Thursday, May 8, 2014

පොලිස් නිලධාරියා ඝාතනය වීම අපට කියන දේ.....

කුරුණෑගල පොලිස් නිලධාරීන් දෙදෙනා පැහැරගැනීම සහ එක් අයෙකු ඝාතනය වීම පිළිබඳව ප්‍රවෘත්ති පලවීමත් සමඟ මා අනුමාන කල දෙයක් සත්‍ය බැව් පසක් විය. එනම් මෙය සාමාන්‍ය ඝාතනයක් නොවන බවයි. සාමාන්‍යයෙන් සිදුවන ආකාරයට යම් රාජකාරීයක් සම්බන්ධව අසන්තෝෂයෙන් සිදුවූ ඝාතනයකට වඩා යමක් මෙම ඝාතනය තුල ඇත.
පොලිසිය වේවා වෙනත් අංශයක වේවා රාජ්‍ය සේවකයන්ගේ සේවය හෝ යුක්තිය ඉටු නොවීම පිළිබඳව අප්‍රසාදයක් සමාජය තුල ඇත. එය ඕනෑම ක්ෂේත්‍රයක අඩු වැඩි වශයෙන් පවතින්නකි. උදාහරණයක් ලෙස දෙපාර්ශවයක ආරවුලක් විසඳීමේදී කොතරම් සාධාරණව කටයුතු කලද එක් පාර්ශවයක් අසතුටු වීම ස්වභාවිකය. මෙවන් අවස්ථාවලට මුහුණ දීමට ඕනෑම රාජ්‍ය සේවකයෙකුට සිදුවිය හැකිය. කෙසේ වුවත් රාජකාරී කිරීමකට එරෙහි පළිගැනීම් සාමාන්‍යයෙන් විරලය. විගණන අධිකාරී ලලිත් අඹන්වල මහතාට එල්ලවූ ඇසිඩ් ප්‍රහාරය මෙන්ම මහේස්ත්‍රාත්වරයෙකුගේ ඝාතනය මේවාට උදාහරණය.

කෙසේ වුවත් පොලිස් දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් මෙම තත්වය අසාමාන්‍යය. පොලිසිය යයි කියූ සැනින් මිනිසෙකුගේ මනසේ මැවෙන්නේ යහපත් චිත්‍රයක් නොවේ. පසුගිය දිනවල යම් ආයතනයක් මඟින් සිදුකල සමීක්ෂණයකට අනුව වඩාත්ම දූෂිත ආයතනය පොලිසිය බැව් කියාසිටි මිනිසුන් ගනන සියයට හැට ගනනකි. මගේ අදහස අනුව මෙම අප්‍රසාදයට‍ හේතුව, සාමාන්‍යයෙන් ජනතා විරෝධයට ලක්වන කාරණා වන අල්ලස් ගැනීම් වැනි කරුණු ම නොවේ. අල්ලස් දූෂණ හෝ අකාර්යක්ෂමතාවය වැනි විෂමාචාර සෑම ක්ෂේත්‍රයකම පවතී. එසේ නම් මෙම අප්‍රසාදයට හේතුව කුමක්ද?

නිශ්චිත වශයෙන්ම මීට හේතුව සාමාන්‍ය විෂමාචාර ඉක්මවා ගිය තත්වයක් පොලිසිය තුල වර්ධවය වීමයි. රටක නීතිය හා සාමය ස්ථාපිත කිරීමේ අරමුණින් පිහිටුවා තිබෙන මූලික ආයතනය වන පොලිසිය පසුගිය කාලයේ කටයුතු කලේ අතිශයින්ම වැරදි සහගත ආකාරයටය. උද්ඝෝෂන හෝ පෙළපාලි වැනි අවස්ථාවන් වලදී පොලිසිය රජයේ නියෝග පිලිපැදීම සිදුකල යුතු වුවද එය සිදුකරන ලද්දේ සිදු කල හැකි ඉතාම නරක අයුරින්ය. සමහර විටෙක සිදුවූයේ රජයේ නියෝගයටත් ඉහලින් යමින් කෲර ලෙස මර්ධනය සිදු කිරීමයි. අනෙක් අතට ඕනෑම කරුණක් සම්බන්ධයෙන් සාධාරණයක් ඉටුවකිරීමට පොලිසිය අසමත් වී තිබීමයි. බලය ඇත්තන්ගේ සුරතලෙකු බවට පත්ව ඇති පොලිසිය ඔවුන් හමුවේ සුවච කීකරු බල්ලාගේ චරිතයත් බලය නැත්තන් ඉදිරියේදී හපාකන බල්ලාගේ චරිතයත් රඟදැක්වීමයි. තවත් පැත්තකින් සලකා බැලූ කල පොලිස් දෙපාර්තමේන්තුවේ ඉහලින් ලැබෙන වැරදි තීරණ ගැනීම් මෙම අප්‍රසාදයට හේතු වී ඇති බැව් කිවහැකිය. උදාහරණ ලෙස රථවාහන වැරදි ඇල්ලීම යනු පොලිසියට "ටාගට්" එකකි. ටාගට් කවර් කිරීම සිදුවන පහත් ආකාරය අමුතුවෙන් විස්තර කිරීම අවශ්‍ය නැත. අවසානයට දක්වන්නට යන කාරණාව වඩාත් වැදගත් කාරණාවයි.

