Thursday, April 3, 2014

වැදුම්ගෙයි අවුල!

"මොකද්ද ඔයාලගෙ පුහුණුවයි එයාලගෙ ස්ට්‍රයික් එකයි අතර තියන සම්බන්ධය?.... ඇයි ඔයාලට දෙන පුහුණුවට එයාල විරුද්ධ?"

කලකට පෙර මා හෙදියක් වන බිරිඳගෙන් විමසූවේ පවුල් සෞඛ්‍ය නිලධාරිණියන් සහ හෙදියන් අතර මතුවූ සූතිකාගාර පුහුණුව සම්බන්ධව අවුල මතුවූ සමයේදීය.

"අපි පුහුණු කරල එයාල අයින් කරන්න හදන්නෙ.... ඒකයි" ඇගේ පිළිතුර විය.

අර්බුධය තවත් උග්‍ර අතට හැරී, දෙපාර්ශවයම වැඩ වර්ජන කරා යාමට තරම් තත්වය දරුණු වූ ඊයේ මා නැවත ඇගෙන් විමසීමි.

"දැන් කාලෙ ස්වභාවික උපත් ගානටම වගේ සිසේරියන් සැත්කම් කරනව... ඉස්සර නං සිසර් එකක් කලේ කලාතුරකින්.... ඒවට බලපාන වෙනත් හේතුත් තියනව.... සීසර් කරල ගන්න දරුවෙක් නං තියටර් එකේ ඉඳල වාට්ටුවට ගෙනියන එකත් ස්වභාවික උපතක නං ළමයි ගන්න එකත් විතරයි එයාල(පවුල් සෞඛ්‍ය සේවිකාවන්) කරන්නෙ.... ඉතිං ඒ කට්ටිය අයින් කරල වියදම අඩු කරගන්න වෙන්නැති ආණ්ඩුව මේ පුහුණුව දෙන්නෙ..."

බැලූ බැල්මට ප්‍රශ්නය පැහැදිලිය. හෙදියන්ගේ පැත්තෙන් ඔවුන් නිවැරදිය. ඔවුන්ට ලැබෙන අවස්ථාව වලක්වන්නන්ට එරෙහිව ඔවුන් සටනට සූදානම් වේ. පවුල් සෞඛ්‍ය සේවිකාවන්ගේ පැත්තෙන් ඔවුන්ද නිවැරදිය. ඔවුන් තමන්ගේ වෘත්තීය වෙනුවෙන් පෙනී සිටී. නමුත් මතුපිට එසේ වුවද අභ්‍යන්තරය එසේ නොවේ. පවුල් සෞඛ්‍ය සේවිකාවන් ඉවත් කර උක්ත කාර්ය සඳහා හෙදියන් ආදේශ කිරීමෙන් ආණ්ඩුවට ආර්ථික වාසියක් ලබාගතහැකි යයි සිතිය නොහැක. යම් රෝහලක සිටින පවුල් සෞඛ්‍ය සේවිකාවන් ඉවත් කල විට එක්කෝ ඒ වෙනුවට (‍පවුල් සෞඛ්‍ය සේවිකාවකට වඩා වැඩි වැටුපක්-දීමනාවක් ලබ‍ා ගන්නා) යම් හෙදියන් සංඛ්‍යාවක් යෙදවිය යුතුය. එසේ නොමැති නම් දැනට සිටින හෙදියන්ගෙන් අමතර සේවයක් ලබාගතයුතුය. එවැන්නකට ඔවුන් එකඟ කරගැනීමද උගහටය.

