Friday, May 18, 2012

නිධන් හෑරූ දේශය.

එකමත් එක රටක් තිබුනේය. පෙර කල ධනයෙන් බලයෙන් සශ්‍රීකත්වයෙන් ආඩ්‍යව තිබූ ඒ දේශයට කිසිවකින් අඩුවක් නොවිනි. එකල ඔවුන් කෘෂිකර්මාන්තය නිසා ස්වයං පෝෂිත වූ අතර රැස්කල ධනයෙන් වෙහෙර විහාරද කලා නිර්මාණද වැව්අමුණුද ආදී වශයෙන් නොයෙකුත් දෑ කරවීය. එහෙත් එතනින්ද නොනැවතිනි. ඔවුන් ගල් පර්වත සිදුරුකොට ඒ තුල මාලිගාවන්ද විහාරද නිවාසද ඉදිකලහ. කාගෙන් හෝ ඉගෙනගත් ශිල්ප ක්‍රම භාවිතා කොට අහස උසට පිළිම නෙළූහ. ‍‍‍‍එහෙත් ඔවුන්ගේ ධනයේ නිමක් නොවූහ.

ඉන්පසු ඔවුන් කතිකා කලේ තම අතිරික්ත ධනයට කුමක් කරම්දැයි යන්නය. ඒවා තම මී මුණුබුරන්ගේ යහපත සදහා-අනාගතයේ ඇතිවිය හැකි ව්‍යසනයකින් පසු ප්‍රයෝජනයට ගැනීම සදහා- නිධන්කර තැබීමට ඔවුන් තීරණය කලේය. තම අතිරික්ත වූ ධනය රන් මැණික් මුතු ආදී විනාශ නොවන වස්තූන් වලට පරිවර්තනය කොව ඒවා ගල්තලා තුලද වැව් අමුණු තුලද වෙහෙර විහාර තුලද... වශයෙන් සෑම ස්ථානයකම නිධන්ගත කරනු ලැබීය.

පසු කාලයේදී විදෙස් ආක්‍රමණවලින් රාජධානිය බිදවැටුනු අතර නිදන් වලින් කොටසක් ආක්‍රමණිකයන් ගෙනයනු ලැබීය. ආක්‍රමණිකයන් රට හැර ගියද වැසියන්ට උදාවූයේ නරක කලදසාවකි. අලුතෙන් රටේ පාලනය අතට ගත් පාලකයන් රට දියුණු කිරීම වෙනුවට තම භාණ්ඩාගාර පමණක් පුරවා ගැනීමෙහි නියුක්ත විය. කෙසේ වුවද නිධන් පිළිබදව දැනුමක් කාලයක් යනතෙක් ඔවුන්වෙත නොවීය. සියල්ලන්ටම එය අමතක වූවා සේය. මේ අතර රටේ කැරළි කෝලහල ඇතිවූ අතර එයින් සිදුවූයේ රට තවත් ව්‍යාකූල තත්වයකට පත්වීම පමණි.

මේ අතර එක් පාලකයෙකුගේ සමයේදී මෙම වස්තුව පිලිබද අවධානය යොමුවූ අතර ඔහු විසින් මේවා එක්රැස් කිරීමට පටන් ගත්තේය. තම බලය පාවිච්චි කරමින් රටවැස්සන්ට හොරෙන්-එසේත් නොමැතිනම් බලහත්කාරයෙන්- රන් මුතු මැණික් එක්රැස් කලේය. ඉන්පසු සිදුවූයේ නොසිතූවකි. පාලකයාට පහලින් සිටියවුන්ද නිධන් වස්තුව අත්කරගැනීමට කටයුතු කල අතර පසුව සාමාන්‍ය ජනයාද මීට පෙලඹිනි. වෙහෙර-විහාර, වැව්-අමුණු, ගල්තලා ආදී ස්ථාන පමණක් නොව සෑම තැනකින්ම පාහේ නිධන්කල ධනය හමුවිය. කර්මාන්ත ශාලා කෘෂි කාර්මික ස්ථාන ආදී සියළු තැන්වල රක්ෂාකල මිනිසුන් තම රාජකාරී අතපසු කරමින් නිධන් කල ධනය සෙවීමට යුහුසුළු විය. බලවතුන්ට විශාල ධනස්කන්ධයන්ද දුප්පතුන්ට යන්තම් සෑහීමට පතිවිය හැකි අයුරින්ද ආදී ලෙස තම තමන්ගේ බලයේ ප්‍රමාණයට සියල්ලන්ටම නිධන් ලැබිනි.

