Monday, April 8, 2013

අයියෝ බැනුං අහන අරක්කු!

අපේ මිනිස්සු බොන්න දන්නෙ නෑ කියල කිව්වෙ මහාචාර්ය මාතලන්. බොන වෙලාවට කන්නෙ නෑ කිව්වෙ කතන්දර සූරීන්. ඔය දෙකම හරි කියමුකෝ. බීල කාල ඉවර උනාට පස්සෙත් නිකං ඉන්න බෑ නොවැ අපේ එවුන්ට. අද කියන්න යන්නෙ බිව්වට පස්සෙ කතා පෙට්ටිය ඕපන් කරන එවුන් ගැන. බ්ව්වට පස්සෙ කතාබහ ටිකක් විතර වැඩිවෙනව බොහෝ දෙනෙකුගෙ. මේ අතරිනුත් "එකෝ" උදවිය, ඒ කියන්නෙ එකම දේ කියවන උදවියත් එක්කනං වසනව බොරු.

ඔන්න මමයි රවි අයියයි අපේ සගයෙක් වෙච්ච චන්ද්‍රසිරි මහත්තයයි රාලහාමි කෙනෙක් එක්ක සෙට්වුනා. මේ රාලහාමිට උවමනාව තිබුන අපේ කස්ටිය ගෙනල්ල "සලකන්න". අදාල දවසේ වැවක් ලඟ සෙට්වුනා. කොහොම උනත් රාලහාමි එච්චර බොන මනුස්සයෙක් නෙවේ. ටික වෙලාවක් යද්දි රවි අයියට තියන ඥාති සම්බන්ධයක් ගැන රාලහාමි කියවන්න පටන් ගත්ත.

"රවී මහත්තයෝ......... ඔහේ නෑදෑකමට මගේ මස්සිනා...."
ඔන්න තව ටිකක් ඉන්නව,

‍"රවී මහත්තයෝ......... ඔහේ නෑදෑකමට මගේ මස්සිනා...."
"රවී මහත්තයෝ......... ඔහේ නෑදෑකමට මගේ මස්සිනා...."
"රවී මහත්තයෝ......... ඔහේ නෑදෑකමට මගේ මස්සිනා...."
.................................................
.................................................

ටික වෙලාවක් ගිය තැන රවි අයිය යන්න ගියා මොකද්දෝ වැඩක් තියනව කියල. දෙයියනේ කියල අපි සංතෝසවුනා, මොකද රාලහාමිගෙ කට වැහෙනවනේ. ඒත් සිද්ධවුනේ කවුරුවත් හිතපු නැති දෙයක්,

"රාජ් මහත්තයෝ....... රවි මහත්තය කියන්නෙ මගේ මස්සිනා....."
"රාජ් මහත්තයෝ....... රවි මහත්තය කියන්නෙ මගේ මස්සිනා....."
"රාජ් මහත්තයෝ....... රවි මහත්තය කියන්නෙ මගේ මස්සිනා....."
....................................................
....................................................

කරන්න දෙයක් නැති තැන අපි බීම නවත්තල ආව.

☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻

දෙවනි කතාව සිද්ධවුනේ යාළුවෙකුගෙ වෙඩිමකදි. චන්දරේ කියන්නෙ මගේ බැචා විතරක් නෙවේ, රූමා. උගේ වෙඩිම තිබුනෙ රත්නපුරේ. බැන්දෙත් අපේ බැචියක්. ඒකිගෙ ගෙවල් අපේ ප්‍රාන්තෙට කිට්ටු ප්‍රාන්තෙක. ඔන්න උදෙන්ම ගියා රත්නපුරේ වෙඩිම තිබුන හොටෙල් එකට. 11 විතර වෙද්දි බොන්න සෙට්වුනා. මේ අතරෙ මම දැක්ක එක මේසෙක ඉන්න දැකල පුරුදු ඩයල් එකක්. මෑන්ට කියන්නෙ පැටි අයිය කියල. හොයල බැලුවම මනමාලිගෙ පැත්තෙ ඥාතියෙක්. මම පොඩ්ඩක් කතා කරල ආයෙත් මගේ මේසෙට ආව. ටික වෙලාවකින් පැටි අයියත් ආව මගේ ලඟට.
"පුතාලා.... මම තමයි ......ගෙ මාමා. අඳුරගන්න මේ මගේ පුතා" (ඌ නං අරූගෙ පුතාම තමයි. කරටි කැඩෙන්න ගහල).
තව ටිකක් වෙලා ගියා. පැටි අයිය එනව පුතත් ඇදගෙන,

"පුතාලා.... මම තමයි ......ගෙ මාමා. අඳුරගන්න මේ මගේ පුතා"
"පුතාලා.... මම තමයි ......ගෙ මාමා. අඳුරගන්න මේ මගේ පුතා"
"පුතාලා.... මම තමයි ......ගෙ මාමා. අඳුරගන්න මේ මගේ පුතා"
....................................................

