Friday, March 2, 2012

මෝටර් බයිසිකල් වලට දෙන්නගිය පෙට්‍රල් සහනාධාරය නූලෙන් මිස්වුනේ මෙහෙමයි.

තෙල් මිල වැඩිවුනාට පස්සෙ බොහොමයක් වාහනවලට සහනාධාර ලැබුනානේ. ඒත් අපිවගේ මෝටර්බයිසිකල් කාරයන්ට කිසිම සහනයක් දෙන්න බැරිවුනා. ඒක එහෙම උනේ නූලෙන් මිස්වීමකින් කියල කවුරුහරි දන්නවද? මං ඉස්සරහදිමයි ඒ සිද්ධිය සිද්ධ උනේ. ඒ අවාසනාවන්ත සිද්ධිය සිදු නොවෙන්න මෝටර් බයිසිකල් වලටත් ඉන්ධන සහනාධාරෙ ලැබෙනව. සිද්ධිය මේකයි.

එදා සෙනසුරාද දවසක්. මම උදේට කාල එහෙම හන්දියෙ සුද්දගෙ කඩේට ගියේ ගෝල්ලිප් එකක් පත්තු කරගන්න. ඒ වෙලාවෙ තෙල්මිල වැඩිවෙනව කියල වටින් ගොඩින් ආරංචිය ඇවිල්ලයි තිබුනෙ. ඒ වෙනකොටත් පියදාස මුදලාලියි, එහාගෙදර රංජි අයියයි මේගැන කතා කර කර හිටියෙ.

"මේ සැරේනං මලයෝ මම ‍මගේ බස් කබල දීල දානව ගානකට ආවොත්. ලීස්එක ඇරියස් වෙලා බස්සෙක උස්සන්න කලිං ෂේප්වෙනඑක තමා ඇගට ගුණ" ඒ පියදාස මුදලාලි.

"ලෝක වෙලදපොලේ අවුලක් නෙවේ අයියේ.... මුංගෙ පාඩු අපෙං අල්ලගන්නයි ඕකුං හදන්නෙ. අවම ගාස්තුව සීයක්වත් කරන්න වෙනව මෙහෙම ගියොත්" රංජිය දත්කුරු කන සද්දෙ යාන්තමට මටත් ඇහුන.

රුපියල් තිහ සුද්දට දීල ඌ බලෙන් වගේ ඇගේ ගහපු රුපියල් අටක ටොපි අහුරත් සාක්කුවෙ දාගෙන දොරේ එල්ලල තිබිච්ච ලයිටරේ අරං ගෝල්ලිප්පුව පත්තුකරගෙන බංකුවෙ වාඩිවුනා. ඕං එතකොටම කඩේට කඩාපාත්වුනා වෑන්ධර්මෙ අයියත්.

කතාබහ මේ විදියට සිද්ධවේගෙන යද්දි කලුම කලු වීදුරු දාපු සැපම සැප වාහනයක් බ්‍රාස් ගාල ගහපු බ්රේක්පාරට කස්ටියම හොල්මං වෙලා ගියා. වාහනේ ඉස්සරහ දොර ඇරගෙන බැස්සෙ වෙන කවුරුත් නෙවේ, අපේ මහරජ ජනාධිපති උතුමානන්. අතේ තිබුන සිකරැට්ටුව බිමට දාල පාගන්නවත් මට වෙලාවක් තිබුනෙ නෑ. පිච්චෙද්දිම ඒක මිටිකරගත්ත අතටම. අපරාදෙ! උගුරු දෙකයි ඇද්දෙ. මොකෑ මතට දුමට තිත තියපු උන්නන්සෙ ඉස්සරහ දුං අරින්න ඇහැකිය මට.

ඒ එක්කම පියදාස මුදලාලි කැහැපට ගහගෙන හිටිය සරම කඩල දැම්මෙ ඇහිපිය ගහන වේගයෙන්. රංජිය සීරුවෙන් සිටගෙන අත්දෙක පිටිපස්සට කරගත්ත. සුද්ද අපේම රටේ හදපු බජට් කිරි පැකට්ටුවක් සීනි අඩුවෙන් ජොග්ගුවට දාල කට කට ගාල කිරිතේ එකක් හදන්න ගත්ත.