ඉන්පසු තත්වය තව තවත් උග්‍ර අතට පත්විය. පැරණි ගොඩනැගිලි පුරාවිද්‍යා කෞතුකාගර ආදී ස්ථානද බිදිමින් ඔවුන් නිධන් රැස් කලහ. අවසානයේ රටේ සෑම බිම් අගලක්ම නිදන් සෙවීම සදහා පෙරලා තිබිණි. වඩාත් නිවැරදිව කිවහොත් වනසාදමා තිබිනි. ලබාගත් නිධන් වස්තූන් විකුණා දමමින් කමින් බොමින් කාලය ගතකල අතර කිසිදු කර්මාන්තයක් කිරීමේ අවශ්‍යතාවයක් ඔවුන්ට නොවීය.

කාලයාගේ ඇවෑමෙන් ධනය ක්ෂයවී යන්නට විය. පලමුවෙන්ම සුළු වශයෙන් රැස්කලවුන්ගේ සිට ඉහලට එකිනෙකාගේ වස්තුව අවසන් විය. එහෙත් ඒ වනවිට ඔවුන් සිටියේ කිසිදු කර්මාන්තයක් කරගැනීමට අත් පා වෙහෙසීමටවත් නොහැකිව තත්වයකය. ඔවුන්ගේ සියළු හැකියාවන් මොටවී තිබුනි. නිසැකයෙන්ම ඉදිරියේදී එලඹෙන්නේ ඉතා අසීරු කාලයක්ය. පොලව යට පිහිටි ධනය ගොඩට ගත් ඔවුන් තමන් තුල තිබූ නිර්මාණාත්මක හැකියාවන්, ශක්තීන් ආදී වූ නිධන් වලදමා තිබිනි.

පසුවදන:

01.මෙය ශ්‍රී ලංකාවේ වත්මන් තත්වය අලලා ලියන ලද දේශපාලන කතන්දරයක් නොවේ.
02.මකා දැමීමට හිත හදාගැනීමට නොහැකි වූ නිසා පලකරන ලදී.


65 comments:

  1. කාට කියන්නද මචන් ඉතින් මේවා..බඩුත් නඩුත් දෙකම හාමුදුරුවන්ගෙ වුනාම.

    ReplyDelete
  2. මට මේක කියෙව්වහම මතක් වුනේ අර සිංදුවක් තියෙන්නේ 'ගමේ කොපි ක‍ඩේ ‍දෙන්නා දෙපැත්තේ' සිංදුව

    ReplyDelete
    Replies
    1. මේක ඊට සංකීර්ණයි.

      Delete
    2. හපොයි...බට්ටි ඒ සිංදුව මේකට කොහෙත්ම අදාල නෑ.....
      අනික ඒ සිංදුව කිව්ව සනත් නන්දසිරි කොල්ලන්ගෙන් බේරෙන්න බැරුව උන් වෙනුවෙන් ඒකම අනිත් පැත්තටත් කිව්වා මෙන්න මෙහෙම..

      "ගමේ කෝපි කඩේ දාන් අදින ගැටව් හපන්නු...ගැටව් හපන්නු
      ආකාසේ තාරුකා මුහුදෙ මඩ වුනත් අරන් දෙන්නට
      කෝපි කඩේ දාන් අදින ගැටව් හපන්නු...ගැටව් හපන්නු..."

      ඒ විදියට කියලා කලින් එක නිශ්ක්‍රීය කළා...:D

      Delete
    3. මට ඒක හිතුනේ අර තියෙන්නේ එක තැනක ''අපි වවළයි අපි කෑවේ උත්තම රජ කාලෙ වගේ" අන්න ඒ ටික නිසා..
      අනේ ඔන්න බට්ටිට සංකීර්ණව හිතන්න නම් බෑ අප්පා....