ප්‍රශ්නය ඇත්තේ එතැන නොවේ. වෘත්තීන් පිළිබඳ තීරණ ගන්නා ස්ථාන වලය. බ්ලොග් ලිපියක කල සංවාදයකදී උදිත දැක්වූ අදහසක් මෙසේය. "දියුණු රටවල උත්තර හොයන්නෙ ප්‍රශ්නයක් මතුවුනාම. ප්‍රශ්න නැති තැනකට උත්තර දෙන්නෙ නෑ. වරායක් ඕන නං තමයි වරායක් හදන්නෙ......" ඔහු මතුකල තර්කය මෙතැනදීද වලංගුය. ප්‍රශ්නයකින් තොරව නිදහසේ තිබූ සේවාවන් දෙකක් භේද කරමින් අනවශ්‍ය ප්‍රශ්නයක් (පිළිතුරක් ලබාදී) ඇතිකලේ පාලකයන්ය. විසිහතර පැයේම ඇඬීමට සූදානමින් සිටින, "පිස්සු පීකුදු" සෞඛ්‍ය සේවකයන්ගේ ඇහැට ඇඟිල්ලෙන් ඇන්න විට ඇතිවන තත්වය මෙයයි. අවසානයේ මීට වන්දි ගෙවීමට සිදුවන්න‍ේ කාටදැයි අමුතුවෙන් කීම අනවශ්‍යය.

w3Lanka ලිපිය

52 comments:

  1. සුව සේවාවේ බොහෝ ගැටළු වලට මුල්වී ඇත්තේ හීනමානී, කුහක මනෝභාවයෙන් කටයුතු කරන වෛද්‍ය නිලදාරීන්ගේ සංගමයේ කටයුතුය.මෙම ගැටලුව පිටුපස සැඟවී සිටින්නේද හීනමානී වෛද්‍ය සංගමයයි.

    ReplyDelete
  2. මෙවට මොනවත් කියන්න දෙයක් නෑ මොකක් කරත් අවසානේ හොදට දැනෙනෙ අපිට ,එක මුන් දෙගොලොන්ටම දැනෙනෙ නැති එක අපේ කරුමේ (ආණ්ඩුව දැන් කිසිම වෘත්තීය ක්‍රියාමාර්ගයකට වැඩිය ප්‍රතිචාරදක්වන්නෙ නෑත ) අපිට ඉතිං බලං ඉන්න තමා තියෙන්නෙ

    ReplyDelete
  3. ඕවා ප්‍රයිවෙට් හොල්පිට්ල් පුරවන්න ගහන මගඩි. දැන් ඔය ප්‍රශ්ණයක් නැතිව උත්තරයක් දීපු එකාගේ ජාතකේ හොයාගෙන ගියොත් මම කියන එක නිකන්ම ඔප්පු වෙයි. අද්‍යාපනේට කරලා තියෙන්නෙත් ඔය වින්නැහියම තමා. ඉස්සර ලංගම බස් වලට වුනේත් මේකම තමා..

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත. ඉස්සර සාමාන්‍ය සිද්දියක් වෙච්චි දරුවෙක් ඉපදෙන එක අද ඉල්ලමක් වෙලා තියෙන්නේ. නෝර්මල් හම්බ වෙන එකාත් සිසේරියන් කරලා ගාන කඩාගන්න බලන්නේ. මේක නම්බර් වන් ඉන්කම් එකක්. මේවට ආන්ඩුව මැදිහත් නොවන්නෙත් පෞද්ගලික අංශය වර්ධනය කරන්න. නැතිව වෙන දේකට නෙමෙයි.

      මම දැක්කා කෝටි ගානක් වියදම් කරලා ගෙනාපු ස්කෑන් යන්තර නිකන්ම තියෙනවා කියලා මෙළෝ වැඩක් නොගෙන. මොකක්ද හේතුව. පෞදගලික අංශයෙන් ආන්ඩුවේ උන්ට ලැබෙන ජරාව. ඔතෙනට හරි ඇමතියෙක් වැටුනා නම්, පිස්සු කෙලිල්ල ටිකක හරි අඩු වෙනවා. කොහෙද දාලා ඉන්නේ නම්බර් වන් හාල් පාරුවෙක් නේ.

      Delete
    2. හරි ඇමතියෙක් දාන්න ඕනේ නැහැ.මේකත් භර දෙමු.ගෝඨාට හරි මහින්ද මාමට හරි.එතකොට වැඩේ ඉවරයි.

