Friday, November 25, 2011

ඖෂධීය පනා, වද බෙහෙත් (ටිකක් හිනාවෙන්න)

අද කියන්න යන්නෙ අපේ ග්‍රාමසේවක රාලහාමිල කිහිපදෙනෙක් කරපු මගෝඩි වැඩ ටිකක් ගැනයි. මේ සිද්ධි දෙකට රාලහාමිලා හතරදෙනෙක් සම්බන්ධය.
දවසක් මේ දෙන්නෙක් සෙට්වෙලා,ඒත් අනුමත වෙන්න සල්ලිනෑ. දෙන්න කල්පනා කර කර ඉන්නකොට එනව එතෙන්ට තවත් රාගහාමි කෙනෙක්. මෙයාගෙ කොන්ඩෙ සම්පූර්ණයෙන්ම සුදුපාටයි. පෙර සූදානමක් නැතුව අර දෙන්න පටන් ගත්ත මේවගේ කතාවක්.
රාලහාමි 1: මේ එහෙනං මටත් ගෙනත් දියං අර ජාතියෙ පනාවක් ඔය සල්ලි වලින්.
රාලහාමි2 : හරි හරි ඒවා වැඩිය තිබුනෙත් නෑ, මම කොහොමහරි ගේන්නංකො. මුදලාලිත් මම ටිකක් අදුරනවා.
රාලහාමි3 : මොකක්ද පනාවක් ගැන කිවුවෙ?
රාලහාමි1 : නෑ මේ මූට හම්බඋනාලු කොළඹදි පනාවක්. පීරුවම කොන්ඩෙ කළුවෙන...
රාලහාමි3 : නෑ.... කීයද එකක් මටත් එකක් ගෙනත් දෙන්න බැරිද?
රාලහාමි 2: තියේවිද දන්නෑ බං. එකක් නං හාරසීය පනහයි.(ඒකාලෙ ගල් බෝතලේ තුන්සීය ගානයි).
රාලහාමි 3:(මුදල් දෙමින්) අනේ කොහොමහරි මටත් එකක් ගෙනෙං.
රාලහාමි1 හා රාලහාමි2 සතුටින් පිටව යයි. පනාව මතක් කලවිට රාලහාමි3 ගෙන් හොදවයින් දෙකක් අසාගතහැකිය.
************************************************************
තවත් රාලහාමිකෙනෙක් මුදල් නැතිව සිටින්නේ අනුමතවීමට නොහැකිවය. මේ අතර දන්න කියන පශුවෛද්‍යතුමෙක් මෝටර් සයිකලයෙන් පැමිණේ.
පශුවෛද්‍යතුමා : ආ... මොකද කරන්නෙ?
රාලහාමි : කරන්න දේකුත් නෑ..... සල්ලිත් නෑ...
පශුවෛද්‍යතුමා : යංකො මාත් එක්ක.
(දෙදෙනා පිටවීයයි. ටික දුරක් ගොස් නිවසකට ගොඩවේ. නිවස හිමි කාන්තාව සමග ටිකක් කතාකරගෙන යද්දී..)
කාන්තාව : අනේ ඩොක්ට, අපේ බල්ල කන්නෙ නෑනෙ දැං. ලෙඩක්ද දන්නෙ නෑ නේද?
පශුවෛද්‍යතුමා : ආ... මේ දවස්වල තියන ලෙඩක්නෙ ඕක. ඕකට ඉන්ජෙක්ෂන් එකක් තියනව. ගැහුවම හරි.
කාන්තාව : අනේ ඩොක්ට ලග නැද්ද ඒක.
පශුවෛද්‍යතුමා : තිබුන මගේ හිතේ.
(බෑග් එකෙන් සිරිංජයකට කුඩා කුප්පියක ඇති සේලයින් දියරය ගෙන පැමිණේ)
පශුවෛද්‍යතුමා : ආ මේක විද්දම හරි.
(බල්ලාට සේලයින් එන්නත් කරයි:D)
කාන්තාව : බොහොම ස්තුතියි ඩොක්ට. කීයද ගාන?
පශුවෛද්‍යතුමා : ආ....ඕක රුපියල් හාරසිය හැත්ත ගානයි.
(මුදල් රැගෙන පිටවී යයි.ටික දුරක් ගොස් තවත් නිවසකට ගොඩවදී)
නිවැසියා: ඩොක්ට, අර බැළලි පැටව් ගැහුවනේ?
පශුවෛද්‍යතුමා : ආ... එහෙමද එහෙනං මං හිතන්නෙ පැටවු ලැබෙන්න ඉන්නකොට තමයි ඒක ගහන්න ඇත්තෙ. (වැඩිවේලා නොසිට නිවසින් පිටව යයි)
රාලහාමි : ඒ මහත්තයෝ අර මිණිහ කිවුවෙ මොකක් ගැනද?
පශුවෛද්‍යතුමා : නෑ බං මම බැළලියෙකුට බේත් විද්ද පැටවු හම්බවෙන්නෙ නැතිවෙන්න. දෙපාරක් විදල සල්ලි ගත්ත අදත් ආවෙ බයිට් එකේ ගාන හොයාගන්න. කොහෙද ඒකි පැටවු ගහලනේ.
(දෙදෙනා තැබෑරුමක් සොයා යයි)

