Friday, March 9, 2012

ඔබේ සියලු ජෝතිෂ්‍ය කටයුතු ගොබෙල්ස් න්‍යායෙන්!



අනාවැකි! වසර සිය දහස් ගනනකට පෙර සිට පැවත එන ශාස්ත්‍රයන් සමූහයකි. සිදුහත් කුමරුන්ගේ, ක්‍රිස්තුස් වහන්සේගේ ඉපදුනු කාලයේ පටන්ද සමහර විටෙක ඊටත් පෙර කාලයේ සිදුවීයැයි විශ්වාස කරන ජාතක කතාවලද අප්‍රමාණව අනාවැකි දක්නට ලැබේ. මේවායෙන් සමහරක් නිසා සිදුවූවායයි කියන විනාශයද අතිමහත්ය. උදාහරණ ලෙස ජේසුස් වහන්සේ මැරීමේ අදහසින් බිලිදුන් ඝාතනය, පණ්ඩුකාභය කුමරු මැරීමේ අදහසින් රටේ සිටි දරුවන් මැරීම ආදී සිද්ධීන් විශාල ප්‍රමාණයකට මෙම ශාස්ත්‍ර අනියමින් වගකිව යුතුය.

තමාට විස්තර කල නොහැකි, අද්භූත- එමෙන්ම නවීන විද්‍යාවෙන් තහවුරු කරගත නොහැකි- සංසිද්ධින් සදහා හේතු සාධක සෙවීමේ කුහුලක් ස්වභාවයෙන්ම මිණිසාට ඇත. මෙම ශාස්ත්‍ර බිහිවූයේ එම හිස්තැන පිරිවීම සදහා විය හැකිය. අත්ලේ රේඛා පරීක්ෂා කිරීම, දේහ ලක්ෂණ පරීක්ෂා කිරීම,.... ආදී වශයෙන් කියනු ලබන ශාස්ත්‍ර අතුරින් වත්මනෙහි වඩා ජනප්‍රිය වන්නේ ග්‍රහ ලෝකවල පිහිටීම/බලපෑම මුල්කරගෙන පවතින ජෝතිෂ්‍යයයි. 100%ක් විද්‍යාත්මකව තහවුරු කල නොහැකි වුවද අනෙකුත් ක්‍රම හා සැසදීමේදී ජෝතිෂ්‍යය, තර්කානුකූලව ගොඩනැගී ඇති "ශාස්ත්‍රයක්" බව කිව යුතුමය. උදාහරණයක් ලෙස යමෙකුගේ අත්ලේ රේඛා, දෙදෙනෙකු විසින් වෙනවෙනම පරීක්ෂා කලහොත් ලැබෙන අපගමනයන්, දෙදෙනෙකු විසින් සාදන කේන්දර පිටපත් දෙකක වෙනසට වඩා ඉතා විශාල බව අත්දැකීමෙන් අපට කිවහැකිය. මූලික වශයෙන් ජෝතිෂ්‍යයේ පදනම එසේ වුවද යම් අයෙකු සම්බන්ධව ප්‍රකාශ කරන "අනාවැකි" නිවැරදි නොවේ. එක්දහස් නවසිය හැත්තෑ ගනන්වල කොවූර් ප්‍රමුඛ හේතුවාදීන් ඉදිරිපත්කල අභියෝගයන් පිලිගැනීමට අද දක්වාම ජෝතිෂ වේදීන්ට නොහැකිවී ඇත්තේ තම මතය තමන්ට හෝ විශ්වාස නැති නිසාදැයි සිතේ. ‍

කෙසේ වුවද මා ලිපියෙන් අවධාරණය කිරීමට උත්සාහ දරණ කාරණය මින් මදක් බැහැර වූවකි. එනම් ප්‍රසිද්ධ ජෝතිෂ්‍යවේදීන්ගේ අනාවැකි සහ ඔවුන්ගේ ක්‍රියා කලාපයන්ය. මෙහිදී මා "ප්‍රසිද්ධ" යනුවෙන් අදහස් කරන ලද්දේ පුවත්පත්, විද්‍යුත් මාධ්‍ය ආදියේ පිහිටෙන් පිම්බී, අද රජයේ ඉහලම තැන්වල වැජඹෙන්නන්ගේ ඇගේ එල්ලුනු ජෝතිෂ්‍ය කූඩැල්ලන් ගැන මිස කේන්දරයක් බලා කීයක්හරි සොයාගන්නා මිණිසුන් ගැන නොවේ. (ජෝතිෂ්‍යය විශ්වාස කරන්නන්ගෙන් කීයක් හෝ අයකරගැනීමේ වරදක්ද මා දකින්නේ නැත) ."මීලගට බලයට පත්වන්නේද තවත් රාජපක්ෂ කෙනෙක් බව" පසුගිය දිනෙක පුවත්පතකින් ප්‍රකාශ කලේ මෙවැනි අමනයෙකි. මොවුන් කරන්නේ හුදෙක් විවෘත කිරීමකට නැකතක් සාදාදීම පමණක් නොවේ. ශාස්ත්‍රයේ පිහිටෙන් ඉහල අතු අල්ලාගෙන මහජන මුදල් කොල්ලකෑමත් තම (කැළෑ) පත්තර පඩංගු වලින් ජනතාව ගොනාට ඇන්දවීමත්ය. සාමාන්‍යයෙන් රටේ නීතිය අනුව අසත්‍ය ප්‍රකාශ කිරීම, සමාජයට බලපෑමක් කලහැකි කටකතා ආදිය පැතිරවීම දඩුවම් ලැබියහැකි වරදකි. එහෙත් මොවුන්ට ඒ වෙනුවෙන් ලැබෙන්නේ තනතුරුය වරදානය. මා ඉහත සදහන් කල පුද්ගලයාට, ඇති තනතුරු නම්බුනාම දෙස බැලීමේදී එය මනාව පැහැදිලි කරගත හැකිය.
,
"වර්තමානයේ ...........තුමාගේ ඡ්‍යොතිෂ කටයුතු පිළිබඳ උපදේශකවරයා ලෙස ද, ....... රූපවාහිනී සේවයෙහි උපදේශකවරයකු ලෙස ද, ගාල්ල දිසා ........... අධ්‍යක්ෂවරයකු ලෙස ද, ........... බැංකුවේ ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයා ලෙස ද කටයුතු කරන්නේ ප්‍රවීණ ඡ්‍යොතිෂ්‍යවේදී දේශබන්ධු ............ මහතාය"

මෙවැනි ජෝතිෂ්‍යවේදීන්ගේ(?) අනාවැකි අධ්‍යනය කලවිට පැහැදිලි ලෙසම ඉවතට ගතහැකි පොදු සාධක ගනනාවකි. ඉන් කිහිපයක් මෙසේ පෙළගැස්විය හැකිය.