"මේ පුතාල කට්ටියම දැං අපේ ගෙදර එන්න ඕන...... එහෙම නේද මයෙ පුතේ...."

....................................................
"මේ පුතාල කට්ටියම දැං අපේ ගෙදර එන්න ඕන...... එහෙම නේද මයෙ පුතේ...."
....................................................

ඔන්න ඔහොමයි සිද්ධිය. පැටි අයිය ටෝක් දෙනකොට අපේ එවුන් මගේ කන ලඟට එනව,

"මොකද්ද %$$%^$ උඹ මේ කලේ. මොකටද මේ ^$%&^%&$ එක්කරගෙන ආවෙ"

☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻

මේක හොට්ම හොට් සිද්ධියක්. ඊයෙ රෑ සිද්ධවුනේ. ඔන්න අපි තුන්දෙනෙක් මළගෙදරක ගියා. ඒ ගමනට ඉස්සෙල්ල කිව්ව චන්ද්‍රසිරි මහත්තයත් ඇතුලත්. රෑ 7.30ට විතර මළගෙදරට ගියත් දන්න කියන කවුරුත් නෑ. දෙවනි කතාවෙ මම පැටි අයිය සෙට් කරගත්ත වගේ චන්ද්‍රසිරි මහත්තය කවුදෝ වයසක මනුස්සයෙක් සෙට්කලා. උන්නැහේ ඒ වෙද්දිත් හොඳ ගානකට හිටියෙ. දැන් මගේ අතින් අල්ලගෙන කතාව පටන් ගත්ත,
පුතේ..... අපේ ගෙවල් තියෙන්නෙ හතලිස් දෙකේ(ඒ කියන්නෙ ප්‍රදේශයක්). අමරවීර ඇමතිතුමා මගේ අතේ හිටියෙ පොඩි කාලෙ...."
"පොඩි දවස්වල ඇමතිතුමා පොඩියි නේද?" මගෙන් අතුරු ප්‍රශ්නයක්
"මොනව කියනවද පුතේ.... මම මෙහෙම වඩාගෙන හිටියෙ"(ඒ කියන්නෙ හරහට)
"කුට්ටිගලේ පොලිසිය ලඟට ඇවිල්ල ඇල්බට් අයියගෙ ගෙදර කොහේද කියල අහන්න.... ඕන කෙනෙක් කියයි...... නැත්තං පොලිසියට ගිහිල්ල කියන්න........ අපේ ගෙදරට ගෙනත් බස්සවයි(*කේ තමයි)......"

රෑ දොලහ විතර වෙනකල් ඉන්න බලාගෙන මළ ගෙදර ගියේ. 9.30 වෙද්දි ආව‍, අර යෝදයගෙන් බේරෙන්න බැරි කමට. හැබැයි චන්ද්‍රසිරි මහත්තය නං මගෙන් දෙකක් අහගත්ත.

☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻

2011 මේවගේ කාලෙක තමයි මංතුමා බ්ලොග් ලිවිල්ල පටන් ගත්තෙ. ආපු හැමෝටම ස්තුතියි!

88 comments:

  1. බේබද්දෝ........ සහ බේබදු කතා.........

    ReplyDelete
  2. බීපුහාම අර ප්ලේයර් වල තියෙන්නේ, අන්න ඒවගේ මොලේ තියන A/B, AB Repeat මැසිමට තෙල් වැටෙනවා ඇති.

    ReplyDelete
    Replies
    1. අන්න හරි. නම වෙනස් උනාද? රයිටර් කෑල්ල මතක නෑ නෙව

      Delete
  3. bipuwhama English walin kata karana patan gana eun..epa..wenawa.
    Jayawewa.