24 comments:

  1. රළහාමිලා නියම බඩු නේ. දැන්නම් ඔච්චර වඳ විදින්නේ නෑ. කෙලින්ම ඉල්ලනවා.

    ReplyDelete
  2. මරු බඩුනේ. නියම කථා දෙක.

    ReplyDelete
  3. අනේ ඉතින් රාජ්‍ය සෙවකයනේ..කමක් නැ බං..අරක්කු ටිකක් බොන්ඩ නොවැ ඔය සෙරම..නාටක අවුලක් නෑ..

    ReplyDelete
  4. මරු කතා ටික රාජ්...
    මම අද තමයි මුලින්ම මෙහාට ගොඩ උනේ
    අද ඉඳල ඇවිත් යන්න එන්නම්කෝ පුලුපුලුවන් හැටියට

    ReplyDelete
  5. රාළහාමිලා වගේම තමයි ඒ කාලේ ගෙවල්වලට මැලේරියා බෙහෙත් ස්ප්‍රේ කරන්ඩ යන අයගේ කතා. මේ කතාව 1970 දශකයේදී වෙච්ච සත්‍ය සිදුවීමක්. සිද්ධිය මට කිව්වේ එවකට සේවයේ යෙදී සිටි මැලේරියා මර්ධන ව්‍යාපාරයේ සුපවයිසර් කෙනෙක්. එය රජරට පැත්තේ ඈත ගොවි ගම්මානයක ගෙවල්වලට බෙහෙත් විදින්ඩ උදෙන්ම කම්කරුවෝ පිටත් කලාලු. කම්කරුවොත් ටැංකි එහෙම පිටේ බැඳගෙන පිටත් වුනාලු. සුපවයිසර් ටික වෙලාවකින් ගියාලු බෙහෙත් විදීම පරීක්ෂා කරන්ඩ. එක ගෙයක් ලඟට ගිහින් බැලුවම බෙහෙත් විදපු බවක් පෙනෙන්ඩ නැතිලු. ගේ වටේට ඇවිදගෙන කුස්සියේ දොර ලඟට යනකොට සුපවයිසර්ට පෙනෙනවලු පිටේ බැඳගෙන යන ටැංකියක නොසල් එක එක්තරා රිද්මයකට දොරෙන් එලියට හා ඇතුලට යන බව. බලනකොට කම්කරුවා ගෙදරට බෙහෙත් විදින්නේ නැතුව ටැංකිය පිටේ තියෙද්දීම ගොවිලියට 'බෙහෙත් විදිනවාලු'

    ReplyDelete
  6. දෙවෙනි කතාව තමයි නියම එක...

    ReplyDelete
  7. පට්ට කතා දෙක..
    අනුමත වෙන්න කලින් මට මේක කියපං රාජ් මහත්තයෝ.. මගේ බ්ලොග් එකේ බව්වා පෝස්ට් එකට උබ දාලා තිබ්බා "බි.පෙ.සි." කියලා මොකක්ද බං ඒ, ඉන්ජෙක්ෂන් එකක් ද? මම තවම කල්පනා කරනවා..

    ReplyDelete
  8. නියම කතා දෙකක්. බලාගෙන ගියාම බොන්න සල්ලි හොයාගන්න මාරම ක්‍රම නේ අනුගමනය කරන්නේ. හික්ස් :)

    ReplyDelete
  9. අමුවෙන්ම ගහනවා ඇති, ඇයි කෝක් ගන්න සල්ලි තියේයැ?

    ReplyDelete
  10. පස්ට කතාව.ඔහොම උන්දලත් ඉන්න එපායැ ලෝකෙ...

    @ sAm (සෑම්)
    මචෝ බි.පෙ.සි කියන්නේ ඉංග්‍රීසියෙන් තියන lol, lmao,rolf වගේ සිංහලෙන් හදාගත්ත එකක්.
    තේරුම බි.පෙ.සි == බිම පෙරලී සිනා සෙමි..

