Monday, May 21, 2012

මා දුටු අයි.පී.එල්.

තරග හැත්තෑ දෙකක් අවසානයේ අයි පී එල් මූලික වටය නිමාවට පත්වූයේ දිල්ලි ඩෙයාඩෙවිල්ස්, කොල්කටා නයිට් රයිඩර්ස්, මුම්බායි ඉන්දියන්ස් සහ චෙන්නායි සුපර් කිංස් යන කණ්ඩායම් අවසන් වටයට සුදුසුකම් ලබමිනි. මේ මා තරගාවලිය තුල කල නිරීක්ෂනයන්ය.

කෝලි ගැහුවොත් ෆයිනල් නෑ!
ඕස්ට්‍රේලියා තුන්කොන් තරගාවලිය සහ ආසියා කුසලාන තරගාවලියේදී මතුව ආ මෙය අයිපීඑල් තරගාවලියේදී නැවතත් තහවුරු විය. :D
කොදෙව්වෝ.
එක් එක් රට වලින් පැමිණි ක්‍රීඩකයන් අතුරින් වඩාත් සාර්ථක වූයේ කොදෙව්වන්ය. ක්‍රිස් ගේල්, ඩ්වේන් බ්‍රාවෝ, ඩ්වේන් ස්මිත්, කිරන් පොලාර්ඩ්, සුනිල් නරායින් ආදීන් විශිෂ්ඨ දක්ෂතා පෙන්වීය. එහෙත් ඔවුන් බහුතරයක් කොදෙව් ජාතික කණ්ඩායමේ ස්ථාන හිමිවී නැත්තේ ක්‍රිකට් පාලක මණ්ඩලය සමග ඇති නොහොද නෝක්කාඩු නිසාය.
ප්‍රහාරක වේගය සහ එල්ල කල හයේ පහර ගනන සැලකුවහොත් 20-20 ක්‍රීඩාව සදහා වඩාත් උචිත කොදෙව්වන්ය.

ක්‍රීඩකයාතරගපන්දු100ට ලකුණු6 පහර
ක්‍රිස් ගේල් 15 160.74 59
ඩ්වේන් බ්‍රාවෝ16128.15 16
ඩ්වේන් ස්මිත්6156.57 5
කිරන් පොලාර්ඩ්13145.71 13
ඇන්ඩ්‍රි රසල්3206.66 3
කෙවින් කූපර්6190.00 3

මහළු අශ්වයෝ.
20-20 යනු තරුණයන්ගේ ක්‍රීඩාවකි. ටෙස්ට් හෝ එක්දින තරග වලදී සාර්ථක වුවත් වයසින් වැඩි ක්‍රීඩකයන් 20-20 සදහා යෝග්‍ය නොවේ. සචින් තෙන්ඩුල්කාර්, සව්රව් ගංගුලි, ඇඩම් ගිල්ක්‍රිස්ට්, හර්ෂල් ගිබ්ස්, ජැක් කලිස්, රාහුල් ඩ්‍රාවිඩ් වැනි වයසින් වැඩි ක්‍රීඩකයන් සෙමෙන් පන්දුවට පහරදීම හේතුවෙන් ඔවුන්ගේ කන්ඩායම් අසීරුවට පත්වූ අවස්ථා බොහෝය.
මොවුන්ගේ පන්දුවට පහර දීමේ වේගය සලකා බලන්න.
ක්‍රීඩකයාතරගපන්දු100ට ලකුණු
සචින් තෙන්ඩුල්කාර්12 115.07
සව්රව් ගංගුලි1598.89
ඇඩම් ගිල්ක්‍රිස්ට්7120.27
හර්ෂල් ගිබ්ස්392.04
ජැක් කලිස්15102.64
රාහුල් ඩ්‍රාවිඩ්16112.13

එබැවින් අතීත දස්කම් සලකා බැලීම පසෙකලා 20-20 ක්‍රීඩාවෙන් මහල්ලන් ඉවත් කල යුතුය.


