Tuesday, March 6, 2012

ගැරුම් වට්ටි සහ තවත් රවී අයියගෙ කතන්දර.

මේ කතා ටික මට කිව්වෙ අපේ ඔපීසියෙ වැඩකරන රවී අයිය. මීට කලිනුත් රවි අයියගෙ කතා කිහිපයක් බ්ලොග්එකේ දැම්ම. රවි අයිය කියන්නෙ අපේ ඔෆීස් එකේ වැඩකරන කෙනෙක්. වයස තිස්ගනන්වල අග හරියෙ ඉන්නෙ. කාර්යාල වේලාවෙන් පිට කොයි වෙලාවෙ බැලුවත් ඉන්නෙ බඹර වගේ.
ලගදි දවසක වෙච්ච සිද්ධියක් මට අද කිව්ව. එයාගෙම වචන වලින් කතාව මෙහෙමයි.
"මල්ලී මම එදා ඔෆීස් ඇරිල ගෙදර ගිහිං නාල ආව පාර පැත්තට. අපේ එවුන් සෙට්එක ....මස් වගයක් හදල ගෙනත් තිබුන ගල් බෝතල දෙකක්. ඒක බීලා ඉවර වෙනකොට ......ත් ඇවිල්ල ගෙනාව තව ...........................................................................................................................................................................................................
මට තනබිස්ස උඩ පොඩි නින්දකුත් ගියා ඔය අතරෙ. ගෙනාපුවත් ඉවරයි, අපි කට්ටිය ගෙවල්වල ගියා. ඒ වෙනකොට මට එච්චර අමාරුවක් තිබුනෙත් නෑ වගේ. මම ගෙදර ගිහිල්ල දොරට ගැහුව. අම්ම ඇවිල්ල දොර ඇරිය. බලාපං බිවුවම තියන අවුල කියන්නෙ මට ඕන උනා හොද සිහියෙන් කියල අම්මට පෙන්නන්න. මම අම්මගෙන් ඇහුවනෙ වැඩි හොදට "අම්ම බත් කාලද?" කියල. අම්ම කියනව "බත් කන්න? මේ උදේ පාන්දර!" මට තේරුනා වැඩේ අවුල් කියල, මම කාමරේට ගිහිං බැලුව වෙලාව. උදේ හතරයි! බලපං මටත් කට තියං ඉන්න බෑනේ"

දැක්ක නේද වැඩේ. එහෙම කියල රවි අයිය මෙහෙමත් කිවුව,
"මේ දවස්වල අම්මට ඕනකම තියනව මට දේසනාවක් දෙන්න, අවුල තියෙන්නෙ මම බීල නැතුව ඉන්න වෙලාවක් හොයාගන්න බෑ"
ඊලග කතාවත් කිව්වෙ රවි අයිය, ඒක සිද්ධ වෙලා තියෙන්නෙ එයාගෙ අසල් වැසියෙකුට,
"මල්ලි, කලකට ඉස්සෙල්ල අපේ පැත්තෙ එකෙක් පතලක් හාරන්න ගත්ත. මැණික් නං ලැබුනෙ නෑ පොඩි පොඩි රබහ කෑලි ටිකක් නං අහුඋනා. මූ පස්සෙ වැඩේ අල්ලල දැම්ම. එක දවසක් කොයිකටත් කියල මූ මේටිකත් අරගෙන ගියා රත්නපුරේ ....... ලගට. කෑලි 20ක් 25ක් විතර තිබිල තියනව. මුදලාලි ගල්ටික බලල කියල "මේවනං වැඩක් නෑ, හොද ඒව අහුඋනොත් එන්න, හොද ගානක් දෙන්නං" කියල. කොහොමහරි මෑන්ට රුපියල් එද්දාස් පන්සීයක් විතර මුදලාලි දීල. ඒකෙන් අපි අඩිය ගැහුව. ඔය සිද්ධියට මාස 6ක් විතර වෙනව. ලගදි දවසක මූ අර ගල්කෑලි ටිකෙන් 5ක් 6ක් අරගෙන ආයි ගිහිල්ල අර මුදලාලි ලගට. ගිහිං එදා විදියටම ඇට් කරල. මුදලාලි ගල්ටික බලල කියනවලු "මේවනං වැඩක් නෑ" කියල. හැබැයි කීයක්වත් දෙන්නත් වගක් නැහැලු. ඊට පස්සෙ මූ ඇඹරි ඇඹරි ඉදල කිවුවලු "මුදලාලි මේ දවස්වල සල්ලිත් නෑ, ගැරුං වට්ටි ටිකත් කැඩිල තියෙන්නෙ......." කියල. මුදලාලි ගියාලු ඇතුලට, දැං මූ හිතං ඉන්නෙ වැඩේ හරි තමයි කියල. ඇතුලෙ තිබිල ගෙනත් දුන්නලු ගැරුංවට්ටියක්! මොනව කරන්නද, මූ ඒකත් අරගෙන බස්එකේ ඇවිල්ල. දැං කොල්ලොංගෙන් බේරුමක් නෑ"


