Monday, May 12, 2014

කක්ක පොලිස් සහ වල් ඌරුමස්.......

මේ දවස්වල මට තියෙන්නෙ රයිටර්ස් බ්ලොක් වල අනිත් පැත්ත. ඒ කියන්නෙ කතාවල් තියනව සෑහෙන්න. ලියන්න වෙලාව ටිකක් අඩු උනත් මගේ බ්ලොග් එකේ වැඩිම පෝස්ටු වැටෙන මාසෙ මේක වේවි. කලින් පෝස්ටුවෙ අරූගෙ ඉල්ලීමක් ඉෂ්ට කරන්න ඕන වගේම අද උදේ හැලපය ඌරු කතාවක් දාපු නිසා මාත් දානව ඌරු කතාවක්.

මුලින්ම අරූගෙ ඉල්ලීම. මේක ඔහේල අහලත් ඇති. ඔන්න පොඩි එකෙක් කක්ක කරල ඉවර වෙලා අම්ම එන පරක්කු උන නිසා ඒව අතට අරගෙන එක එක ප්‍රතිමා හදනව. මේ වෙලාවෙ මෙතෙන්ට ආව පොලිසියෙ රාලහාමි කෙනෙක්. කොස්තාපල් කෙනෙක් උනාට ටිකක් තේජාන්විතයි. නිකං අජිත් රෝහණ මහත්තය වගේ. දෙන්නගෙ කතාව මෙහෙමයි.

"බබ, මොකද කරන්නෙ?"

"මම මේ ගුරුවරයෙක් හදනව" ඔන්න කක්ක වලින් ගුරුවරයෙක් හදල පෙන්නුව. ඊට පස්සෙ ඒක කඩල ආයෙත් තවත් එකක් හදනව.

"හා ඒ ගමන කවුද හැදුවෙ?"

"මේ අපේ ග්‍රාමසේවක රාලහාමි" පොලිස් රාලහාමිට සැකයි දැං එයාවත් හදයිද කියල. එයා පොඩි තගක් දැම්ම.

"හැබැයි පොලිසියෙ රාලහාමි කෙනෙක් එහෙම හැදුවොත් බලාගෙනයි"

"අය‍ියෝ පොලිසියෙ රාලහාමි කෙනෙක් හදන්න මෙතන තියන කක්ක මදි" කොලුව උත්තර දුන්න.

-----------------------------------------------------------------------------

ඌරුමස් කතාව මෙහෙමයි. ඔන්න අපි ගියා ට්‍රිප් එකක්. පවුලෙ උදවිය. රට වටේම ඇවිදල ගෙදර එන්න ගත්තෙ වැල්ලවාය පැත්තෙන්. රෑට කන්න නතර කලා තණමල්විල හෝටලයක් ලඟ. ඔන්න අපේ ඩ්‍රයිවර් මලය අපිටත් කලින් කොත්තු බාස්ට ටෝක් කරල අපි ලඟට ආව. මෑන් මුසල්මානුව උනත් පොඩි ඔත්තුවක් දුන්න.

"මහත්තය, වල්ඌරුමස් තියනව ඕනනනං...."

ඔන්න කොත්තු බාස් එක්ක වැඩේ කතා කරල වල් උෟරු කොත්තු දාගත්ත කොත්තු කන උදවිය. පාන් කන උදවිය වල් ඌර එක්ක පාන්. ඔන්න ඔය විදියටයි වැඩේ සිද්ධවුනේ. අන්තිමට බිල ගෙවන්න ගියාම තමයි අවුල හැදුනෙ. කොත්තු බාස් කිව්ව විදියට ඌරු මස් දීසියක් සීයයි. නමුත් මුදලාලිගෙ ගාන දෙසීයයි. ඒ මස් ටික දෙසීයක් නං වටින්නෙම නෑ. මෙයා හදන්නෙ ට්‍රිප් එකක් ආපු අපිව මරාගෙන කන්න. අපි කිව්ව අපිට මුලින් කිව්වෙ සීයයි කියල. මුදලාලි ඒක පිලි නොගන්න නිසා කොත්තු බාස් ගෙන්නුව. එයාගෙ උත්තරේට මුදලාලිට තරු පෙනුන.

"ඇයි මුදලාලි, දවල් ඉඳලම අපි සීයටනෙ දුන්නෙ!"

මුදලාලි පැරදුනා.


මෙන්න තවත් උෟරුමස් කතාවක්.

103 comments:

  1. මම ඔය කක්කා කතාව දේශපාලකයෝ සම්බන්ධ කරලා අහලා තියනවා.

    කලින් සීයට දුන්නා නම් මුදලාලි කොත්තු බාස් ගෙන්නලා අහපු එක මෝඩ වැඩක්... මේ විදිහට කරන්න නම් අර මොකද්ද කතාවක ඉන්න මුදලාලි කෙනෙක් වී මනින්න බුසල ගේන්න 'ලොකු පුතා' ට හරි 'පොඩි පුතා' ට හරි කතාකරන විදිහේ ක්‍රමයක් දාගන්න වෙනවා...

    ReplyDelete
    Replies
    1. නෑ එතන බාස් ගෙන්නුවෙ අපිමයි. එයා මුලදිම කිව්ව 100යි කියල. මුදලාලි පස්සෙ තමයි කිව්වෙ 200 බව. නමුත් කොත්තු බාස් තමන්ගෙ පැත්තට කතා කරයි කියලත් එයා හිතුව. නමුත් ඒ මනුස්සය සත්‍යවාදී කෙනෙක්. අපි අන්තිමට එද්දි මෑන්ට රුපියල් දෙසීයක විතර මුදලක් දුන්න.

      Delete
  2. කක්ක කතාව මං අහල තිබ්බෙ ප්‍රේමදාස ජනාධිපතිවරයට ඈඳපු වර්ෂන් එකක්.

    රාජ් දන්නවද වල් ඌරු මස් වලට පොළොන්නරුව පැත්තෙ උන් ඉංග්‍රීසියෙන් කියන්නෙ සෙක්සි පෝක් කියලා බව?

    ReplyDelete
    Replies
    1. වල් ඌරා=සෙක්සි පෝක් නියමයි. අර කවුද කිව්වලු එළුවට මට්න් කියල. ආ ඒක කිව්වෙ ටාසන් බාප්ප. මෑන් අහනව එළුව නාගවල්ලි කනවට කියන්නෙ කොහොමද කියල. ඒක කියන්නෙ
      මට්න් ඊට්න් ක්‍රෝට්න් කියලලු.