ක්‍රිස් ගේල් සහ ලසිත් මාලිංග
තරගාවලියේ වඩාත් කතාබහට ලක්වූ ක්‍රීඩකයා ක්‍රිස් ගේල්ය. වැඩිම ලකුණු, වැඩිම හයේ පහර සංඛ්‍යාව, දිගම හයේ පහර ආදී පිතිකරණයට හිමි සියළුම වාර්තා ඇත්තේ ඔහු සතුවය. එහෙත් තම ජාතික කණ්ඩායමේ ස්ථානය අහිමි වී ඇත්තේ කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩලය සමග ඇතිවූ ගැටුමේ ප්‍රථිඵලයක් ලෙසය. එම අර්බුධය මේ වනවිට වසරකටත් අධික කාලයක සිට පවතතින අතර කොදෙව්වන් දිගින් දිගටම පරාජය වද්දී ක්‍රිස් ගේල්ට සිදුව ඇත්තේ ප්‍රාන්ත ක්‍රිකට් වලින් සෑහීමකට පත්වීමටය.
ලසිත් මාලිංග සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අතර ඇත්තේද මෙවැනිම අවුලකි. එය යහපත් අයුරින් නොවිසදුනහොත් කොදෙව්වන්ට ක්‍රිස් ගේල් මෙන් ලංකාවට මාලිංග අහිමිවනු ඇත.

අපේ ක්‍රීඩකයන්ගේ අයි.පී.එල්. දක්ෂතා සහ 20-20 ලෝක කුසලානය.
20-20 ලෝක කුසලානයට ඇත්තේ තවත් මාස කිහිපයකි. අයි.පී.එල්. තරගාවලිය ලෝක කුසලානයට මත්තෙන් (ප්‍රධාන වශයෙන් ඉන්දියාවටත්) ලැබුනු හොද පෙරහුරුවකි. එහෙත් අපේ ක්‍රීඩකයන් ක්‍රීඩා කල ආකාරය එතරම් සතුටුදායක නැත. පන්දු යැවීමෙන් ලසිත් මාලිංග පෙන්නුම්කල දක්ෂතා හැරුණුකොට අනෙක් ක්‍රීඩකයන් තම කණ්ඩායම් වල ජයග්‍රහණය වෙනුවෙන් එතරම් දායකත්වයක් සැපයූවේ නැත. අපේ ප්‍රධානම පිතිකරුවන් තිදෙනාගේ දක්ෂතා මෙසේය.

ක්‍රීඩකයාතරග ලකුණුවැඩිම ල.සාමාන්‍යප්‍ර.වේගය
මහේල ජයවර්ධන 14 240 56*24.00105.72
ටී.එම්. දිල්ශාන්10285 7635.62109.18
කුමාර් සංගක්කාර12200 8218.18108.69

ඉදිරි පකිස්ථාන් සංචාරයේදී නැවත දස්කම් අතරට පිවිසීමට අපොහොසත් වුවහොත් ලෝක කුසලාන බලාපොරොත්තු අත්හැරියාට කමක් නැත.



68 comments:

  1. ඉතින් බන් kriss gayle ට දැන් වයස කීයද?

    ReplyDelete
    Replies
    1. ක්‍රිස් ගේල්ට 32 දින243 යි. ඒක එච්චර වයසක් නෙවේ නේද? මෙන්න මම කිව්ව අයගෙ වයස (උපුටා ගැනීම ක්‍රික් ඉන්ෆෝ)

      සචින්-39 years 27 days
      ඩ්‍රාවිඩ්-39 years 131 days
      ගංගුලි-39 years 318 days
      ගිල්ක්‍රිස්ට්-40 years 189 days
      කලිස්-36 years 218 days
      මොකද කියන්නෙ?

      Delete
  2. සචින්, ගිල්ක්‍රිස්ටි, ගිබ්ස්, කලිස් යන ක්‍රීඩකයින් සමහර තරඟ ජයග්‍රාහී මාවතට ගෙන ගිය අවස්ථා තිබුණා.....අපේ අය අතරින් නම් මාලිංග හැරෙන්න අනිත් අය එතරම් හොඳ මට්ටමක හිටියේ නැහැ.

    ReplyDelete
    Replies
    1. මේ අයගෙ සෙමෙන්‍ පිතිකරණය වගේම පන්දු රැකීමේත් අවුල් තියනව. සචින් පන්දු රැකීමෙන් කොච්චර පහලද හිටියෙ කියන එක තරග බැලුව නං තේරෙන්න ඕන.

