Monday, August 26, 2013

දෙමාපියන්ගෙ සෙක්ස් වලට බාධා කරන ඇම්ඩන් පැටව් (+18)

කසාද බැඳල ළමයි ඉන්න එවුන් දන්නව ඇතිනේ පොඩි එවුන් ඉන්නකොට "රොටියක් පුච්චගන්න" තියන අමාරුව. ලංකාවෙ බොහෝමයක් දරුවො ලොකුමහත් වෙනකල් ඉන්නෙ දෙමව්පියන් එක්ක එකම ඇ‍ඳේ. ඉතිං මහ එවුන්ට මොනවහරි කරගන්න ඕන උනාම හෙන අවුල. පොඩි එවුන් නින්දට යනකල් ඉන්න වෙනව නේ. සමහර එවුන් රෑ වෙනකල් නිදාගන්නෙත් නෑ. අනෙක දැං ඉන්නෙ කොලු තාත්තල සහ කෙලි ආච්චිල. මම දැක්ක මේ ගැන බ්ලොග්කරුවො කිහිප දෙනෙකුත් කියල තිබුන. අපි හැන්දෑවක අනුමත වෙන වෙලාවක අපේ ඩ්‍රයිවර් මහත්තයෙක් මේ ගැන කතා දෙකක් කිව්ව.

ඔන්න මේ කියන ඩ්‍රයිවර් මහත්තයයි එයාගෙ නෝනයි ඉඳල තියෙන්නෙ නෝනගෙ ගෙදර. හේතුව නෝනට දෙවනි දරුව ලැබීම. පොඩ්ඩ ඉපදිලා මාස කිහිපයක් ගිහිල්ලත් තිබුන. ඒත් හරි හැටි දෙන්නට අහවල් වැඩේ කරන්න ලැබිල නෑ. එයාලගෙ වැඩිමහල් දරුව කෙල්ලක්. වයස අවුරුදු හතරක් පහක් ඇතිලු. ළමයි දෙන්න එක්ක අම්ම ඉඳල තියෙන්නෙ එක කාමරේක. ඩ්‍රයිවර් වෙනම කාමරේක. ඉවසල ඉවසල බැරිම තැන දවසක් ඩ්‍රයිවර් ගිහිල්ල ළමයි නිදි ඇති කියල හිතල නෝනගෙ අතින් ඇදල තමුන්ගෙ කාමරේට එක්ක යන්නයි සූජානම. ඔන්න එකසැරේටම ලොකු කෙල්ල නැඟිටල මුගේ අත යටින් රිංගල දුවල ගිහින් තියනව ආච්චිගෙ, ඒ කියන්නෙ ඩ්‍රයිවර්ගෙ නැන්දම්මගෙ කාමරේට. නිකං නෙවේ මෙන්න මෙහෙම හඬ තලමින්,

"....ආ.......ච්.......චී....... මෙන්න තාත්ත ඇවිල්ල...... අම්ම එක්ක යන්න.... හදන.............වෝ........"

අපේ යාළුවගෙ රෙදි කලින්ම ගැලවුනා කියල අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ.

"මම පහුවදා පහට නැඟිටල නෝනට කියල ගෙදර ආව. නැන්දම්මලගෙ මූන බලන්න ඇහැක වෙච්ච දේට!"

6969696969696969696969696969696969696969696969696969696969

දෙවනි සිද්ධිය වෙලා තියෙන්නෙ උගේ යාළු ඩ්‍රයිවර් කෙනෙකුට. සීන්එක අරවගේම තමයි. ඔන්න එකසැරයක් දොරෙන් එබිල බලනකොට ලොකුදුව ඇහැරිලාලු. තව ටික වෙලාවක් ඉඳල ආයෙත් යනකොට ඒත් නිදි නෑ. තුන්වෙනි වතාවෙ දුව නිදි වගේ පෙනුන නිසා දනගාගෙන නෝන ලඟට ගියාලු. මෙන්න ඒ එක්කම පොඩි එකී නැඟිටල කියනවලු,


"අන්න අම්මේ තාත්ත මේ පැත්තට එනව හොර ගෙඩිය වගේ දනගාගෙන" කියල.

6969696969696969696969696969696969696969696969696969696969

අපේ සෑම් අයියගෙ ළමයි එකෙක්වත් සෑම් කියන දෙයක් අහන උදවිය නෙවේ. සෑම් නිතරම කියන්නෙ "මහත්තයෝ ළමයි කියන්නෙ අපි පූරුවෙ ආත්ම වල ණයකාරයො. අපි ණය අරගෙන මගහැරියට පස්සෙ උං ළමයි වෙලා උපදිනව" කියල. දවසක් සෑම් කියනව කලින්දා රෑ සිද්ධිය. මේ කතාවෙන් සෑම්ගෙ තවත් රහසක් හෙලිවුනා.

"වැඩක් නෑ මහත්තයෝ ඊයෙ රෑ දෙක විතර වෙනකල් ට්‍රයිකරා වැඩක් කරගන්න, කොහේද අපේ එවුන් එක්ක බෑ, උං පාඩං කරනව කියල නිදාගන්නෙත් නෑ, කරන පාඩමකුත් නෑ, එහෙට යනව මෙහෙට යනව අපේ කාමරේ දොර රෙද්ද ඈත් කරල බලනව,...... අන්තිමට මම නිදාගත්ත, දැං ඉතිං ඊලඟ පඩි දිනේ එනකල් ඉන්න වෙනව"

බැලින්නං සෑම්ට පර්මිෂන් ලැබෙන්නෙ පඩි දවසට විතරයි.

161 comments:

  1. පට්ට යකෝ.... සිරා කතාව....

    ReplyDelete
    Replies
    1. බොලාට අත්දැකීම් තියනව වගේ.

      Delete
    2. උබ පිස්සු කතා කරනව.... තාම මම පොඩි එකෙක් බොල....

      Delete
    3. රයිට් මම උඹේ අඩවියට ගිහිල්ල මගේ රෝලටත් දාගත්ත. හරි මතකයක් තිබුනෙ නෑ. ඉස්සරහට බලපං.

      Delete
  2. එලම කතා සෙට් එකක්... මම නම් කොහොම හරී මගේ වැඩේ නම් කරගන්නවා...ඇයි යකොඕ මෙහෙ වේලි වේලි ඉඳල ගිහින් එහෙත් වෙලියන්කෝ....

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් හෙහ් නැත්ව නැතුව...

      Delete
  3. ඔය ක්‍රමයෙන් තමයි අපේ සීයලා ගේ කාලේ පවුල් සැලසුම් කෙරුණේ. අවුරුදුදෙකකට එක පාරයි පැදුර පෑගෙන්නේ.