    ReplyDelete
    Replies
    1. ඒකත් එක ආතල් එකක් තමයි. අපේ එකෙක් ඉන්නව ඌ මොනව කිව්වත් අන්තිමට කියනව "දැට්ස් ද රියැලිටි මචං" කියල

      Delete
  4. නවාතැනේ දෙවර්ෂ පූර්ණයට සුබ පැතුම්......
    නවාතැනේ දෙවර්ෂ පූර්ණයට සුබ පැතුම්......
    නවාතැනේ දෙවර්ෂ පූර්ණයට සුබ පැතුම්......
    නවාතැනේ දෙවර්ෂ පූර්ණයට සුබ පැතුම්......
    නවාතැනේ දෙවර්ෂ පූර්ණයට සුබ පැතුම්......
    නවාතැනේ දෙවර්ෂ පූර්ණයට සුබ පැතුම්......

    මටත් ටිකක් වැඩිද මංද අයි ඩෝං නෝ වයි......

    ReplyDelete
    Replies
    1. පට්ටම කමෙන්ට් එක මාර ක්‍රිෙය්ටිව් මචෝ

      Delete
    2. මෙන්න මූ බීල!

      Delete
    3. ප්‍රසා එළස් ආ.....+++++++++++++

      Delete
  5. දෙවන බ්ලොගවසරියට සුභ පැතුම් රාජ්..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි රූ

      Delete
  6. අරක්කු ගැන ලියන එකත් බැණුං අහන වැඩක්!

    ReplyDelete
    Replies
    1. මම දැක්ක බැනල තියනව.

      Delete
  7. මුල්ම පෝස්ට් එකට කමෙන්ටුවක් දාන්න බැලුවා. ඒකේ කමෙන්ටු වහලා!
    ඇයි බයද?

    ReplyDelete
    Replies
    1. මම ඒක දැක්කෙ දැං. කමෙන්ට් වලට ඉඩ දීල තියන බ්ලොග් එකක එක පෝස්ට් එකකට විතරක් කමෙන්ට් කරන්න බැරි මොකද? අනේ මං නං ඕවට නෑ.

      Delete
  8. සුභ පැතුම්!!!!!
    එතකොට අපි එක කාලෙ ද බ්ලොග් ලියන්න ගත්තේ.

    තව ඉන්නව ඉංග්‍රීසි වෙරි කට්ටිය. එතකොට හිනා වෙරි, තව එක එක වර්ෂන් කොච්චර ද? මම අමද්‍යප නිසා පාටි වලදි මේවා බල බල ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. අනේ නිකං ඉන්ඩ මහ වෙදනෝ මුසාවාද නැතුව. එදා මට මුලින්ම ෆෝන් එකෙන් කතා කරපු දවසේ වෙදනා හිටියේ කණ පැලෙන්ඩ ගහලනේ. ඇයි මට කිව්වේ

      හෙන්රියෝ මම තමයි මචං මහ වෙදනා.
      හෙන්රියෝ මම තමයි මචං මහ වෙදනා.
      හෙන්රියෝ මම තමයි මචං මහ වෙදනා.
      හෙන්රියෝ මම තමයි මචං මහ වෙදනා.
      හෙන්රියෝ මම තමයි මචං මහ වෙදනා.

      හරි හරි මචං මම තමයි හෙන්රි කියපු මම ටක් ගාලා කට් කොලා බොලව්.

      :D :D :D

      Delete
    2. බොහොම ස්තුතියි. මහ වෙදනයි මමයි එක දවස්වල බ්ලොග් පටන් ගත්තෙ.
      බොන්නෑ කිව්වට බොනව වගේ. :-)

      Delete
  9. පැය බාගෙන් ඉංගිරිසි කතාකරන්න උගන්නන බේත දන්නෙ නැද්ද රාජ්

    ReplyDelete
    Replies
    1. ඒ වුණාට හැලපයියේ අපි ඔයා ආවාම දෙන පාටිය මුට නොකිය ඉම්මු.

      Delete
    2. එතකොටත් ඇවිත්
      මම තමයි රාජ්
      කිය කිය රිපීට් කරයිද දන්නෙ නෑ නේද

      Delete
    3. මොකද්ද බොලව් පාටිය?

      Delete
  10. ඔය කිව්වට උඹත් හෙණ බේබද්දා නේද..අපොයි මූ දෙන අවවාද..
    මගේ සුබ පැතුම් දෙවර්ෂ පූර්ණයට..
    මම බ්ලොග් අවකාශයට ආවේ 2010 මේ කාලේ

    ReplyDelete
    Replies
    1. මම දුන්න අවවාදයක් නෑ බං. උඹ දැං ලියන්නෙ නැද්ද?

      Delete
  11. සුභම වේවා!
    දෙ වසරට!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි කෙන්ජි අයියා.

