Monday, September 22, 2014

ඌවේදී ඌව වීම!

ඌව ඡන්දය අවසන්ය. මාධ්‍ය වාර්තා කරන විදියට හැමෝම ජයග්‍රහනය කර ඇත. යමක් ගැන විග්‍රහ කිරීමට ඕනෑම අයෙකුට ඇති අයිතිය අනුව මේ මගේ කෙටි විග්‍රහයයි.

1. දැක්විය හැකි පැහැදිලිම විග්‍රහය නම් අප කලින්ද සඳහන් කල පරිදි, පොදුවේ, ජනතාව යනු අමු මැට්ටන් පිරිසක් බවයි (විශේෂයෙන්ම මොනරාගලට මෙය අදාලය). ඔවුන්ගේ රැවටීමේ නිමාවක් නැත. මැට්ටන් යයි කියන්නේ සන්ධානය ජයග්‍රහනය කරවීම‍ටත් වඩා කයිවාරුකාරයෙකු පමණක් වූ හිටපු මහඇමතිවරයා පළමු තැනට පත්කිරීම හේතුවෙනි.

2. එජාපය යම් ජයග්‍රහනයක් ලබ‍ා ඇත. විශේෂයෙන්ම බදුල්ලෙන් හරීන් වැන්නකු ඉදිරිපත් කිරීම තුලින් මෙතෙක් ලබා තිබූ තිස් ගනන්වල ප්‍රතිශතය හතලිහක් දක්වා වර්ධනය වීම ඔවුන්ගේ පැත්තෙන් ජයග්‍රහනයකි. ආණ්ඩුවේ සිටින නොම්මර එකේ තක්කඩියන් දෙදෙනෙකු වන ඩිලාන් පෙරේරා සහ නිමල් සිරිපාලගේ ආසන ජයගැනීම තවත් ජයකි.

3. ජවිපෙ, යම් ඡන්ද ප්‍රමාණයක්ද එක් ආසනයක්ද වැඩිකරගැනීම ඔවුන්ගේ ජයග්‍රහනයකි. [ජවිපෙ, "හිතුව හැටියට මදි" කියන්නන්‍ට කිව යුත්තේ, ජවිපෙ යනු ඡන්ද පරිමාව ඉක්මවා සංවිධාන හැකියාව පෙන්වන පක්ෂයක් බවත් මෙය සෑම ඡන්දයකදීම අත්විඳි තත්වයක් මිස අලුත් තත්වයක් නොවන බවත්ය]

4. අප කලින් බලාපොරොත්තු වූ පරිදිම ෆොන්සේකාගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය පැදුරට වැටී ඇත. එජාප ඡන්ද වැඩිවන වි‍ට ප්‍රප ඡන්ද අඩුවීම කියාපාන්නේ දකුණේදී-බස්නාහිරදී (හා ඊට පෙර) ප්‍රපට ලැබුන ඡන්ද වැඩි ප්‍රමාණය එජා පාක්ෂික ඡන්ද බවයි.

5. සන්ධානය පැත්තෙන් බැලූ විට පළාතෙන් ආසන හයක් අඩුවී ඇත. පැහැදිලි ජයග්‍රහනයක් ලබා ඇත්තේ මොනරාගලදී පමණි. කෙසේ වුවද ඔවුන් පරාජය වූවා යයි කීමට නොහැකිය. ඊට හේතුවක් ඇත.

6. අප යම් මට්ටමකට පරාජය වී ඇත. අප යයි සඳහන් කලේ ආණ්ඩුවේ ගමන පිළිබඳ විරෝධයක් ඇති, ආණ්ඩුවත් ජනාධිපතිවරයාත් ගෙදර යැවිය යුතු යයි කල්පනා කරන පිරිස්ය. අපේ බලාපොරොත්තුව වූයේ W3 අජිත් පැරකුම් ජයසිංහ දැක්වුවාක් වැනි ප්‍රතිපලයක් ඌවේ ජනතාව ලබාදෙනු ඇතැයි කියාය. එහෙත් එය සිදුවී නැත. ආසන හයක් අඩුවී වුවත් පහසුවෙන් පළාත් සභාව පිහිටුවීමට සන්ධානය සමත් වී ඇති අතර වැඩිමනක් වශයෙන් ඔවුන්ගේ මහ ඇමති අපේක්ෂකයා මනාප වලින් ඉහලට පැමිණීමටද සමත්වී ඇත. ආසන ප්‍රමාණයක් අඩුවීම කිසිසේත්ම ආණ්ඩුව පැත්තෙන් බලාපොරොත්තු නොවූ දෙයක් නොවේ. ආණ්ඩුවේ යම් පිරිහීමක් තිබූ බව මැතිවරණයට පෙර පැහැදිලිව පෙනෙන්නට තිබුනි. ජනාධිපතිවරයා ඇතුළු සන්ධාන ආණ්ඩුවම ඌවේ පදිංචි වන්නේ එබැවිනි.

එහෙත් දකුණු-බස්නාහිර පළාත් සභා ඡන්ද ප්‍රතිපලයට සාපේක්ෂව මෙය අපට සතුටු වියහැකි ප්‍රතිපලයක් නොවේ. යම් වෙනසක්, නැඟිටීමක් සිදුවීමට නම් පළාත් සභාව පිහිටුවීම අවුල් වන මට්ටමේ ප්‍රතිපලයක් ලැබිය යුතුව තිබුනි. වෙනත් විදියකින් කිවහොත් දකුණේ-බස්නාහිර ඡන්ද අඩුවීමත් සමඟ 'රැල්ල' ඇතිවීමට නම් W3හි සඳහන් කල ප්‍රතිපලය වැන්නක් අත්‍යාවශ්‍යව තිබුනි. සන්ධානය ජයලැබූ බව කියන්නේත් අප පරාජය වූ බව කියන්නේත් එය එලෙස සිදු නොවූ බැවිනි.

76 comments:

  1. //දැක්විය හැකි පැහැදිලිම විග්‍රහය නම් අප කලින්ද සඳහන් කල පරිදි, පොදුවේ, ජනතාව යනු අමු මැට්ටන් පිරිසක් බවයි (විශේෂයෙන්ම මොනරාගලට මෙය අදාලය)//
    එකෙන්ම...
    පොදුවේ ගත්තහම මෙම ප්‍රදේශවල ජනතාවගේ අධික දරිද්‍රතාවය, නූගත්කම හා එම ජනතාව කොක්කෙන් හරි කෙක්කෙන් හරි දිනාගන්න ක්‍රමය මරා ප්‍රමුඛ ආන්ඩුව දන්නවා වීමත් මේ ප්‍රතිඵලයට හේතු වෙනවා. කොහොම නමුත් මුළු රාජ්‍ය බලයම යොදවලා, රටේම තියන ඩිෆෙන්ඩර් ටික ගෙනියලා තග දාලා සහනාධාර බෙදලා නටපු නාඩගමේ හැටියටනම් ආණුඩුව පරාදයා. නොහොම වෙතත් මමද ඇතුලත් "අපි" නම් පරාදයි.

