Monday, September 15, 2014

අල්ලස! (සාහිත්‍ය මාසයේ කෙටිකතාව)

පිලිගැන්වීම: බෝතල් ඇනෝ මිත්‍රයාට,....

2013.05.12 ප.ව.6.30

"තව ක‍ාලක් ගහමු බං"

"අරි.... ඒනං කාලක් ගාමු මාත්තය"

"ඒ... මල්ලී.... අපිට තව කාලක් ගේන්න.... ‍ඔම්ලට් එකක්වත් ගමු නේද බං.... මල්ලි ඔම්ල‍ට් එකකුත් ගේන්න"

"හෙහ් හෙහ් හෙහ්.... කෝමද ආතල්එක ආ......"

"අපිට කෙලින්න හිතුව මදි මහත්තය...."

"අරූග පුක් මූන මැවිල පේනව බං.... ගත්තයිං ගත්තෙ නෑ එහෙම ආතල් එකක් බං......හුහ්! අපිට කෙලින්න.....*&%*&පුතා!"

"ඔන්න ගනිං.... මේකත් ඉවර කරල යං යන්න"


2013.05.07

"නුවන් මහත්තය?"

"ඇයි ආන?"

"හදිසි වැඩක්ද? යමුද පොඩ්ඩක් කැන්ටිම පැත්තට....."

"මොකද්ද කේස් එක?"

"අර දැං ආපු බුවා මොකද කිව්වෙ? මෑන් ඇවිල්ල මට ටෝකක් දුන්න.... මොකද්ද එයාගෙ කේස් එක?"

"අම්මට සිරි උඹේ ලඟටත් ආවද? බුවාට පාඩුවක් වෙන්නයි යන්නෙ.... හරියට ෆයිල් එක හැදුවොත් අටක් දහයක් ගෙවන්න වෙනව.... උඹට මොකද කිව්වෙ?"

"නුවන් මහත්තයට කෙලිම්ම ටෝක දෙන්න බැරි නිසයි මට කිව්වෙ.... මෑන් කැමතියි වගේ පහහක් හැටක් දීල ගාන ටිකක් අඩුකරගන්න..... ඕනනං එකක් විතර ගන්නත් පුළුවං.... නම්බරෙත් දුන්න මට"

"ම්....... මටත් හිතුන ඕක..... නමුත් මට නං බුවාව ඇල්ලුවෙ නෑ එච්චර....."

"ආයෙ මෙනවද නුවන් මහත්තය..... අපේ ගාන කවර් වෙනව නං මොකද්ද ඊට වැඩිය......"

"උඹ නං කියයි! මම එපැයි කරන්න.... හරි කෝල් එකක් දිල බලපං...."


2013.05.08

"මචං වැඩේ කරගන්න පුළුවන්... අඩුම ගානෙ පනහක්වත් දෙන්න වෙයි.... "

"ඕක හරියන්නෙ නෑ බං.... උඹ දන්නවනෙ ආරියට උන වැඩේ... අන්තිමට මොකද්ද උනේ..... ටැක්ස් මහත්තයට එකක් දීල අන්තිමට මුළු ගානමත් ගෙවන්න උනානෙ"

"එහෙමද! ඇමතිතුමා අල්ලගෙන වැඩේ ෂේප් කරගන්න බැරිවෙයිද බං?"

"අනේ උගෙන් වැඩක් නෑ.... මාත් ගියා ඔයවගේ කේස් එකකට.... කෝල් එකක් දෙන්නං කිව්ව විතරයි.... මොකුත් උනේ නෑනෙ බං.... අනෙක ඔය ඔපිස් එකේ #*^#*ල ඇමතිය කිව්වත් කරන්නෙ නෑ උන්ට ගාන දෙන්නෙ නැත්තං"

"මොකද්ද බං කරන්නෙ? මේ වෙලාවෙ සල්ලිත් නෑ බං එච්චර"

"ඔය බුවා අල්ලල දෙමුද බං අල්ලස් එකට! ටිකක් කාලයක් ඒක හරි ඇදිල යයිනෙ?"

"ම්.........."


2013.05.12 පෙ.ව.8.45

"හරි සර්.... සල්ලි ටික හරි! අංක ටික ලිව්ව.... අරයට දෙන්නද?"

"කෝ අර පැමිණිලි කරපු මනුස්සය.... ආ ඔය එන්නෙ....."

"එහෙනං ඔයා යන්න..... මෙන්න සල්ලි ටික මතකයිනෙ කියපු විදියට වැඩේ කරන්න...... සල්ලි ටික එයාගෙ අතටම දෙන්න..... පියන්ට දෙන්න එපා.... තනියම කාමරේට යන්න..... අපි ඒ එක්කම ඇවිල්ල මිනිහ අල්ලගන්නං......"

"හරි සර්! මම කිව්ව විදියටම කරන්නං".

"බලනව අයිසෙ මුංගෙ වැඩ! උගෙත් රස්සාව අදින් ඉවරයි.... මොනව කරන්නද!"