"හා... කට්ටියම තෙල්මිල ගැන වෙන්නැති කතාව නේ?" ජනාධිපත්තුමා එහෙම අහනකොට මුදලාලි ඇලේට ඔලුව පාත්කලා.

"සර්.... අපිට සහනයක් මේපාර නැහැයි?"

"හ්ම්..... හරි ඔහේලට සහනාධාරයක් දෙන්නංකෝ.... හැබැයි ඉස්ටැයික් බෑ. මම ඒවට කැමති නෑ"

"ඔබතුමාට පිංසිද්ධ වෙනව"
ඒත් එක්කම රංජියත් බය සැක නැතුව කිට්ටු උනා.

"සර්.... අපිටත් කීයක්හරි දෙන්න බැරිය සර්.... බොහොම අමාරුවෙන් දුවන්නෙ සර්"

"හරි හරි ඔහේලටත් දෙන්නංකෝ...."

ඌත් වැඩේ ගොඩදාගත්ත විතරයි ධර්මෙ අයියත් කිට්ටුවුනා, බලන්න එතුමා පාසල් වෑන් වලටත් සහනාධාරෙ දුන්නනේ...

දැං ඉතිං බලං ඉන්නෙ මක්කටෙයි කියල මාත් කිට්ටුවුනා අපේ ජනාධිපතිතුමා ලගට,
"සර් මෝටර්බයිසිකල් වල යන අපිවගේ....! මට කියන්න ලැබුනෙ එච්චරයි,

මේං සිංදුවක් ඇහෙනව ....අම්සො ලෝන්ලී....බ්‍රො කනේංජල්.....අම්සො ලෝන්ලී ලිස්න් ටු මයි හාට්.....

මගෙ අම්මේ මේ සද්දෙ එන්නෙ අපේ ජනාධිපතිතුමාගෙ සරම අස්සෙං. උන්නාංසෙ සරම අස්සෙං අතදාල යටට ඇදල හිටිය කලිසමේ සාක්කුවෙං ගත්තා සීදේවී පෝං එකක්. මම චුට්ටක් අයිනට උනා.

"මං හිතන්නෙ මැඩම්ද කොහෙද" රංජිය මගේ කනට කෙදිරුව. ඒ අතරෙ ජනාධිපතිතුමාගෙ ඉරියව් වෙනස්වෙන්න ගත්ත.

"....මොකක්!....ඔබාම....බැංකියත් සම්බන්ධයිද..."
කතාව අතරේ එතුමාගෙ සරම දනහිසටත් චුට්ටක් උඩට ඉස්සුනා.
"මේ සැරේ තමයි ඕකුං දෙන්න මගෙං සල්ලං වෙන්නෙ!"

අනේ එහෙම කියපු එතුමා වාහනේට නැග්ග. ඩ්‍රයිවර් කොලුව වාහනේ ඇද්දුව. මගේ ඉල්ලීම කියාගන්න බැරිවුන නිසා තමයි අනිත් අයට ලැබුන සහනාධාරෙ අපිට නැතිවගියේ.

50 comments:

  1. අයියෝ ඕකට ඔච්චර කළබල වෙන්න ඕනෙද.. කෝ අත්සන් දස ලක්ෂයක පෙත්සමක් හදලා දෙන්න.. මම මගේ අතින්ම ගිහින් බාර දෙන්නම්කෝ.. එවෙලෙම අඩු කරනවා .. බුදු ෂුවර්.. :)

    (අඩු කරන්නේ සීයට වදින පෙට්‍රෝල් ප්‍රමාණය අරී..)

    ReplyDelete
  2. අයියටත් ඕං සුදු වෑන් එකක රස බලන්න ඕන වෙලා වගෙයි..

    ReplyDelete
    Replies
    1. නැහැ මලේ මම කිව්වෙ වෙච්ච දේ නෙ.

      Delete
  3. ....අම්සො ලෝන්ලී....බ්‍රො කනේංජල්.....අම්සො ලෝන්ලී ලිස්න් ටු මයි හාට්..... දැන් මේක පරණයි අනේ කියන්න තේරී 'මේරී මේරී තේරී ..' දාගන්න කියලා.

    ReplyDelete
    Replies
    1. තේරී මේරී මේරී තේරී කියලා කිව්වෙ කට්ටියට මෝරන්න ඕන තේරෙන්න කියලද?