      Delete
  3. උදේම මොනා කියනවද මන්දා...කක්කා සහ වල් ඌරු මස් හී හී....

    ReplyDelete
    Replies
    1. එළහරකයි මීහරකයි වගේ නේද?

      Delete
  4. කක්කි කතාවනං ඇහුවා..

    මටත් ඔාහොම සීන් එකක් උනා නේ බං තණමල් විලදී. අපි බත් කරන්න ගියේ බත් එකත් සීයයි කියල තමා ගහල තිබුනේ.. මස්, මාළු 150 යි. වල් ඌරු මස් තියෙනවා කියල ටිප් එක දුන්නම අපිත් කෑවා ඉස්ම යන්නම.. අමතර මස් පිරීසිය සීයයි කිව්වා. ඒත් අන්තිමට ගණං හදල බලකොට ඌ අමතර මස් පීරිසියටත් 150 ක් දාලා. ගණං දන්න නිසා ගොඩ ගියා. ඔය දෙබරවැව පැත්තෙත් බඩු තියෙනවා. පරිස්සමින් ටෝක් කරොත්..

    ReplyDelete
  5. දවසක් මම සුරාබදු එකේ වැඩ කරන සෙට් එකක් එක්ක උන් කොහෙන්දෝ අල්ලපු ස්ප්‍රීතු වගයක් ගැහැව්වා . බයිට් එකකට වල් ඌරු මස් ඩෙවල්. මම ඒ වෙලේ තමයි තේරුම් ගත්තේ ස්ප්‍රීතු කියන්නේ අරක්කු වලට වඩා අමර පානයක් කියන එක. උන් කිව්ව විදියට නං ඒ ස්ප්‍රීතු වල සැර සැහෙන්න වැඩියි. සියට අනු ගානක් වත් වෙන්න ඕනා.

    කොහෙන් හරි ෆැක්ටරි එකෙකින් ගත්තු එකක්. සුපිරි බිම.

    ReplyDelete
    Replies
    1. එහෙම බිවිවනං තෝ මැරෙනවා. වතුර දාලා තනුක කරල ඇත්තේ..

      Delete
    2. තනුක කරන්න ඇති අනිවාර්යෙන්. මාත් බීල තියනව මූඩියෙන් එකක්. ඇසිඩ් බීල නැතත් ඇසිඩ් පෙව්වොත් ඒ වගේ වෙන්න ඇති කියල හිතෙනව බිව්වම.

      Delete
    3. මිලිලීටර් පන්සියේ බෝතලයක ඔය කිව්ව ස්ප්‍රීතු තිබුනේ. තනුක කරලා තිබුනේ නෑ. ඒක ගැහැව්වේ වතුර දාලා. මම පොඩි ෂොට් එකක් නිකන්ම ගහන්න හැදුවා. ඒත් මගේ යාලුවා එහෙම දාන්න දුන්නේ නෑ.

      හැබැයි වතුර දාලා ගැහැව්වත් අමර පානේ.අරක්කු වලට වඩා සුපිරි.

      Delete
    4. හා ඒක මිසක්. කසිය පොට් වල නං එකට තුනක්ද කොහෙද කලවම් කරනවලු. කොහොම උනත් සීයට අනූ ගනනක් ඇති.

      Delete
    5. අෑ බං ඇනෝ ඒ වගේ බොන වෙලාවට අයිතිකාරය පළවෙනි සොට් එක දාගෙන බයිටි ටිකක් හපනකං ඉදහං උඹේ එක ගහන්න.. දැක්ක නේ අහිමි ලිපි තැපැලෙන් උස්සපු වහ බෝතලේ නිසා දෙන්නෙක් අහිමි උනා

      Delete
  6. මුදලාලි අභීතගෙ නෑ කෙනෙක් වගේ...

    ReplyDelete
  7. "රයිටර්ස් බ්ලොක් වල අනිත් පැත්ත" - රයිටර්ස් ඩයරියා ද?

    ReplyDelete
  8. අපි ඉස්සර අම්පාරේ වැඩ කරද්දි පදියතලාව හරහා නුවරට ඇවිත්නේ කොළඹ බස් එකක ගෙදර එන්නේ. ඔය පදියතලාව හරියෙ එක ගම්බද තැපැල් කන්තෝරුවක් ගාවා වාහනේ නවත්තනවා. තැපැල් මහත්තයට තියෙනවා තුවක්කුවක්. පොර ඒකෙන් දඩයම් කරපු මස් විකුණන්නේ ගැසට් එකේ පි‍ටු වල ඔතලා.

    (ගුරුකම නම් ෂිට් තමයි බං. ගූ කෑමක් තමයි හැබැයි හැන්දෙන්.)

    ReplyDelete
    Replies
    1. මට උඹ මතක් උනා මේක ලියද්දි. "මම මේ ගුරුවරයෙක් හදනව" කියන කෑල්ලට පස්සෙ වරහන් ඇතුලෙ (හෙන්රි අයියේ තරහ වෙන්න එපා කියල දාන්නත් හැදුව. ආයෙත් මට හිතුන උඹ මේ පැත්තෙ ආවෙ නෑ කියලත්.

      Delete
    2. (ගුරුකම නම් ෂිට් තමයි බං. ගූ කෑමක් තමයි හැබැයි හැන්දෙන්.) ?

      මේ ටික නං තේරුනේ නෑ ආයිබෝං

      Delete
    3. (ගුරුකම නම් ෂිට් තමයි බං. ගූ කෑමක් තමයි හැබැයි හැන්දෙන්.)

      හරි හරි දැන්නේ මේ අපේ රාජ් උඩින් දාලා තියෙන කතාව දැක්කේ. මම ඒ කතාව මුලින් සැරේ කියෙව්වේ නෑ, මොකද එපා වෙනකං කියවලා/අහලා තියෙන හින්දා.

      Delete
    4. ඇනෝ, ගුරුකම කියන්නේ කවදාවත් කාගෙන්වත් හොඳක් නාහන තෑන්ක්ලස් ජොබ් එකක්. වැඩි පඩි ඉල්ලන එකත් අකැපයි ඕක සේවයක් නිසා. අනිත් උන් වගේ බාගයක් ගහලා වැනි වැනි යන්න, පාරේ ගහකට හුජ්ජ කරන්නත් අකැපයි ලෝකෙ උතුම්ම වෘතිය නිසා. දියුණු රටවල පවා ගුරුවරු තව රසාඅවක් කරලා තමයි ජීවත් වෙන්න සල්ලි හොයාගන්නේ. ඒකයි එහෙම කිව්වේ. ඒ කොයි හැටි වුනත් වැදගත් ජොබක්ලුනේ.
      ඒකයි ගූ කෑවත් හැන්දෙන් කිව්වේ.