      Delete
    3. මෙන්න විශේෂ නිවේදනයක්.....සෞඛ්‍ය අමාත්‍යාංශයට අයත්ව තිබූ සියළුම ප්‍රසුතීකාගාර සහ ළමා සායන අද මධ්‍යම රාත්‍රියේ සිට නාගරික සංවර්ධන අධිකාරියට අනුයුක්ත කරගනු ලැබේ.
      පෙකිනි වැල කැපීමේ සිට...මරණය තෙක් වැඩ කටයුතු ආරක්ෂක සහ නාගරික සංවර්ධනයට.

      Delete
    4. සෙන්නා
      ඒ වගේ සැකයක් ඇතිවීම සාධාරණයි.
      මාතලන්,
      නමුත් දැන් සිසේරියන් දරු උපත් ප්‍රමාණය වැඩි වෙනව. මම හිතන්නෙ කාන්තාවන්ගේ ජීවන රටාව නිසා වෙන්න ඕන

      Delete
  4. අනේ මංද මේ සිරි ලංකාවනම්. කවදා මේ ප්‍රශ්න විසඳෙයිද.

    ReplyDelete
    Replies
    1. දෙයියො දනී මං නොදනී

      Delete
  5. නිදහස් සෞඛ්‍ය සේවාව කියන එකට තව වැඩි ආයුෂ නෑ.. ඉතින් පන අදින එකා කොහොමත් ඉන්නේ මැරෙන්න කියන න්‍යායෙන් තමයි මේ වගේ ප්‍රශ්න ඇති කරන්නේ හිතා මතාම

    ReplyDelete
    Replies
    1. නිදහස් සෞඛ්‍ය කියන එක මේ වෙද්දිත් ඉවරයි.

      Delete
  6. රාජ්
    ලංකාවෙ තමයි මිඩ්වයිෆ්ට වින්නඹු අම්මා එහෙම නැත්නම් පවුල් සෞඛය සේවිකාව කියන්නෙ. මෙතනදි ලංකාව වගෙ රටවල් දිහා බලපුවහම එයාල තමයි ගම්වල ගෙවල් ගානෙ ගිහින් ගර්භනී කාන්තාවන්ට ඕන කරන සේවාවන් ලබා දෙන්නෙ.ඒ වගේම බබා ල උපදින කොටත් ඒ ගැන වැඩකටයුතු කරන්නත් පුහුනු කරල තියනවා.නමුත් දියුනු රටවල නම් මිඩ්වයිෆ් ඉන්නෙ නර්ස්ට ඉහලින්.පලපුරුදු නර්ස්ලව තමයි පුහුනු කරන්නෙ .නර්ස්ලා මිඩ්වයිෆ්ගෙ උපදෙස් අනුව තමයි වැඩ කරන්නෙ. දොස්තරලා ගැන නම් කියල වැඩක් නෑ.ඒ ගොල්ල හිතාගෙන ඉන්නෙ අපිට ඉහලින් කවුරුවත් නෑ කියල.බටහිර රටකට ගිහින් බලන්න වෙනස.

    ReplyDelete
    Replies
    1. මේ කරන්න හදන්නෙ ඉස්පිරිතාල වල ඉන්න අය ඉවත් කරන්න විතරයි. සාමාන්‍යයෙන් ගෙවල් වලට යන උදවිය ගැන තීන්දුවක් නෑ.
      ඕටී රේට් ගැන නං දන්නෙ නෑ. නමුත් මම කියන්න උත්සාහ කලේ ආර්ථික වාසියක් නැති බව.
      දොස්තරල ගැන කියපු ටික බොහෝ දෙනෙක් සම්බන්ධයෙන් හරි

      Delete
  7. රාජ් පවුල් සෙෘක්‍ය සේවිකාවගේ ඉංග්‍රිසා නිල නම Mid wife . ඔබ දන්නවාද දෙියන්ට වඩා ඔවුන්ට වැඩි අතිකාල දිමනාවක් හිම වන බව විෂඹතාවයක ්නිසා.
    මේකේ අවුල හදන්නේ වෛද්‍ය නිලධාරී සංගමයයි. දැක්නාද පැරාගේ බොගේ දාලා තියෙන කොමන්ටු .
    උන් කැමති නැහැ වෙනත් කිසිම ශ්‍රේණියක් උන් තරමට වෘත්තීය සුසුදුකම් ලබා ගන්නවාට

    ReplyDelete
    Replies
    1. වෛද්‍ය නිලධාරී සංගමයේ ක්‍රියාකලාපය නං එච්චර හොඳ නෑ තමයි. අර පැරා කිව්ව කතාව කියන්නයි වෙන්නෙ

      Delete
  8. දැන් ඔක්කොමලා වර්ජනය කලොත් ඉපදෙන්ට ඉන්න ලමයින්ට මොකද වෙන්නේ?