      Delete
    4. බට්ටිගෙ කතාවත් හරි.

      Delete
  3. රජු සොරකම් කරනවිට ඇමතිවරු සොරකම් කරයි
    ඇමතිවරු සොරකම් කරනවිට මැතිවරු සොරකම් කරයි
    මැතිවරු සොරකම් කරනවිට ජනතාව සොරකම් කරයි
    එවිට විනය පිරිහේ අනතුරුව රට පිරිහේ...

    (ගෞතම බුදුන්වහන්සේ)

    ReplyDelete
  4. ඒකත් එහෙමද උනේ

    ReplyDelete
  5. මිහිකත් ළය පලා
    හදවත සොරා ගනිද්දී
    මුරගල අස්සේ ගුලිවෙලා
    හීතලට බුදියෑව
    නයෝ
    අකුලගන් දැන්වත්
    ලෝකෙට පෙන්නෙනට
    පුප්ප ගත්තු
    උබේ මහ ලොකු
    හත් පෙනේ

    ReplyDelete
    Replies
    1. නියමයි. එහෙම කරලවත් මුං බය කරන්න පුළුවන් නම්.

      Delete
  6. හ්ම්ම් හොඳ අදහසක් තමා... ඒත්... පරිස්සමින්. දැන් වාහන ගොඩක් සුදුපාටයි... හි හි

    ReplyDelete
  7. 100% ක් එකග වෙමි..

    ReplyDelete
  8. මේ නම් ලංකාව නොවේමය. දේශපාලන කතාවක් නෙවේමය..

    ඒ රටේ බොහොමයක් ඉපැරණි බුද්ධ ප්‍රතිමාවල පවා හිස් කඩා විනශකර නිධන් සෙවූ නරුමයන්ද විය. ඊට රාජ්‍ය ආරක්ෂාව සහ ආරක්ෂක හමුදවලුන්ගේ රැකවරණය හිමිවිය.

    ***

    ජීවිතයේ අවසාන භාගයේ එම රජු සහ එතුමාගේ පවුලේ උදවිය බල්ලන් මෙන් පාරවල් දිගේ මිය ගියහ. හිස ඔසවා වතුර පොදක් ඉල්ලූ කලෙක ඔවුනට පැන් පොදක් දෙන්නට තරමේ අනුගාමිකයෙක් නොවීය. එතුමා කර තම තබාගෙන ඔටුනු පැලදූවෝද ලග නොසිටියේය. තරමක් හෝ ලගින් සිටි අයටද බීමට වතුර පවා නැතිවිය.

    - එය දිට්ඨධම්මවේදනීය කර්මය බව කියවේ -

    රාජ් උබ සිරා බං - උබට ජය !

    ReplyDelete
    Replies
    1. ඔව්වනං දාන්න බෑ මට.

      Delete
  9. අපි මේවා කිව්වා කියලවත් ලිව්වා කියලවත් වැඩක් නැහැනේ බන්.මේක දැන් හැමෝම දන්න දෙයක් කාටවත් එළිපිට කියන්නේ නැති වුනාට.අපි කියලා මොනා කරන්නද?.

    ReplyDelete
  10. මේක සිරිබිරිස් ලං කෑව ගැනද ?

    ReplyDelete
  11. නිධන් හාරන එක පාලකයෝ කළ යුතු දෙයක් කියලා කිව්වේ ඔය දේශයේම වගකිවයුතු පැවිදි උත්තමයෙක් නේද?
    -Kandyan-

    ReplyDelete
    Replies
    1. එල්ලාවල හාමුදුරුවො කිව්වෙ ගන්න ඕන නං රජයෙන් අරගෙන භාණ්ඩාගාරයට දාන්න කියලනේ. දැන් වෙනදේ හැටියට නං මටත් හිතෙන්නෙ එහෙම වෙනවනං හොදයි.

      Delete
    2. ඒ උනාට වෙන්නේ පාලකයෝ තමන්ගේ පුද්ගලික භාණ්ඩාගාරයට ඔබාගන්න එකනේ.