    මං දවසක් යාළුවෙක් අළුතින් ගෙයක් කුලියට අරං යන තැනක් බලන්න ගියා. මූ බලනවා එක කාමරේක ඩබල් ඇඳන් දෙකක් දාන්න ඉඩ තියෙනවද කියලා.

    අපි දෙන්නයි, දරු දෙන්නයි!

    මං සෑහෙන්න උපදෙස් දුන්නා, නමුත් වැඩේ හරි ගියාද මන්දා!

    ReplyDelete
    Replies
    1. ඔයා කවුන්සිලින් කරේ කොයි කාලෙද?

      Delete
    2. අවුරුදුදෙකකට එක පාරයි අවුරුදු විස්සයි. ඉතිං දහයක්වත් ෂුවර් තමයි. පව් ඉතිං දරුවන් වෙනුවෙන් කැපවෙන දෙමව්පියෝ නේද?

      Delete
  4. ඒකත් සෑහෙන බරපතල ප්‍රශ්ණයක් වගේ නේද ? තාමනම් ඔය තත්ත්වය උද්ගත වුනේ නෑ..:D

    ReplyDelete
    Replies
    1. ඉස්සරහට බලපං ආතල් එක.(එහෙම කිව්වට මටත් තාම එහෙමකට නෑ...)

      Delete
  5. ඔව් ඔව් රාජ්.. ඕව මහ කැත කේස්.. මහජනයාට හොරෙන් මුකුත් කරන්න බෑ...

    ReplyDelete
    Replies
    1. අන්න හරි. ඒ කතාව දැන් මතක් උනේ.

      Delete
    2. හික් .. හික් .. ඒ...ක හැබෑව. මහජනතාව අවදියෙන්.

      Delete
    3. ලොල් සීන්... :)

      Delete
  6. ළමයි පොඩි කාලේ ඉඳන් වෙනම නිදියන්න පුරුදු කරන්න ඕන . .

    ඒක නෙමේ මොකෝ මේ කතා වෙන් කිරන්න සික්ටි නයින් ( 69) දාලා . . හික්ස්

    ReplyDelete
    Replies
    1. මම කතන්දර වෙන් කරන්න මොකක් හරි සිම්බොල් එකක් දානවනේ. සිම්බල් හොයද්දි මේක හොඳයි කියල හිතුව. දුකාටත් මේ දැවෙන ප්‍රශ්නෙ ඇති.

      Delete
    2. අපෝ නෑ අපේ එකා තනියෙම නිදා ගන්න පුරුදු කරලා තියෙන්නේ. නින්ද යනකම් පොඩ්ඩක් ලඟට වෙලා ඉන්න ඕන එච්චරයි . . . හෙ හෙ හේ

      Delete
    3. අපිට හොඳ අවවාද මේව.

      Delete
    4. මටත් ආපු ප්‍රශ්නේ මේ 69 ම් දම්මේ ඇයි කියලා

      Delete
    5. දැං තේරුනා නේද?

      Delete
    6. 69 විශේෂත්වෙ හුඟ දෙනෙක්ට පේනවනේ. :)

      Delete
    7. අම්මඅප්පට වධදීපු එවුන්නේ

      Delete
    8. බුහහහා... මමත් ඕක කියන්න ආවේ. ඒක සිරා කතා වෙන්කිරිල්ල!! :))

      Delete
  7. මගේ යාලුවෙක්ටත් ඔය වගේ දෙයක් වෙලා....
    යාලුවට ළමයි 3ක් ඉන්නවා ..දවසක් ලොකු ළමයි දෙන්නා අම්මලාගේ ගෙදර ගිහින් නිවාඩුවට ..අපේ එකා එදා රෑ සෙල්ලමට සෙට් වෙලා තියෙන්නේ ඇඳ ළඟ පැදුරක් එලා ගෙන .....දැන් පොඩි එකා ඇඳේ නිදිලු ...ආණ්ඩුව විපක්ෂයට පෙරලා පහර දෙනකොට එක පාරම පොඩි එකා කියනවාලු "හා හා දැන් ඇතිනේ" කියලා....යාළුවා එහෙමම ඇඳ යටට රිංගලා ...පස්සේ බලනකොට පොඩි එකා කියවලා තියෙන්නේ හීනෙන්ලු....

    ReplyDelete
    Replies
    1. ඒක නං නියම කතාව බං. බොහොම ස්තුතියි ආවට.

      Delete
    2. පට්ට කතාව ඕයි! :D :D :D

      Delete
  8. Puluvnm Blog ak akuru tikk podi kargana aukuru loku wadi. ahama unma hari aul anee . gadara katiyath athaaa edagana kiywanva. mavaga davl horata kiywanna ona dewal

    ReplyDelete
    Replies
    1. Ctrl එක්ක + සහ - පාවිච්චි කලා නං අකුරු පුංචි වෙනව.

      Delete
  9. අනේ පව් බං ... හස්ත කර්මාන්තයක් කරගෙන ඉන්න තමයි තියෙන්නේ ..

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් හෙහ්.... හැමදාටම?

      Delete
  10. හ්ම්ම් මමත් ඔය කටුව කනව.සෙට්වෙනකොටම නෑගිටිනවනෙ දෙන්නගෙන් කවුරු හරි.

    ReplyDelete
    Replies
    1. ඔය ඉන්නෙ තවත් කෙනෙක්.

      Delete
    2. මේකා කකුල ඉස්සුවත් යකඩ ඇදං ඩෝං පටොන් ගාන ඒකේ පොඩි උන් කොහේ නිදාගන්නද..

      Delete
  11. ලංකාව වගේ රටවල් වල ඔය සීන් එක තියනවනේ. පිට රටවල් වල ඒක වෙන්ඩ ඇති පොඩි එකාට උනත් පොඩි කාලෙම වෙනම ජීවත් වෙන්න පුරුදු කරන්නේ. ගොඩක් ඉංග්‍රීසි ෆිල්ම් වල මම නම් දැකලා නෑ දෙමව්පියෝ ළමයි එක්ක එකට නිදියනවා. ගොඩක් කිව්වට කොහොමත්ම නෑ වගේ.

    ReplyDelete
    Replies
    1. ඔව්. ලංකාවෙ තත්වෙ වෙනස් ඇති.

      Delete
  12. :D මං හිතුවේ 'තමන් හිසට තම අතමය සෙවනැල්ල' කියලා කියන්න වෙන්නේ බඳින්න කලින් විතරයි කියලා!

    ReplyDelete
  13. ඔය කතාව කියවනකොට හිනාව වගේම මට මතක් වුනේ අර එකසැරයක් ළමයි දෙන්නෙක්ව මැරුවේ අම්මගේ හොර මිනිහා වැඩේ දැක්ක කියලා ලමයි දෙන්නා.
    මේ ළඟදිත් අවුරුදු එකහමාරක ගෑනු ළමයෙක්ව මැරුවේ එත් අම්මගේ හොර මිනිහා වැඩේ කර කර ඉන්නකොට ළමයා නැගිට්ට කියලා.
    ඔහොම වඩාත් වෙනවා බං මේ ධර්මද්වීපේ

    ReplyDelete
    Replies
    1. ඇත්ත තමයි. මටත් මතකයි ඒ සීන්එක.

