Tuesday, April 3, 2012

රවි අයියාගෙ කතා (III කොටස)

ටිකදොහකට පස්සෙ අදත් රවි අයියගෙ කතා දෙකක් තියනව කියන්න. එකක් රවි අයිය කරපු වැඩක්. අනිත් එක එයා කියපු කතාවක්. ඉස්සෙල්ලම කියපු කතාව.

රවි අයියගෙ ගමේ තියනව තරමක් ලොකු ග්‍රොසරියක්. ඒකෙ මුදලාලිත් ටිකක් විතර කුකුලලු. ලගදි දවසක කඩේ වැඩට ඇවිල්ල ඇහැට කණට පේන දැරිවියක්. මේ දැරිවි ටික දවසක් කඩේ වැඩ කරගෙන යනකොට මුදලාලිට කාම තන්හාව පහලවෙලා. දවසක් හවස්ජාමෙ කවුරුත් නැති වෙලාවක් බලල මුදලාලි කෙල්ල ලගට කිට්ටු වෙලා කොහේදෝ තැනකිං අල්ලල. කෙල්ල එකපාරටම කෑගහල. මුදලාලිටත් ලැජ්ජයි, කාටවත් ඇහුනද කියල දන්නෙත් නෑ, ඒ ගමන කෙල්ලට කියනවලු මෙහෙම.
"හා හා ළමය..... කෑගහන්න එපා. මම මේ ඔය ළමයව ටැස්කොරන්නයි බැලුවෙ!, ඔන්න ‍ඔහොමයි ගෑණු ලමයෙක් උනාම ඉන්න ඕන" :P

මුදලාලිගෙ ටැස් කිරිල්ල, පස්සෙ කෙල්ලගෙ කටින් පිටවෙලා. වහ කන්න තමයි වෙලා තියෙන්නෙ කියලයි රවි අයිය කිව්වෙ.


දෙවනි කතාව රවි අයියගෙ වීර ක්‍රියාවක්. රවි අයියලගෙ ගමේ ඉන්නවලු එක මණුස්සයෙක්! චූටි. ආදරේට කියන්නෙ ඌරුචූටි කියල. නම හැදෙන්න හොද හේතුවක් තියනව. මෑන් යනව ගමේ තියන ගෙදරකට. ගිහිල්ල ගෙදර ඉන්න කෙනෙකුට (කලබලයෙන් වගේ) කියනව මෙහෙම (අපි හිතමු පිරිමි කෙනෙක් හිටිය කියල),

"මාමේ... මගේ තුවක්කුවක ඌරෙක් වැදුන මේදැං. මස් ඕනනං දෙන්නං.... කිලෝවක් රුපියල් තුන්සීය ගානෙ දෙන්නං....., ආ.... බෑග් එකක් නං නෑ ගේන්න.... ඔය මොකක් හරි බෑග් එකකුත් එක්ක දුන්නොත් හොදයි"

මේ බොරුවට හුග දෙනෙක් අහුවෙලා තියනව කියලයි රවි අයිය කියන්නෙ. මොකෝ කවුරුත් කැමතියිනේ රුපියල් තුන්සීය ගානෙ වල්ඌරු මස් කන්න. ආරංචිය අහන කෙනා කැත නැතුව කිලෝ දෙක තුනකට සල්ලි දෙනව. අනිත්එක බෑග් එකකුත් එක්කනෙ ඉල්ලන්නෙ. සැක හිතන්නෙත් නෑ. සල්ලියි බෑග් එකයි ගත්තට පස්සෙ ඌරු චූටි හොයනව බොරු. ඕං ඕකයි සීන්එක. කොහොම නමුත් ඌරු චූටි දවසක් කෙහෙල් ගහකට කෙටුව.

මෑන් දවසක් රවි අයියගෙ හොදම යාලුවෙකුගෙන් මේ විදියට රුපියල් නවසීයක් අරගෙන. මස් කිලෝ තුනකට. යාලුව කොළඹ පැත්තෙ කන්තෝරුවක වැඩකරන කෙනෙක්. ගමට එන්නෙත් මාසෙකට සැරයක්. ආපු වෙලාවක රවි අයියට කියල තමං වෙච්ච රැවටීම. ඊට පස්සෙ දෙන්න එක්ක යාලුවගෙ වාහනෙං ගිහිල්ල ඌරු චූටිගෙ ගෙදර. වාහනේ දැක්ක ඌරු චූටි ගෙයි හැංගිලා ගෑණි එවල ඉස්සරහට,
රවි අයිය: අක්කේ චූටි අයිය ඉන්නවද?
ගෑණි: නැහැනේ මල්ලී....!
රවි අයිය: (කුකුල් කොටුවක් දකී) චූටි අයිය කිව්ව කුකුල්ලු තුන්දෙනෙක් ඇතිය ගෙනියන්න කියල.
ගෑණි: ආ.... එහෙම කිව්වද? එහෙනං ගෙනියන්න.