      Delete
  12. ඕවා ඉතින් පොළව යට තිබිලා දිරල පස්වෙලා අඟුරු වෙලා යනවට වඩා හොඳ නැද්ද කවුරු හරි හාරල ගොඩ ගන්න එක ලමයෝ.......මෙච්චර කලක් හිටපු එකෙක් ඔය ගැන උනන්දු උනාද නැහැනෙ..කම්මැලි යක්කු...!!!

    ReplyDelete
    Replies
    1. මොන පිස්සුද කිරිල්ලියෙ, අර හිටපු රජ පුතෙකුත් හෑරුවය කියන්නෙ. එයාගෙ නම් ඇති කම්මැලි කමක් නෑ ... තිස්සෙම ලොක්කත් එක්ක ගේම ඉල්ලනව.

      Delete
    2. ඕවට කම්මැලි නැති කට්ටිය වැඩියෙන්ම ඉන්නෙ අපේ ප්‍රාන්තෙ.

      Delete
  13. සිරා කතාව...අපෙ හැකියාව සැබෑ නිධානයක්...

    ReplyDelete
  14. නිකන් හිතපල්ලා,,, සාමාන්‍ය රැකියාවක් කරන කෙනෙකුට ලක්ෂ 10ක් ඉතුරු කරගන්නන කොපමණ කාලයක් යනවද?? පැන්ෂන් යනකොට epf එකේ තිබ්බොත් තමා. බ්ලොග් ලියන කියන කස්ටියට නම් අඩුම තරමේ විසිපන් දහසක් වත් ලැබෙනවා වෙන්නට ඕනි. නමුත් බොහෝ දෙනෙකුට වැටුප පහළොවක් දහ අටක් අතර නැත්නම් ඊටත් අඩුයි.
    ඉතින් මිනිස්සු නිධන් හාරනවා කියන එක ලොකු දෙයක් නෙමේ. මහා එඋනුත් හාරනවා නම් තවත් කතා මොටද..

    ReplyDelete
    Replies
    1. මොන විසි පහක් ද? අපිට ඊට වඩා ලැබෙනවා!! ඒක නේ අපි බ්ලොග් ලියන්නේ!

      Delete
    2. "බ්ලොග් ලියන කියන කස්ටියට නම් අඩුම තරමේ විසිපන් දහසක් වත් ලැබෙනවා".... ඇ.......හ්????

      Delete
    3. මචං, දැන් ඔය බ්ලොග් ලියන අයට විසිපන් දාහ ගානෙ ලැබෙන්නෙ මාස කීයකට සැරයක් ද?

      Delete
    4. ඒ බං අපිට තවම රුපියලක්වත් ලැබිල නැහැ නේ.කොහොමද ඕක ගන්නේ. අනේ කිහන්කෝ...

      Delete
    5. විසිපන්දාහක් හම්බුනානම් අද මමත් පොරක්

      Delete
    6. මට මාසෙට 2500/=ක්ම ගෙවනවා ආණ්ඩුවෙන්. ඒකත් තව මාස දෙකකින් ඉවරයි. ඊට පස්සේ ලෙව කන්ඩ තමා වෙන්නේ :P

      Delete
    7. විසිපන්දාහවල් මොකටද ලමයිනේ 7500ක් තිබුනම මදෑ නොමැරී ජීවත් වෙන්න.

      Delete
  15. මේ යන අත නම් සුබ නැත..

    ReplyDelete
  16. මකා නොදමා මේක පල කරපු එක හොදයි..

    කතාවනම් සහතික ඇත්ත අයියේ.. මේ වස්තු වලින් තමන් තව තර වෙනවා හැරෙන්න දුප්පතාට සෙතක් වෙන්නේ නෑනේ..

    ReplyDelete
  17. හැම බිම් අඟලක්ම හෑරුවා නං ඒ හැමතැනකටම මයියොක්කා බතල ටිකක්වත් හිටෝලා දාන්න තිබුණනේ?

    මං පසුගිය දවසක කළ ආනගත රජුන් සඳහා අද නිධන් වල දැමීමේ යෝජනාව මතකයි නේද?

    http://kathandara.blogspot.com.au/2012/05/for-our-future-leaders.html

    ReplyDelete
    Replies
    1. මට ඒකත් මතක් උනා.
      යෝජනාව මතකයි.