      Delete
  14. අර 69 69 69 දිගටම දාලා තියෙන්නේ ඒ ගොල්ලෝ 69 සෙක්ස් පොසිෂන් එකද කලේ

    ReplyDelete
    Replies
    1. නිකංම තියන එකේ දැම්ම ඇනෝ.

      Delete
  15. අනේ රාජ්, යුද්ද කාලේ ගෙදර එන්නේ මාස දෙක තුනකට සැරයක් දවස් 4 ක විතර නිවාඩුවක් අරන්. කොහෙද අපේ පොඩි එවුන් මම ගෙදර ආවම නිදාගන්නෙම නැහැ. අම්මපා මුංට කවුරුහරි කියල දුන්නද දන්නේ නෑ තාත්තා ගෙදර ආවම නිදාගන්න එපා කියලා. අම්මපා එක සැරයක් ගෙදර වැඩට එන ගෑණු කෙනාට ළමයි දෙන්නා බලාගන්න කියලා අපි දෙන්න ගියා රෙස්ට් හවුස් එකකට.

    ReplyDelete
    Replies
    1. හපෝයි! මාස 3-4 සැරයක් ඇවිල්ලත් වැඩේ කරගන්න බෑ කියන්නෙ පෙර පින් නැතිකම තමයි. පොඩි කාලෙ බලු පුට්ටු වලට ගල් ගහන්න ඇති.

      Delete
    2. //පොඩි කාලෙ බලු පුට්ටු වලට ගල් ගහන්න ඇති.//

      බය කරන්න එපා යකෝ

      Delete
    3. Thanks Raj. තව හොඳට බය කරහං. :D

      Delete
  16. නියම කතා ටික බං,කොයි වෙලාවෙ බැලුවත් මහජනයා අවදියෙන් නේද.බැලුවම කාට කාටත් ඔය ප්‍රශ්නය තිබිල තියෙනව.
    හැබෑටම රාජ් හදිස්සියෙම මේ සබ්ජෙක්ට් එක මතක් වුණේ ඇයි,අත්දකීමක්වත්ද.

    ReplyDelete
    Replies
    1. මේ කතා ඇහුවම තමයි ලියන්න හිතුවෙ. නැතුව මගේ අත්දැකීම් නෙවේ. ඒවට තව චුට්ටක් කල් තියනව. පොඩ්ඩට තාම අවුරුද්දයිනේ.

      Delete
    2. ඒ වුනාට දැම්ම හිටන්ම පැලෑනක් ගහපන් රාජ්.

      Delete
    3. හ්ම්. ඔව්. මේක හිතන්න ඕන කාරණාවක්

      Delete
  17. පව්, අ‍ෆ්ෆා!අහිංසක දෙමව්පියෝ :D

    ReplyDelete
    Replies
    1. ඒක නේන්නං. කමෙන්ටු හතලිහකට පස්සෙයි වලලු දාන අතකින් එකක් ආවෙ.

      Delete
  18. ටික කලකට කලින් මම කෙටි කතාවක් කියෙව්වා.. ජෝඩුවක් ගෙස්ට් හවුස් එකක ඉන්නකොට පොලිසියෙන් පැනලා උන් දෙන්නවත් දාගෙන යනවා. පොර කියනවා අපි බැඳලා ඉන්නේ කියලා... පොලිස් ලොක්කා අහනවා බැඳලා නම් මේවගෙ රිංගන්නෙ මොකද කියලා. පොර කියනවා කාමර දෙකයි තාම තියෙන්නේ... ලමයි එක්ක ඔක්කොම නිදියන්නේ එක කාමරේ... ළමයිනුත් දැන් ලොකුයි... ඒ නිසා වැඩේ කරගන්න තමයි මෙහෙට ආවේ කියලා....

    ReplyDelete
    Replies
    1. කෙටි කතාවකට කියාපු වස්තුබීජයක් මචං.

      Delete
  19. පොඩි එකාට නින්ද යනකන් කියලා ඉන්න කොට එලිය වැටිලා..පොඩිඩා ඇහරලා අපි නිදි...වැඩක් නැහැ කියලා

    ReplyDelete
    Replies
    1. ඔය තියෙන්නෙ.(දැං සිංහල නියමයි)

      Delete
  20. අපෙ පොඩ්ඩා ආවෙ කෙලීට වයස අටේදි.. එතකල් තාත්තියි අම්මියි මැද්දෙ තාප්පයක් බැඳගෙන නිදාගත්තෙ.. හ්ම්ම්. ඒ උනාට ඉතින් ඔය අනිත් කාමර තිබ්බෙ නිදහසේනෙ.. වෙලාව තමයි ප්‍රශ්නෙ.. නින්ද යනකල් කතන්දර කියන්න ඕනෙ. එකක් කිවුවට මදි.. කතන්දර ඉවරවෙනකොට තාත්ති කෙසේ වෙතත් අම්මි නං නිදි.. හ්ම්ම්.

    ReplyDelete
    Replies
    1. //කතන්දර ඉවරවෙනකොට තාත්ති කෙසේ වෙතත් අම්මි නං නිදි//
      :-)

      Delete
    2. තාත්තිගේ කතාවක් බාගෙට කියද්දි අපිට නින්ද යන එකේ ඕක මොකක්ද රාජ්

      Delete
    3. දේශකයත් ඉඳහිට හරි ඇත්තත් කියනවා.

      Delete
  21. දැන් පොඩි උන් එක්ක හැරෙන්නවත් බැහැ රාජ්..

    දරුවෙක් ලැබුනම මේ වගේ කතා තමා ලියැවෙන්නෙ..;)

    පලි- රජ්ලා දෙන්නටම දැවෙන ප්‍රශ්න මේවා !!

    ReplyDelete
    Replies
    1. ඒකත් එහෙමද? Rajට කතා කරන්න ඕන.

      Delete
    2. //සෑම් අයියගෙ ළමයි..// අර සෑම් ගැනත් කියල තියන්නෙ...:D

      Delete
    3. පඩි දවසට විතරයි..... හෆූ....!!!

      Delete
    4. ඔය මාස්පඩි ආණ්ඩුවෙ රස්සාවෙන් අස්වෙල දවස්පඩියට කුලී වැඩ හරි කරන්න පලයන් කියපන් බං.

      Delete
    5. සෑමට පඩි දවසට විතරයි..
      හූ යකෝ හූ....