      Delete
    2. හයියෝ...හිනා වෙලා පණ ගියා.. දවසේ කතාව..:)

      Delete
    3. බට්ටි
      ඒක මම දන්නෑ... මම කිව්වෙ මට ඇහිච්ච විදිය. :)

      සොඳුරු මිනිසා
      ඒහෙනං කවදාවත් ඒක දාන්න බැරිවෙයි. මොකද මේරීම හරි පරක්කුයිනෙ.

      Delete
  4. ඊයෙ රෑ දැක්ක හීනයක් වෙන්න ඇති මයෙ හිතේ.......

    ReplyDelete
    Replies
    1. නෑ බං ඇත්ත සිද්ධිය මේක.

      Delete
  5. අපරාධෙනෙ, අර ඔබාමයි බැංකියයි නැත්තං වැඩේ ගොඩ නේ? ලස්සනයි

    ReplyDelete
    Replies
    1. ඒකනෙ! අපේ කරුමෙ. බොහොම ස්තුතියි.

      Delete
  6. ෂැහ්... ඔක්කොටම කලින් පනින්නෙපැයි ඉස්සරහට. අයියා තමයි වැඩේ කාලා තියෙන්නේ. බටහිර කුමන්ත්‍රණයක් වෙන්න බෑ...

    ReplyDelete
    Replies
    1. අපරාදෙ දැන් ඉතින් මොනවා කොරන්නද? වැඩේ දෙල් කොරගෙනනෙ.

      Delete
    2. ඒකනෙ අපිට වරදින්නෙ නීතියටම වැඩේ කරන්න ගිහිංනෙ.

      Delete
  7. ඕකනේ කියන්නේ උඹලත් එක්ක දෙයක් කරන්න බැහැනේ, අපරාදේ අතට ආපු චාන්ස් එක නැති කර ගත්තා
    පෝලිමේ ඉඳල ප්‍රශ්න කියන්න ගිය එකනේ මෙතන තියෙන වැරැද්ද
    පෝලිම පැනලා කලින්ම කිව්වනම් අද මේ දුක නැහැනේ :(

    ReplyDelete
  8. එහෙනම් ඉතින් මේකට කාටවත් බැනලා වැඩක් නෑ.. සහනාධාරේ මිස් උන වගකීම අයියම බාර ගන්න වෙයි.. ඔන්න අපි දන්නේ නෑ..

    ReplyDelete
    Replies
    1. ඔන්න උඹලත් මටම බනිනවනේ.

      Delete
  9. චික්:... අපරාදේ නුලෙන්නේ ගැස්සිලා තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. කෙස්ගහෙන් මිස්වුනා.

      Delete
  10. හික් හික්..

    //මම උදේට කාල එහෙම හන්දියෙ සුද්දගෙ කඩේට ගියේ ගෝල්ලිප් එකක් පත්තු කරගන්න//
    සිකේ...ඔව්වා සරීරයට අහිතකරයි...දැක්කේ නැද්ද ඔබ නොදුටු ලොවක් කියලා තිබුනා ඒ ගැන? :)

    ReplyDelete
    Replies
    1. නෑ නෑ මගේ පාවිච්චියක් නෑ.

      Delete
  11. ගෝල්ලිප් එකක් පත්තු කරගත්තු එකට මාත් අන්ලයික්.. :(
    අපි කිව්වට අහයියැ ...

    සහනාධාර කියල ඕවයෙ වෙන්නෙ තනිකර ගසා කෑම..

    ReplyDelete
    Replies
    1. සහනාධාර ගැන වෙනම කතාකරන්න වෙනව.

      Delete
  12. අපරාදේ... මටත් බයික් කබලට අඩුවට පෙට්‍රල් ටිකක් ගහගන්න තිබ්බ චාන්ස් එක. අර බස් කාරයට කලින් පනින්නනේ තිබ්බේ. :D

    ReplyDelete
    Replies
    1. ඒකනෙ බස්කාරයො කොහොමත් පනිනවනේ.

      Delete
  13. පත්තරේක කොලමක් ලියන්න සුදුසුකමක් තියේ වගේ කියලා මට හිතෙනවා. "බ්‍රො කනේංජල්" ...