      Delete
    2. සැලකිය යුතු තරමේ තරඟ ගණනක් මාත් බැලුවා. ඒ ඇසුරෙන් තමයි ඔය කාරණය කිව්වේ. කොහොම වුණත් ලිපියෙදි මහළු ක්‍රීඩකයින්ගේ පිතිකරණය ගැන කියල තිබුණ හින්දයි ඒකට සරිලන කාරණයක් මාත් මතු කළේ. සචින්ගේ පන්දු රැකීමේ දුර්වලකම් මාත් දැක්ක. ඒත් මං හිතන්නෙ නැහැ ඒක වයස හින්දම වෙන දෙයක් කියල. මොකද එහෙම නම් ඒ දේ සචින්ට වඩා වයසින් වැඩි මුරලිගෙනුත් අපි දකින්න ඕනෙ. එහෙම දෙයක් මුරලිගෙ පන්දු ‍රැකීමෙදි තිබුණේ නැහැනේ............

      Delete
  3. මමත් ලියන්න හිටියේ වෙනම එකක් , ඕනි නැ මෙතනම කියනවා

    01) කෝලි කියන්නේ අති දක්ෂයෙක් , කණ්ඩායම වැටුණු වෙලාවල ගොඩ ගන්න ඉතුරු වෙන නිසා තමයි ඔය කථාව හැදෙන්නේ , හරියට සචින් 100 ගැහුවාම මැච් පරාද වගේ , ඇත්ත තත්වය බැලුවොත් සචින්ගෙ එක්දින 100යේ එවා හතලිස් ගණනෙන් බහුතරයකදි ඉන්දියාව තරඟය දිනලා තියනවා

    02) ක්‍රිස් ගේල්ව අවුට් කරන්න දක්ෂ පන්දු යවන්නෙක් සහ හොඳ නායකත්වයක් විතරයි ඕනි

    03) කොදෙව්වො හොඳයි ඒත් වැඩියෙන්ම ස්ථාවර ක්‍රිඩා විලාශයන් අනුව දකුණු අප්‍රිකානු ක්‍රිඩකයො තමයි මම දකින විදිහට ඉදිරියෙන්ම ඉන්නේ , පොලාඩ්, ස්මිත් ක්‍රිස් ගේල් තරම් වත් ස්ථාවර නෑ , හැබැයි මේ සෙට් එකට මම කැමතියි

    04) මම දැක්ක හොඳම පිතිකරණයන් ස්ටේන්-ඩිවිලියර්ස් ගැටුම සහ කල්කටා පිට්ටනියෙ ශර්මාගෙ 109

    05) නාකි ටික නම් තේරුමක් නැ තමයි , ඒත් සචින් සමහර වෙලාවට ටියුන් වෙනවා

    06) අපේ අය 20/20 ගොඩ දාගත්තේ බෝලර්ස්ල නිසා , ඒ නිසා මාලිංග නැති වුනොත් නම් බඩුම තමා . අපේ ඇන්ජලො සහ තිසර ඇරුණාම අනික් අය 6ක් ගහන්නෙත් යන්තම් නුලෙන් එලියට විතරයි

    07) 20/20 කප් එක මේ පාර දකුණු අප්‍රිකාව ගනියි කියලයි මගේ විශ්වාසය , ඉන්දියාවටයි පකිස්ථානෙටයි හොඳ අවස්ථාවක් තියෙයි. අපේ මහේල විතරයි බලාපොරොත්තු තියන්න පුලුවන් ,

    ReplyDelete
    Replies
    1. රාජ් කාටද සපොට් එක ? මම නම් 5වෙනි වතාවටත් මුම්බායි , දිල්හි මැචුත් ඔක්කොම වගෙ බැලුවා . රෝයල් චැලෙන්ජර්ස්ලා මුම්බායි ලට පැරදුන එකෙනුයි , ප්ලේ ඔෆ් සිලෙක්ට් වෙන්නේ නැ කියන එකෙනුයි ඔට්ටු දෙකකුත් දිනුම් !

      Delete
    2. 1 කෝලි ගැන නම් ලිව්වෙ හාස්‍යට. සචින් උනත් එහෙමයි. සචින්ගෙ තියෙන්නෙ හැමදාම කීයක්හරි ගහනව. අනිත් උන් හරියට කලොත් ගොඩ නැත්නම් පරාදයි. ඒක සචින්ගෙ වැරැද්දක් නෙවේ.

