Sunday, July 1, 2012

දීකිරට සාක්කි කියන (ටුබැකෝ) බළල්ලු!

"මං කියෙව්ව පොතක තිබුන කෝක් බොනඑක හෙඳ නෑ කියල."
"ඉතිං?"
"මං කෝක් බීම අත්හැරිය"
"සීනි වැඩිපුර කනඑක හොඳනෑ කියල දැක්කම ඒකත් අත්හැරිය"
"සිගරට් බොනඑක හොඳනෑ කියලත් තිබුන"
"ඉතිං අත්හැරියද?"
"ඔව්"
"එහෙනං බොන්නෙ?"
"නෑ, අත්හැරියෙ පොත් කියවිල්ල!"
:-)

*********************************************************************

"පුතා, පුතා දන්නවද සිගරට් වල මිලෙන් සීයට අනූවක්ම යන්නෙ පිටරටට. ඇයි අපි අපේ සල්ලි පිටරටට ඇදිල යන්න ඉඩ දෙන්නෙ? සිගරට් වලට ඇදිල යන අපේ සල්ලි පිටරටට යනඑක නැවැත්වීමයි මේ සැරේ අපේ සමෘද්ධි සමිතියෙ තේමාව"
"oආ... ඇත්තද?"
"ඔව් ඇත්ත තමයි"
"එතකොට කසිප්පු පෙරන්නෙ අපේ මිනිස්සු, එවට ගන්න සීනිත් අපේ. ටිකුනන්නෙත් අපේ අය. කසිප්පු ටිකක් බිව්වට කමක් නැද්ද? ගංජත් එහෙමයි ඒකත් කමක් නැද්ද?"
:-(
(සත්‍ය සිද්ධියකි)

*********************************************************************

"උඹ දන්නවද මේ මදුරු කොයිල් එකක් කොච්චර විසද කියල?"
"නෑ"
"එක මදුරු කොයිල් එකක් පත්තු කරගෙන රැයක් නිදාගන්නව කියන්නෙ සිගරට් හැත්තෑ ගනනක් බිව්වට සමානයිලු"
"අම්මට සිරි! එහෙමද"
"ඔව්"
"එහෙනං අවුලක් නෑ"
"ඇයි?"
"නෑ මං සිගරට් බිව්වට මදුරු කොයිල් පත්තු කරගෙන නිඳාගන්නෙ නෑනෙ!"
:-)

*********************************************************************

"සිගරට් එකක් බොනකොට සීයට තිහයිලු ඒක බොන එකාට යන්නෙ. දුමෙන් සීයට හැත්තෑවක් යන්නෙ එලියට!"
"ඉතිං?"
"දැං බලපං, උඹේ සිගරට්එක නිසා වැඩියෙන් හානි වෙන්නෙ මට"
"හරි, එහෙනං උඹ මේක බීපං. එතකොට උඹට සීයට තිහයි මට හැත්තෑවයි. එහෙම හොඳයිනේ? :-)"
:-(

*********************************************************************

"උඹ අවසකට සිගරට් කීයක් බොනවද?"
"8ක් 10ක්"
"හරි අපි හිතමු දවසකට සිගරට් 10ක් බිව්ව කියල, එතකොට දහයෙ ඒව විස්සක් දෙසීයි. දවසකට දෙසීයයි"
"ඉතිං?"
"මාසෙකට රුපියල් හයදාහයි, අවුරුද්දකට රුපියල් හැත්ත දෙදාහයි, අවුරුදු දහයකට හත්ලක්ෂ විසිදාහක් පුච්චල තියනව"
"හරි ඉතිං?"
"දැං බලපං උඹ සිගරටි නොබී හිටියනං ඒ සල්ලි වලින් උඹට කාර් එකක් ගන්න තිබුන නේද?"
"හරි! දැං උඹ සිගරට් බොන්නෙ නෑනේ, ඒත් ඉතිං උඹ කාර් අරගෙන තියනවද? උඹටත් කාර් එකක් නෑනේ :-)"
:-(


*********************************************************************
මෙම කතක්දර හුදෙක් හාස්‍ය රසය පමණක් අරමුණුකොටගෙන ලියන ලදී. දුම්බීම ශරීරයට අහිතකරය. පිළිකා, හෘදය ආබාධ, ලිංගික දුබලතා සඳහාද හේතුවේ.

66 comments:

  1. Replies
    1. Commented By හදවතින්ම ශ්‍රී ලාංකිකයි..සිකරට් බොන එකාට මොනවා කිව්වත් ඌ එක ත්රුම් ගන්නේ ඔය කතාවල තයන විදියටම තමයි....

