Sunday, April 8, 2012

මම කක්කවා, ඔයා කක්කවාද? (රවි අයියගෙ කතා අවසාන කොටස)

ඕනවට වැඩිය කෑවොත් අතිරසත් තිත්ත වෙනව කියල කතාවක් තියනවනේ. ඔන්න රවි අයියගෙ කතා සෙට්එක අවසන් කරන්න කියලයි හදන්නෙ. මේ අවුරුදු කාලෙ නේ. කියන්න යන කතා තුනම රවි අයියට සිද්ධවුනේ අවුරුදු කාලෙ.

රවි අයිය කියන්නෙ කොයි වෙලාවෙත් බඹර වගේ ඉන්න මණුස්සයනේ. එක අවුරුද්දක් දවසක යාලුවො සෙට් එකත් එක්ක වෙල්දෙනියකට ගිහිල්ල සෙට් උනා. පමණ ඉක්මවා අනුමත වෙච්ච නිසා කස්ටියම එක එක විකාර. මේ අතරෙ ඈතින් පොලිස් ජීප්එක එනව දැක්ක. එන පොට හොදනැතිවග දැනගත්ත යාලුවො ටික "මෙතනින් මාරුවෙමු කියන යෝජනාව" ගෙනාව. ඒත් රවි අයිය ඒ වෙනකොටත් හිටියෙ "පොලීසියට සතපහකට බය නැති" මට්ටමක. එයාගෙ උත්තරේ උනේ "උඔලට ඕනනං පලයල්ල, මම ඉන්නව. පොලීසියෙ එවුන් මොනව කරන්නද" කියනඑන. යාලුවන්ටත් හෙන අවුල! රවී දාල යන්නත් බෑ, පොලීසියට අහුවෙන්නත් බෑ. අන්තිමට පොලීසිය කිට්ටුවට එනකං ඉදල යාලුවො පැනල ගියා. රවි අයිය පොලිසියට අහුවුනා. ජිප් එකට දාගත්ත. බලනකොට ඕඅයිසී මහත්තයත් ඇවිල්ල. විස්තර අහල බැලුවම රජයේ සේවකයනේ, උසාවි දාන්න හිතිලත් නෑ. ඒගමන ඇවිල්ල රවි අයියලගෙ ගෙදර ලගට. ඕඅයිසී මහත්තයත කිව්වලු ගෙදර ඉන්න හැමෝටම එන්න කියල, අම්මයි නංගියි මල්ලියි ආවලු.

ඕඅයිසී මහත්තය: මේ කවුද?
අම්ම: පුතා මහත්තයෝ.....
ඕඅයිසී මහත්තය: එහෙමද! පුතා නදේට ගහල ඉන්නෙ, ගෙට අරගෙන දෙහි බෑයක් ඔලුවෙ ගාන්න. එතකොට හරියයි.

ඔන්න ඔහොමයි ඕඅයිසී මහත්තය රවී අයියව අම්මට භාර කලේ.

දෙවනි එකත් පොලිස් කේස් එකක්ම තමයි. මුල්ටික ඉස්සෙල්ල කතාවෙ වගේමයි. පොලීසිය පාටිය තිබුන තැනට ආව. සුපුරුදු විදියට රවි අයිය විතරයි හිටියෙ. කතාව මේවිදියටයි ගිහිං කියෙන්නෙ,
ඕඅයිසී මහත්තය: තමාගෙ නම මොකක්ද?
රවි අයිය: සෙනරත්... (රවි අයියගෙ ස'නේම් එක සෙනරත්)
රාලහාමි කෙනෙක්: සර්..., මෙයාට වරෙන්තුවක් තියනව.....
ඕඅයිසී මහත්තය: එහෙමද..... එහෙනං යං පොලිසියට!
රවි අයිය: මට වරෙන්තුවක් නෑ.... මම ...... කාර්යාලෙ වැඩ කරන්නෙ.
රාලහාමි: නෑ සර් මෙයාට වරෙන්තුවක් තියනව.
කරුමෙ කියන්නෙ වරෙන්තුවක් තියන සෙනරත් කෙනෙකුත් ඒ පැත්තෙ ඉදල තියනව. ඒ නිසා රවි අයියට ජිප් එකට නගින්න උනා. පොලිස් කූඩුවෙ ටික වෙලාවක් ඉන්නකොට රවි අයිය දන්න කියන රාලහාමි කෙනෙක් ඇවිල්ල, විස්තර හොයල බලල වෙච්ච වැරදීම ගැන ඕඅයිසී මහත්තයට කියල. ඊට පස්සෙ රවි අයියට යන්න කියල. කොහොම උනත් රවි අයිය ගෙදර ගියේ නෑ. ගියේ ඕඅයිසී මහත්තය ලගට,

