Wednesday, April 25, 2012

මැරිල ඉපදුනු හැටි සහ කොම්පියුටර් ජිල්මාට්.

අද උදේ නං මාව මැරෙන්නම ගියා! පාන්දරින් වැඩට ඇවිල්ල කොම්පීතර රාජය ඔන් කරල බ්ලොගේට ආව. ලොග් උනාට පස්සෙ ආවෙ වෙනද දකින්න තිබුනෙ නැති නිකං එක විදියක ගැජට් වගයක් ;-). බ්ලොග් රාජයගෙ ටෙම්ප්ලේට් එක වෙනස්කරන්න අවස්තාවක් දීල තියනව කියල තේරුනා. බැකප් එකක්වත් නැති මගේ බ්ලොගේ ඕව කරන්න ගිහිල්ල නැතිකරගන්න ඕන නෑනේ. මම කලින් තිබුනු එකට යන්න බැලුවත් හරිගියේම නෑ. ඊට පස්සෙ දුන්න පන්සල් හංදියෙ කල්හාරට කෝල් එකක්. ඌ ඒ වෙනකොටත් පාරෙ! අන්තිමට කරුවලේ ගිණිපෙට්ටිය හොයන්න වගේ එහේමෙහේ අතපතගානකොට ඔන්න මුල්පිටුවට ආවා. දෙයියෝ සාක්කි! ෆලෝකරපු එවුනුත් නෑ, බ්ලොග්රෝගත් නෑ, දාල තිපුනු ගැජට් බැජට් ඔක්කොම නෑ. ඒ මදිවට සයිඩ්බාර්එක පළලවැඩියි, කොමෙන්ටු වලට වෙනවෙනම උත්තර බදින්නත් බෑ. ඒත් කොහොම කොහොමහරි අදුරේ අතපතගාද්දි වැඩේ එලටම සෙට්වුනා. ඔන්න ඔහොමයි බ්ලොග්රාජය මේ තියන තත්තෙට ගත්තෙ. මොනවහරි අවුලක් තියනවනං කියන්න. ඒවගේම ඔයාලගෙ බ්ලොග්වල ගැටළු තියනවනං කියන්න...හැහ් හැහ් හැහ්...

මේ ජරමර අස්සෙ තමයි මට මතක් උනේ මේවගේම බෙල්ල ගහලයන-පොලව පලාගෙන යන, කේස් වෙච්ච. එයින් ටිකක් කියන්නං.
මේක සිද්ධ වුනේ 2006-05-23වෙනිද. ඒ කියන්නෙ මම ඉස්සෙල්ලම ජොබ්එකට ගියදවසෙ. මම ගිය කාර්යාලෙන් මට භාරදුන්නෙ පඩි හැදිල්ල. ඒක කරන්නෙ GPS(Government Payroll System) කියන මෘදුකාංගයෙන්. ඒක ඩොස්වල තමයි දුවන්නෙ. 25වෙනිදට පඩි ගෙවන්න මම යන දවස වෙනකොට ඔක්කොම සෙට්කරලයි තිබුනෙ. ඒ දවස්වල ඒක කලේ මට අදාල වැඩසටහන කියල දුන්න අක්ක. අපි දෙන්න කෑමට ගිය අතරෙ ඔපීසියෙ හිටිය වයසක මිස් කෙනෙක් ආව ඒකෙ වැඩ කරන්න. එයා ඒ දවස්වල කොම්පියුටර් කෝස්එකක් කලා. කෑමෙන් පස්සෙ අපි වැඩ කරන්න ආව විතරයි මාර අවුලක් වෙලා තියෙන්නෙ! ඩෙස්ක්ටොප් එකේ තිබුන "ඩොස්" අයිකන්එක නෑ! අක්ක බයවුනා හොදටම, ඇයි ඉතිං දවස් ගනනක් මහන්සිවෙලා හැදුව පඩි විස්තරටිකනෙ. අනිත් කාරණාව ඒ මාසෙදි මොකද්දෝ වෙනසක් හැමෝගෙම පඩිවලට වෙලා තිබුන. අක්ක අඩාගෙන ගියා සර් ලගට! පැමිණිල්ල කලා. සර්නං කිව්වෙ රීසයිකල් බින් එකේ බලන්න කියල. ඒ අතරෙ අනිත් මිසුත් අඩනව. තවත් කට්ටියක් අතින් පඩි ගෙවන්න ‍ලැහැස්තිවෙනව. මම අලුත් එකානෙ කියල පාඩුවෙ හිටිය. කෙහොම උනත් අයිය කෙනෙක් ඇවිල්ල මැසිම restart කලාම හරිගියා. :)

