Thursday, April 18, 2013

දෙමළ ඊලාම් බෙදුම්වාදීන්ටත් දකුණු ඉන්දියාවටත් මුහුණ දෙන්නේ මෙහෙමයි-Guerrilla marketing by රාජ්

දෙමළ ඊලාම්වාදීන්ටත් ගෝලීය දෙමළ ඩයස්පෝරාවටත් ඒ විතරක් නෙවේ අපිට අංචි අදින ඉන්දියාවේ ජයලලිතා, කරුණානිධි, වයිකෝ සහ පැන්ෂන් ගිය නළුනිලියන් සෙට් එකටත් උණ ගැනෙන වැඩපිලිවෙලක් ඉදිරිපත් කරන්නයි මේ හදන්නෙ. ඉන්දියාව අපේ ලොකු අයිය උනාට, ලංකාව ඉන්දියාවෙ චුටි නංගි උනාට අයිය නංගිව අඬවන එකමනෙ වැඩේ. මේ කේස්එක අතීතයේ ඉඳල තියන එකක්. ඉන්දියාව ලංකාවට කිට්ටුවෙන් තිබීම තමයි මේ කේස් එකට මූලික හේතුව. අන්න ඒකට තමයි මේ වැඩපිලිවෙල. හේතු ප්‍රත්‍යටම විසඳුම දුන්නම හරි.

කරන්නෙ මේකයි. ලංකාව ඉන්දියාවෙන් ඈතට ගෙනියන එක. පුදුම වෙන්න එපා මේක කරන්න පුළුවන් දෙයක්. මෙන්න මේ සිතියමේ තියන විදියට මම ලකුණු කරල තියන ස්තානයට ලංකාව ගෙනිහින් තිව්වනං එච්චරයි. රතුපාට කරල තියන තැන මදි නං කොලපාට කරල තියන තැනට ගෙනියනව. ඒක කරන්න ක්‍රම දෙකක් තියනව.

පලමු ක්‍රමය-පාවීමේ ක්‍රමය.

කරන්නෙ ලංකාව ඒ හැඩයටම තියෙද්දි උතුර පැත්තෙන් පස් කපල දකුණ ගොඩකරන එකයි. ටික ටික කරනකොට ඉබේම ලංකාව පාතට වෙනව. මෙන්න මේ පිංතූර තියන විදියට කලාම හරි. තේරුම්ගන්න පුළුවන් නේද?

මේ විදියට ලංකාව ටිකක් පහලට ගත්තොත් වාසි කිහිපයකුත් තියනව.
$ නැව් මාර්ගයක් ආසන්නයට ගත්තොත් ඒකම ඇති හම්බන්තොටට නැව් සිය ගානක් ගෙන්නගන්න.
$ මහාද්වීපයට දුර නිසා මුහුදෙ ගැඹුර වැඩියි. ඒ නිසා ගල් තිබුන කියල නැව් වලට බාධාවක් ඇතිවෙන්නෙත් නෑ.
$ වැඩිපුර මාළු අල්ලගන්න ධීවරයන්ට පුළුවන්.
$ සමකයෙන් ටිකක් පහලට ගෙනගියොත් දැං තියන රස්නෙත් අඩු වෙයි.
$ නගර නිර්මාණය-පාරවල් නිවැරදිව අලුතෙන් කරන්න පුළුවන්.
$ ඕනනං යුරෝපය හරි ඇමරිකාව පැත්තට හරි කිට්ටු වෙන්න පුළුවන්.
$ [අර කට්ටිය කැමති නං] තෙල් තියන මැද පෙරදිගට උනත් යන්න පුළුවන්.

තේරෙනව නේද තියන වාසි. ජයලලිතලට හුලං තමයි ඊට පස්සෙ!

දෙවනි ක්‍රමේ තමයි උඩුකුරුඥ්ඥං ක්‍රමය.