රවි අයිය: සර්, මම කූඩුවෙ දැම්මට කමක් නෑ,.... ඒත් මම අවුරුද්දට ගත්ත අලුත්ම ටී ෂර්ට් එක ඔයාල ගත්තනේ.... මට ඒක ඕන.
ඕඅයිසී මහත්තය: නෑ නෑ අපි ගත්තෙ නෑ.... ඔයා ෂර්ට් එකක් නැතුවනේ ආවෙ!
රවි අයිය: සර්, අවුරුදු දවස්වල ජරා වැඩ කරන්න එපා..... මම මේක කියනව ඒඑස්පී මහත්තයටත්.
ඕඅයිසී මහත්තය:(රාලහාමි කෙනෙකුට කතා කරමින්) මෙයාගෙ ෂර්ට් එක ගත්තද?
රාලහාමි: නෑ සර්.... මෙයා ලග ෂර්ට් එකක් තිබුනෙ නෑ.....
රවි අයිය: මොකද නැත්තෙ ෂර්ට් එක ඇදගෙන හිටියෙ නැති උනාට ඒක කරේ දාගෙනනෙ මම ජිප් එකට නැග්ගෙ!

අපේ මෑන්ගෙන් බේරෙන්න බැරි තැන රාලහාමි කෙනෙකුගෙ අලුත්ම ටී ෂර්ට් එකක් රවි අයියට ලැබිල. ඒත් එතනිනුත් ප්‍රශ්නෙ අවසන් වෙලා නෑ. ඊට පස්සෙ රවි අයියගෙන් තවත් ඉල්ලීමක්,
රවි අයිය: සර්, මගේ අතේ සල්ලිත් නෑ, ගෙදර යන්නෙ කොහොමද?
ඕඅයිසී මහත්තය:(රාලහාමි කෙනෙකුට කතා කරමින්) මෙන්න මෙයා හිටපු තැනටම ගෙනිහිංදාන්න.
ප්‍රශ්න ඔක්කොම ඉවරයි. රාලහාමිගෙ බයික්එකේ පිටිපස්සෙ වාඩිවෙලා රවි අයිය කලින් හිටිය තැනට ඇවිල්ල. ඊට පස්සෙ දැක්කදේ රවි අයිය මට කිව්වෙ මෙහෙමයි,
"මල්ලී මම අරූගෙ ටීෂර්ට් එක ඇදගෙන එනකොට අපේ ගෙදරට හැරෙන තැන අන්දර ටැටේ තියනව මගේ ටී ෂර්ට් එක"


අන්තිම කතාව සිද්ධ උනේ හරියටම ගිය අවුරුද්ද දවසේ. මාත් ඒ වෙලාවෙ හිටිය. අපි අවුරුදු දවසෙ සෙට්වෙලා කතාබහ කරමින් ඉන්න අතරේ කෑම කන වෙලාවත් පහුවුනා. ඊට ටිකකට පස්සෙ රවි අයියට මැසේජ් එකක් ආව. ඊට පස්සෙ කෝල් එකකුත් ගත්ත. කෝල් එකට පස්සෙ රවි අයිය නන්ස්ටොප් හිනාවෙනව.

මම: මොකද බං උනේ?
රවි: බලපංකො මේ මැසේජ් එක. ...... එවල තියෙන්නෙ. (ඒ කියන්නෙ රවි අයිය පනින කොටුවක්)මැසේජ් එක බැලුවම මම හොල්මං,
මම: මොකද්ද බං මේ තියෙන්නෙ? මම කක්කවා, ඔයා කක්කවාද? එහෙම නේද මේ තියෙන්නෙ?
ඇත්තටම තිබුනෙ එහෙමයි,
MAMA KAKKAWA. OYA KAKKAWADA? (මම කක්කවා, ඔයා කක්කවාද?)
රවී: ඒක තමයි බං මටත් තේරුනේ නෑ, මම කෝල් එකක් ගත්ත, ඒකි කියල තියෙන්නෙ මම කේක් කෑව, ඔයා කේක් කෑවද? කියල :P

කොහොම උනත් පැය භාගයකින් විතර හිනාව සම්පූර්ණයෙන්ම නවත්වාගන්න මට පුළුවන් උනා.

51 comments:

  1. රවී අයියා ෆට්ට බුලට් එකක් වගේ.. කථා සෙට් එක ඉවර වෙන එක තමයි කේස් එක..