      2 ජාත්‍යන්තර තරගයකට සාපේක්ෂව ක්‍රිස්ගේල්ගෙ අයිපීඑල් දක්සතා වැඩියි. ඒත් දැං ‍කොදෙව්වන්ගෙ ඕපනර්ස්ලට වඩා නං ගේල් හොදයි.

      3 දකුණු අප්‍රිකාවෙන් ඒබී යි ස්ටේනුයි ඇරෙන්න දක්ෂතා දක්වන වෙන කෙනෙක් හිටියද? ඩුමිනි උනත් එච්චර දෙයක් කලේ නෑ නේද?

      7 ලෝක කුසලානය ආසියාවටම එයි කියලයි මගේ විශ්වාසය.

      Delete
    3. මාත් මුම්බායිට. මට පේන්නම බැරි කොල්කටායි, චෙන්නායි ටීම් එකයි. ඒත් චෙන්නායි පිතිකරුවන් හරියටම දක්ෂතා දැක්වුවොත් කප්එක ඔවුන්ට යනව. දිල්ලි වල අවුල තියෙන්නෙ මුල් තරග කීපය තනියම ගොඩදැම්ම පීටර්සන් නැතිවීම.ඒ පාඩුව නම් මකන්න කෙනෙක් නෑ. ෂෙවාග්ට වැදුනෙ නැත්නම් සොරි වෙන්න ඉඩ තියනව.

      Delete
    4. එල එල , කල්කටා නම් මටත් දිරවන්නේ නැ , චෙන්නයි වල දෝනි ලොක්කට නම් මම බොහොම කැමතියි

      බැටින් විතරක් නෙවෙයි මම බැලුවේ ඕවර් ඕල් , මෝර්කල් ඩබල , කලිස් , රොබින් පිටර්සන් බෝතා වගේ අයයි අයිපීල් ආපු නැති අයයි බලපුවාම ටීම් එක බැලන්ස් . රාජ් බැලුවද දන්නේ නැ අයිපීල් එකට කලින් ද.අප්‍රිකා - ඉන්දියා 20/20 එකක් තිබුනා , අපි දැකලා නැති පිරිසකුත් හිටපු ටීම් එක 220ක් ගැහුවා මාර ලස්සනයි , වැහැල නතර නොවුන නම් මරු මැච් එකක් බලන්න තිබ්බා

      ඉන්දියාව අන්බැලන්ස් , ස්ටෙන් , මෝර්කල් වගේ මට්ටමට අහලකින් යන බෝලර් කෙනෙක් නැ (කකුල කැඩෙන්න දාන්න් පුලුවන් ) , අනික් උන් 200ක් ගැහුවත් චේස් කරන්න තමයි වෙන්නේ

      පකිස්ථානේ බෝලින් හොඳ වුනාට බැටින් අවුල්

      මුරලි නැති එකේ මාලිංගත් වලි දාගෙන අයින් කරගත්තොත් අපේ දෙකම අවුල් :)

      Delete
    5. දක්ෂයන් නම් ඉන්නව තමයි. ඒත් මට නං හිතෙන්නෙම SAල කාගෙන් හරි කයි කියල. දිල්ලියෙ ඉන්න අලුත් වේග පන්දු යවන්න කොහොමද?
      තරගාවලියේ පිතිකරුවන්ට වඩාත් තර්ජනයක් එල්ල කලේ සුනිල් නරායින්.

      Delete
  4. සමස්තයක් වශයෙන් ගත්තම සාර්ථකම තරඟාවලිය කියලා කියන්න පුලුවන්! අන්තිම දිනයේ අන්තිමට කලින් තරඟය වෙනකම් ම තරඟාවලියේ විවෘතව පැවතුනා! රෝයල් චැලේන්ජර්ස් අවසන් හතරට නොපැමිනීම හා එතනට චෙන්නායි පැමිනීම තමයි වෙච්ච එකම අවුල! වයස උනත් ද්‍රාවිඩ් හා කලිස් තවමත් යෝග්‍යයි කියන එක තමයි මගේ අදහස!

    ReplyDelete
    Replies
    1. RCB නැතිඑකනං මටත් අවුල්. මොනව කරන්නද.