එනම් පොලිසිය තුල පවතින කෲර ස්වභාවයයි. බලයක් නැති අහිංසකයෙකු හමුවේ ඔවුන් කටයුතු කලේ, අත්අඩංගුවට පත්වන සැකකරුවෙකුට වඩාත් නරකම ස්ථානය ලංකාවේ පොලිසිය දැයි සිතෙන අයුරිනි. සැකකරුවන් හට එල්ලා පහරදීම වැනි දඬුවම්ද වෙඩිතබා ඝාතනය සිදුකිරීම වැනි දෑ පොලිසියට සාමාන්‍ය දේවල්ය. පසුගිය දිනෙක දෙරණ නාලිකාවේ තුන්සිය හැට වැඩසටහනට පැමිණි පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණට නරඹන්නෙකුගේ ප්‍රශ්නයකට පිළිතුරු දීමට සිදුවිය. නරඹන්නාගේ ප්‍රශ්නය වූයේ අත්අඩංගුවට ගත් සැකකරුවන් පොලිස් භාරයේ සිටියදී මියයාම සම්බන්ධවයි. මාධ්‍ය ප්‍රකාශකගේ පිළිතුර අපූරු එකක් විය. "ඔහුට අනුව ආත්මාරක්ෂාව සඳහා කටයුතු කිරීමේ-බලය පාවිච්චි කිරීමේ-අයිතිය පොලිස් නිලධාරීන්ට ඇති නිසාත්, මීට පෙර සිදුවී ඇති සැකකරුවන් ඝාතනය වීම් පිළිබඳව උසාවිය හමුවේ කරුණු දැක්වූ පසු, උසාවිය එම කරුණු පිලිගෙන ඇති නිසාත් කිසිදු අවුලක් සිදුවී නැත". මාධ්‍ය ප්‍රකාශකගේ උත්තරය අනුව පොලිසියේ පිරිහීමට සෘජුවම වගකිවයුතු අනෙක් පාර්ශවය අධිරණයයි.


පොලිස් නිලධාරීන් ඝාතනයෙන් දිනකට පසු මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ අජිත් රෝහණ තවත් අපූරු ප්‍රකාශයක් සිදු කලේය. එනම මෙම පැහැරගැනීම් සහ ඝාතනය සිදුකිරීම පොලිස් දෙපාර්තමේන්තුවට එල්ලකල අභියෝගයක් ලෙස භාරගන්න බව ප්‍රකාශ කිරීමයි. කණගාටුවට කරුණ නම් පොලිසියට අභියෝග එල්ලවූ පළමු අවස්ථාව මෙය නොවීම මාධ්‍ය ප්‍රකාශකවරයාට අමතක වීමයි. දෙනෝදාහක් බලා සිටියදී නානසාරලා වැන්නන්ගේ ආගම්වාදී සංවිධාන මිනිසුන්ට පීඩා කරන්නේ පොලිසිය බලා සිටියදීය, දහස් ගණන් මිනිසුන් උද්ඝෝෂණය කරද්දී පොලු රැගත් මැරයන් මිනිසුන්ට පහර දෙනවිටද සිදුවූයේ පොලිසියේ බලය අභියෝගයට ලක්වීමයි, කැමරාකරුවන් ඉදිරියේදී ඊනියා ආරක්ෂක කලාපයක් වන වරායේදීත් ගුවන් තොටුපලේදීත් විපක්ෂයේ මන්ත්‍රීන්ට මැරයන් පහරදෙන විට කොනිත්තන විටද අභියෝගයට ලක්වූයේ පොලිසියේ කීර්තියයි, පොලිසිය බලා සිටියදී "අලි හොරුන්" මාධ්‍යවේදීන් පැහැරගෙන ගොස් පහරදී කැමරා කුඩු කරනවිටද පරීක්ෂාවට ලක්වූයේ පොලිසියේ තත්වයයි. මෙවන් අභියෝග අනන්ත සංඛ්‍යාවක් එල්ල වනවිට නිද්‍රාශීලිව සිටි පොලිසියේ දොරකඩට දැන් අභියෝගය පැමිණ ඇත.