    ReplyDelete
    Replies
    1. මාත් නයිදේ සමග එකඟ වෙනවා. ඇත්තටම වුණේ මේ ටික තමයි. කරුමේ කියන්නේ ලංකාවේ ග්‍රාමීය ජනතාවගෙන් බහුතරය තවමත් විශ්වාස කරන්නේ යුද්ධය දිනීම තනිකරම මහින්ද රාජපක්ෂ විසින් තනිවම කල වැඩක් ඔහුට ඉහලින් යන්න නායකයකු නැහැ කියන අදහසයි.

      ජවිපෙ යථාර්ථය ජනතාවට පෙන්වා දුන්නත්, මොකක්ද ඔවුන්ගේ වැඩපිළිවෙල කියන එක සාමාන්‍ය මිනිහාගේ හිතට කාවදින ආකාරයෙන් පෙන්වාදීමට බැරිවෙලා තියනවා.

      කුහක කම් අතහැරලා යු එන් පී සියල්ලෝම හරියට එක වේදිකාවකට ගෙනාවානම් අද ඌව පළාත් සභාව එජාපය අතේ.

      Delete
    2. නයිදේ & විචාරක
      නයිදෙ කියන විදියට මැතිවරණය කල බව හැබෑව. දැන් තියන තත්වෙ හැටියට ඉස්සරහට තවත් නරක් වෙනව මිසක් හොඳ වෙන්න බෑ. ඒ නිසා මේවට මුහුණ දෙන්න ශක්තිය විපක්ෂය ඇතිකරගතයුතුයි. ඕනම මාරාන්තික ගේමකට ලැහැස්තිවෙලා තමයි ඉස්සරහට යන්න වෙන්නෙ. මොකද බන්දේසියෙ තියන දෙන තත්වයක් නැහැනෙ.

      Delete
    3. හැමෝම බනින්නේ තමුන්ගේ පාඩුවේ ජීවත්වන අහිංසක මිනිස්සුන්ට. තමුන් කැමති දේශපාලන පක්ෂය පැරදුනාම, මිනිස්සු මැට්ටෝ කියල හිතන් ඉන්නේ තවත් මැට්ටෙක් තමයි. එක තේරුම් ගන්න උගත්කමක්............. වැරදුන................ බුද්දිමත් කමක් තියෙන්න ඕන.

      ඔය කලින් ලිපියකත් ලංකාවේ ඉන්නේ මෝඩ ජනත්වක් වගේ අදහසක් තිබ්බ (මට හරියට මතක නැහැ) එතකොට 2001 දී මිනිස්සු unp එකට චන්දෙ දුන්න, පවතින ආණ්ඩුව හොද නැහැ කියල. එක

      (1) බුද්දිමත් ජනතාව දුන් බුද්දිමත් ත්රීනයක්ද ?
      (2) මැටි හරක් ජනතාව දුන් බුද්දිමත් ත්රීනයක්ද ?
      (3)මැටි හරක් ජනතාව දුන් මෝඩ ත්රීනයක්ද ?
      (4)බුද්දිමත් ජනතාව දුන් මෝඩ ත්රීනයක්ද ?

      රාජ්, මොන පක්ෂෙට චන්දෙ දුන්නත් මිනිස්සුන්ට ගරහන්න එපා. මනුස්සයෙක් විදියට ජීවත් වෙන්න බලන්න. මිනිස්සු අතර ගුරුවරු, ගොවියන් ඇතුළු විවිද පිරිසක් නියෝජනය කරනවා. අන්තර්ජාලය නොතිබුනාට ,ms word document එකක් හදන්න බැරිඋනට, මිනිස්සු දේශපලයන ගැන දැනුවත් ඔවුන් අදබාලයන් නෙවි.

      අපි බුද්දිමත් රටේ ජනතාව මෝඩයි කියල හිතන් ඉන්නවනම් ඇත්තටම එක මානසික ලෙඩ්ක්. තරහ වෙන්න එපා රාජ්, මම කිව්වේ මට හරියි කියල හිතේ න දේ.

      Delete
    4. අනේ....මේ........... මෝඩයන්ට සුදු හුනු ගාන්න ඵන්න ඵපා ලොක්කා !
      මේ පාර ආණ්ඩුවට චන්දෙ දුන්න උන් මෝඩයෝ තමයි.
      මුන් පහුගිය අවුරුදු 5 ට පළාතට කරල තියෙන බොරුවයි විනාසයයි ඈස්දෙකින් දෑක දෑක තවත් අවුරුදු 5කට මුන්ට පළාත ලියල දෙන මී හරකුන්ට මෝඩයයි නොකියා වෙන මොනවයි කියල කියන්නද???

      //අපි බුද්දිමත් රටේ ජනතාව මෝඩයි කියල හිතන් ඉන්නවනම් ඇත්තටම එක මානසික ලෙඩ්ක්//
      මචන් අපේ රටේ මෝඩ ජනතාවට බුද්දිමත් කියල කියනවානම් , උබට තියෙන්නේ මානසික ලෙඩක් ගිහිල්ලා බෙහෙත් ගනින්.

      Delete
    5. AnonymousSeptember 23, 2014 at 12:16 AM
      (ප්‍රශ්න ඇහුවට ස්තුතියි)
      අවංකවම මම හිතන විදියට 'ජනතාව', මෙතන ජනතාව කියන්නෙ 'බහුතරය' කියන අදහසින්, බුද්ධිමත් නෑ. 7.38 ඇනෝ කිව්ව විදියටම, ඔය බලයට පත්වෙන තක්කඩියන් කියන විදියට බුද්ධිමත් ඡන්දදායකයන් අපට නෑ. ඇත්තම කතාව ඒක. අන්න එ්කයි ඔය කියල තියෙන්නෙ සුදුහුනු ග‍ාන්න ඕන නෑ කියල. ජනතාව මෝඩයි ව‍ගේම ආත්මාර්ථකාමියි. ඒ ආත්මාර්ථකාමීත්වය නිසාම තමයි අල්ලපු ගෙදර එකාට කලින් තමන්ගෙ එකාට රස්සාව ගන්න හිතාගෙන පස්සෙන් යන්නෙ. රැවටුනා කියල දැනගන්නකොට පරක්කු වැඩියි. එතනිනුත් නවතින්නෙ නෑ, ඊලඟ ඡන්දෙ වෙද්දි ඔය ඔක්කොම අමතකයි. අර ඇටි කෙහෙල් කාපු උගුඩුව වගේ තමයි.

      උඹේ එම්සීකිව් එකට මගේ උත්තරේ 2 කියල දැන් පැහැදිලි ඇති. කොහොම උනත් මම 2001 ආණ්ඩුවට වත් රනිල්ටවත් විශේෂයෙන් කැමති කෙනෙක් නෙවේ කියලත් කියන්න ඕන.(මොකද මාරයත් වැරදි වැටහීමක ඉන්නව මම දැක්ක)

      Delete
  2. ඔච්චර ඉක්මනට පැරාට ගොඩ යන්න බැහැ. උඹ හිතනවද මේක වෙඩි මුරයක් කියලා.. නැහැ බං පුස් වෙඩිල්ලක්. ඔන්න බලාහං.. නිකම්ම ඒක නියුට්‍රලයිස් කරන විදිය..

    පොන්සේකාගේ ඔද තෙද පිළිබඳ ප්‍රශ්නයක් ඇත..