      Delete
  18. මම මොකුත් නොකියමි.... කිව්වොත් කුණුහබ්බ පිටවේ.. :/

    ReplyDelete
    Replies
    1. හපොයි අඩවි රජා කුණුහබ්බ කියන්න ගත්තොත් මම ඉවරයි.

      Delete
  19. //පොලව යට පිහිටි ධනය ගොඩට ගත් ඔවුන් තමන් තුල තිබූ නිර්මාණාත්මක හැකියාවන්, ශක්තීන් ආදී වූ නිධන් වලදමා තිබිනි.// 100% ඇත්ත කතාව...මේ දේවල් කරන උන්ට වැඩිකල් යන්න කලින් පලදෙනවා..අපේ ජීව්ත කාලය තුලදිම බලාගන්න පුලුවන් වෙයි.....

    ReplyDelete
    Replies
    1. ඇත්ත. මම කියන්න ගියෙත් ඒකයි.

      Delete
  20. රටේ ප්‍රශ්න මිනිස්සුන්ට අමතක කරවන්න තවත් මාධ්‍ය විජ්ජාවක් වගේ!

    ReplyDelete
  21. සුදු වෑන් එකක් මතක් වෙලා වගේ

    ReplyDelete
  22. මොකද අප්පා මේ දවස්වල හැමෝටම නිධන් මතක් වෙන්නෙ. අර කකා අපිට නිධන් වළලන්නළු. ඔයා නිදන් හාරන්නළු. අනේ මට නිකන් පික්ෂු වගේ අප්පා .... අයියෝ ෂල්ලි ....

    ReplyDelete
  23. ඕවා තියනවා තියනවා කිව්වට ඕවා හම්බෙච්ච කෙනෙක් ඉන්නවද බං?

    ReplyDelete
    Replies
    1. මට ඕනෙ නම් මචං උඹට තියන තැනුයි ගන්න හැටියි ගත්ත ඒවයිං කීපයකුයි පෙන්නා දුන්නහැකි ..හැබැයි මං ඉන්න ඒරියා එකට එන්ඩ වෙයි .

      Delete
    2. ඕනතරම් ඉන්නව.

      Delete
  24. මේක 2085 දිවයින පත්තරේ තිබ්බ එකක් නේ උඹ උපුටාගත්තේ. නැත්නම් උඹද මේ ලිපියේ සැබෑ අයිතිකාරයා. අපි ඉන්නේ දැන් 2087 දෙසැම්බර් නේ..

    ReplyDelete
    Replies
    1. ඒකත් එහෙමද... මට අනාගතේට යන්න පුළුවන්.

      Delete
  25. නිධන් සීන් එක නම් ඉතින් මේ දවස් වල වැඩියෙන්ම නැගලා යන්නේ මං ඉන්න ඉසවුවේ තමා . ඔවුවට අතපය දාන්න බය කොහෙන් වදීද කියලයි .

    ReplyDelete
    Replies
    1. හපොයි මලේ උඹ නං යන්න එපා ඕවට. හූන ඇඩුවොත් යන්නම එපා.

      Delete
  26. මොනව වෙනවද මොනව වෙයිද කියල දන්නේ නැහැ සහෝ. ඒත් එකක් දන්නවා. ලෝක ධර්මතාවයට බොරු කරන්න බැහැ. තමන් වවාගත්ත දේනේ කන්න වෙන්නේ. කල දේ පස්සෙන් එන දවසට ආයේ ඉතින් ඇපත් නැහැ. සමාන චරිත වලට වෙච්ච දේවල් මතකනේ. කෑලි වලට කැඩිලා මැරිලා ගිය හැටි.
    බලා ඉමු. වෙන කරන්න දෙයක් නැති නිසා!!!!!

    ReplyDelete
  27. දේශපාලන කතා නම් මට තේරෙන්නේම නැත.:D

    ReplyDelete
    Replies
    1. දේශපාලන නෙවේ. මේක නිකං කතාවක්.

      Delete
  28. කතාවනම් සහතික ඇත්ත...

    ReplyDelete