      Delete
  5. අපොයි අද කට්ටිය මෙතන ක්‍රිකට් ගහනවද? :D:D:D

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩිත් එන්න. නළු නිළියන්ගෙ තරගෙදි මාලනී ඇන්ටි, පබා වගේ සෙල්ලම් කරන්න බැරිය. :D:D:D

      Delete
  6. ඔන්න මම පත්තරේ තියෙනවා දැක්කා kriss gayle රගපාන්න හිතන් ඉන්නවා කියලා. මුලින් ෂාරුක්ට ඒක විහිළුවට කියලා තියෙන්නේ ඒත් පස්සේ එයා ඇත්තටම කිව්වලු බොලිවුඩ් එක කලබනවා කියලා. ඇයි තව එයාට ඉන්දියාවේ නිළියෝ හරි කැමතියි කියලත් කියලා තිබුණා. ඉතිං නළුවෙක් වෙන්න ඕන නිසා I.P.L. එකේ වැඩ පෙන්නුවද දන්නේ නෑ නේද?
    මම ක්‍රිකට් වලට තමයි ආසම.මාලිංගගේ බොල් වලටත් ගොඩක් ආසයි. හැම පාරම I.P.L. බැලුවා. ඒත් මේපාර කොළඹට ගාල් වුන නිසා එකක්වත් බලන්න බැරි වුනා...

    ReplyDelete
    Replies
    1. අපරාදෙනේ බට්ටිටත් මිස්වුනේ! ගෑල්ලමයි ක්‍රිකට් බලන්නෙ නෑ එච්චර.

      Delete
  7. Cricket නම් West Indies :P :P

    ReplyDelete
  8. මම දකින විදියටනම් අපෙ ක්‍රීඩකයන් සැමදා වෙන් වූවිට දක්ශතා අතරට පත්වීමට නොහැකිවිය. දක්ශතම නායකයෙකු වූ සංගා මෙවර නායකත්වය දුන් ඩෙකෑන් පිල අනූනවයෙන් අන්තිමයා නොවුනි. පහුගිය වසරෙ මහෙලගෙ නායකත්වයෙන් තරඟවැදුන කොච්චි පිල නන්නත්තාර විය.

    …මා දකින අයුරින්නම් මොවුන්ට මෙහිදී හොඳ අත්දැකීමක් ලැබුනි. කොහොමත් අත්දැකීම් හොඳින් ලැබෙන්නෙ වරදිනවිටය. එය ඉදිරියෙදී එන 20-20 ලෝක ශූරතා තරඟාවලියෙදී ශ්‍රීලාංකිකයන් වශයෙන් අපට ප්‍රයෝජනවත් වෙනු ඇත.

    …ඉන්දියානු පිලට හොඳ ක්‍රීඩකයන් හොයා ගත්තත් ඔවුන්ගෙ දුර්වලකම් මෙම තරඟාවලියෙදී පලපුරුදු ක්‍රීඩකයන්ට හොඳින් වටහාගත හැකිවිය. ඇත්තෙන්ම මෙම තරඟාවලිය ශ්‍රීලාංකිකයන් වශයෙන් අපටනම් ඉතාම වැදගත් වූබව මගෙ හැගීමයි

    ReplyDelete
    Replies
    1. අපිට වගේම ආසියාවට නුහුරු අයටත් අත්දැකීම් ලැබුන. ලෝක කුසලානයේදී හොද දක්ෂතා හැමෝගෙන්ම බලාපොරොත්තු වෙන්න පුළුවන්.

      Delete
  9. Mahallan List ekata Mahela nad Sangakkarath danna one..

    ReplyDelete
    Replies
    1. මහේලටයි සංගටයි තව කලක් ඉන්න පුළුවන්. අධික ප්‍රහාරක වේගයක් නැතත් ජාත්‍යන්තර තරග වලට තාමත් සුදුසුයි කියන එකයි මගේ අදහස.

      Delete
  10. මට නම් ක්‍රිකට් අරහං... එකක්වත් බැලුවෙ නෑ.. :)

    ReplyDelete
    Replies
    1. පුදුමයි. මම නං ඔක්කොම වගේ බැලුව.

      Delete
  11. ක්‍රිස් ගේල් ගහන්නේ කට්ට ගැහිල්ලක්. අන්තර්ජාතික පන්දු යවන්නෝ පන්දු යවද්දි එක දෙක දාලා, කොහේ හරි ඉන්න නවකයෙක් දැම්මාම දෙනව ඇට්ටි හැලෙන්න. මම කැමති දිල්ලිය මේක දිනනවනම්. චෙන්නයිට එන්න බැරි වෙලා රොයල් චැලෙන්ජර්ස් ආවනම් හොඳයි. ඉන්දියාවේ එවුනුයි ලංකාවේ ඉන්න සමහර එවුනුයි හිතාගෙන ඉන්නේ ලෝකේ බිහි වූ අසහය නායක දෝණි කියලා.

