Monday, April 2, 2012

මෝඩයාගේ දවසේ කිව්ව බොරු.

අපේ ගෙවල් කිට්ටුව ඉන්න කුමාර අයිය පහුගිය අවුරුදු කිහිපයක් තිස්සේ හිටියේ මානසික රෝහලේ. ඒ කියන්නෙ පිස්සන්කොටුවේ. මෑන් ලගදි දවසක ගෙදර ආව. හොදටම හොදවෙලාද හොරෙන් පැනල ආවද කියල නං හරියටම දන්නෙ නෑ. කොහොම උනත් මොකද, අද උදේ මම ගියා මිණිහ බලන්න ගෙදරට, කාලයක් තිස්සෙ ආශ්‍රය කල මගේ හිතවතෙක්නේ. ඒ කාලෙ අපි දෙන්නා සෙට් උනොත් දේශපාලනය ගැනම තමයි කතා කරන්නෙ. මම ගෙදරට ගොඩවුනා විතරයි මිණිහට හරිම සංතෝසයි. කුමාර අයියගෙ අම්ම හදල දුන්න තේකෝප්ප දෙකත් හිස් කරන ගමන් අපි දෙන්න සුපුරුදු මාතෘකාවට බැස්ස. අපි දෙන්න කිව්වට කුමාර අයිය අවුරුදු කීපයක් අප්ඩේට් වෙලා හිටියෙත් නැති නිසා මිණිහට වැදගත් වෙන තොරතුරු ටිකක් කියල දෙන්නයි මම ට්‍රයිඑක දුන්නෙ. ඒත් සිද්ධ උනේ මම හීනෙංවත් හිතුවෙ නැති දෙයක්. කතාව පටන්ගත්තෙ මෙහෙමයි.

"ඉතිං රාජ් මල්ලී මොනවද අලුත් ආරංචි?"
"මේ දවස්වල ජිනීව යෝජනා වලට පැරදුනාට පස්සෙ කියන කතන්දර තමයි තියෙන්නෙ, ඒ ඇරුනම ඉතිං බන්ධුල ගුණවර්ධන මහත්තය රුපියල් 7500කින් තුන්දෙනෙකුට ජීවත් වෙන්න පුළුවන් කියල කියන කතන්දරයි මර්වින් සිල්ව මහත්තයගෙ කතන්දරයි තමයි"
"ජිනීව ගැන නං ටිකක් දැනං හිටිය මලේ.... ඉස්පිරිතාලෙටත් ආව මොකක්දෝ කඩදහියක්. ජිනීව වලට විරුද්ධ පෙස්සමක් කියලයි කිව්වෙ. දොස්තර මහත්තුරුයි නර්ස් නෝනලයි අස්සං කරනව දැකල මාත් පැන්න ගමං අස්සනක් ගැහුව"
"නෑ.... උඹත් හරි වැඩනෙ කරන්නෙ. ඉතිං මොකෑ උනේ?"
"මොකුත් නෑ බං. අර ...... යූනියන් එකේ සභාපති තුමා නං කිවුවෙ ඕවට අස්සං කරන එවුන්ට පිස්සු කියලයි. ඉතිං මං අස්සං කොරාම මොකෝ" ඒ ගමන ඌ දාර්ශනික ටෝක් එකක් දුන්න.
"ඉතිං කියහං බලන්න බන්දුල මහත්තයගෙ කතාව"
ඉතිං මං කිව්ව. ඒත් මුගේ මූණ හොද නෑ.
"රාජ් මල්ලී මම පිස්සං කොටුවෙ ඉදල ආව එකා බව ඇත්ත. මම මේව උඹෙන් ඇහුවෙ දන්නැති නිසා. උඹ විහිළු කරනව" මූ මොකාටද එන්න හදන්නෙ?
"ඇයි?.... උඹ කියපං මම කරපු විහිළුව මොකද්ද කියල"
"ඇයි බං බන්ධුල ගුණවර්ධන මහත්තය කියන්නෙ හොදට ආර්තික විද්‍යාව ඉගනගත්ත, ඒ ගැන උපාධි කප්පරක් ගත්ත මහත්තයෙක්. උන්නැහේ ඒවගේ මෝඩ කතාවක් කියන්නෙ නෑ කවදාවත්"
"උඹ කිව්වට විශ්වාස කරන්නෙ නෑනේ.... ඒ විතරක් නෙවේ, රුපියල් දෙදාස් පන්සීයකින් එක්කෙනෙකුට මාසයක් නොමැරී ජිවත් වෙන්න පුළුවන් කියලත් එතුමා කිව්ව"
කුමාරයට හිනාව නවත්තගන්න බැරිඋනා.
"උඹ මාර විහිළුනෙ කරන්නෙ, ආ.... අද අප්‍රේල් පලවෙනිද නේද?.....ඒකයි මේ....."
මටත් ඌ කිව්වමයි මතක් උනේ අද අප්‍රේල් පලවෙනිද කියල.
"හරි හරි උඹ කියපංකො මර්වින් සිල්ව මහත්තය කිව්ව කතාව"
"රාජපක්ෂල බලයේ ඉන්නකං එයා මොනව කලත් එලවන්න බෑ කියල කිව්වනෙ රැස්වීමකදි, තව මොනවද අතපය කඩන කතාවකුත් කිව්ව"
"ඉතිං?"
"දැං ඒකට විනය පරීක්ෂණයක් තියන්න හදන්නෙ පක්ෂෙං"
"ඔය ඔය උඹ ආයෙත් බොරු කියනව...., මර්වින් ඇමතිතුමා එහෙම කිව්ව කියමුකෝ....., ඒත් පක්ෂෙන් එතුමාට විරුද්ධව විනය පරීක්ෂණයක්? හෙහ් හෙහ් හෙහ් ......ඔන්න උඹ ආයෙත් බොරු කියනව...."