      Delete
  12. චික් බං එකෝ බේබදු කතාවක් මතක් කලා කලා මතක් වෙන්නේ නෑ. බේබදු කතා හැට හුටහමාරකුයි, එකෝ කතා එකකුයි මතක් වුන නිසා එකෝ කතාව කියන්නම්.

    හෙන කෝම්බයක් කටේ තියාගෙන දුන් විඳින පොරක් දෙකක් ලඟ නවාගෙන ගියාලු දත් දොස්ටර ගාවට ගිහින්. පොර පු‍ටුවේ බාවලා කට අරෝලා ලයිට් එක ගහපු ඩොකා කියනවලු

    මේ දත ගලවන්ඩෝනෙ...

    මේ දත ගලවන්ඩෝනෙ...

    මේ දත ගලවන්ඩෝනෙ...

    මේ දත ගලවන්ඩෝනෙ...

    අරූට පැන්නලු මල.

    ඉතින් ඕක එක පාරක් කිව්වම මට ඇහෙනවා. නැවත නැවත කියන්නේ අර රාජ්ගෙ පෝස්ට් එකේ ඉන්න උන් වගේ?

    මම එක පාරයි තමයි ඕයි කිව්වේ. ඔය තමුසෙට ඇහෙන්නේ දෝංකාරෙ. කුහරේ එච්චරට ලොකුයි.

    නවාතැනේ දෙවර්ෂ පූර්ණයට සුබ පැතුම්......නවාතැනේ දෙවර්ෂ පූර්ණයට සුබ පැතුම්......නවාතැනේ දෙවර්ෂ පූර්ණයට සුබ පැතුම්......නවාතැනේ දෙවර්ෂ පූර්ණයට සුබ පැතුම්......නවාතැනේ දෙවර්ෂ පූර්ණයට සුබ පැතුම්......

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. මගෙත් කෝම්බයක්ද මන්දා අර අන්තිම ටික දෝංකාර දෙනව ඇහුනා... :P

      Delete
    3. බුදු අම්මෝ දතේ කෝම්බෙ එච්චර බරපතළයිද?

      Delete
  13. සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. යසට හිටිය රජ පැටියත් බීලද ඒ ගමන?

      Delete
  14. දෙවසරක් ආ ගමන් මගට සුබ පැතුම් රාජ්. ඒත් බං ජාතියටයි ආගමටයි ගහන්න එපා. දේශපාලනය මොනවා වුණත්.

    ReplyDelete
    Replies
    1. නලින්, ආගම ජාතිය අපේය කියලා වැරදි දැක දැක නොදැක්කා සේ හිඳීමෙන් වැරැද්දක් කවදාවත් හරි ගස්ස ගන්න හම්බ වෙන්නෙ නෑ. අපේ ආගම, ජාතිය පිට මිනිස්සු විවේචනය කරන එක අපි ඉවසනවද? නැහැනේ. අපේ ආගමේ ජාතියේ (ඒවාගේ භාවිතයේ) වැරැදි ගැන කතා කරන්න හොඳම පිරිස අපිම තමයි.

      Delete
    2. මම කියන්නෙ මොකද්ද කියල නලින් දන්නව. පපුවට තට්ටු කරල ඇහුවොත් උත්තර ලැබෙයි කවුද හරි කවුද වැරදි කියල.

      Delete
  15. දෙවසරට සුභ පැතුම් අයියා.බිව්වහම සමහර මිනිස්සු එහෙම තමා තවත් අය එකම ප්‍රශ්නෙත් අහනවා එතකොට අපිත් එකම උත්තරේ කිය කියා අරයගෙ ගානටම වැටෙනවා!

    ReplyDelete
  16. දෙවසරට සුභ පැතුම් !!! මම බ්ලොග් ලියන්න පටන් ගත්ත කාලේ ඉඳලා මගේ බ්ලොග් එක කියවපු අයගෙන් කෙනෙක් තමයි රාජ්. මට නං හිතුනේ රාජට ටිකක් වැඩි වුනාම් අනිත් අය මොනවා කිව්වත් ඇහෙන්නේ මුලින් කියපු වාක්‍යක රිපීට් එකක් කියලා.

    ReplyDelete
    Replies
    1. මට වැඩිවෙන්න වෙන්න සයිලන්ස් වෙනව.(එහෙම උදවිය ඉන්නෙ ටිකයි). කලින් මගේ ඔපීසියෙ හිටිය රියදුරු, සුනිල් අයිය කියන්නෙ "රාජ් මහත්තය බිව්වට බීල කියල හිතාගන්න බෑ" කියල. :-)

      Delete
    2. සුදික,මම ඔබට කියුවෙ මේ මලය ගැන.