මේකෙත් සංකල්පය අරකම තමයි. වෙනස තියෙන්නෙ ලංකාව අලුතෙන් හදන්නෙ උඩු යටිකුරු කරල වීම. මෙන්න මේ විදියට

මගේ නං යෝජනාව මේ ක්‍රමේට මොකද ලෝකෙ අනිත් හැම රටක්ම යට පැත්තට උල්වෙලා ඉද්දි අපි විතරක් ඇයි උඩ පැත්තට උල්කරගෙන ඉන්නෙ.

57 comments:

  1. //මගේ නං යෝජනාව මේ ක්‍රමේට මොකද ලෝකෙ අනිත් හැම රටක්ම යට පැත්තට උල්වෙලා ඉද්දි අපි විතරක් ඇයි උඩ පැත්තට උල්කරගෙන ඉන්නෙ.//

    ඔය උලේ වෙනස හින්දලුනේ අර ලෝකේ අනික් හැමෝටම වඩා අපේ රටේ මිනිස්සු වෙනස් කියන්නේ . පලමු ක්රමය හොඳයි (හැබැයි මහින්ද මහත්තයට කියහන් දකුණු පැත්ත ගොඩ කරල ඉවර වෙනකන් හාරා හාර වලවල් oops.. වරායවල් හදන්න එපා කියලා )

    බටහිරට දැන් කෙලවෙලා නිසා අපිට බැරිවෙයිද චීනේ දිහාට යා ගන්න?

    ReplyDelete
    Replies
    1. මත විමසීමක් කලොත් නං අපේ ඡන්ද දායකය අනිවා කැමති වෙන්නෙ චීනය පැත්තට යන්න. උතුරු කොරියාව කිට්ටුවට ගියානං තවත් හොඳයි. ලොක්කට යාළුවෙකුත් ලැබෙනවනේ :-)

      Delete
  2. මේක දැක්කම මතක් වුණේ අභාවප්‍රාප්ත ගඩාෆි මහතා කියපු කතාවක්. එයා ලෝක සිතියම උඩුයටිකුරු කරල අල්ලල කිව්වලු ලෝකය ම එල්ලල තියෙන්නේ ලංකාවෙන් කියල.

    ReplyDelete
    Replies
    1. ගඩාෆී නෙමෙයි, චාවේස්. එයත් මලා.

      Delete
    2. නිවැරදි කලාට ස්තුතියි මාතලන්.මට මතකතිබ්බේ අරය කියල.

      Delete
    3. කොහොම හරි හොඳ ඒකාධිපතියෙක් කිව්ව කථාවක් ;)

      Delete
  3. පාකරන්න පුළුවන්නම් වැඩේ ලේසි වෙයි. වාසුට කියන්න ඕන බලන්න.

    ReplyDelete
    Replies
    1. වාසුට කියන්න ඕන බලන්න.
      :-)

      Delete
  4. මම නම් කැමති දෙවෙනි ක්‍රමයට. එතකොට ඉන්දියාව ලඟම ඉඳගෙන එයාලට දිව එලියට දාලා හිනාවෙන්ට පුලුවන් අර නංගිලා අය්යලට කරනවා වගේ. :D

    ReplyDelete
    Replies
    1. හිනා වෙද්දී දිව හැපුනොත් අප්ෂට්.
      මම නම් අහල තියෙන්නෙ අයියල තමයි නංගිලට එහෙම දිවෙන් කරන්නෙ කියල.

      Delete
    2. පොඩ්ඩි හිතන්නේ ළමා මනසකින් ..
      කෙන්ජි හිතන්නේ තරුණ මනසකින් ..
      ඕවට දොස් කියල බැහැ එයාලට , වයසේ
      වැරැද්ද නෙව ..

