Thursday, April 4, 2013

දෙව්දත් නිකාය ඉදිරියේ ථේරවාදී බුදු දහම.

මේ දිනවල කුමන හෝ රූපවාහිණී විකාශයක රාත්‍රී ප්‍රවෘත්ති නැරඹූ විට අනිවාර්ය අංගයක් දැකගතහැකිය. එනම් උග්‍ර ජාතිවාදී රෝගය සෑදුන උන්මත්තකයන්ගේ සාමකාමී නොවන විරෝධතාවයක්, පහරදීමක්, අලාභහානි කිරීමක් වැනි සිද්ධියකි. මෙහි වඩාත්ම අවධානයට ලක්වන්නේ මහා කාරුණික බුදුරජානන් වහන්සේගේ චීවරය ශරීරයට පො‍රවාගත් අයවලුන් ගිහියන්ට අන්ත ආකාරයට හැසිරෙන බවත් ගිහියන්ට ඉදිරියෙන් මොවුන් ගමන් කරන බවත්ය. අයිපීඑල් තරගාවලියට සහභාගීවන ක්‍රීඩකයන් හට කුණු බිත්තර ගහන්න යයි දේශනා කරන ගලගොඩඅත්තේ ඥානසාරගේ පටන් පැපිලියාන ෆැෂන්බග් ආයතනයේ සීසීටීවී කැමරාවට ගල්පහරදුන් චීවරධාරියා දක්වා සියල්ලන් හැසිරෙන්නේ එකම ආකාරයටය. ඊයේ දිනයේ ක්‍රිකට් ආයතනය දක්වා පැමිණි චීවරධාරීන් ඇතුළු අන්තවාදීන් ප්‍රකාශ කලේ පිරිත්නූල් බැදීමට මෙන්ම කැපීමටද ඔවුන් සූදානම් බවයි.


ගිහියන් කෙසේ වෙතත් ශාක්‍ය කෝලිය යුද්ධය සමථයකට පත්කල පරපුරේ පැවිද්දන් පවා මෙසේ හැසිරීමට හේතුව කුමක්ද?
වර්තමාන පැවිද්දා යනු පැවිදි වීමේ මූලික අරමුණෙන් බැහැරවී අන්‍ය අපේක්ෂාවන් සාක්ෂාත් කරගැනුමට වෙහෙසෙන්නෙකි. අද පැවිදි වන බොහෝ කුඩා දරුවන් එක්කෝ දෙමාපියන්ගේ කැමැත්ත මත හෝ ක්ෂණිකව ඇතිවන කැමැත්තට පැවිදි වන්නන් මිස ජීවිතාවබෝධයෙන් පැවිදි වන්නන් නොවේ. එසේම අගහිඟකම් හේතුවෙන් පැවිදිවී අධ්‍යාපනය ලැබීමේ අපේක්ෂාව ඇත්තන්ද බොහෝය. වයස දහඅට ඉක්මවා පැවිදිවූවන් ඇත්තේ අල්පයකි. මෙසේ පැවිදි දිවියට ඇතුල් වන්නන් එක් අවස්ථාවකදී තීරණාත්මක අවස්ථාවකට එළඹේ. එනම් තම පැවිද්ද තවදුරටත් රැකගන්නේද නැතිනම් ඉන් ඉවත් වන්නේද යන කාරණයට ඔහු මැදිවීමයි. මෙහිදී උපැවිද්ද තෝරාගන්නවුන් ගැන ප්‍රශ්නයක් නැත. ඔවුන් සංඝ සමාජයේ නීතිරීති වලින් මිදී වඩා පහසු ගිහි ජීවිත ගතකරති.

තවදුරටත් පැවිද්ද ආරක්ෂා කරගන්නවුන්, එසේ කිරීමට බලපාන හේතු අතර මූලික වන්නේ ඒ වනවිටත් ඔවුන්ට ලැබෙන සිවිල් සමාජයට කලහැකි බලපෑමේ ප්‍රමාණයයි. බුදුන් වහන්සේ දේශනා කර ඇති පරිදි කාම තෘෂ්ණාවෙන් ඇවිද යන්නා-පහන්සිලට ඇදීයන පළඟැටියා මෙන් මොවුන්ද බලය,ධනය,ලිංගිකත්වය... සොයමින් තව තවත් ලෞකික පක්ෂයට නැඹුරු වීම අනිවාර්ය වේ. මෙහි අවසාන ප්‍රථිපලය වන්නේ සංඝ සමාජය ගැන, සිව්පසයෙන් සංග්‍රහ කිරීමේ රීතියෙන් බැඳී ඇති ගිහියන් තුල ඇතිවන කලකිරීමයි.

මේ සංඝ සමාජයට සිංහල බෞද්ධයන් මත ඇතිකල හැකි පීඩනය-බලපෑම කෙමෙන් ගිලිහෙන අවධියකි. උද්ඝෝෂණයකදී බැටන් ප්‍රහාරයට ලක්වන ස්වාමීන් වහන්සේලාද ඔවුන් අතින් ටොකුපහරට ලක්වී හිස් වැසුම අහිමි කරගන්නා ‍පොලිස් නිලධාරියාද මේ සියල්ල රූපවාහිණියෙන් නරඹන සාමාන්‍ය මිනිසාගේ අගෞරවයට සංඝ සමාජය ලක්වීම පාලනය කිරීමට නොහැකිය. පසුගිය සමයේ සංඝ්‍යා වහන්සේලා මැතිවරණයට තරගකිරීම මෙය තවත් තීව්ර කිරීමට හේතු විය. මේ වනවිට කතෝලික අගරදගුරුගේ කේවල් කිරීමේ බලයටත් පහලින් සංඝ්‍යාගේ බලය පැවතීමේ හේතු මේවාය.(අගරදගුරුගේ බලය පහලින් තිබිය යුතු යයි මින් අදහස් නොකරමි).මේ කුණාටු හමුවේ තවදුරටත් තම බලය රැකගතයුතු යයි සිතන චීවරධාරීන්, ගොදුරුකරගැනීමට ඉතාමත් පහසු, අන්තවාදීන් තම ක්‍රියාදාමයට එක් කරගනී. ඉන්පසු ඇතිවන තත්වයයි මේ වනවිට අපි දකින්නේ.

මේ තත්වයට හේතුවන අනෙක් ප්‍රධාන හේතුව රජයේ ක්‍රියා කලාපයයි. ඉන්ධන මිල වැඩිවීමෙන් පටන්ගන්නා භාණ්ඩ මිල ඉහල යාමත් සමඟ ඇතිවිය හැකි ජනතා අසහනයත් ගොවියන් ධීවරයන් වැනි සමාජයේ බහුතරය නියෝජනය කරන ස්ථරවලින් එල්ල විය හැකි විරෝධතා සමනය කිරීමටත් යම් ක්‍රමවේදයක අවශ්‍යතාවය පවතී. කිහිප වරක් බලයට පත්වීමේදී මෙන්ම බලය පවත්වා ගැනීමේදී භාවිතා කල-කලහැකි ලෙහෙසිම ක්‍රමවේදය දේශප්‍රේමය බව පසක්කොට ගැනීමට රජය සමත්වී ඇත. පොලිස් නිලධාරීන් ඉදිරියේදී අන්‍යන්ගේ දේපලවලට හාණිකොට පසුව සමාදානය ඇතිකරගැනීමට ආශිර්වාද කිරීමට තරම් බලයක් ඇත්තේ පවතින රජයට පමණි. එහිදී තාවකාලික වශයෙන් රජය සාර්ථකය. බඩුමිල ගැන වොයිස් කට් නැතත් හලාල් ගැනත් අයිපීඑල් යන අපේ ක්‍රිකට් ක්‍රීඩකයන්ටත් එරෙහිවත් ඕනෑතරම් වොයිස්කට් ප්‍රවෘත්ති තුලින් නැරඹිය හැකිය. මොවුන්ගේ තාවකාලික ක්‍රියාකාරකම් හමුවේ ආණ්ඩුව නිහඬවුවද මීලඟ මානව හිමිකම් කොමිසම හමුවේ වන්දි ගෙවීමට සිදුවන්නේ පොලියත් සමඟය. මෙම තත්වයේ ඇති වඩාත් අයහපත් බලපෑම නම් මධ්‍යස්ථ මතධාරීන්ට මොවුන් නිසා තම මතය ඉදිරිපත් කිරීමට ඇතිවන බාධාවයි. උදාහරණ ලෙස අන්තවාදී ලෙස මුස්ලිම් විරෝධයේ යෙදෙන සිංහලයන් වැඩිවත්ම මුස්ලිම් ආගම ගැනත් කුරාණය ගැනත් සාධාරණ ලෙස සංවාද කලවුන්ට තම කාර්ය කල නොහැකි තත්වයක් ඇතිවීමයි. [බ්ලොග් අවකාශයෙන්ම උදාහරණ දිය හැකිය -බුවාට දැන් කතා කිරීමට සිදුව ඇත්තේ කුරාණයේ අවුල් ගැන නොව අයිපීඑල් විරෝධීන් ගැනය].

මේ වනවිට බෞද්ධයන් ප්‍රථිශතය ලෝක ජනගහනයෙන් සීයට හයක් පමණ පිරිසකි. එයින්ද වැඩි කොටස මහායාන ධර්මය අදහන්නන්ය. යුරෝපයේ බෞද්ධයන් සීග්‍රයෙන් වැඩිවන බව අප පුරසාරම් දෙඩුවද ඉන් බහුතරයද මහායානිකයන් මිස ථේරවාදීන් නොවේ. Tuesday Lobsang Rampa නමින් ටිබෙට් දේහයේ පැවිදි වී ලෝක ප්‍රසිද්ධ වූ මහායාන භික්ෂූන් වහන්සේ(ගිහි නම Cyril Henry Hoskin) තම Tird eye නම් ග්‍රන්ථයේ සඳහන් කරන පරිදි ඔහු පැවිදි වීමට මහායානය තෝරාගන්නේ මහායාන භික්ෂූන්ගේ ඇති තැන්පත් ගතියත් සාමනේර භික්ෂූන්ට පවා ගරුකරන ස්වභාවයත් නිසාය. එබැවින් යමෙක් ථේරවාදයේ ආරක්ෂාව ගැන කථා කරන්නේ නම් ඔහු කලයුත්ත බුදුන් වහන්සේ දෙසූ ධර්මයට අනුකූලව හැසීරීම මිස අන්‍යාගමිකයන්ට ගල් ගැසීම නොවේ.