    ReplyDelete
    Replies
    1. ගැබිනි මව්වරුන්ට වර්ජනය කරන්න වෙනවා...අපි වදන්නේ නැහැ කියලා :D

      මුන්ට පිස්සු පොඩ්ඩි. කවුරුත් රෝගියාගේ පාර්ශවයෙන් හිතන්නේ නැහැ. හෙට අනිද්දා ඕකට උත්තරය තමයි තව එකෙක්ව රෝගි සුභසාධන ඇමති කෙනෙක් ලෙස පත් කිරීම.

      Delete
    2. ඇමති මණ්ඩලේම ඉන්නේ අරූ අයියා රෝගින්නේ.ඕකේ ඉන්න එකම නිරෝගී මිනිහා තමයි මහින්ද මාමා.අනික් හැම එකාම ඇවිත් කොන්ද පණ නැති සෙට් එකක්.ඕකුන්ව ඇඩ්මිට් කරන්න ඕනේ ඔක්කොටම කලින් ජාතික රෝහලේ හරි,මුල්ලේරියාව ජාතික මානසික වෙද්‍යා ආයතයේ හරි.

      Delete
    3. ඇම්ඩන් නං අවුරුදු කීයක්ද හිටියලු එන්නෙ නැතිව

      Delete
    4. ජාතකේ රෝන්ග් වෙයි

      Delete

  9. Midwives provide advice, care and support for women and their partners and families before, during and after childbirth. They help women make their own decisions about the care and services they access. They care for newborn children, providing health education and parenting support for the first 28 days, after which care transfers to a health visitor.

    Midwives are personally responsible for the health of both mother and child and only refer to obstetricians if there are medical complications. They work in multidisciplinary teams in both hospital and, increasingly, community healthcare settings.

    Typical work activities
    A midwife has a range of responsibilities, including the care of mother and baby, adhering to hospital policy and maintaining an awareness of issues such as health and safety. Typical work activities include:

    diagnosing, monitoring and examining women during pregnancy;
    developing, assessing and evaluating individual programmes of care;
    providing full antenatal care, including screening tests in the hospital, community and the home;
    identifying high risk pregnancies and making referrals to doctors and other medical specialists;
    arranging and providing parenting and health education for the woman, her partner and family members;
    encouraging participation of family members in the birth to support the mother and enhance both mother/baby bonding and family relationships;
    providing counselling and advice before and after screening;
    offering support and advice following events such as miscarriage, termination, stillbirth, neonatal abnormality and neonatal death
    supervising and assisting mothers in labour, monitoring the condition of the foetus and using knowledge of drugs and pain management;
    giving support and advice on the daily care of the baby, including breast feeding, bathing and making up feeds;
    providing advice and guidance on a safe and timely transfer home;
    liaising with agencies and other health and social care professionals to ensure continuity of care;
    engaging in professional development to meet PREP (post-registration education and practice) requirements;
    participating in the training and supervision of junior colleagues.

    රාජ්........මේ තියෙන්නේ මම ජීවත්වෙන රටේ මිඩ්වයිෆ් කෙනෙකුට කරන්න තියෙන දේවල්. මා ඉන්නා රට අමතක කරන්න..නමුත් මේ රාජකාරිය නේද ඕනම රටක මිඩ් වයිෆ් කෙනෙක් කරන්න ඕන. මේ වැඩ කොටසත් නර්ස් කෙනෙකුට පැවරුවාම නර්ස්ගේ වැඩ ටික කරන්නේ දොස්තරද. දොස්තරලාගේ වැඩ ටික කරන්නේ ඇමති මංඩලේද?