      Delete
  2. ලක්ෂ විසිදාහ බැංකුවේ දැම්මානම් මාසෙට පොලිත්..එක්කම එල නේ......

    ReplyDelete
  3. මරු කතා ටික ස්පෙලිං මිස්ටේක් තියනවා හික් හික්

    ReplyDelete
    Replies
    1. හ්ම්. පොඩි අවුල් ටිකක් තියනව. සෝදුපත් බලපු ඩ්‍රාෆ්‍ට්එක තියෙද්දි අනෙකයි පබ්ලිෂ් වුනේ.

      Delete
    2. මටත් ඔහොම උනා හැබැයි ඒ වෙලෙම හැදුවා

      Delete
  4. පට්ට හිනා......
    වැඩියෙන්ම හිනා ගියේ යටින්ම දාලා තියෙන ආණ්ඩුවේ ඇඩ් එකට......

    ReplyDelete
    Replies
    1. ආණ්ඩුවෙ ඇඩ්එකක් නෙවේ බං. ඒක මගේ එකක්. අනෙක ඒක හිනා වෙන්නත් නෙවේ. අවංකවම සිගරට් හොඳ නෑ. ඒකයි.

      Delete
  5. නියමයි බං.....,
    ඔව්ව එකක් නැතිව උදේට කක්කුස්සි යන්න බැරි එවුනුත් හිටියා කාලයක්...!!

    ReplyDelete
    Replies
    1. ඒක සිගරට් බොන උදවියගෙ මානසික අල්ලසක්.

      Delete
  6. hikz, රාජ් අද ඇඳේ වැරදි පැත්තෙන් නැඟිටලද මන්ද.

    ReplyDelete
  7. හිකිස්.... පට්ට ඈ... :)

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  8. හාසය රසය ඉස්මතු වුනාට, ටිකක් හොඳට හිතුවොත් ලොකු අවවාද ගොඩකුත් තියෙනවානේ....

    ReplyDelete
    Replies
    1. හ්ම්. ඔව්. ධනාත්මක පැත්ත බලන්න.

      Delete
  9. රාජ්ගේ මම අකමැතිම පෝස්ට් එක

    අතඅරිනවා http://raj1st.blogspot.com බ්ලොග් එක කියවිල්ල

    ReplyDelete
    Replies
    1. :-(
      අන්තිම වෙනකල් බැලුවද?

      Delete
    2. විහිලුවට අනේ කියුවේ

      Delete
  10. මරු හෙඩිලයින් එක.. දීකිරට බලල්ලුත් සාක්කිලු :))

    මම නම් ගහන්නෙ තෝර බීඩි ඒවා මචං තෝර මාළුන්ගෙන් හදන නිසා ඇගට ගුණයි !

    ReplyDelete
    Replies
    1. හෙක්.... හෙක් ....හෙක්

      Delete
  11. අපි නම් සුරා සූදුවෙන් තොර බව දන්නෝ දනිති. කොච්චර ගුණයහපත්ද කිව්වොත් මේක කියවා හිනා වීමෙන්ද වැලකී සිටියෙමි.
    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. හික්ස්..අන්න නියම විදියට පිළිපදිනව නම් එහෙම තමා....:D:D

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. ඒ එක්දාස් නවසිය බරගනං වලනෙ රාජ්. ඇත්තමයි දැන් සිගරට් බොන්නෙම නෑ, ඉඳලා හිටලා හීනියට බියර් එකක් වගෙ ඇනගන්නවා නිවාඩුවට ගෙදර ආවාම. මේ ඇත්තමයි.
      meika බලන්නකො.


      henryblogwalker the Dude

      Delete
  12. හ්ම්...නියම කතා ටික..

    ReplyDelete
  13. මරු කථා ටික , මට නම් දිරවන්නෙම නැති එකක් තමයි බට ඇදිල්ල . ඕක සීත රටවලට නම් මොකක් හරි ප්‍රයෝනයක් ඇති (ෂර්ලෝක් හෝම්ස් ගේ චින්තන ශක්තිය හා දුම්කොල අතරත් සම්බන්ධයක් තියනවද මන්ද, දොස්තර කෙනෙක්නෙ පොත ලිව්වෙ :) ) , හැබැයි අපේ රටේ උන් ගිනි මද්දහනේ ප්ලේන්ටියයි සිගරැට් එකයි ගහල ගන්න ආතල් එක මොකක්ද කියල නම් තේරුම් ගන්න අමාරුයි