    ReplyDelete
    Replies
    1. ඉන්දියාවට වර්ල්ඩ් කප් 2ක් , චෙන්නායි වලට අයිපීල් 2ක් , චැම්පියන්ස් ලීග් එකක් අරගන්න නායකත්වය දුන්න මනුස්සයා දක්ෂ නායකයෙක් තමයි . දින්නත් පැරදුනත් කූල් එකේ ඉන්න එක්දින ලකුණු සමාන්‍ය 45ට වැඩිය තියාගෙන ඉන්න පොරක් ගේ නායකත්වය සාර්ථකයි නෙවෙයිද , මම දන්න කාලේ බිහිවුන ක්‍රිකට් නායකයින් අතරින් දක්ෂතාවයෙන් දෝනිට ඉදිරියෙන් ඉන්නේ පොන්ටින් විතරයි , කූල් ඇටිට්යුඩ් එකෙන් අර්ජුන විතරයි . ඉන්දියන් ටීම් එකේ නායකය වෙලා හිටපු ගංගුලිලා වගෙ හාල්පාරුවො එක්ක බලන කොට දෝනි සුපිරි කමේ හොඳම එක !

      Delete
    2. උඹේ ලිස්ට් එකේ ලංකාවේ කවුරුවත්ම නැද්ද හොඳ කෙනෙක්.

      Delete
    3. අමුතු ඉලංදාරියා
      විනාඩි 15-20ක් යනකන් ගේල් අවුල්. ඒ අතරෙදි අවුට් නොකලොත් සොරි තමයි. අමතක කරන්න එපා ගේල් 6ඒවා 5ක් ගැහුවෙ ඉන්දියාවෙ නැෂනල් ටීම් එකේ රාහුල් ශර්මට.
      මෙකෝ නං වෙනස් කරන්නෙ?

      බුවා.
      දෝනි ගැන කියන්න දෙයක් නෑ. ඒත් මටනං ඌ දිරවන්නෙම නෑ. මොකද ලංකාවට ගහනවනේ:)

      Delete
    4. එතකොට ලංකාවේ මහේල, නවසීලන්තයේ ස්ටෙෆාන් ෆ්ලෙමින්, ස්ටීව් වෝ, ඇන්ඩෘ ස්ට්‍රෝස් නරක අයද?

      @රාජ් : නම වෙනස් කරපු එක ගැන මගේ 50 වෙනි (ඊලඟ )පොස්ට් එකෙන් කියන්වන්න.
      රාහුල් ෂර්මාත් නවකයෙක් නෙවෙද ?

      Delete
    5. රාහුල් ෂර්මා ජාත්‍යන්තර ක්‍රීඩකයෙක් ඒකයි මම කිව්වෙ. ලංකාවේ මහේල, නවසීලන්තයේ ස්ටෙෆාන් ෆ්ලෙමින්, ස්ටීව් වෝ, ඇන්ඩෘ ස්ට්‍රෝස් යන අය නරක නෑ. ඒත් 20-20ට ඉන්න ඕන තරුණ කොල්ලො.

      Delete
    6. @අමුතු ඉලංදාරියා - ඔබ කියන අය නරකයි කියල කියවෙන්නේ නැහැ දෝනි අති දක්ෂ නායකයෙකු වීම තුලින් , ඒ වගේම සමහර අංශ වලින් ඔවුන් දෝනිට ඉදිරියෙන් . උදාහරනයක් විදිහට පිතිකරනයේ තාක්ෂනය පැත්තෙන් මහේල එක්ක හැරෙන්නවත් දක්ෂකමක් ඔහුට නැ ඒත් ලකුණු සාමාන්‍යය මහේලට වඩා වැඩියි (පොල් අඩි වලින් හරි හැම මැච් එකේම ගහන නිසා ), නායකත්වය සම්බන්ධව සංඛ්‍යාත්මක දත්ත විමසලා බලන්න පුලුවන් සංසන්දනයක් අවශ්‍ය නම්