119 comments:

  1. රාජ් ආණ්ඩුවත් අන්තවාදීනුත් දැන් ඉන්නෙ ස්වයං මෝහනයක,ළඟදිම ඕවට පොලියත් එක්ක ගෙවන්න වේවි.

    ReplyDelete
    Replies
    1. මේවායේ ඵල වගා කරනවුන් නෙළාගත්තාට ප්‍රශ්නයක් නැහැ. නමුත් හැමෝටම එකට ලැබෙනව ලැබෙන වෙලාවට.

      Delete
    2. ඒ කතාව ඇත්ත. කවුරු මොනවා කළත් කන්න වෙන්නේ ඔක්කෝටම එකට!

      Delete
  2. //මෙම තත්වයේ ඇති වඩාත් අයහපත් බලපෑම නම් මධ්‍යස්ථ මතධාරීන්ට මොවුන් නිසා තම මතය ඉදිරිපත් කිරීමට ඇතිවන බාධාවයි//
    මෙම කතාවට නම් සම්පූර්ණයෙන්ම එකඟයි වගේම ඒ ගැන ලියපු එක ගැන ස්තුතියි රාජ්..මේ යන ක්‍රමය අනුම මධ්‍යස්ත මත යැයි දෙයක් ඇති බව හෝ මේ අන්තවාදීන්ට අමතකයි..

    ප/ලි Third Eye පොතේ ලින්ක් එකක් දුන්නට ස්තුතියි..

    ReplyDelete
    Replies
    1. අදහසට ස්තුතියි. රෙද්දක් ඇඳගෙන කතා කරන්න බැරි නිසයි ලිව්වෙ.

      Delete
    2. ඔබතුමා රෙදි අදිනවද? මේක කියවපුහම නම් රෙදි අදින බවක් පේන්නේ නැ..

      Delete
  3. බුද්ධගාගමේ ඉදිරි පැවත්මට ඇති ප්‍රධාන බාධකය අද දෙවිදත් නිකාය සහ ඔවුන් පසුපස ඇදී යන අජාසත්තලා.
    සැබෑ බෞද්ධයෙකුට ජාතිවාදී වෙන්න බැහැ..
    බුදු දහම එක ජාතියකට ලියාදුන් දෙයක් නොවේ.. මේ සිංහල බෞද්ධයින් කියාගන්න අය කරන්නේ වෙනත් ජාතියකට අයත් කිසිවෙකුට බුදු දහම වෙත ඒමට ඇති මං ඇහිරීමයි.. මං ඉන්න මේ රටේ චීන ඉන්දියන් යුරොපීය යනාදී සියලු වර්ග එක ශාලාවෙ භාවනා කරනවා. අපේ රටෙ උතුරේ හාමුදුරුනමක් හිටියා දමිල භාශාවෙන් දහම් දෙසන..
    මේ දේශපාලනයේ තව මුහුණුවරක්. එක මුහුණුවරක් සෝම හිමියන්ගේ අභාවය හරහා පාර්ලිමේන්තු ගියා.
    තව හාමුදුරුකෙනෙක් කියනවා බුදු හාමුදුරුවො ඉපදුනෙ ලංකාවෙලු.. එතකොට අසෝක රජතුමත් ලංකාවෙ මිහින්තලේ තියෙන්නෙ ඉන්දියාවෙ. ඒ විදිහට ගියාම රාම අපෙ රාවණා ඉන්දියාවෙ./ එතකොට අර රාවණා බලකායෙ චීවරදාරියො තමුන්නෙ රටෙ තානාපති කාරියාලෙටනෙ අර විරෝදෙ පෑවෙ ! අයියෝ මෙහෙම විහිලු..

    ReplyDelete
    Replies
    1. බුද්ධාගම වගේ නිදහස් ආගමක මේවගේ මිනිස්සු බිහිවෙනව කියල හිතාගන්නත් බෑ.

      Delete
    2. අයියෝ මෙහෙම විහිලු නේහ්? විහිලුවට ලක්වෙලා තියෙන්නේ මෙතන ඔබතුමානේ..ඉන්දියානු තානාපති කාර්යාලයට විරෝධය පෑවේ සිංහල රාවය. එතකොට බුදුන් උපන්නේ ලංකාවේ යැයි ඒක් චිවරදාරියෙක් කියනෙකාට, ත්‍රිපිටකය කියන්ෙන් කොළ තුනක් යැයි අකලට පහලවු මෛත්‍රි බුදුන් යැයි කියාගත් වදුරඔ සිරිවර්ධන කියනකොට ඒවට පෙරමණ ගෙන විරෝධය දක්වලා සමාජය තුල කතිකාවතක් ඇති කරලා..ඒ දේවල් තහනම් කරන තැනට වැඩ සැලැස්සුවේ ඔබ තුමාද? නිකන් සුරංගනා කතා කියන්න ඒපා මෙතන උනේ මොකක්ද වෙන්නේ මොකක්ද කියලා තේරුම් ගන්නේ නැතුව..ඔබතුමාගේ කෙමන්ටුවේ මෙන්න මේ කොටස //තව හාමුදුරුකෙනෙක් කියනවා බුදු හාමුදුරුවො ඉපදුනෙ ලංකාවෙලු.. එතකොට අසෝක රජතුමත් ලංකාවෙ මිහින්තලේ තියෙන්නෙ ඉන්දියාවෙ. ඒ විදිහට ගියාම රාම අපෙ රාවණා ඉන්දියාවෙ./ එතකොට අර රාවණා බලකායෙ චීවරදාරියො තමුන්නෙ රටෙ තානාපති කාරියාලෙටනෙ අර විරෝදෙ පෑවෙ ! අයියෝ මෙහෙම විහිලු.// විහිලුවක් උනේ මම උඩින් පැහැදිලි කරපු විදිහටයි ..ඊලග ජේදය..මෙව්වට කියන්නේ විහිලු නෙමෙයි කට තිබුන පලියට දොඩවනවා කියන එකට උදාහරණයක් මේ //බුදු දහම එක ජාතියකට ලියාදුන් දෙයක් නොවේ.. මේ සිංහල බෞද්ධයින් කියාගන්න අය කරන්නේ වෙනත් ජාතියකට අයත් කිසිවෙකුට බුදු දහම වෙත ඒමට ඇති මං ඇහිරීමයි// අනේ අපිත් කැමතියි මුළු ලංකාවෙම ඉන්න මිනිස්සු උනත් කමක් නැ බුදුදහම අවබෝධ කර‍ගෙන ලංකාව 100% බෞද්ධ රටක් වෙනවනම්..දැන් කියන්න ඒපා අන්තවාදින්ගේ අරමුණ 100% බෞද්ධ රටක් ගොඩනැගිම කියන එක ඔන්න කමෙන්ට් ඒකෙන්ම පේනවා කියලා..මං කිව්වේ අපිට වෙනත් ජාතියකට බුදුදහම ඇදහිමට හෝ ගැන ඉගෙනගැනිමට අවහිර කිරිමට කිසිදු අවශ්‍යතාවයක් නැ.අපිටත් ඕන වෙනත් ජාතිනුත් මේ නිර්මල දහම අවබෝධ කරෙගන සාමකාමිව ජිවත් විමයි..ඒත් නොවෙන්නෙත් ඒකමයි..වෙන්නේ බෞද්ධයින්ට බුදුදහම අදහන්න තියෙන අයිතාවසිකමත් නැති කරන ඒකයි.....// බුද්ධගාගමේ ඉදිරි පැවත්මට ඇති ප්‍රධාන බාධකය අද දෙවිදත් නිකාය සහ ඔවුන් පසුපස ඇදී යන අජාසත්තලා.
      සැබෑ බෞද්ධයෙකුට ජාතිවාදී වෙන්න බැහැ..// මේ අරගලය ජාතිවාදි නම් මෙලහට මේ රටේ එක මුස්ලිම් පුද්ගලයෙකුටවත් පාරේ බැහැලා යන්න වෙන්නේ නැ..පල්ලි හෙම බිමට සමතලා වෙලා ඉවරයි..සිංහල දන්නැති සිංහලයොනෝ ඉන්නේ බහුතරයක්..ජාතිවාදි සහ ජාතිආලය කියන්නේ දෙකක්..ඔය දෙක පටලවගෙන ජෝකර් කෙනෙක් වෙන්න හදන්න එපා..
      //මේ දේශපාලනයේ තව මුහුණුවරක්. එක මුහුණුවරක් සෝම හිමියන්ගේ අභාවය හරහා පාර්ලිමේන්තු ගියා.// හෙළ උරුමය බලාපොරොත්තු වු ධර්ම රාජ්‍යය බිහි කිරිම කලේ නැති බව ඇත්ත..නමුත් ඔවුන් කල කි දැ සියල්ලම වර්තමානයේ විවේචනය කරන්නේ ඔවුන් කිසිදු දෙයක් නොකල ගානට දාලා..ජාතික ව්‍යාපාරයේ කිසිදු දේශපාලන මුහුණුවරක් නැ..ඒ නිසා තමයි මෙතරම් ජනතාවක් ජාතික ව්‍යාපාරය එක්ක ඉන්නේ..දේශපාලනයට එන්න ඕන කම තිබ්බ නම් ඔය හාමුදුරුවරු මිට බොහො කාලයකට කලින් ඇවිත්..මේක දේශපාලන මුහුණුවරක් නෙමෙයි මේ දේශාවධිකරවන මුහුණුවරක්..ඔබගේ කමෙන්ටුව කිසිදු වැඩකට නැති සත පහක දෙයක් ගැනිමට නැති බාල ගනයේ විහිලුවකි...මේ කමෙන්ට් රාජ් සමහර විට මකා දමාවි ..කොන්ද පන තියෙනවනම් මගේ කමෙන්ට් එකක් වත් මකා නොදමා අඩුම තරමේ කොන්දක් වත් තිබේ යැයි පෙන්වන්න..මම ඇනෝ කමෙන්ට් දාන දෙකයි පනහේ බුවෙක් නෙමයි..කියන්න තියෙන දේ කෙලින් කියන මනුස්සයෙක් මම....ආයේ මේ කෙහෙම්මල් බොලෙගේ කමෙන්ට් මම දාන්නේ නැ..වැඩක් නැ කාලේ අපරාදේ..