    ReplyDelete
    Replies
    1. //උඹ හිතනවද මේක වෙඩි මුරයක් කියලා..?//
      දකුණෙ බස්නාහිර ප්‍රතිපලයෙන් යම්කිසි හැරුමක් පෙන්නුව නම්, ඒ හැරුම වර්ධනය උනානම් ප්‍රතිපලය මීට වැඩිය වෙනස් වෙන්න ඕන. වෙන විදියකට කිව්වොත් ලෙහෙසියෙන් ගොඩ යන්න තිබුන.
      දැන් ලැබිල තියෙන්නෙ මිශ්‍ර ප්‍රතිපලයක්. ටිකක් මහන්සි වෙලා ගේම ගැහුවොත් ගොඩයන්නත් පුළුවන්. එහෙම නොවෙන්නත් පුළුවන්. ගෙදර වැඩ හොඳට කරන්න ඕන.

      Delete
  3. හලෝ රාජ්,

    ඉතිං කොහොමද? මට නං පහුගිය ටිකේ අපේ රාජ්ලාගේ,මාතලන්ලගේ,හැලපෙගේ බ්ලොග් වල කොමෙන්ට් එකක් වත් දාන්න බැරි උනා. හැලපෙ නං මොකවත් ලියලා තිබ්බෙත් නැද්ද කොහෙද.

    ඉතිං රාජ් අද නං අපේ ඔපිස්‌ එකේ අපේ පැත්තේ ලොක්කා හරි සතුටින් ඉන්නේ. මොකද ලොක්කාගේ නෑදෑයෙක් වන හරින් මහත්තෙයා ඉහලින්ම ජන්දේ දින්නා කියලා. ඉතිං අපේ ලොක්කා අද උදේ තේ බොන වෙලාවට ඔපිස්‌ එකේ අපිට කන්න ගෙනත් දුනා පැටිස් එහෙම. ආයේ කේක්, කෙසෙලුත් ගෙනත් දුනා. මාත් ඉතිං කේක් කෑල්ලක් කාලා තේකක් බීලා එලියට ඇවිත් ගොලිප් එකකුත් බිව්වා. අද ඉතිං ඔපිස්‌ එකේ යූඑන්පී අය එහෙමත් හරි සතුටින් ඉන්නේ.

    ආ රාජ් අපේ ඔපිස්‌ එකේ ලොකුම ලොක්කගේ කාබරේ බිත්තිය පහුගිය ටිකේ වැහපු වැස්ස නිසා සවුත්තු වෙලානේ. ඉතිං ලොකුම ලොක්කාගේ කාබරේ අලුතින් හදන්න හදනවා.. මම අදුරන බාසුන්නැහැ කෙනෙකුන් තමයි වැඩේ කරන්නෙත්. මම ඉතිං එයාටත් පැටිස් එකකුයි කේක් කෑල්ලකුයි ගෙනිහින් දුන්නා.

    ඊයේ නං නිවාඩු දවසේ මම V&A එකක් ගෙනල්ලා භාගයක් ගැහැව්වා.මට ඒක ගහනකොට අපේ රාජ්ලාවත් මතක් උනා. ඒ හින්දා මං පොටෝ එකකුත් ගත්තා.

    මෙන්න පොටෝ එක

    ඉතිරි භාගේන් කාලක් මං අරං ආවා උදේ එනකොට. එ හින්දා අද නං ජයේ අයියගේ පොට් එකට යන්න ඕනි නෑ කෑමට කලින් කාලක් ගහන්න. තව ටිකක් දවල් උනාම එකට විතර, කාල ගහලා බත් ඩිංගක් කන්නං කියලා මං කල්පනා කරේ.

    දැන් නං ඔපිස්‌ එකේ වැඩක් තියෙනවා ඉවර කරන්න. එහෙනං මම ආයේ එන්නං කෝ.

    ReplyDelete
    Replies
    1. බොටත් චන්ද වැඩ තියේනන ඇති එහෙනං ඒකයි.

      Delete
    2. අද කාලෙන්ම දවස ගෙවන්නෙයි කල්පනාව.. ලොක්කත් එක්ක සන්තෝසේ බෙදාගත්තනම් නරකෙයි හැන්දෑවට.. ඔය අතරේ ඔෆීස් එකේ වැඩත් කරන එක කොච්චර නම් දෙයක්ද.. අද මාත් හැන්දෑවට සෙට් වෙනවා පවුලේ සාමාජිකයින් සමග.. අද පොඩි එකාගේ බෝත් ඩේ එක.. පොඩිත් නෑ.. අදට 14 සම්පූර්ණයි..

      Delete
    3. පොඩි ඒකාට 14යි
      මද්දුමයට 17 ක්
      ලොක්කිට 20 ක්
      බැන්දෙ 30න් නම්
      මාතලන්ට 50යි
      මාතලන් පුතා තවම කොල්ලෙක් නෙවැ
      පොඩ්ඩට සුබ උපන් දිනයක් වේවා

      Delete
    4. මාතලන් අයියගෙ පොඩි එකාට "සුභ උපන් දිනයක් වේවා" කිව්වා කියන්න. :)

      Delete
    5. ඇනෝ මිත්‍රයා,
      බොසාගෙ කාමරේ හදනව නං ඔය මොනව හරි කරගන්න බැරිය!

      මාත
      කොල්ලට සුභපැතුව කියපං.

      Delete
    6. ඇනෝ,
      එහෙනං කාල ගහල බත් ඩිංගක් කාලා ගොලිෆ් එකකුත් බීල ඔෆිස් එකේ වැඩ ටික ඉවර කරගනිං කො.මට නං මේ දවස්වල යමරෙට වැඩ බං මොකුත් ලියාගන්න විදියක් නෑ වීක් එන්ඩ් එකේවත් බලමු.

      Delete
    7. මාතලන්,
      පොඩි එකාට සුබ උපන්දිනයක් වේවා කියල හැලප මාමා සුබ පැතුවයි කියපං.

      Delete
    8. මාතේ...පොඩිතැනට හැපි බර්ත්ඩේ එකක් වේවා කියලා විෂ් කරා කියන්න.....

      Delete
    9. මම කලින් දාපු comment එකට බයද? ඇත්ත කතා කරන කොට බය තමයි.
      මේකත් මකල දාන්න........... රාජ්

      Delete
    10. මොන මගුලක් කියනවද ඔහේ? ඔහේගෙ නෙවේ මේ පෝස්ටුවෙ කිසිම ‍කමෙන්ටුවක් මැකුවෙ නෑ. සහතිකයි. ස්පෑම් වෙලත් නෑ. පුළුවන් නං ආයෙ දාන්න.

      Delete
  4. ඌවෙනුත් අන්තිමේදි ඌව වෙන්නෙ ජහමනයාටමය..

    ReplyDelete
  5. මෙහි Cost Benefit Ratio එක ආණ්ඩුව පැත්තෙන් හොඳටම අඩුය. ජවිපෙට හැමදාමත් එසේය. එජාපයට මෙවර එසේ නොවේය. ජනතාවට සෘණ අනුපාතයක් ගනී.

    ReplyDelete
    Replies
    1. Ratio කිව්වම මතක් උනේ. Ratio එක හරියන්න නං(අපේ පැත්තට) පැරා කිව්ව විදියෙ ප්‍රතිපලයක් ඕන.