    ReplyDelete
  11. හිකිස්... නියම කතා දෙක.. ඔය වගේ දේකට සල්ලි හොයන්න මොලේ පෑදෙන හැටි නම් අපූරුයි...

    ReplyDelete
  12. ශි...බේබද්දො ....

    ReplyDelete
  13. මාතලන්
    ම්... මං නං කියන්නෙ දැං තත්වෙ ඔයිට වඩා හොදයි කියල. යම් පිරිසක් වැරදි කරනව තමයි. ඒත් වැරදි කරන්න ලැජ්ජ බය තියන එවුන් වැඩියි.

    වෙද ගෙදර මහ වෙදනා
    ඊයෙ ටයිප් කරන්න වෙලාව තිබුනෙ නෑ. පලවෙනි කතාවෙ "අහිංසක" රාලහාමිට මේ දෙන්න කිවුවෙ පනාව ගෙනත් කඩේක තියල තියන්නං කියල. ඒ මණුස්සයා එතනත් චාටර් උනා.

    Raj
    පව් අහිංසකයො.:D

    ලොකු පුතා
    සාදරයෙන් පිළිගන්නව.බොහොම ස්තුතියි ආවට.

    Anonymous
    නියම කතාව!මට මැවිල පේනව ටැංකිය පිටේ බැදගෙන වැඩේ කරන හැටි.හික්ස්!

    Dinesh
    100% ඇත්ත කතා ඔව්ව!

    sAm (සෑම්)
    තිර්ථ යාත්‍රිකයා පිළිතුරු දී ඇත.

    මධුරංග & Weni
    අලුත් ක්‍රම.මේවගේ ක්‍රම හොයාගන්නවට මුන්ට උසස්වීම් දෙන්න ඕන.

    කතන්දර
    ඔව් දෙවනි වැඩේ ගැස්සුනානෙ!

    තීර්ථ යාත්‍රිකයා
    හ්ම්. ස්තුතියි පැහැදිලි කිරීමට.

    Observer
    ඇත්තටම ඔබා පාවිච්චි කල ක්‍රම අපට කියන්නෙ නැත්ද?:D

    ReplyDelete
  14. රජයේ සේවකයන්ට මෙහෙම මඩ ගහන එක හරිද ඈ....

    ReplyDelete
  15. බොන කතා මොන විදියට ලීවත් ඉතින් තේරෙන්නේ නෑ. :D

    ReplyDelete
  16. ඔබ නොදු‍ටු ලොවක්.
    මේවා හුදෙක් හාස්‍ය රසය සදහා පමණක් පළකලබව කාරුණිකව සලකන්න.

    Podi Kumarihami
    අයියෝ පොඩ්ඩි එච්චරම ටියුබ්ලයිට්ද?:D

    ReplyDelete
  17. අනේ අම්මපා, බොන එකට සල්ලි හොයාගන්න ගහන ගැට..... ඒවට නං දිව්‍යඥානෙ පහළ වෙනව...
    අර පශුවෛද්‍යතුමා ඉන්නෙ කොහෙද හැබෑට..... :)

    @ ඔබා මාමා,

    ඔන්න කට ඇරිය පොදක්වත් කටේ තියන්නෙ නැති කෙනෙක්....

    ReplyDelete
  18. Miyuru
    මේ කිට්ටුවමයි ඉන්නෙ. වෙලාවට උන්නැහේ බ්ලොග් කියවන්නෙ නෑ කියල මට ෂුවර්. :D

    ReplyDelete
  19. පට්ට පට පට කතා දෙකනම් :)

    ReplyDelete
  20. වර්ණා
    තැංකූ තැංකූ! සාදරයෙන් පිළිගන්නව නවාතැනට.

    ReplyDelete
  21. දැන් උඹලා අනුමත වෙන්න සල්ලි නැති උනාම මොකෝ කරන්නේ?

    වැඩක් කර ගන්න එන එකෙක්ගේ දතක් ගලෝනවද?
    හික්ස්

    ReplyDelete
  22. දුකා
    ඇත්තම කියන්නද? අපි කරන්නෙ $#@$@#^%$^%$%@#%@^%$&^$&#^%#^%$#& තමයි තේරුණානේද?

    ReplyDelete
  23. අරක්කු සුට්ටක් බොන්නනේ බන් ඔය ඔක්කොම

    ReplyDelete
  24. අනේ ඉතින් මේ මිනිස්සු මෙහෙම හරි ගසා කනවා. ලොකු තැන්වල ????

    ReplyDelete