      Delete
  4. ඒ අස්සෙ ආණ්ඩුවයි ප්‍රධාන විපක්ෂෙයි ප***ය හංගාගෙන ඇ$%%() න් කෙලින්න හදනවා.

    ReplyDelete
  5. Zen Master Ma-jo once answered, "Mind is Buddha, Buddha is mind." Another time he answered, "No mind, no Buddha." අද කාලේ මිනිස්සුන්ට mind එකක් නෑ. ඉතින් බෞද්ධයෙක් කොහොමද හොයාගන්නේ?

    ReplyDelete
    Replies
    1. බෞද්ධයන් කෑගහමින් පාරවල් වල යන්නෙ නෑනේ. ඉතින් පේන්නෙ නෑ. ප්‍රචන්ඩ ක්‍රියාවල නිරත වන්නේ සුළු පිරිසක් උනත් ලෝකයට යන පණිවුඩය ප්‍රභලයි.

      Delete
    2. මැට්රික්ස් එකේ පොඩි සයොන් කාරයා කිව්වේ නෝ ස්පූන් කියලත්.. හැක්..

      Delete
  6. රාජ් කාලෝචිත ලිපියක්. මම මේ අනතුර දැක්කෙ 1990 ගණන්වල සිටම, ඔබ දන්නවනේ ඔය අසපු , එතකොට මන්දිර, අලුත් තාලෙ ත්‍රිපිටක, සිංහලෙන් බන කීම වගේ ම, සාරිය වගේ සිවුර අදින එක, එතකොට වටාපතට ඩිසයින් දැමීම මේ සියල්ල පටන් ගත්තේ මම දන්න විදියට ඔය කාලවකවනුවේ සාසනේට ඇතුල් වූ සාමනේරවරු. එතනට එහායින් හිටියේ බොහෝම සුපෙෂල ශික්ෂාකාමීන් නොවුනත් අපේ හාමුදුරුවෝ කියලා කට ඇරලා කියන්න හැකි ස්වාමීන් වහන්සේලා. මේකත් එක පිරිහීමක්.

    සියල්ල අනිත්‍ය ලෝකයක් බුදුදහම විතරක් අනිත්‍ය නොවෙන්න හේතුවක් නැහැනෙ රාජ්.

    ReplyDelete
    Replies
    1. මහවෙදන,
      මම දකින දෙයක් තියනව මේවගේ. අසපුවල භාවනා මධ්‍යස්ථානවල ඉන්න උදවිය-හාමුදුරුවරු ගැන විවේචනයක් අපට තියනව. කොහොම නමුත් ඒ විවේචනය ධර්මය ගැන සහ ක්‍රමවේදය ගැන පමණයි. මෙතන තියෙන්නෙ සමාජයේ පැවැත්මට කෙලින්ම බලපාන කාරණා පිලිබඳ විවේචනයක්. කුමන හෝ ධර්මයක් දේශනා කරගෙන හිටියට අවුලක් නෑ. ඒත් ගල් ගහන තත්වයකට ආවොත් භයානකයි.

      Delete
    2. මහවෙදනා සමග සම්පූර්ණයෙන් එකඟයි. මේ 'ස්ටයිල් බුද්ධාගම' වහාම නැවැත්විය යුතුයි. අම්මපා මේ මහානායක හාමුදුරු වරු මොකද කරන්නේ ඈ.

      අසමි දකිමි සොයමි ලියන විචාරක

      Delete
    3. පන්සිල් පද පහ රකින බෞද්ධයෝ අද නැ. ඒක ඇත්ත. එතකොට අන්‍යයන් තම නිර්මල දහමද මේ දියත් කර ඇත්තේ.එයත් ගැටලුවක් නොවෙද?

      Delete
    4. අන්‍යයින් ධර්මය රැක්කත් නැතත් බෞද්ධයින්ට පාන්ද? තමන්ගේ ඇහේ තියෙන පොල් පරාලේ ගැන බලා ගත්තාම මදිද?

      Delete
    5. 'ස්ටයිල් බුද්ධාගම' කියන්නේ ස්ටයිල් දේශීයකරණයේ එක් අංගයක් පමණයි. වැඩේ තියෙන්නෙ ඒවා කරන එවුන්ම 'මගේ අමුඩෙ කවුද කැත කරලා' කියලා අනුන්ට බැනීම.

      Delete
    6. බෞද්ධ තියා මොන ආගමේ වුනත් උගන්වන යහපත් දේවල් රකින උන් අද නෑ, ඒ වෙනුවට සමහර ආගම් කරන්නේ කාලයට අනුව නම්‍යශීලී නොවී මූළධර්මවාදය අනුගමනය කිරීමට ගොස් දවසින් දවස ඒ ආගම් බිහි වූ යුගයේ පැවති මිල්ච්ඡ සමාජයට යාම අන්න ඒක නවත්තන්න මේ රටේ ප්‍රධාන ආගම විදිහට බෞද්ධයන්ට ලොකු වගකීමක් තියෙනවා. ඒ ටික තේරුම් නොගත්ත එවුන් තමයි මේ බ්ලොග්කාරයා වගේ ගොන් කතා ලියන්නේ.

      Delete
    7. අනිත් ආගම්වල අයත් ඒ ආගම් පිලිපදුඉන්නෙ නැති බව ඇත්ත නලින්.. ඒත් අපෙ ආගමෙ හටියට අපිට කරන්න තියෙන්නෙ තමුන් හැදෙන එකනෙ.. බුදුහාමුදුරුවො දේශනා කලේ එහෙමනෙ.. අනික කඩු පොලු අරන් සටන් කරන්නෙ මොකටද ? තමුන්ට හොඳ දර්ශනයක් තියෙනවා නම් ඒක පිලිපැදලා ආදර්ශයක් උනාම අනිත් අයත් ඒ දිහා බලාවි,. දැන් මේ යන පිලිවෙලට බුදුඉ දහම නොදන්න අය බය වෙනවා නේද ?

      Delete
    8. අනෙක් ආගම් වල එවුන් ඒ ආගම් පිළි නොපැද්දට බෞද්ධයාට පාන්ද? බෞද්ධයා ඉන්නෙ අනෙක් ආගම් වල එවුන් ආගම් පිළි පදිනවාද බලා නිවැරදි කරන්නද?

      Delete
    9. අනිත් ආගම් වල එවුන් මේ රටත් ඇඳගෙන යන්න හදන්නේ තමන්ගේ ආගම් බිහිවූ වනචාරී ගල් යුගයට නම්; ඔව් බෞද්ධයන්ට පාන් තමයි.

      Delete
    10. Naleen Dilruksha සහ තවත් ඇනෝලා
      ආයෙත් කියන්න තියෙන්නෙ මේක ධර්මය පිලිබඳ අවුලක් නෙවේ. මමත් පන්සිල් පද පහම රකින්නෙ නැහැ. ඒවුනාට සමාජ විරෝධී ක්‍රියාවල යෙදෙන්නෙ නෑ. පන්සිල් රැක්කොත් තමන්ට හොඳයි. හැබැයි ගල් ගහන්න කාටවත් අයිතියක් නෑ.

      Delete
    11. දැන් ඔබතුමා මිට කලින් කුරගල ගැන, මුහුදු මහා විහාරය ගැන, දෙවනගල ගැන, දිඝවාපිය ගැන, නැගෙනහිර වර්තමාන තත්වය ගැන හෙම සැහෙන්න ලියලා ඇති නේද? ෆැෂන් බග් එකට ගහපු ගල ලොකු වුනා කුරගල පල්ලි හදපු එකට නිශ්ෂබ්දයි? දෙවනගල සෙල්ලිපි වලට ඇසිඩ් වක්කරපු එකට නිෂ්ශබ්දයි? දිඝවාපිය ඉඩම් අල්ලගෙව පුරාවස්තු විනාශ කරලා අනවසර ඉදිකිරිම් කරපු එකට නිෂ්ශබ්දයි? මුහුදු මහා විහාරයට යන පාර පවා අල්ලගෙන ගැසට් කරපු අක්කර 300 බලෙන් අල්ලගෙන පුරාවස්තු විනාශ කරන එකට නිෂ්ශබ්දයි? අල්ලිරාණි මාලිගය පුරාවස්තු විනාශ කරමින් අනවසරයෙන් පුරාවිද්‍යා භුමිය අල්ලගෙන පුරාවස්තු විනාශ කරන එකට කතා කරලා තියෙනවද? දඹුල්ල පන්සල් ඉඩමේ පල්ලිය හදපු එකට විරුද්ධව කතා කලාද? ෆැෂන් බග් එකට ගල ගහපු එක ලොකු උනා..එවෙලෙම පෝස්ට් එකත් ලිව්වා..මම මේ බොහොම සංවරව කතා කරන්නේ..මොකද කලින් වතාවල කට්ටියට ලොකු ප්‍රශ්නයක් උනා මගේ භාෂාවේ භාවිතය..මෙ වගේ පොස්ට් ලියන උන් මං දකින්නේ නිවට අවජාතක කුහක වසලයෝ විදිහට..එහෙම වසලයෝ තමයි මේකට හෝයියා කියලා කමෙන්ට් දාලා තියෙන්නෙත්..ෆැෂන් බග් ප්‍රහාරයට අපි හැමෝම විරුද්ධයි..බොදු බල සේනාවේ මේකට කිසිම සම්බන්ධයකුත් නැ..පොලිස් පරික්ෂන වලට අනුව මෙම ප්‍රහාරය කිසිදු ප්‍රධාන ජාතික ව්‍යාපාරයක මෙහෙයවිමක් හෝ අනුදැනුම හෝ සහයෝගයක් නොමැතිව ක්‍රියාත්මක වු සිදුවිමක්..මේ හරහා බොදු බල සේනාවට චෝදනා කරන්නේ තනිකරම මොලේ අමාරු කාරයෝ..ප්‍රහරයට සම්බන්ධ සියළු දෙනා අත්අඩංගුවට ගත්තා..ඒ අතර ජාතික සංවිධාන ක්‍රියාකාරකයින් කවුරුවත් නැ...තවත් තව තවත් ජාතික ව්‍යාපාරයට මෙම සිදුවිම බැර කරන්නට උත්සාහ දැරිම කොතරම් නින්දිත ක්‍රියාවක්ද? මෙම ලිපියේ ගහපු ගල ගැන කියවුනාට දුෂණයට ලක්වුණු ගැහැණු දැරිවිය ගැන කිසිම සදහනක් නැ..ඇයි ඒ? කැඩුනු විදුරු හදන්න පුලුවන් ඒත් ඒ ගැණු දැරිවියගේ නැතිවුන ආත්ම ගෞරවය නැවත ඇතිකරන්න පුලුවන්ද? සමහර හාමුදුරු වරුන්ගේ හැසිරිම් පිලිබද ගැටළු තියෙනවා..හාමුදුරුවරුන්ට එවැනි ආවේගශිලි පියවරයන්ට සිදුවුනේ ගිහියන්ගේ වරදින්..ජාතිය ආගම දහම ආරක්ෂා කිරිමට ගිහියන් අපොහොසත් නිසායි හාමුදුරුවන්ට පාරට බහින්න උනේ..ශාසනික වශයෙන් විවිධාකර ගැටළු තියෙනවා..නමුත් එම ගැටළු සාර්ථකව විසදා ගැනිමට බොදු බල සේනාවට පැහැදිලි ක්‍රමවේදයක් තියෙනවා..ඒ හැමදෙයක්ම වෙනුවෙන් තමයි බොදු බල සේනාව ක්‍රියාත්මක..එහි කිසිදු අන්තවාදයක් නැ..ජාතිවාදයක් නැ...නමුත් හරි හැටි අවබෝධයක් නැති බොහෝ දෙනා හිතන්නේ බොදු බල සේනාව කල යුත්තේ විපක්ෂයේ කාර්යභාරය කියලයි..බොදු බල සේනාව පිහිටුවන්නේ විශේෂිත අරමුණු පෙරදැරි කරගෙන..මුලිකවම මුස්ලිම් අන්තවාදය මැඩලිම සදහා..ඒ සදහා කතා කිරිම දෙව්දත් නිකායකට ඇද දැමිමට තරම් ඔබලා පව්කාරයින්ද?