      රාහුල් ශර්මා ඉන්දියන් ටීම් එකට එන-යන ක්‍රිඩකයෙක් නිසා ජාත්‍යන්තර ක්‍රිඩකයෙක්ය කියන්න අමාරුයි . කොහොම උනත් ගේල් ස්ටේන් , මාලිංග , මෝකල් තුන් දෙනාටම කොර . උන් දාන කොට ශේප් එකේ ඉඳල කබ්බෙක් සෙට් වෙච්ච ගමන් නෙලන්න ගන්නවා . ගිය පාර අයිපීල් වල දෝනි දෙපාරක් ගේල්ව අවුට් කරගත්තා අශ්වින්ව මුලින් එවලා

      Delete
  12. අපොයි ක්‍රිකට් මම ආසම නැති ක්‍රීඩාවක්.. එත් අපේ මල්ලිනම් මැරීගෙන.. අම්මිත් එහෙමයි , මම විතරයි මෙහෙම අනේ :(

    ReplyDelete
  13. ක්‍රිස් ගේල්ගේ 6 පාරවල් ගැන කියලා වැඩක් නෑ.. මැච් 16 කදි 59 ගහනවා කියන්නේ ලේසි වැඩක්ද? කොහොම උනත් බැංගලෝර් ටීම් එකේ වැඩි බරක් ඇද්දේ ගේල්..

    මමත් සපෝට් බුම්බායි වලට තමයි.. බලමු පේ පාරවත් කප් එක ගනීද කියලා..

    තාම මුරලිගේ පන්දු යැවීම එදා වගේම තියෙන එක ගැන ඇති වෙන්නේ සතුටක්.. :)

    ReplyDelete
    Replies
    1. දිගම 6පහරවල් ලිස්ට් එක දැක්කද? ඔක්කොම ගේල්ට තියෙන්නෙ. මුරලි නං තාම ඒවගේ.

      Delete
  14. ඩිල්ශාන් සහ මහෙල ජාත්‍යන්තර 20/20 තරග වල හොදට ගහනවා....ගිය අවුරුද්දෙ ඔස්ට්‍රෙලියා 20/20 තරගෙදි අජන්ත මෙන්ඩිස් ලේක වාර්තාවක් තිබ්බා.පකිස්තාන තරගෙදිත් මාලිංගට වඩා හොදට පන්දු යැව්වා...ඉතින් අපිට බලාපොරොත්තු නැත්තෙම නෑ...

    ReplyDelete
  15. ක්‍රිකට්........................පාර්ට් ඔෆ් මයි ලයිෆ්...........

    ReplyDelete
  16. ශ්‍රී ලංකා කණ්ඩායම මේ පාර 20-20 ලෝක කුසලානයේ සෙමි ෆයිනල් වත් යන එකක් නැහැ කියලයි මට නම් හිතෙන්නේ!

    ReplyDelete
    Replies
    1. එහෙමම කියන්න එපා. බලමු.

      Delete
  17. RCB එකේ මුළු ලකුණු වලින් 30%ක් ම ගැහුවේ ගේල් නේ. මෑන් ගහන්නේ පොඩි පොඩි බෝලර්ස්ලට තමයි. දැක්කද ස්ටේන්-ගේල් ගැටුම... මැච් දෙකේම එකම තමයි වුණේ. ගේල් අසරණ වුණා. SA ලට චාන්ස් එකක් තිබුණත් අන්තිමට කනවා කොහොමහරි. ලංකාවට සෙමි ෆයිනල් එන්න අවස්ථාවක් තියෙනවා!

    ReplyDelete
    Replies
    1. ලංකාවෙ කන්ඩායම හරියට තෙරුවොත් දිනන්නම චාන්ස් ඒක තියනවා...

      Delete
  18. IPl තරග ඔක්කොම fix
    දිනන්නේ කව්ද,කප් එක ගන්නේ කව්ද කියල කලින්ම තීරණය වෙලා එවරයි

    ReplyDelete
    Replies
    1. ?????? මම නං දන්නෙ නෑ. ????????

      Delete
  19. චෙන්නායි උන් අන්තිම හතරට ආපු එක නම් පොඩ්ඩක් අප්සට්. වෙනද වගේ ඉතුරු මැච් තුන ගහල කප් එකත් ගනියිද දන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. අන්න ඒක තමයි මටත් තියන සැකේ.

      Delete
  20. ඊයේ මැච් එක බැංගලෝර් දිනුවානම් ගේල් ගේ තව 6 ඒවා ටිකක් බලාගන්න තිබුනා.