      Delete
    2. මචන් ඔය උඩ බුවා කියලා තියෙන්නේ ඒ ඒ පක්ෂ සල්ලි වියදම් කරපු විදිහට ආපු ප්‍රතිපලය මං හිතන්නේ. සන්ධානය උන්ගේ සල්ලියි, ශ්‍රී ලංකා භාණ්ඩාගාරයේ සල්ලියි(2500 දීමනාව) වියදම් කරපු එකට සාපේක්ෂව ලබපු චන්ද අඩුයි. හරින් ඔය මොකක් හරි වැඩසටහනකට ඇවිල්ලා කිව්වා ඌනම් බඩු බෙදුවේ නෑ කියල චන්දෙ ගන්න. ඒක ඇත්ත වෙන්න ඇති මොකෝ උට චන්දෙ හම්බුනේ එජාපෙ එපාවෙලා හිටිය පැරණි එජාප පාක්ෂිකයින්ගෙන් හින්දා. එහෙම බලනකොට එජාපෙටත් මහා ලොකු වියදමක් ගිහිල්ලා නෑ ඔය රැස්වීම් වලටයි කටවුට් ටිකටයි ඇරෙන්න. හැබැයි ජවිපෙටත් Cost Benefit Ratio එක වැඩි වෙන්න ඕනේ. මොකද උන්ගේ දේශපාලන සංස්කෘතියට අනුව වැයවෙන්නේ ගොඩක්ම නොමිලේ දායකවන ශ්‍රමය නිසා. ඒකෙන් පෙන්නේ සල්ලි වියදම් කරාට විතරක් සන්දානෙට ඊළඟ මැතිවරණ ගොඩගන්න බෑ කියලා තමයි. කොහොමත් ජාතික මැතිවරණයකදී මෙහෙම සල්ලි වියදම් කරන්නනම් චීන ජනපති බැකප් එකක්වත් දෙන්න ඕනේ ආණ්ඩුවට..

      Delete
    3. ජවිපෙට නොමිළේ ලැබෙන ශ්‍රම දායකත්වයට මිළක් නියම කළොත් එක ඡන්දෙකට වඩියෙන්ම වියදම් කළේ උන්ය කියන්න පුළුවන්.

      Delete
  6. //පොදුවේ, ජනතාව යනු අමු මැට්ටන් පිරිසක් බවයි (විශේෂයෙන්ම මොනරාගලට මෙය අදාලය). ඔවුන්ගේ රැවටීමේ නිමාවක් නැත.// +++++++++++++ එකෙන්ම එකඟයි!! සියළු දෙනා හෝ දිනවා තමා පැ‍රදීමට තරම් අපි (ජනතාව) මැටි ගොඩවල්ය.

    ReplyDelete
  7. නෑ රාජ් මම නම් මිනිස්සුන්ට බනින්නේ නෑ. අලින්ගෙත්, ජෙප්පන්ගෙත් චන්ද වැඩි කරලා තියෙන්නෙත් මිනිස්සු. ඒ වගේම අලින්ගෙන්වත් ජෙප්පන්ගෙන්වත්, හරීන් වගේ, සමන්ත විද්‍යාරත්න වගේ බුලට් බඩු හිටියේ නෑ. එහෙම කැරක්ටර් දෙකක් දැම්මා නම් මොණරාගලත් ඔය ප්‍රතිඵලය වෙනස් වෙනවා. මිනිස්සු හොයන්නේ නායකත්වයක්, ඒක මිනිස් ස්වභාවයක්. ඒ දේ පක්ෂ දෙකෙන්ම බදුල්ලට දෙනවා. ඒත් මොණරාගලට දෙන්නේ නෑ. ඒකයි එහෙම උනේ. මිනිස්සු එතකොට දන්න එකා නායකයා ලෙස තෝරගන්නවා. නමුත් ඒ මිනිස්සුන්ටත් බඩක් තියෙනවා කියන පණිවිඩයත් දීලා තියෙනවා..

    ReplyDelete
    Replies
    1. බදුල්ල හරි කියමුකෝ! ඒත් මොනරාගල? මොනරාගලට මේගොල්ල කරපු දෙයක් නෑ බං. අඩු තරමින් මළ ගෙදරකටවත් යන්නෙ නැති මහ ඇමතිය (මම කියන්නෙ මහ ඇමති මළගෙවල් වල යන්න ඕන කියල ‍නං නෙවේ, නමුත් අපේ වාහෙල බලාපොරොත්තු වෙන්නෙ ඒ විදියටනෙ) ආයෙත් පත්කිරීමේන් පැහැදිලියි මිනිස්සුන්ගෙ තරම.

      Delete
    2. රාජ්....මේ උත්තරය දීල තියෙන එකට 100% එකගයි මචෝ......

      Delete
  8. මෙව්වට කමෙන්ට් කොරන්න මම කැමති නැහැ බොලව්...

    ReplyDelete
  9. කටත් වඩා ඌවෙන් උවා වුනේ ලොක්කාට.ජන්දේ දිනා ගන්න ගහන්න පුළුවන් හැම ගැටෙම ගහලාත් ලොක්කා හිතු තරම් ජයක් ලැබුවේ නැහැ.කොටින්ම අර්තාපල් ගෙන්වන එක පවා නතර කරලා දැම්මා.ඒ තරම් ඌවේ ගොවීන් ගැන හිතුවා.
    දකුණු,බස්නාහිර පළත් වල මතු වෙච්චි ආණ්ඩු විරෝධයේ දිගුවක් තමයි ඌවේ ප්‍රතිපල වලින් පෙන්නුවේ.
    ඌවෙන් ඌවා වෙච්චි තවත් අය ඉන්නවා.
    පොන්සේකා,විමල්,සජිත්,හකීම්,එහෙම ඌවා වෙච්චි කට්ටිය තමයි.

    ReplyDelete
    Replies
    1. බලමු ඌවෙ අල ඉස්සරහට දළු දමයිද කියල!

      Delete
  10. නියං සායෙන් කරවී ජනයා දුක් විඳින කටේ
    වතුර බිදුවටත් ලොකුවට කතරයක් වැටේ
    මොනරා කොහෙද ඩිපෙන්ඩර් ඇත හතර වටේ
    දෙවිදුනි කතරගම පුදුමයි නුඹ ගහපු ගැටේ

    දෙවිදු වඩින විට ඩිපෙන්ඩරෙ නැගලා
    තනි අලියෙකුට හොඳටම මද කිපිලා
    විල මැද සැප හැර අලි ගාලෙන් පැනලා
    ආවා ඌවට ඌ අලි පරපුර ගැන හිතලා

    දෙවිදුත් මේ අලියට තරමක් බය වීලා
    ඩිපෙන්ඩර් දෙක තුන ගේමට දාලා
    අටවපු අලි ගාල් හතර පහ කඩලා
    පෙන්නුවා හාස්කම් බලය පෙන්නලා

    කළු ඩිපෙන්ඩර් - නැති නම්බර්
    දාපු ගෙම්බර් - උන් සැලෙන්ඩර්

    ඌවේ නියන් - නෑනේ කියන්
    ජන්දේ දියන් - දීලා නියවන්

    ඌවේ ඡන්දය - දිනුවේ උන්මය
    ජනය අන්ධය - කැඩුනේ කොන්දය

    ReplyDelete
    Replies
    1. රාජ් අයියා, මම චන්ද ගැන වැඩිමනක් දන්නේ නැත, දැනගන්න වුවමනාද නැත, මටනම් ලේ පුච්චා ගැනීමට ඕනා නැති නිසා ඒ ගැන කතා කිරීමට අකමැතිය, එබැවින් මම රටට ජනතාවට ආදරේ නැති අපතයෙක්ද නොවන්නේය, මගේ චන්දයෙන් රටක් හැදෙන්නේ හෝ ආණ්ඩුවක් වෙනස් වන්නේ නැත, එහෙනම් මම යන සංකල්පයෙන් බැහැරට ගොස් අපි යන සංකල්පයට පැමිණිය යුතුය, නමුත් ඒ අපි කියන කන්සෙප්ට් එක කවදා කොහොම කවර කාලෙක ඒවිදැයි අයියටවත් කිව නොහැකියි නේද?, හරි ඒ ගැන කතාව ඇති.