      Delete
    5. //ගුරුකම කියන්නේ කවදාවත් කාගෙන්වත් හොඳක් නාහන තෑන්ක්ලස් ජොබ් එකක්.//
      HB, Raaj, වශී ගුරුකම?

      Delete
    6. ගුරුකම කියන්නෙත් තවත් වෘත්තියක් පමණයි තත්වෙට එමින් පවතිනව. බය නැතුව හිටිං උඹ පැන්ෂන් යන ක‍‍ාලෙ වගේ වෙද්දි හරියයි.

      ප්‍රා
      ඒකත් එක්තරා ගුරුකමක් තමයි. වශී කිව්වම මතක් උනේ. අපි 10 ඉන්න කාලෙ පත්තරේ දැක්ක ඇඩ් එකක්. වශී ගුරෙක් කියනව ගැල්ලමයි වශී ලොතරැයි දිනුම් වගේ දේවල් නොමිලෙ කරල දෙනව කියල. අපිට ඕන උනා ලොතරැයි දිනුමක්. මම ඉංග්‍රීසි පොතේ අර එඩ්‍රස් එක ලියාගත්ත. පන්තියෙ ටීචර් නෝනට මේක අහුවුනා. ඔන්න ටීච අහනව මේ කවුද ඔයාගෙ බාප්පද කියල. ගෑල්ලමයෙක් නැඟිටල කිව්ව ඔය කට්ටිය තමයි කෙල්ලො වශී කරල දේනනෙ කියල.

      Delete
    7. හෙන්රි, නරකද ලංකාවට ඇවිත් ටියුෂන් කඩයක් දාගත්තොත්... ඔය කිසි අවුලක් නෑ එතකොට..

      Delete
    8. වැඩිය දෙයක් නෑ කරන්න තියෙන්නෙ එන අවුරුද්දෙ ප්‍රශ්න ටිකක් බෙදල දෙන එක විතරයි. පොඩ්ඩක් රහස් පොලිසියටත් යන්න වෙයි....

      Delete
    9. ඈ යකෝ රාජ්, උඹ මේ උදේ ඉදන් අරහේ මෙහෙ හැම තැනම කොමෙන්ට් කොට කොටා ඉන්නේ, ඔපීසියේ වැඩ නැද්ද?

      Delete
    10. හෙන්රියා මේ ටිකේ කමෙන්ට් දාන්න නෙවෙයි බ්ලොග් කියවන්නත් ටූ බිසී, ඒත් මට උගන්වපු ගුරුවරු වෙනුවෙන් වත් මේක නම් නිකන් යන්න අරින්න බෑ කියල හිතුනා - මේ කොමික් එක බලපන්

      http://zenpencils.com/comic/124-taylor-mali-what-teachers-make/

      උඹත් මේ ජාතියෙ ගුරුවරයෙක් වෙන්න ඕනෙ උඹ ලියන ඒවයි විදියට.

      Delete
    11. AnonymousMay 12, 2014 at 12:42 PM
      එහෙමකට වැඩක් නෑ බං. :-) අපේ අනිත් එවුන් වෙසක් කූඩු අලවනව. මම කමෙන්ටු කොටනව.

      Delete
    12. //""එහෙමකට වැඩක් නෑ බං. :-) අපේ අනිත් එවුන් වෙසක් කූඩු අලවනව. මම කමෙන්ටු කොටනව."// පට්ටම කතාව මේක කතා දෙකටත් වඩා ආතල් ,

      Delete
    13. ඇනෝ අර ලින්ක් එකට ස්තුතී.

      Delete
  9. දැන් ඉන්න සම හරක් පොලිස් කාරයෙක්ව අඹන්න කක්ක මදි නේන්නං, :D, හේ හේ ජිම් පප්පගේ පරම්පරාවේ උදවිය ඇ, වල ඌරු මස් කොත්තු, නිකන් රබර් වගේ ඇති නේද, උරු මසුත් රබර් වගේ නිසා :D, මෙහෙමයි කන්න කලින් 100 යි කෑවම 200යි හේ හේ බුෆේ නෙවේනේ කොච්චර කෑවත් එක ප්ලේට් එකේ ගාන ගන්න , එසේ මෙසේය වල ඌරු මස්නේ. හැමෝම ඌරු කතා දන නිසා මට හිතුනා මගේ ඌරු කතාවත් දාන්න, පස්සේ දාමුකෝ ඒක, එහෙනං ජය වේවා.

    ReplyDelete
    Replies
    1. හොඳ ඌරු මස් රබර් වගේ නෑ බන්. තෙල් කෑලි අහු උනාම තමයි රබර් වගේ වෙන්නේ.

      මම කාලයක් වැඩ කලා ගෝල්ෆේස් එක හරියේ තියෙන තරු පහේ හෝටලයක. ඔකේ කෑමට හැමදාම මස් වර්ග තියෙනවා. එතන තියෙන ඌරු මස් වගේ එකක් නං මම ආයේ කවදාවත් කාලා නෑ.තෙල් කෑලි සේරම අයින් කරලා, හොදම මස් ටික දෙන්නේ. එකෙන් තමයි මම තේරුම් ගත්තේ මේ වෙන තැන් වල ඌරු මස් කියලා දෙන්නේ වැඩිහරියක් තෙල් කෑලිනේ කියන එක.

      Delete
    2. කොත්තුව නං හොඳයි. මේ සොමිය වෙලා තියෙන්නෙ අර පරණ සොඳුරු මිනිසා නේද?

      Delete
    3. වල් ඌරගේ තෙල් කෑලිත් නිකං ගස්ලබු කෑලි වගේ බං. තෙල් කියලා හිතෙන්නේ නෑ. කොච්චර අගුණ වුනත් මගෙත් ප්‍රියතම මස.

      Delete
    4. හේ හේ නම පොඩ්ඩක් වෙනස් කොලා :D පොඩ්ඩක් කොට කොලා

      Delete
    5. වලාගෙ තෙල් අඩුයි. හම නිකං ගස්ලබු කෑලි වගේ තමයි. මස් වලිනුත් ෆේවරීට්ම ඒ කෑලි තමයි.