51 comments:

  1. හේ හේ මුලින් කතාව නම් නියමයි.

    ReplyDelete
  2. කථා දෙකම මරු... අරුන් මැණික් මුදලාලිල වෙලා තියෙන්නෙ ඔය වගේ ලණු කාල නෙමේ...හෙහ්...හෙහ්..

    ReplyDelete
  3. බට්ටි
    බොහොම ස්තුතියි.
    ඔබා
    හ්ම්. උං තම්බනව බොරු.

    ReplyDelete
  4. හෙහ් හෙහ්.. බිව්වම් ඒ විදියට ඉන්න හිතෙන්නෙම නෑනෙ බං. මොකක් හරි කියන්න කරන්නමයි හිත බීල නෑ කියල පෙන්නන්න. ඒත් කරුමෙ කියන්නෙ ඒ වෙලාවට කරන්නෙ කියන්නෙ මහ නුහුගුණ වැඩමයි.

    දැං ඔය කතරගම දිහාවෙ ඕසෙට මැණික් හම්බවෙන එකේ බොලැයි පැත්තෙත් නැතිවෙන්න බෑ. මොකෝ කියන්නෙ ගරමුද ?

    ReplyDelete
    Replies
    1. බුදුඅම්මේ ජීවත්වෙන ඉඩමත් නැතිවෙන සීන්එකක් වෙන්නෙ. ඇයි පිටිං ආපු එවුන්ට ආන්ඩුව ඉඩම වෙන්දේසි කරයි අගේට.

      Delete
  5. හිකිස්! ගැරුම් වට්ටිය අරන් එද්දි මරුවට තියෙන්න ඇති!

    ReplyDelete
    Replies
    1. ඔව් පැය 3ක් 4ක් එන්නත් එපැයි.

      Delete
  6. බිව්වම වෙරි නෑ කියල පෙන්නන්න හිතෙන එක ලෙඩක්ද මන්දා

    ReplyDelete
    Replies
    1. බොට පික්ෂුද ඒක සොභාධර්මෙ

      බොරු නං ඔබී ගෙන් අහපං...

      Delete
    2. මාත් හිතන්නෙ ඒක සොබාවෙ.

      Delete
  7. හරි සෝක් මරු කතාව..

    ReplyDelete
  8. ෂැහ්.... මදැයි හොඳ පුතා වෙන්න ගියා අම්මගේ!

    ReplyDelete
    Replies
    1. ඒකනේ. කෑවනං බිව්වනං කට වහගෙන ඉන්න එපැයි.

      Delete
  9. අනේ මන්ද කාට වෙච්ච ඒවද මේ එක එක නම් වලින් වැටෙන්නේ.. ;)

    ReplyDelete
    Replies
    1. ඕං මඩ පටංගන්නෙ ඔහොමයි.