      චන්දෙ පැත්තට ගියාම මේක මෙහෙමය, මෙය මහමැතිවරණයක සතර පෙරනිමිති බැලීමක් නෙවේය, එය නම් පට්ටම පල් බොරුවකි, මෙය තවත් එක පලා බබා ප්‍රතිපලයකි, වෙනසක් වුවද ඒ වෙනස ඔහොමම ගලයිද අපි බලමු, මොකද ජනතාවගේ මතය මහමැතිවරණයකදී හෝ ජනාදිපතිවරනයකදී මීට හාත්පසින්ම වෙනස් වුවත් බලයේ සිටින එකාට කාසියේ වාසිය හිමිය, මොකා දින්නත් දිගටම බැට් කරන්නේ උන් මිස ජනතාව නොවේය. ජනතාව හැමදාමත් බෝල දමනවා මිස බට කරන්නේ නැත. ඒ ගේම ගහන්න මාමිට පට්ටම හැකියාවක් ඇත්තේය.

      මහින්ද යනු මහින්ද මිස වෙන එකෙක් නොවේය, ඡන්දයට පෙර හරීන් වටා ගොඩනැගෙන රැල්ල නොදකින්න තරම් ඔහු ළදරුවෙක් නොවේය. කාටත් කලින් ප්‍රතිපලය මහින්ද දන්නෙහිය. මහින්ද හිටියේ පැත්තකය. මෙය කපුවා සහ හරීන් අතර සටනක් උනේ ඒ නිසාය. කපුවා බයවෙලා ඩිපෙන්ඩර් බස්සලා වෙනස වඩා දු වෙනසක් කරන්න හැදුවද ගියත් අවසානයේ කොහොම හරි මහා ඇමති ඌමය. බහුතරද ඇත. මෙතන වුනේ දේශපාලන සංදර්ශනයකි.චන්දයට පෙර සිට ෂෝ එක පට්ටේටම ආවය. ඒ හරහා ෂෝ එක බලපු ජනතාව ආතල් එකක් ගත්තා පමණි.

      මාමි ලස්සනට ගේම ගැහුවාය, රැල්ල නියුට්‍රලයිස් කරන හැටි මාමි හොඳටම දන්නවය, මිනිස්සුන්ගෙන් වැඩ අරන් උන්ව පැත්තකට කරන්න හැටි හම්බන්තොට ජනයා හොදින් දන්නවය, එක කරන හැටි මාමි දන්නවය. රත්නවීරලා, චන්ඩි මල්ලිලා, ආමිජිනේලා, වම්බෝට්ටලා, පල්ලත්තර ජගත්ලා, ඊට උදාහරණය. ඊළඟට සැටලයිට් නෝනට ඇරපු ඇරිල්ල පට්ටය, අමතකම නොවන්නේ ජනරාල්ට වෙච්ච දදේ නොවේද? ඊළඟට ශිරානි ඇන්ටිට මොකද උනේ.

      මාමා කන්න ඕනා වෙනකොට මොකාද එකා මොකෙක්ද එකෙක් කර ගන්න හැටිත් හොඳටම දන්නවාය, කේ පී, කරුණා අම්මාන්, වයඹ මහා ඇමති අර පපු කන සිරි කොලුවා, ඊට හොඳම උදා හරණය. යූ එන් පී ඉන්න කාලේ බඩේ ගලක් තිබිච්ච උගේ ගල පැන්න හැටියේ පුකෙන් කකුස්සි වලට වැටුණි. දැන් ඌ වයඹ බලු වෙලා නැතිද, බලය නමට පමණි. වයඹ පාලනය කරන්නේ මාමිගේ සනුහරෙනි.

      බය කරන්න ඕනා කල බය කරන හැටිද දන්නවය. ආතති හදන්නට ඕනා වෙලාවට එකත් කරන හැටි දන්නවය, කලින් හිටපු මැකෝ ඊට ද හොඳම උදා හරනයය.

      මචන් අපි මේ මැතිවරණ අල්ලන් මොන බයිලේ ගැහුවත් ජනමත කොතරම් වෙනස් වුවත් ඒවා මාමිට හීනෙන් ගිය අධෝ වාතයක්ම මිස වෙන මොකක්වත් නොවේය, මාමි ගහන ගේම් බොලා අපිට හිතන්න තියා දකින්නවත් බැරිය. ගැහුවට පස්සේ ආනේ ඇත්තද මාරයිනේද පමණි.

      මට මිනිස්සු ගැන කිව යුත්තේ මෙයය, මිනිස්සු පට්ටමට බයය, එය රක ගැනීමට නොයෙකුත් දේ කරති, ඉතින් මාමි ඒ දේ නොකරයිද මචන්,

      චන්ද ප්‍රතිපල ආවේ මිනිස්සුන්ට ඕනා විදියට නොව මාමිට ඕනා විදියටය, හරීන්ට බදුල්ල උඩින්ම දිනන්නට දී දින්නට දී මාමි රැල්ල එතැනින්ම නුට්‍රලයිස් කර හමාරය, හරීන් දින්නට වැඩක් නැත.විල මද විපක්ෂනායක වගේ ඔහුටද ඉන්න හැකිය. මාමි මොනරාගලින් ගේම ගැහුවාය, මොනරාගල ලංගම බස් වැඩ කරපු විදිය අපි නම් දෑසින්ම දුටුවෙමි.

      උඹ කියන යු එන් පී නැගීම මම චන්ද වේදිකාවේ නුදුටුවෙමි, මන්ද එහි කිසිම ටීම් වරක් එකක් තිබුනේ නැත, හරීන් මනාප ගත්තට වැඩක් නැත, ආණ්ඩු පිහිටවිය නොහැක, චාහ්න්ද වේදිකාවේ හරීන් හයිලයිට් උනා මිස අනිත් අපේක්ෂකයන් ගැන වගේ වගක් නැත. ඉතින් ඒ දිනුම හරීන් තනියෙන් ගත ආතල් එකක් මිසක් වෙන මොකවත් නොවේය. ආණ්ඩු හදන්න නම් ජේ ආර් කළා වගේ ටීම් වරක් එකක් ගැසිය යුතුය. නමුත් සැබවින්ම ඌව චන්ද වේදිකාව හරීන් කැපී පෙනුනා පමණි. ඒ හරහා සාම්ප්‍රදායික යු එන් පී මිනිස්සුන්ට මොරාල් එකක් ආවට පලක් නැත. ඉතින් තනියෙන් දිනලා පළාත් සබා දිනන්නට බැරිය.