      Delete
    12. එතකොට මචන් මේ ලඟදි අවුරුදු 12ක පොඩි කෙල්ලෙක් ප්‍රාදේශීය සභාපති කෙනෙක් දූශනය කරල තිබ්බෙ, තව අර රත්නපුරේ මිනීමරපු හැමෝම දන්න නීතිපති විතරක් නොදන්න පොර නිදහස් කරල තිබ්බෙ, කෝ බන් ඔය ගල් ගහපු උදවිය එතකොට?
      කුරගල එකට මම නම් කවදාවත් හරියි කියල නෑ. ඒ උනාට ඕක අපිට කරනවට වඩා ලේසියෙන් රජයට කරන්න පුලුවන් නේද? ඉතින් නරකද රජයට බල කරල උද්ගෝශනයක් කරා නම්? එතකොට වැඩෙත් නීතිගරුක විදියටම කර හැකි. ඇයි ඒ වගේ දේකට ඔය හාමුදුරුවරු යන්නෙ නැත්තෙ?

      Delete
    13. ඔව් රජයට මේ හැම ප්‍රශ්නයක්ම ඉතාම ලෙහෙසියෙන් විසදලා දෙන්න පුලුවන් දේවල්..ඒත් ඇයි කරන් නැත්තේ? කරන් නැත්තේ මුස්ලිම් ජන්ද ටික නැතුව යන හින්දා..එතකොට ආණ්ඩුව අස්ථාවරයි..9% ඉදලා රජයට බලපැම මෙහෙම නම් 30% ත් 40% ඉන්න කාලෙක කොහොම වෙයිද? සියලුම අනවසර ඉදිකිරිම් ඉවත් කරලා වහාම මුස්ලිම් අයට අයින් වෙන ලෙස බලංගොඩ අධිකරණය කුරගල නඩු තීන්දුව දිලා දැන් හරියටම අවුරුද්දයි.ඊයේ පෙරේදා වෙනකල්ම කිසිම ඉවත් විමක් ඔවුන්ගේ තිබ්බේ නැ..රාජ්‍ය ආරක්ෂක දෙපාර්තමේනතුව මැදිහත් වෙලා මිට මාස දෙකකට විතර කලින් කුරගල බෞද්ධයට නිදහස් කරදෙන බව පොරොන්දු උනා..ඒකට මුලික උනෙත් බොදු බල සේනා, සිංහල රාවය ඇතුළු ජාතික සංවිධාන..ඔය උඩින් පෝස්ට් ලියන රාජ්ලා එලියට බැස්සේ නැ..නිත්‍යානුකුලව අයිති පුදබිම ප්‍රසිද්ධියේ පැහැරගැනිම ගැන රාජගෙන් මම අහන්නේ අන්න ඒ බොක දැමිම ගැන මොකද කියන්නේ කියලා? එව්වට මේ බ්ලොග් කාරයින්ට උත්තර නැ..මුන් හිට්ස් බලාන පොරවල් වෙන්න මේකේ මොකක් හරි කෙහෙම්මල් ලියනවා.ඒකෙන් සමාජයට වෙන බලපැම ගැන මුන් හිතන් නැ..මුන්ට ඕන ප්‍රසිද්ධිය..උකුස්සා ඇහුව ප්‍රශ්නයට උත්තරය තමයි බොහෝ දේවල් වලට නිතිමය පියවර අරන් තියෙන්නේ..නමුත් නිතිය ක්‍රියාත්මක නොවිමයි ගැටළුව..ඉවැන්ජලික කල්ලියක් බුදු පිලිම ගිනි තබා කුඩු කරන තත්වයට තරුණයින්ගේ මනස විකෘති කරමින් ක්‍රියා කරන අවස්ථාවේ අදාල කල්ලිය පොලිසියට අල්ලලා දුන්නේ සිංහල රාවය..පහුවෙනිදා අත්අඩංගුවේ හිටියේ අර තරුණයාගේ දෙමව්පියෝ..එහෙව් නිතියක් ක්‍රියාත්මක වන රටක් මේක.ඉතින් මෙව්වට උද්ඝෝෂන කරන වැරදිද? හැම පොලිසියමත් හැම පොලිස් නිලධාරියාමත් හැම අධිකරණයමත් මෙව්වට වැරදි නැ..ඔය රාජ් ල වගේ නිවට සෙට් එකකුත් මේකේ ඉන්න නිසා තමයි මේ ගැටළු ඇති වෙන්නේ..ආගම දහමට ආදරය කරන ඒ ගැන කැක්කුමක් තියෙන පොලිස් හමුදා වගේම දේශපාලඥයිනුත් ඉන්නවා..දැන් බලන්න නිති විද්‍යාල ගැටළුව? අපේ කොල්ලෝ ආස නැද්ද නිති විද්‍යාලයට යන්න? අධිකරන ඇමති නිති විද්‍යාලය අවිනිතියෙන් මුස්ලිම් අයගෙන් පිරෙව්වා..ඕකට කතා කලේ කවුද? උඩින් ඉන්න රාජ්ද? බොදු බල සේනාව මැදිහත් වෙලායි ඒක රටට හෙළි කලේ..හිතන්න නිති විද්‍යාලයට සිංහල සිසුන් ඇතුල් නොකරගෙන මුස්ලිම් අයගෙන් පමණක් පිරවිමේ දිර්ඝකාලින අරමුන මොකක්ද? ඉස්සර අවුරුදු දහයකින් ශ්‍රි පාදස්ථානයේ මුස්ලිම් පල්ලියක් සැදුවහොත් මුස්ලිම් අධිකරනයකින් අපට නිතියේ පිලිසරණ අද තරම්වත් ලැබේවිද? ඇයි මේ මිනිස්සුන්ට මේ යටින් ගෙනියන සැලැසුම් තේරුම්ගන්න බැරි? මුන් බත් කන හරක්ද? අවුරුදු 14 දැරිවිය තංගල්ලේ දේශපාලුවා දුෂණය කරපු කතාව වෙන්න ඇති උඩින් සදහන් වෙන්නේ..ඒක වැරදියි..අපි ඒ දේවල් වලට විරුද්ධයි..බොදු බල සේනාවත් විරුද්ධයි..නමුත් හැම රේප් කේස් එකකටම මැදිහත් වෙන්න බොදු බල සේනාවට බැ..බොදු බල සේනාව ෆැෂන් බග් නොලිම්ට් වර්ජනය කරන්න කියන්නේ ඇයි කියලා විස්තරාත්මකව සදහන් කරපු මගේ කමෙන්ටුවක් ඔබට අවශ්‍යනම් පල කරන්නම්.රත්නපුරේ කතාවත් එහෙමම තමයි..බොදු බල සේනාවට මේ සිද්ධියත් එක්ක කරන්න දෙයක් නැ..මේ දේවල් වෙනුවෙන් අධිකරණ පොලිසි තියෙනවානේ..බොදු බල සේනාව පෙනි සිටින්නේ ලංකාවේ සියළුම ප්‍රශ්න වෙනුවෙන් නෙමෙයි.එය හුදෙක් බුදුදහමට ඇති අභියෝග සහ තර්ජන මැඩපැවැත්විම සදහාත් බුද්ධ ශාසනය තවත් ශක්තිමත් කොට ඉදිරියට පවත්වා ගෙන යාමට පමණයි..එහෙම නැතුව හාල් කිලෝවේ ගාන අඩු කරන්නවත්..ගැස් ටැංකි අරන් පෙලපාලි යන්නවත්..පාන් පෙත්තක මිල ගැන කතා කරන්නවත් බොදු බල සේනාව බිහිවුනේ නැ..ඒකට ඔය තියෙන්නේ ලොකු විපක්ෂයක්..ඒක හරහා ඒ දේවල් වෙන්න ඕන..මේක මිනිස්සු හිතන් ඉන්නේ හැම කෙහෙම්මලටම බොදු බල සේනාව මැදිහත් විය යුතුයි කියන එකයි..අනික් කාරනේ ඔය ගල් ගහපු සින් එකට බොදු බල සේනාව හෝ වෙනත් ජාතක ව්‍යාපාරයක කිසිම සම්බන්ධයක් නැ..ඒක පැහැදිලිවම පොලිසිය ප්‍රකාශ කරලා තියෙන්නේ..ඒක නිසා බොදු බල සේනාව හෝ ජාතික සංවිධානයක් මේක කරා යැයි උපකල්පනය කරමින් ඇයි අරකට ගල් ගැහුවේ නැත්තේ ඇයි මේකට ගල් ගැහිවේ නැත්තේ කියලා ප්‍රශ්න කරන්න එපා..