"උඹ ඉතිං මං කියන කිසි දෙයක් පිලිගන්නෙ නෑනේ....."
"පිලිගන්න ඇහැක් දේවල්ද උඹ කියන්නෙ? වෙන මොනවද? විහිළු නවත්තල ඇත්ත කියපං."
"ආ.... ඒක නෙවේ.... එංගලන්තෙයි ලංකාවයි ගාල්ලෙ ගහපු මැච්එක ගැන දන්නවද? ඒකෙ ටිකට් එකක් රුපියල් පන්දාහයිනේ" ඒ ගමන නං මුගේ හිනාව නැවතුනා, වාඩිවෙලා හිටිය බංකුවෙන් නැගිටල අත උස්සල දබර ඇගිල්ල මං දිහාවට දික්කලා.
"උඹ මාව විහිළුවකට ගත්ත! මට පිස්සු තමයි. ඒත් උඹට වටින්නෙ නෑ මට මෙහෙම කරන්න"
"හරි හරි ඒකෙන් වැඩක් නෑ..... මේක අහපංකෝ......, මේ ලගදි බැසිල් මහත්තය කිව්ව අපිට දැං යුරෝපෙටත් ණය දෙන්න ඇහැකිය කියල" ඒපාර නං කුමාරය සාහසික වෙච්ච තරමට මාත් බංකුවෙන් නැගිටුනා....
"අම්මට $%^^&!නැතුව උඹ කට වහගනිං.... ආයිත් මට ඔය බේගල් ඇදබාන්න ලෑස්ති වෙන්න එපා"
මුගේ සද්දෙ හින්ද උගේ අම්මත් එලියට බැස්ස,
"ඇයි ඇයි ඉස්පිරිතාලෙ ඉදල ගෙදර ආව විතරයි උඹ මගේ කොල්ලව මරං කන්න හදනවද?"
"නෑ නැන්දෙ මම කියන කිසි දෙයක් මූ පිලිගන්නෙ නෑනේ...."
"මම පිස්ස කියල මූ මට බොරු කියනව අප්‍රේල් පලවෙනිද, ඒ මදිවට වැදගත් ඇමතිවරුත් මේවට ගාවගෙන.... ඔහොම හිටපං තොට මම......." මූ එකපාරටම නැගිටල ගඩොල් භාගයක් අතට ගත්ත.
"ඒයි උඹ ආයෙත් යවනව පිස්සං කොටුවටම ඔය කොල්ලට ගැහුවොත්!" අම්ම කෑගැහුව.... කුමාරය චුට්ටක් සරෙන්ඩර් උනා...
"මම කිව්වෙ ඇත්ත නැන්දේ..... මූ කිසිදෙයක් පිලිගන්නෙ නෑ......,එහෙනං අර හාමුදුරු කෙනෙක් පෙරකදෝරු මහත්තේකුට ගැහුවෙ, නැන්ද දකින්න ඇතිනේ.... ඒවත් බොරුද......" එහෙම කියාගෙන, ගඩොල් භාගෙ ඔලුවට එන්න කලිං මම යන්තං මාරුවෙලා ගෙදර ආව.
අනේ ඒව අප්‍රේල් පලවෙනිද කියන්න තියන දේවල් උනානං කොච්චර හොදද!