ඊලගට කියන්න යන සිද්ධිය උනේ කැම්පස් එකේ ඉන්න කාලෙ. මම ඉස්සෙල්ලම කොම්පීතරයක් වැඩකලේ ඒකාලෙ තමයි. ඉන්ටනෙට් කියන්නෙ මොකක්ද කියල දැනගත්තෙත් ඒකාලෙමයි. මමයි තව එකෙකුයි පූල්එකට ගිහිල්ල නෝටි පිංතූර වගයක් බලමින් හිටිය. ඒකාලෙ අපේ ෆැකල්ටියට තිබුන වෙනම පූල් එකක්. ඒක ඒසී කරපු කාමරේක තිබුනෙ. අයිඩීඑක දුන්නම කොම්පියුටර් එකක අංකයක් දෙනව. ඒකෙ තමයි වැඩ. මේ අතරෙ මොකක්දෝ එකක් ක්ලික් කලා විතරයි ක්ලෝස් බටන් මොකුත් නැති අක්ක කෙනෙකුගෙ පිංතූරයක් ස්ක්‍රීන් එකට ආව. දැං ඉතිං මොන දෙයියන්ට කියන්නද, වැඩිවැඩ කරන්න ගියොත් ඇඩ්මින්තුමාට අහුවෙනව, එහෙම උනොත් ජීවිතාන්තය දක්වා පූල්එක තහනම් වෙනව. (ඒවගේ තහනම් වෙච්ච එවුන්ගෙ නම් දාලත් තියනව එතන තියන බෝඩ් එකක:) අපි කලේ මොනිටර්එක ඕෆ් කරල ආයෙත් ඔන් කලා. මොන! අක්ක ඉන්නව ඒ විදියටම! ඊට පස්සෙ කලේ මොනිටර්එක ඕෆ්කරල අයිඩී එකත් අරගෙන හොරපූසො වගේ ආවඑක. හැබැයි ඊට ටික කාලෙකට පස්සෙ මම දැනගත්ත මොනිටර්එක ඕෆ් නොකර බිත්තියෙ තියන ස්විච්එක ඕෆ් කලාම වැඩේ හරි කියල :-)

ඊලග කතන්දරය අපේ ඔපීසියෙ එකෙකුගෙ. ඌ මටත් කියල ගත්ත ගෙවීමේ ක්‍රමයට කොම්පියුටර් එකක්. අපේ ඔපීසියට ආව ඒජන්ත කෙනෙකුගෙන් තමයි ගත්තෙ. මෑන්ගෙ ළමයින්ගෙ ප්‍රයෝජනයට ගත්තත් මෙයා කොම්පියුටර් දන්නෙ නෑ. මම ගෙදරට ගිහිල්ල වයර්ටික එහෙම සෙට්කරල දීල කිව්ව වැඩක් නැති වෙලාවට වහල තියන්න කියල, මොකද ඒ පැත්තෙ ධූවිල්ල ටිකක් තියන නිසා. ඊට අවුරුද්දකට විතර පස්සෙ මම ඒ ගෙදරට ගියාම මොනිටරේ විතරක් වහල තියනව. මෑන් හිතල තියෙන්නෙ මොනිටරේ තමයි වටින කොටස කියල.

ඊලග සිද්ධිය උනෙත් ඔපීසියෙදි. එක්කෙනෙකුට සීඩී එකක් රයිට් කරගන්න ඕනවෙලා. අවශ්‍ය ෆයිල්එක තියෙන කොම්පීතරේ රයිටරයක් නෑ. මම ඒබව කිව්වම(ඒකාලෙ පෙන් තිබුනෙත් නෑ අදවගේ) එයා යෝජනා කලා මොනිටර්එක ගලවලා රයිටර් එක තියන එකට එකට සෙට් කරන්න.

ඔන්න ඕව තමයි මතක තියන කතන්දර. මේවායෙන් ඉගනගන්න තියන දේවල් බොහොමයි. කොම්පියුටර් දෙකක් අතර ෆයිල් හුවමාරුවක් අවශ්‍ය නම් කරන්න තියෙන්නෙ මවුස්එකෙන් කොපි කරල මවුස්එක ගලවල අනිත්එකට දාල පේස්ට් කිරිල්ල. එක ඩෙස්ක්ටොප් එකක තියන දෙයක් වෙන එකකට ගන්නත් මොනිටර්එක මාරුකලාම හරි. අදට එච්චරයි. ගිහිං එන්නං.

84 comments:

  1. හික් හික් හික්...
    එහෙම කලාම හරි නෙහ්.. :දිව
    බලන් ගිහාම වැඩේ හිතුවට වඩා ලේසී..

    ReplyDelete
  2. අනේ මන්දා අක්කලා අයියලා ඉන්න ඔෆීස් මං නං කවදාකවත් දැකලා නෑ.
    එතකොට සර් කියන්නේ තාත්තා, සීයා වගේ කෙනෙක්ද?