      Delete
    14. ''ඉස්සර අවුරුදු දහයකින් ශ්‍රි පාදස්ථානයේ මුස්ලිම් පල්ලියක්'' යන්න ඉස්සරහට යනුවෙන් නිවැරදි විය යුතු බව කාරුණාවෙන් සලකන්න..

      Delete
  7. රට විතරක් නෙවෙයි, මේ දවස් වල බ්ලොග් ලෝකයේත් තියෙන පරිහානියත් පේන්නේ නැද්ද රාජ්?

    ReplyDelete
    Replies
    1. බ්ලොග් කියවන පිරිස නං දවස් දෙක තුනක ඉඳල අඩුයි. පෙරේද දාපු ලිපිය බලල තියෙන්නෙ දෙසීයකට චුට්ටක් වැඩියෙන්. :-)

      Delete
    2. නිවට අපතයෝ ටිකයි ඉන්නේ රාජ් තුමෝ...දෙසියකට චුට්ටක් වැඩියි..දහස් දස දහස් ගනන් ඉන්නේ ජාතියට ආදරය කරන මිනිස්සු ඒ මිනිස්සු මේ කෙහෙම්මල් බයිලා බලන්න එන්නේ නැ...මම මේකට ආවෙ මේක බලන මොට්ට හැත්තට නොතේරෙන දේ තේරුම්කරලා දිලා යන්න..ආයේ මේ පැත්තේ එන්නෙත් නැ..එකෙකුටවත් එන්න දෙන්නෙත් නැ..

      Delete
    3. ගවේෂකෙ කටේ මසුරන් දාන්න ඕනෙ. මෙකාට ජාතික සමගිය බලාගෙන ඉන්න බෑ. කොනකපාගත්තු පොන්නයෙක්

      Delete
    4. ගවේෂක
      ‍අනේ මට හිට්ස් නැතිවෙයි නේද මීට පස්සෙ?

      Susantha.blogpost
      1."කොනකපාගත්තු" ? 2."පොන්නයෙක්"?
      සිංහල අමතක වෙලාද? (ඉතාලියේ ඉන්නව කියලයි තියෙන්නෙ) මොනවද ටයිප් කරන්නෙ කියල හිතල ටයිප් කලානං හොඳයි නේද? අපහාසයක් උනත් සිංහලත් හරියට දන්නෙ නැති උඹල වගේ බූරුවන්ට කරගන්න බෑ.

      Delete
  8. ඔන්න මමත් ආව. ආගම් භේදයක් අත ලඟ. අපේ රටෙත් සැරින් සැරෙට මොනව හරි ගැ‍ටුමක් වෙන්න එපැයැ.

    ReplyDelete
    Replies
    1. පිලිගන්නව සාදරයෙන්!

      Delete
  9. සෑමගේ බ්ලොගේ දැම්ම කමෙන්ට් එකම මෙතෙන්ටත් දාන්නම් .
    /බො.බ.සේ. පටන් ගත්ත දවස් වල නම් පැහැදීමක් තිබුනා.
    දැන් නම් කියන්න තියෙන්නේ තූ නෙදකින් කියල තමා.
    අවුලන්න පුළුවන් තරම් ගිනි අවුලලා "අනේ අපි නම් නෑ ඕවට" කියල අත් පිහගන්නවා.
    ඒ අතින් තලේබාන් කාරයෝ හොඳා කරප දෙයක් පිළිගන්න උන් ට කොන්ද තියෙනවා.
    මුන් ට කොන්දත් නෑ අහවල් එකත් නැද්ද මන්දා./

    ReplyDelete
    Replies
    1. තමන්ගේ ආගම හෝ ජාතිය ගැන අඹ මල් රේණූවක ආදරයක් හෝ කැක්කුමක් නැති එවුන් තමන් මහා සුචරිත වාදීන්, සහ ජීවන වාදීන් කියල පෙන්න්න යන එක මේ දෙවස් වල ඉන්ටර්නෙට් එකේ ලොකුම ට්‍රෙන්ඩ් එක ඔයත් එයින් කෙනෙක් විතරයි.

      //බො.බ.සේ. පටන් ගත්ත දවස් වල නම් පැහැදීමක් තිබුනා.//

      මේ වාක්‍යයෙන් පෙන්නන්නේ ඔයාගේ කුහක කම ඔයාල වගේ අය එදා සහය දුන්නෙත් නෑ අද දෙන්නෙත් නෑ.

      Delete
    2. සැබෑ බොදු බල සේනාවක් අවශ්‍යයි.. රට ගිණි තියන්න නෙවෙයි ගිණි නිවන්න සාමය ඇති කරන්න ජාතීන් ආගම් අතරේ.. අශෝක රජතුමා පැහැදුනෙ සාමනේර භික්ෂුවකගෙ සාන්ත ගමනට හැසිරීමට.. එහෙම නැතුව සිවුර උස්සන් නටන නැ‍ටුමකට නෙවෙයිනෙ..

      Delete
    3. බොදු බල සේනාව සම්බන්ධ වෙලා රට ගිනි තියන්න හදපු එක උදාහරණයක් දෙන්න පුළුවන්ද? (එක එක කල්ලි කණ්ඩායම් වල හුදකලා ක්‍රියාකාරකම් බොදු බල සේනා ගිණුමට දාන්නේ නැතුව)

      Delete
    4. ඊයෙ පෙරේද ඇතිවෙච්ච සිදුවීම් සියල්ලටම වගකිවයුත්තා බොබසේ තමයි. ක්‍රිකටර්ස්ල එන දවසට එකෙක් හරි කු‍ණු බිත්තරයක් ගැහුවොත් මේගොල්ල වගකියන්න ඕන. අනෙක ඔය අයියල කවුරු කවුරුත් ගැන අපි දන්නවනේ. අන්තරය විශ්ව විද්‍යාලවල ගැටුම් ඇතිකලාම ජේවීපී බබාල දෙන ටෝක් ඔය වර්ගයේ කියල මතකයි.
      //එක එක කල්ලි කණ්ඩායම් වල හුදකලා ක්‍රියාකාරකම්//
      ඒකත් පරණ බයිලයක්නේ. එක්තරා කාලයක මාධ්‍යවේදීන්ට ගැහුවම ආණ්ඩුව කිව්වෙ ඒව පෞද්ගලික පලිගැනීම් කියල ;-)

      Delete
    5. //(එක එක කල්ලි කණ්ඩායම් වල හුදකලා ක්‍රියාකාරකම් බොදු බල සේනා ගිණුමට දාන්නේ නැතුව)//
      "අපට මොකද අපි දසසිල් උපාසක
      ඉබ්බන්නේ පුච්චන්නේ අනික් පිට"
      කියල කිව්වෙත් බො බ සේ එකෙක් වෙන්න ඕනැ.

      Delete
    6. ක්‍රීඩකයින්ට කුනු බිත්තර ගහන්න කතා කරාට ඒ මැච් ටික පෙන්නන CSN එකට කුනු බිත්තර ගහන්න කවුරුත් කතා කරනව මම නම් දැක්කෙ නෑ. ඒ කීඩකයො සල්ලි වලට ක්‍රීඩා කරද්දි CSN එක සල්ලි දීල ඒක පෙන්නන හින්ද වෙන්න ඇති. ඉන්දියාටව සල්ලි දුන්නට කමක් නෑනේ. එහේ සල්ලි ගෙනාවොත්නේ ප්‍රශ්නේ

      Delete
    7. @pramudi අම්මට සිරි බොල මේකි ගිහින් තියෙන උඩ..තාලෙබාන් කාරයින්ට අහවල් එක තියෙනවා කියලා ෂුවර් උනේ කොහොමද දන් නැනේද? මට කියන්න හිතෙන එව්වා මම මෙතන කියන් නැ..කිව්වා කියලා හිතාගන්න..බාමියන් බුදු පිලිම විනාශ කරපු තලේබාන් ත්‍රස්තවාදයට කොන්දක් තියනවා කියලා උන්ව වර්ණනා කරන ඔබ ගැන මට ඇතිවන්නේ පිලිකුලකි..මම මෙතනින් එහාට ප්‍රමුදිට මොකුත් කියන්න යන් නැ..මෙච්චර කාලෙකට ගැහැණයකගෙන් දැක්ක පිලිකුල්ම කමෙන්ට් එක තමයි මම ඔය උඩින් දැක්කේ...මම කවදාවත් කමෙන්ට කරලා නැ ''කිව්වයි කියලා හිතාගන්න කියලා''..කියන්න තියෙන ටික කියලා තමයි මම නවතින්නේ ඒත් මේකට මම කියන්නේ එච්චරයි..

      Delete
  10. දැන් ‌බොදු බල සේනාවේ ඉන්නේ මොක්කුද මන්දා තලේබන් ජාතියක් සිවුරු පෙරෝගෙන.....

    ReplyDelete
    Replies
    1. ආහ් වෙනදා වගේම හිරැත් දාලා තියෙන්නේ සෝක් කමෙන්ට් එකක්..ප්‍රමුදි ඔන්න තලේබාන්ලා හොදයි කියනවා..ඔයා ඇයි අනේ තලේබාන් නරකයි කියන්නේ..ඇයි ඔයාට ෂුවර් නැද්ද තලේබාන්ලගේ අහවල් එක ගැන???

      Delete
  11. ඒ ගමන රාජ් ග්ලාස්නෝස්ට් පටන් අරන් ... බලාගෙනයි රාජ්, ප්‍රතිසංස්කරණ සහ විනිවිදතාවයට ඉඩ දුන්නාම තියන අඩුපාඩු හදාගන්න හැටි දැනුම නොලැබුන රටවල් වලට ලැබුනේ හිටියාටත් වඩා දරුණු ආඥාදායකයන්.

    ReplyDelete
    Replies
    1. මෙතැන ඇති ග්ලාස්නොස්ට් එකක් නෑ. රට ගිනි ගන්න යනකොට නිවන්න යනව මිසක්. ඔය එක එක විකාර අදහස් වලින් ඔළුව පොඋරෝ ගත්තු අයට ලෝකෙම ඒ වගේ තමයි පේන්නෙ.

