම පිබිදෙන්න ගියොත් අපි නිදාගන්නේ කොයි වෙලාවෙද රාජ් අයියා

    ReplyDelete
    Replies
    1. නින්දෙන් පිබිදෙන්න....!

      Delete
    2. පිබිදීමන් පසුව සනීපෙට නින්ද යයි !!!

      Delete
  27. නහින දෙහින කාලේ මාර පිබිදීමක් නොවැ මේක ......

    ReplyDelete
    Replies
    1. හැහ් හැහ් ...උඹ දැන්ද දැක්කෙ?

      Delete
  28. //සාක්කුවෙ තිබුන පොඩි පැකට්ටුවකින් ගත්ත ටැබ්ලට් දෙකක්ම ගුඩුස්ගාල බිවුව. මුදලාලිට කංසැප විදින්න පුළුවන් උනාද බැරිද කියල මම දන්නෙ නෑ, මොකෑ මම බලං හිටියෙ නෑනේ.//
    ටැබ්ලට් බොනව බලං හිටියෙ කවුද?

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔන්න ට්‍රැෆ්ක්ලත් එක්ක මොකුත් කියන්න බෑනේ...පෙති බිව්ව කතාව කියල තිබුනෙ ගෑණුකෙනා. කංසැප ගැන එයා මොකුත් කිව්ව කියල ආරංචියක් නෑ.

      Delete
  29. ඩී. බී. කුරුප්පු මහත්තය පොඩි නවකතා පොතක් ලියල තියෙනව වයසක ආලවන්තයන් ජෝඩුවක් ගැන.

    ReplyDelete
    Replies
    1. වයසක උදවිය ගැන ලිව්වට ඔබා තරහවුනා කියලයි මම හිතුවෙ.:)

      Delete
  30. සම්මජ්ජාතියකටන පෙතිනම් බොන්න එපා මචංලා.මේං මේකත් බලපන්.මට මේක කිවෙව්ව ගමන් මතක් වුනේ මේ පෝස්ට් එක.

    පොල්ලා සහ ව්‍යාග්‍රා !!!! (18+ බව කරුනාවෙන් සලකන්න)

    ලින්ක් එක දැම්මා කියලා මේකයි ඒකයි අයිති දෙන්නටම අවුලක් නැති බව උපකල්පනය කළ බව කරුණාවෙන් සලකන්න.

    ReplyDelete
    Replies
    1. අපි නොදුටු ගේ නේ පොස්ට් ඒක

      Delete
  31. මලා
    මම මුකුත් කියන්නේ නැහැ :පි

    ReplyDelete
  32. වයසක වුනාත් නාඩි වැටෙනවනේ.

    ReplyDelete
  33. පෙට්ටිය වහන්න බැරි උනානම් විසදුම් කීපයක් තියනව පලවෙනි එක මිනිය පැත්තට හරවන එක, ඒත් බැරිනම් පෙට්ටියහිල් කරල මල් බොකි එකක් තියන එක වලදානකොට වලබදින්න බැරිනම් නම ලියන ගල් පුවරුව වගේ එක මැදට ගන්න තමයි වෙන්නෙ ඒක උස මදිනම් ඔරලෝසුකනුවක් හදන්න තමයි වෙන්නෙ හැබැයි බෙහෙතෙ බලේ ගියාම ඔරලෝසු කනුව බිම තියෙයිද දන්නෑ

    ReplyDelete
  34. මරු කතා ටික... ලොවෙත් නෑ. ටොපයි හරිය...

    ReplyDelete
  35. කියන්නට දෙයක් නොමැත....................!

    ReplyDelete