මීට පෙර සිදුවී ඇති ලෙසින්ම, මෙම පැහැරගැනීම සහ ඝාතනය සිදුකලවුන් සොයා ඔවුන් ඝාතනය කිරීමට පොලිසිය කටයුතු කරනු ඇත. එහෙත් ප්‍රශ්නය එතැනින් අවසන් නොවේ. පොලිස් දෙපාර්තමේන්තුව යහපත් තැනක් වන තාක් මිනිසුන්ගේ වෛරය අවසන් නොවනු ඇත. ලලිත් අඹන්වල වැනි නිලධාරීන්ට ඇසිඩ් ප්‍රහාර එල්ල කරන විට, නඩුකාරවරුන් වෙඩිතබා ඝාතනය කරන විට, පොලිස් නිලධාරීන් පැහැරගෙන ගොස් නිරුවත් කර වධදී "විශේෂී ලෙස" ඝාතනය කිරීමට සිදුවන්නේ එසේය. නිලධාරීන් දෙදෙනා පැහැරගැනීම සහ ඝාතනය වෙනුවෙන් කණගාටුවන අතරතුර පොලිස් දෙපාර්තමේන්තුව වඩා යහපත් තැනක් බවට පත්කිරීමට පියවර ගැනීම ඝාතනය වූ නිලධාරියා වෙනුවෙන් කලහැකි හොඳම උපහාරය බැව් මතක් කරනු කැමැත්තෙමි.

53 comments:

  1. ලංකාවේ දූෂිතම දෙපාර්තමේන්තු අතර අගතැන්පත් තැනක් තමයි පොලීසිය. ඇත්තටම පුදුම අප්‍රසාදයක් ඇතිවෙන්නෙ මේ දෙපාර්තමේන්තුවේ නම ඇහෙනකොටත්.

    ReplyDelete
    Replies
    1. එහෙම වෙන්නෙ මම අර කිව්ව ජාතියෙ දේවල් නිසා

      Delete
  2. පොලොසිය ගැන කතා කිරිමද දැන් වැඩක් නැති ගානයි පොලොසියේ ක්‍රියාකලාපය හම්බන්තොට සිද්ධියෙන් හොදට පෙනවා ..

    ReplyDelete
  3. Spot on. You beat yourself. One of the best I ever saw in a Sinhala blog.

    ReplyDelete
  4. දැන් මේක විෂම චක්‍රයක් වෙලා වගේයි මට පෙනෙන්නෙ.. රාජ්‍ය තන්ත්‍රය පුරාම අඩු වැඩි වශයෙන් ඇති බලවතා දුබලයා පෙලීමෙ ක්‍රියාවේදි පොලිස් කාරයාත් චක්‍රයේ යම්තැනකදි පීඩාවට පත්වෙනවා. අන්තිමට ඔක්කොම කුණු බේරුවල් බොක්කට වගෙ අපිට පෙනෙන්නෙ අපි එක්ක ගැටෙන අය විතරයි.. හරියට ඔරලෝසුවෙ ක‍ටු හා මුනත වගෙ. ඊට පස්සෙන් ලොකු යාන්ත්‍රණයක් වැරදියට දුවනවා.

    ReplyDelete
    Replies
    1. රාජ්‍ය තන්ත්‍රය පුරාම විශමාචාර තියන බව හැබෑව. නමුත් ආයුධ සහිතව, මිනිස්සු අත්අඩංගුවට ගැනීමේ බලය තියන තැනක වෙන්න පුළුවන් හානිය හෑහෙන්න වැඩියි. හරියටම උදාහරණයක් කිව්වොත් න්‍යෂ්ටික බලාගාරයක අවුලක් උනොත් වියහැකි හානිය වෙනත් තැනකට වඩා භයානක වීම වගේ දෙයක් තමයි මේක.

      Delete

  5. ජය වේවා!!!

    ReplyDelete
  6. පොලීසියේ නීමොලර් මොහොත?