1. ගොබෙල්ස් න්‍යාය.
කියන තරම් කියන්නේ බොරු වුවත් බොරුකීමේදී අති දක්ෂය. විශාල වාර ගනනක් පුනරුච්චාරණය කිරීම සිදුකරයි. එවිට බොරුව ඇත්ත කල හැකිය.

2. අතීතයේදී සිදුවූ සිද්ධි සම්බන්ධයෙන් තමා අනාවැකි කී බව සදහන් කිරීම.
මෙය පළමු කරුණ සමග අපූරුවට පෙලගස්වාගත හැකිය. "සුනාමිය ගැන මම තමයි ඉස්සෙල්ලම කිව්වෙ, අනේ කවුරුවත් ඇහුවෙ නෑනේ","ප්‍රභාකරන් මැරෙන දවස මමනෙ ඉස්සෙල්ල කිව්වෙ" ආදී වශයෙනි. මෙය අනන්ත වාරයක් තෙපලීමේදී "ඔවුනෙ! එයා සුනාමිය ගැන කලින්ම කිව්වනෙ", "ප්‍රභාකරන් මැරෙන දවස එයා හරියටම කිව්ව" යැයි කියන මෝඩයින්ගේ ගොඩ එන්න එන්නම වැඩිකරගත හැකිවේ.

3. වැරදුනු අනාවැකි හැකි ඉක්මනින් යටපත් කිරීම.
කවුරුන් හෝ ඒ ගැන ප්‍රශ්න කලහොත් "ඒක කිව්වෙ මම නෙවේ අහවලා" යයි පැවසිය හැකි අතර ඉන්පසු ප්‍රශ්න නගන්නා එය හාරවුස්සන්නේ නැතිබව අප සේම මොවුන්ද දනී

4. මියගිය පුද්ගලයන්ගේ ජීවිතය ගැන ඉතාම නිවැරදිව කිවහැකි වීම.
මෙයද හොද කලාවකි. උදාහරණ ලෙස ප්‍රභාකරන්ගේ කේන්දරය බලා 2009 දී ඔහු මියයෑමට හේතුව විග්‍රහ කරන්නේ අපූරු ආකාරයටය.

5. අතීතය ගැන වැඩිපුර අනාවැකි කීම, අනාගතය ගැන අඩුවෙන් කතා කිරීම හා "කොතනට හෝ වදින සේ විශාල පරාසයක් ආවරණය කිරීමෙන්" අනාවැකි පැවසීම.
අනාවැකි පරාසය විශාල කිරීම ඉතාමත් වාසිදායක වන අතර යන්තමින් හෝ නිවැරදි වුවහොත් ඊට උපරිම ප්‍රසිද්ධිය ලබාදීම සිදුකරයි. "අද ලංකාවට වහිනවා" යයි කීවිට කුමන ප්‍රදේශයකට වැස්සද අනාවැකිය ටක්කෙට හරිය. වත්මනෙහි ජනප්‍රියම ජෝතිෂ්‍ය පුවත්පත් ගෙන බැලුවහොත් එහි ඇති ප්‍රධාන මාතෘකාවන් වන්නේ අතීතයේදී ප්‍රකාශකොට "හරිගිය" අනාවැකි උළුප්පා දැක්වීම්ය. අනාගතයේදී සිදුවන දෑ දක්වන්නේ ඉතා කුඩාවට වන අතර "හරියන"ඒවාට අනාගතයේදී අදාල මාධ්‍ය තුලින් "සාධාරණය ඉෂ්ටවේ".

6. අවසාන වශයෙන් සදහන් කල යුත්ත දේශපාලන අනාවැකි පැවසීමයි.
මෙහිදී ජෝතිෂ්‍යවේදියා අපහසුතාවයට පත්වන්නේ තියුණු දේශපාලන තරගයක් ඇති අවස්ථාවලදී පමණි. අනෙක් අවස්ථාවන්හිදී "සාමාන්‍ය දැනීම" භාවිතා කර ජයග්‍රාහකයා තීරණය කරගතහැකි අතර අවශ්‍ය නම් මෝඩ ඡන්දදාසලාගේ කතිරයටද බලපෑමක් කල හැකිය.

මීට අමතරව තම පාන්ඩිත්‍ය විදහා දැක්වීම සදහා "අහවල් සෘෂිවරයගෙ පොතේ කියෙන්නෙ මෙහෙමයි, ඒත් වෙන්න ඕන මෙහෙමයි" ආදී වශයෙන් පැවසීම දැක්වියහැකිය.

මෙම ක්‍රම අනුගමනය කිරීමෙන් අවශ්‍ය නම් ඔබටත් ජෝතිෂවේදියෙකු වීමට හැකිය. ජෝතිෂ්‍යය පිළිබද දැනුම අවශ්‍ය නොවන අතර බොරුකීමේ හැකියාව සහ ලැජ්ජා නැතිකම පමණක් ප්‍රමාණවත්ය. මක්නිසාද යත් වරදින අනාවැකි (බේගල්)සදහා ඔබට කිසිදු දඩුවමක් නොලැබීමයි.

අවසන් වශයෙන් සදහන් කල යුත්තක් ඇත,
ජෝතිෂ්‍යය මා විශ්වාස නොකලද ඕනෑම කෙනෙකුන් එය විශ්වාස කලාට මට කම් නැත. ඔවුන් ගැන මට ඇත්තේ අනුකම්පාවක් පමනි. ජෝතිෂ්‍යයට මුවාවී මහජන මුදල් ගසාකන කපටියන් හටය මේ පහර එල්ල වන්නේ.

85 comments:

  1. ඒක නම් ඇත්ත පහුගිය කාලේ අර එක නාලිකාවකින් එක මහත්තයෙක් ඉස්මුදුනෙන් පිළි අරගෙන එයාට වඩා කෙනෙක් නෑ කියලා රටටම පෙන්නුවා. අන්තිමේදී ඒ නාලිකාවටම ඇත්ත තේරිලා එයාව පන්නගත්තා. ඒ ජෝතිර්වේදියා එක කේන්දරයක් බලන්න 2500 ක් ගන්නවලු. තව අවුරුදු දෙකකටවත් දින නෑලු. ආ කේන්දරේ බලන ගමන් කියන ඒවා ටේප් කරපු කැසට් එකකුත් දෙනවලු අරන් යන්න. වලූ හොදද මම නම් ගියේ නෑ. ඒත් මා එකක් වැඩ කරපු නංගි ගියා. ඒකයි දන්නේ. එයා නම් කියනවා ඇත්ත කියලා.ඒත් ඉතිං වෙච්ච දේවල් දැන ගත්ත කියලා වැඩක් තියෙනවද නේද?
    මමත් දවසක් අර අත තිබ්බ ගමන් කොළ ගොඩක් එන එකකට නම් අහුවුනා. හැබැයි ඉතිං ඒකේ විස්තර මා එක්ක ගිය අනිත් හුගදෙනෙක්ගේ කොලවලත් තිබුනා.