      Delete
    6. අපිට නමි පඞි දවසට ගැනි දන ගහලා කථා කරන්නේ
      තමුසේ ඇද යටින් එලියට එනවද? නැද්ද? කියලා

      Delete
  22. මම නම් කරන්නේ මෙට්ටයක් දාල අන්ද මුල නිදා ගන්නවා.පොඩි උන් දෙන්න නින්ද ගිය ගමන් අදාල ගත්තහැකි බිමට....

    ReplyDelete
    Replies
    1. ඔව්. හොඳ උත්සාහයක්.

      Delete
  23. මම නම් පොඩි එව්වො දෙන්නටම පුරුදු කොලේ නැන්දම්මා ව.කිරි ටික පෙව්ව ගුඩුස් හතරක් පහක් යැව්ව ගමන් නැන්දම්මට දීලා අපි දෙන්න කාමරේට වෙලා අර රතී එක පටන් ගන්නව.
    හැබැයි ඉදල හිටල මට මල පනින හඩක් ඇහෙනව එළියෙන් පුතේ..පුතේ..දුව/පුතා කිරිවමනෙ දැම්ම එන්නකෝ කියල දොරට ගහනව නැන්දම්ම.
    හා..හා...අම්මෙ එයා බාත්රූම් එකේ ඇග හෝදනව මම එන්නම් කියල කියනව බිරිදගේ ක්‍රීඩා පිටියෙන් බසින ගමන්.
    නැන්දම්ම එහෙන් කියනව ඇග හෝදගෙන නේද දරුවට කිරි දුන්නෙ කියල.

    ReplyDelete
    Replies
    1. පට්ට කතාව. ඔන්න ඕකනේ උඹේ වටිනකම.
      //ඇග හෝදගෙන නේද දරුවට කිරි දුන්නෙ// :-)

      Delete
    2. දරුවන්ට බොන්න කිරි ඉතුරු කලාද කෙන්ජි මාමා ? හලිම නාකයි අනේ ඔයා...

      Delete
  24. //බැලින්නං සෑම්ට පර්මිෂන් ලැබෙන්නෙ පඩි දවසට විතරයි.//

    මල කෙලියයි.

    ReplyDelete
    Replies
    1. හැමදා නියං එකදා වැහි වලාවේ. ඒකටත් කෙලිය

      Delete
  25. අලේ මල්ලල්ලෑ ඕවා..

    ReplyDelete
    Replies
    1. දවසක් හාමුදුරුවො කෙනෙක් බණට කියනව මම අහගෙන ඔය වගේ කතාවක්. ළමයා ගොඩක් පොඩි කාලෙ පුංචි එකානේ කියල ළමය නිදිකරවල එකම ඇඳේ අම්මයි තාත්තයි වැඩේ කරාලු. අතරමගදි දරුව නැගිටල ඔහේ ඉඳල, සීන් එකත් දැකල. ඉතිං අර නොතේරෙනවය කිව්ව දරුවගෙ යටි හිතේ රැඳිල තිබුනලු අදහසක් තාත්තා අම්මට රිද්දනවය කියල. ඉතිං දරුව ලොකු වෙද්දිත් මේ තාත්තා කොච්චර හොඳ මනුස්සයෙක් උනත් තාත්ත අහලකටවත් එන්න දෙන්නෙ නැතුව බෙරිහන් දෙනවලු. අන්තිමට මෝහන ප්‍රතිකාරයකින්ද කොහෙද සීන් එක හොයා ගත්තලු. හාමුදුරුවො බණේදිම උපදෙස් දුන්නා කුඩා උනත් දරුවන් සිටින තැනක වැඩේ කරන්න එපා කියල.

      Delete
    2. හරියට හරි. මේක මානසික කේස් වලට බලපාන්න පුළුවන්. මාත් අහල තියනව.

      Delete
    3. බලාගෙන ගියාම DDT යා හරි දැහැමි කොලුවෙක්නෙ...

      Delete
    4. හාමුදුරුවො උපදෙස් දෙන්න ඕනෙ මෙවුවට නෙවෙයිනෙ,... අනේ මන්දා..

      Delete
    5. අඩේ සිරා ... අපි ඒමයි ඈ...

      අනේ ඇනෝ සමහර හාමුදුරුවරු නම් දෙසන්නෙම ඕවා. ඔය එක ප්‍රසිද්ධ, ටීවීවලට එහෙම එන විචිත්‍ර ධර්ම කථික උන්නාන්සෙ කෙනෙක් ඉන්නවා මට නම් ඒ උන්නාන්සෙ පේන්න බෑ. දැන් හුඟක් හාමුදුරුවරු බණ කියල දෙසන්නෙ කුණුහරුපයි, වල්පලුයි, විහිළුයි. උපාසකම්මලත් ඉතිං සාධු කිය කිය අහන් ඉන්නව.

      මම අහන බණක් නම් නෑ බං. එහෙම කිව්වෙ බණ අහන්නෙ නාකි මිනිස්සුය, ඒක ලැජ්ජ වෙන්න ඕන දෙයක් වගේ අදහසක් නිසා නෙවි, තියෙන පව්කාරකමනේ. බණවලට කියන ජාතක කතා අහන් ඉන්න නම් ඔන්න මම කැමතියි. කොහොම උනත් අපිට බණ බලෙන් අස්සවනවා ඉස්සරහ පන්සලේ ලොකු හාමුදුරුවො. මම සාමාන්‍යයෙන් ගෙදර ඉන්න අකමැතිම දවසක් පෝය දවස. උදේ ඉඳන් මර සද්දෙ. පීකර් කටවල්ම 4ක් ගේ ඉස්සරහ. ඕක මේ එහෙම වෙලාවක ඇහිච්ච එකක්ද කොහෙද. කොහොමටත් හාමුදුරුවරු මිනිස්සුන්ට කම්සැපේ ඇලී ගැලී ඉන්න උපදෙස් දිය යුතු නෑ. තේරෙන සිංහලෙන් ‘හාමුදුරුවො බණේදිම උපදෙස් දුන්නා‘ කියල කිව්වෙ ඒකයි. හැබැයි මේ දේවල් ගැන උපදෙස් දෙන්න, දැනුවත්කරන්න නම් අනිවාර්යෙන් සුදුසුකම්තියෙන කවුරු හරි ඉන්න ඕන. මොකද ලංකාවෙ නිසි ලිංගික අධ්‍යාපනයක් නෑනේ. අරයගෙන් මෙයාගෙන් අහගන්න ඒව තමා. අඩුගනනෙ අර මදුරුවා පිටේ එන නෝනලවත් ඕව කියල දෙනවද දන්නෑ, කසාදබැඳල ළමයි හම්බෙච්ච උන්නේ ඒව දන්නෙ.

      Delete
    6. ඕක කවුරුත් කරන වැඩක්නේ.
      හැබැයි හාමුදුරුවරුන්ට ඕකට සුදුසුකම් තියනව ඕනවටත් වැඩිය.