    ReplyDelete
    Replies
    1. නීමොලර් මොහොතක් වගේ තමයි. අවසානයේ ඔවුන් පැමිණියේ පොලීසිය වෙතය. මිනිස්සු හැමෝම එයාල එක්ක අමනාපයි.

      Delete
  7. අපි මෙතන ඉඳන් පොලෝසිය හමගැහුවට උනුත් මාර පීඩනයකින් වැඩ කරනවා ඇති නේද බං.හරියට කම්බියේ යන මිනිහ වගේ.

    ReplyDelete
    Replies
    1. පීඩනයක් ඇති. රාජකාරි කරන්න ගියාම පීඩනයක් නැත්තෙ කාටද? නමුත් පොලිසියට අල්ලගෙන එන මිනිහට එල්ලල ගහනව නං එතන තියන තත්වය මොකද්ද?

      Delete
  8. මිනිස්සු කොච්චර වෛරයකින්ද ඉන්නේ කියලා අහන ඕන එකෙක් කියනවා. ඒත් මම මේක අනුමත කරන්නේ නෑ. කිසිම කෙනෙක් එහෙම වදදීලා මරන්න හොඳ නෑ. ඒත් මම එකක් දන්නවා. ඇමරිකාවේ වගේ මෙහේ ගිනි අවි භාවිතා කරන්න දුන්නා නම්. එක ට්‍රැෆික් පොලිස් කාරයෙක්වත් ඉතුරු වෙන්නේ නෑ. ඒ තරම් බලුම බලු ජාතියක්. අහිංසක ත්‍රී වීල් කාරයන්ගෙ ත්‍රී වීල් එකේම් ගිහින් උන්ගෙන් කාලා උන්ටම දඩ කොල දෙන ජරාම බල්ලෝ ජාතියක් මේ ළෝකෙ කිසිම රටක නැතිව ඇති.

    ReplyDelete
    Replies
    1. මාත් මෙතන කමෙන්ට් කරන හුඟක් දෙනෙකුත් ඝාතන අනුමත කරන එකක් නං නෑ. නමුත් කෙනෙක් වගා කරන දේවල් නෙලාගන්නව නෙව.

      Delete
  9. පොලිසිය යනු සමාජයේම උප කුලකයකි..

    ReplyDelete
    Replies
    1. ඔය උපකුලක කත‍ාවට මගේ එච්චර කැමැත්තක් නෑ. මේක අර ගිරව් දෙන්නගෙ සීන් එක වගේ එකක්. හොඳ තැනකට වැටුනොත් හොඳයි නරක තැනකට වැටුනොත් බඩුම තමයි. පොලීසිය "හොඳ තැනක්" කරන්න කටයුතු කරනව නං පොලිසිය හොඳ වෙයි. නැත්තං මේ තත්වෙම තමයි.

      Delete
  10. 1. පහත් තැනින් ගලා යයි ජලේ...
    2.නඩුත් හාමුදුරුවන්නෙ ඉඩුත් හාමුදුරුවන්නෙ...
    3.දී කිරට බලල්ලුත් සාක්කි කීවලු...

    ඔබ මතුකර ඇති තැන් සම්බන්ව ඉහත කියමන් අදාල යැයි මට හිතේ

    ReplyDelete
  11. මට නං හිතෙන්නේ දැනට තියෙන කරුණු කාරණා අනුව පොලීසියෙන් අවැඩක් උන අළුත් චන්ඩි ටිකක වැඩක් මේක... එහෙම නැත්නං චන්ඩින්ට සම්බන්ධ අහිංසකයෙකුට පහර දීමක් හෝ දෙයක්.

    හැලපේ කිව්ව වගේ මම දකින විදියට වඩාත්ම පීඩනයකින් වැඩ කරන්නේ පොලීසිය හා හමුදාව. ඒකෙනුත් පොලීසිය ට බර වැඩියි. මොකද හැම තැනින්ම පීඩනය. අර පොඩි කතාවක් තියෙන්නේ පොලිස්පති දීපු ඕඩර් එක අන්තිමට සිවිල් ආරක්ෂක තමා ක්‍රියාත්මක කරන්නේ කියල පඩි පෙල දිගේ තනතුරු අනුව බැහැල ඇවිත්

    මාත් පොලීසිය එක්ක තරහයි නමුත් ඇත්තටම උන් ගැන ලොකු අනුකම්පාවක් තියෙනවා. පොලිස් කාරයෙක්ගේ දවසක ජීවිතය ගැන මම ලියපු කතාවක් ඩ්‍රාෆ්ට් එකේ තියෙනවා ඒක හදල දාන්නං පස්සේ..