      Delete
    3. මම කොමන්ට් එකක් දමන්නේ ලිපි ලියන/කොමන්ට් කරන අයවලුන් සමග දැනුම/විනෝදය ඇතුළු තව හොද දේවල් බෙදා ගැනීමට මිස කැත සිතකින් නොවන බව කරුණාවෙන් සැලකුව මැනව.
      කිසිවකුට අවමානයක්/අපහසුවක් වන ලෙසට කොමෙන්ටුව සැර වැඩි බවක් හැගේනම් වහාම ලිපි ය අයිතිකරු විසින් මකා දැම්මාට මාගේ විරුද්ධත්වයක් නොමැත.

      Delete
    4. රාජ් මකලා තිබුණේ කෙන්ජි අය්යේ ඔයාට බැනලා
      තිබුණ කමෙන්ට් එකක්.

      Delete
    5. මකන්න ඉස්සෙල්ල මම ඒක කියෙව්ව සහන් මල්ලියෝ.

      Delete
    6. //කෙන්ජි හිතන්නේ තරුණ මනසකින් ..//
      හැට පැනපු නාකි තරුණ මනසකින් හිතන එක මානසික රෝගයක ලක්ෂණ.... කෙන්ජි කරුණාකර ඔබේ ඩොකා හමුවන්න.....

      Delete
    7. මෙතන කෙන්ජිගෙවත් කාගෙවත් අවුලක් මට නෑ. ඒ නිසා AnonymousApril 19, 2013 at 9:29 AM අවලාද නවත්වන්න.

      Delete
  5. මොනවා කරලා හරි ඉන්දියාවෙන් ඈත් වෙන්න ඕනෙ...

    ReplyDelete
  6. ලෝකෙ අනිත් හැම රටක්ම යට පැත්තට උල්වෙලා ඉද්දි අපි විතරක් ඇයි උඩ පැත්තට උල්කරගෙන ඉන්නෙ.


    මට මැරෙන්න හිනා ඕයි
    +++++++++++

    ReplyDelete
    Replies
    1. හිනාවෙන්ටකෝ එහෙනං.

      Delete
  7. පලවෙනි ක්‍රමේ හොඳයි මං නං කියන්නේ ......... උඩට උල් කරන් ඉන්න එක නරකම නෑ නේ නේද .............

    ReplyDelete
  8. රාජ්ටත් පවුලේ සැමටත් බත බුලතින් සපිරි සුභ අළුත් අවුරුද්දක් වේවා!තෙරුවන් සරණයි.

    ReplyDelete
    Replies
    1. මංජුටත් එසේම වේවා.

      Delete
  9. කොහොමත් රෑට උඩට උල් කරගෙනනේ ඉන්නේ.......

    ReplyDelete
  10. කොහෙද මෙච්චර වෙලා හැංගිලා හිටියේ. ඔබතුමා මෙතන නෙමේ ඉන්න ඕනේ :P

    ReplyDelete
  11. ඔය උල් කරගෙන ඉන්න එකටනම් google උනත් සාක්කි හා නැද්ද හොඳයි

    ReplyDelete
  12. අය්යෝ. මම නම් ලංකාව තව පහලට ගන්නවට විරුද්දයි.රස්නෙ අඩු වුනාට හිම වැටෙන්න ගත්තම ඒ වගේද? ගෙවල් හීට් කරන්නයි, තට්‍ටු තුන හතරක් ඇඳුම් අඳින්නයි, ගෙවල් ඇතුලටම වෙලා සීතලේ ගැහි ගැහි ඉන්නයි කාටද පුලුවන්? වෙන විකල්පයකට යන්න.

    ReplyDelete
    Replies
    1. හිම වැටෙන්නේ නැති ගාණට ගමු උපරිම උෂ්ණත්වය 25 , අවම උෂ්ණත්වය 5 වගේ පොට් එකක් හොයා ගන්න බැරි වෙන එකක් නෑ , පුංචි ඉඩම් කැල්ලනේ

      Delete
    2. කොහේ ගියත් කමක් නැහැ හැම දේම අතේ දුරින්
      තියෙන තැනකට යන්න ඕනේ ..නැත්නම් මාත් විරුද්ධයි ..