      Delete
  26. හි හි... මං පොඩි කාලේ ඔය වැඩේ කරනවලු හරියට... මොකද අපි හිටපු ගෙදරත් කාමර කියලා වෙන් කරලා තිබ්බෙ නෑ නේ.. අපේ තාත්ත තමයි දැන් ඔය හිනා වෙවී කියන්නෙ... අපිට කරපුවා හම්බවෙයිලු... මං කිව්වා මං නං පොඩි උන් මැද්දෙ තියන් නිදාගන් නෑ කියලා ... දැම්ම කියල තියෙන්නෙ අපේ මහත්තයට... හි හි...

    ඇත්තටම ළමයි වෙනම තියන්න කියන්නෙ මානසික හේතූන් හින්ද කියල මං අහලා තියෙනව.. ඔය අම්මලා මැද්දෙ නිදාගන්න ළමයි එහෙම තමයි පළවෙනියට ඉස්කෝලෙට ගියාම එහෙම ගොඩක් අඬන්නෙ... අම්මගෙ තාත්තගෙ උණුසුම තියෙන්න ඕනෙ... හැබැයි එයාලට පොඩි කාලේ ඉඳලම ස්වාධින වෙන්න ඉඩක් දෙන්නත් ඕනෙ.. ඒත් අපේ රටවල් වැඩිපුර ඉන්නේ 60 පැන්නත් මමාස් බෝයි ලා....

    ReplyDelete
    Replies
    1. ඇත්තටම තාත්ත ඔහොම කිව්වද බං?

      Delete
    2. අපේ අම්මයි තාත්තයි ගොඩක් වෙලාවට යාලුවෝ වගේ තමා රාජ්.. හිටපු ගමන් නං ඉතිං කේස් දානව... ඒත් කොහොමත් මාව අල්ලන් බයිට් කරන්න තියෙනව නං ඒ වගේ ඒවා අතාරින්නේ නෑ... පොඩි කාලෙ ඉඳන් කරපු හරක් වැඩ, ගොන් වැඩ සහ මී හරක් වැඩ ඔක්කොම සභාව මැද්දෙම කියල දානව.. හි හි... මේක නං හැබැයි ඔය ළමයි හැදිල්ල ගැන කතා කර කර ඉන්නකොට කියපු දෙයක්...

      Delete
    3. ඒක හොඳ තත්වයක්. එතකොට ප්‍රශ්න අඩුයි.

      Delete
    4. හි හි ... ඔයා සතියට කී පාරක් කරනවද? හි හි. මාරු ඈ...හි හි.

      Delete
  27. හාව හද දකින්නැහෙ බොල කරුමාන්තේ දැන්. උඹ තනි නැත, අපිත් ඔය ක්ලබ් එකේම තමා.

    ReplyDelete
    Replies
    1. මට තනියම හිනා යනව දැකල පිස්සු කියල මුං හිතයි. අද කමෙන්ටු ටික පංකාදුයි. :-)

      Delete
  28. ළමයින්ට තනි තනි කාමර දීලා එළියෙන් ලොක් කලොත් මොකද ? ගේ හදන කාලෙදි හදන ළමයි ගාන තීරණය කලා නම් ඔහොම වෙන එකක් නෑ...

    ReplyDelete
    Replies
    1. හපොයි..පන්තියක් වත් දාන්න වෙයිද ?

      Delete
    2. ගෙවල් කොහොම හැදුවත් පොඩ්ඩො ඉන්නෙ අම්මල තාත්තල ලඟනේ. ඒකනෙ අවුල

      Delete
  29. මුල් කාලේ තොටිල්ලෙ දොයි කරවල ටිකක් ලොකු උන ගමන් තනියම නිදාගන්න පුරුදු කරන්න තියෙන්නෙ...හැම කාමරයකටම දොරක් තියනවනම් වැඩිය හොදයි :D

    ReplyDelete
    Replies
    1. ඔය තියෙන්නෙ වටිනා උපදෙස්.

      Delete
  30. ඔන්න තවත් එක පොඩි එකෙක් දැක්කලු ඔය වැඩේ අම්මයි තාත්තායි කොරනවා..... පොඩි එකා ඕක ගිහිල්ලා තාත්තම්මගෙන් ඇහැව්වලු ඒ මොකද්ද තාත්තම්මේ අපේ තාත්තා කරන්නේ කියලා ...... තාත්තාම්ම කිව්වලු ගණන් ගන්න එපා පුතේ ඒ තාත්තා බිම දාන් අදිනවා කියාලා ...... ඕක අහපු පොඩි එක කිව්වාලු මටත් ඕන බිම දාන් අදින්න කියලා ..... තාත්තාම්ම බැලුවාලු කොල්ල පිට කොහෙහරි ගිහින් වෙන එකියක් එක්ක බිම දාන් ඇදල පවුලට අවනම්බුවක් එහෙම කරොත් කියලා ..... ආ එහෙනම් වරෙන් මාත් එක්කම බිම දාන් අදිමු කිව්වලු ..... මේක දැක්කලු තාත්තා....... මල පැනල කොල්ලගෙන් ඇහව්වලු මගේ අම්මත් එක්ක ඕක කරන්න උබට ලජ්ජා නැද්ද යකෝ කියලා ...... එපාර පුතා තාත්තට කියනවලු මගේ අම්මට ඔයා කරන කොට ඔය ලැජ්ජාව තිබ්බේ කොහෙද කියලා ....

    ReplyDelete
    Replies
    1. වැඩේ කෙහොම උනත් තර්කෙ නං ටක්කෙට හරි.

      Delete
  31. Replies
    1. මොකෑ හිනාවෙන්නෙ? පොඩ්ඩිලාට තමයි අනාගතේ මේව වැදගත්. (12ක්ද කොහේද හදන්න ඉන්නව කිව්ව නේද?:)

      Delete
  32. මරු මාතෘකාවක් තමයි අද හොයාගෙන තියෙන්නෙ. මට නම් තවම ඔය ප්‍රශ්ණය නැතත් අපිත් ඒක්ක ඉන්න යාළුවෙකුට ඔය වගේ අැබැද්දියක් වෙලා තියෙනව දැනට සෑහෙන කාලෙකට ඉස්සර.

    මිනිහා සව්දි අරාබියට ඒනවිට ලමයට යන්තම් අවුරුද්දක් විතර තමයි වයස. ඉතින් අවුරුදු තුනක් මෙහෙ කට්ට කාලා වැකේශන් යන්න මාසෙකට විතර කලින්ම මෑන් වයිෆ්ට කියලා "පුතාව වෙනම නිදිකරවන්න පුරුදු කරන්න කියලා.

    පුතා දැන් ලොකුයිනෙ, ඒකනිසා අම්මත් ඒක්ක ඒක අැදේ බුදියන්න ඉඩ මදිනෙ, ඒකනිසා පුතා වෙනම බුදියන්න කියලා වයිෆ් කොහොමහරි ලමයව වෙනම නිදාගන්න පුරුදු කරල,හැබැයි ඒ කාමරේම.