      Delete
    6. යකෝ තෙල් කෑලි නැතුව ඌරුමස් කාලා වැඩක් තියනවද?

      Delete
    7. තිසර හරි. වල් ඌරගේ තෙල් කැල්ල එළ...

      Delete
  10. අර පොඩි එකා කිව්වේ නගර සභාවේ කක්කා ටැට්ටරේම ගූ තිබුනත් මදියි කියලලු නේද...?

    සාමාන්‍ය ඌරා දිනපතා සාධාරන හා ගෙදර සෑදු මෙන් රහට තියෙන තැනක් තමයි නුවර පාරේ පොල් අතු බත් කඩේ..

    ReplyDelete
    Replies
    1. කොහෙද මාතලන් ඔය කියන කඩේ තියෙන්නේ? පොඩ්ඩක් තැන කියනවද?

      Delete
    2. ඇනෝ.
      නුවර ඉඳල එනවනං නිට්ටඹුව පහුකරලා සංඝබෝධි විද්‍යාලය පහුවෙලා ටිකක් දුර යද්දී වම්අත පැත්තෙ.

      Delete
    3. මාතලන්,
      පොල් අතු කඩෙන් කප්පං දෙන්නෙ නෑ කියල අසරණය කරපු වැඩේ උඹ දන්නවද

      Delete
    4. ආ හරි මීටර් උනා. ඔය කියන කඩේටද පහුගිය ටිකේ බැරිසිල් ලොක්කා ගෙන් බලපෑම් ආවයි කිව්වේ? කඩේ තියෙන ඉඩම සල්ලි වලට ඉල්ලලා, උන් ඒක විකුණුවේ නැති පාර කඩේට සැහෙන්න තර්ජන ආවයි කිව්වේ. කඩේ ලග ට්‍රැෆික් පොලසියේ එවුන් දාලත් හිටියයි කිව්වේ. කඩේ ලග නවත්තලා අපහු යන වාහන ලියන්න පටන් ගත්තාලු. අන්තිමෙදි කඩේට බිස්නස් නැති උනා කිව්වේ. ඒ ඔකද, නැත්තං වෙන තැනක්ද?

      Delete
    5. නෑ ඇනෝ බැරිසිල් නොවෙයි අසරණය සැටලයිට්ගෙ හොරගොල්ලේ ගේ විකුනද්දී ගන්න ගිහිං සැටලයිට් දීල නෑ පොල්අතු කඩේ මුදලාලිට විකුනලා,ඒකෙ කේන්තියට අසරණය කඩේ ළඟට ට්‍රැපික් පොලිස් දාල වාහන නවත්තන්න දුන්නෙ නෑ මම ඇහැටම දැක්ක ඒ කියන්නෙ අපි කන්න ආපුවම අපේ වාහනෙත් නවත්තන්න එපා කියල සිග්නල් දුන්නා.මුදලාලි ඔව්වයින් සැලුනේ නෑ මිනිහ කඩේ වහල දැම්ම.

      Delete
    6. මාතලන්
      සාමාන්‍ය ඌරත් නරක නෑ හොඳට උයල ගත්තම.

      දේශපාලනයේ තියන කැත කොච්චරද කියල පේන්නෙ මේ කතා ඇහුවම

      Delete
    7. අඩේ කොයි දවස්වලද ඒක වහලා තියෙන්නේ...? මං නිට්ටඹුවෙන් එනකල්ම ඇරලා තිබුනා නව.. මාත් සතියකට වතාවක් විතර උෟරා හොයං යන තැන.. පාර පැත්තෙන් වාහන තුන හතරක් පාක් කරන්න හෝටලේ ඉස්සරහා ඉඩ තිබුනා.. හෝටලේ පැත්තකන් පිටි පස්සට ගිහිං වාහන නවත්තන්න පාක් එහෙකුත් තිබුනා.. පාර අයිනේ නැවැත්තුවේ ලොකු ලොරි විතරයි ඒ දවස්වල.. චන්ද්‍රිකාගේ ගේ පොල් අතු මුදලාලි ගත්තේ දැන් සෑහෙන කාලෙකට කලින්නේ...

      Delete
    8. බයවෙන්න එපා මාරයෝ දැන් ඇරල තියෙන්නෙ.ඔය කචල් එක තිබ්බ කාලෙ ටැම්පරි වැහුවා.

      Delete
    9. දින ගණනාවකට විතරයි වැහුවේ දැන් යළි පෙර සේ ඌරයි කොල මැල්ලුමයි ලූණු සම්බොලෙය් තියනවා මාරයා..

      Delete
    10. බලහං එළකිරි ස්පොට් එකකට තියෙන මාකට් එක. ඔතන තව පට්ට කෑමක් තියෙනවා. ඒ තමයි ගෝවා කොල මැල්ලුම. ඕවා උයන්නේ ආච්චිලා..

      Delete
    11. හෙහ් හෙහ් මම මේ කල්පනා කළේ බැසිල්ට වෙච්ච දේ..ගැන..

      Delete
    12. මාතලන් කියන ගෝව මැල්ලුම නියමයි වගේ. දවසක් මම දැක්කා යසර් බොස් කියන නාට්ටියේ පොඩි ජෝක් කෑල්ලකත් ඔය ගැන තියෙනවා.
      විජය නන්දසිරි කොහේදෝ ට්‍රිප් එකක් යානං ලෑස්ති.පොර කියනවා අපි ට්‍රිප් එක ගිහිං එන ගමන් ඔය පොල්අතුකඩේටත් ගිහිං ගෝවා මැල්ලුම් එක්ක බත් ටිකක් කාලා එමු කියලා.

      ඒ කියන්නේ උනුත් ඔතන්න්ට ගිහිං ඇති. නැත්තං විස්තරේ දන්නේ කොහොමද?

      ඒක නෙමේ මාතලන්, ඔය පොට් එක ඇරෙන්න පැලියගොඩ,කිරිබත්ගොඩ හරියේ හොද ඌරු මස් තියෙන පොට් එකක් නැද්ද? පැලියගොඩ මරුස්‌ ගේ පොට් එකේ ඌරු මස් වික්කට එව්වා උයා ගන්න එපයි.

      Delete
    13. ඌරු මස් තියෙන පොට් එකක් කිව්වේ මාතලන්, ඌරු මස් රහට හදලා තියෙන පොට් එකක්. බයිට්ස් වලට ගන්නයි,බත් කන්නයි.