      Delete
  10. මරු ඒවානේ අප්පා වෙන්නේ :D

    ReplyDelete
  11. මලගෙයක් වුනොත් ඔය රවී අයිය ගෙන්න ගන්න පුලුවන් වේවිනෙ රාජ් අයියෙ.......:))))

    ReplyDelete
    Replies
    1. අනිවා! ගේමක් නෑ මිනිහට මල ගෙවල් දානෙ ගෙවල් පිරිත් ගෙවල්....

      Delete
  12. රවී අයියට දේශනාවක් දෙන්න අම්මට තව සෑහෙන කාලයක් බලාගෙන ඉන්න වෙයි මම හිතන්නේ..

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. ලගදි අම්ම රට යන්නත් හදනව. එහෙම උනොත් සොරිම තමා.

      Delete
  13. ෂහ් මරු කථා දෙක. හිනා කාලා පණ ගියා. මේ ඒක නෙමේ බිව්වම අප්සේට් ද?

    ReplyDelete
    Replies
    1. මංද මාත් බීලම නෑනේ...

      Delete
  14. මැණික් මුදලාලිලා කට්ටයි කියන්නේ ඉතින් නිකන් නෙවයි නේ..හිකිස්‌

    ReplyDelete
    Replies
    1. හැබැයි කතරගමදි ගැස්සුනා. ඕං මැනික් නැහැලු!

      Delete
  15. පළ්වෙනි කතාව අපටත් අදාලයි ඉතින්. ඒත් බැනලා නම් නෑ ජීවිතේට. එක පාරක් දොරට තට්ටු කල ගමන් ඇහැරෙනවා. පස්සේ මම කාමරේට එලියෙන් දොරක් දැම්මා. අම්මා නිදාගන්නේ නැති නිසාම. ඒත් කාමරේ දොර ඇරපු ගමන් අහනවා. පුතා දැන්ද ආවේ කියලා. ඒ කියන්නේ ඒත් නිදි නෑ..

    ReplyDelete
  16. මං දැකපු දෙයක් තමයි බොන්න කලින් වැඩි කතාවක් නැති කුහක කම බේරෙන මිනිහ, බිව්වට පස්සෙ හරි හොඳ වෙනව. හොඳට කතා කරනව, හරි රොමෑන්ටික් කතා කියනව. අපේ පැත්තෙ පොරක් හිටිය ඌත් එක්ක කතා කරන්න ඕන නම් ඌ බීල ඉන්න වෙලාවක අල්ල ගන්න ඕන. අනිත් වෙලාවට ඔව් නෑ බෑ කියන්නෙත් බොහොම අඩුවෙන්...

    ReplyDelete
    Replies
    1. අවංකකම වැඩිවෙනවනේ.ඒකයි

      Delete
  17. අදනෙ රවී අයියගේ කතාවක් ඇහුවේ... සිරා පොරක් නේ...

    ReplyDelete
    Replies
    1. සිරා වගේම මම දැකල තියන යහපත් මිනිස්සු කිහිපදෙනා අතරින් කෙනෙක්.

      Delete
  18. හේ හේ රවී නම් මාරයි :D

    ReplyDelete
    Replies
    1. හ්ම්. ඉන්න තැන කම්මැලි නෑ

      Delete
  19. පොර, මදනමෝදකේ කාපු බුවා තරම්නම් අම්ම ළඟ සවුත්තු වෙලා නෑ...
    මෑන් රොටිය මැද තිබුණ ලුණුමිරිස් තලිය කාලා රොටිය හෝදලා පිඟන් රාක්කෙ තියලා වෙන මොකුත් කන්න නැද්ද ඇහුවලුනෙ...?

    ReplyDelete
    Replies
    1. අපොය් එච්චර චාටර් නෑ.

      Delete
  20. මම හිතුවේ අපි දන්න, වෙන රවි අය්යා කෙනෙක් කියලනේ...:D

    ඇයි දන්නේ නෑ පිරිමි බොන්නේ නේද?

