Friday, April 27, 2012

මී කතුරු, වැඩි දියුණු කල මී කතුරු සහ අලි කතුරු.(තෑගි සහිතයි!)

මී කතුරු කිව්වම ඉතිං නොදන්න කෙනෙක් නෑනේ. හදිස්සියකට මීයෙක් අල්ලගන්න තියන භාණ්ඩෙ නෙව. මීයෙක් කිව්වෙ කකුල් හතරෙ- නැට්ට තියන මීයෙක්. ඔන්න ඔය පිංතූරෙ තියන ජාතියෙ. ඕක සෙට් කරන්න ගියාම හෙන චාටර් එකක් කන්න වෙනවනේ. සමහර විට මීයට අටවන උගුලට අත අහුවීමේ අවදානම වැඩියි.

මේකට විකල්පයක් විදියට තමයි ඇමරිකන් කාරයා ආරක්ෂිත- ඒ කියන්නෙ අපිට ආරක්ෂිත මීයට සොරිවෙන- උගුලක් හැදුව. ඔය දෙවනි පිංතූරෙ තියෙන්නෙ අන්න ඒක තමයි. ඒකෙ තියෙන්නෙ මීය හොල්මන් වෙන විදියෙ වැඩ පිළිවෙලක්. හදාගැනීම සරලයි පහසුයි. ලී කෑල්ලකට ඇන දෙකක් ගහල, කම්බියක් අරගෙන ඒකෙ කොන් දෙක ඇන දෙකට තදකරල දවටනව. දෙපැත්තෙන් තියනව මීය කැමති කෑම ජාති දෙකක්. අපි හිතමු පොල් කෑල්ලකුයි චීස් කෑල්ලකුයි කියල. මීය ඇවිල්ල කම්බියෙන් ඔළුව දාල බලනව පොල් කෑල්ල කනවද චීස් කෑල්ල කනවද කියල. ඌට මොකක්ද කන්නෙ කියල මාරුවෙන් මාරුවට කෑමජාතිදෙක දිහා බලනකොට තිරස්ව ඇදල තියන කම්බියට බෙල්ල කැපිල මැරෙනව. ඔන්න ඇමරිකන් කාරයගෙ මොලේ.

අපි එහෙම හිතුවත් අපේ එවුන් එක්ක බැලුවම ඇමරිකන් කාරය කියන්නෙ කවුද නේද? අපේ එකෙක් ඕක වැඩිදියුණු කලා. මොකද පාන් කන්නත් සල්ලි නැති අපේ රටේ ජනතාවට කොයින්ද මීයන්ට කවන්න චීස්! ඒකෙදි සිද්ධ වෙන්නෙ මෙහෙමයි,
ඇමරිකන් මී කතුරට පොල් වත් චීස්වත් දාන්නෙ නෑ. නිකන්ම කම්බිය ඇදල තියනව විතරයි. මීය ඇවිල්ල බලනව චීසුත් නෑ පොල් කෑල්ලත් නෑ කියල. දෙපැත්ත බල බල ඉන්නකොට ඉබේම බෙල්ලට සොරි වෙනව! ඔන්න අපේ එවුන්ගෙ වැඩ. ඔය තුන්වෙනි රූපෙ තියෙන්නෙ ඒක.
ඊටත් පස්සෙ කාලෙක ඕකෙන් කම්බියත් අයින් කලාලු! මීය ඇවිල්ල නිකන්ම ඔළුව දෙපැත්තට නවල මැරෙනවලු! ඇත්තමයි!

කොහොම උනත් මීයෙක් වගේ පොඩි සතෙකුට මේක හරිගියාට ලොකු සතෙකුට හරියයි කියල හිතන්න බෑනේද? ඒත් ඒක වැරදියි! අපේ දෙන්නෙක් එකතුවෙලා අලියෙක් මරන්න පුළුවන් විදියට මේ යන්තරේ වැඩි දියුණු කලා කිව්වොත් හිතන්න පුළුවන්ද? පුළුවන් කියල හිතුවොත් මොනවද කරන්න බැරි...... පහලට ගිහිං බලන්නකො!














දැං හොද හුස්මක් ගන්න!
