      Delete
    14. මටත් හිතෙනව ඔය පොට් එකට යන්න උඹලගෙ කතා අහල

      Delete
    15. ඒක මිසක් මං බය උනා.. :D

      ඔය ඌරු මස් එක වගේම තමා පොල් අතු බත් කඩෙන් උදේට පාන් කෑමත්..
      තැටි පාන් ගෙඩිය තීරු තීරු කපල.. පොල් සම්බල් ඇති පදං බෙදාගන්න ඇහැකි.. අල හොදිද.. පරිප්පුද.. මිරිස් මාළුද කියන හැම එකම කලවමේ බෙදා හදාගෙන කන්න ඇහැකි.. ලාබ පොට් එකක් වෙන ලංකාවේ කොහේවත් නැද්ද මංදා... පාන් ගෙඩිය තනියම කැවෙන්නේ ඇගට දැනෙන්නෙත් නැතිවම...

      අපේ වැඩපොලේ එකාලා ඒ දවස්වල හිටිය ගමන් කැන්ටිමට වෙලා වැඩ ඇරිලා බෝතලයක් සප්පායං වෙද්දි පොල් අතු බත් කඩේට ගිහිං ගේනවා මස් පාර්සලයක්.. ඒක අර ඇබින්දන් දීසි නෙවෙයි... තුන් හතර දෙනෙකුට කන්න ඇහැකි තරමේ බත් ගෙඩියක් විතර ඇති... ඒකේ ඉතිං මස් වෑංජනේ තිබුන ලොකු ලොකු කටු ටික හිටං තියෙනවා... ඔය කඩේ අපි බත් කන්න ගන්න මස් දීසියට වඩා මාර රහක් තියෙනවා විශාල කටු කෑලිත් එක්ක ඔට්ටු වෙන එක.. ෂෙහ්...

      Delete
    16. තොරණ හංදියේ වරාගොඩ පාරෙත් තිබුනා. දැන් තියෙනවද දන්නේ නෑ. ඔය පොල් අතු බත් කඩේ කියන්නේ ඉස්සර ලොරි කාරයෝ විතරක් ගොඅඩ උන තැනක්. පස්සේ රෙප්ලා තමයි ඉස්සෙල්ලාම ගිහින් තියෙන්නේ. ඊට පස්සේ තමයි ජනම් එක යන එන තැනක් වෙන්නේ. දැන් නම් ටේබල් එකක් හොයා ගන්නත් බොහෝම අමාරුයි.

      Delete
    17. එකනේ යකෝ මාත් බැලුවේ ඕක කවද්ද වහලා තිබ්බේ කියලා, මටත් මතක් ඇති කාලෙක වහලා තිබ්බේ නෑ
      කොහොමත් මාතේ කියපු ගෝවා කොළ මැල්ලුම මතක් වෙනකොට ත් රහයි ඔයි ...

      Delete
    18. ළමායි. උඹලා මේක කියන කතා අහලා මටත් පෙරේත කමක් ඇතිවුනා. මම ඔය කඩේ හෙව්වට හම්බවුනේ නෑ. ඕක තියෙන්නේ කොයි කොලෝ මීටර් කණුව කිට්‍ටුවද? නුවර පැත්තට යනකොට දකුණු පැත්තෙද වම් පැත්තෙද? අනික ඕක තියෙන්නේ නිට්ටඹුවයි මිරිස්වත්තයි අතරෙද නැතිනම් නිට්ටඹුවයි වරකපොලයි අතරෙද? මම් එහෙම ඇහුවේ නුවර යනකොට නිට්ටඹුවෙන් නුවර පාරට ඇතුල් වුනොත් ඕක මග ඇරෙනවද කියල දැන ගන්න. කිලෝ මීටර් කනුව නම් නොවරදවාම කියාපල්ලා ළමායි.

      Delete
    19. ඇනෝ අර ලින්ක් එකට ස්තුතී.

      Delete
    20. මේකේ නිට්ටඹුව කිට්ටුව තියෙන එක.

      https://www.google.lk/maps/place/Pol+Athu+Bath+Kade/@6.9215305,79.8648533,11z/data=!4m9!1m6!2m5!1spol+athu+bath+kade+by:circles!3m3!1spol+athu+bath+kade!2sColombo!3s0x3ae253d10f7a7003:0x320b2e4d32d3838d!3m1!1s0x0:0x233baf69e185ee0d

      Delete
    21. POLATHU BATH KADE THIYENNE NUWARATA YANAKOTA DAKUNU PATHTHE, NITTAMBUWA - THIHARIYA ATHARA, BANDARANAYAKA SAMADIYATA KITTUWA.

      Delete
    22. රායිට්. මාතලන් සහ ඇනෝ උඹලා දෙන්නටම ස්තුතියි.

      Delete
    23. හෙන් රි, උඹ ඔච්චර යන එන මිනිහ වෙච්චි ඔය පොල් අතු බත් කඩේ ගැන දන්නෙ නෑ කිව්ව?

      ඔය වගේම හොඳ ඌරු මස් තීන කඩ කීපයක් මේන්...අත්දුටුවයි සත්තයි..

      බොරැල්ලෙ මිහිරි බත් කඩේ

      මිරිස්ගෝනියා හන්දියෙ ඉඳන් අනුරාධපුර පාරෙ ටිකක් ගියාම අමිල බත් කඩේ

      අනිත් එක ඇඹිලිපිටියෙ ටවුමෙ මැදම තීන කඩයක්, ටියුෂන් පන්ති කීපයක් ගාව, එච් එන් බී ඇෂුවරන්ස් එක ගාවින් ඇතුලට ගියම තීන්නෙ. ඒකෙ මට නම මතක නෑ, මම ලංකාවෙ කපු සිරාම බුෆේ එක ඒක. වල් ඌර, ගං ඌර දෙකම තීනව, ලියනකොට කෙල බේරෙනව දැනුත්.