    ReplyDelete
    Replies
    1. ඒක තවත් සෙල්ලමක්. අත තියපු දෙන්නෙකුට එකම වගේ විස්තර එන්න ඉඩ තියනව. කමක් නෑ ඒවනං ඉතිං, බට්ටිල සල්ලි පූජ කරන්න කැමති නං.

      Delete
  2. ඔය ලිපිය මමත් දැක්ක. මේ රටට හරියන්නෙ ඔය වගේ බූරැ පන්ඩිතයොම තමයි.

    ReplyDelete
    Replies
    1. ඒකනෙ මොනව කරන්නද. ස්තුතියි මේ පැත්තෙ ආවට.

      Delete
  3. මට හිතා ගන්න බැරි ප්‍රබාකරන්ගේ කේන්දරේ හොයා ගත්තේ කොහොමද කියන 1?? අනික ඔය තරම් අහිංසක කොල්ලෝ මරන් නැතුව ඒක හොයා ගත්ත විදියට ඕකව මරන්න තිබුනනේ. ඕක නම් බොරුවම තමා.

    ReplyDelete
    Replies
    1. ප්‍රබාකරන්ගේ කේන්දරේ හොයා ගත්ත කියමුකෝ. ඕක කලින් දැනගත්තනං යුද්ධ කරන්නෙ නැතුව ෂේප් එකේ ඉදල දවස ආවම එකෙන්ම දෙන්න තිබුනෙ නැතෑ :-)
      මේව බොරු උනත් ඇත්ත වගේ කියනවනේ.

      Delete
    2. උඹ වගේ ගොනෙක්!
      කේන්දරේ ඔනෙ එකෙක්ට හදන්න පුලුවන් ඉපදුන වෙලාව දන්නවනම්.

      Delete
    3. හැබැයි වෙලාව හොයාගන්න එකත් ප්‍රභා ඇල්ලිල්ල වගේම තමයි :)

      Delete
  4. ලස්සන වටිනා ලිපියකි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සහෝදරයා.

      Delete
  5. ඔය කියන පොර අපි ඉන්දියාව පරද්දල වර්ල්ඩ් කප් එක ගන්නව කීව මතකද, පත්තරේ කස්ටිය ඔය කතාව අහල නෑ. වැරදිලා හරි ලංකාව දිනන නම්,, පුහ් පොර ලෝක ප්‍රසිද්ද වෙනව.
    ඉන්දියාවේ පොරවල් ටිකකුත් කිවා මේ අවුරුද්දේ මහින්ද පාලනය නැති වෙනව කියල. මම හිතන නෑ එහෙම වේවි කියල. නමුත් ඒ වගේ දෙයක් කියන්න පුළුවන් නම් වැඩේ ගැන හිතන්න දෙයක් තියනව. මොකෝ එහෙමා වෙන්න පුළුවන් කියල හිතන්න අමාරු හින්ද.

    ReplyDelete
    Replies
    1. මම කියන්නෙ එක්කෙනෙක් ගැනම නෙවේ. මේවගේ එවුන් ඔක්කොම එකයි. මතකද ඉරහද කතෘගෙ මැතිවරණ අනාවැකිය?

      Delete
  6. ලෝකකුසලානේ අවසාන මහා තරගේකට ශ්‍රීලංකාව ආපු වෙලාවක, තරගය තියන දවසට කලින් දවසේ රුපවාහිනී නාලිකාවක නිවේදිකාවක් එක්තරා ප්‍රසිද්ද ජෝතිෂ්‍ය වෙදියෙක්ගෙන් ඇහුවා හෙට තරගය ලංකාව දිනයිද ? ඔබගේ ජෝතිෂ්‍ය යොදාගෙන කියන්න කියලා. ඔහු කියුවා ඔව් අරවා මේවා උච්ච් වෙලා තියෙන්නේ. එදාට ලංකාව දිනනවා කියලා. කොහොමහරි ලංකාව පැරදුනා. පහුවෙනිදා හෝ ඊළඟ සතියේ ඒ ජෝතිෂ්‍ය වෙදියගෙන්ම අර කලින් හිටිය නිවෙදිකාවම මෙහෙම ඇහුවා. ඔබ කියුවා දිනනවා කියලා. මොකද උනේ කියලා?
    එකට ඒ ජොථිශ්යවෙදියා මෙහෙම කියුවා..
    "මම මගේ ජෝතිෂ්‍ය දැනුම හැටියට දැනගත්තා තරගය පරදිනවා කියලා. එත් එදා මම එක කියුවේ නැත්තේ මිනිස්සු අධෛර්යට පත් වෙයි කියලා"...

    ReplyDelete
    Replies
    1. අපරාදෙ කියන්න බෑ මොනව උනත් උත්තරයක් තියනව.

      Delete
  7. මාත් දැකලා තියෙනවා සුනාමිය ගැන කලින් කිව්වා කියලා කිහිප දෙනෙක්ම කියනවා.:D
    ඔය කියන කරුණු හොදින් අධ්‍යනය කරලා මාත් ට්‍රයි එකක් දෙනවා ජෝතිර්ශවෙදියෙක් වෙන්න ලොල්

    ReplyDelete
    Replies
    1. අන්න හරි. හරියට කලොත් ගොඩ.

      Delete
  8. මචං උඹට ජෙප්පෙක් පුK ඇරියද ලඟදි?? කාට වුනත් හරියනව දකින්න අකමැති ජෙප්පො නෙ! උඹ ලියපු දෙයක් මෙතනත් දැක්කා,
    http://www.chamith.co.cc/2012/03/blog-post_07.html?showComment=1331103261517#c1151373673390240886

    මනුස්සයෙක් වුනාට උඹට ටියෙන්නෙ බලු (බල්ලොන්ටවත් නැති) අදහස් නෙ!

    ReplyDelete
    Replies
    1. බ්ලොග් අවකාශය තුල වැසිකිළි යන්න ඕන අයට නිදහසේ ඒ වැඩේ කරගන්නත් එක්ක තමයි ඇනෝනිමස් විවෘතව සහ මොඩරේට් කිරිල්ල අයින් කරල තියෙන්නෙ. :-)

      Delete
  9. අනිවා ... හැබැයි බ්ලොග් අවකාශයෙත් ඕවා විශ්වාස කරන ගල්යුගේ පොරවල් ඉන්නවා සැහෙන ප්‍රමානයක්

    හැම ලබ්බකටම කේන්දර බලන උන්ගෙන් මට අහන්න තියෙන්නේ එක දෙයයි , ඔය වෙලාව බැලිල්ල කරල වැඩ කිරිල්ල තියෙන්නේ ලංකාවෙයි - ඉන්දියාවෙයි විතරයි(මම දන්න තරමින් ) , එතකොට ලෝකේ අනික් රටවල මිනිස්සු ඔය කෙහෙල්මල් බලන්නෙ නැතුව කසාද බදිනවා නම් , ගෙවල් දොර්වල් හදනවා නම් , ව්‍යාපාර පටන් ගන්නවා නම් . සමස්ථයක් විදිහට ඒ දේවල් අපේ රටවලට වඩා සාර්ථකව කරගෙන යනවා නම් (විශේෂයෙන්ම ව්‍යාපාර ආදිය ) , මොන හත් ඉලව්වකටද අපි විතරක් වෙලාව අනුව වැඩ කරන්නේ ?