    ReplyDelete
  21. අනේ එයාලට මහල්ලන් කියන එක පවු නේ... :)

    ReplyDelete
  22. මේක මචං හින්දි වලට පරිවර්ථන කරපං.. කස්ටියට වැදගත් වෙයි. බලන පාර බිඩ් කරන්න..

    ජයෙන් ජය..

    මම මනාපම ගේල් ගේ ක්‍රිඩා විලාසයට. විහිලුවට ගහනවද මන්ද බං..

    ReplyDelete
    Replies
    1. උඹ පරිවර්තනය කරපං. මට හිංදි බෑ බං. :)
      මගෙත් මනාපෙ ගේල්ට.

      Delete
  23. IPL එක දිග වැඩියි. මුල ටික බැලුව....ආය බලන්නේ අන්ති මැචස් දෙක.

    ReplyDelete
  24. ඔක්කොම නම් බලන්න බැරි උනා.. හැබැයි ඉතින් 72න් 50කට වඩා බලන්න ඇති... ඇයි මෙතන සංගා ගැන කතා නැත්තේ... මම දැක්කා සයිට් එකක ආයේ සංගාට අයි පි එල් එන්න එපා කවදාකවත් කියලා කමෙන්ට් දාල තිබුනා ඉන්දියන්කාරයෝ...
    ගිය පාරත් ලාසට්. මේ සැරේත් ඉතින් එහෙමම තමයිනේ...

    සංගාගේ බැටින් හොද නැති උනත් ටිම් එක හොදට හසුරවන්න ගොඩාක් ලොකු උත්සහයක් ගත්තා අවාසනාවට ටිම් එකේ හැමෝම වගේ එකට උදව් කලේ නැ.. සංගා විතරක් තනියම ප්ලේ කරපු මැචුත් තිබුනා..

    මොනවා උනත් චන්දිමාල්ව අගය කරන්න ඕනා. ටිම් එකේ ප්ලෙස් නැතිනම් බංකු රත් කර කර ඉන්නේ නැතුව මෙහේ ඇවිත් පෑක්ටිස් කරන්න ගත්තු එකට..

    මට හිතෙනවා ලංකාව ඉක්මනටම මාලිංගව නැති කර ගනිවි වගේ.. ඒක කොයි තරම් පාඩුවක්ද කියලා ඉස්සරහට බලාගන්න පුලුවන් වේවි

    ReplyDelete
    Replies
    1. සංගගෙ ටීම්එක දක්ෂතා පෙන්නුවෙ නෑ. ඒකයි අවුල.

      Delete
  25. හ්ම් ... ඒ කියන්නෙ කොදෙව්වොත් ලාංකාවෙ එවුන් වගේම තමයි. රටේ නමයි, ක්‍රීඩකයොයි දෙකම උන්ගෙ පාලක මණ්ඩලය විසින් නැතිකරල දානව. මට හිතෙන්නෙ ක්‍රීඩා කරන එවුවොන්ට ඒක කර ගන්න ඇරල අනිත් එවුන් එලෙව්වනම් හැම රටකම ක්‍රිකට් මීට වැඩිය දියුණු වෙයි. :)

    ReplyDelete
    Replies
    1. ඇත්ත. ක්‍රිකට් ගහන එවුන්ට උඩින් පාලකයන් ගියාම ඕක වෙනව.

      Delete
  26. අපොයි ක්‍රිකට්..... විශේෂ ආසාවක් නැත....

    ReplyDelete
  27. GAY L ta puka diyan

    ReplyDelete
  28. අනේ මාත් මේ සැරේ IPL බැලුවේ නැ අප්පා..දැන් ලගදි ඉදන් ක්‍රිකට් බලෙන එක අඩු වෙලා..දුක තමා...:(
    SLPL එකවත් බලන්න ගන්න ඕන...:)

    ReplyDelete
  29. ado noel RAJ blog liyana eka nawaththapan , hariya naththam thoge walla bella wate othanawa, dana ganin, gon lolla

    ReplyDelete
    Replies
    1. එච්චර දිග නෑනේ. :-)

      Delete
    2. diga nadda , ehema naththam wallak nadda

      Delete
  30. Okkotama gahanawa dana ganin, mata kiyala puke ara ganda hadanda epa, HARIYA........

    ReplyDelete