      Delete
    24. හෙන්රි අයියට දැන් පල් අතු බත් කඩේ තියෙන තැනනං මීටර් ඇතිනේ.. හෙන්රි අයියලා නුවර යන්නේ වතුපිටිවල පැත්තෙන් ගිහින් නුවර පාරට දාලා හින්දා ඕක මිස් වෙනවා... ඒ පාරේ ගිහිං කඩේ අල්ලන්න ඕනනං කරන්න තියෙන්නේ වතුපිටිවල ඉස්පිරිතාලේ පාට හරවලා කෙලින්ම යන්න.. ඒ පාර BOI එක හරහා කෙලින්ම වැටෙන්නේ බණ්ඩාරනායක සමාධිය ගාවට.. එතැනිනුත් වමට (කොළඹ පැත්තට ) හරවලා මීටර් දෙසීයක් විතර ගියානං පොට් එක අහු වෙනවා...

      හැබැයි තව ඔය වගේම ගතියටම ඌරයි හරකයි දෙකම උයන තැනක් තියෙනවා... පූගොඩ.. මං හිතන්නේ හෙන්රි අයියා එන්නේ හංවැල්ල පැත්තේ ඉදන් වෙන්න ඕන.. ඒ හින්දා දවසකට එතැන බලන්න.. පොට් එක ගැන හරියටම කියනවනං හංවැල්ල පැත්තේ ඉදන් එද්දි පූගොඩ ටවුම පහු කරලා පල්ලම බහිනවනේ.. ඒ පල්ලම ඉවර වෙනකොටම තියෙනවා හන්දියක්.. එතනට කියන්නේ කුරුස හන්දිය කියලා.. කඩේට කියන්නේ කුරුසේ කඩේ කියලා.. ආගමේ කට්ටියක් කරන්නේ.. හංවැල්ල පැත්තේ ඉදන් එද්දි පා‍ේ වම් අත පැත්තේමයි.. එතැනම අල්ලපු වැටේ වගේ බාර් එකකුත් තියෙනවා.. බත් කන්න කියලා දීප අක්කලව බස්සලා හොරෙන්ම ගිහින් බෝතලයක් එහෙමත් ගෙනල්ලා වෑන් එකට ඔබා ගතෑකි.. :D
      පොල් අතු බත් කඩේ වගේ පරිසරයක් නැති උනත් ඔතැනත් හරකයි ඌරයි දෙන්නම රහටම හැදෙන තැනක්... ඌරටත් වඩා හරකා තමා නැගලම යන්නේ... තව පොට් එකක් තිබුනා වැලිවේරියෙත්... හැබැයි එතැන වාහනයක් නවත්තලා නිදහසේ කෑම ටිකක් කන්න ඇහැකි තැනක් නෙවෙයි... හැබැයි ඌරු මස් ටිකනං පංකාදුයි..

      Delete
    25. ඇඹිලිපිටියෙ ෆුඩ්සිටි එක ඉස්සරහින් ඇතුලට චුට්ටක් ගියාම ටියුෂන් පංති තියෙන බිල්ඩිමට දකුනු පැත්තේ තියෙන සමන් බුෆේ එක ගැන ඕන ඉන්දික කියන්නේ. මමනම් ඒක වරද්දන්නේ නෑ ඇඹිලිපිටිය පහු කරනවානම්.
      රාජගිරියේ බුත්ගමුව පාරට යන කනෙක්ටින් රොඅද් එකේ තියෙනවා හෙවන්ස් කියලා නියම ස්පොට් එකක්. උන්ගේ ඌරට ගහන්න වෙන කිසිම තැනක් නැතුව ඇති කොළඹ නං. ඌරා සමග බත් පැකට් එකක් රුපියල් 120/-....

      Delete
    26. අන්න හරි, සමන් එක තමයි. කොහොමද කළුවට තීන ඌරුමස් වල රහ?

      මම ගාලු පාරයි, හයිවේ එකයි අතෑරල තංගල්ලෙ යන්නෙ ඇඹිලිපිටියෙන් දාල ඔතනින් දවල්ට කන්න ඕන නිසා.

      ඉස්සරනං ගාලු පාරෙ සංචි කඩෙනුයි ගාල්ලෙ වැල්ලෙ කඩෙනුයිත් කෑව. තාම වැල්ලෙ කඩේ තීනවද කියල දන්නවද?

      Delete
  11. ඌරු මස් මං කොහොමවත් කනනෙ නෑ ,අර කක්කා කතාව නම් මරු ;)))

    ReplyDelete
    Replies
    1. උෟරා කන්නෙ නෑ?

      Delete
    2. උඹ නොකැවට කමක් නැහැ.වල් ඌරෝ ඉන්න තැනක් තියේනම් අපටත් ඔත්තුවක් දියන්...

      Delete
  12. හේ හේ මට මේක මතක් උනේ පස්සේ නේ ඒ අහිංසක සතාට වල් ඌරා කියන්න එපා, එක හරි නෑනේ, අර වල් අලියත් රකින්න බැරිව වන අලියා කරපු එකේ මේකවත් අපි වන ඌරා කරමු නේද? සෙක්සි පෝක් හේ හේ.

    ReplyDelete
  13. අපිත් දවසක් බුත්තල යද්දී තණමල්විල හංදියේ ඔය කියන කඩෙන් දවල්ට කෑවා,මුව මසුත් තියනව කියපු නිසා එව්වත් ගෙන්නගත්තා,ගාන නං මතක නෑ අපේ වාහනේ එලවපු ඩ්‍රයිවර් පස්සෙ අපට විහිළු කළා වඳුරු මස් කාල ආවා කියල.

    ReplyDelete
    Replies
    1. මුව මස් නං මගේ ප්‍රියතම කෑමක්. හැබැයි කලාතුරකින් ලැබෙන්නේ. ඒ වගේම තමයි ගෝන මස්. මුවා,ගෝනා,ඌරා තමයි මගේ ප්‍රියතම මස් වර්ග. යාළුවෙක් ඉන්නවා වැල්ලවාය පැත්තේ. එහෙං තමයි ඔය මස් වර්ග තුනම කෑවේ. මුවමස් ඩෙවල් එකත් මරු. ඒත් දැන් ඒ යාලුවා ලංකාවේ නැති හින්දා මස් ලැබුනේ නෑ.

      පාර කඩවල් වලින් නං මම කොහොමත් ඔය වගේ මස් වර්ග කන්නේ නෑ.

      Delete
    2. මුව මස් වගේ දේවල් කැම ටිකක් අවදානං. මොකද හඳුනාගැනීම ටිකාාාාක් අපහසුයි. වල් ඌර නං අවුලක් නෑ

      Delete
    3. හලපයියේ වඳුරු මස් අඳුන ගත්ත හැකි කනකොටම ,හප්පේ කොළ රහයි ...හයියයි ... මුවමස් කියලා මී හරක් පැටවුන්ගේ මස් නම් දෙනවා .