    ReplyDelete
    Replies
    1. මොනව කියනවද, රවි අයිය ඉන්නතැන ආතල් තමයි.

      Delete
  2. අර බට්ටි ලව් වගෙ. මටත් පිස්සු හැදෙනවා සිංහල ඉංග්‍රීසි අකුරෙන් ලියලා තියෙන ඒවා කියවන්න ගියාම. මම එහෙම තියෙන කමෙන්ට්වත් කියවන්නෙ නෑ.
    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. මම නං අමාරුවෙන් කියවනව.

      Delete
  3. මටත් ඉංගිරිසියෙං ලියන සිංහල කියවීමේ අපහසුවක් තියෙනවා

    ReplyDelete
  4. අන්තිම කතාව තමයි මරු.. සිංග්ලිශ් ලියද්දි ඔහොම දේවල් වෙනවනේ... මේ පොටෝ කැල්ලේ ඉන්නේ රවී අයියා වෙන්න ඇති..

    ReplyDelete
    Replies
    1. හ්ම්. ඔය ඉන්නෙ රවි අයිය.

      Delete
  5. රවී අයියද photo එකේ ඉන්නේ.මිනිහ නම් නියමයි.

    ReplyDelete
  6. රවි අය්යල වගේ අය ඉන්න තැනක ඉඳීමත් වාසනාවක් වගෙයිනෙ...

    ReplyDelete
    Replies
    1. ඔව්. මේ ඔක්කෝටම වැඩිය රවි අයිය කියන්නෙ හොද මනුස්සයෙක්. ඒ ගැනත් ලියනව වෙනම, විහිළු නැතිව.

      Delete
  7. අපරාදේ බන් කතා සෙට් එක නැවැත්තුවේ.තවත් කතා ඇති නේ රවී ගැන.ඉඳල හිටලවත් දාපන් රවීගේ කතා.

    ReplyDelete
    Replies
    1. එපා වෙයි කියලයි නැවැත්තුවේ. තව කලකින් බලමු.

      Delete
    2. කලවං කොරපං.. මාත් දාන්නේ.. ඒ වගේ දිපං.. කලවං කලාම සිරා..
      අමුවේ බොන්න බැහැ නොවැ අපිට !

      Delete
  8. අපෝයි දෙයියනේ පොලීසියෙනුත් දතගලවන ඩයල් එකක්නේ රවී අයියා.....

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්. මේවගේ ඩයල් ලේසියෙන් හම්බවෙන්නෙ නෑ.

      Delete
  9. මේ අවසාන කොටසද? මම මේ කතා කියවන ඉස්සල්ලම පාරනේ. මම හිතුවේ පොඩි ලමෙක් කිව්ව කතාවක් කියලා.

    ReplyDelete
    Replies
    1. ඌ හොද පොඩිඑකා. 38ක් විතර ඇති.

      Delete
  10. පොලිසියේ කනෙනුත් රිංගුව පොරක්නේ හිහි.මූව අදහන්න වටිනවා.

    ReplyDelete
  11. අන්තිම කතාව නම් නියමයි .... හිනා කාල මැරෙනවා ...

    ReplyDelete
    Replies
    1. ඔව්, මට ඕක දැක්ක හැටියෙ හිනාව නවත්තගන්න බැරිවුනා.

      Delete
  12. පට්ට ආතල් බං. තව රවි අයියගෙ ආතල් සීන් දාහං. :D

    ReplyDelete
  13. පොලිසියෙන් දතක් ගලවපු ඒකට නම් රවී අයියට මගේ ආචාරය. තව තවත් පොලිසියේ උන්ගේ දත් ගලවන්න දිරිය ශක්තිය ලැබේවා. මං මේ දවස් වල පොලිස් කාරයොත් එක්ක මල.........

    ReplyDelete
    Replies
    1. ඒ මොකද දඩයක්වත් ගැහුවද?

      Delete
    2. මටත් පොලිස් කාරයෝ එක්ක නම් ජන්මාන්තර වෛරයක් තියෙනවා අනේ මන්දා විශේස හේතුවක් නම් නැහැ ඒත් මට උන්ව දකිද්දීත් මල පනිනවා ජරාව කන පප්පලා :)

      Delete
    3. වැරද්දක් කරලා ඒ වෙලාවේ දඩ ගහලා හරි ජරාවක්‌ කාල හරි ඉවරයක් කළා නම් නම් හිත හදා ගන්න තිබුනා. දැන් දවස් දෙකක් උසාවි. එකක් 2010 අප්‍රේල් වල සිග්නල් ලයිට් නැතුව ගිය කේස් එකක්. ලග පාතක කේස් එකක් නම් කමක් නෑ. මුන්ට නඩු නැති උනාම කොහේ හරි තියෙන මගුලක් ඇදල නඩු දානවා. නඩුවක් කියන්නේ මුළු දවසම ඉවරයි

      Delete
    4. මඩිස්සලේ නිශාන්
      මටවගේ.