    ReplyDelete
    Replies
    1. කවදාකවත් දැකලා නෑ! අපේඅයට, තනතුරෙන් මදක් උසස් හෝ පහත් වයසින් තරමක් සමාන අයට කියන්නෙ අක්ක-අයිය කියල තමයි. අනිත් අයට නම හෝ සර් මිස් මැඩම්.... ඕන එකක්.
      කසූ කිව්වමයි මට මතක් උනේ. මේ ක්‍රමය දැන්කාලෙ තියන එකක්. ඒ කියන්නෙ ඉස්සර කාලෙ(අවුරුදු 10එහා) තිබුනෙ නෑ. මම ඉස්සෙල්ල වැඩකල කාර්යාලයේ වයසක මිස් කෙනෙක් හිටිය මේ ක්‍රමයට විරුද්ධ. එයා කිව්වෙ මහත්තය මිස් කියල කතාකරන්න ඕන කියල. ඒකට හේතුව විදියට එයා කිව්වෙ අපි ඒවගේ ආමන්ත්‍රණයක් කරනකොට පාරිභෝගිකයත් එහෙම කතාකරාවි කියල. ඒත් පිට කෙනෙක් ඉදිරියෙදි අයිය අක්ක කියවෙන්නෙ නෑ. මිස්-මහත්තය කියලයි කියවෙන්නෙ. හොද කාරණාවක්නෙ මතුකලේ.

      Delete
    2. ඕක සංකිර්න සංස්කෘතික අවුලක් සෑර්. ඔපීසි මොනවද කොලොඹ කැම්පස් එකේ සයන්ස් පැකල්ටියෙ මාස්ටර් කරන එකා පී එච් ඩී කරන එකාට කතාකරන්නෙ "--- අක්කා, ----- අයියා කියල" පලමු වසරෙ එකා ස්පෙශල් කරන එවුන්ටත් එහෙමයි.

      ඕකෙ සැඟවුන අරුත නම් "අක්කා අයියා කිව්වම, විශේෂයෙන් විරුද්ධ ලිංගිකයෙක්, ඒකෙන් ඉම්ප්ලයිඩ් සිග්නල් එකක් දෙනවා - මම ඔයාට ලිංගික ආකර්ෂනයක් නැහැ කියලා. කොල්ලෙක් හරි කෙල්ලක් හරි සමාන ලිංගිකයෙකුට මෙලෙස අමතන්නෙ තමන් ඔවුන්ට අභියෝග නොකරන බව හැඟවීමටයි, මයෙ හිතේ..

      Delete
    3. සූස්ති හරියටම හරි. නොදන්න ගමකට කවුරුහරි ගියොත් (අපිහිතමු පාරක් අහනව කියල) ඒ ගමේ එකාලට කතා කරන්නෙ අයිය කියල. එතනදි වයස බලපාන්නෙත් නෑ. බාලයට උනත් අයිය කියනව. අභියෝගයක් නොකරන බව තමයි හැගෙන්නෙ.

      Delete
    4. මම රාජ්‍ය සේවෙට එන්න කළින් වැඩ කරපු පෞද්ගලික සමාගමේ කවුරුවත් කාටවත් සර්, මිස්, මැඩම් වගේ වචන දාලා කතාකරන්නේ නෑ . හැමෝම නම කියලා කතතාකරන්නේ. ඔය ඩීජීඑම්, ජීඑම් වගේ තනතුරු දරන්නන්ට නම් මුලට මිස්ටර්, මිස් හෝ මිසිස් කෑල්ල දාලා කතා කරනවා.

      ඒත් රාජ්‍ය සේවයෙදි සමාන තනතුරේ හිටියත් වයසින් වැඩි අයට මහත්තයා මිස් කියලා කතාකරන්න ඕනෑ. විශේෂයෙන්ම කාන්තා පාර්ශවයට. හුඟක් පරණ අයට නම් ඒ වචන කීම අනිවාර්යයි. මොකද ජ්‍යෙෂ්ඨත්වයට ගරු කරන්න අවශ්‍යයි කියලා හිතන නිසා. (සූස්ති කියන්නා වගේ සංකිර්ණ සංස්කාතික අවුලක්) එහොම නැතිව නිකම්ම නිකන් නම කිව්වොත් කණිෂ්ඨයා ඉවරයි. හැබැයි ඒ අය කණිෂ්ඨ (සේවා කාලයෙන්) අයට කතාකරන්නේ නම කියලා.. මාණ්ඩලික තනතුරු දරණ අයට සර් මැඩම් නොකිව්වවොත් ඉතින් වසලා හමාරයි..