    ReplyDelete
    Replies
    1. ඒකනෙ ඉංදියාවෙයි ලංකාවෙයි හැම මගුලම අසාර්ථක වෙන්නෙ. :-)

      Delete
  10. මේවා විශ්වාස කරන මිනිස්සු ඉන්නකන් ඉතින් බොරු කාරයන්ට මඟුල් වගේ තමයි..

    ReplyDelete
    Replies
    1. උන්ට රජ මඟුල්. සාමාන්‍ය මිනිස්සු මේව පස්සෙ ගිහිං තුට්ටු දෙක් නැති කරගන්නව වගේ නෙවෙයි කෙලින්ම රට කරවන උදවියට සෙට් උනාම අපේ පොකැට්ටු වලිනුත් යනවනේ.

      Delete
  11. ඔන්න බල්ලෙක් බුරලා... මෝඩ හරක් අහගෙන ඉන්නවා කියලා හිතලනේ ඕව කියනවා ඇත්තේ. මට මතකයි එක සැරයක් ඔළුව නාලිකාවද කොහෙද, ලංකාව නිව්සීලන්ඩ් ටුවර් එකක් ගියාම හැමදාම මැච් එකට තියෙන කලින් සාකච්ඡාවට ගෙන්නන්නේ ඔය ජාතියේ එකෙක් ව. ඌ තමයි කියන්නේ අද මැච් එක දිනනවද පරදිනවද කියලා. ගොන්පාට්!

    ReplyDelete
    Replies
    1. බල්ලන්ට මම ආදරෙයිනේ. ඒ නිසා අවුලක් නෑ. මට මතකයි ඔය සීන්එක.

      Delete
  12. නියමයි කියවලා තිබ්බට මගේ හිතේ කමෙන්ට් කරන පලවෙනිවතාව......

    ReplyDelete
    Replies
    1. ඔව්. සාදරයෙන් පිලිගන්නව.

      Delete
  13. අනික ඉතිං අර පට්ට විසාල ග්‍රහලෝක වලින් එන මොකක්දෝ පවර් එකක් නවත්තන්න, ජුන්ඩං සයිස් ගල් කෑල්ලක් බෙල්ලෙ දාගත්තහම පුලුවන් කියලත් කියන්නෙ. මට තේරෙන්නෙ නෑ අප්ප ඔව්ව කොහොම වෙනවද කියල.

    ReplyDelete
    Replies
    1. නාභීය දුර අඟල් 2ක් වෙච්චී ද්වි උත්තල කාචයක් බෙල්ලෙ ඉදලා අඟල් 4ක් විතර(ශරීරයේ ඉදිරිපස) පහලට වැටෙන විදියට එල්ලගෙන සති දෙකක් විතර උඩට මොකුත් අදින්නේ නැතිව ගිනි අව්වෙ යන්න ඊට පස්සේ ඩොක්ට කෙනෙක් ගාවට යන්න. එතකොට තේරේවි ජුන්ඩන් සයිස් ගල් කෑලි වල රඟේ...

      Delete
    2. අව්ව තියෙන එලිමහනක උඩු බැලි අතට නිදාගත්තනම් සති දෙකක් ඕනෙත් නෑ...

      Delete
    3. උත්තල කාචයකින් සිදුවෙනදේ මේකත් එක්ක සංසංදනය කරන්න බෑ. ඒක අපි දෙන්නම හොදාකාරව දන්නව අයියේ.

      Delete
    4. ඔන්න පේනවනේ ජෝති අයියාම තත්වේ පැහැදිලි කරලා දුන්නා. ඔය අනං මනං ගල් කෑලි එල්ල ගන්න එපා ආයේ හැදෙන ලෙඩේ හොයාගන්න බැරි වෙයි ඈ! :D

      Delete
    5. This comment has been removed by the author.

      Delete
    6. මැණික් ගල් පැලදීමේ ශාස්ත්‍රීය කරුණු මෙන්න මෙතන ඇති

      http://lankajhothisha.blogspot.com/2011/01/blog-post_31.html

      Delete
  14. ඔව්. වෙලාවට ගුරුත්වාකර්ෂණය කියල දෙයක් හදුන්වාදීල තිබුනෙ. ඒකෙත් එල්ලෙන අය ඉන්නව.

    ReplyDelete
  15. නියමයි! සෑහෙන්න හොඳ ලිපියක්! කේන්දර යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් හූනියම් බලි තොවිල් ඔය හැම දේකම තියෙන්නේ මිත්‍යාව. අලුත්ම එක ෆෙන්ෂුයි.
    කේන්දර අනිත් හැමදේකටම වඩා සාර්ථක වෙලා තියෙන්නේ සම්භාවිතාව නිසා. 1/2 ක වගේ සම්භාවිතාවක් තියෙන සිද්ධියකට අනාවැකියක් කිව්වොත් ඒක හරියන්න තියෙන අවස්‍ථාව වැඩියි. අනාවැකිය හරි ගියොත් වැඩේ ගොඩ. අනික ඔය කේන්දර ගැන තදින්ම විශ්වාස කරන අය තමන්ට මොන දේ උනත් "ආ කේන්දරේ මෙහෙම තිබ්බා ඒක තමයි මේ" කියලා කියනවා. උණක් හෙම්බිරිස්සාවක් උනත් මොකක් හරි අපලයක් නිසා කියලා හිතනවා.
    වෙලා තියෙන ලොකුම කරුමේ මේ බහුතරයක් හාමුදුරුවරුත් බණ කියන අස්සෙත් මේ කේන්දර මිත්‍යාව පතුරන එකනේ!

    ReplyDelete
    Replies
    1. මොනව කරන්නද රට යන අත තමා‍ මේ. ෆෙන්ෂුඉ තාම ගම්බදව එතරම් දකින්න නෑ. කලක් යනකොට එන්න ඉඩ තියනව. දැන් දැන් මධ්‍යස්ථානත් තියනව.