    පොලීසියේ පීඩනය කොයි තරංද කියනවනං ටවුන් එකක ඉන්න ලොකු මුදලාලිත් ඌට ඕඩර්ස් දෙනවා. එතකොට හිතා ගත්තෑකි නේ කොයි තරං ඕඩර්ස් දෙන්න කස්ටිය ඉන්නවද කියලා. අරකා ඇල්ලුවම මේකා කෝල් දීල එළියට දාන්න කියනවා. අරූ අල්ලන්න එපා කියනවා. මූව අල්ලපං කියනවා. රථවාහන වැරදි වලදීත් එහෙමයි. දොස්තරලා කොච්චර වැරදි කරත් බේරෙනවා. මුකුත්ම කරගන්න බැරි කෙනෙක් විතරයි දඩේට අහු වෙන්නේ. හරි හමන් එකෙක්ගේ වාහනයක් ලිව්වොත් අරුගේ රෙදි ගලවල යාපනේටම මාරු කරල තමා පස්ස බලන්නේ.

    එහෙම බැලුවම පොලෝසිය තරං වටෙන්ම බැට කෑමට ලක් වෙච්චි තව තැනක් නැහැ. මේ ක්‍රමය වෙනස් විය යුතුයි. හොද උදාහරණය යුරෝපීය පොලීසියන්. වැඩි කාර්්‍යක්ෂමතාවක් ඔවුන් තුල තියෙනවා. නමුත් ඒ විදියට අපිට කරන්න බෑ අපි අපේ විදියක් හදාගන්න ඕන.

    ReplyDelete
    Replies
    1. දේශක ගේ දැක්ක ලොකුම කමනෙටුව හැක් නෑ සිරියස් වගේ කතාව ....හැක් හැක්

      Delete
    2. අම්මටහුඩු දේශගේ ප්‍රොෆයිල් එක හැක් කරලා. කීයටවත් මේ දේශකය නං නෙවෙයි,

      Delete
    3. ජෝකර්ට සීරියස් වෙන්න දෙන්නෙ නෑ කියන්නෙ ඕකයි.

      පීඩනයක් තියන බව හැබෑව. පීඩනයක් නැත්තෙ කාටද? එහෙමයි කියල මේ කරන වැඩ අනුමත කරන්න පුළුවන්ද?

      Delete
  12. ඔය සිද්ධිය අන්තිමට කෙලව වෙන්නෙ අර බේරුන පොලිස්කාරයාට කේස් ෆයිල් කරලා. කියයි රාජකාරිය පැහැර හැරිය කියලා.

    ReplyDelete
    Replies
    1. ඒකත් වෙන්න පුළුවන්. මම අහගෙන මොකද්ද අතේ අමාරුවක් නිසා පිස්ටල් පාවිච්චි කරන්න බැරි කතාවකුත්

      Delete
  13. Replies
    1. පොලිස් කාරයෙක් හදන්න කොච්චර කක්ක ඕනද කතාව දන්නවද?

      Delete
    2. නැහැ....
      කියපන් බලන්න..ලියපන් අහන්න.

      Delete
  14. පොලීසියට විතරක් නෙවෙයි ආත්මාරක්ෂාව පොලිස් අතඩංගුවට පත්වන සැකකරුවෙකුට වුවත් තිබියයුතුයි.

    ReplyDelete
    Replies
    1. හැබෑව. අන්න ඒ අයිතියයි තහවුරු කරගන්න ඕන

      Delete
  15. මෙ සියලුම දෙවලට වගකිව යුතු වෙන්නෙ මෙ ජරා ජිර්න වෙලා තියෙන පාලන ක්‍රමය

    ReplyDelete
    Replies
    1. ඒක යටින්ම තියන හේතුව

      Delete
  16. මනුතාපයෙ ජන්තු ව මතක් වෙනවා.....

    ReplyDelete
  17. පොලීසිය ගැන මගේ ආකල්පයත් එච්චර හොද එකක් නෙමේ. මට හොඳට මතකයි කටුනායකදී අපේ ඇස ඉස්සරහම අපේ ම සහෝදර සහෝදරයින්ට පහර දීපු හැටි..අපිප් බේරුනේ අනූ නාමයෙන්..එත් මේ අමානුෂික ඝාතනය කිසි ලෙසකින්වත් අනුමත කරන්න පුළුවන් එකක් නෙමේ....