      Delete
    5. කශු ඇදපු කේස් එක සිරා. පෝස්ටුවේ ෆන් එකත් අමතක වුනා ඒ මාතෘකාව නිසා.

      //නොදන්න ගමකට කවුරුහරි ගියොත් (අපිහිතමු පාරක් අහනව කියල) ඒ ගමේ එකාලට කතා කරන්නෙ අයිය කියල.// මම දවසක් බයික් එකේ පාරක් හොයාගෙන එද්දි කල්පනා කර කර ආවා ඔය කතන්දරේම.

      Delete
    6. AnonymousApr 25, 2012 04:31 AM
      //එහොම නැතිව නිකම්ම නිකන් නම කිව්වොත් කණිෂ්ඨයා ඉවරයි. හැබැයි ඒ අය කණිෂ්ඨ (සේවා කාලයෙන්) අයට කතාකරන්නේ නම කියලා//
      මම වැඩකරපු තැන් දෙකේම එහෙම නෑ. හුගාක්ම ෆිට්වුන අවු.50 විතර අයට මචං කියලත් කියනව. හැබැයි ‍ඔයා කියන ජාතියෙ අය ඉන්නව.

      සෑම්.
      ඒවගේ කේස් ඇදෙනවට මම මාර කැමතියි. දැක්කනෙ කල්පනාකරන ඒව තමා අපි ලියන්නෙ :)

      Delete
    7. මම ඉස්සෙල්ලම වැඩට ගිය තැන අවුරුදු ගානකට පස්සෙ ඉස් ඉස්සෙල්ලම අළුතෙන් වැඩට අරන් තිබ්බෙ මාව... රාජ්‍ය අංශෙ තැනක්... මට යාන්තම් අවු:20ක් විතර ඇති.... එතැන හිටපු ඔක්කොම මට වඩා අවු: 10ක් 15 ක්වත් වැඩිමහල් උදවිය.... මම මිස් කියල කතා කරනකොට මිස් කියන්න එපා කිව්ව..... අක්කෙ කියනකොට මෙහෙ අක්කලා නෑ, ඉන්නෙ යාළුවො විතරයි, නම කියල කතා කරන්න කිව්ව.... අන්තිමට අපේ අම්මගෙ තාත්තගෙ වයසෙ අයටත් නම කියල තමයි කතා කළේ..... මිස් , සර් කිව්වෙ ලොකුම ලොක්කන්ට විතරයි.....

      Delete
    8. ඒවගේ අයත් ඉන්නව. උඩ ඇනෝ කිව්ව වගේ අයත් ඉන්නව. පරිස්සමෙන් තෝරා බේරා අමතන්න ඕන.

      Delete
    9. @කතන්දර
      දැකලා නෑ? :D මම මුලින්ම වැඩ කරන්න ගිය IT company එකේ කතා කරේ අයිය අක්ක කියල. ලොකුම ලොක්කෝ දෙතුන් දෙනෙක්ට විතරක් නම. තාම එහෙමයි මම හිතන්නේ එහෙ (අර මාලඹේ තියෙන්නේ).
      ඊට පස්සේ තැන හැමෝන්ටම නම. :)

      Delete
  3. හිකිස්...............පව් වැඩේ...

    ReplyDelete
  4. මේ සිරා සීන්ද බන්... ඔහොම එව්වත් වෙනව කියල මම ඇහුවමයි... වෙලාවට මට ඔහොම කවුරුත් මුණ ගැහිල නෑ...

    ReplyDelete
    Replies
    1. මේ සියල්ල සිරා සීන් තමයි. 100%ක් ඇත්ත. අපි හිතනවට වඩා මේව ගැන නොදන්න අය ඉන්නව. ටෙම්ප්ලේට් එක වෙනස්වීම නිසා මට ඒක හදාගන්න පැය කිහිපයක් ගියා කියල උඹට විශ්වාස කරන්න පුළුවන්ද? ඒත් ඒක එහෙමයි. කරන්න තියෙන්නෙ පොඩිදෙයක් කියල දැන් මාත් දන්නව. ඒත් ඒ වෙලාවෙ දැනගෙන හිටියෙ නෑනෙ. :)

      Delete
    2. ටෙම්ප්ලේට් එක වෙනස් වෙලා හදනව වගේ ඒව නෙමෙයිනෙ උඹ දාල තියෙන්නෙ... අනික, එකක් ඇරෙන්න ඔක්කොම ඔෆිස් වල කේස්නෙ...

      Delete
    3. ඒව එහෙම තමයි බං. එක මනුස්සයෙකුට ඩබල් ක්ලික්එක කියල දෙන්නම බැරිවුනා. මම මවුස් එකේ ස්පීඩ් එක වෙනස් කරමින් කියල දුන්නත් එයාට බැරිවුනා.

      Delete
  5. ඔවැනිම දෙයක් අද මටත් වුනා. මම හිතුවේ මට විතරයි කියලා.

    ReplyDelete
    Replies
    1. ඔව්. මම බැලුව නිකමට වගේ අනිත් බ්ලොග්. ඒ වෙලාවෙ ඔයාගෙ සයිට්එකත් වෙනස්වෙලා තිබුන.දැං නං හදල නේද? උදේ වෙනසවෙලා තිබුන වගෙයි මතක.

      Delete
  6. අප්පච්චියේ..උබ යහතින්නේ ඒ ඇති...අපො පඩි හදනව කියන්නේ..අතිශය බයංකාර කටයුත්තකි..අදාල දිනයේ උදේම පඩි සෙට්වී නොතිබුනොත්..ඔෆිසියේ සිටින නැන්දලා මාමලා..අයියලා අක්කලා..වරම අතට අරන් එන්නේ..පිඹගෙනය..

    ReplyDelete
    Replies
    1. අපොයි ඔව්බං. පඩි හැදිල්ල චාටර් උනොත් තමයි අවුල. කලින් හදාගත්තොත් ගොඩ. දැංනං බැංකුවලට යන නිසා හොදයි. ඉස්සර අතට පඩිගෙවන කාලෙ පොඩ්ඩ මිස්වුනොත් අපේ පඩිවලින් යනව.

      Delete
  7. මම හදපු පඩි ප්‍රෝග්‍රෑම් එකේ අවුලකට අපේ එකෙක් ලොක්කත් එක්ක කොක්කක් දාගෙන අයින් වෙලා ගියා. පස්සේ බලන කොට පැත්තක හිටපු මගේ අතේ වැරැද්ද.. :)) . කොයි තරම් සුළු වැරද්දක්ද කියනවානම් ඒක එක්කෙනාගේ පඩි මාරු වෙලා ගිහින්. සමහරුන්ට වැඩියෙන්. සමහරුන්ට අඩුවෙන්...

    ReplyDelete
    Replies
    1. ඔයවගේ කේස් එකක් මටත් උනා. අද දක්වාම හේතුවක් දන්නෙ නෑ. මම හිතුවෙ වෛරස් එකක් කියල.

      Delete
  8. Replies
    1. හිකිස් නෑ මේව උන වෙලාවට.

      Delete
    2. පිනසේ තද වෙලා මේ දරුවගේ

      Delete
    3. අග්නිගේ පීනසේ තද වෙලා අද...

      Delete
  9. ඒ කියන්නේ අපිටත් ඒ කරදරේ ලඟදි විඳින්න වෙයි වගේ නේ.කිහිප දෙනෙකුටම ඒ දේ වෙලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. කියන්න බෑ. පරිස්සමින්. උං එකදවසෙනෙ ඕව දාන්නෙ.

      Delete
  10. මටත් උනෝ.........මම නම් භය උනේ නෑ ඒතරම් බැකප් එකක් තියන නිසා...ඒත් ආපහු යථා තත්වයට ගන්න දුකක් වින්දා.....හොඳම විසඳුම මෙහෙම උනාම කලබල වෙන්න එපා.....!!!!!!

    ReplyDelete
    Replies
    1. හ්ම්. කලබල වෙන්න නං නරකයි.

      Delete
  11. අප්පොච්චියේ උඹටත් වෙන දේවල්. ඔයින් ගියා මදෑ. :D

    ReplyDelete
    Replies
    1. ඒකනේ. උන්න හැටියට මලා මදැයි.

      Delete
  12. මේ තියෙන්නේ මට වෙච්ච දේ
    http://awidda-paya.blogspot.com/2012/02/blog-post_18.html

    ReplyDelete
    Replies
    1. ලින්ක් එක වැඩ කරන්න නං HTML < a > ටැග් පාවිච්චි කරන්න.

      Delete

    2. "" මැද්දට තමා ලින්ක් එක දෙන්න ඕන
      මැද තියෙන >< මැද්දට නමක් දෙන්න පුළුවන්
      මෙන්න මෙහෙම

      Delete
  13. අර කැමපස් එකේ සීන් එක තමයි මරු.. හැබැයි ඉතින් අන්තිමට ලොග් උන කෙනාගේ I.D එක බැළුවනම් වැඩේ අහුවෙනවනේ.. එහෙම උනේ නැද්ද?

    ReplyDelete
    Replies
    1. එහෙම අවුලක් උනේ නෑ. හැබැයි වෙන්න පුළුවන් කියල හිතෙන්නෙ දැන්.

      Delete
  14. අද ටෙම්ප්ලේට් මාරුවුනාට මට නම් අවුලක් වුනේ නෑ..

    අක්කෙ අයියෙ කිව්වම මතක් වුනේ අපේ ගමේ ළඟම නෑයෝ ඇරුනාම අනික් ඔක්කොටම කතා කරන්නෙ අක්කෙ අයියෙ කියලා තමා.. අන්කල් ඇන්ටි කියන්නෙ නිකන් නෝන්ඩියට කියලයි ඒ ගොල්ලො හිතන්නෙ..

    ඉස්සර මම ට්‍රේනින්ග් ඉන්න කාලෙ අයිටී එකට කෝල් එනවා.. ගූගල් යන්න බෑ හදලා දෙන්න කියලා.. ගිහින් බලද්දි අහවල් දෙයක් නෑ.. ගූගල්වුන් ඩූඩල් පාවිච්චි කරන දවසක්.. උන්ට කිව්වට තේරෙන්නෙම නෑ.. අන්තිමට කියන්න වෙන්නේ ගූගල් මේන්ටෙනන්ස් වලට නවත්තලා දැනට ඕක හරියයි කියලා තමයි..

    ReplyDelete
    Replies
    1. අපේ ගම්වලත් අංකල් ඇන්ටි කියන්නෙ නෑ.
      කැම්පස් එකේ තිබුන තවත් පූල් එකක්. එතන ඉන්නෙ කොම්පියුටර් ගැන එච්චර දන්න කෙනෙක් නෙවේ. කවුරුහරි මොනවහරි ඇහුවොත් කියන්නෙ ගූගල් එකේ බලන්න කියල. අපි කිව්වෙ මිස්ටර් ගූගල් කියල එයාට.

      Delete
  15. අන්තිම එක නම් පට්ටය.. ඇඩෙනවා වෙන එකකට නෙවේ හිනා වෙලාම

    ReplyDelete
  16. ලොල් ඈ
    බ්ලොගේට මක්කැයි වෙලා තිබුනේ? මේ තියෙන්නේ අගේට.

    ReplyDelete
    Replies
    1. අගේට! මැරිල ඉපදුනා.

      Delete
  17. නියම කතා සෙට් එක..

    බ්ලොග අවුලක් නැහැ. දැනුත් නියමයි. අතපත ගාන්ට එපෑ දෙයක් ඉගෙන ගන්ට..

    ජය !

    ReplyDelete
    Replies
    1. ඒකනෙ! අතගාන්නම ‍‍ඕන.

      Delete
  18. මටත් දවස් තුනක් විතර කමෙන්ට් කරන්නම බැරිව තිබුණා.අහම්බෙන් අභියා චැටට සෙට් වුන වෙලාවක කිව්වා ඔක බ්ලොගර්ලගේ අවුලක් කියලා...අභියගේ බ්ලොග් එක දවස් ගානක් නැතිවෙලාම තිබුණලු. කිව්වත් වගේ එදාම හවස වැඩේ හරිගියා. එතකොට මම හෙම්බත්වෙලා හිටියෙ.(බ්ලොග් එකක් තිබිලා නැතිවුනානම් කොහොමට තියෙයි ද කමෙන්ට් බොක්ස් එක බ්ලොක් වෙලා එහෙමනම්)

    අද උඹේ පෝස්ට් එකේ අකුරුත් ගොඩාක් වැරදිලා....

    ReplyDelete
    Replies
    1. බ්ලොගේ අවුලක් නෑ. ෆලෝවර්ස්ලා දාල රෝලක් දාල ගත්තම හරි. පෝස්ට් දාන්නෙ නැතිඑක විතරයිනෙ ඊට පස්සෙ! අනික්ව ඔක්කොම තියනවනේ. :)

      Delete
  19. මල කෙලියක් නෙව වෙන්ඩ ගිහින් තියෙන්නේ.
    අම්බෝ කාලෙකට පස්සේ ඇඟ හිරිවැටිලා යන පෝස්ට් එකක් කියවන්ඩ ලැබුනේ !!!

    ReplyDelete
    Replies
    1. මොනවද මේ කතා. බ්ලොගේ එලොව ගියා කියලයි හිතුවෙ.

      Delete
  20. කතාවෙ ට්‍රැක් මාරු වෙලානෙ.
    කාලෙකට ඉස්සර වැ‍ටුප් ලැයිස්තු පරිඝනකගත කරපු කාලෙ පඩියෙ එක එක අඩුපාඩු. පිස්සු වල් සීමාවක් නෑ. ඇහුවම කියන ලේසිම උත්තරේ තමයි කම්පියුටර් එකට වැරදිලා කියලා.

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්. මාත් ඕක කියල තියනව.

      Delete
  21. නියමයි රාජ්. පොඩ්ඩාගේ කතා කරන ෆොටෝ තරමටම හිනාවුනා... එලස්...

    ReplyDelete
  22. ඔය වගෙ ජිල්මාට් එකක් මම වැඩකරපු තැනක උනා ඒක ටිකක් අමුතු පහෙ එකක් හන්දා පොස්ට් එකක් විදියට දාන්න හිතුනා.

    ReplyDelete
  23. ඔය වැඩේම මටත් උනා ඊයෙ.... මගේ බොක්ක දාල පත්තුවෙලා ගියා..... දැන් නම් හිතාගන්න පුළුවන් ටිකක් මොකක්ද කරන්න ඕන කියල.... රාජ්ගෙ උපදෙස් ටික දැක්කම හිතුන, එහෙනම් දැන් බයවෙන්න දෙයක් නෑ කියල..... හික්ස්....

    ReplyDelete
    Replies
    1. බැකප් ඒකක් අරෙගන තියාගන්න. ඒක ෙහාදයි.

      Delete
  24. සිරා කතන්දර ටික රාජ්!

    ReplyDelete
  25. කම්පියුටරේ නැත්නම් දැන් කට්ටිය මැරෙන සයිස් නේ. හැබැයි මාත් ඔහොමමයි.:D

    ReplyDelete
    Replies
    1. කොම්පියුටරේ කියන්නේ මහෙනම් නම් හොදම යාලුවා . දවසක් හරි ලෙඩ උනොත් ඉවර තමා ඉතින් :D

      Delete
    2. කොම්පියුටර්-බ්ලොග් තමයි හීනෙනුත්!

      Delete
  26. ඔය විදිහට පයිල් කොපි කරන්න ....... අදමයි දැනගත්තේ ..... හි හි

    ReplyDelete
  27. මමත් ඊයේ රෑ බ්ලොගේ බලද්දී මොන මොනවද වෙනස්කම් ගොඩක් වෙලා තිබුනා
    ටික වෙලාවක් එහෙට මෙහෙට අතපත ගාල බැලුවට පස්සේ තමයි ටික ටික තේරෙන්න ගත්තේ... ;)

    ReplyDelete
    Replies
    1. ඒකනෙ! බ්ලොගර් අයිය බීලද කොහෙද.

      Delete
  28. උඹ හොඳයි...මම එක්සෑම් එකක් කරන්න ගිහින් ගූගල් එකෙන් පොඩි හෙල්ප් එකක් ගත්ත.කරුමෙ කියන්නෙ සර් කාරය ලඟට එනකොටම මශිම ස්ටක් වුනා..මොනිටරේ පිරෙන්නෙ ගූගල් සර්ච්..එහෙම නොන්ඩියක් වුනේ නෑ මගෙ ආත්මෙට...යාන්තම් වැදල ආපහු එක්සෑම් එකක් ඉල්ලගත්ත

    ReplyDelete
    Replies
    1. කිව්වම මතක් උනේ. මම කැම්පස් යනකොට ඊට කලින් කොම්පියුටර් පාවිච්චි කරල තිබුනේම නෑ. ඔන්න දවසක් ඩිමෝ කෙනෙක් මට බැන බැන වර්ඩ් වල මොකද්ද කියල දෙනව. මට මෙලෝදෙයක් තේරෙන්නෙ නෑ. එයා කියල දීල ඒක ආයෙත් ඩිලීට් කරල ගියා. එහාපැත්තෙ හිටිය යමක් කමක් දන්න එකා මට අන්ඩූ කිරිල්ල කියල දුන්න. මම ඩිමෝගෙ එක ආයෙත් අරගෙන එ්කෙ පොඩි වෙනස්කම් ටිකක් කරල වීරය වගේ පෙන්නුව.

      Delete
  29. උපදෙස් ටිකනම් ගොඩක් වටිනව.කතාවනම් හරි ලස්සනයි අය්යේ,මේ මම මේ පැත්තෙ ආව පලවෙනි වතාව,මින් මනතනම් පුලුවන් හැම වෙලාවකම කියවනව

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිලිගන්නව.

      Delete
  30. අම්මෝ මට මතක් වෙනවා ඒ කාලේ මම 10 වසරේ. මගේ යාලුවෙක් එක්ක අපේ අම්මොගේ කාර්ඩ් එකත් අරන් පොඩි ජිල්මාට් වැඩකට සල්ලි වගයක් ගන්න ATM එකකට ගියා. මිට කලින් අම්මි හෝ තාත්ති එක්ක ගිහින් තිබුනට ඔක්ක ඇතුලට ඔව්වායේ වෙන සිද්දි හරියටම දැනගෙන හිටියේ නැහැ. අම්මෝ කාර්ඩ් එක දැම්මා විතරයි පින් එක ගහන්න කියුවා. බයටද මන්දා පින් එක වැරදිලා වැදුනේ. හතිලව්වයි දැන් රිමුව‍ කරන්න තැනක් පෙන්නේ නැහැ. ඒ මදිවට ආපහු කාර්ඩ් එක ගන්න තේරෙන්නෙත් නැහැ. අම්මෝ එදා නම් ලෙසටම බය උනා. අන්තිමට එතන පොලි හිටපු අක්කා කෙනෙක්ට කියලයි හරිගස්ස ගත්තේ :( අද ඒ සිද්දය මතක් වෙද්දී හිනා යනවා. එකටම කියලා දැන් එව්වා ගැන හොඳටම දන්නවා :පි