2013.05.12. පෙ.ව. 9.45

"සර්.... එහෙනං මගේ වැඩේ හරිනෙ! තුනකට විතර බස්සල හදන්න සර්..... මෙතන අසූවක් තියනව".........................

"අපි පොලිසියෙන්..... තමාව අත්අඩංගුවට ගන්නව මේ නිලධාරියාට බලපෑම් කරල අල්ලස් දීමට තැත්කිරීම සම්බන්ධව..... යමු අපිත් එක්ක"

"මම...මම.... මේ..... මෙන්න මේ සර්ල එක්ක ආවෙ....."

"රාලහාමි අපි අල්ලස් එකෙන්.... අපි ආවෙ අල්ලස් ගැනීම සම්බන්ධව මේ නිලධාරියාව අත්අඩංගුවට ගන්න..... මේ පුද්ගලයගෙ පැමිණිල්ලට අනුව"

"ඩිරෙක්ටර් අපිට පැමිණිලි කලා මේ මහත්තයට මෙයා බලපෑම් කරනව කියල, එයාගෙ ටැක්ස් එක අඩුවෙන් හදන්න කියල, අද උදෙත් කෝල් කරල තියනව....."

"හරි කට්ටියම යමු ඩිරෙක්ටර් ලඟට"


2013.05.12 ප.ව. 4.45

"මොකද්ද නුවන් මහත්තය මේ උනේ.....?"

"හෙහ්... හෙහ්... හෙහ්.... ඊට කලිං ෂොට් එක දාගනිංකො.... චියර්ස්!"

"මට මුල ඉඳලම මේ වැඩේ ඇල්ලුවෙ නෑ බං.... මම එදා හවස කරුණාරත්න මහත්තයට කෝල් එකක් දුන්න...."

"කවුද අර රිටය උන කරුණාරත්න සර්ද?"

"ඔව් ඔව්.... එයා කිව්ව ඔය මෑන් මීට කලිනුත් අපිට පෙස්සං වගයක් ගහල මොකද්ද සීන් එකක් උනාලු! අපේ ඩිරෙක්ට සර් එන්නත් කලිං සිද්ධියක් ඒක....."

"ඉතිං.....?

"ඉතිං මම වැඩේ අල්ලල දැම්ම..... පස්සෙ මට හිතුන මූ අපිට ගේමක් දෙන්නනං හිතං ඉන්නෙ ඌටත් පොඩි රිටන් එකක් ‍දීල බලන්න කියල....."

"හා.....?"

"මම ඊයෙ රෑ බොසාට කෝල් එකක් දුන්න.... දීල කිව්ව අරූ ටැක්ස් එක අඩුකරන්න කියල තග දානව කියල....."

"අම්මට සිරි!"

"මම කිව්ව ඌ ඒක කිව්වෙ අදය කියල..... නැත්තං බොසා අහයි කලින් කිව්වෙ නැත්තෙ ඇයි කියල.... මම කිව්ව වැඩිය ගනං ගත්තෙ නැතත් සර්ට කියන්න ඕන කියලයි කිව්වෙ කියල"

"ඉතිං සර් මොකද කිව්වෙ?"

"සර් ඕඅයිසී සහත්තයට කියල තමයි අර පොලිසියෙන් එව්වෙ..... අල්ලස් එකට කියල වෙලාව නැති නිසා තමයි පොලිසියට කිව්වෙ..... ඒක තමයි මටත් ඕනවුනේ..... මොකද අල්ලස් එකට ගියානං දෙගොල්ල එතනදි සෙට් වෙන්න තිබුනනෙ... හහ් හහ් හහ්...."

"දැනුයි තේරෙන්නෙ වැඩේ.... නුවන් මහත්තය මට අරූට කෝල් ගන්න එපයි කිව්වෙ ඒකද?"

"ඔව් ඔව්.... මම කිව්වෙ ඌම කෝල් එකක් දෙනකං හිටපං කියල..... ‍මෝඩය ගිල්ල ලනුව"

"දැං ඉස්සරහට මොකක් වෙයිද නුවන් මහත්තය......"

"මොනව වෙන්නද බං.... අරූ දවසක් දෙකක් ඇතුලෙ තියං ඉඳල එලියට දාමයි නෙව!


2014.05.12. ප.ව.7.10

"මල්ලි අපේ බිල ගේන්න....."

"නුවන් මාත්තය මෙන්න මේකත් දාන්න...."

"ඕන නෑ.... උඹ ඕක තියාගනිං.... මේ......න් මේ දෙදාහ කොහෙන්ද කියල උඹ දන්නවද?........"

"‍කවුද දුන්නෙ?"

"අරූ මේසෙ උඩට සල්ලි දැම්මනෙ.... ඒ එක්කම පොලිෂිය ඌව ඇල්ලුවනෙ..... ඒ එක්කම අල්ලස් බුවාලත් පැන්නනෙව....."

"ඉත්තිං?"

"ඔය අස්සෙ මම උඩම තිබුන දෙදාඑ කොලේ බිමට දැම්ම බං..... කවුරුවත් දැක්කෙ නෑ ඒක..... අරුංට සල්ලි ගනින්න උනෙත් නෑ ඩිරෙක්ට ලඟට ගියානෙ..... ෆෑන් එකට හුලඟ ගිහිල්ල බිමට වැටිල තිබුන අයිතිකාරයෙක් නැති දෙදාඑ කොලයක්!හහ් හහ් හහ්..."

"අම්මප නුවන් මහත්තය නං....."

65 comments:

  1. රාජ් අපිත් ඉහළ නිලධාරීන්ට සර් කියනවා හැබැයි ඒ අබිමුඛයේදී පමණයි.අනබිමුඛයෙදී නිල නාමය පමණයි.නමුත් මම දැන් කාලයක සිටම දැකපු දෙයක් අනබිමුඛයේත් ඉහළ නිලධාරීන්ට ඩිරෙක්ට සර් ඩී ජී සර් සෙකට්‍රි සර් අපේ සර් ආදී වශයෙන් ඇමතීම.මෙය පහළ නිලධාරීන්ගේ කොඳු ඇටය සම්බන්ධ ප්‍රශ්නයක්ද?රාජ්‍ය සේවයෙ අපේ පරම්පරාවෙන් පසුව බාරවන්නේ මෙවැනි පරම්පරාවකටද?

    ReplyDelete
    Replies
    1. //.මෙය පහළ නිලධාරීන්ගේ කොඳු ඇටය සම්බන්ධ ප්‍රශ්නයක්ද?රාජ්‍ය සේවයෙ අපේ පරම්පරාවෙන් පසුව බාරවන්නේ මෙවැනි පරම්පරාවකටද?//
      මංද හැලපෙ! තාම ඕක එච්චර සීරියස් ඔලුවට වැටිල නෑ. සමහරක් බොස් බුවාල ගැන කියද්දි නමින් විතරක් කතා කරන වෙලාවලුත් තියනව. ඕක කොන්ද පිළිබඳ අවුලක් කියල නං හිතෙන්නෙ නෑ. අනේ මංද!
      ඔය ඇමතීමේ ක්‍රම ගැන සෑහෙන්න විවේචන තියනව. (අම්ම-අම්මි, නෝන-අමිම, සැමිය-තාත්ත, ලොකුපුතා-අයිය.....) මම නං සීරියස් ගන්නෙ නෑ

      Delete
    2. @ හැලපේ..
      රාජ් කිව්වත් වගේ, තමන්ගේ ප්‍රධානියා නැති තැනකත් එයාව හඳුන්වන්න “සර්“ කියන වචනෙ දාන්නෙ කොන්දක් නැති නිසාමයි කියන්න බෑ. සමහර විට පුරුද්දට වෙන්නත් පුළුවන්, එහෙම නැත්තං තමන් ඉදිරියේ ඉන්න අනිත් අයට ඒක නිකං ප්‍රශ්නයක් වගේ හැඟෙන්න ඉඩ තියන නිසාත් එහෙම කියනවා ඇති. සමහරුනං ඉතිං කොන්ද නැති කමටමත් එහෙම කරනවා ඇති.
      //මෙය පහළ නිලධාරීන්ගේ කොඳු ඇටය සම්බන්ධ ප්‍රශ්නයක්ද?රාජ්‍ය සේවයෙ අපේ පරම්පරාවෙන් පසුව බාරවන්නේ මෙවැනි පරම්පරාවකටද?//
      මේ රටේම කොඳු තියන උන් ඉන්නවද කියන එකත් ප්‍රශ්නයක් වෙලානෙ බං තියෙන්නෙ. එහෙව් එකේ රාජ්‍ය සේවකයේ ගැන කවර කතාද?

      Delete
    3. //මෙය පහළ නිලධාරීන්ගේ කොඳු ඇටය සම්බන්ධ ප්‍රශ්නයක්ද?රාජ්‍ය සේවයෙ අපේ පරම්පරාවෙන් පසුව බාරවන්නේ මෙවැනි පරම්පරාවකටද?//
      මේකට උත්තරයක් විදියට දාන්න තියන (ලංකාවේ පළමුවැනි රාජ්‍ය නිලධාරියගෙ) පින්තූරය හෙව්ව. නමුත් ලැබුනෙ නෑ වෙලාවට.

      Delete
    4. කොදු ඇට ප්‍රශ්නයක් නෙමේ සර්, මෑම් ඔය වචන ඔෆිස් එකේ තියන කල්චර් එකේ ප්‍රශ්නයක්.

      Delete
    5. ඉන්න තැන Sir කියලා නැති තැන නම කියන එකේ මාරම කොන්දක් තියෙන්නෙ.

      Delete
    6. මා සමග ඕමාන් වල සේවය කල ලමයින් සෑහෙන ප්‍රමානයක් දැන් මම ලංකාවේ කරන ව්‍යාපෘතියේ සේවයේ යෙදිලා ඉන්නවා. මම ඕමාන් වලට මේ ලමයින් රැකියාවන් සඳහා ගෙන එන විට දීලා තිබිච්ච එක උපදේශයක් තමයි මට සර් කියා අමතන්න එපා මගේ මුල් නමින් අමතන්න කියන දෙය. එක තරුන ගෘහනිර්මාන ශිල්පියෙක් හැරෙන්න (ඔහු මගේ මුල් නමින් තාමත් මා අමතයි ) අනිත් සියලුම දෙනා මිස්ටර් කෑල්ල ඉස්සරහට දාලා මගේ මුල් නමින් මා අමතන්නත් (ඒක හදන්න තවත් කාලයක් ගියා) මට වඩා ජ්‍යෙෂ්ට ගෘහනිර්මාන ශිල්පීන් මචං හෝ චීෆ් ලෙස මා අමතන්නත් පටන් ගත්තා.
      පුදුමය තියෙන්නේ මේ මිනිසුන් මෙරට ආ විගස අර සර් කෑල්ල දාගෙන කථා කිරීමයි.
      මෙයට මුල් හේතුව විය යුත්තේ, ඒ ටී ආරියරත්න මහතා ගේ සර්වොදයෙන් පටන් ගත් අයියා මල්ලී අක්කා නමින් ඇමතීමේ හුරුව වියයුතුයි කියා මා නම් සිතන්නේ. කොඳු ඇටපෙල මදි කම නිසාම නෙමෙයි ඒක ට්‍රෙන්ඩ් එකක් කියලයි මට නම් හිතෙන්නේ....
      ජේ ආර් පප්පා ඉන්න කාලේ උතුමා කියාගත්තාට, මම දැකලා අහලා තියෙනවා මූනටම ජනාධිපතිතුමනි හෝ සර් හෝ කියලා විතරක් ආමන්ත්‍රනය කරනවා පලමුවෙනි පුරවැසියාට රජයේ සේවකයින්.
      මට නම් සර් කියවෙන්නේ මට උගන්නපු ගුරුවරුන්ට විතරයි..ඒ උනාට සර් කියන්න වෙනවා ඔය උඩ කියපුකෙනාට කථා කරනකොට නම්...

      Delete
    7. ලගඉන්නකොට සර් කියල නැතිතැන නොකිය ඉන්නෙ මොකද?

      Delete
    8. මම දැකලා තියෙනවා ලඟ ඉන්නකොට සර් කියලා නැති තැන නම්බු ඇතුව වෙන නමකින්, ඒ කියන්නේ අඩුගානේ මිස්ටර් කෑල්ල හරි නැත්නම් තානාන්තරේ හරි (කියමුකෝ සෙකට්‍රි කියලා) දාලා කථාකරනවා හොඳ අයට, හැබැයි නරක ජරා පොරවල් වලට නම් මොකක් හරි නික් නේම් එකක් හදා ගන්නවා 10% වගේ..හෙක් හෙක්

      Delete
    9. මුනට සර් කියා නැතිතැන වෙන නම් කීමත් කොන්ද නැතිකමේ ප්‍රශ්නයක් තමයි. අපිනම් ලොක්කාට එක්කෝ තනතුර සමග නම, නැත්නම් මිස්ටර් සමග නම, නැත්නම් හැමෝටම අය්යා මල්ලී මචං නැත්නම් නිකම්ම නම තමයි.

      Delete
    10. මම දැක්ක ඉස්සර උදේන ප්‍රෙසිඩන්ට් හිටපු කාලෙ ෂැඩෝලයින් එකේ ස්ටාෆ් එක එක එකාට නමින්ම කතා කරනව. ඒත් අනෙක් එවගෙ එහෙම සංස්කෘතියක් තිබ්බෙ නෑ. මෙන්ඩ දන්නව ඇති පන්නල පැත්තෙ මාස් තත්වෙ.

      මගේ ආයතනෙ අයිති ග්‍රීක් කාරයට එංගලන්තෙන් ආව නිකම්ම නිකං කිව් එස්ල "ස්ටෙෆනෝස්" කියල කතා කරත්දි පකිස්ථානෙන් ආව ජෙනෙරල් මැනේජර් උන්දැ ( ඇමරිකාවෙ ඉගෙන ගත්තු එකෙක් උනත් ) කියන්නෙ "සර්" කියල.

      පිල්ලො නොහොත් පිළිපීන් කාරයොනං ඕනම කොල්ලෙකුට බල්ලෙකුට "සෑර්" ගානව. හේතුව ඇමරිකානු විජිතයක් වෙච්චි උන්ංගෙ රටේ සෑර් කීම සිංහලෙන් "මහත්ත්ය" කියල කියනව වගේ සාමාන්‍ය නම්බුවක් මිසක් බ්‍රිතාන්‍ය යටත්විජිතවල "සර්" කියනව වගේ අධි ගෞරවයක් නැති හින්දලු.

      Delete
    11. ඉස්සර ඉස්කොලෙ ප්‍රින්සිපල්ට කතාකලේ සර් කියල , නැතිතැන හැඳින්වුයේ ප්‍රින්සිපල් කියල. ("පිනා "නොකිය ගෞරවයෙන් කියන්න ඕනැනම් ප්‍රින්සිපල් කිව්වහම ඇති. ටීචර් කෙනෙකුට කියන්නෙ "ප්‍රින්සිපල් එන්න කිව්ව" කියල. දැන් කියන්නෙ "ප්‍රින්සිපල් සර්" කියල
      හැම එකාටම වැඩියෙන් මොකක් හරි කියනව. ඕන තනතුරකට "ගරු" කෑල්ලක් දානව. වෙන එකක් තියා දැන් ආණ්ඩුවෙ නිලවශයෙනුත් රෙජිස්ටාර් , කමිශනර් තනතුරු ජනරාල් වෙලානෙ

      Delete
    12. මටත් කියන්න ඕනෑ උනේ ඔන්න ඔය බණේ තමයි ප්‍රා,ඒ උනාට මුං එක්කො මම කියාපු දේ වැරදි තැනින් අල්ලගෙන,සමහර ප්‍රොපයිල්ලු ඇනෝ ඇවිත් ඇරියස් කවර කරනව,තව මේ ගැන මෙලෝ දෙයක් නොදන්න උන් එක එක බණ කියනවා,එකම එක කම්බැල්ලාවයි.ඕනෑ මගුලක් කියාගනියව් කියල මම සද්ද නැතුව හිටියෙ.ප්‍රා වගේ මේක හරියටම තේරුම් ගත්ත එකෙක් දැක්ක නිසා තමයි මටත් මේක ලියන්න හිතුනෙ.

      Delete
    13. තව එකක්
      ඉස්සර ආයතනයක දෙන්නෙක් ඉහල එක්කෙනෙක් ගැන කතාකරනකොට රිෆර් කලේ "ඩිරෙක්ටර්, කොමසාරිස්, ජජ්, මැනේජර්" කියල. සින්හලන් ඕනැ නම් "තුමා" "මහත්තය" කියල කෑල්ලක් අගට එකතුකලා.
      දැන් "සර්" කියන එක තනතුරක් වෙලා. උන් "සර් ආවෙනෑ" කියන කොට සමහරවෙලාවට පැටලැවෙනව මොකද සර්ල ගොඩක් ඉන්නව .

      Delete
    14. ප්‍රා,
      දැන් මුං මේ දීන කතා විලාසයට මොන තරං ඇඩික්ට් වෙලාද කිව්වොත් මෙහෙම අමතන එක සාමාන්‍ය විදිය කියලයි හිතන්නෙ.පේන්නේ නැද්ද පණ්ඩිතයෝ ටික කියල තියෙන කතා.නොදන්න මගුල් මොකට කතාකරනවද මන්දා.

      Delete
    15. අම්මට හුඩු, හැළපෙ මොකද මේ කේන්තියෙන්? කවුද මෙයා නොදන්න දේ කිව්වෙ...කියන්න ජිනා.....මට කියන්න .....ම්හ්

      Delete
  2. හැක් හැක්... පොලෝසියෙං සල්ලි ටික ගැන්නට පස්සෙ තමයි වැඩේ කෙලෙස් වෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. අනික අර උඩ ෆොටෝ එකේ තියෙන්නෙ අරිෂ්ට බෝතලයක් ද?

      Delete
    2. //හැක් හැක්... //
      වෙනදට ඉස්සෙල්ල එන්නෙ "දේශක යා" ප්‍රොෆයිල් එකෙන් නේද?

      (උඩ තියෙන්නෙ අපේ බෝතල් ඇනෝගෙ බෝතලයක්)

      Delete
    3. මේ දවස්වල දේශකය කියන එකා මිසිං ලු.

      Delete
  3. හලෝ රාජ්,
    ඉතිං කොහොමද? අද මොකද කරන්නේ? මම නං අද ඔපිස්‌ එකේ වැඩ වැඩ වැඩ. දැන් මේ දවල්ට බත් ටිකක් එහෙම කාලා, පොඩ්ඩක් ආවා අප රාජ්ලා එහෙම මොනාද ලියලා තියෙන්නේ බලන්න. අපේ හැලපෙගේ, මාතලන්ගේ පොස්ට් එහෙමත් මම කියෙව්වා. එව්වට කොමෙන්ට් දාන්න උනේ නෑ. මොකද ඒ ටික උදේ බල බලා ඉන්නකොටම හදිසියේම ඔපිස්‌ එකේ වැඩකට එලියට යන්න උනානේ.
    දැන් නං තව ටිකකින් මේ පොත් ප්‍රදර්ශනේ පැත්තට ගිහිං එන්න ලෑස්ති අපේ ඔපිස්‌ එකේ කාණ්ඩයක් එක්ක. මොකද අපේ කට්ටිය කලින් දවසේ එහෙට ගිහිං ගත්තු පොත්පත් ගැන කියවනකොට අනික් අයටත් ප්‍රදර්ශනේ බලන්න යන්න ඕනි වෙලා. මාත් ඉතිං ඔය හැම ගමනටම වෑන් එකේ නැගිලා යන එන එකනේ. ඒ හින්ද දැන් යන්න හිතං ඉන්නේ.
    අද නං දවල් කෑමට කලින් අඩියක් වත් ගැහැව්වේ නෑ. මොකද මං පෙරේදා බිව්වනේ හොදට. මිත්‍රයෙක් එක්ක අලුත් පොට් එකකට ගියා..එහෙට ගිහිං ඕල්ඩ් ඇරැක් බෝතල් එකයි කාලක් බිව්වා. මට ඉතිං ඒක බොනකොට අපේ රාජ්වත් මතක් උනා. මොකද අපේ රාජ්ගේ ප්‍රියතම බිම ඒක කියලා කලින් වතාවක කියලා තියුනනේ.
    ආන්න අනික් අය යන්න ලෑස්ති. මං එහෙනං වෑන් එකේ නැගිලා විජහට එහාට ගිහිං එන්නං කෝ.

    ReplyDelete
    Replies
    1. අඩෝ මෙක සිරා පොරක්. පෝස්ට් එකවත් නොබල කමෙන්ට් එකක් දාල දුවල. :D

      Delete
    2. ඒක නේන්නං. මාත් හිතන්නෙ පෝස්ටුව කියවල නෑ. හැබැයි කියෙව්වත් මූ දාන්නෙ ‍මේවගේ එකක් තමයි

      Delete
    3. ඇනෝට වෑන් එකේ යන්න තියෙන තදියමට රාජ් ගේ පිලිගැනුම බෝතල් ඇනොටය කියන එකවත් කියවගන්න බැරි උනාද..? අය්යෝ සල්ලි....

      Delete
    4. හලෝ රාජ්,

      දැන් මේ ඔපිස්‌ එකට ඇවිත් ආයේ මේ පැත්තේ ආවේ. රාජ්ගේ පොස්ට් එක දැන් තමයි හොදට කියෙව්වේ. එථකොඅ නේ දැක්කේ මේකේ දාලා තියෙන පොටෝ එක මම කලින් මගේ කැබරා වෙන් ගත්තු එකක් කියලා. ඒ විතරක් යෑ, මේක පිලිගන්න්ලා තියෙන්නෙත් මටනේ. ඉතිං මට අද හරි සතුටුයි රාජ් මේ පොස්ට් එක මට පිලිගැන්නුවට. මම මේකේ ප්‍රින්ට් අවුට් එකක් ගන්නන් කියලා ඉන්නේ.

      මම ඉතිං අපේ රාජ්ගේ,හැලපෙගේ,මාතලන්ගේ බ්ලොග් බලන්න ඕනි හින්දා මගේ අලුත් ෆෝන්කටුවේ සිංහලත් හදා ගත්තනේ. ඒක මට හදලා දුන්නේ අපේ ඔපිස්‌ එකේ කොම්පියුටර් කරන මිත්‍රයා. දැන් නං ඒ හින්දා මට කොහේ හිටියත් එව්වා කියවන්න පුළුවන්. හැබයි එකෙන් සිංහල කොමෙන්ට් දාන විදිය නං දන්නේ නෑ.

      දැන් නං කට්ටිය ගෙදර යන්නත් ලෑස්ති. ඕ.ටි කරන අය නං ඉන්නවා. මම නං දැන් යන්න ලෑස්ති. අද ඕ.ටි කරන්නේ නෑ. මොකද අද මට හවස ඉදලා කරන්න ඔපිස්‌ එකේ වැඩක් නෑනේ.

      මම එහෙනං ආයේ එන්නං කෝ.

      Delete
    5. ඇනෝ ඕකට හෙළකුරු කියන ඇප් එක ඉන්ස්ටෝල් කරගන්න. ඉන් පස්සෙ පුළුවන් හිංගලෙන් කොටන්න.

      ප්‍රදර්ශනේට ගිහින් පොත් ගත්තෙ නැද්ද බං?

      Delete
    6. සිංහයා
      මම නං හදිස්සියට පාවිච්චි කරන්නෙ කන්වර්ටරය. ඔය හෙලකුරු ට්‍රයල් එකක් නේද දෙන්නෙ?

      Delete
    7. උඹ ෆෝන් එකෙත් පාවිච්චි කරන්නෙ කන්වටරේද? හෙළකුරු ට්‍රයල් නෙමේ මම දන්න විදියටනම්.

      Delete
    8. ඔව් බං. ෆෝන් එක ගත්ත අලුත හෙලකුරු දැම්ම. ඊට පස්සෙ ඒකට සල්ලි ගෙවන්න කිව්ව.(සල්ලි ගෙවල සොෆ්ට්වෙයා පාවිච්චි කරන්න අපි සුද්දොද!)

      Delete
    9. හුටා, මම දැං කාලයක් දුවන්නෙ නිකන්නෙ බං!! ආයි ට්‍රයි කරල බලහන්.