    ReplyDelete
    Replies
    1. එහෙම පහර දෙන්න සලස්වපු කෙනාලු නේද අර ගහක් වැටිලා මළේ..

      Delete
    2. අන්න ඒවගේ දේවල් එක්ක පහුගිය අවුරුදු පහක් විතර ඇතුලත පිරිහීම ඩබල් උනා.

      Delete
  18. රටක් හදන්න පටන් ගන්න ඕනා පොලීසියෙන් තමා.. පොලීසිය අවුල්නම් හිල්කූඩෙන් වතුර එකතු කරනවා වගේ තමා...

    ReplyDelete
  19. Wrong!
    The two policemen had been taken to take hidden weapons.One tried to hurl a grenede.So the group had to shoot.You'll see the full report in next sunday "Divaina"

    KOLU

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. මේ අර පරණ කොලුද?

      Delete
    2. yes work place eke Sinhala kotanna behe

      Delete
  20. රාජ්, . ඝාතනය යනු ඝාතනයමයි.. ඒක අසාධාරණයි, වැරදියි.. මෙතන ඝාතනය බලන්න. ඒ මනුස්සයා අවු 22ක් කොස්තාපල්. හරි .සුදුසුකම් නෑ වෙන්න පුලුවන් .. නමුත් ඒ පීඩනය ඒ මනුස්සය පිට කරන්නෙ කාගෙන්ද . අන්න එතනින් පටං ගමු !!

    ReplyDelete
    Replies
    1. මම ඒ කොස්තාපල් එහෙම කරන එක නිවැරදියි කියන්නෙ නෑ.. ඒත් බලද්දි තැලෙන්නෙ එකම මට්ටමේ ඉන්න කොස්සයි ත්‍රීවිල් මල්ලියිනෙ බං..

      Delete
  21. දැන් මිනිස්සුන්ට පොලිසිය ගැන විශ්වාසෙකුත් නෑ බයකුත් නෑ..

    ReplyDelete
  22. මාධ්‍ය ප්‍රකාශකයා කිව්වාද මේක පොලිසියට අභියෝගයක් කියලා.ඒ කියන්නේ මේකට සම්බන්ධ සැකකරුවන්ගේ ඉරණම මොකක්ද කියලා අපිට හිතා ගන්න පුළුවන් කියන එකයි.(ආණ්ඩුවේ එකෙක් සම්බන්ධ නැති නම්),අනිත් එක රාජ් කියනවා වගේ පොලිසියට අභියෝගය කරන දේශපාලකයින් ඉන්න කොට ඒ අභියෝග මේකට පේන්නේ නැත්තේ අපි පොට්ට වෙලාද නැතිනම් මාධ්‍ය ප්‍රකාශකයා පොට්ට වෙලාද..?

    ReplyDelete
  23. මට නම් මොකුත් මතක නෑ රාජ්?

    16+ බලලා ආතල් එකක් අරන් ඉන්න අනා.... ඔව්වා මොකටද අනේ අපිට?

    ReplyDelete
  24. මගේ නිරීක්ෂණ

    1. අද සිටින පොලිස් නිළධාරීන් බහුතරයක් උතුරු නැගෙනහිර යුද්ධය කාලේ බඳවාගෙන කෙටි පුහුණුවකින් පසු සේවයට යොදාගත් අයයි. මේ අයගේ පුහුණුව පොලිස් සේවය සාර්ථකව පවත්වාගෙන යාමට ප්‍රමාණවත් මදි. දැනට එවැනි අයව නැවත පුහුණු කිරීමේ වැඩපිළිවෙලක් ඇතත් එය එතරම් සාර්ථක බවක් නොපෙනේ.

    2. පොලිස් නිලධාරීන්ට තම රාජකාරි කටයුතු පිලිබඳ ඇත්තටම ප්‍රතිඵලදායක පුහුණුවක් ලැබී නැතිබව පෙනෙයි. කැරලි මර්ධන බලකායේ පිහිටෙන් තොරව සුළු සිදුවීම් මර්දනය කිරීමේ හැකියාව නැති බවද පෙනෙයි.

    3. පොලිස් නිලධාරීන් අඳින හිස්වැස්ම ඔවුන්ට නොගැලපේ. හදිසි අවස්ථාවකදී හිසෙන් ගැලවෙන්නට යන තොප්පිය අල්ලාගෙන දුවන්න පනින්න වීම කරුමයකි.