      සන්දාන වේදිකාව තුල එක එකා උන් උන්ට කඩේ ගියාය, උන්ගේ අපි වෙනුවෙන් අපි නොකර බැරිකමට කළාය. කපුවාට කඩේ යන ගමන් හැම එකාම තමන්වද කෙසේ හෝ ප්‍රමෝට් කර ගත්තාය. ඉතින් බහුතරය උන්ට හිමි විය.

      ඉතින් චන්ද වේදිකාවේ නැති සමගිය ඇතුලේ තියෙයි කියලා උඹ හිතනවද බන්?අනති පක්ස ගැන කතා කරන එක කාලය කෑමකි.

      මදක් හිතන්න මාමි ගොනා වගේ ගේමක් ගහලා හරීන්ව හා බලු විදියට පරද්දෙව්වානම් ජනයා කුමක් කරාවිද කියා? පොඩ්ඩක් පටිසෝතගාමී වෙලා බලන්න අනිත් පැත්තට හිතලා. හැබැයි මේ ලංකාව මිසක් ඊජිප්තුව හෝ ලිබියාව නොවන නිසා එතරම්ම අවුලක්ද නැත.

      බොලා අපි කොයි තරම් බෙරිහන් දුන්නත් උන් උන් අන්තිමේ එකට හිඳන් කළු කොපි බොනනේ උන්ය, උන් කවදත් දිනුම්ය, කාට මොන එලි පෙනුනත් අතිමේදී ජනතාවට හැමදාමත් පෙනෙන්නේ කළු පාට විතරකි. මට කිව යුත්තේ එපමණකි. බොලට ස්තුතියි.

      Delete
    2. දීර්ඝ කමෙන්ටු දෙකටම ස්තුතියි. ඉස්සරහට බලමු! එතකල් මතක තියාගන්න ඕන කාරණාව කිහිපයක් තියනව.

      ලොකු ගස් උනත් යම් වෙලාවක ඇදවැටෙනව
      චන්ඩිය කවදා හරි මට්ටු වෙනව
      ඒකාධිපතියන් මැරෙනකල් පාලනය කරල නෑ.

      Delete
    3. දීර්ඝ කමෙන්ටු දෙකටම ස්තුතියි. ඉස්සරහට බලමු! එතකල් මතක තියාගන්න ඕන කාරණාව කිහිපයක් තියනව.

      ලොකු ගස් උනත් යම් වෙලාවක ඇදවැටෙනව
      චන්ඩිය කවදා හරි මට්ටු වෙනව
      ඒකාධිපතියන් මැරෙනකල් පාලනය කරල නෑ.

      Delete
  11. හිතුව තරම් ප්‍රතිඵලයක් නැතත් ආණ්ඩුව සහනාධාර තොග පිටින් බෙදබෙද නටාපු නැටිල්ලෙ හැටියට මේකත් ලොකු ජයග්‍රහණයක්.

    ReplyDelete
  12. 'උන්න විදිහට මලා මැදෑ' කියල කියනවනෙ.

    ReplyDelete
  13. මාරයා හෙවත් චතුෂ තුෂර කුමාර, දැන් තමුන්ගේම කේන්දරය බලා ගත්තොත් හොඳයි නේද? තමුන්ට අපල කාලයක් වගෙයි නේද ඉස්සරහට එන්නේ?

    ReplyDelete
    Replies
    1. ඔව් මචං මං බලාගෙන තියෙන්නේ.. අපල කාලයක් කියන්නේ අපලෙත් හොදම එක එන්න තියෙන්නේ.. අෂ්ඨම ඒරාශ්ඨකේ ලබනවා නොවැම්බර් මුල ඉඳලා දෙදාස් දා හතේ අග විතර වෙනකල්... බොහෝම අපලයි.. ඒ හින්දා මං හිතං ඉන්නේ ලබන අවුරුද්ද මුල රට යන්නය කියලා.. අපල ගෙවෙන්නත් එක්ක ටිකක් මහන්සි වෙලා වැඩ කරන්න හිතා ගත්තා... අවුලක් නැහැ නේද..? විරෝධතාවයක් තියේනං කියලා එවහං... හැබැයි ඇනෝ නැතිව රියල් ප්‍රොෆයිල් එකෙන්.. :D

      Delete
    2. AnonymousSeptember 22, 2014 at 3:19 PM,

      එහෙම කියන්න එපා, මූ දැම්මම හරින්ට වැඩ. කොටිම්ම හරීන් නියෝජ්‍ය නායකය කරන්න කියන කැම්පේන් එකේ අදහස සහ අදියුරුවම මුගෙන්. කෙහෙළියට හොඳනම්, රාජිතර කරුට හොඳනම් ඇයි මාරයට බැරි?

      Delete
    3. දැන් ජ්‍යෝතිෂේ විශ්වාස කරන්නෙ නැති මිනිස්සු ඉන්න රටකට ගියාම ඔය අපලෙ හොඳ වෙනවද? ඒක නිකම් පැස්බරා ඔලුව හංග ගන්නවා වගේ වැඩක් නෙවෙයිද?

      Delete
    4. ඇයි, මහින්ද අයියා පැරදුණායින් පස්සෙ ඔක්කොම දාලා රට යද්දි උඹට එන්න කිව්වද ගෙදර දොර වත් බලා ගන්න? අනේ හොඳයි. ගිහිල්ලා ඔය උහා පිහා දීලා, වත්ත පිටියෙ වැඩක් පළක් කර දීලා, ගෙදර දොර බලාගෙන ඉඳපන්. සිරන්ති නෝනවයි බේබිලා තුන් දෙනාවයි හොඳට බලා ගනින්. හරිය?

      Delete
    5. මදෑ ඔය කැකුණ තැලුව!

      Delete
    6. සමහරුන්ගේ පොඩි කාලේ පටන් එන දේශපාලන පක්ශපාතීකම් වෙනස් කරන්න අමාරුයි. ඕවාට ගහගෙන මරාගෙන වැඩක් නෑ. හැමෝම ඉන්න ඕනැ.

      Delete
  14. වංශ වංශ වංශ වංශ වංශ වංශ වංශ වංශ
    වංශ වංශ වංශ වංශ වංශ වංශ වංශ වංශ
    වංශ වංශ වංශ වංශ වංශ වංශ වංශ වංශ
    වංශ වංශ වංශ වංශ වංශ වංශ වංශ වංශ
    සිංහ සිංහ සිංහ සිංහ සිංහ සිංහ සිංහ සිංහ
    සිංහ සිංහ සිංහ සිංහ සිංහ සිංහ සිංහ සිංහ
    වංශ වංශ වංශ වංශ වංශ වංශ වංශ වංශ
    සිංහ සිංහ සිංහ සිංහ සිංහ සිංහ සිංහ සිංහ
    වංශ වංශ වංශ වංශ වංශ වංශ වංශ වංශ
    සිංහ සිංහ සිංහ සිංහ සිංහ සිංහ සිංහ සිංහ

    වංශ...