    ReplyDelete
    Replies
    1. හැහ් හැහ් ... තැන්කූ හොදේ.

      Delete
  14. හෆූයි.......සල්ලී..........:(

    ReplyDelete
  15. අපරාදේ මචෝ ඊලඟ පාරවත් අල්ලගනිං..

    ReplyDelete
    Replies
    1. ඊලග සැරේ නං යනව පෝලිමට පිටිං‍.

      Delete
  16. ඇපොයිමන්ට් එකක් අරන් ආයෙත් හම්බවෙන්න බලහන්. නැත්තන් ලියුම් කරදහියක් දියන් මම ගිහින් දෙන්නම්. නිතරම එහෙ යන එන එකානේ. ඕන් මාළු අයියලටත් රාජිත එපා කියද්දි තව ලීටර් 100 ක් වැඩිපුර දුන්නා.

    ReplyDelete
    Replies
    1. ඔහොම හිටපං. මම දැන්ම ලියනකං.

      Delete
  17. උඹත් ඉතිං සරම අස්සට අත දාලා ඇදලා ගන්න එපෑ.. සහනාධාර මල්ල... උන්දෑ ඔතන තමා එකත් තියං ඉන්නෙ...

    ReplyDelete
    Replies
    1. ;-)
      ඕවයෙ සහනාධාර විතරක් නෙවේද දන්නෑනෙ තියෙන්නෙ.

      Delete
  18. මොකක්ද මනුස්සයො මේ කොරගත්තෙ... ඈ..කීයක්හරි අඩුවෙන් තෙල් ටික ගහගන්න අතට ආපු චෑන්ස් එකෙනෙව. අතට ගත්තට කටට දාගන්න පින නෑ කියන්නෙ ඕවට තමයි. චැහ් !

    එහෙම කොලානං අද මේ ද්‍රෝහියෙක් වෙච්ච උඹට ඉන්න තිබුන නෙව මහා වීර පුරුසයෙක් වගේ ඈ..

    ReplyDelete
    Replies
    1. ඒකනෙ මම ඉතිහාසෙට එකතුවෙන්න තිබුන. මේකත් කුමන්ත්‍රණයක්ද කොහෙද.

      Delete
  19. පැස්ටෝල් සානේ කෝම වෙතත් '89 දී මේ වගේ එකක් ලියලා පබ්ලිෂ් කළානම් "ටයර්කරේ හම්තේ දවායි" මමත් බේරුනේ නූලෙන්...

    (බේරුනේ හැබැයි පණ විතරයි)

    ReplyDelete
    Replies
    1. ඇයි මොනවද නැති වුනේ.

      Delete
    2. අයියගෙ විස්තරේ මම ටිකක් දන්නව. ඒකාලෙනං ලියන්නෙත් නෑ.

      Delete
  20. රාජ් නිල්. කොළ. රතු පාට නැවැරදිව ගලපල නොවැ..

    ලොක්කටත් සහනාධාර දෙන්ට වෙයි බොල අපිට හිකිස්...

    ReplyDelete
    Replies
    1. ඇයි ගිය සදුද දුන්නෙ.

      Delete
  21. අහෝ බේදයකි...

    ReplyDelete
  22. අපරාදේ අවස්තාව මගඇර ගත්තනේ.දැන් ඉතින් සොරිම තමා..

    ReplyDelete
  23. මෙවන් අබාග්‍ය සම්පන්න සිදුවීම් යලිත් සිදු නොවේවා

    සබැදියක් දෙන්ඩෝ.....
    http://sinhalaya-lokayata.blogspot.com

    ReplyDelete
  24. ෂැහ්... අපරාදෙ....

    ReplyDelete
  25. අපරාදේ වැඩේ මිස් කර ගත්තෙ...මමත් බයික් කට්ටක් ගන්ඩ හැදුව විතරයි... කෝ වැඩි කරානේ තෙල් මිල..
    දැන් ඉතින් මක්කැයි කොරන්නෙ??? ගහමුද පෙත්සමක්වත්,නැත්නම් හොද පිකටින් එකක්වත්....

    ReplyDelete
  26. අපරාදේ බයික් කාරයන්ටත් සහනාධාරයක් ලබා ගන්න තිබ්බ අවස්ථාව මිස් වෙලා !

    ReplyDelete