    4. වාහන පරීක්ෂාකිරීමේ ජාත්‍යන්තර න්‍යායක් ඇත. අවම වශයෙන් තිදෙනෙක් සිටිය යුතුය. පළමුවැනියා ආයුධයක් දැරිය යුතු නැත. ඔහු පළමුව වාහනයේ සියලු බලපත්‍ර පරීක්ෂා කලයුතුයි. මගීන් බැස්සවීම අවශ්‍ය නම් ඔවුන් බස්සවා දෙවැනි නිලධාරියාගේ අධීක්ෂණය යටතේ තබා (එම නිලධාරියා පිස්තෝලයකින්/රිවෝල්වරයකින් සන්නද්ධව සිටිය යුතුයි. එය එකවර එලියට ඇද වෙඩි තැබීමට සූදානමින් සිටිය යුතුයි. මගීන්ට ලං නොවිය යුතුයි. පණිවිඩ හුවමාරු යන්ත්‍රයක් ඔහු අතේ තිබිය යුතුයි.) වාහනයේ ඉදිරිපස සිට පසුපස දක්වා සෑම තැනකම පරීක්ෂා කලයුතුයි. තුන්වැනි නිලධාරියා සන්නද්ධව (ඔහු අතේ ටී 56 වැනි අවියක් තිබිය යුතුයි) එම ස්ථානයෙන් යටත්පිරිසෙයින් මීටර් 5 ක් පමණ ඈතින් සිට තම අවිය වෙඩි තැබීමේ සූදානමින් යුක්තව තබාගෙන වාහන පරීක්ෂා කරන ආකාරය හා මගීන්ගේ හැසිරීම දැඩිව නිරීක්ෂණය කලයුතුයි.

    මගේ නිර්දේශ

    1. පොලීසියේ තිබෙන ඉපැරණි දෙපාර්තමේන්තු නීති සහ සංකල්ප, පරිපාලන ක්‍රම වහාම වෙනස් කර සන්නද්ධ සේවාවක් පාලනය වන ආකාරයේ පරිපාලන ක්‍රමයකට ගෙන ආ යුතුයි. පොලිස් ස්ථානාධිපති වරයකුට දැනට වඩා පොලිස් කොස්තාපල් වරුන් පාලනය කිරීමේ බලතල වැඩි කල යුතුයි. ඒ ආකාරයෙන්ම උසස් පොලිස් නිලධාරීන්ගේ බලතලද වැඩි කල යුතුයි.

    2. පොලීසිය නැවත දැඩි පුහුණුවකට ලක්කළ යුතුයි. එහිදී අපරාධ නීතිය, අපරාධ විශ්ලේෂණය, සිවිල් නීතිය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, මානව හිමිකම්, පුරවැසියකු සතු අයිතිවාසිකම්, පොලිස් රාජකාරියේ නෛතිකමය සීමා, ආදිය ගැන ගැඹුරු ඉගැන්වීම් කලයුතුයි.

    3. යුදහමුදාවට උගන්වන අභ්‍යන්තර ආරක්ෂක රාජකාරි පිලිබඳ දැනුමට සමාන දැනුමක් හා ප්‍රායෝගික පුහුණුවක් ලබාදිය යුතුයි.

    4. විශේෂ කාර්ය බලකායේ හෝ කැරලි මර්දන විශේෂ පොලිස් ඒකකයේ සහයෙන් තොරව තරමක් නොසන්සුන් අවස්ථා පාලනය කරගැනීමේ හැකියාව (පුහුණුව) ලබාදිය යුතුයි.

    5. උසාවි රාජකාරි සඳහා වෙනම නිළ ඇඳුමක් සහ සාමාන්‍ය රාජකාරි සඳහා වෙනම නිළ ඇඳුමක් සහ උත්සව කටයුතු සඳහා වෙනම නිළ ඇඳුමක් සැකසිය යුතුයි. විශේෂයෙන් සාමාන්‍ය රාජකාරි සඳහා 'බෙරේ' වර්ගයේ හිස්වසුමක් තිබීම සුදුසුයි. ආත්මාරක්ෂක සටන් ක්‍රම ඇත්තටම පාවිච්චි කිරීමේ හැකියාව වැඩි දියුණු කලයුතුයි.

    6. වාහන පරීක්ෂාකිරීම වැනි රාත්‍රී රාජකාරි වලදී මගේ වයසේ අය නොයොදා ඔබේ වයසේ අය යෙදවිය යුතුයි.