      Delete
    3. ඕකනේ කරන්න බැරි. ටිකක් හීතල උනත් මොකද ඉන්දියාවෙන් ඈත්වෙලා.

      Delete
  13. ඔය විදියටම ඉන්දියාවත් උතුරෙන් පස් කප කප අපේ ගානටම පල්ලෙහාට එයිද දන්නේ නැහැ පස්සේ.මොකද ඒකෙන් උන්ටත් වාසියිනේ පකිස්තානය සහ ඔය ඒ පැත්තෙන් සීමා වෙලා තියෙන රටවල් වලින් ගැලවෙන්නත් පුළුවන් ජයලලිතාගේ හිත හදන්නත් පුළුවන්නේ!

    ReplyDelete
    Replies
    1. //උතුරෙන් පස් කප කප අපේ ගානටම පල්ලෙහාට එයිද දන්නේ නැහැ //

      අමාරුයි , උතුරෙන් පස් කපලා කිලෝ මීටර පන්හයදාහක් ගේන්න ඔනි දකුණට දාන්න , ඊලඟට හිමාලේ කපල ඉවර වෙන කොට,,,,,,,,,,, ආ.. ඊලඟට සමහර කඳු වල භාගයක් චීනේ ඉතුරු භාගේ ඉන්දියාවේ එතකොට කන්ද කපන්නත් බෑ , තියල එන්නත් බෑ නෝන්ඩිය ඒ නිසා බය වෙන්න එපා උන් එන්නේ නෑ .

      Delete
    2. ඉන්දියාව කැපිල්ල ලේසි නෑ බුවා කිව්ව වගේ. හිමාලෙ කපන්නම යයි අවුරුදු ගානක්.

      Delete
  14. තුන් වෙනි අදහසකුත් දාන්න අවසර....

    හොද නැද්ද ලංකාවයි ඉන්දියාවයි වෙන් වෙන්නම ලොකු අගලක් කපලා දාන එක...ඒතොකොට ඔය ඒක එකාට පොඩි පොඩි බොට්‍ටු වලින් අපේ රටට එන්නත් බෑ..ඉන්දියාවේ ලොකු නැව් ටිකත් අපට කරදරයක් නොකර ඉන්දියාව වටේ යයි...

    මං මේ අදහස දැනටම ඉන්දියාවට කියලයි තියෙන්නේ.....හොද මිනිස්සු..දැනටම වැඩේ පටාන් අරන් තියෙන්නේ.. කොහෙද මේ ජයලලිතා අක්කිත් එක්කනේ බෑරි.....

    එක නෙමේ අර පින්තූර ටිකයි අදහසුයි නම් මරු.....

    ReplyDelete
    Replies
    1. අගල හාරන එක අතැරියා , අනික ඕක හැරුවාම අපේ හම්බන්තොට වතුර වල ....සමාවෙන්න වරායට නැවිත් නැව් ශෝට් කට් එකක් දාලා පිට පාරෙන්ම ගෙදර ගියාම මොකෝ වෙන්නේ

      Delete
    2. අගල් කැපුවට මදි මයියා. දුර වැඩිවෙන්න ඕන.

      Delete
  15. මටත් බං මේ ලොකු අයියගේ අස්සෙ ඉඳලා ඇති වෙලා. මාව කොහොමත් ඉන්දීය විරෝධීන්ගෙන් එකෙක් හැටියට හංවඩුවත් වැඩිලා තියෙන එකේ මාත් අත උස්සනවා ඔය යෝජනාවට. ලංකව දියුණු කරන්න අමාරු මේ භූගෝලීය පිහිටීම නිසා තමයි කියලා ඉස්සරත් කවුදෝ එකෙක් කිව්වා. මේක අඩු ගානේ අත්ලාන්තික් සාගරේ අව්ත් තිබ්බා නම්! පැසි‍ෆික් සාගරේට නම් වැඩිය ඔය ඉන්න තැන හොඳා මල්ලියේ.