    ඇයි මේ පරිපාලන නිළධාරින්ට නිවැරදි චින්තනයක් නැත්තේ කියලා.

    ReplyDelete
    Replies
    1. මහත්මය ඔබට වලිගෙ පෑගිලා

      Delete
    2. අරූ
      දැන් මේ වැඩපිලිවෙල යටතේ කරන්න හදන්නෙ ඉස්පිරිතාලෙ ඉන්න දරු උපතට දායක වන මිඩ්වයිෆ්ල අයින් කරන්න. ෆීල්ඩ් එකේ අය එලෙසම ඉන්නව.

      Delete
  10. අපේ රටේ ඉන්න සම හැරකි කරන්නෙ නැතාි පුස්න මවල හිටං ඒවට උත්තර හොයනෙක.. ඒක සී ලංකාවෙ හැම පාලකයගෙම ජංම ගතියක්...
    ඕකත් ඒ වගේ... නිදහස් සෞඛ්‍ය සේවය වගෙම නිදහස් අධ්‍යාපනයටත් සොට් එක දෙන්නයි මේ අංකල්ල ටික තනන්නෙ

    ReplyDelete
  11. ඔවුන්ම ප්‍රශ්ණ ඇති කරති. පසුව ඔවුන්ම එවාට විසඳුම් සොයන්නට තනති. ඒ සඳහා වියදමට අපෙන් බදු ගසති. ඔවුනට අපි ආන්ඩුව යයි කියමු!

    (කාගෙ ප්‍රකාෂයක්දැයි මතක නැත )

    ReplyDelete
    Replies
    1. අන්න නියම අර්ථ දැක්වීම

      Delete
  12. හැමදේටම ඉතින් උත්තර හොයන්න දැන් වර්ජනය කරන්නම වෙලානේ..

    ReplyDelete
  13. කෝකටත් තෛලය ස්ට්‍රයික්...ඕක තමා දැන් යන තියරිය,,,

    ReplyDelete
  14. එම් එල් ටී ලටත් ඔය සබ්බුවමයි නේද...? උන්ගෙ උපාධියත් අනිත් රටවල්වලින් දෙන එම උපාධියෙම වර්ෂ ගානට සමාන කරන්න දෙන්නෙ නෑනෙ දොස්තරලා... කාලයක් ළමයිනුයි, දෙමව්පියොයි ඔක්කොම වර්ජනය කළා කියල ඇහුවා... ඒකට මොනව උනාද මන්දා...

    ReplyDelete
    Replies
    1. ඒ වගේ අවුලක් තියනව තමයි.

      Delete
    2. අදත් හිටියා සම සෞඛ්‍ය උපාධි කප්පාදුවට විරුද්ධව උපවාස කරමින් එයාල කොටුව ස්ටේෂන් එක ඉස්සරහ.
      … :(

      Delete
  15. රාජ් මම මෙතන කමෙන්ට් කරන එක දැලි පිහියෙන් කිරි කනවා වගේ වැඩක්. ඒත් මමත් යමක් කියන්නම්. මේ සියලුම ප්‍රශ්න නිම යි සම සෞඛ්‍ය උපාධිය කරන්න ලැබෙනව නම්. අවුරුදු හතරේ උපාධියට ඔය සියල්ල අයිතියි. මගේ පෞද්ගලික මතය නම් වින්නඹු සේවාව කලින් ඉතාම හොද සේවයක් කළා තමයි. එය පිළිගන්නවා. ඒත් එය අදට ගැලපෙන්නෙ නැහැ. දැන් නිසි අයුරින් දියුණු වින්නඹු හෝ හෙද සේවාවක් ඇති විය යුතුයි. ඒ සදහා සමසෞඛ්‍ය උපාධිය මගින් යමක් කළ හැකියි. මේ සියල්ලම අවුල් කරන්නේ කවුද කියන එකයි මෙතන ප්‍රශ්නෙ. අන්න එතනටයි බේත් දෙන්න ඕනෙ. ඇත්තෙන්ම දියුණු රටවල වින්නඹු සේවය ඉතාම හොද තත්ත්වයකින් තිබෙනවා. ඔබ දන්නව ද ඔවුන් සමහර සම්මන්ත්‍රණ වලට විද්‍යාත්මක ලිපි පවා ඉදිරිපත් කරනවා. මට හමුවී තිබෙනවා එක් නවසීලන්ත කාන්තාවක් ඇය වින්නඹු සේවාවේ ඉතාම ඉහළ උපාධි ලබාගෙන තිබෙනවා වෛද්‍යවරුත් ඇයගෙන් පුහුණු වෙනවා.