කූඩුවෙ හිටිය කුකුල්ලු තුන්දෙනාත් අරගෙන රවි අයිය ආව. පස්සෙ දවසක චූටි රවි අයියට මුණගැහිල කියනව, "රවී මහත්තයෝ.... ඔහේනං නියම බඩුවක් තමයි! එදා මම ගෙයි ඉදං බලාගෙන හිටියෙ. මට එන්න විදියක් තිබුනෙ නෑනේ....."

කීප දවසකට පස්සෙ චූටිගෙ වෙඩිල්ලකට ඇත්තටම ඌරෙක් වැදිල. රවි අයියට එන්න කියල ඇතිවෙන්න මස් දුන්නලු.

41 comments:

  1. රවි අය්යගේ කතා නියමයිනේ. :D
    අද මම එක. :)))

    ReplyDelete
    Replies
    1. ෂිකේ පොඩ්ඩි පැන්නනේ ඉස්සරහට මම ටයිප් කරන ටිකට.

      Delete
    2. අයිස්ක්‍රීම් එකක් එවන්න හිටියේ.ඔට්ටේලියාවට එනකොට දියවෙයිනේ:D

      Delete
    3. මම ටයිප්කරන චුට්ටට බට්ටි මැද්දට පැනල!

      Delete
  2. රාජ් දැන් උම පරිස්සම් වෙයන්... ඌරු චූටි කොහෙහරි හැංගිලා ඉන්නවද දන්නේ නෑ උඹට තුවක්කුවක් මාන ගෙන...

    ReplyDelete
    Replies
    1. උඹ විලිලැජ්ජ නැතුව මට ඌර කිව්ව නේ.

      Delete
  3. රවී අයිය දන්නවනම් මේ කතා ලියනවා කියලා රාජ් අයියට තව වැඩිපුර කතා කියලා ගානක් ගනී.

    ReplyDelete
    Replies
    1. හපොයි රවි අයිය දන්නෙ නෑ. මට ගානක් දෙයිද දන්නෙත් නෑ.

      Delete
  4. උඹේ රවී අයියයි කතාගේ රත්නායක මහත්තයයි දෙන්නම එක්කෙනෙක්ද..

    ReplyDelete
  5. වල් උෘරැ මස්ටිකක් කාපු කාලයක් මතක නෑ.

    ReplyDelete
    Replies
    1. ඌරෙකුට ටැලිග්‍රෑම් එකක් ගහන්නද?

      Delete
  6. රවී අයියගේ මොළේ තමයි මොළේ.. කොහොමත් දැන් කුකුල්ළු තුන් දෙකෙන් රුපියල් නමසීයක් විතර වෙනවනේ..

    ReplyDelete
    Replies
    1. පැටවූ තුනක් නම් නමසියයි.

      Delete
    2. වැඩුනු ගම් කුකුලෙක් රුපියල් 800ක් දක්වා මිල වන අවස්තා ඇත.

      Delete
  7. රවී අයියාගෙ රස කතා සීසන් 3.......:D වල් ඌරු මස් මතක් වෙද්දිත් කෙල උනනව........

    ReplyDelete
    Replies
    1. හා හා සිල් අරගෙන නේද?

      Delete
  8. මොනා වුනත් චූටිය අවංක නිසා ඇත්තටම ඌරෙකුති දීල නොවැ..

    පස්ට කතාව. මාත් ගෙදර හැංගිල ඉදල තියෙනවා.. ඒත් සෙරෙප්පු දෙක දොරකඩ.. ගල් මාට්ටු !

    ReplyDelete
    Replies
    1. තාත්ත ගෙදරත් නෑ ඇද යටත් නෑ කිව්වෙ උඹ පොඩිකාලෙ නේද?

      Delete
    2. අප්පේ මම නෙවේ බං.. රාජ් කොලුවට පැටලිලාද මන්ද.. :))

      Delete
  9. කෑ ගහන්න එපා බං. මාත් මේ ටැස් කොරන්නයි බැලුවෙ.

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. පරිස්සමින්! ආරංචි වේවි.

      Delete
  10. හාහ්හා මස් කතාවක් :)

    ReplyDelete
    Replies
    1. හා මස් නෙවේ ඌරු මස්.

      Delete
  11. ඌරු.....! මස් කෙල බේරෙනවා.

    ඌරු චුටි මොනවා වුනත් හිත හොඳ මිනිහා නේ.

    ReplyDelete
    Replies
    1. හම්බෝ....මං හිතුවෙ උඹ වෙජිටේරියන් කියලා...
      දෙන්ඩ හිතපු රෙද්ද දැම්මා බතික් කරන්න,තතවදුරටත් ඒක සුදට තිබිලා වැඩක් නෑ.