      Delete
    3. කෙන්ජි අයියා මොකද්ද කිව්වෙ මම ගැන?

      Delete
  17. දෙවර්ෂ පූර්ණෙට සුබ පැතුම් මයං....ඒ....එන්නං ංආ.....
    ...................................
    පොඩ්ඩක් ඉදපන්...බං....මට රාජ්ට සුබ පතන්න බැරිවුනා..බං.....
    ................

    ඒ.....රාජ් උඹ හොද එකා මයං......තරාවෙන්ඩ එපා මයං.....
    දෙවර්ෂ පූර්ණෙට සුබ පැතුම්....අරී.....ඒනං අපි එන්නං ංආ...

    මයං තරා නෑනෙ....ඒනං සුබ පැතුම්.... හොදේ.....☺....☺

    ReplyDelete
    Replies
    1. පලවෙනි පේලියෙ "මයං" ටයිපින් මිස්ටේක් එකක් කියලයි හිතුවෙ. මෙන්න සුමිත් අයිය බීල.

      Delete
  18. අවුරුදු දෙකට සුභපැතුම්.. අපි හැමදාම වගේ මේ පැත්තෙ එනවා.. බොරුනම් ඔය අහල පහල කට්ටියගෙන් අහන්ඩ..
    අවුරුදු දෙකයි කිව්වා නේද? උණුසුම් සුභපැතුම්.. අපි හැමදාම බලන බ්ලොග් අඩවියක්නෙ... අවුරුදු දෙකට සුභපැතුවා හොඳද? අවුරුදු දෙකක් ලියනවා කියන්නෙත් ලොකු දෙයක් තමයි.. ඔන්න ඒකට සුභපැතුම්..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි හරී. හරී එනව කියල මම දන්නව.

      Delete
  19. හි හී... ඔහොම වුන් නම් හරිම වදයක් තමයි. සුබ පැතුම් කිව්වා ඔන්න!

    ReplyDelete
  20. සුභ පැතුම් සුභ පැතුම් :D

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි බොහොම ස්තුතියි

      Delete
  21. හිහ්... අපෙත් එකෙක් හිටිය. උට අන්තිමේදි කාඩ් එක වැටුනෙ ඩබල කියල.
    අවුරුදු දෙකට දෙසිය විස්සක් ආයිබෝ වේවා

    ReplyDelete
  22. වසර දෙකකුත් ගත වෙලා එහෙනම්.. සුභ පැතුම් ඔන්න..

    ReplyDelete
  23. රාජ්, මං මේ බ්ලොග ආසාවෙන් කියවනවා... ලියන්න මුකුත් නැති උනහම, ගොන් ජෝක් නොලියා ඉඳීම අගේ කරනවා...
    සුබපැතුම්... :)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි අගය කිරීමට.

      Delete
  24. අවුරුදු දෙකට සුභ පැතුම් රාජ් අයියේ..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මලේ.

      Delete
  25. දෙවසරකට සුබ පැතුම්!!!

    තව පොඩ්ඩෙන් බොන කතා ටික ටික හන්දා ඒක පේන්නේ නැතුව යනවා. ඔච්චර බොන්ට හොඳ නෑ කියලා ඒකෙන්ම තේරෙනවනේ.:D

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් බොහොම ස්තුතියි පොඩ්ඩි.

      Delete
  26. //කරන්න දෙයක් නැති තැන අපි බීම නවත්තල ආව.//

    මචං විහිළු කලාට අවුලක් නැහැ... ඒත් බොරු නං කියන්න එපා... මේ වගේ සුළු කේස් එකකට උඹලා බීම නැවැත්තුවා කියන එක නං මට පිළිගන්නම බෑ..

    දෙවසරට සුභපැතුම්!!!

    ReplyDelete
    Replies
    1. බීම නැවැත්තුවෙ බඩු ඉවරවුන නිසා :-)

      Delete
  27. අවුරුදු දෙකට සුබ පැතුම්...........තව අවුරුදු විස්සක් ලියපන්............
    අවුරුදු දෙකට සුබ පැතුම්...........තව අවුරුදු විස්සක් ලියපන්............
    අවුරුදු දෙකට සුබ පැතුම්...........තව අවුරුදු විස්සක් ලියපන්............
    අවුරුදු දෙකට සුබ පැතුම්...........තව අවුරුදු විස්සක් ලියපන්............
    අවුරුදු දෙකට සුබ පැතුම්...........තව අවුරුදු විස්සක් ලියපන්............