      Delete
    10. ආතල් ඇනෝ

      ඕන්න ඉතින් අපිට දුකයි ඉරිසියාවයි දෙකම. මෙතන් කොමෙන්ට් දෙකක්ම දාලා. අපිට නෝ කොමෙන්ට්. මේ දවස් දෙක තුනේ මම නිවාඩු. බේබදු කප්ල් එකක් එක්ක උන්න නිසා මාස දෙක තුනකට හරියන්න මේ ටිකේ ගත්තා. ගෝලිප් ගහන්න උනේත් නෑ. පොත් ප්‍රදර්ශණේ ගැනත් පොඩ්ඩක් කිව්වනම් තමයි වටින්නේ. අනේ මචෝ ඕ ටී අම් කරන්න එපා. ඒ කියන්නේ ඉතින් තව බෝතලේකට සෙට් වෙන වැඩක්නේ. කොළඹ කිට්ටුව නම් ඉන්නේ. ඊයක් විදහන්.. ඇත්තටම හම්බ වෙන්න ආසයි..

      ඕල්ඩ් එකක් ගහලා ගෝලිප් එකක් ගහන්න..

      Delete
    11. උඹේ කමෙන්ටුවක් දැක්කත් හිතට සනීපයි බං ඇනෝ.

      Delete
  4. හම්මේ බෝතල් ඇනෝගේ පොටෝවක් එක්ක මරු කතාවක් රාජ්. ඔබේ රාජ්‍ය සේවයේ අත්දැකීම් නිසාම වෙන්නැති කතාව මෙච්චර රහට දැනුනෙ.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. රාසේ සමහර කෑලි ගත්ත මේක ලියන්න.

      Delete
  5. හෙහ් හෙහ්... පට්ට ඇ... කෝම හරි හිරේට යන්න හිටි කෙනා වෙනුවට වෙන බුලට් එකක් හිරේට ගියා එහෙනං... ඒකත් එහෙමයි ඇ... හෙහ් හෙහ්

    ReplyDelete
  6. ස්රිර් ලංකා ප්ර්ජාතත්රවාදීද කොහෙද සමාජවාදී නම් කොහෙත්ම නොවන ජන රජයේ රාජ්‍ය සේවය, ඇඩෙනවා තනි ඇහැට, එත් පොස්ට් එක පට්ට.

    ReplyDelete
  7. රාජ්, අපේ ආතල් බෝතල් ඇනෝව බය කරන්න එපා.

    ReplyDelete
    Replies
    1. නෑ නෑ..... එහෙම දෙයක් නෑ...

      Delete
  8. හොරාට ගනදෙවි නුවන තියෙනවයි කියනව නොවැ

    ReplyDelete
  9. රාජ් උඹෙ අර පරණ කොළම් ස්ටැයිල් එකේ පොලිටිකල් හ්‍යුමර්ස් වලට මොකෑ බං උනේ? ඒ අතින් උඹට ගහන්න එකෙක් මේ බ්ලොග් වල හිටියෙ නෑ බොල.

    ReplyDelete
    Replies
    1. ඔව් ඒවයෙ හොඳ කොලිටියක් තිබ්බා. සිරාවට මේ අවුරුද්ද බ්ලොග් චල තිබ්බ හොඳ කන්ටෙන්ට් නැති වෙලා යන අවුරුද්දක්! ලොකු දියුනුවක් තිබ්බෙ මගෙ හිතේ මාතලං, විදානෙ දෙන්නගෙ විතරයි (මම කියවන ඒවයින්).

      වෙනම ගත්තම හැබයි මේවත් සිරා. කතාවක් දෙබස් වලින්ම කියන ස්ට්‍රක්චර් එකත් ලේසි නෑ දෙබස් වලට බලෙන් ඔබ්බපු exposition නැතුව. මූ දැන් දෙතුන් පාරක්ම ගානට කරා.

      Delete
    2. ඒව තියනව බං. ලියන්න තරම් දෙයක් මතුවෙලා ආවෙ නෑ නෙව. මේ කාලෙ ටිකක් අරාජික කාලයක් වගේ. මැකෝව තමයි පතුරු ගහන්න තියෙන්නෙත්, ඒත් ඉතිං පව්නෙ ඒ මනුස්සයම අල්ලගත්තම!

      Delete
  10. පොඩි පැහැදිලි කිරීමක් ඕන.
    දැන් ඕක ඇත්තටම උනානම් ඒත් අරූ හිරේ යන්න විදියක් නැහැනෙ උත් ඇවිත් තියෙන්නෙ අල්ලස් එකට කියල පිළිවෙලකටනේ.

    ReplyDelete
    Replies
    1. අන්න තිසරට උත්තරේ දුන්න.

      Delete
  11. මේවා ඉතින් උඹ ලියන්න ඕන. නැත්නම් අපේ ආතල් ඇනෝ ලියන්න ඕන..

    ReplyDelete
    Replies
    1. ආතල් ඇනෝට මම ලියනව.

      Delete
  12. උඹේ විශේෂඥ දැනීම තියන ෆීල්ඩ් එක සම්බන්ධ මේ වගේ මාතෘකා හොඳයි. හැබැයි අර කිව්වා වගේ දෙබස් වලින්ම ගේම ගෙනියනකොට කතාවේ බර හෑල්ලු වෙනවද මන්දා. ඒ ෆෝමැට් එක හොඳයි, අර කම්මුල අතගාලා එකපාරටම කනට ගහනවා වගේ සිද්ධි වලට.