    ReplyDelete
    Replies
    1. නෑ එයා නෙවේ.

      Delete
    2. පිරිමි වැඩිහරියක් බොන්නෙ ගෑනු හන්දා නෙව

      Delete
  21. මරු මැනික් මුදලාලි කෙනෙක්. ඌව තම්බන්න ගොරකා ගෝනියක් විතර ඕන වෙයි මහිතේ.

    ReplyDelete
    Replies
    1. ගොරක ඕන නෑ.... කතරගමින් පොඩි ඉඩංකෑල්ලක් දුන්නනං හරි.

      Delete
  22. සාමාන්‍යයෙන් එහෙම තමා, කෙනෙක් උදේට මැණික් මුදලාලි කෙනෙකුට මැණික් ගල් මොනවා හරි ගෙනිහින් පෙන්නුවාම මැණික් මිලදී ගත්තා නොගත්තා, එන නඩයට හෝ තනි පුද්ගලයාට යම් කිසි මුදල සංතෝශමක් ලෙස ලබා දීම සිරිතක්.., ඒ මුදල රුපියල් 500 සිට රුපියල් 25000, 50000 දල්වා ඉහළ යන අවස්තා තියෙනවා.., ඒ අදාල වෙළෙන්දා මත සහ මිල ලබා ගන්නා මිණි කැටයයේ සත්ය වටිනාකම මත. මින් ඔවුන් කාරණා කිහිපයක් බලා පොරොත්තුවෙනවා.

    උදේ පාන්දර එන කෙනෙකුව හිස් අතින් නොයැවීම වගේම අදාල වෙළෙන්දා පිළිබඳව හොඳ ප්‍රතිරූපයක් ගොඩ නැංවීම ඒ අතර ප්‍රධානයි.

    අනික සාමාන්‍යයෙන් එක වරක් ගෙනගිය යම් කිසි මැණිවර්ගයක් දෙවනුව එකම පුද්ගලයා වෙත රැගෙන යාමේදී ඔහුට ඒ පිළිබඳ මතකයක් නැති වීම නම් එතරම් සත්‍ය තාවක් ඇති දෙයක් නොවේ. මොකද මැණික් වෙළෙන්දන්ට මැණික් රැගෙන එන අය සහ ඒ අය රැගෙන ආ ගල් පිළිබඳ හොඳ මතකයක් තියෙනවා

    ReplyDelete
  23. උඩ කතාව මාරු.ගොඩක් උන් වෙරි නෑ කියල පෙන්වන්නේ තනි කකුලෙන් හිටගෙන නේ.

    ReplyDelete
  24. අම්මපා ගරන වැඩේනම් මේදවස් වල නැගල යනව නේව..අරහේ එකේක් ටිපර් දෙකකින්ම පස් ඇදල හැබැ හම්බෙලා තියෙන්නේ දලන් කෑලි ටිකක් විතරයි....හැබැ..රටකරන ඇත්තො පනං හතරක් නං හොයාගත්ත වැඩේන්

    ReplyDelete
  25. එළ පොරක්නේ......

    ReplyDelete
  26. ඔය බීපු ඇත්තො මොනවද නොකරන්නෙ වෙරි නෑ කියල පෙන්නන්න... සමහරු නම් එහෙම කොරන්න ගිහිල්ල කුජීත වෙලා යනව මාත් දැකලා තියෙනව.... කතා දෙකම නියමයි....

    ReplyDelete
  27. කතා දෙකම සුපරි . මමත් ඉස්සර කාලේ දවසක බීලා වැඩි වෙලා හොඳින් කියලා පෙන්වන්න ගිහින් වරිගේ නහගත්තා .. අම්මා මොකුත් කීවේ නම් නෑ වෙලාවට

    ..

    වට්ටියක් කරගහං බස් එකේ එන බුවෙක්ව මම හිතෙන් මවා ගත්තා ..

    ReplyDelete