      Delete
  16. මම ඕක පිලිගන්නේ හේතු ඇතුව. මොකද මගේ මාමන්ඩි ජෝතීර්වේදියෙක්. නමුත් ජනප්‍රිය කෙනෙක් වුනේ නෑ. ඒත් බැලුවේ ලොකු අයගේ ඒව ලොකු ගනන් වලට. පොර මැරෙණ දවස ලියලා දෙනවා. නමුත් හඳහන අයිති කෙනාට නෙමෙයි. දන්න කියන වෙනත් කෙනෙකුට. ඒ විදියට කියලා හරි ගිය ඒවා තමයි. ප්‍රේමදාස මහත්තයා. ලලිත් ඇතුලත්මුදලි. රන්ජන් විජේරත්න වගේ අය. ඒක ඒ කියලා තිබුන අය ඇවිත් තහවුරු කරලා ගියා. ඒ කිසිවක් නැතත් පොර මැරෙණ දවස මට කියලා තිබුනා හරියටම කියපු දිනේ පැය 2.30 විතර ඉස්සේල්ලා පොර නැති උනා. එදා ඉඳලා මම ඕක විශ්වාස කොරනවා. මමත් දැන් පොරගේ පොත් වලින් තනියෙන් ඉගෙන ගන්නවා. පොර ඉගෙනගෙන තියෙන්නේ ඉන්දියාවෙන්. නමුත් මට මතකයි පත්තර කාරයෝ ආවහම එලව ගන්නවා. මේ ගැන මම පෝස්ට් දෙක තුනකුත් දැම්මා.

    ReplyDelete
    Replies
    1. ඔය කතාව මම දැක්ක. අපේ තාත්තගෙ මාම කෙනෙක් හිටිය. එයා මම ඉපදුන දවසේ තාත්තට අහම්බෙන් මුනගැහිල මම උපන් වෙලාව අනුව හිතෙන් ගනන් හදල කිව්වලු මගේ ඔලුවෙ කෙස් නෑ කියල.(ඇත්තටම මාස කිහිපයකින් තමයි මගේ ඔළුවෙ කෙස් ඇවිල්ල තියෙන්නෙ). ඒත් ම‍ගේ ජීවිත කාලය තුල නං ඇත්ත කියන කෙනෙක් මුනගැහිල නෑ. හරි උඹ ඉගනගනිංකෝ අපිටත් බැරිය වැඩක් ගන්න.

      Delete
    2. මේ කතා ඇත්ත කියලා මමත් හිතනවා...වැඩි දෙනෙක් බොරු කළා කියලා සම්පුර්ණයෙන්ම මේවා බොරු කියලා මම හිතන්නේ නැහැ. හරියට වැඩේ කරන අය ප්‍රසිද්ධියට කැමති නැතුව ඇති. බොරු කාරයෝ තමයි පත්තරවලයි හැමතැනම දාගන්නේ.

      Delete
    3. ඔය විදියට වෙන්න නම් හැම දෙයක්ම කලින්ම ලියවිලා හරි සැලසුම් කරලා හරි තිබෙන්න ඕන.ඒක නියතිවාදයක්.ඒ කියන්නෙ අපිට කරන්න කිසිම දෙයක් නෑ.හැමදේම කලින්ම තීරණය වුන විදියකට සිදුවෙනවා කියන එක.

      Delete
    4. ඔය විදියට වෙන්න නම් හැම දෙයක්ම කලින්ම ලියවිලා හරි සැලසුම් කරලා හරි තිබෙන්න ඕන.ඒක නියතිවාදයක්.ඒ කියන්නෙ අපිට කරන්න කිසිම දෙයක් නෑ.හැමදේම කලින්ම තීරණය වුන විදියකට සිදුවෙනවා කියන එක.

      Delete
  17. ඕවා විශ්වාස කරන්නෙ තමන් කරන දේ ගැන අවදියෙන් නොඉන්න මිනිස්සු. බාගෙට බුදියගෙන වැඩ කරනවා. ඒ නොසැලකිල්ල හින්දම වැඩේ කෙල උනහම කියනවා.. අර අපලෙ මේ අපලෙ...රාහු කේතු බලපෑම් තමයි හේතුව..අනේ මන් නෙවෙයි කියලා..හොඳ ආත්ම ශක්තියක් තියේනම් වැඩේ වැරදුනෙ කොතනද සහ ඇයි කියන එක හොයලා ඒකට ප්‍රතිකාර නොකර වංචාකාරයන් පොහොසත් කරනවා. මන් මෙහෙම ඇදහුවට මගේ හොඳම යාළුවටවත් කියන්නෙ නෑ..එයා ඒ වගේ දෙයක් කරනවනම් කොර ගනින් කියලා අහක බලන් ඉන්නවා. ඔය වගේ බහුතරයකට ඇත්ත තේරුම් කරලා දෙන්න අමාරුයි.කියන අපි තමයි රාජ් වැරදි..වෙන්නෙ.. ඒ නිසා සමාජෙ හැමෝම ආශ්‍රය කරන්නත් ඕනි නිසා..හිතින් හිනා වෙලා නිහඬව ඉන්නවා..

    ReplyDelete
    Replies
    1. එහෙමද, එහෙනං මොනව කරන්නද.

      Delete
  18. ඇත්තටම මේක හොද ලිපියක්.ජ්‍යොතිෂය ගැන එකැස් මාළු දෘෂ්ටියෙන් බැහැරව ලිවීම ගැන රාජ් මල්ලිට ස්තූති කල යුතුයි.හොර දොස්තරු,ගුරුවරු ඉන්න රටේ හොර ජ්‍යොතිෂවේදීන් නිසා ජ්‍යොතිෂය ගැන සාමාන්‍ය ජනයාට ඇති විශ්වාසය පළුදු වීම අරුමයක් නොවේ.ජ්‍යොතිෂය අනීවාර්යෙන් නැතිව ප්‍රමාණවත්ව භාවිතා කිරීම තමයි හොදම වැඩේ.

    ReplyDelete
    Replies
    1. මම ලිපියෙදි දැක්වුව වගේ මේක සාමාන්‍ය ජෝතිෂ්‍යවේදීන් සහ ඔවුන්ගේ සේවාදායකයන් ගැන නෙවෙයි. කෙනෙකුට තමන්ගේ විශ්වාසයේ තරමට අයිතියක් තියනව ජෝතිෂ්‍ය විශ්වාස කරන්න. ඒත් ඒක මුවාවෙන් බිහිවෙලා ඉන්න හොරු රැල ජෝතිෂයත් එක්ක සම්බන්ධයක් ඇති නැති අපි සියල්ලටම බලපානව. අන්න ඔවුන් එක්කය් මම ගේම ඉල්ලන්නෙ.

      Delete
    2. රාජ්,

      සාමාන්‍යයෙන් ඔබගේ ගොඩක් අදහස් මම නොපිළිගත්තත් මෙම ලිපියේ බොහෝ කරුණු සමග එකඟයි ( ඔය ප්‍රසිද්ධ ජෝතිෂ්‍යකරුවා ගැන ). නමුත් ජෝතිෂ්‍ය කියන්නේ වටිනා ශාස්ත්‍රයක්. එය භාවිතා කරන්නා කරන වැරදි වලට ජෝතිෂ්‍ය ගැරහීමට ලක්කල යුතු නැති වගයි මට හිතෙන්නේ.
      JHOTHISHALANKA සමඟ එකඟ වෙමි.