      Delete
  12. කාලයත් එක්ක ඔය පස්සෙන් යන ගොන්නු ටිකටත් තේරෙයි. හැබැයි එදාට පෙරහැර ගිහින් ඉවර වෙලා තියෙයි.

    ReplyDelete
    Replies
    1. මේ වගේ ලියන ගොන්නුන්ටත් පෙරහැර යන්න කලින් තේරුනොත් ලොකු දෙයක්.

      Delete
    2. @ඇනෝ - ඔහොම්මම තමා බන් හෙල උරුමෙ පටන් ගන්නකොටත් කට්ටිය කිව්වෙ.

      Delete
  13. මරාගෙන මැරෙන සේනාවක් ඇතැයි පාරම් බෑ සිංහල රාවය දවසකට දෙකකට රිමාන්ඩ් යන්න භය වී සිවුර මූනේ පොරවගෙන් ඉන්නවා දැක්කනේ.

    මේ වෙලාවේ දඹදෙණියේ දෙවැනි පණ්ඩිත පරාක්‍රමබාහු රජතුමා කව් සිළුමිණේ ලියපු පද පේලි දෙකක් මතක් වෙනවා.

    තමාවරචස නොදිස් - නේ මෙරමා දොස් දිස්නේ
    නුවන් බැහැර නඟමන් – තමාමුත් නොදිස් නේ කිමිද

    තමන්ගේ වරද නොදැක අනුන්ගේ දොස් දකින්නේ ඇයි කියල මෙතුමා ඇහුව වග එහෙම මේ තලේබාන් බෞද්ධයන්ට අහුවුනානම් රජතුමා අනිවා සෙත්ත පෝච්චි. ඇයි ඉතිං බොල රෙද්ද උස්සං (මෙහි රෙද්ද කියුවේ චීවරය යන නම් දීමට සුදුසු නැති නිසාය ) යන උන්දැල ගැන ආයේ අමුතුවෙන් කියන්න ඕන නෑනේ

    ReplyDelete
  14. වැරදි කරන අයත් භික්ෂු සමාජයේ නැතුවාම නෙවෙයි එත් තමන්ගේ රටට ජාතියට ආගමට අනතුරක් තියෙන වෙලාවක භික්ෂුවගේ කාර්‍යභාරය ගහක් යටට වෙලා භාවනා කරන එක නෙවෙයි. අනික සටන භික්ෂුවට අකැප දෙයකුත් නෙවෙයි ඒකනේ උන් වහන්සේලාට දේශයේ මුර දේවතාවුන් කියන්නේ. මහා සමාජ වගකීමක් ඉටු කරන අපේ මහා සංඝරත්නය හෑල්ලු වෙන විදිහට මේ විදිහේ හරසුන් ප්‍රළාපයක් ලියන්න සැබෑ බෞද්ධයෙක් නම් කවදාවත් පෙළබෙන්නේ නෑ.බුදු දහම උඩින් පල්ලෙන් අතගාපු අවුරුදු ගානකට සැරයක් පන්සලකට යන බෞද්ධයෝ වැඩි රටක අපි අද ජීවත් වෙන නිසා මේ වගේ කතා කියවන්න ලැබෙන එක පුදුමයකුත් නෙවෙයි.

    ReplyDelete
    Replies
    1. චීවරේ පොරවන් ඉන්න පලියට කියන හැම දේම බණ වෙන්නෙත් නෑ
      නැට්ට පාගන් දැගලුවට ජාතික වීරයෝ වෙන්නෙත් නෑ
      ඔලුවක් තියෙන එකේ පොඩ්ඩක් පාවිච්චි කරහල්ලකෝ !!

      Delete
    2. බණ කිව්වට අහන ජාතියක්ද මේ රටේ ඉන්නේ? අවුරුදු දෙදාස් ගාණක් බණ කියනව කවුද ඇහුවේ? නැට්ට පාගන් ලියල තියෙන කතාවට ඔළුව පාවිච්චි කරල නැති බව නම් පේනවා.

      Delete
    3. සහන්
      භික්ෂුවකට කැප අකැප දේ තීරණය කරන්න ඔයාටයි මටයි බෑ. බුදුහාමුදුරුවො අන්තිමට කිව්වෙ "මගෙන් පස්සෙ ධර්ම-විනය තොපට ගුරු වෙයි" කියලනේ.
      //අනික සටන භික්ෂුවට අකැප දෙයකුත් නෙවෙයි//
      'බුද්ධාගමට ලොකුම අපහාසෙ කරන්නෙ ඒක රැකගන්න හදනවුන්' කියල කියන්නෙ ඕකනෙ.

      Delete
    4. ඒ විතරක් නෙවෙයි රාජ්. //තමන්ගේ රටට ජාතියට ආගමට//
      මේ කියන විදිහටනම් හාමුදුරුවො සම්පූර්ණයෙන්ම බෞද්ධ විරෝධීයි. බුද්ධ දේශනාව නම් "මම කියා දෙයක් නැත" යන්නයි. එවිට කොහොමද මගේ රට, මගේ ජාතිය ආගම තියෙන්නෙ?

      හොඳයි, ඒක පොඩ්ඩකට අමතක කරමු.
      මේ රට මගෙ වෙන්නෙ මේ කොම්පියු‍ටරේ මගෙ, මේ කලිසම මගෙ කියන අර්ථයෙන් නෙවෙයි. මේ මගේ පාසැල, මේ මගේ සේවා ස්ථානය යනාදී වශයෙන් තියන හැඟීමට සමානව මේ මගේ රට කියල කියන්නෙ. එතනදි අයිතියක් අදහස් වෙන්නෙ නෑ. යුතුකමක් මිසක්.

      ලංකාවෙ අයිතිකාරයෝ හාමුදුරුවරු නෙවෙයි. සිංහලයොත් නෙවෙයි. ලංකාවෙ ඉපදුනු ජීවත් වෙන මිනිස්සු ඔක්කොටම කියන්න පුළුවනි මේ මගේ රට කියල. හැබැයි ඒ කාටවත් මේ රට අයිති නෑ.

      Delete
  15. නියමයි බං!

    ඔය සේනාවල් එක්ක එකතු වෙලා ඉන්න ගොඩක් උන් පට්ට පජාතයි. ඇත්ත ජීවිතේදි උන් තමා ලොකුම හානිය කරන්නෙ බුදු දහමටත්, සමස්ථයක් විධියට සමාජයටත්. උන් හිතනව ඇති මෙහෙම වැඩක් එක්ක සෙට් වුණාම ජීවිතේට මාර ගැඹුරක් එකතු වෙනව කියල. ඒක හරියට කරන්න තියෙන හැම ජරා වැඩේම කරල පන්සල් ගිහින් මල් පූජා කරනව වගේ වැඩක්.

    ReplyDelete
    Replies
    1. කරන්න තියෙන හැම ජරා වැඩේම කරල පන්සල් ගිහින් මල් පූජා කරනව වගේ වැඩක්

      ආයේ දෙකක් නෑ මේක තමයි ඔය කොහෙත් වෙන්නේ.

      Delete
  16. මහින්දාගමනයේ පටන් ලංකාවේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට අනවශ්‍ය සිවිල් බලයක් ලබාදීම තමා මට පේන විදිහට මේ ගැටලුවට මුල. ඒ හරහා යහපත් දේවල් සිදු නොවුණා නෙමේ. ඒත් ඊටත් වඩා වැඩි වශයෙන් වෙලා තියෙන්නේ බෞද්ධ දේශනයේ නාමයෙන් බෞද්ධ දේශනයට පටහැනි දේවල් පවා සාධාරණීකරණය කිරීම. අදත් වෙන්නේ ඒකම තමා :(

    ReplyDelete
    Replies
    1. ලංකාවේ තියෙන ප්‍රශ්නේ ගොඩක් හාමුදුරුවෝ තමන්ගේ සිවිල් බලය තේරුම් අරගෙන පාවිච්චි නොකරන එක, එහෙම කරපු දවසට පිස්සු කෙලින පාලකයෝ යහ මඟට ගන්න එකත් අමාරු වැඩක් නෙවෙයි. වර්තමාන බෞද්ධ පිබිදීමත් එක්ක පක්ෂ විපක්ෂ දේශපාලකයෝ කුලප්පු වෙන්න හේතුවත් ඒකයි. නිකන් ගොන් කතා කියන්නේ නැතුව හිටපන්.

      Delete
    2. බෞද්ධ පිබිදීමක් නම් මිනිස්සු හාමුදුරුවරු රෙදි උස්සන් නටන්නෙ නෑ ඕයි.. කඩ ගිණි තියන්නෙත් නෑ.. තගාල වගෙ සිවුරු කඩාගෙන හැසිරෙන්නෙත් නෑ.ගුණ දහම් අතින් ආද්ර්ශයක් පෙන්නනවා මිස..

      Delete
    3. හසිත සමඟ එකඟයි. ඉතිහාසය හදාරන බොහෝ ශිෂ්‍යයෝ අමු බයියෝ. හසිත එයින් වෙනස් බව දැකීම සතුටට කාරණාවක්.

      Delete
    4. @ Anonymous April 5, 2013 at 4:59 AM

      //..ලංකාවේ තියෙන ප්‍රශ්නේ ගොඩක් හාමුදුරුවෝ තමන්ගේ සිවිල් බලය තේරුම් අරගෙන පාවිච්චි නොකරන එක...//

      බෞද්ධ භික්ෂුවක් වෙන්නේ බලය හසුරුවන්නද :D

      //..එහෙම කරපු දවසට පිස්සු කෙලින පාලකයෝ යහ මඟට ගන්න එකත් අමාරු වැඩක් නෙවෙයි....//

      පිස්සු කෙලින පාලකයෝ යහ මඟට ගන්නේ ඊටත් වඩා පිස්සු කෙලලාද ???

      Delete
    5. @ Anonymous April 5, 2013 at 6:42 AM, Anonymous April 5, 2013 at 8:05 AM

      ස්තුතියි :)

      Delete
    6. Hasitha & AnonymousApril 5, 2013 at 4:59 AM
      ලංකාවෙ භික්ෂූන්ට ඔය කියන සිවිල් බලය තිබුන.හැබැයි දැං නෑ. මොකෝ පිහියක් උනත් හැම මගුලම කපන්න ගත්තොත් මොට වෙනව. අන්න ඒකයි වෙලා තියෙන්නෙ.