ත්‍යාග:මේකෙ නිර්මාපකයන් දෙන්න කවුද කියල කියන පළමු පස්දෙනාට බොන්සායි ක්‍රමයට කුඩා කරනලද අලියෙකු ත්‍යාග වශයෙන් හිමිවේ!(අනුග්‍රහය ආර්.අනිල් මහතා සහ එස්.ඒ.ජේ.අයි.ටී.එච්. ප්‍රේමදාස මහතා)



පිංතූර: අලින්නෙ ගූගල්ලයි අපේ වැඩ.

48 comments:

  1. දෙගොල්ලෝ දෙපැත්තේ ඉදන් තමන්ගේ පැත්තට හෝයියා කියලා කෑ ගහන කෑ ගැහිල්ලට අලියා මැරෙන්නේ උගේ කන පැලිලා. :))

    ReplyDelete
  2. පරණ කතාවට නියම අළුත් අරුතක්!

    ReplyDelete
  3. ඉස්සර වෙලාම අර බොන්සායි කරපු අලියව පෙන්වන්න..එතකොට උත්තරේ කියන්නම්......

    ReplyDelete
  4. Replies
    1. අලුගෝසුවා, රෙප් මහත්තයා, කතන්දර, Kathandara, වින්චැට්කිරිල්ලි & Sabith
      ස්තුතියි. උත්තර දුන්නනං ඔහෙල අලි ජයග්‍රාහකයො වෙන්න තිබුන, හරිය!

      Delete
  5. කතාව සහතික ඇත්ත. මෙහෙමත් පිස්සෝ. මුන්ට .... කියලා වැඩක් නැහැ. ඔඅබගේ නිර්මාණය නම් ඉතා අගෙයි.

    ReplyDelete
  6. දැන් කවුද අලියා

    ReplyDelete
  7. උන් අලි නෙවෙයි මීයෝ..

    ReplyDelete
  8. හැහ් හැහ්.. ඵල ඵල! මී කතුරු ගැන ලස්සන වීඩියෝ එකකුත් ෂෙයා වුණා ගිරිරාජ් ගෙයි ප්‍රියන්තගෙයි....

    ReplyDelete
  9. මේ තරම් වටින කතාවක අගට අලියෙක් යොදලා උබ අර වැදගත් මීයන්ට අපහාස කොලා කියලා මම චෝදනා කලොත්................? අනික යාලු මේ කාලේ ඕවගේ මාතෘකා ගැන කතා කරනවානම් මීයට හරි ඉන්ෂූරන්ස් එකක් දාගෙන හිටින්.

    ReplyDelete
  10. ගිරේට අහුවෙච්ච පුවක් ගෙඩිය වගේ සීන් එකක් වෙලා තියෙන්නෙ......නිර්මාණය නම් නියමයි රාජ් අයියෙ........

    ReplyDelete
  11. පවු අහිංසක අලියා.....

    ReplyDelete
  12. තාක්ෂනේ බලමහිමේ!!

    henryblogwalker the Dude

    ReplyDelete
  13. පොස්ට් එක නියමයි අයියේ

    ReplyDelete
  14. අලි අපරාදයක්.. :ඩී

    කාටුන් එක උබේද මචං.. සිරා .. !

    ReplyDelete
  15. පට්ටම පට්ට පෝස්ටුව මචං .. ! උඹ වගේ හිතන්න මට නම් හීනෙකින් වත් බැරිය

    ReplyDelete
  16. ඔ්කේ ඊලග ස්ටෙප් එක මම කියන්නද... දැං ඔහොම ගිහින් පක්ෂෙත් නැති වෙච්ච දවසට අලියා බලනවා අරපැත්තෙ එකත් නෑ මේ පැත්තෙ එකත් නෑ කියලා

    ReplyDelete
    Replies
    1. පක්ෂෙ කියන අදහස තමයි අලියගෙන් මතුකලේ.

      Delete
    2. පාක්ෂිකයා තමයි මම අලියගෙන් දැක්කෙ

      Delete
  17. මං බැලුවා මේ මොකක්ද කියලා.:)

    ReplyDelete
  18. මළ කෙලියයි!

    ReplyDelete
  19. ඩෙත් වෙඩිමයි කිව්වලු...හික් හික්.....