    අර උල උඩට තියෙන එක නම් පට්ට ඇත්ත කතාව බං!

    ReplyDelete
    Replies
    1. මම දැනගත්ත උඹේ ඉන්දියන් යාලුවො නිසා මේකට කැමති වෙනව කියල. මං නං කැමති හීතල තැනක ඉන්න. මේ දවස්වල රස්නෙ ඇතිවෙලා.

      Delete
  16. දෙවෙනි ක්‍රමේට අදාල සිතියමේ චීනෙ ඇතුලෙත් ලංකාවක් තියෙන්නෙ ඇයි බං? උඩුකුරුංඤ්ඤං කරනකොට වැරදුනොත් පස්සෙ ප්‍රයෝජනේට ගන්න back up එකක් විදියට අරන් තියපු එකක් ද ඒ?

    ReplyDelete
    Replies
    1. හහ් හහ් හා....... හොඳ ඇහැක් තියනව. මං හිතන්නෙ කොපි කරද්දි වෙච්ච කේස් එකක්.(ඒකත් චීනෙ උඩටමනෙ වැටිල තියෙන්නෙ:). ඔන්ලයින් පොටෝසොප් කරද්දි ඔයවගේ කේස් වෙනව.

      Delete
    2. මාත් ඉස්සෙල්ලම දැක්කෙ ඒක තමයි. :D

      Delete
  17. ඔය උඩට උල් වෙලා තියෙන්නෙ නම් අර ගූගල් සර්ච් රිසල්ට්ස් නිසා වෙන්න ඇති.

    කම්මැලියි බං පස් අදින්න...

    ReplyDelete
    Replies
    1. වෙන්නැති. කම්මැලි වෙන්න එපා බං.

      Delete
  18. ඉංදියාව අපිට උල් කරගෙන ඉන්නවා, අපි ඉංදියාවට උල් කරගෙන ඉන්නවා... අපේ උල රවුං කරනකං තමා ඉංදියාව බලා ඉන්නේ...
    -Kandyan-

    ReplyDelete
  19. වැඩේනම් නියමයි....
    ඕක කොහොමහරි කරගත්තොත් ඉන්දියාවෙන් එන කට්ටකුමංජල්-කක්කුටු රූප-බුද්ධාවතී රූප...මොකුත් ඕන නෑ. තව මහානායක උන්නාන්සෙලාට කියලා "බුදුන් උපන් දේශය ලංකාවයි" කියලා තීන්දු කරවාගන්නත් ඕන.(නැත්නම් දෙමව්පියෝ දඹදිව යවන්න බරගානක් වියදම් කරන්න වෙනවා)

    ReplyDelete
  20. වැඩේ නං නියමයි රාජ්.
    දැං එතකොට ඔය පස් කපන කොන්ත්‍රාත් එක දෙන්නෙ ‍ඉන්දියාවටද, චීනෙටද.

    ReplyDelete
  21. සෑහෙන්ඩ දාගෙන ඉන්න වෙලාවෙ ආපු අදහසක් වගේ..
    දැන් ඉතිං අර ලස්සන සාදු කියන විදිහට බුදුන් උපන්නෙත් කඳුලුකැටේ නං ඉතින් අපි මොකටෙයි ජම්බුද්වීපය අස්සෙ ඉන්නෙ.. යමු යමු පහලට.. හැබැයි උඩ යට මාරු කරලා හම්බන්තොට ටැමිල්නාඩුවලට ලං කිරීම වගේම පස් ගොඩ කරලා හම්බන්තොට වරායට නැවු එන්න බැරි කිරීම දෙකම අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ.. එන් ජී ඕ කාරයා...

    ReplyDelete
  22. Ane manda ban ubalata liyanna ewa nathda me wikara kiyanne. mama hituwe wadakata athi deyak kiyala. Sigithi Athal!

    ReplyDelete