    අමර වංශයි
    වීර සිංහයි
    අමර වංශයි
    වීර සිංහයි
    වික්‍රම වංශයි
    සෝම වීරයි
    වික්‍රම වංශයි
    සෝම වීරයි

    පැටලෙයි පැටලෙයි
    පොරකයි පොරකයි
    පොරකයි පොරකයි
    කෙලගයි පැ‍ටලෙයි
    මන පිනවන්නට

    හරි විනෝදයි ///////

    නිදි යහනෙදිත් මා
    කිතිකවයි

    සිල්වා සිල්වා සිල්වා සිල්වා සිල්වා සිල්වා සිල්වා සිල්වා
    සිල්වා සිල්වා සිල්වා සිල්වා සිල්වා සිල්වා සිල්වා සිල්වා
    සිල්වා සිල්වා සිල්වා සිල්වා සිල්වා සිල්වා සිල්වා සිල්වා
    සිල්වා සිල්වා සිල්වා සිල්වා සිල්වා සිල්වා සිල්වා සිල්වා
    සිල්වා සිල්වා සිල්වා සිල්වා සිල්වා සිල්වා සිල්වා සිල්වා
    සිල්වා සිල්වා සිල්වා සිල්වා සිල්වා සිල්වා සිල්වා සිල්වා

    සිල්වා...

    මර්වින් ද සිල්වා
    ටිල්වින් ද සිල්වා
    මර්වින් ද සිල්වා
    ටිල්වින් ද සිල්වා
    නලින් ද සිල්වා
    දැන් කවුද සිල්වා
    නලින් ද සිල්වා
    දැන් කවුද සිල්ව

    දැන් කවුද සිල්වා //

    මට මතක නැහැ

    පක්ෂ පක්ෂ පක්ෂ පක්ෂ පක්ෂ පක්ෂ පක්ෂ පක්ෂ
    පක්ෂ පක්ෂ පක්ෂ පක්ෂ පක්ෂ පක්ෂ පක්ෂ පක්ෂ
    පක්ෂ පක්ෂ පක්ෂ පක්ෂ පක්ෂ පක්ෂ පක්ෂ පක්ෂ
    පක්ෂ පක්ෂ පක්ෂ පක්ෂ පක්ෂ පක්ෂ පක්ෂ පක්ෂ
    පක්ෂ පක්ෂ පක්ෂ පක්ෂ පක්ෂ පක්ෂ පක්ෂ පක්ෂ
    පක්ෂ පක්ෂ පක්ෂ පක්ෂ පක්ෂ පක්ෂ පක්ෂ පක්ෂ

    පක්ෂ...

    එක්සත් පක්ෂ
    නිදහස් පක්ෂ
    විරුද්ධ පක්ෂ
    ස්වාධීන පක්ෂ
    විරුද්ධ පක්ෂ
    ස්වාධීන පක්ෂ
    රටම පක්ෂ
    රටටත් පක්ෂ
    අපිත් පක්ෂ
    අපිටත් පක්ෂ

    රාජ රාජ රාජ රාජ රාජ රාජ රාජ රාජ
    රාජ රාජ රාජ රාජ රාජ රාජ රාජ රාජ
    රාජ රාජ රාජ රාජ රාජ රාජ රාජ රාජ
    රාජ රාජ රාජ රාජ රාජ රාජ රාජ රාජ
    රාජ රාජ රාජ රාජ රාජ රාජ රාජ රාජ
    රාජ රාජ රාජ රාජ රාජ රාජ රාජ රාජ
    රාජ රාජ රාජ රාජ රාජ රාජ රාජ රාජ
    රාජ රාජ රාජ රාජ රාජ රාජ රාජ රාජ

    කළා මදිද
    දැන් හිටිය මදිද
    දැන් කෑව මදිද
    ලංකාව වහල දාමුද
    දැන් කෑව මදිද
    ලංකාව වහල දාමුද

    වංශ වංශ වංශ වංශ වංශ වංශ වංශ වංශ
    සිංහ සිංහ සිංහ සිංහ සිංහ සිංහ සිංහ සිංහ
    වංශ වංශ වංශ වංශ වංශ වංශ වංශ වංශ
    සිංහ සිංහ සිංහ සිංහ සිංහ සිංහ සිංහ සිංහ
    වංශ වංශ වංශ වංශ වංශ වංශ වංශ වංශ
    සිංහ සිංහ සිංහ සිංහ සිංහ සිංහ සිංහ සිංහ


    ගායනය, සංගීතය, ගී පද - වින්තක ගීතදේව, ඝෝෂා
    https://www.youtube.com/watch?v=LEewADE3wxY

    ReplyDelete
    Replies
    1. අඩේ මං හිතුවෙ මේක උඹේ සින්දුවක්ද කියල.

      Delete
  15. රාජ් ප්‍රතිඵලය දැක්ක හැටි සෑහෙන්න හොඳයි.. අර
    //ජනතාව යනු අමු මැට්ටන් පිරිසක් බවයි//
    කියන කෑල්ල ඇර... ජනතාව කියන්නේ රාජ් මේ උඹ මං වගේම උන් ටිකක්.. උඹ යූ ඇන්පී රජයක් දකින්න කැමැත්තෙන් ඉන්නවා සේම යූ ඇන් පී රජයක් දකින්න අකමැති අයත් ඉන්නවනේ... මේ ඇවිල්ලා එහෙම ජනතාවගේ තීන්දුව... ඒකට ජනතාවට බැනලා වැඩක් නැහැ.. කරන්න ඕන බලය ගන්න ඉන්න අය සුරංගනා කතා නොකියා කරන්න හිතං ඉන්න දේවල් මිනිස්සුන්ට තේරෙන සිංහලෙන් සරලව පිලිගත හැකි ආකාරයෙන් කියා දීමයි.. එහෙම නොකර උන් හරි අපි හොඳා කිව්ව පලියට දෙන්න මිනිස්සු ලෑස්ති නැහැ... ඒ තත්වය තේරුම් ගත්තනම් සහ ඒකට ගැලපෙන ලෙස වෙනස් උනානං විපක්ෂයට මෙයිට වඩා දෙයක් කරන්න තිබුනා...

    ReplyDelete
    Replies
    1. කොහොමත් ලොක්ක මුහුදු ජලය......බොන්න ඇහැකි ජලය කොරල දෙනව කිව්ව නොවැ .....
      එයා ජල් තර කියල නොදන්න කට්ටියක් තාම ඉන්නව .....
      කොහොමත්.....මගෙ මාරය මල්ලි වෙන රටකට යන්න අරගෙන තිබෙන අදහසට මගෙ බොක්කෙන් උණුසුම් සුභ පැතුම් මල්ලියා........ උඹට ...... සුභ අනාගතයක්''''''''''!.....................

      Delete
    2. තමන්ට මැට්ටා කියනවට කවුරුත් එකඟ නෑ තමයි. ඒත් මැට්ටන්ට මැට්ටෝ නොකියා මොනවා කියන්නද?

      Delete
    3. //තමන්ට මැට්ටා කියනවට කවුරුත් එකඟ නෑ තමයි. ඒත් මැට්ටන්ට මැට්ටෝ නොකියා මොනවා කියන්නද?//
      පට්ට කමෙන්ට් ඵක.බන් ඔක තමා ඈත්ත කතාව.!!!!!!!!!!!!!!!!

      Delete
    4. මාරයා,
      //උඹ යූ ඇන්පී රජයක් දකින්න කැමැත්තෙන් ඉන්නවා සේම//
      මේක ගත්තෙ කොහෙන්ද කියල කිව්වනං මේ සංවාදය පහසුයි මාරයා?