    වචනයක් දෙකක් රිපීට් කරන උන් හොදයි,පැය බාගේ කතාව රිපීට් කරන උන්ට වඩා.
    වචනයක් දෙකක් රිපීට් කරන උන් හොදයි,පැය බාගේ කතාව රිපීට් කරන උන්ට වඩා.
    වචනයක් දෙකක් රිපීට් කරන උන් හොදයි,පැය බාගේ කතාව රිපීට් කරන උන්ට වඩා.

    ReplyDelete
    Replies
    1. වචනයක් දෙකක් රිපීට් කරන උන් හොදයි,පැය බාගේ කතාව රිපීට් කරන උන්ට වඩා.
      සහත්ක ඇත්ත

      Delete
  28. මමත් මචන් තවත් කවදාවත් බොන්නෙ නෑ බන්....

    දෙවර්ශයේ ආගමනයට සුභ පැතුම්...

    ප.ළි..

    බොතලයක් හමු වෙනකන්...

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් දවසක සෙට්වෙමු.

      Delete
  29. චික් මේ වගෙ බේබද්දො ගොඩක් එක්කනෙ මාත් මේ බ්ලොග් ලියන්නෙ.. ලජ්ජයි ලජ්ජයි ලජ්ජයි ලජ්ජයි ලජ්ජයි...හික්..
    අවුරුදු දෙකට සු සු සු සු සු බ බ බ පැතුම් පැතුම් පැතුම්ම්

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සරත් අයියේ. මොකෝ බීලද බොන එවුන් අතරෙ ඉඳලද?

      Delete
  30. අවුරුදු දෙකට සුභ පතනවා. මේ සිරාවටම සමහර උන් ඉන්නවා බිව්වාම අජපල්

    ReplyDelete
  31. අවුරුදු දෙකක් තිස්සේ විකාර කතා කියල හිනස්සුවට ස්තුතියි.

    ReplyDelete
  32. සුබ පතන්න බැරිවුණානෙ රාජ්,තවත් අවුරුදු දෙසිය විස්සක් අපට ලියන්නට ශක්තිය ලැබේවා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි හැලපය්යේ

      Delete
  33. RAJ TA NAVA WASARATA SUBA PATHUM. - uncle--

    ReplyDelete
    Replies
    1. අංකල් කාලෙකට පස්සෙ හරි ආ එක මදැයි. කක‍ාගෙ අඩවියෙදිත් මට අංකල් මතක් උනා.

      Delete
  34. අහිංසක අරක්කු වලට බනින්නේ ඇයි යකුනේ...

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් හෙහ් උඹටත් තදවෙනව නේ?

      Delete
  35. දෙක පුළුං වගේ සැහැල්ලුවෙන් ලියල තුන ගොඩ දාගන්න කියල ඔන්න සුභ පැතුව!

    ReplyDelete
  36. හැප්පි හැප්පි ඇනිවසරි..

    බොන එවා ගැන කතා නෙමෙයි බැරිද වෙලාවක බේබද්දෝ ටික විතරක් සෙට් වෙන ගෙට්ටුවක් දාන්න. අපේ නලියා තමයි ඕකට සුදුසුම කෙනා. බේබද්දෝ විතරක් නිසා කාඩ් වදින්නෙත් නෑනේ. "ප්‍රෙස් ක්ල්බ්" එකේ නම් මරු ගානත් අඩුයි. ඕන් යෝජනා කලා. ඉස්තීර කොරන්නෙ කව්ද?

    ReplyDelete
    Replies
    1. අන්න කරනව නං වැඩේ.

      Delete
  37. ඕල් ද බෙස්ට් කිව්වා ඕන්...//////////////////////

    ReplyDelete
  38. ජය වේවා රාජෝ.... හුග දවසකින් ආතල් කික් එකක් ආවා කතා වලිනුයි ප්‍රතිචාර වලිනුයි...congradufuckinglations!!!

    ReplyDelete
  39. දෙකට සුභ පැතුම් රාජ් අයියා :)

    බොන්න එපා බොලව් ඔය මල ජරාව... අපි වගේ හිටපල්ලකො ;)

    ReplyDelete
  40. ප්‍රමාදවී පැමිණියත් දෙවර්ෂ පූර්ණයට සුබපැතුම්.

    හාපෝ අපි දන්නා අරක්කු කතා ලියන්න බැහැනේ. කවදාහරි හමුවුනොත් කියන්නම්.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete