Monday, May 7, 2012

අබිං කන්න එන්න.


මං ඔහේ ලියනවා
උඹල'විත් බලනවා
උඹලාත් ලියනවා
මං ඇවිත් බලනවා.

කොමෙන්ටුත් දානවා‍
මිතුරු හමු තියනවා
ආතලුත් ගන්නවා
පොදු වැඩත් කරනවා.

ඇනෝලා වඩිනවා
කුණුහරුප කියනවා
"කොන්ද පන නැති ඇනෝ"
කියල අපි බනිනවා.

කල්ලි ගැන කියනවා
හොද නැහැයි කියනවා
පවුලක්ය කියනවා
ඒකටත් බනිනවා.

රජයටත් බනිනවා
ලොක්කටත් බනිනවා
ගොඩා....ක්ම බැන්නොතින්
හැක් කරල දානවා.

ආගමට බනිනවා
රැක ගන්න හදනවා
ජාතිවාදියෝ සහ
ද්‍රෝහියෝ කියනවා.

වැල කෑලි තියනවා
ජොලි කතා තියනවා
ඒව පබ්ලිෂ් කලොත්
හිට් වැඩිය ලැබෙනවා.

අහම්බෙන් එන එකා
කොමෙන්ටුත් දානවා
දවස් දෙක තුනකදී
බොල ඌත් ලියනවා!

පෙරකාලෙ යක්ෂයෙක්
අරක්ගත් විල වගේ
බ්ලොග් විලට බහිනෙකා
අයෙ නම් එන්නෙ නෑ!

හිතට ආ නිසයි මේ
කියන්නේ ඇත්තටා
මේක නං අබිං මයි!
බොරු නෙවෙයි අම්මපා.



ප.ලි: ලියල ඉවර වුනා විතරයි බොලේ අහම්බෙන් වගේ දැක්ක තව එකක්. කියපුව වෙනස්වුනත් එකම සබ්ජෙක්ට් එක.



54 comments:

  1. //අහම්බෙන් එන එකා
    කොමෙන්ටුත් දානවා
    දවස් දෙක තුනකදී
    බොල ඌත් ලියනවා!//
    මමත් ඔය ජාතියෙ ඒකෙක් සදරු ගැන පත්තරෙ දැකලයි මුලින්ම අැවිත් කියෙව්වෙ...

    ReplyDelete
  2. අයියලත් ලියනවා
    මාමලත් ලියනවා
    ලියනවා ලියනවා
    මෙන්න බ්ලොග් ලියනවා

    ජය.....!

    ReplyDelete
    Replies
    1. ජයවේවා ! අද කවිමයි.

      Delete
  3. අබි‍‍න්ම තමයි! මම මුලින්ම බ්ලොග් එකකට කියෙව්වෙ W3 Lanka අඩවිය. ඒකත් mobile එකෙන්.

    ReplyDelete
    Replies
    1. මුලින්ම කියෙව්වෙ මොකක්ද කියල හරියටම මතක නෑ.

      Delete
  4. මෙතනත් තියනවා
    එතනත් තියනවා
    අතනත් තියනවා
    අපිත් කියවනවා

    ReplyDelete
    Replies
    1. සිංඩියෙන් බලනවා
      රෝලෙනුත් බලනවා
      බුකියෙනුත් බලනවා
      හොය හොයා බලනවා.

      Delete
  5. //අහම්බෙන් එන එකා
    කොමෙන්ටුත් දානවා
    දවස් දෙක තුනකදී
    බොල ඌත් ලියනවා!//

    මේක අම්මප ඇත්ත.

    අපිත් වහ කාල වගේ ලියනව බං.. වෙන වැඩක් නැහැ වගේ..

    ජය !

    ReplyDelete
    Replies
    1. හ්ම්. අර අටවසරෙ පොඩිඑකත් ලියනව මාර ලිවිල්ලක්.

      Delete
    2. http://yasiruudana.wordpress.com/ මේ මල්ලි නේද? දැන් ලිපි 100කුත් ලියලා!

      කොත්තු.org එකේ ඊ ගම්මාන වලින් උදව් ලබාගෙන ළමයි ලියන බ්ලොග් ලිස්ට් එකක් තියෙනවා.

      Delete
    3. අන්න හරි. එයා තමයි.

      Delete
  6. බැන බැන
    බලනවා
    හෙටත් ලිවොතින්
    ආයෙත් බලනවා
    තැන තැන
    රැස් වෙනවා
    ඒ ගැන කියනවා
    ඉතින් අපි ගෙවනවා
    දවසක මැරෙනවා

    ReplyDelete
    Replies
    1. මැරෙන්න හැදුවත් එපා වෙන්නෙ නෑ.

      Delete
  7. //අහම්බෙන් එන එකා
    කොමෙන්ටුත් දානවා
    දවස් දෙක තුනකදී
    බොල ඌත් ලියනවා!//

    මටනම් ඕක අදාල නෑ. මම ඇවිත් මාස 6 ක් විතර, තාම ලිව්වෙ නෑනෙ

    මම මුලින්ම කියෙව්වෙ "අන්සතු දිනපොත"- දැන්නම් බරගානක් කියවනවා....
    අබිං ම තමයි.

    ReplyDelete
    Replies
    1. මාස ගානක් ගියත්
      පටන්ගෙන වියුණූ
      ප්‍රහාරය දෙන්නටා
      ඇයි තවත් පරක්කූ?

      Delete
  8. පට්ටපල් ඇත්ත රාජ්.

    ඉටිකිරිස් කවි සෙට් එක.

    ඒ වුනාට සමහරු අපිට බනින්නෙ අපි බ්ලොග් ලියලා මාර විදියට හම්බ කරනවා වගේ. මට නක් සෑහෙන ගානක් අතින් කයිට්.

    මේ..... කිව්වට කමක් නැත්ද මන්දා... අර.. අර අර..පිතූරෙ තියෙනවා නේද? අන්න ඒවගෙ එකක් හදන්න මමත් සැලසුම් කරලා තියෙන්නෙ.

    henryblogwalker the Dude


    :D

    ReplyDelete
    Replies
    1. තැන්ක්‍යු. ඒක හදාගත්තම පිංතූරයක් මතක ඇතුව එවන්න.

      Delete
  9. පිට කසාගන්නවා
    හොටු කඳුලු පිසිනවා
    ඒවාට බනිනවා
    බැන බැනත් කරනවා

    ReplyDelete
  10. මමත් ලියනවා
    ඔබත් ලියනවා
    අපිත් එක්ක එකතු වෙලා
    තවත් ගොඩක් ලියනවා..

    විල ගැඹුරුයි හිතෙනවා
    ඒත් බැහැල බලනවා
    ආපහු ඒමක් නෑ කියනවා
    ඒත් මේක මාර ආතල් ගේනවා..

    ReplyDelete
  11. මාත් ලියනවා
    නොලියාම ඉන්නවා
    ලියන්නට ගත්තොතින්
    නොනිදාම ලියනවා

    මම අවුරුදු දෙකකට කලින් බ්ලොග් එකක් හැදුවා මේ නමින්ම අවුරුදු දෙකටම කොමෙන්ට් 2යි.ඒ කාලේ සිංඩි ගැන දන්නෙත් නෑ.අවුරුදු දෙකකට පස්සේ ගෙදට්ට වෙලා ඉද්දි සඳරු අයියගේ කතා සෙට් එකම කියෙව්වා.පටන් ගත්තේ අර ගාමණී ෆිල්ම් එක ගැන තිබ්බ එකෙන්.ඒක කියවලා ආපු කික් එකට ලියන්න ගත්තා තාම ලියනවා.මේක අබිං කෑවා වගේ තමා නොලියා ඉන්නත් අමාරුයි නොකියවා ඉන්නත් අමාරුයි....

    පට්ට කවි සෙට් එක ඈ

    ReplyDelete
    Replies
    1. දැං ලියනවනේ හොදට. වෙදගෙදර කතා සෙට්එක නැගලම යන්නෙ.

      Delete
  12. හෆොයි...බලපු මුල්ම බ්ලොග් එක මාව කෑවා....

    ReplyDelete
  13. සම්පූර්ණ ඇත්ත. දවසක මේක අපේ ජීවිත විනාශ කරගෙන අපිව ගිලගනීද දන්නේ නෑ.
    ලස්සන කවි. :)

    ReplyDelete
  14. නියමම ඇත්ත.පොකු කීවා වගේ දවසක මේක අපිව ගිලියිද මන්දා?? :D

    ReplyDelete
  15. මට නම් දැන් අබිනුත් එපා වෙලා තියෙන්නෙ... කියවන එකත් සෑහෙන අඩුවෙලා... :)

    ReplyDelete
    Replies
    1. ඒක තමයි උඹ දැක්කෙ නෑ මෙ ටිකේම.

      Delete
  16. ප්‍රේමකීර්තිද අල්විස්
    කරුණාසේන ජයලත්
    බ්ලොග් ලිව්වනම මෙකල
    කෙතරම් සොඳුරුයිද
    සයිබරේ අවකාශේ

    එහෙමනම් බලනවා
    බල බලා බලනවා
    කමෙන්ට් දාන්නට මෙතන
    කෙනෙක් නම් නැති වෙනවා

    තියෙන බ්ලොග් දැක්කම
    බලනෙකාටත් මෙතන
    මටත් පුලුවන්නේ බොල
    හිතල ඌත් ලියනවා

    ReplyDelete
    Replies
    1. මාත් විශ්වාස කරන දෙයක් තමයි සුපිරියට ලියන්න පුළුවන් එවුන් තාම මේකට සෙට්වෙලා නෑ කියනඑක.

      Delete
  17. හැමදාම ලියනවා
    ඉඳහිටත් ලියනවා
    එක්කො මග හිටිනවා
    වැඩ්ඩො වැඩ දානවා

    ReplyDelete
  18. ලියනවා ලියනවා...බලනවා බලනවා...හෑ..අම්මපා කියොනව.....ලියනවා බලනවා...හම්...මේ...දැන් ඇතිවගේ නේද....සහතික ඇත්ත මේනං අබිං

    ReplyDelete
  19. මම අබිං කන එක අඩු කරල තියෙන්නේ . ඉස්සරහට තවත් අඩු කරගන්න ඕන .

    ReplyDelete
  20. මමත් ඉඳ හිට එනවා
    …ලට පට සේරම කියවනවා

    …අම්මපා මේ ඇත්තමයි
    …මම කතා කාරයෙක් නෙවෙයි

    ReplyDelete
  21. උඹ අපිට නොකිය මලක් ඇද්ද නේද...

    ඇත්ත බං කතාව...

    ReplyDelete
  22. හැබෑම තමයි... ආයේ මොකට කියනවද ඒ වග?

    ReplyDelete
  23. අයියෝ අපිට වෙච්ච දෙයක් නොකෑවත් එන්නේ මෙතනට.

    ReplyDelete
  24. සෙටිෆිකෙට් ට්රූ.....

    ReplyDelete
  25. සහතික ඇත්ත.. මසුරන් වටින කතාව අයියේ!!

    ReplyDelete
  26. හික්ස්...

    අබිංමයි මේකනම්
    ලියනවා ලියනවා
    මඟ තොටේ, බස් එකේ
    ලියන දේ හිතනවා..

    පාඩමක් කරනවා
    ආයෙමත් ඇදෙනවා
    පාඩමක් මොකට මට
    මමත් බ්ලොග් ලියනවා...

    පිස්සුවෙන් ලියනවා
    අනිත් වුන් බලනවා
    ආයෙමත් ලියනවා
    ලියනවා ලියනවා..

    ReplyDelete
  27. කාටත්,
    වෙන‍වෙනම දාන්න කම්මැලියි. තැන්කූ කියල කස්ටියටම එකසැරේ කියනවා.

    ReplyDelete
  28. සහතික ඇත්ත....

    ReplyDelete
  29. මාත් ලියන කියවන එක සෑහෙන්න අඩු වෙලා දැන්!

    ReplyDelete
  30. //අහම්බෙන් එන එකා
    කොමෙන්ටුත් දානවා
    දවස් දෙක තුනකදී
    බොල ඌත් ලියනවා!//

    Same here

    ReplyDelete
    Replies
    1. තාරා
      ස්තුතියි.

      Sabith
      ඒක තමයි මාත් බැලුවෙ මොකද කියල.

      Observer
      ඔබා නං කාලයක් හිටිය පාඨකයෙක් විදියට.

      Delete
  31. සරලයි , පහසුයි , සුකොමාලයි....

    ReplyDelete
  32. මම මේක කියවල තිබ්බෙ නෑ. අදයි අහම්බෙන් කියෙව්වේ. නියමයි කියන්නේ, කියන්න වචන නෑ බන්. එලම එල. මේකෙන් ගිලිහිච්ච එකක් වත් නැහැ කියලයි මට හිතෙන්නේ.

    මමත් අහම්බෙන් ඇවිත් දවස් දෙක තුනකදි ලිව්ව එකෙක් තමා. බ්ලොග් ලියන්න ආසාව ඇති වුනේ රාජ් ගේ බ්ලොග් එක නිසා කියල මම මිට ඉස්සෙල්ලත් කිව්වා.

    මම තාම කවදාවත් ඇනෝ නම් දාල නෑ. ප්‍රොෆයිල් එකක් නැති දවස් වලත් යටින් නම දැම්මා. හැබැයි මම නම් 'කොන්ද පණ නැති ඇනෝ' ලට කැමති. උන් අපේ මොරාල් එක වැඩි කරනවනේ.

    කල්ලි කථාව නම් මම තේරුම් ගත්තේ මේ මෑතකදී. ඇත්ත එහෙම දෙයක් පැහැදිලිවම තියනව. හැබැයි කොහොම වුනත් උඹල වගේ 'නොබැදි ජාතීන්' ගොඩකුත් ඉන්න නිසා අපි වගේ ආධුනිකයන්ට පාළු නෑ.

    ReplyDelete