      Delete
    3. ජෝතිෂ්‍ය ගැන සහ මම කියපු අය ගැන පටලවාගන්න එපා. මම ජෝතිෂ්‍ය නොපිලිගන්නව උනාට ඒක පිලිගැනීමට යමෙකුට ඇති අයිතියට ගරු කරනව. //ජෝතිෂ්‍ය කියන්නේ වටිනා ශාස්ත්‍රයක්// ඕක හරියට කරන, ඔබ දන්න අය ඉන්නවද?

      Delete
    4. ජෝතියෝ මෙතැන ලියල තියෙන්නෙ හොර ජෝතියො ගැන නෙවෙයි. මුලු ජෝතියම මිථ්‍යාවක් කියලා. උඹත් ඒ මිථ්‍යාවෙ කොටස්කාරයෙක් විතරයි. නැතිව හොර ජෝතියෝ හොඳ ජෝතියො කියල එවුන් නෑ.

      Delete
  19. කියන්න දෙයක් නැත! එළටම කියා අැත! :) :)

    ReplyDelete
  20. අනේ මට නම් දැන් ඔළුවරදේ වගේ... :)))

    ReplyDelete
  21. ජ්‍යෝතිශය නිසා මම තරම් ඔය කවුරුවත් වධ විඳින්නෙ නැතුව ඇති. ගෘහ නිර්මාණ සැලසුම් ශිල්පියෙක් විදියට "හින්බුඩ්ඩන්ට" ගෙවල් ප්ලෑන් කරල දෙන්න ගියාම රස්සාවත් එපා වෙනවා.
    වැඩියෙන්ම කරදරවෙන්නෙ බ්‍රහ්ම පාදය බැලිල්ලෙදියි. බ්‍රහ්ම පාදය පෑගෙන්න හොඳ නැතිලු ඒ වගේම ඒක උඩට බිත්තියක් එන්නත් හොඳ නැතිලු. නිකන් හිතන්න බිත්තියකින් කවර් නොවුනොත් ගේ ඇතුලේ ඕනෑම තැනක් නොපෑගී තියෙන්න පුළුවන්ද ?
    පැරණි වාස්තු විද්‍යාවට අනුව බ්‍රහ්ම පාදය බලන්නෙ ගේ හදන ඉඩමෙ, ඒත් ජ්‍යෝතිශය කාරයෝ බලන්නෙ ගේ ඇතුලේ. තවත් වාත කේස් එමටයි.
    මම හොඳින්ම දන්නවා ජ්‍යෝතිශය අත්හැරියොත් වර්ග අඩි 1200 ක විතර ගෙයක් හදන්න යන වියදමින් රුපියල් ලක්ෂයක් විතර අනිවාර්යයෙන් ඉතිරි කරගන්න පුළුවන්. බොහෝ නිවාස සැලසුම් ශිල්පීන් නිවාස සැලසුම් කරන්නෙ වාස්තු විද්‍යානුකූලව නිසා සිරිතට විතරක් නැකතක් බැලුවම හොඳටම ඇති.

    ReplyDelete
    Replies
    1. ඔව් ඕනම දේක අන්තයට යන අය කොතැනත් ඉන්නව. ලක්ෂයක් ඉතිරිනං මම ජෝතිෂය අත්හැරලදාල ඒ සල්ලි ටික වෙන වැඩකට යොදවනව.

      Delete
  22. මම ඒ දේ විශ්වාස කලේ ටික කාලකෙට කලින්.මම අඳුරන අංකල් කෙනෙක් ජෝතිෂ්‍ය උගන්වන කෙනෙක් .මම ගියපු වෙලාවේ මම උපන් වෙලාව දුන්නා.මට කේන්දරෙත් හැදුවා.විස්තරත් කිවුවා අතීත කාලේ, වර්තමානේ ,අනාගතේ.කිසි කෙනෙක් විශ්වාස කරන්නේ නැති මම විතරක් දැනගෙන හිටපු ඇතැම් දේවල් ගැන මට කිවුවා.ඒ කාලේ කරපු පාර්ට් ටයිම් ජොබ් එකේ ස්වභාවය දැන් මං ඉන්න තත්වය පවා අවුරුදු 3 කලින් මට කිවුවා.ඉතිං කොහොමද ඒ දේ බොරුයි කියන්නේ.හැබැයි ඒ අංකල් ප්‍රසිද්ද නැහැ දැන් ලංකාවෙත් නැහැ. හොර කේන්දර කාරයෝනම් ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. අන්න ඒකයි වැඩේ. මාතලනුත් කිව්ව මාමන්ඩි ගැන. කවුරුත් දන්නෙ නැතිඑකයි වැඩේ.

      Delete
  23. අපේ ගෙවල් පැත්තෙත් ඔය වගේ තැනක් තිබුනා..යනකොටම හේතුව කියනවලු ඇයි ආවේ කියලා..අපේ මාමා කෙනෙක්වත් ආච්චි අම්මා එක්කන් ගිහිල්ලා...ආ මම තුන් වරුවෙන් මේ මත් ද්‍රව්‍ය ඇබ්බැහිවීම නවත්තන්නං කියලා...ඒ දෙන්නා ගිහිල්ලා තියෙන්නේ වෙන දේකට...මාමගේ සාක්කුවේ මතක නැතුව බ්‍රිස්ටල් එකක් තිබිලා.....

    ReplyDelete
    Replies
    1. සාක්කුව බලා සාත්තර කීම!

      Delete
  24. ලිපිය සහ සියලුම කොමෙන්ට් කියෙව්වා

    ReplyDelete
    Replies
    1. මම දන්නව ඔබා ඕක කියනව කියල.

      Delete
  25. හොඳ ලිපියක්. රාජ්ගේ සිංහල හරිම හොඳයිනේ. ලස්සනට ලියලා.:D

    ReplyDelete
    Replies
    1. සිංහල කිව්වේ....... මොකුත් වැරදීමක්වත් වෙලාද :D එකකුත් තියෙන්නේ.......

      Delete
  26. ලියලා තියන ලිපිය හොඳයි, මම සමහර දේවල් ඇත්ත වෙනවත් දැකලා තියනවා බොරු වෙනවත් දැකලා තියනවා, ඔය ජෝතිෂ්‍ය කියන එකෙන් අයුතු ප්‍රයෝජන ගන්නවත් දැකලා තියනවා. ඒත් අපි මේ දේවල් පිලි ගත්තත් නොපිලිගත්තත්, කැමති උනත් අකමැති උනත් සමහර දේවල් කරන්න වෙලා තියනවා .......