    ReplyDelete
    Replies
    1. වින්නඹු සේවාව උසස් වියයුතු බව ඇත්ත. වින්නඹු විතරක් නෙවේ ඔය කොයි සේවාවත් කාලයත් එක්ක දියුණු වියයුතුයි. නමුත් මෙතන ඇතිකරල තියෙන්නෙ අනවශ්‍ය ප්‍රශ්නයක් කියලයි මට හිතෙන්නෙ. දැනට වින්නඹු සේවාව දුර්වල නම් ඒක අපිට දැනෙන්න ඕන. ලංකාවෙ සාමාන්‍යයෙන් මාතෘ මරණ ප්‍රතිශතය එහෙම සෑහෙන්න අඩුයි නෙව.

      මේ දේවල් වලට වල කපන්නෙ කවුද කියල මහ වෙදන දන්නව ඇතිනේ.

      Delete
    2. මහ වෙදනා රෝහණ රනසිංහට මාරු උනේ ඇයි?

      Delete
  16. සෞඛ්ය ක්ෂේත්‍රයේ තියෙන බෙදීම සහ කුහකත්වය කොහොමද කියනවනම් මගේ දරුවගෙ ප්‍රස්නෙ හොයල දීපු ගමේ මිඩ්වයිෆ්ට මොනවහරි කරන්න කියල මම ඔන්න ඔය දිනෙන් ලියුමක් ඇරියා ඔය පුද්ගලයට. නමුත් තවම ඔය මනුස්සයට දැනුම් දීලවත් නෑලු......................
    .........................
    .........................
    ...........................
    Colombo 01
    Tel: 011221............. Ext: 3228
    Mob: 07..0487430
    .
    Medical Officer of Health- Aththanagalla
    Medical Office of Health
    Veyangoda 11th January 2014


    Dear Sir,

    APPRECIATION OF SERVICE OF MIDWIFE R.P. ANOMA SRIYANI RANASINGHE


    1. I ............ Susiripala of ..................... presently resided at .................., Kimbulhenawaththa,Koongasdeniya, Nittambuwa is delighted to appreciate the service of midwife R.P. Anoma Sriyani Ranasinghe who is looking after duties in our area(MOH field Napagoda) since her timely intervention saved the life of my only Child Neja Devvin Susiripala.

    a. Since the start of the pregnancy of my wife, Midwife R.P. Anoma Sriyani Ranasinghe gave us a immense support and since we spent a major period of the pregnancy in India she gave my wife a special attention and instructions.

    b. Being a frequent visitor to our home during early childhood of my son she gave us very valuable instructions time to time.

    c. On 28th September 2011 during a routine visit to our house she examined my son and promptly asked my mother in law to show my son to a paediatrician saying he looks pale. Due to her valuable advice we took a full blood count of my son and found his RBC count and platelet count is too low.

    d. Upon clinical check up within 03 days Dr Ishani Rodrigo (Consultant Paediatrician) recommended that my son to be shown for expert opinion having suspected for Acute Lymphoblastic Leukaemia.

    e. Having Shown Dr. Wasantha Rathnayake ( Consultant Oncologist) diagnosed that the condition of my son observed to be ALL L1 (Acute Lymphoblastic Leukaemia Level 1) and recommended that the son to be admitted to ward 15 A of National Cancer institute Maharagama. He started treatments for my son on 04th October 2011.

    f. Presently my son has completed his all intensifications and first six maintenance cycles. Prompt diagnose due to alertness of midwife R.P. Anoma Sriyani Ranasinghe gave my son the opportunity to receive early medicines which saved his life and we are very much grateful to Midwife R.P. Anoma Sriyani Ranasinghe due to that.