    ReplyDelete
    Replies
    1. අංක 6 නිර්දේශය නම් ෆුල් ආතල්..

      Delete
  25. මට හිතෙන විදියට ආණ්ඩුවේ ඇමතියෙකුගෙ හරි වෙනත් දූෂිත මන්තිරියෙකුට පාඩු ගෙන දීපු යම් කිසි විමර්ෂණයකට මේ අය සම්බන්ධ ඇති. එයට පළිගැනීමක් වෙන්න පුලුවන්. සාමාන්‍ය මිනිස්සු භය නැතුව පොලිසියට අත තියන්නෙ නෑ මේ වගේ...

    ReplyDelete
  26. /////පොලිස් දෙපාර්තමේන්තුව යහපත් තැනක් වන තාක් මිනිසුන්ගේ වෛරය අවසන් නොවනු ඇත//////

    රාජ්...උඹ මේ ලියලා තියෙන වාක්‍යය තමයි පොලිසීය තමන්ගේ උපදේශන පාඨය කරගන්න ඕන.

    ReplyDelete
  27. මරා දමා ඇත්තේ සමාන්‍ය කොස්තැපැල් වරයෙකි, පොලීසියේ සිටින දූෂිත නිලධාරියෙකු කිසි දිනක ගාතනය වූ වගක් අසා නැති එවැන්නක් වුවහොත් මාධ්‍ය මගින් (අර කරන චැනල්) එකා සත් ගුණවත් සර්ව සාදාරණ නිලදරුවකු කර සත්‍ය වසන් කරන අතර පාතාලය හෝ කල මොකෑ හෝ තවත් අහිංසකයෙකු මරා දමා දරු පවුලක් වනසා හමාරය. පාතාලයට එවනියන් මරනවට වඩා උන් රැකීම හරහා වාසි සැලසෙන නිසාවෙන් සැමදා මිය යන්නේ අහින්සකයිනි. මීට පෙරද දරු පවුලම සමග නිලදරුවෙකු දකුණේ පාතාලය විසින් මරා දමන ලදී. මෙම ගාතනයේ විශේෂත්වය රාජකාරියේ සිතියදීම පැහැරගෙන ගොස් මරා දැමීමය, අබුද්දස්ස් කාලේ ලබුත් තිත්තයි රාලේ කිව්වලු, බන්දනාගර තුල සිටම නවීන තාක්ෂනය හරහා අපරාද සිදුවන යුගයක පාතාලය හන මිටිය බි තබා ගොස් සිටියදී පොලීසිය තවමත් හන මිටි කරේ තබාගේනවත්දෝ සැකයක් මතුවේ, අප සමාජය විසින්ම පහසුව උදෙසා වදරකදී 100යෙ 500යෙ 1000හෙ නෝට්ටු පොලිස් කාරයින් අත මිට මොළවන විට වගේම ඒවා බලාපොරොත්තුවෙන් නිවරධි අයව වරද කරුවන් කරන කාකි කරුවන්ද සිටින සමයක පොලිසිය කොහෙටද මේ ගමන් කරන්නේ, ඒ වගේම ධුඋෂිත නිලදරුවන් වගේම අනවශ්‍ය දේශපාලන මැදිහත්වීම් හදිසි ස්ථාන මාරුවීම් හමුවේ යහපත් නිලදරුවන් අසරණය. ස්වාධීන පොලිස් කොමිසමක් නැතිව තවමත් පොලිඉසිය ස්වාධීනද යන්න ගැටලුවකි .කොන්ද කෙලින් තබාගෙන සසිටීමට අර තඩි කළු පටියක් බැඳගෙන ඉන්න සමහර පොලිස් පොරවල් වලට අහිසකයින් ඉදිරියේ ඒවා පොරත්වයේ ආයුධය. අහිංසකයින් පොලිසිය තුල මිය යනවිට අහිංසක පොලිස් නිලදරුවන් මහමග බල්ලන් බළලුන් සේ මියයන අයුරු ඇත්තටම කනගාටු දායකය. පාතාලය විසින් පොලීසියට පොලීසියවත් රැක ගත නොහකිද යන පැනය මහජනයා හමුවී තබා අවසානය. අවසාන වශයෙන් "අබිමානවත් මහජන මිත්‍ර ශීලී පොලිස් සේවයක් උදෙසා" යන්න කොහේදෝ අතරමන් වී ඇති හැටියක් හැඟෙ.

    ReplyDelete