    ReplyDelete
  20. මී කතුරු කතාවනම් අහලා තිබුනා. අලි කතුර නම් නියමයි.

    ReplyDelete
  21. ඇඩෙනවා ඕයි... පට්ටයි!!!

    ReplyDelete
  22. අනේ අපට අලියෝ එපා අනේ...:D
    වලව්වේ හස්ති රාජයෙක් ඉන්නවා...:)))

    ReplyDelete
    Replies
    1. ඌ දැන් වයසයි නේ !!

      Delete
    2. වයසට ගියාම තමා ''හස්ති රාජයා'' වෙන්නෙ...අනිත් උන් නිකම්ම නිකම් කුරුම්බැට්ට අලි...!!

      Delete
    3. ඉස්සර අපේ ගෙදරත් හිටියා අලි පස් දෙනෙක්. පොඩි කාලේ උන් එක්ක අපි සෙල්ලම් කලේ.තාත්තා කානිවල් එකකින් ගෙනල්ල තිබුනේ.පස්සේ ගුල්ලෝ ගහල දිරල ගියා බාල ලී වලින් හදපුවා.

      Delete
    4. @කිරිල්ලී

      දාන්ට පහක් කිරිල්ලියේ.:D

      @අසරණයා,

      අපි කතා කරන්නේ හැබෑ හස්ති රාජයෝ ගැන. ලී අලි ගැන නෙමේ.:)))

      Delete
    5. මධූ අන්තිමට වලව්වේ 'හස්ති රාජයා'ව දැක්කේ කවද්ද?

      Delete
    6. Podi Kumarihami
      කොයි හස්තිරාජයත් xxxට බයයි. ඒවගේම xxට පුංචි කලහැකි!

      Delete
  23. ලෙසටම දීලා තියෙන්නේ ඔය..

    ReplyDelete
    Replies
    1. සමහර කතුරු තියෙනවා මීයෝ කැමැත්තෙන්ම ඔලුව දාලා අහුවෙන. හික්ස් :)

      Delete
    2. මධුරංග
      මී කතුරු? ආ.... ඒව මී කතුරුද?

      Delete
  24. උඹ ඔතන නෙවෙයි ඉන්න ඕනේ..

    නියම අදහසක්.. මට තවම තේරුම ගන්න බැහැ උඹේ දේශපාලනේ...මොනවා වුනාත් දේශපාලන පැත්තෙන් මම හිතන විදියට හිතන්නේ කියලනම් තේරෙනවා.

    ReplyDelete
    Replies
    1. මම යූඇන්පී කාරයෙක් කියල උඹ හිතං හිටියෙ නේ? :-)

      Delete
    2. නෑ නෑ අද වෙනකං කිසිම දෙයක් හිතිලා නැහැ.මම දේශපාලනේ ගැන කතා කරත් ඒ වගේ තමා මචං. එක පැත්තක් නැහැ වැරැද්ද වැරද්දමයි..

      Delete
  25. අනෙ අපොයි පව් අසරණ අලියා.......

    ReplyDelete
  26. පරණ කතාවට අළුතින් නියම නිර්වචනයක් දීලා.. මරු..

    ReplyDelete
  27. සියල්ලන්ටම,
    ස්තුතියි අදහස් දැක්වීමට.

    ReplyDelete
  28. අලි කිව්වට ඇත්තටම දැන් උනුත් මීයො වගේ තමයි. ඇත්ත අලි ලොවෙත් නෑ.

    Modern Patriot

    ReplyDelete
  29. ලොවෙත් නැති අලි කතුරු..... ෆට්ටයි.... රාජ් අයියගේ ඔලුවට කොහෙන් කඩා පාත් වෙනවද මන්ද මේ වගේ නව සොයාගැනීම්... :P

    ReplyDelete
  30. හොඳ හුස්මක් අරන් හුස්ම තද කරං හිටියේ තව පොඩ්ඩෙන් ඉවරයි මාර අදහසක් පට්ටයි ඈ... අර අන්තිමටම රනිල් මාමාවයි සජිත් අයියවයි මතක් කරලා තියෙන්නේ හරිම අමුතු විදියකටනේ.

    ReplyDelete