    අනිත් එක මචං.. අර දෙදාහෙ කොලේ හම්බවුණු හැටි ගැන ඔච්චර පැහැදිලි නොකර, පොඩි ඉඟියක් වගේ දීලා නතර කලා නම් අන්තිමට කියවන එකාට පොඩි කික් එකක් එන්න තිබ්බා... සියල්ල පැහැදිලි කරලා ඉවර කරන්නේ නැතුව කියවන එකාට පොඩි බරක් දැනෙන එක මම කියන්නේ...

    උඩින් මලිතුත් අහලා තියන විදිහට, සාමාන්‍ය පාඨකයෙකුට තවත් අවුල් යන දෙයක් තමයි, අල්ලස් දෙන්න ගිය එකයි ගන්න ගිය එකයි දෙන්නම් නීතියට දන්වලා තියෙද්දි, එදාම හවස් වෙනකොට නුවන්ට ඩ්‍රින්ක් එකක් දාන්න තරම් සියලු දේ විසඳිලා තියෙන්නත්, දෙන්න හදපු එකාට දවසක් දෙකක් හිරේ ඉන්න සිද්ධ වෙන විදිහටත් වැඩ සිද්ධවුණේ කොහොමද කියලා.

    ReplyDelete
    Replies
    1. උඹත් මම හිතන විදියටම හිතන එකා නිසා තමයි මේ ඔක්කොම කේස්
      1.මේ ෆෝමැට් එකේ සාර්ථකත්වය ගැන මටත් තිබුනෙ සැකයක් තමයි. නමුත් ඔය කනට ගහනව වගේ සීන් එකක් මේකෙන් ගන්න බැරිවුනා. ඒ වගේම මම හිතුව පාඨකය මවිත වෙන විදියෙ අවසානයක් දෙන්න. ඒක සාර්ථකද නැද්ද යන්න වෙනම දෙයක්

      2.දෙදාහ ගැන නං අදහසක් තිබුනෙ නෑ. කතාව ලියාගෙන යද්දි අන්තිමට දැම්මෙ.

      3.බරපතලම කේස් එක තමයි 'මේක වෙන්න පුළුවන් දෙයක්ද' කියන එක. ඇත්තටම ඒක හොඳ ප්‍රශ්නයක්. ඔය අවුල මටත් ආව. නමුත් මම ආවෙ ඔය නීතිමය පැත්ත උඹ හරි කකා හරි මිසක් වෙන කෙනෙක් මතු නොකරාවි කියන නිගමනයට.
      මේ ගැන කල්පනා කරද්දි මට එකසැරේටම මතක් උනේ අර හෙන්රිගෙ කතාවෙදි මම මතුකරපු(කතාව කියෙව්වම උඹටත් හිතුන)කාරණාව. එතනදි එහෙම කිව්වත් කතාවක් ගොඩනැගෙන්නෙ බොහොවිට වෙන්න අපහසු පැත්තෙ සිදුවීම් ගනනාවක් එකතු වෙලා. නමුත් ඒ වෙන්න බැරි දේවල් තාර්කිකව නිවැරදි නං තමයි කතාව ලස්සන වෙන්නෙ.
      අන්තිමට ඕව ගැන හිතුව නං මේක ලියවෙන්නෙ නැති නිසා ලියල දැම්ම :-)

      Delete
  13. දෙබස්වලින්ම කියන කතාවක් දැක්කමද කොහෙද...:)

    ReplyDelete
  14. මරේ මරු.. ඔය රාජ්ජ සේවකයේ සෙප්පඩ විජ්ජා කරල හරි කීයක් හරි හොයන උන් බව අපි කෝමත් දන්නවා.. අර යකා දවස් දෙකක් හිරේ තියල උනත් දෙදාහක් ගන්න මේකට මොලේ වැඩ කරේ ඒකයි.. ඔය තිසරල කියන විදියට මම මේවයේ ඇත්ත නැත්ත හොයන්න යන්නේ නැහැ. මොකද රස වින්දයට ඒක බාධාවක්..

    ReplyDelete
    Replies
    1. කොහෙද බං මකබෑවුනෙ?

      Delete
    2. හලෝ රාජ්..

      මට සෑහෙන්ඩ වැඩ තිබුනා.. හිටහං ගෝලිප් එකක් ඇදල එනකං.. හැක්..

      Delete
  15. අනේ බං ඔය ඉතින් අපේ රාසේ වැඩනේ..:D

    ReplyDelete
  16. රා සේ ලා අල්ලස් ගන්නවා වෙන්න බෑ...

    ජ ය වේ වා !!!

    ReplyDelete
  17. ඉව තිබේ රා සේවකයින්ට
    හිතුවමදි රා බීම වලකන්ට
    ඌරගෙ මස් තබා උගේම පිට
    කැපුවා උගේ මමීට xxවෙන්ට

    ReplyDelete
  18. පගාව කියන වචනෙ වැරදියි... ඒකට කියන්නෙ දිරි දීමනාව කියල ඉස්සරහට ඒක නීතිගත වෙනවා..

    ReplyDelete