    ReplyDelete
    Replies
    1. කොහොමද හිරවෙලා අම්මට කියන්න උනානං. කාඩ් කුඩුනේ...

      Delete
    2. කුඩුද කියලාත් අහනවා හිකිස්‌ අම්මෝ :(

      Delete
  31. ඇත්තම කියන්න 99-2000 වගේ කාලේ මමත් හිතන් හිටියේ මොනිටරේ තමා වැඩකරු කියලා !!!

    ReplyDelete
    Replies
    1. මාත් එහෙමයි. පැත්තකින් තියන පෙට්ටියකින් මොන වැඩද කියලයි හිතුවෙ :)

      Delete
  32. ෂැහ්.. පූල් එකක් කිව්වට මම හිතුවේ ස්වීමින් පූල් එකක් කියලා! තාමත් ආණ්ඩුවේ කාර්යාල වල GPS එකමද තියෙන්නෙ අයියෙ?

    ReplyDelete
    Replies
    1. ඔව් තාම ජීපීඑස්. දැන් තියෙන්නෙ 7.2 ද කොහෙද.

      Delete
    2. තාම ඒකම තමා...

      Delete
  33. මමත් ඉස් ඉස්සේලාම මගේ රාජකාරි ජීවිතය පටන් ගත්තේ GPS එකෙන් ... අදටත් පඩි දවසට ඒකේ පොඩි හරි වැඩක් සෙට් වෙනවමයි... ඒ විතරක්යෑ මට පස්සේ GPS කරන්න ආව ගෑල්ලමයට ඒක පුරුදු කරන්න භාර වුනෙත් මටමයි... මාස ගාණක් ගියත් හරියට ඉගෙන ගත්තෙම නෑ නොවැ.. වැඩේ කොච්චර දුර ගියාද කියනවානම් නතර වුනේ අපි දෙන්න එක වහලක් යටට වෙලා.. ඔන්න ඕකයි GPS එකේ වැදගත්කම....

    පෝස්ටුව නියමයි... මීට කලින් ආවට අද තමයි ඉස්සෙල්ලාම කොමෙන්ට් කලේ..

    ReplyDelete
  34. දැන් ඔන්න එහෙනම් රාජ් අයියගෙ උපදෙස් පරිදි කටයුතු කරනව මීට පස්සෙ ඔහොම එකක් වුනොත් හොඳේ..........

    ReplyDelete
  35. පට්ට කතා සෙට් එකක්නේ බොලේ මටත් ඉස්සරෝම කැෆේ එකකට රොත්ත බුරුත්තක් එක්ක ගිහිං කොම්පීතරේ ස්ටක් වෙච්චි සීන් එකක් මතක් වුනා... එදා ඒකේ හරි අපූරු අක්කා කෙනෙක් ඉන්න වැලක් ගියේ මෙන්න බොලේ අපේ කොම්පීතර් එකේ වෙලාව ඉවරයි කියන්න කැෆේ එකේ අක්කා ආවාම ක්ලෝස් කරන බටන් එක වෙනුවට ෆුල් ස්ක්‍රීන්ම වැටුනා ඊට පස්සේ හිට්ටා අක්කා දිව්වා....අපි ඕපන් කරලා තිබ්බ හැට හුටාමාරක් බ්‍රව්සිං පේජ් ටිකත් එහෙම්ම තියලා මොනිටරේ ඕෆ් කරලා මාරු උනා

    ReplyDelete
  36. රාජ් මල්ලී මං මෙනෙත්ට එන්න කලින් ගියේ කතන්දර අයියගේ බ්ලොග් එකට. එතැනට ගිහින් මේ අයිය මල්ලි කතාව නවත්තන්න ඕන කියන හිතුවිල්ලෙන් මෙතැන්ට එනකොට මෙතනත් අයියල අක්කලා මල්ලිලා.

    ඒවත් කියෝගන පහළට එනකොට කියන්න ඕන දේ කතන්දර අයියා කියන්න ඕන දේ කියලා.

    ඉතින් මල්ලි මා එක්ක අමනාප වෙනවා එහෙම නොවේ ඕං.

    ReplyDelete