      Delete
  17. ඇත්ත කතාව...දැන් ඉන්න හාමුදුරුවරු කරන්නෙ රටටවත්,ධර්මයටවත් වැදගත් දේවල් නෙවෙයි....

    ReplyDelete
    Replies
    1. ඔබතුමා රටට ධර්මයට සැහෙන සේවයක් කරලා වගේ නේද? එතකොට කෙනෙක් මැරැණහම පිං වඩන්න හෙමත් ඔබතුමා යනවද? දැන් ඉන්න හාමුදුරුවරු ඒව කරන්නේ නැත්නම් ඔබ වෙන්න ඇති නේද ඒව කරන්නේ..

      Delete
  18. තම ප්‍රසිද්දියට යම් යාම ක්‍රියාමාර්ග අරගෙන බහුභූත වැඩ කරන හාමුදුරුවරු තමයි වැඩිය ඉන්නේ. ඒ එක්කම නිදිවදින පාලකයෝ නිසා අන්තවාදීන් විදින මේ රටට කරන අනවින කොඩිවින වලට එරෙහිවීමක් තවත් කෙනෙකුට පෙන්නේ තවත් අන්තවාදීන් පිරිසක් විදියට.

    ReplyDelete
  19. මම හිතන්නේ නියම බෞද්ධයෝ මේ එක්කෙනෙක්වත් නෙමෙයි කියලා.
    බෞද්ධකම කියන්නේ බුදුන්ගේ දහම අදහන අය නම් එහෙම ලංකාවේ නෑ වෙන්න ඕනේ. බෞද්ධකමට මුවා වෙලා ඉන්න සත්වයෝ කොටසක්.
    අනික මොකක්ද අවුල මහායාන බෞද්ධ හෝ ථේරවාදි බෞද්ධ වීමේ?
    මට නම් ඔය කියන තරමේ වෙනසක් හෝ අවුලක් ඒ දෙකේ පේන්නේ නෑ. සමහරවිට නොදන්නාකම වෙන්න පුළුවන්. මොනවා වුනත් මා ගැවසෙන බෞද්ධ පන්සල් විතරමයි මට නම්. යුරෝපයේ බොහෝ අය අස්සේ මේ බුදුදහමට ඇති ගෞරවය එය මහායන හෝ තේරවාදි කියා නෙමෙයි. එහි දර්ශණයේ ඇති අවබෝධයයි.
    කොටින්ම මා බෞද්ධයෙක් නෙමෙයි. ඒත් මම බුදු දහමේ දර්ශණය එක්ක බොහොම ළඟින් ඉන්න කෙනෙක්. (මා ජීවත් වන රටේ )මට ටිබෙටන් සෙන්ටර් එකේවත් චයිනීස් බුඩිස්ට් සෙන්ටර් එකේවත් එහෙමට වෙනසක් නෑ. එන්ගලන්තේ හාමුදුරුවෝ කෙනෙක් ඉන්න තේරවාදි සෙන්ටර් එකත් එකයි. ඒත් අර කල්ලිවාදය ඉහලින්ම පතුරන ආගම වෙනුවට වයිරය උගන්වන එකිනෙකාට අකටයුතුකම් කරන ලංකාවේ හාමුදුරුවෝ ඉන්න පන්සලට නම් මම කවදවාත්ම ගිහින් නෑ. යන එකකුත් නෑ.

    ReplyDelete
    Replies
    1. ඇත්තම කතාව ථේරවාදී හිමිවරු ලඟ මහායාන හිමිවරු ලඟ තියන හික්මීම නෑ. මම උදාහරණයක් සහිතව කිව්වෙ ඒකයි. යුරෝපයේ ඉන්න සුළු ප්‍රමාණයක් හාමුදුරුවරු වගේ නෙවේ මෙහේ ඉන්න උදවිය කරන වැඩ ලෝකයා ඉදිරියට යනකොට පිරිහීම වලක්වන්න බෑ.

      Delete
    2. යුරෝපයේ ඉන්න මහායාන හාදුරුවරු අහවල් එකක් දිනා ගන්න සටන් කරන්නද? පොඩ්ඩක් ටිබෙට් වලට ගිහින් බලන්න එහෙ මහායාන හාමුදුරුවරු චීන හමුදා භටයන් එක්ක කොච්චර ගැටෙන වද, දවසට කී නමක් ඇඟට ගිනි තියා ගන්නවද කියල. දන්න උලව්වකුත් නෑ ලෝකෙම දැනුම තියෙනව වගේ තමයි මේ ලිං මැඩියන්ගේ කතාව.

      Delete
    3. ඇනෝ‍ගේ කතාව සහතික ඇත්ත..

      Delete
  20. මේ වගේ තමන් මහා පණ්ඩිතයෝ කියල හිතාගෙන ඉන්ටර්නෙට් එකේ නොමිලේ බ්ලොග් එකක් ලියන්න දුන්න පළියට ඒක උඩ නොමිලේම බොක දාන්නත් පුළුවන් කියල හිතාගෙන ඉන්න මිනිස්සු නිසා බුදු දහමට වෙන හානියත් සුළු පටු නෑ.

    ReplyDelete
    Replies
    1. පැපිලියානෙ ප්‍රසිද්ධියේ බොක දැමීම ගැන අදහස මොකද්ද?

      Delete
    2. නිත්‍යානුකුලව බෞද්ධයාට අයිති කුරගල පුදබිම ප්‍රසිද්ධියේ පැහැරගෙන එතැන බොක දැමිම ගැන මොකද කියන්නේ?

      Delete
  21. What's your email address, please? Can you send me an email?

    kathandara@gmail.com

    ReplyDelete
    Replies
    1. මේ අනිත් එකා රාජ් උබත් මූත් එක්ක සෙට් වෙයන්. දෙන්නටම එකතු වෙලා සිංහල බෞද්ධ පදනමට බිම දාගෙන ගහන්න බැරියැ නේද?

      Delete
    2. සිංහල බෞද්ධ පදනම එච්චර දුර්වලයිද? මං අහන්නෙ අපි දෙන්න ගැහුවත් වැටෙනවද?

      Delete
    3. සිංහල බෞද්ධ පදනම දැනටමත් දෙදරලා ඉරිතලල තියෙන්නෙ. ඒ නිසයි මම කියන්නෙ
      මම සිංහල බෞද්ධයෙක් නෙවෙයි, බෞද්ධ සිංහල මනුෂ්‍යයෙක් කියල.
      සිංහල බෞද්ධයෝ කියන්නෙ වෙනම "ජාතියක්". උන් සිංහල ජාතියටවත් බෞද්ධාගමටවත් ඇත්ත සම්බන්ධ කමක් නෑ.

      Delete
  22. Ethakota Kawda Ara Dewa-Daththa Para-pure Hamuduruwa, Suddange kodiya pagala bimata dala yaka natau eka ?? uuth maha wesige puthek ne hesirenna danne nethi.

    ReplyDelete
    Replies
    1. Who is the wesige putha now ? Shamelessly showing your nude !!

      Delete
    2. මේ වගේ ආතක් පාතක් නැති එවුන්ට වේදිකා හදල දෙන ඔලමොට්ටලයන් මේ වගේ කමෙන්ට් වල වගකීම භාර ගත යුතුය.

      Delete
  23. ලෝකයේ තව රටවල් ආගම්, ජාතීන් තියනවා කියලා අවබෝධයක් නැති, ඒ වගේම විවිධ ආගම්, ජාතීන් එක්ක එකමුතු කමින් ජීවත්වෙන රටක් ලඟම තියනවා කියලවත් දන්නෙ නැති, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ළිං මැඩියන් පිරිසක් ඉන්නවා. ජාතිය සහ ආගම, බලය වෙනුවෙන් කාලයක් තිස්සේ විකුණාගෙන කෑමේ ප්‍රතිඵලයක් තමයි මේක.

    ඒ වගේම සංඝ සමාජය තුල ඇති පරිපාලන ක්‍රමවේදය නිසිලෙස ක්‍රියාත්මක නොවීමත් මේකට ප්‍රධාන හේතුවක්. ලිංගික අපචාර වල යෙදුනු, බිස්නස් කරපු, සහ තවත් මේ වගේ සංඝයාවහන්සේලාට කිසිසේත්ම සුදුසු නැති දේවල් කරපු චීවරධාරීන් ගැන සංඝ සමාජය තුලින් කිසිම ක්‍රියා මාර්ගයක් ගැනුනේ නෑ. විශේෂයෙන්ම මහනායක හිමිවරු දැණ් නිකං දේශපාලන පණිවිඩ නිකුත් කර කර ඉන්නව මිසක් තමන්ගේ සමාජය ඇතුලේ සිද්ධවෙන පරිහානිය දකින පාටක් නෑ.

    ReplyDelete
    Replies
    1. ඔය ලගම තියෙන රට එච්චරට එකමුතුද ආහ්? ආහ් හරි මාලදිවයින ගැන කියනවා ඇත්තේ..ආහ් ඔව් ඒක එකමුතුයි මුස්ලිම් විතරනේ..බුදුදහම අදහන්නවත් බැනේ..වෙසක් කාඩ් එකක් වත් යවන්න පුලුවන්ද දන්නැ නේද? ඔබ තුමා ඔය කියන්නේ අපේ ලොකු අයියා ගැනනම් මෙන්න ලොකු අයියලගේ ආගමික සහජිවන ඉතිහාසේ http://en.wikipedia.org/wiki/Religious_violence_in_India මාර ආගමික එකමුතු කමක්නේ නේද? ලොකු අයිය පහුකරලා පොඩ්ඩක් උඩට යන්නකෝ අන්න නියම සහජිවනේ..බංගලාදේශයේ තියෙනවා..මුස්ලිම් අය පුදුම ආදරයන් භක්තියෙන් පංසල් ටික ගිනිතිබ්බේ..කොච්චර එකමුතවක් තිබ්බද කියනවනම් කිරි බිබි හිටපු අහිංසක පොඩි උන් මැරැවනේ කුරානේ කොළ කැල්ලක් ෆෙස් බුක් පිටුවක තිබ්බා කියලා..බලන්නකෝ නේද? එහෙම ජාතියකටනේ මේ හාමුදුරුවෝ චිරවය උස්සගෙන කැගහන්නේ.මොන තරම් වැරදිද..ඉස්සරහට අපේ පංසල් ටිකත් මේ වගේ ලස්සනට පුච්චන්න දෙන්න තිබුන චැන්ස් එකටනේ මේ හාමුදුරුවෝ කෙලින්නේ..වැරදියි වැරදියි..මෙව්වා වහාම නවත්වන්න ඕන..අපිට මෙව්වා බලන් ඉන්න බැ..ඉක්මනට මේ සේනා තහනම් කරන්න ඕන..මෙයාලට තලේබාන් කියන එක බාමියන් බුදු පිලිම කඩපු කොදු ඇති විරයොන්ටත් උන අපහාසයක්..