    ඉතින් යාළුව රට ඉදල ගියාට පුතා ලගට ඒන්නත්ටිකක් මැලි වෙලා තියෙනව. කොහොමහරි රෑ වෙන කොට පොඩි ඒකාට අළුතෙන් ලැබුනු සෙල්ලම් බඩු ටිකත් තුරුළු කරන් ඒයාගෙ අැදේම නින්ද ගිහිල්ල. ඉතින් යාළුවත් කිසි අවුලක් නැතිව වයිෆ්ගෙ අැදේම නිදා ගෙන.

    පසුවදා උදේම යාළුවයි වයිෆ්යි නැගිටලා. වයිෆ් කුස්සියේ උයන අතරේ යාළුව ගිහිල්ල ලග තිබෙන කඩයට. ඔය අතරෙ පුතා මුහුණත් නරක් කරගෙන ඒනවළු කුස්සිය පැත්තට.

    අැයි පුතා බඩ ගිනිද? කියලා යාළුවගෙ වයිෆ් අැහුවහම පුතා කියනවළු,

    අම්මට මාත් ඒක්ක නිදාගන්න තමයි අැදේ ඉඩ මදියි කිව්වෙ. ඒ වුනාට අර කළු තඩි බඩත් ඒක්ක බුදියන්න ඉඩ තිබුන නේද? කියල.

    ReplyDelete
    Replies
    1. මම බලපු රුසියන් කෙටිකතාවක තියනව යුද්ධෙට ගිය තාත්ත ගෙදර ආවට පස්සෙ පොඩ්ඩට අම්ම නැතිවෙනව. කොල්ල තාත්තට වෛර කරනව. ටික කාලයක් යද්දි තවත් ළමයෙක් ලැබෙනව. ඊට පස්සෙ තාත්ත පුතාගෙ ඇඳට එනව. මේව මානසිකව බලපාන කේස්.

      Delete
  33. යකඩෝ වෙලාවකට අපි දෙන්නම ලියන්නේ ටිකක් ලඟින් යන මෙව්වානේව බං පටන් ගන්න හැටි මම ලිව්වා මැද හරියෙදි වෙන එව්වා උඹ ලියල එළ

    ReplyDelete
    Replies
    1. අඩේ උඹ පෝස්ටුව මකල නේද තිබුනෙ?

      Delete
    2. දෙන්නම රාජ්ල.
      එකලඟ අවුරුදු දෙකක උපන්දින එක ලඟ.
      පොඩ්ඩන්ගෙත් උපන්දින අවුරුද්දක එක කිට්ටුව.
      ඉතිං.......?

      Delete
    3. එක නෙවෙන්නම් ..!!!

      Delete
  34. හපෝ කතා කරන්න එපා ඕකුන් ගැන නම්. මට ඉන්නෙත් එකයි උ ඇති ගමකට. මුන්ට රැට නින්ද යන්නේ නැද්ද මන්දා බන්. පොඩිම කාලේ මු රහැයියා වගේ අඬනවා අපිත් එලි වෙනකම් ඇහැරලා පහුවදාට වැඩක් පලක් කරන්නත් නැ නිදිමත. හැමෝම කීවේ ඕක ටිකක් ලොකු වෙනකොට හරියනවා කියලා. මොන පිස්සුද දැන් අවුරුදු 3යි තවමත් මු තමයි අන්තිමට නිදා ගන්නේ. අනික උදේ පාන්දර නැගිටලා අපි නැගිටිනකන් වද දෙනවා බං.

    පොඩි එකාට අවුරුද්දක් වෙද්දී මම මෙහෙ ආවේ. හරියටම අවුරුද්දකින් නිවාඩු ගියා. වැඩක් නෑ කතා කරලා. කොහෙන් හරි මල්ලි නැගිටින වෙලාවක් බලලනේ මුත් නැගිටින්නේ. මගේ වැඩේ මුළු මාසෙම මු මුගේ ආච්චිත් එක්ක පොඩි පොඩි ට්‍රිප් යවන එක. අයියෝ සල්ලි බං සතියට රුපියල් දහ දොලොස්දාහක් ඉවරයි අත්තම්මයි, මුනුපුරයි නෑදෑ ගෙවල් වල යවලම. අපරාදේ අවුරුද්දක ඇරියස් කවර් කරන්න හිතාගෙන අරන් ගිය රේන්කෝට් ටික.

    ReplyDelete
    Replies
    1. විචාරක මහත්මයට වෙච්ච දේ තමයි වෙලා තියෙන්නෙ.

      Delete
    2. පිය සෙනෙහසට කව් ගී ලියැවුනා මදී :D (විහිලු හොඳේ )

      Delete
  35. හෙහ් හෙහ්.. හරිම පුරස්නයක් තමයි ඒක..:D

    ReplyDelete
    Replies
    1. තාම නැද්ද මොකුත්? :-)

      Delete
  36. මමත් ඔහොම වද දීලා තියනවා.. මම දවසක් ඩූඩ් අයියගේ බ්ලොග් එකේ නම් කිව්වා... Naughty ළමයි...

    ReplyDelete
    Replies
    1. ඒවට රිටන් එක ලැබෙනව.

      Delete
  37. ළමයි හෙම ස්කෝලෙ ගියාම දවල්ට බැරිද වැඩ ටික කර ගන්න.නිවාඩුවක් දාලා ගෙදර හිටියත් පාඩු නෑනේ වැඩේ....නැද්ද මං කියන්නේ.ධීවරයෝ එහෙම වැඩ ටික කර ගන්නෙ එහෙමයි ලුනේ.

    ReplyDelete
    Replies
    1. ඉස්කෝලේ යනවුන් නම් සිද්දිය කියලා කඩේ හරි යවන්න බැරිය. පොඩි එවුන්ට මක්කෙය් කොරන්නේ නෝනේ

      Delete
    2. ඒකටත් ඉතිං වෙනම නිවාඩු දාන්න එපැයි. ධීවරයන්ගෙ වැඩ වාරකන් කාලෙටයි.

      Delete
  38. ඇඟ කීරි ගැහිල ගියා. ඉතින් කොහොමද 5ක් හදන්නේ? එකෙක් හදන එකත් ටිකක් කල්පනා කරලා කරන්න ඕන සීන් එකක්.

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්.. උඹත් මං වගේම 5 කට හීන මවපු පොරක් එහෙනං.... ඔන්න මං කියන්නං අද උඹ දෙකයි හදන්නේ...

      Delete
    2. හෙහ් හෙහ් හෙහ්.... මේවායෙන් ඉගනගත්ත නං දැං හිටං ප්ලෑන ගහත හැකි.