      Delete
    2. ඕන හොරෙක් බුදු භක්තියයි ඌට ගේම දීපු එකෙකුට. එහෙම බැලුවම රවිඅයිය හොරුන්ගෙත් හොරෙක්.

      Delete
  12. හපොයි වල් ඌරෙක් කාපු කාලයක්මතක නෑ.

    ඔය ගෙනාපු කුකුළො 3න් දෙනාට මොකෝ කරේ?

    ReplyDelete
  13. මුදලාලිගේ ටැස් කිරිල්ලත් නරක නෑ...
    ගෑල්ලමයා සබ්ද නගලා පතිඋරුතෙ වෙනුවෙන් හඬනොනගන්න ටැස් කොරන්න වෙන්නෙ පිප්පි තමයි...

    ඔය ඌරු චූටියට වුනා ව‍ගේම සීන් කෝන් එකක් ට්‍රැෆික් බුවෙකුටත් වුනාලු.

    ලියකියවිලි මොකුත් නැති අලුත්ම ත්‍රී වීල් එකක් ට්‍රැෆික්ලට මාට්ටු වෙලා. දැන් දඩ ලියන්නයි ලෑස්තිය...වීල් බුවා පින්සේන්ඩු වෙනවා, රාළහාමිලාටත් ඉතින් දුක (?) හිතිලා,
    "තමුසෙ ලියකියවිලි මොකුත් නැතුව කෙලගෙන යනවා, අපි තේකක්වත් බොන්න නැතුව මෙතන වේලෙනවා...
    දඩ ලියන්න එපානම් 200ක් තියල යනවා..."

    වීල් බුවාත් ඉතින් යටහත් පහත්ව 500ක් දික් කරලා...

    "ඕවා මාරු කරන්න අපි ළඟ නෑ, ඕක අන්නර කඩෙන් තියලා ඉතුරු 300 ඉල්ලගෙන යනවා අපිට වද නොදී..."

    ඉතින් වීල් බුවාත් කඩේට ගිහින් (500 නොදීම) 300 ක් ඉල්ලලා මුදලාලිගෙන් රාළහාමිලා කිව්වයි කියලා. මුදලාලි එළියට බැහැලා ට්‍රැෆික්ලා දිහා බැලුවාම ඇඟිලි තුනක් පෙන්නලා... ගනුදෙනුව තහවුරු වුන හින්දා මුදලාලි 300ක් දීලා වීල් බුවාට, පොර ඒකත් සාක්කුවේ දාගෙන රූන් ගාලා මාරුවෙලා...

    ReplyDelete
    Replies
    1. පොලීසියේ රාලහාමිල දෙන්නෙකුට එකෙක් මොනවදෝ ගුලිකරපු දෙයක් දීල.(වාහන කේස් එකකට) රාලහාමිල හිතල තියෙන්නෙ සල්ලි කියල. බලනකොට බුලත්ටිටක්.

      ඒක නෙවේ. කෝ බං අයියේ උඹේ බ්ලොගේ පෝස්ට්.

      Delete
    2. මළ ගෙවල් මගුල් ගෙවල් ඉවරයක් නෑ.
      WELCOME පෝස්ට් එක අල කරගන්නෙ නැතුව නිවීහැනහිල්ලෙ ලියාගන්න ඕන හින්ද වැඩේ පරක්කු වෙනවා...

      Delete
    3. උඹත් රවි අයිය වගේ තමයි. ඌටත් හැමදාම මළගෙවල් පිරිත් ගෙවල් දානෙගෙවල්.....ආ...මිතුරු හවුලකුත් තියනව. හැබැයි කස්ටිය බීම විතරයි.

      Delete
  14. රවී අයියා මාර පොරක්නේ...22 එනකොට රවියවත් එක්කං එන්න....අපිට තව කථා ටිකක් ලයිව් අහගන්න....

    ReplyDelete
  15. ඌරු චූටි සහ කුකුල් රවී :)

    ReplyDelete
    Replies
    1. "කුකුල් රවී" හපොයි මේක දැක්කොත්.

      Delete
  16. නියමයි කථාව, රජ් මචං පරෙස්සමෙන් ඔය එහෙ මෙහෙ රිංගනකොට, ඌරු චූටි මේ පාර කොහේ තුවක්කුව බැඳලද කවුද්දං....

    ReplyDelete
  17. කුකුල් සීන් එක නම් මරු!

    ReplyDelete
  18. මරු කතා සෙට් එකක්නේ බං රවී අයිය ගාව තියෙන්නේ... :)

    ReplyDelete
  19. පස්ට සීන් ටික අපරාදේ මෙව්වා නැවැත්තුවේ

    ReplyDelete