      Delete
    4. ඉවාන් ඇයි ගෝන මස් කියලා මී හරක් මස් දෙන්නෙ එක ගොනයි මී හරක් දහයක් විතර මරණවා ,

      Delete
  14. පොඩි උනාට කොළුව යමක් කමක් තේරෙන බුද්ධිමත් ඇට්ටර කොළුවෙක්. :)

    මම නම් ඔය අනම් මනම් මස් ජාති කන්නෙ නෑ, කඩවල්වලින් නම් බිත්තර ඇරෙන්න මස් මාළු කන්නෙම නෑ.

    ReplyDelete
    Replies
    1. ඌරු මස් ටිකක් කෑවට මොකෑ.
      කොහේද ගිහිල්ල හිටියෙ පහුගිය ටිකේ?

      Delete
    2. ඇ‍යි උඹ හිතන්නේ ඒවගෙත් DDT තියනවා කියලද?

      Delete
    3. කොහෙවත් ගියේ නෑ රාජ්, අර කකා කියන්නැහෙ වැඩ, වැඩ, වැඩ. :)

      කඩකාරයො විකුණන එව්වයෙ හැටියට DDT තව හොඳයි බං.
      මම පුරුදු උන හැටි තිසර, කොහොමටත් මම මස් මාළු කන්න වැඩිය කැමති නෑ.

      Delete
  15. අද කතා දෙක තම්බියි ඌරු මාලුයි වගේ පරස්පරයි

    ReplyDelete
    Replies
    1. ඒක නේන්නං. මේ කාලෙ පරස්පරතා වැඩියි.

      Delete
  16. ආයේ ගියහම බලන්න රාජ් අර කොත්තු බාස් තාම අතන වැඩද කියලා..

    ReplyDelete
    Replies
    1. බාස්ට කිව්ව ජොබ් එක නැතිවුනොත් අපේ පැත්තෙ එන්නය කියල. ෆෝන් නම්බර් එකත් දුන්න. ආවෙ නෑ.

      Delete
  17. පොලිස් කතාව තමයි මරු. ලංකාවෙ එක පොලිස් රාළහාමි කෙනෙක්ගෙ ප්‍රතිමාවක් හදන්න ගූ වලක් තිබුනත් මදිවෙයි තමා. අනිත් එක එහෙම හදනෙකෙන් කරන්නෙ අසූචි වලටත් නිගරු කිරීමක් නොවැ.

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් ඒක් ඇත්ත

      Delete
  18. ඒ කොත්තුබාස් රස්සාව කල අන්තිම දවස !!

    ReplyDelete
  19. කොහොමත් කොත්තු බාස්ල ටිකක් හිග හිංද බාසුන්නැහේට ප්‍රස්නයක් වෙන්නනෙ නැති වෙයි. කක්ක කතාවනම් නියමයි රාජ්

    ReplyDelete
  20. රාජ්,
    තනමල්විල ගිහින් ඔය වගේ මස් කන එකනං අවදානම්.. සමහර හෝටල් වල බලුමස් උයල දීල මාට්ටු වෙලා තියනවා.. (දැං එ් හොටෙල් එක වහලා) විශේෂයන් පිටින් යන උදවිය කියල දැනගත්තොත් රවට්ටන්න ඉඩ තියනවා.. මොකද එ් තනමල්විලනේ..

    කක්ක කථාව අහල තියනවා....

    ජ ය වේ වා!!!!

    ReplyDelete
  21. දැන් අර රත්තරන් පිළිම හදන්නේ නෑනේ , හදලා රන් ආලේප කරනවා , ඒ වගේ පොලිස් ප්‍රතිමාවක් හදලා කක්කා ආලේප කරමු

    ReplyDelete
  22. වල් ඌරු මස් නම් එක පාරයි කෑවෙ. වල් ඌරාව මට ඌරා තරම්ම සෙට් උන්නෑ. හ‍යිය වැඩියිනෙ.

    කක්කා කතාව නම් පට්ට.

    ReplyDelete
  23. දැන් ඉන්න පොලිස් මාමලා කක්කා නාගෙනම් ඉන්න එකේ එහෙමම පිළිම නෙලන්න පුලුවන්.. අමුතුවෙන් තව ඕන නෑ..

    ReplyDelete
  24. මම හෙඩින් එක දැක්කම හිතුවෙ පොඩි එකා පොලිසියේ උන්නැහෙට කියනවා කියලා ඔයාව හදන්න මාමෙ මගෙ ඒවා හරි යන්නෙ නැහැ උෘරෙක් කක්ක දානකං ඉන්න ඕනි කියල කියයි කියලා

    ReplyDelete
  25. රාජ්.....සමාවෙයන් දැනුයි දැක්කේ. උඹ නම් ජනතා ඉල්ලීම්වලට එසැණින් සවන්දෙන නියම රජෙක්. ස්තූතියි!! කක්කා පොලිස් අදමයි ඇහුවේ.

    මචං ඌරුමස් මම උයන්නේ කළු කුඩු සහ මිරිස් සහ තෙල් වලින්. පොල් පොඩි කෑල්ලක් උලුප්පලා හීනියට කපලා, මස් සීසන් කරලා දාන තෙලටම දාපන් බැදෙන්න. නියම ෆ්ලේවර් එකක් එනවා. හොදි නැතුව තනිකර බොරේට තමයි හදන්නේ. මට නම් තෙල් කෑලි අරහන් බන්. තෙල් නැතුව තමයි ගේන්නේ.

    රාජ්.....මම ලේට් නිසා විස්තර වශයෙන් ලියලා වැඩක් නැහැ.Hog Roast කියලා කෑමක් තියෙනවා. තනිකර ඌරාව එහෙම් පිටින් රෝස්ට් කරනවා. ඒක ටිකක් බරපතල වැඩක්. අවුට්ඩෝර් ෆන්ක්ෂන්ස් වලදි කරනවා. කිලෝ 50ක ඌරෙක් පවුම් 500 විතර වෙනවා.

    Suckling pig කියලා කෑමක් තියෙනවා. ඒත් සුමාන දෙකේ තුනේ කිරි බොන වයසේ ඌරු පැටව්. උන්වත් එහෙම් පිටින්ම රෝස්ට් කරනවා .මේ දෙකම රස කෑම වර්ග දෙකක්. අපරාදේ මම මේ පෝස්ට් එක දැක්කේ දැනුයි. පෝර්ක් ගැන ගොඩාක් දේ ලියන්න තිබුනා. දැන් වැඩක් නැහැ. උඹට රයිටර්ස් ඩයරියා නිසා තව එකක් දාලානේ.