      Delete
  39. ගෙයක් හදද්දී අහවල් එක කරන කාමරේ කියලා එකක් හදන්න ඕනේ! :D

    ReplyDelete
  40. යකෝ මේක 69න් බෙදපු එකනේ වැඩේ. වෙන ඉලක්කමක් තිබුනෙම නැද්ද බොට?

    ඈ රාජ් මලයා? ඇයි බං මේ ඩ්‍රයිවර්ලටම මෙහෙම වෙන්නේ?

    ReplyDelete
    Replies
    1. 69 නරකද?
      ඩ්‍රයිවර් කෙනෙක් කියපු කතාවක්නේ.

      Delete
  41. අඩේ අප්පා එකෙත් හැටි එහෙනම්.
    18+ කිවත් ඒ තරම් සර නැහැ වාගේ...:D

    ReplyDelete
    Replies
    1. සැර නං නෑ. ඒත් වැදගත් වෙන්නෙ +18 අයටනේ.

      Delete
  42. හික්.. මම හිනා වෙලා එන්නම්.. :D මට කියන්න දෙයක් නැහැ. අත්දැකීම් නැහැ. පුංචි කාලේ ඉඳන් තනියම. :D

    Bora Diyaka Induwara

    ReplyDelete
  43. අපේ උන්දැට නිකං වත් මාලග නිදාගන්ඩ තියා මට උන්දැව අල්ලන්ඩවත් දෙන්නැ පොඩ්ඩි මාව තල්ලු කරනවා

    ''අපා මදේ අම්..ම මදේ''

    පොඩ්ඩි ලගින් මම නිදාගන්නවට ලොක්කි කැමති, එයා තමා අපි නිදාගන්න විදිහ තීරනය කරන්නේ

    ''අම්ම මුල්ලේ මෙතන නංගී මම මෙහෙමම ඉන්නවා , තාත්තා මෙන්න ඔයාගේ කොට්ටේ''


    *******සියල්ලන්ගේ අවධානය පිණිස*******


    මම දාපු පෝස්ට් එකක් මැකිලා , ඒ මදිවට මම පබ්ලිෂ්කරන එව්වා පබ්ලිෂ් වෙන්නෙත් නැ, වදෙන් පොරෙන් පබ්ලිෂ් කරහම බ්ලොග් රෝල් වලට යන්නේ නැ අනේ උදව් කරහං බං

    ReplyDelete
    Replies
    1. මං හිතුව උඹටත් අවුල ඇති කියල.
      ටැක්නිකල් දන්න එකෙක් මූට උදව්වක් කරපල්ල.

      Delete
    2. දැන් උදව්වක් කරන්න කියන්නේ බ්ලොගේටද නැත නම් මූ හැමදාම කොට්ටේ අරගෙන එලියට යන එකටද ???

      Delete
  44. OYATH HARI LANU NE DENNE Ctrl + ?

    ReplyDelete
    Replies
    1. එහෙමත් ලණු දෙනවද. මම කිව්වෙ කන්ට්‍රෝල් එක ඔබාගෙන + ගැහුවොත් අකුරු ලොකු වෙනව. කන්ට්‍රෝල් එකත් එක්ක - ලැහුවොත් පොඩි වෙනව. ෆයර්ෆොක්ස්, ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරා වලට හරියනව. ආයෙත් බලන්න

      Delete
    2. කන්ට්‍රෝල් එක ඔබාන මවුස් එකෙන් ස්ක්‍රොල් කරත් හරි. ක්රෝම් එකටත් හරියනෝ

      Delete
  45. මේ දැවෙන ප්‍රශ්නෙට විසඳුමක් ලැබෙන විදියටයි මම අඳින ප්ලෑන්වල කාමර සැලසුම් කරන්නෙ. ප්ලෑන දෙනකොට ඒ ගැන සුළු දේශනයකුත් දෙනවා.(රූම් පාවිච්චිවෙන විදිය ගැන) වෙන් කළ එක් රූම් එකක් තියෙන්නෙ ගෙදර උන්දැගෙ අම්මට හෙවත් දරුවගෙ ආච්චිට. ළමයි පුංචිකාලෙ කැමතියි ආච්චිලාගෙ වියපත් සුවදට. ඒ ඇසුරෙ ඉන්න පුලුවන් විදයට ළමයිව ආචචිගේ කාමරයට තල්ලුකරන්න ඕන. ඒකෙන් ආච්චිගේ හුදකලාවත් නැතිවෙනවා. ළමයටත් හොඳයි. ළමයින්ගෙ පුංචි දකාරකමකට වුනත් ඇතිවෙනකල් හිනාවෙන්න ආච්චිලාට ඉස්පාසුවක් තියෙනවා,දෙමව්පියන්ට නෑ.
    මේ විදියට වැඩ සිද්ධවෙනවනම්, තමන්ගෙ ශෘංගාර ජීවිතයටත් හානි නොවී, වැඩිහිටි දෙමව්පියොත් බලාගෙන අපූරුවට ජීවත් වෙන්න පුලුවන්.
    මෙහෙම වචාන නාස්තිකළාට කාලයක් ගිහින් ඒ ගෙවල් බැලුවොත් මොනවද මාස්ටර් රූම් එකේ දකින්න තියෙන්නෙ, ක්වීන් බෙඩ් එකක් හෝ ඩබල් බෙඩ් දෙකක් එකට පූට්ටුකරලා හදාගත්ත “මහජන වේදිකාවක්“ .....ඉතින් කොහේද රමණීය රමණයක්.
    මේ හේතුව හින්දා මිනිහා ටික ටික “අනුමත“ වෙන්න පටන් ගන්නවා. ගෑණි ටික ටික පන්සලට නොහොත් ආගමික පැත්තට කිටටු කරනවා.

    ReplyDelete
    Replies
    1. අකුරුවල කෑලි සෑහෙන්න හැලිලා. මදුරුවන්ට තල තලා කෙටුවෙ... :(

      Delete
    2. මදුරු වදේද. සැලෙන්න එපා. ගහන්න අයියා ඩීඩීටී. :)

      Delete
    3. අන්න මුළු විස්තරයම දීල. ප්ලෑන් අඳින්න කෙනෙක් ආවම මේ තත්වෙ පැහැදිලි කිරීම හොඳයි.
      ඩීඩීටී ඩීසීඩී ඔක්කොම එකයි.

      Delete
  46. චැහ්! උබටත් අර දේශකයගේ වගේ ළමයි දෙන්නෙක් හිටියනං හරි බං

    මම දුලාගේ අඩවියේ™ දුලා

    ReplyDelete
  47. හැ... පඩි දවසට විතරයි.....???,, ජොබ අතැරලා කුලීවැඩ කරන්න පටන්ගන්න ඕන ...

    ReplyDelete
    Replies
    1. ඒක හොඳයි. හැමදා සැප!