      රෙප් මහත්තයා
      සාධාරණ කේන්තිය!

      Delete
  14. අර පොටෝ එකේ ඉන්නේ රවී අයියද? මරු කතා ටික

    ReplyDelete
  15. අපරාදේ රවි අය්යාගේ කතා නවත්තන්නේ...:(

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩිගෙ :( එකක් දැක්කමයි.

      Delete
  16. ඔය කතා සෙට් එක ඉවර උනාට .... තව රවී අයගේ කතා නැති වෙන්න බෑ.

    ඒවත් දාන්න

    ReplyDelete
  17. රවී අයියල වගේ මිනිස්සු නැත්නං මේ ලෝකෙ මහ ඩල් තැනක් වෙයි බං. උන් වගේ අමුතු විදියට හිතන වැඩ කරන මිනිස්සු හරිම සුන්දරයි. විහිළුවම විතරක් නෙමෙයි ඒ මිනිස්සු ලඟ තියෙන්නෙ. බොහොම හොඳ හිතකුත් තියනව. රවී තරමටම නැතත් මගෙත් උන්න ඉස්සර යාළුවෙක් "එබුවෙ" කියල. මම ඌ ගැන කතා දෙක තුනකුත් ලිව්ව.

    ReplyDelete
    Replies
    1. රවි අයිය ගැන තව කතාවක් තියනව ඒක විහිළු කතාවක් නෙවේ. උඹේ කතාවට 100%ක් එකගයි. එබුවෙ මට මතකයි.

      Delete
  18. බොන, බීව කතන්දර වලට මම ආස නෑ.. ඒත් මම ආවා කියල දන්නන‍්න ඕනි නිසා මේ ලියන්නේ...

    ReplyDelete
    Replies
    1. ආව එක මදැයි. ලිව්වෙ නැතත්.

      Delete
  19. මාරු පොරක්නෙ රවී අයියා...
    පොලිසියෙනුත් දත ගලවලානේ එකා...කොහොම උනත්,ජොලි පොරක්....
    ඔය වගෙ මිනිස්සුත් ඉන්න ඕනෙ මේ ලෝකෙ...
    විවිදත්වයක් නැතුවහම කිසි ගතියක් නැනෙ ඕනම දෙයක....

    ReplyDelete
  20. උඹ පාරේ යන මනුස්සයෙක්ගේ ෆොටෝ එකක් දැම්මා නේද ඒ පාර

    ReplyDelete
    Replies
    1. මගේ වෙඩිම දවසෙ ගත්තු එකක්. ඔය ඉන්නෙ බාගෙට අනුමත වෙවෙලා.‍

      Delete
  21. ගෙදර අයට ඇහෙන්න සද්දෙට හිනා වුනාම හිතනව සෑමට පිස්සු කියලා.

    කට තද‍කරගෙන හිනා වෙලා බලපං ඇස් වලින් කදුලු පනිනවා.

    රවිය ගැන ලියපු රාජ් මට කලේ කදුලු ‍පන්නන එක තමා.

    කක්කා කතා..

    ReplyDelete
    Replies
    1. හැහ් හැහ් ... බලාගෙන පිස්සං කොටුවට දායි.

      Delete
  22. රවි අයියා සුපිරි බුවෙක්නේ . .

    ReplyDelete
  23. ඇයිබන් උගේ ෆොටෝ එකක් දැම්මේ..ඔන්න ජාතික සම්පත් පරිස්සං කොරගනින්...අඩේ සුබ අලුත් අවුරුද්දක් මුලු පවුලටම මචො

    ReplyDelete
    Replies
    1. සුබ අලුත් අවුරුද්දක් ෙව්වා උඹලටත්. රවී අයිය ෙම්ව දන්ෙන නෑ ඒහා පැත්ෙත සීට් ඒෙක් හිටියට. :-)

      Delete
  24. මාර පොරක්නේ පොලිසියේ දතකුත් ගලෝලා මෙයාගේ පොටෝව දැකලා උස්සන් යයිද මන්දා(එක්කෝ උස්සන එකක් නෑ උස්සන එවුන්ගේ දතුත් ගලවයි) පට්ට සීන් ටික කලින් දාපුවත් කියවන්ටෝන හිනා සාගරයයිනේ

    ReplyDelete