    උදාහරණයක් විදිය‍ට මඟුල්වලට නැකැත් බැලීම, දරුවෙක් ඉපදුනාම කේන්දරේ සෑදිම, මල්වර නැකැත් සෑදීම, ගෙයක් හදන කොට මුල්ගල තියන්න නැකතක් සෑදීම ආදී මෙකී නොකී සෑහෙන දේවල් තියනවා ......

    එතකොට කියපං බලන්න උඹට කේන්දරයක් තියනවද, එතකොට උඹේ පොඩි උන්ට කේන්දර තියනවද (ඉන්නවනං), නැත්නම් පොඩි එකෙක් හම්බ වෙච්ච දවසට උන්ට කේන්දර හදනවද?

    මචං උඹට පැහැදිලිවම ජෝතිෂ්‍ය කියන එක සීයට සීයක්ම අයින් කරන්න පුලුවන්ද (අපේ සංස්කෘතියත් එක්ක)?

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි, කෙලින්ම කතා කරනවනං මම ගැන, මම ජෝතිෂ්‍යය විශ්වාස කරන්නෙ නෑ. හැබැයි මට කේන්දරයක් තියනව කියන එක ඇත්ත. මම උපන්නෙ ජෝතිෂය විශ්වාස කරගෙන නොවුනත් ඒ වෙලාවෙදි මට තීරනයක් ගන්න බෑ නේද? ඒක අපේ අම්ම තාත්ත කරපු වැඩක්. මට ළමයි නෑ තාම, මගේ පොඩි එකෙකුට නං මම කේන්දර හදන්න යන්නෙ නෑ. එතනදි මම ශක්තිමත්. මොකද තීරකය මමනෙ.

      Delete
    2. "මොකද තීරකය මමනෙ."

      හිතන් හිටියට ඇත්ත‍ මේක නෙමෙයි නේද? :)))

      Delete
    3. //හිතන් හිටියට ඇත්ත‍ මේක නෙමෙයි නේද? :)))//
      මේකෙන් උඹ අදහස් කරන්නෙ මොකක්ද කියන එක පැහැදිලි නෑ.
      මම සහ මගේ ගෑණි සම්බන්ධයෙන් නං ඇත්ත. අපේ ජීවිත වලට අදාල තීරණ අපි නොගෙන අල්ලපු ගෙදර මිනිහද ගන්නෙ?

      Delete
    4. මගේ දෙමව්පියො කේන්දර විශ්වාස නොකරන නිසා අපේ ගෙදර තුන්දෙනාටම කේන්දර නෑ... අපේ දරුවොන්ටත් කේන්දර නෑ, අපි තුන්දෙනාගෙම මිනිස්සුත් ඒ ගැන පන්නන්නෙ නැති නිසා..... ඒත් අපි තුන්දෙනාම බඳින වෙලාවෙ පෝරුවෙ නැකැත් හැදුවා උපන් වෙලාවට අනුව... ඒත් එක්කෙනෙක්ගෙවත් කේන්දර ගැලපුවෙ නම් නෑ... (ගලපන්න කේන්දර තියෙන්න එපායැ....) ගෙවල් වලින් කනු කුනු ආවෙත් නැති නිසා ඒ ගැන ප්‍රශ්ණයක් නම් ඇති උනේ නෑ....
      අපි නම් අපේ ගේ හදද්දිවත් එකම නැකතක්වත් බැලුවෙ නෑ... මුළු ජීවිත කාලෙටම හදපු එකම නැකත තමයි ඔය පෝරුවේ කතන්දරේ... ඒවත් කළේ මහත්තුරුන්ගෙ අම්මලගෙ උවමනාවට....

      ඒ අනුව නම් අර පන්සල් හන්දිය අන්තිමටම කියාපු කතාව හරි....

      Delete
    5. දැනට වැඩිහිටි පරම්පරාවෙ ඔබේ දෙමව්පියන් වගේ අය ඉදී කියල මම හීනෙංවත් හිතුවෙ නෑ. කොහොම උනත් ඒ අය ගැන සතුටුයි. ඔන දෙයක් පෙර කල ලෙස කරගෙන යාමේ අවශ්‍යතාවයක් මම නං දකින්නෙ නෑ.

      Delete
  27. ඇත්තටම එළකිරි ලිපියක්.ඔයා අපේ අහත් ඇවිත් කමෙන්ට් කරලා ගිහින් තිබ්බා.ඒ ඔස්සෙයි අපි ආවේ. ස්තූතියි! අපි ඔය අන්ධ භක්තික ජෝතිෂ්‍ය ගොයියන්ට කළ පුංචි අභියෝගේ තාම කවුරුවත් බාරගෙන නෑ. කුළියට කහින අය නම් ටිකක් කැහැලා ගිහින් තිබුනා.බලමු තව දවස් තියනවා නේ?!!

    ReplyDelete
    Replies
    1. කොවූර්ගෙ තර්ක ඔයිටත් වඩා සාධාරණ ඒව. උපන් වෙලාවෙන් මැරෙන වෙලාව ගැහැණු පිරිමි බව තීරණය කිරීම වගේ....

      Delete
  28. රාජ්,
    ඔබගේ ලිපිය ඉතාම අගය කරනවා. මේක පැහැදිලි කරන්න ලිපියක්ම ලියන්න වෙයි. ඒත් මෙතැනදී ඔබගේ උත්සාහය අගය කිරීම් වස් මම යමක් එකතු කරන්නම්. මම මේ දේවල් ගැන සිතන්නේ උපෙක්ෂා සහගතවයි. මාතලන් වගේ තමයි. බොහෝ හොරුන් අතර ඉතාම උගත් වැදගත් ශාස්ත්‍රීය දැනුමැත්තන්ද සිටිනවා. හැබැයි මේවා අතීතයේ හොද දියුනුවක් තිබුනු විෂයන්. අද ඔය ගාල්ලෙ හොරාවගේ තක්කඩි නිසා විනාශ වෙලා.
    මම බොහෝ වෙහෙසෙනවා මේක විශ්ව විද්‍යාල විෂයක් බවට හරවන්න. කෙදිනක හෝ මට එය කල හැකි වෙයි.
    මම මේ ශාත්‍රයේ පිහිට පතා ඇත්තේ ජීවිතයටම දෙපාරයි.
    1. මගේ විවාහය - ඒක සම්පූර්ණයෙන්ම වැරදුනු අනාවැකියක්. ඒ කිව් ලෙස මට අද මෙහෙම ඉන්න ලැබෙන්නේ නැහැ. නමුත් අපි අද ඉතාම හොදට ඉන්නවා.
    2. මගේ දියණියගේ කොටහළුවට. මේ අවස්ථාව අපේ හිතවතෙක් තමයි බැලුවේ. බලමු ඒක ඉදිරියට.
    මම මේ විෂය පිළිගන්නවා. හැබැයි ඒ වෙනුවෙන් ජීවිතය කැප කරලා ඉන්නෙ නැහැ. කියන අනාවැකිය වැරදි නම් මම හිතන්නේ ඒකෙන් අපිට සේවයක් වෙලා තියනවා. මගේ විවාහය වෙලේ කිව් දේ අහලා නොබැද හිටියනම් අපි පරාදයි. හැබැයි ඒ දැනගෙන පරිස්සම් වුනානම් අපි දිනුම්. ඒ නිසා මෙවැනි විෂයන් ගණිකා වෘත්තියේ යොදවන ඔය වැනි කෝලමුන් විනාශ වෙන එක ගැන නම් අදාල පුවත් පත කියවූ අවස්තාවේ මටත් සතුටක් දැනුනා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ප්‍රතිචාරයට.
      ඔබගේ ව්‍යායාමය දේශීය වෙදකම කෙරෙහි යෙදවීම වඩා හොද බවයි මගේ හැගීම.