      Delete
  48. මාසෙ පඩිය කොටස් වශයෙන් ගෙවන්න කිව්ව නං හරි!

    ReplyDelete
  49. මෙව්වා කියෝලා දැං ඉදංම ප්ලෑන් ගැහුවනං ඒ කාලේ වෙනකොට කරදරයක් නැතුව ඉන්න පුළුවං වෙයි..

    ReplyDelete
  50. මහ රෑ වෙනකල් ළමයින්ට ටීවී බලන්න දෙන්නෙ නැතුව වේලාසනම නිදි නොකරවීමේ පළ විපාක තමයි ඔය.

    ReplyDelete
  51. මේව අපට හොඳ පාඩම්......අකුරක් නෑර කියෙවුවා..

    ReplyDelete
    Replies
    1. හොද වෙලාවක් බලලා නිල අල්ලලා වැඩේට සෙට් උනානම් ඔය බාධාවල් පැන නගින්නෙ නෑ....... නේද ජෝති...

      Delete
    2. ow... ow...
      jhothishalanka

      Delete
  52. ඔය ළ්මයි ලොකු වෙනකොට දවසගානෙ රොටි පුච්චන්න තියෙන ආසව අඩුයි. එතකොට හොඳම විදිය නිවාඩු දවස්වල, සති අන්තෙ පාන්දර හිතෙ හැටියට රොටිය පුච්චන් පරක්කු වෙනකල් නිදා ගන්න එක. අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි.

    ReplyDelete
  53. මගෙ අම්මේ බං... පෝස්ට් එක හොඳයි... කොමෙන්ට් කිට හොදාදාදාදායි...

    මේ ඉන්න විදියටම ඉන්නවා බං.. ආයේ මොකටද නැති කරදර හදා ගන්නේ.. :D

    ReplyDelete
  54. අයියෝ අයියෝ...

    මේකෙ බැදපු උන් සෙට් එක දාලා තියෙන කමෙන්ට් ටික දැක්කම සසර කල කිරෙනවා... පව් අප්පා!!! ^_^

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  55. මං මීට වඩා කමෙන්ට් වලින් දෙයක් බලාපොරොත්තු උනා :P

    ReplyDelete
  56. හෙක් ... හෙක්.. ඔව්වට ක්‍රම සහ විධි තියනවා. අපේ මහජනතාව නින්ද ගියාට පස්සෙ ආයි කන ගාව නලා ගැහැව්වත් ඇහැරෙන්නෙ නැහැ. හිමින් වෙනත් කාමරේට රිංගුව. එකම වැඩේ කෙල්ල උදේම ඇහැරෙනවා. ආ.. අද තාත්ත වෙන කාමරේක ද නිදා ගත්තේ???????????? ඔව පුතේ .. නැහැ පුතේ.... වචනත් ටැපලෙනවා.

    ReplyDelete
  57. කෙන්ජියට වගේ මටත් බොහොම කරදර හිරිහැර තිබුනේ නැන්දම්මගෙන්. මම හිතන්නේ උන්දැට දිවැස් තිබුනද කොහෙද..?

    ReplyDelete
  58. මේවා ඉස්සර වුනේ නෑ. හේතුව ගෙවල් වල ලයිට් නෑ. කාලා බීලා හත අට වෙනකොට හැමෝම නින්දට යනවා. දැන් තමයි දහය වෙනකං ටී.වී. බලලා, එක දෙක වෙනකං ඉන්ටර්නෙට් එකේ ඉන්නේ. ඉස්සර ළමයි මුවන්පැලැස්ස අහලා නිදා ගන්නවා. නැගිට්ටත් ලයිට් නැති නිසා මොනවත් පේන්නේ නෑ. මොනවා හරි ඇහුනොත් මිස.

    ReplyDelete
    Replies
    1. මටත් මතක් වෙනවා පට්ට සීන් ඒකයි... මේක වුනේ අපේ අයියා කෙනෙක්ට.. මේකාට ළමයින් දෙන්නෙක් ඉන්නවා.. කෙල්ලෝම දෙන්නෙක්. මේ සීන් ඒක වෙනකොටත් මුන්ගේ ගේ බගේට හදලා.. ඉතින් ඒකට කාමරේ තමයි දොයිය ගන්නේ.. දවසක් මං ගියා මුන්ගේ ගෙදර.. අක්කායි අයියායි පේන්න හිටියේ නැ.. පොඩි එවුන්ගේ සද්දේ කාමරෙන් ඇහුන නිසා මං ගියා කාමරේට.. යනකොට ලොකු කේලී පොඩි කේලීගේ ඇඟ උඩ ඇදේ.. මං ටිකක් බලන් හිටියා.. ලොකු උඩ පැන පැන ඉන්නවා පොඩ්ගේ ඇග උඩ.. මං ඇහුවා මොකද ලොකු ඔය කරන්නේ කියලා.. මේකී ගත් කටටම කිවිවේනැතා ඇයි අපේ තාත්තාත් අම්මිට මෙහෙම කරනවානේ කියලා.. මට පොළව පලාගෙන යන්න හිතුවා..උන්ට මෙලේ දේයක් තේරෙන්නේත් නැතුව ආතල් ගන්නවා වගේ.. කොහොම හරි ලොකු කේලී දැකලා ආණ්ඩුව විපක්ෂේට ගහනවා.. මං අක්කාටත් කිව්වා විස්තරේ. නැත්තම් පොඩිවුන් දෙන්නා තව මොනවා කරයිද දන්නැනේ...

      Delete
  59. This comment has been removed by the author.

    ReplyDelete
  60. ඕක පොඩි එවුන්ගෙන් විතරක් නෙමේ බන් ලොකු ලමයින්ගෙනුත් තියෙනවා.අපේ දුව ලමිස්සියෙක්.අපේ කාමරෙයි එයාගේ කාමරෙයි එක බිත්තියයි.දුව සමහර දාට වයිෆ්ගෙන් අහනවා අම්මේ මම අද EARPHONES දාගන්නද කියලා.අපි තුන්දෙනා යාලුවෝ වගේ.

    ReplyDelete
  61. රාජ්ගෙ පෝස්ට් එක හැමෝගෙම සිත් බැඳගෙන තියෙන හැටි!

    ReplyDelete
  62. //බැලින්නං සෑම්ට පර්මිෂන් ලැබෙන්නෙ පඩි දවසට විතරයි.//

    ඉගෙනගෙන වැඩක් නෑ ...
    කුලී වැඩක් කරනවා . එතකොට දවසගානේ පඩි. බුහහහහාආ හඃ හඃ හඃ
    එල එල
    පට්ට කතාව .

    ReplyDelete
  63. පව් බන් සෑම්කාරයා. ලබන සැරේ පඩි දවසටත් දුවලා නැගිටලා හිටියොත්...

    ReplyDelete