    2. Therefore considering above facts it is humbly requested that necessary appreciation be provided for midwife R.P. Anoma Sriyani Ranasinghe for saving my son’s life due to her professionalised alertness and dedicated service.



    Your’s Faithfully



    MDDA Susiripala BSc................(Hons)
    .........................
    ........... Engineer (Quality Assurance)
    .................

    ReplyDelete
    Replies
    1. හ්ම්. අඩු ගානෙ ප්‍රශංසාවක් කරන්න බැරිද නේද?

      Delete
  17. ඉපදීම දුකක් ලු !!

    බොහොමයක් අවුල් ඇති වෙන්නෙ තීරණ ගන්න තැන් වල වරදින් තමයි.

    ReplyDelete
  18. http://a-welawa.blogspot.com/2014/04/blog-post.html

    ReplyDelete
  19. ප්‍රශ්නයක් නැති තැන තමා ETF සීන් එක ගෙනෙල්ලා එකෙක් මරා ගත්තෙත්..

    ReplyDelete
  20. ආණ්ඩුව අහක යන නයෙක් නේද රෙද්ද අස්සට දාගත්තේ

    ReplyDelete
  21. නැති ප්‍රශ්නයක් ඇති කලේ කවුද,මෙතෙක් කල් කිසිම ප්‍රශ්නයක් නැතුව ඔය වැඩ කටයුතු කෙරුණා නේද.

    ReplyDelete
  22. This comment has been removed by the author.

    ReplyDelete
  23. මගේ යාලුවෙක් ඉන්නවා මිඩ්වයිෆ් කෙනෙක්... PhD එකක් කරපු. දැන් මිඩ්වයිෆ් ලව විතරක් නෙවේ දොස්තරලටත් උගන්නනවා (ලංකාවේ නෙවේ)!

    ReplyDelete
  24. බල්ලගෙ වැඩෙ බුරුවා ලවා කරවා ගැනිමනම් ප්‍රශ්න ගොඩකට මුලක්.හැබැයි සියල්ලන්ටම පුහුනුවක් දිමනම් හොද දෙයක්.ස්වෙච්ච සෙවකයන්ට දෙනව වගෙ.හදිසි අවස්ථවක් ආවොත් වටිනව නේ.

    ReplyDelete
  25. හෙදියන් ට මෙම පුහුණුව දීමව පටන් ගෙන ඇත්තේ එක්දාස් අටසිය ගනන් වල ඉදලා .
    හෙදියන් සහ වින්නඹුවන් අතර ඔය ගැටලුව ඇතිකලේ වින්නඔුවගේ අගනා සේවයෙන්
    එලිය බලන දොස්තරලාගේ වෛද්‍යය සභාවයි. ඔවුන් වින්නඔුවන් ඔවුන්ගේ කුහකකම් වලට
    පාවිච්චි කරනවා.මේක නොතේරෙන වින්නඔුවන් හිතන්නේ දොස්තරලා ඔවුන්ට සහයෝගය දෙන බවකුයි.
    දොස්තරලා ගේ කුහකත්වය ඉතා පැහැදිලියි.ඔවුන් භීතියට සහ අපහසුතාවයට පත් වීසිටිනවා හෙදියන්ගේ අධ්‍යයන කටයුතු වසරකින් දීර්ග කර පසුව එය උපාධි තත්වයට සමාන සුදුසුකමක් උවහොත් ඔවුන්ගේ mbbs උපාධියේ වර්තමාන කේවල් කිරීමේ බලය අඩුවෙයි කියලා .ඔය හිස් සංකල්පය කරපින්නාගත් mbbs අතලොස්ස තමයි සැබෑවටම මේ මූලග්ගින්න ට ඉන්ධන සපයමීන් විකාර කරමින් යන්නේ.සත්‍යය කරලියට නිවැරදිව ප්‍රදර්ශනය වුවහොත් දොස්තර සංගමයේ වත්මන් මනුසතුන්ගේ රෙදි ගැලවී යථාර්ථය දර්ශනය වනු ඇත.