      Delete
    2. මහ වෙදනා අයියගේ කතාව සම්පූර්ණ ඇත්ත.මාධ්‍යයට එන බොහෝ ජ්‍යොතිෂවේදීන් ජ්‍යොතිෂ දැනුමෙනුත් හොදට තෙම්පරාදු වෙලා ඉන්නේ.ඒ අය තමන්ගේ මඩිය තර කර ගැනීමට ජ්‍යොතිෂය යොදාගැනීම කනගාටුවක්. මෙතන ලින්ක් දැමීම නුසුදුසු වුනත් රාජ් මල්ලි අමනාප වෙන එකක් නෑ කියලා මම හිතනවා.මාධ්‍ය ජ්‍යොතිෂවේදීන් හා ෆෙන්ෂුයි ගැන මම ලියපු ලිපි දෙකක් පල්ලෙහා ඇති ෆෙන්ෂුයි ලිපිය 2009 පෙබරවාරි 15 දින ඉරිදා ලක්බිම පත්තරේට මමම ලියපු ලිපියක සංශෝධනයක්
      http://lankajhothisha.blogspot.com/2011/10/blog-post.html

      http://lankajhothisha.blogspot.com/2010/11/blog-post_15.html

      Delete
    3. අයියෝ කුණුහර්ප උනත් දාන්න ඉඩ දීල තියෙන එකේ ලින්ක් දැම්මම මොකදග

      Delete
  29. මේවට තමා කියන්නේ ලූලා නැති වලට මොකාද පණ්ඩිතයාළු කියලා..

    මුන්ට පිස්සු බං.. ඊටත් වඩා මුන් වගේ එවුන් පස්සේ යන එවුන්ට පිස්සු..

    මේවා ඉහටම ඇරගෙන ජීවත් වෙන මිනිස්සු මුන්ගේ සාස්තර විතරක් නෙමෙයි හූනෝ බල්ලෝ කියන ඒවත් පිළිගන්නවා සමහර වෙලාවට..

    කොහෙන්ද හිනාවෙන්න ඕනෙ ඉතින්..

    ReplyDelete
  30. මම නම් ජ්‍යෝතිෂ්‍ය විශ්වාස කරනවා එත් මධ්‍යස්තව ඉඳල.

    ReplyDelete
  31. //ජෝතිෂ්‍යය මා විශ්වාස නොකලද ඕනෑම කෙනෙකුන් එය විශ්වාස කලාට මට කම් නැත. ඔවුන් ගැන මට ඇත්තේ අනුකම්පාවක් පමනි. ජෝතිෂ්‍යයට මුවාවී මහජන මුදල් ගසාකන කපටියන් හටය මේ පහර එල්ල වන්නේ. //

    මේක සිරා..

    මම විස්වාස නොකරමි.. ඒත් කේන්දරය බලා යමක් කිව හොත් එය හිතේ තබා ගෙන සිටීම ඇතිය. පස්සේ පැන්නීම වැඩක් නැත්තේමය..

    කඩේ යන ජෝතිශ්‍යය කාරයෝ මතක් කරන්න එපා රාජ්.. ඒ වගේම කඩේ යන කලාකාරයෝ.. තව ඉන්නවා.. ;)

    ReplyDelete
  32. ඔය කේන්දර සීන් එකක් නිසා තමා මගෙ ලව් එකටත් කෙලවුනේ මම පිස්සෙක් වුනේ ඒකයි.......

    ReplyDelete
  33. පුදුමේ කියන්නෙ අද කාලේ තරුණ කෙල්ලොත් ඕවා හිස් මුදුනින් පිලිගන්නවා නොවෑ... තමන්ගෙ හිතේ තියෙන ආදරේට වඩා හඳහන විස්වාස කරන කෙල්ලො කීප දෙනෙක්ම දැකල තියෙනවා මම... "අනේ පව්!" කියලා තමයි කියන්න තියෙන්නෙ උන්දලාට...

    ReplyDelete
  34. පෝස්ට් එකයි කමෙන්ට් ටිකයි ඔක්කොම කියෙව්වා....

    ReplyDelete
  35. රාජ්,ඔබෙ විශෙෂත්වක් ඈත.ල0කාවට ඉස්සරහට එන්න බෑරිව ඉන්න හෙතු කිපයෙන් ප්‍රබලම හෙතුවක් මෙක.මෙ දේ ගෑන දිගටම කතා කරන්න.ලොකු සමාජ සත්කාරයක් ජෝතිෂ්‍ය විරුද්ධ වෙන එක.අනිත් ප්‍රබලම දේනම් නෑවත ඉපදිමක් ගෑන නොකියෙන බුද්ධියෙ දහම තුලට නෑවත ඉපදිම හා ජෝතිෂ්‍ය ඈතුල් කිරිම. ලන්කවෙ blog ලියන්නන් ගෙ නුතන වගකිමක් ලෙස සොයා බලා ඒ ගෑන වෑඩිපුර ලියන්න.

    ReplyDelete
  36. අර එක නාලිකාවක උදේට ලග්න පලලාපල කියන තට්ටයා නේද ඔය..
    ඕකා NSB එකත් සක්විති බැන්කින් කරනවා ෂුවර්

    ReplyDelete
  37. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  38. හඳහන් බලා යමක් කිරීමෙන් කිසිදු අයහපතක් සිදු නොවන අතර කිසිදු යහපතක් ද සිදු නොවිය හැකිය.නමුත් මගේ හදහන බලා කී සමහර සුවීසේශ අනාවැකි කීපයක්ම සත්‍යය වු බව මට මතකයි.නමුත් මා ඒ නිසාම හඳහන් කියවීම හරියටම හරි හෝ සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප නොකරමි. මන් ද මම ජෝතිෂ්‍ය අධ්‍යයනය කර ඇති විෂයක් නොවන බැවිනි.

    ReplyDelete