57 comments:

  1. Replies
    1. ඇනෝවෙක් කියල තියෙන්නෙ. ;-)

      Delete
  2. නියමයි... සුපිරි...

    ReplyDelete
  3. උබත් ගානට පහරදෙන්න දන්නවා නේද? එලටම ලියල තියෙනවා

    ReplyDelete
    Replies
    1. නෑ....පහරදීල? තැන්කූ!

      Delete
  4. අපේ ගෙවල් කිට්ටුව ඉන්න කුමාර අයිය පහුගිය අවුරුදු කිහිපයක් තිස්සේ හිටියේ මානසික රෝහලේ. ඒ කියන්නෙ පිස්සන්කොටුවේ. මෑන් ලගදි දවසක ගෙදර ආව. හොදටම හොදවෙලාද හොරෙන් පැනල ආවද කියල නං හරියටම දන්නෙ නෑ. කොහොම උනත් මොකද, අද උදේ මම ගියා මිණිහ බලන්න ගෙදරට, කාලයක් තිස්සෙ ආශ්‍රය කල මගේ හිතවතෙක්නේ.
    --ඒ කාලෙ අපි දෙන්නා සෙට් උනොත් දේශපාලනය ගැනම තමයි කතා කරන්නෙ.--
    ---------------
    උබ තැන තැන දාන කමෙන්ට් වලින් මේක නම් මම කල් තියාම දැනගෙන හිටිය .... ඇත්ත කියපන් උබත් පිස්සන්කොටුවෙන් පැනපු එකෙක් නේද ?

    ReplyDelete
    Replies
    1. ඒක නං හරියටම දන්නෙ නෑ... එත් බුවා ඉඳල හිටල ඒ පැත්තෙ ඇවිල්ල යනවනම් දකිනව... මොකට එනවද කියල නම් කියන්න දන්නෙ නෑ....

      Delete
    2. බුවා ඇටමැස්සා කට්ටියම බ්ලොග් ලියන්නේ ඔය පැත්තේ ගිහින් ඇවිත් වෙන්න ඕනි ... නැත්තන් ඔච්ච්ච්ර සරගර්බ එව්වා ලියවෙයි ද

      Delete
    3. AnonymousApr 1, 2012 02:44 PM
      මම තැන තැන දාන කමෙන්ට් උඹ කියවනව නේ? මේ ටිකට උඹට අමතක උනාද එහා පැත්තෙ වාට්ටුවෙ හිටිය එකා. මම නං පැනල ආව මචෝ. පව් උඹ!

      AnonymousApr 2, 2012 10:25 PM
      ඒකනෙ ඒකනෙ උං හිටියෙ මාත් එක්කමයි. උඹල හිටියෙ දැඩි සත්කාරෙ නේද? :)

      ඊයෙත් ආව බං.

      Delete
  5. //මෑන් ලගදි දවසක ගෙදර ආව. හොදටම හොදවෙලාද හොරෙන් පැනල ආවද කියල නං හරියටම දන්නෙ නෑ. කොහොම උනත් මොකද, අද උදේ මම ගියා මිණිහ බලන්න ගෙදරට, කාලයක් තිස්සෙ ආශ්‍රය කල මගේ හිතවතෙක්නේ.//

    හී... හී... හී... හී...මුකුත් කියන්නේ නෑ. :)))

    ReplyDelete
    Replies
    1. මුකුත් කියන්න එපා.

      Delete
  6. අපිට කියන්ඩ දෙයක් ඉතුරු කරලම නෑ වගෙයි ! :DD

    ReplyDelete
    Replies
    1. මොනව හරි කිව්වනං නේද හොද.

      Delete
  7. මෙන්න අපිත් අහලා නැති ඒවා රාජ් කියවනවා..
    ඇත්තටම දැන් රාජ්ට පිස්සු හැදිලවත්ද මන්දෘ????



    :) මම නම් කැමති මේවා බොරු නොවී ඇත්තම වෙනව නම් තමයි ..

    ReplyDelete
  8. හැබෑට සීන් ඔක්කොම ටික බැලුවොත් අප්‍රේල් පලවෙනිදට නියමෙට ගැලපෙනවා. හික්ස්.....