    ReplyDelete
  26. සම සෞඛ්‍ය ගැටලුව පිටිපස්සේ තිබෙන්නෙත් ඔය කුහක කම ම තමයි. ලොකු තැන්වල ඉන්න හැමෝම මේ ගැන දන්නවා.නමුත් අත දාලා මේ ගැටලුව විසදන්න කොන්දක් නෑ.ඒ නිසයි එම ශිෂ්‍යයින් සිංහල අවුරැදු දවසේත් මහමඟ උද්ඝෝෂණයේ ඉන්නේ. ආන්ඩුව හොදින්ම දන්නවා මේක විසඳන විදිහ.දොස්තර සංගමයට දෙන්න ඕනි ජනතා විමුක්ති පෙරමුනට මෑත ඉතිහාසයේ වීසිරී කැඩි කැඩී යන්න දුන්න ඉන්ජෙක්ෂන් එක. තමන්ගේ බලය අයුතු අගතිගාමී විදිහට යොදවන්නේ නම් කිසිදු අනුකම්පාවක් කිසිවිටක කිසිවෙකුටවත් හිමි නොවිය යුතුමය.මක්නිසාදයත් ඔවුන්ගේ උගත්කම් ඇතුලු වර්තමාන සියලු හිමිකම් වෙනුවෙන් බර දරා ඇත්තේ මේ රටේ ඉපදුන අහිංසක මිනිසුන් වන නිසාවෙනි.

    ReplyDelete
  27. අද වන විට කුරුනෑගලටත් ඔය ගැටලුව දුවලා තිබෙනවා නේද ?දොස්තර සංගමයට මේ ගැන මාර තෘප්තියක් ඇති.
    අර්බුද නිර්මානය කිරීම දොස් තර සංගමයේ තවත් එක් කුහක ව්‍යාපෘතියක්.දොස්තර සංගමය සූතිකා පුහුණුව සම්බන්ධයෙන් ඇතිකර ඇති අවුලේ වින්නඔුවන් හොදහැටි පටලවා ඇති ආකාරය කොතරම් පැහැදිළිද.මම හිතන්නේ
    දොස්තර සංගමය අවසානයේ වටහාගත යුත්තේ හෙදියන් මේ දක්වා අවුරුද්දක සූතිකා පුහුණුව ලබාගන්නා බැවින් ඔවුන් සමඟ තමන්ට නියමිත රාජකාරියේ හරියාකාරව නිරත වීමයි.එසේ අපොහොසත් වුවහොත් හෙදසේවය පමනක් සූතිකාගාර කාර්යයන් සියල්ලම ඉටුකිරීමේ වගකීම පවරා දොස් තර සංගමයට තම තමන්ගේ කුහක ව්‍යාපෘතිය වෙනත් දිශාවකට හරවා ගැනීමයි.
    සෞඛ්‍ය සේවය අර්බූදයකට ලක්කොට පසුව එහි වගකීම හෙද සේවය මත පැවරීම හරහා ජනයා අතර හෙද සේවය පිළිබද කළකිරීමක් නිර්මාණය කිරීමත් ඔවුන්ගේ තවත් යටි අරමුනක් බව පෙනෙන්නට තිබේ.
    දොස්තර සංගමය අද රඟදක්වමින් සිටින්නේ තමන් දැනුමින් පොහොසත් වූවත් අවබෝධයෙන් මොන්ටිසෝරි ව්‍යාපෘතියක් කිරීමටතරම් වත් ප්‍රඥාවක් තමන්ට නැති බව විදහා දැක්වීමෙි ජවනිකාවයි. වර්තමාන දොස්තර සංගම් නායකත්ව මන්ඩල තීරන අතීතයේ එම සංගමයේ තණතුරු හෙබවූ පැරැන්නන්ගේ දුහුවිලි කැටයක් තරම් වත් නොවටින බව සක් සුදක් සේ පැහැදිළි කරුනකි.

    ReplyDelete