    ReplyDelete
    Replies
    1. පාංකාල ‍තෝසෙ රහ හිතාගන්න බෑ,,,, ‍තෝසෙ කන්න ඔනෙ ‍තෝසෙ රහ දැනගන්න

      X-Porter

      Delete
  14. 'ටුබැකෝ බළල්ලු'.... ගංජ ...බීඩි බළල්ලුත් ඉන්නවා වගේ....:-)

    ReplyDelete
  15. බටේ ගැසීමෙන් සහ මලක් ගැන්සීමෙන් ඇතිවන කුමනාකාරයෙ හෝ යහපත් ප්‍රතිඵලයක් නැත. පෞර්ෂත්වය නොමැති කම ඉතාම සුළු වෙලාවටකය යට ගැසීමට පමණක් හැකියාව ලැබේ. (බටේ අදින වුන් මාත් එක්ක යුද්ධ ප්‍රකාශ කරනව එහෙම නොවේ ඕන්..)

    ReplyDelete
    Replies
    1. මෙන්න 5 ක්.

      හැබැයි අනික්වා ගැන නොකිය හිටියේ ඇයි?

      Delete
    2. කවුද කියන්නෙ පෞර්ශ්ත්වය පෙන්නන්න මල්, බට ගහනව කියල කවුරුත් දන්නව මල් ඩයල් එකක් කියල කිවුවහම පට්ට චාටර් කියල ඉස්සර කියන්නෙ ඌ ගංජ කාරයෙක්නෙ කියල. එහෙම කිවුම කොහොමද චාටර් එක .....ඉස්සර කොහොමද දන්නෙනෑ දැන්නං පුරුසත්වය පෙන්නන්න එකෙක් වත් ඔවුව අදින්නෙ නෑ....ඇත්ත මල් බට ශරීරයට හානිදායකයි...නමුත් එහෙමම බැලුවොත් තව ගොඩක් දේවල් නවත්තන්න වෙනව අඩුගානෙ පිටකො‍ටුව වගේ නගරෙක අවිදීමත් නවත්තන්න වෙනව......

      X-Porter

      Delete
    3. මම අදහස් කලේ සමාජය තුළ ප්‍රතිරූපය නෙමේ සහෝදරයා...මේක ජීව විද්‍යාත්මක බලපෑමක් විතරයි. බට ගැසීමට ඇබ්බැහි වුවෝ මෙය අත්විද ඇති බව නොඅනුමානයි.

      Delete
  16. සිගරැට්ටුවේ එක් පසෙක ගින්දර ය අනෙක් පස මෝඩයෙකි කියලා මම අහලා තියෙනවා,,,,

    ReplyDelete
  17. කට්ටිය සෙට් උනහම නම් මාත් ඔන්න ඔහෙ ඇදලා දානවා..හානියක් උනත් නොඋනත්..යන දවසට යන්ඩ වෙනවනෙ කියලා..

    ReplyDelete
    Replies
    1. අනිව වෙනී අයියෙ.. මොන සෙල්ලම් දැම්මත් යන දවසට යන්න වෙනව...

      Delete
    2. ඔය සෙල්ලං දැම්මම කලිංම යන්න වෙනව.

      Delete
  18. මාත් ඔහොම ගනං හදනවා මේ කේබල් TV මගුලට. වැස්සොත් පේන්නැහැ.

    ReplyDelete
  19. ''අනේ සිගරට් බොනකොට ඔයා මෝඩ පාටයි"
    'ඈ ඔයත් සිගරට් බොනවද"
    "නෑ "
    "මම සිගරට් බීලා මෝඩ පාටයි.ඔයා සිගරට් නොබීත් මෝඩ පාටයිනේ..."

    ReplyDelete
    Replies
    1. ප්‍රතිපත්තියක් විදියට සිගරට බොන කිසිම කෙනෙක්ට (සමීප පවුලේ කෙනෙක්ට වත් , යාලුවෙක්ටවත් ) මම නම් බොන්න එපා කියලා කවමදාවත් උපදෙස් දෙන්න යන්නේ නෑ .කැමති තරමක් බොන්න කියලා නිතරම කියන්නේ .මෝඩ පණ්ඩිතයන්ට උපදෙස් අනවශ්‍ය යි :)

      Delete
  20. සිගරට් දුමම ඔලුව කැක්කුමට එනවා අප්පා..

    මේක පෙන්නන කෙනෙක් ඉන්නවා උන්දැට පෙන්නන්ම ඔන..හැබැයි ඔව්ව වලින්ම මට ම කියයිද දන්නේ නැහ..