    ReplyDelete
  9. මේ සීන් කෝන් එක නම් මරේ මරු රාජ් අයියෙ.....

    ReplyDelete
  10. කුමාර අයියා අදත් ගෙදර ඉන්නවද අයියේ? මෙයාගේ බොරු අහලා ඒ මනුස්සයට මොනා උනාද දන්නේ නෑ.. ඔහොමත් විහිළු කරනවද මම අහන්නේ?

    ReplyDelete
    Replies
    1. මම ඇත්තනේ කිව්වෙ බං.

      Delete
  11. කුමාර අයියව යවපංකෝ බං පාර්ලිමේන්තුවට .....
    මුන්ට නං දෙයියංගෙම පිහිටයි ..

    ReplyDelete
    Replies
    1. පාර්ලිමේන්තු යවන්න නං තව ටිකක් පිස්සු තද කරල ගන්න වෙයි.

      Delete
  12. Replies
    1. අනේ මංද ඔහොම කියනව ගොඩක්දෙනෙක්.

      Delete
  13. අනේ මට හිනා මැරෙන්ඩ.. අයියෝ මෙයාටත් වෙන දේවල් :පි

    ReplyDelete
    Replies
    1. කාජල් ඇවිල්ල! ස්තුතියි ආවට.

      Delete
  14. පිස්සු කොර වෙනව තමයි බං!

    ReplyDelete
  15. දැන් නම් මටත් පිස්සු වගේ!

    ReplyDelete
    Replies
    1. එහෙමද, වරෙං මාත් එක්ක ඉන්න පුළුවන්.

      Delete
  16. මරේ මරු ලිපියක් මචං, ලස්සනට ගලපල ලියල තියනව, මමත් ඔය වගේම එකක් මේ දවස්වල ලියගෙන යනව. ඇත්තටම මේව කියවල හිනාවෙන්න නෙවෙයි අඩන්න තමයි වෙලා තියෙන්න. හිනාවෙනව කියන්නෙ අපි අපිටම නේද?

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි දිරිමත් කිරීමට.

      Delete
  17. හික් හික් හී....

    ReplyDelete
  18. මෙක කියවලා මටත් පිස්සු වගෙ

    ReplyDelete
  19. සිරා නේ වැදගත් ඇමතිවරු කවදාවත් එහෙම කරන්නේ ,කියන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. ඇමරිකාවෙ නං කියනව.

      Delete
  20. පිස්සා හරි බං තව පොඩ්ඩෙන් උබ ගඩොල් පාරක් කනවා කන හරහා :D

    ReplyDelete
    Replies
    1. ඔවු බං නූලෙං බේරුනේ.

      Delete
  21. අනේ රාජ්... උඹ තමා දවසකටවත් මිනිහා... පිස්සු මනුස්සයෙක් ගන කියලා දීලා තියෙන්නේ වදින්න ඒනේ තැන් වලට ලස්සනට....

    ReplyDelete
  22. මට පුදුමේ මේක මෙච්චර ලස්සනට ගැලපුවේ කොහොමද කියලා.

    ReplyDelete
  23. කුමාර අයියේ මේ ඔබේ අවධානය පිණිසයි.

    ReplyDelete
    Replies
    1. ගඩොල් භාගෙ ආයෙත් එවන්නද?

      Delete
  24. කුමාරයට පිස්සු හැදිල ආයෙත් හැදෙන්න ඇති බං.. පොර ඉස්පිරිතාලෙ හිටියනම් එකක්. එලියෙ ඉන්න අපිට තමා උපරිම පිස්සු ඔය මහ එකාලගෙ ඒව අහල..

    මේක වැදගත් කතා එකතුවක් බොල.. :))

    ReplyDelete
    Replies
    1. පිස්සු හැදුනත් මොකද මේවගේ කතා අහල.

      Delete
  25. අප්‍රේල් 1 දුම්බොන්නන්ගේ දවස කරන්න යනවලු....

    ReplyDelete
    Replies
    1. මාත් දැක්ක. ඕං දැං දුම් බොන එවුන් නවත්තයි.

      Delete
  26. ඇයි බන් බොට අමතක උනැයි වාහන තදබදේ වැඩි කියලා දුන්න සබ්බුව දෙසාබාන්න උන්දැට.හික්

    ReplyDelete
  27. හහා...හා............හඃ සුපිරි...!

    ReplyDelete