    ReplyDelete
    Replies
    1. අනේ බං තියන දෙයක් ලියපං දැං. මම බැලුව ඒත් උඹ පරක්කු මොකද කියල.
      කළු කුඩු කියන්නෙ මොකද්ද? අපේ අම්මල නං ඌර හදන්නෙ පොල් බැදල ඒව අඹරල (ඝන ගතිය එන්න). ඌර උයන විදිය හරියටම කියපං. උඹේ පෝස්ටුවකින් හරි කමක් නෑ. අවුල් වෙන්න කලින් අහගන්න ඕන මේව.

      Delete
    2. මචං උඹ දන්නවානේ ඌරාව අරාබි විදිහට නැතුව අනිත් ඕන විදිහකට හැදුව හැකිනේ. මම මාළු කන්න ආස නැහැ බං. ඒ නිසා ගොඩාක් වෙලාවට ගෙදර මස්. මම මචං ගෙදර කිසිම වැඩක් කරන්නේ නැහැ. හැබැයි උයන්නේ මම. කඩේ යාමත් මට අරහන්. ඕක තමයි සම්මුතිය. මම දෙකක් දාගෙන උයනවා.

      මේ විදිහට ශ්‍රීලංකන් පෝක් කරියක් හදපන්. උඹ කැමති වෙයි. කළුකුඩු කියන්නේ බැදපු තුනපහ කුඩු. (අපේ අම්මා ඔය බැදපු තුනපහ එක ගෙදර හදලා කුඩුකරලා එන කෙනෙක්ගේ අතේ මෙහාට එවනවා. අපේ අම්මගේ මේ කුඩු එක කඩේ එකට වඩා සුවඳයි, රසයි සහ හොඳ කළුපාටයි. මස් ලංකාවේ විදිහට හදනවානම් මම මෙහෙත් උයන්නේ මැටි ඇතිලියේ.

      මස් ටික කියුබ්ස්වලට කපාගෙන සෝල්ට්,පෙපර් දාලා සීසන් වෙන්න තියපන්. ජින්ජර්,ගාලික් (පොතු පිටින් තමයි මම ගන්නේ ඕනෑම කෑමකට ), චොප් කරගනින්. කුරුඳු, එනසාල් , ආදී එකී මෙකී නොකී දේවල් පොඩ්ඩක් තලාගනින්. අනියන්,තක්කාලි, අමුමිරිස්, කපාගනින්. අනියන් ටිකක් වැඩිපුර ගනින්. මේ කරිය තික් වෙන්නේ අනියන් වලින්. පොල් කෑල්ලක් උලුප්පලා හීනියට කපාගනින් බයිට් කඩල එකට දාන සයිස් එකට.

      දැන් මස් වලට ඇති පදමට දැවටි දැවටි හුරතල් වෙන්නට ඇති ප්‍රමාණයට තෙල් දාපන් ඇතිලියට. තෙල් රත් වුනාම අබ, එනසාල් අනං මන්ං සහ පොල්කෑලි, ගින්ජර්, ගාලික් රම්පේ කරපිංච ඔක්කොම දාලා හොඳ ගින්නේ රන්වන් වෙනකොට අනියන් ,අමුමිරිස් දාපන්. ඒකටම කළුකුඩු, මිරිස් කුඩු දාලා හොඳට අතගගා ඇතිලියට ලව් කරපන්. හුරතල් කරපන් නිතර කලවම් කරපන්. අනියන් කුක් වේගන එනකොට අර සීසන් වෙච්ච මස් ඒකට දාලා හොඳට අත ගගා දවටපන්. එහෙම හොඳට මික්ස් උනාම ඇඹුලට දාන දේවල් දාපන්. (ගොරක හෝ සියඹලා, තක්කාලි. මම දාන්නේ ගොරක පවුඩර්. එතකොට ඇඹුල සහ කරිය වර්ණවත් වීමත් වෙනවා). දැන් මදගින්නේ මස් ටික හොඳට කුක් වෙන්න දීපන්. වහලා තියපන්. විටින් විට හැඳි ගගා ලව් කරපන්. ඒ අතරතුර මස්ටඩ් අඹ්‍රපුවා තේ හැන්දැක් විතර දාපන්. ආපහු වහලා තියපන්. මස් හොඳට කුක් වුනාම මූඩිය අයින් කරලා , තව ටිකක් ලිපේම තියලා වතුර වගේ ගතිය බොර වෙන්න දීපන්. බොර වුනාට පස්සේ බාපන්.

      මේක පළමුවම කුක් වෙන්නේ අර දාපු තෙල් ටිකෙන්. ඊට පස්සේ කුක් වෙන්නේ අනියන් සහ මස්වල තියෙන ලික්විඩ්වලින්. ඒ නිසා වතුර බින්දුවක්වත් දාන එපා. දැන් මේක පොල් අතු කඩේ පෝර්ක් කරියට වඩා රසට එන්න ඕන. බත් කනකොට මස් එක්ක අර පොල් කෑලි විටින් විට හැපෙන කොට හොඳ රසයක් එනවා..පොල් කෑලි බැදිලා නිසා හැපෙනකොට කෑමට ප්‍රිය උපදවනවා.

      හොඳ පරිප්පුවක් සහ මුකුණුවැන්න මැල්ලුමක් වයිෆ්ට හදන්න කියපන්. උඹ දෙකක් දාගෙන මස් එක හදපන්. ඩෝප් වෙන්න ඉස්සෙල්ලා කරිය හදාගනින්. ගොඩාක් ඩෝප් වුනාම හරියට උයන්න බැහැ. උයනකොට ආදරෙන් උයපන්. එතකොට කෑම රසවෙනවා. සහතිකයි.

      Delete
    3. උම්මා! උඹ නං දෙයියෙක්. අනිව හදනව.
      ඒ වගේම මේකට මට හෙන ආතල් ///මම මාළු කන්න ආස නැහැ බං./// මම වගේමයි.

      Delete
  26. හපොයි මේකෙ කොමොන්ට් වලින් තනිකරම වෙලා තියෙන්නෙ ඌරව ප්‍රමෝට් කිරිල්ලක්නෙ. :D

    ReplyDelete