    ReplyDelete
    Replies
    1. ගුටිකන සීන් සඳහා වගකියනු නොලැබේ! :)

      Delete
  21. මේක ප්‍රින්ට් කරලා අපේ වැඩපොලේ බොසාගේ මේසේ උඩ තියන්ඩ වටිනවා !
    හිනා උනාට මේ කතා සෙට් එකෙන් ගන්ඩ හරයකුත් තියෙනවා.

    ReplyDelete
  22. හෙඩිම දැකල මේ පැත්තට ඇවිල්ලා කියවන්න ගන්නකොටම මතකෙට ආවෙ අන්තිම කතාව. හිනාවුනත් ලොකු අර්ථයක් එකෙ තියෙනවා කියල හිතෙනවා!!

    ReplyDelete
  23. අර පාන්දරින්ම අවදි වෙන පනුවන්ගේ කතාව මතක් වුනා...

    ReplyDelete
    Replies
    1. මටත් ඌ තමයි මතක් උනේ.

      Delete
  24. අපිනම් ඔව්වා බොන්නේ නැහැ

    ReplyDelete
  25. මහා නරක පුරුදු. පොඩි කාලේ දහම්පාසල් ගියානම් එහෙම වෙන්නේ නැහැ. හික් හක්.....

    ReplyDelete
  26. රජයේ අවවාදය දුම්බීම පිළිකා ඇතිකරයි :D

    ReplyDelete
  27. මරු කතා ටික... මම සිගරට් , මත් වතුර කියන දෙකම පාවිච්චි නොකරන මිනිහෙක්...ඉස්සර වෙන කෙනෙක් බොන එකටත් අකමැතියි... ඒත් දැන් මගේ මතය , "සිගරට් ඉතිං බොන අය බීපුවාවේ , නොබොන අය නොබීපුවාවේ.... ඒක එක එකාගේ පෞද්ගලිකත්වය!!! " අනික ඔය "චිකේයියා බොන්න එපා අනේ!!!", කියන උන් තමයි අන්තිමට හැම එකම සීමාවක් නැතුව බොන්නේ !!!

    ReplyDelete
  28. සිගරට් බොන වෙන උන් ළඟ තියෙන ගඳ... ;)

    ReplyDelete
  29. සිගරට් බොන එකාට කිව්වට වැඩක් නෑ...
    නිදහසට කාරනා අම්බානක ඇති..

    ReplyDelete
  30. ලස්සන ආට් එකක්......ඒවුනාට පොඩ්ඩක්වත් ආස නෑ....

    ReplyDelete
  31. Replies
    1. //smoking kills//
      අපි නොදන්න ඉටැලියන්! :)

      Delete
  32. ලස්සන කතා ටික.

    'දුම් බීම අවට සිටින්නවුන්හටද අහිතකර වේ.':)

    ReplyDelete
  33. ඔය දුම් බොනවයි කියන එකෙක්වත් ඕක හරියට කරන්නෙ නැති එකනෙ වැරැද්ද මුන් හැමෝම කරන්නෙ දුම් පිට කරන එකනේ
    මම ආතම්මගෙ පෙට්ටගම ලියන ලොකුජෝන්

    ReplyDelete
  34. මටත් සිගරට් නම් පෙන්නන්න බෑ.ඔලුව කැක්කුම හැදෙනවා දුමට.පොඩි කාලෙ ඉදලා එහෙමයි.තාම වෙනසක් නෑ.

    ReplyDelete
  35. සිගරට්ටුවක එක පැත්තක ගින්දරය අනිත් පැත්තේ මෝඩයෙකුගේ කටය ..

    ReplyDelete
  36. මටත් වෙන කෙනෙක් සංවෘත ඉස්තානෙක සිගැරොට් බොනකොට ඔලුව කැක්කුම හැදෙනව ඒත් මම බොනකොට එහෙම හැදෙන්නෑ අප්පා......(මම සංවෘත ස්තාන වල සිගැරොට් නොබොමි.)

    X-Porter

    ReplyDelete
  37. Kiss a Non smoker and taste the difference කියල බස් එකක ස්ටිකර් එකක් ගහල තියෙනවා දැක්කා.

    ReplyDelete
  38. හික් හික් නියම කතා ටික....

    __සිහින මදාරා___

    ReplyDelete
  39. හිහි කාර් කතාවනම් සුපිරි හා හා හා

    ReplyDelete
  40. හික්ස්....අන්තිමට බොරුවට අවවාදාත්මක වාක්‍යයක් දාලා නේද?

    ReplyDelete