      Delete
  24. This comment has been removed by the author.

    ReplyDelete
  25. කාලකන්නියෙක් ගේ කාලකන්නි බ්ලොග් එකක් , වෙන මොනවා කියන්න ද

    ReplyDelete
    Replies
    1. වෙන මුකුත් කියන්න දෙයක් නැ ඇනෝ..මේකේ සමස්ත හරය තමයි ඇනෝ කියලා තියෙන්නේ..

      Delete
  26. අද පන්සල්වල පොඩිඑවුන් මහණකරන්නෙ ධර්මයගැන පැහැදිල නෙමෙයිනෙ වැඩිහරියක් වෙන්නෙ ලමයි හදල කන්න අදින්න දෙන්න බැරි උනාම පන්සලට දානවා දාල විභාගටික කරගත්තට පස්සෙ සිවුර අරිනවා. පන්සල හොස්ටල් කරගෙන.
    එහෙම ඉතුරුවෙන ඈයොටික තමයි සිවුර උස්සගෙන වීරයොවෙන්න හදන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඔබ කැමතිද ඔබගේ ළමයෙක් මහන කරන්න (බෞද්ධයෙක්නම්)? ඒවට හරිම අකැමතියි ඒත් හාමුදුරුවන්ගේ වැරදි හොයන්න නම් ඕනි තරම් (අ)බෞද්ධයෝ ඉන්නවා.

      Delete
    2. 1.මම බැඳල නෑ :-D
      2.වැරදි හොයන්නෑ මිත්‍රයා දකින දේයි කියන්නෙ.
      මම කතා කරන්නෙ චීවරධාරියො ගැන මිසක් හාමුදුරුවරු ගැන නෙමයි.

      Delete
    3. AnonymousApril 5, 2013 at 3:50 PM

      ඔබ කැමතිද ඔබගේ ළමයෙක් මහන කරන්න (බෞද්ධයෙක්නම්)? // ප්‍රශ්නෙ ඇතුලෙම උත්තරේ තියනව. :-)
      කවුද ආයිබෝවං කැමති තමුංගෙ දරුවො එක එකාලගෙ ආශාවන් ඉෂ්ටකොරගන්න යවන්න.(මං කියන්නෙ හැම තැනම නෙවේ. ඒත් උඹටවත් මටවත් සහතිකේටම ආරක්ෂිත තැනක් කියල කියන්න පුළුවන් තැනක් නෙවේ පන්සල)

      Delete
  27. ඕකට කියන්නේ මහත්තයෝ ලොං ගානට මහන කරලා අං ගානට ඉතිරිවෙනවා කියලා.

    ReplyDelete
  28. පොඩි ලමයි නලවන්න විතරක් නෙමෙයි රටක් පාලනය කරන්නත් බිල්ලෙක් ඕනේ. බිල්ලා ගැන කිව්වම ලමයි උනත් වැඩිය දඟලන්නේ නැතුව ඉන්නවනේ.

    ReplyDelete
    Replies
    1. ඔය කියන්නේ අර බුර්කා / නිකාබ් අඳින කට්ටිය ගැන වෙන්ටැ :)

      Delete
    2. සරළම පැහැදිලි කිරීම!

      Delete
  29. පිරිසිදු සුපේක්ෂශිල, සාසන ලැදි හෙළයන්ට මෙසේ අපහාස කිරීම ගැන අප රාජ්ට දැඩි ලෙස විරෝදය පළකරමු. අවශ්‍ය උවහොත් බුදු දහමේ නාමයෙන් කපා කොට දැමීමටද පසු බට නොවෙන බව ශාසනාලයෙන් යුතුව දැනුම් දෙමි..

    ReplyDelete
    Replies

    1. +++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
    2. මේ වගේ කමෙන්ට් දාන එවුනුත් එකයි ඒවට ඉනිමන් බඳින එවුනුත් එකයි. මොනිටරයයි කී බෝඩ් එකයි තිබුන කියල රිලවු වගේ හැසිරෙන්න එපා.

      Delete
    3. AnonymousApril 5, 2013 at 3:53 PM
      මොකෑ අනේ තරහ යන්නෙ?

      Delete
    4. පන්සිල් රැක්කේ නැත්නම් කපල මරනවා යකෝ.

      Delete
    5. දේශකතුමා ඉතින් මෙව්වට වරදින්නේ නැනේ..අනිවා මුට්ටිය අල්ලන්න එනවනේ නේද? පව්නේ දේශකයා ඔන්න මගෙන් අත්පොලසනක් දුන්නා..නැවතත් දිනයක මෙවැනිම පජාත කුජිත දේශනයකින් අප කරා පැමිනෙත්වා..

      Delete
  30. රාජ්,මට කියන්න දෙයක් එකෙක්වත් ඉතුරු කරල නැහැනෙ .

    ReplyDelete
    Replies
    1. හනේ අප්පේ එහෙමද? සේරම කියලා නේහ්? මෙතුමටත් පොඩ්ඩක් ඉතුරු කරන්න තිබ්බේ පව්

      Delete
  31. මේ පෝස්ට් එකට විරුද්ධව දාල තියන කමෙන්ට් වලින්ම ඒ පිස්සන්ගේ බංකොළොත් තත්වය පැහැදිළි වෙනවා. එක කමෙන්ට් එකක්වත් තියනවද පෝස්ට් එකේ කියවෙන කාරණා වැරදියි කියල තර්කානුකූලව පෙන්නපු.
    නිකං කුනුහරප විතරයි.

    ReplyDelete
    Replies
    1. කොමක්ට් ඔක්කොම කියවලද කතා කරන්නේ ?

      පිස්සොත් එක්ක ජිල් ගහන්න බැරි හින්ද මමනම් මුකුත් කියන්න ගියේ නැහැ,. ඒ උනාට කීප දෙනෙක් රට වෙනුවෙන් කතා කරලා තිබුන.

      Delete
  32. Good site you have here.. It's difficult to find high quality writing like yours these days. I honestly appreciate people like you! Take care!!

    Here is my web-site ... hair loss vitamins for men

    ReplyDelete
  33. ගවේෂක
    ඔහේ ගැන එක දෙයක් කියන්නං.
    සිංහල බෞද්ධ අන්තවාදයේ නියම ම අයිකන් එක තමයි ඔහේ. හරි නං බොදු බල සේනාවේ ලාංචනයට දාගන්න තිබුනෙ ඔහේගෙ ඔය මූනත්තහඩුව.
    අනිත් කාරණාවලට උත්තර මේව,

    1.බෞද්ධයන්ගේ සිද්ධස්ථාන අන්‍ය ආගමිකයන් අල්ලගන්නව නං ඒවට නීතියෙන් කටයුතු කරන්න බැරිද? මොකද මේක සිංහල බෞද්ධ බහුතරයක් ඉන්න ආණ්ඩුවක්නේ.
    2.නීතිය අනුව කටයුතු කරපු කේස් එකක් වෙච්ච පැපිලියානෙදි චීවරධාරීන් නීතිය අතටගැනීම ගැන මොකද කතා නැත්තෙ?
    3.දේශපාලනයට කෙලින්ම සම්බන්ධ නැති ක්‍රීඩකයන්ට කුණුබිත්තර ගහන්න කියල නොකියා කියන බොදු බල සේනාව ගැන මොකද කියන්නෙ?
    4.ගිනි අවුලල තියල සිංහල රාවය පිට දාල අත පිහිදගන්න ලැජ්ජා නැද්ද?

    උත්තර බලාපොරොත්තු වෙන්නෙ නෑ. මොකද ආයෙත් නොඑන නිසා. :-)

    ReplyDelete
    Replies
    1. @Raj
      මුස්ලිම් ව්‍යාප්තවාදය ගැන බ්ලොග් වල බය නැතුව මුලින්ම කතා කරපු කට්ටිය තමඊ බුවා,රාජ් ,මාතලන් (තව අය ඉන්නවා ).
      නමුත් මේ වගේ ගොබ්බ (ගවේසක) තාලෙට නෙවේ. මේ වගේ 10 දෙනෙක් එකතු උනානම් ඇති රට අයෙත් අප්පස්සට ගෙනියන්ඩ.

      Delete
    2. @රාජ් ඔයත් එක්ක තර්ක කරන්න මට කිසිම උවමනාවක් නැහැ., ඒ උනාට ඔයා සිංහලයෙක්ද කියන එක මට ලොකු ප්‍රශ්නයක්.

      මේ වගේ මිනිස්සු රට ඇතුලෙම ඉද්දි කොහොමද රටක් හැටියට තීරණයක් ගන්නේ. සුද්දගේ කාලේ රට පාවල දුන්නෙත් මේ වගේ කළු සුද්දෝම තමා .

      අසික්කිතයි විලි ලැජ්ජයි. වටිනා කාලය මෝඩයෝ එක්ක ගත කරන්න විදියක් නැහැ. සුබ අනාගතයක් :D

      Delete
  34. ගවේසකතුමාට හිට් මදි වෙල වෙන්න ඕන. ඉතිහාස පොත් ගොඩක් ඇති ළඟ.

    ReplyDelete
  35. @රාජ් ඔයත් එක්ක තර්ක කරන්න මට කිසිම උවමනාවක් නැහැ., ඒ උනාට ඔයා සිංහලයෙක්ද කියන එක මට ලොකු ප්‍රශ්නයක්.

    මේ වගේ මිනිස්සු රට ඇතුලෙම ඉද්දි කොහොමද රටක් හැටියට තීරණයක් ගන්නේ. සුද්දගේ කාලේ රට පාවල දුන්නෙත් මේ වගේ කළු සුද්දෝම තමා .

    අසික්කිතයි විලි ලැජ්ජයි. වටිනා කාලය මෝඩයෝ එක්ක ගත කරන්න විදියක් නැහැ. සුබ අනාගතයක් :D

    ReplyDelete