      Delete
    5. මාරයා අයියා කියන විදිහට සරල විදිහට චන්දෙ ගන්නවා කියන්නේ අරන් ශෂී මහත්තයා වතුර බෝතලයත් මැතිවරණ ප්‍රචාරණ මාධ්‍යක් විදිහට යොදාගත්ත එක්ක වෙන්ට ඕනේ. එජාපෙ සහ ජවිපෙ එවැනි පහත් මට්ටමකට නොවැටීම ගැන මන්නම් සතුටුයි ඕන්. ඉතින් මාරයා අයියා කියන විදිහට උනුත් රාජපක්ෂලාගේ ක්‍රමය ෆලෝ කලොත් ඉතින් ආණ්ඩු මාරුක්වකින් වැඩක් නෑනේ මාර අයියේ.

      ඕක මේක කොහොම වුනත් රාජ් අයිය ඔය ජනතාවට බනින එක මාත් අනුමත කරන්නේ නෑ. අනේ එක පැත්තකින් උන් ඉස්කෝලේ ගියෙ 7, 8 පන්තියට විතරයි, අනිත් පැත්තෙන් ගොවිතැන් වේලිලා ගිහිල්ලා නියගේ හින්දා, අපිට වගේ උන්ට ඉන්ටර්නෙටුත් නෑ ලෝකේ ගැන දැනගන්ට ඉතින් ඔය අතරේ උන්ට හිතුනා දුවන මුවන් දැක මොකටද 2500යයි , සීල් රෙද්දයි, බඩු මල්ලයි අත්හරින්නේ කියලා. ඉතින් රාජ අයියේ උඹත් මොනරාගල ජිවත් වෙන උන්ගෙන් එකෙක් කියලා උපකල්පනය කරලා කියහන් උඹත් උන් වගේ නොකර ඉඳියිද කියලා. මේක අපේ ක්‍රමේ වරද්ද බොලව්. අපිත් චන්දයක් ලංවුනාම මොනරාගල වගේ පැති ගැන හෙව්වා බැලුව මිසක් අනිත් වෙලාවට ඇහැක් ඇරලා බැලුවේ නෑනේ බොලව් අයියේ. ඉතින් උඹට උන්ට බණින්න අයිතියකුත් නෑ.

      ඕන් ඉතින් කොහොමහරි චන්දෙන් එජාපෙ බදුල්ලෙන් 40% ක් ගානකුත් මොනරාගලින් 30% ගානකුත් ගත්ත කියහන්කෝ. දැන් ඉතින් ඔය ලංකාවේම නිදියගෙන හිටිය එජාප පාක්ෂිකයා නැගිටලා. දැන් ටික ටික රට ඇතුලේ එජාපෙ රැල්ල පනගහලා එනවා. ඕක දකින මොනරාගල ජනයාත් (කැපුවත් නිල් නෙමෙයි අනිත් උන් ටික) ඊලඟ චන්දෙ එජාපෙට දෙයි 30% තිබ්බ එක 40% ක්වත් වෙන්ට කියලා. හා නැද්ද?

      Delete
    6. සම්පූර්ණ ඇත්ත. රනිලා සල්ලි බෙදුව නම් ඔය ගොබිලො ටික රනිලට චන්දෙ දෙනවා. ෆොන්සේකා ටකරං බෙදුවා නම් ඌට දෙනවා. රනිලට මොළයක් තියේ නම් දැන් කරන්න ඕනෑ ඒක. ඔය ප්‍රතිඵලේ පෙන්නලා යූ එන් පී කාර මුදලාලිලාගෙන් සල්ලි අරන් බෙදන්න ඕනෑ අම්බානට. 77 දි ජේ. ආර්. කළේ ඒක. මිනිස්සුන්ට කන්න නෑ. ජේ. ආර්. හාල් පොල් බෙදුවා. ඉතින් ඒ මැට්ටො ටික ජේ. ආර්. ට චන්දෙ දුන්නා. ජේ. ආර්. දින්නා. එහෙම නැතුව ඔය මහා ලොකුවට විශ්ලේෂණය කරන්න තරම් දෙයක් නෑ ඔය ප්‍රතිඵල වල. මී හරකුන්ට චන්දෙ තිබුණා නම් උන් දෙයි තමන්ට තණකොළ පුන්නක්කු දෙන එකාට. නැතුව උන් රටේ නීතිය සාමය රැකගෙන, ආර්ථිකය ගොඩ නංවන, රට හදන එකාට නෙවෙයි. ඒවා උන්ට වැඩක් නෑ. තණකොළ තමයි ඕනෑ.

      Delete
    7. Ano10:27 AM & Ano10:43 AM
      වතුර බෝතල් වලට හරි බෙදපු 2500ට හරි ඡන්දය දුන්නනං උන්ට අනුකම්පා කරන්න තිබුන. නමුත් යූඇන්පියට ‍ජවිපෙට දුන්න අයත් හිටිය නෙව ඕව අරගත්තට පස්සෙත්.
      මම දකින විදියට ජනතාවගෙ මෝඩකම එන්නෙ කපටිකමට පස්සෙ. ඔය මිනිස්සු වගේම මිනිස්සු තමයි අපේ පැතිවලත් ඉන්නෙ. සුදුසුකම් නැතත් රස්සාවක් ගන්න කොන්ත්‍රාත් කෑල්ලක් ගන්න වගේ අන්තිම ආත්මාර්ථකාමී සිතුවිලි තමයි ඔය මිනිස්සු මෙහෙයවන්නෙ. අන්න ඒකයි කේන්ති.

      Delete
    8. ලාභ ප්‍රයෝජන අරගෙන විරුද්ධ පක්ෂෙකට චන්දෙ දුන්න නම් මං උන්ට මැට්ටෝ කියන්නෙ නෑ. අන්න මොළේ තියෙන මිනිස්සු.

      Delete
    9. "සම්පූර්ණ ඇත්ත. රනිලා සල්ලි බෙදුව නම් ඔය ගොබිලො ටික රනිලට චන්දෙ දෙනවා. ෆොන්සේකා ටකරං බෙදුවා නම් ඌට දෙනවා. රනිලට මොළයක් තියේ නම් දැන් කරන්න ඕනෑ ඒක"

      ඉතින් මචන් එහෙම කලොත් රනිල්ගෙයි, මහින්දගෙයි වෙනස මොකද්ද? වියදම් කරනවා කියන්නේ බලයට පත් වුනොත් ඒ සල්ලි හොයන්න ඕන කියන එකයි. නිකන් ඔලු ගෙඩි මාරු කරලා වැඩක් නෑ එහෙනම්. මචන් රනිල්, ෆොන්සේකා හෝ වෙන කවුරුවත් බඩු බෙදුවත් නැතත් මේ ආණ්ඩුව යන විදිහට ආණ්ඩුවේ චන්ද 50% ට අඩුවෙනවා ඊළඟ මහා මැතිවරණයකදී.

      Delete
    10. දැන් මං කිව්වද එහෙම වෙනසක් තියෙනවා කියල හරි තියෙන්න ඕනැ කියල හරි? නෑ. මං කිව්වෙ රනිල්ට දිනන්න පුළුවන් එකම විදිහ. එහෙම නැතුව අවංක වෙන්න ගියොත් ඉතින් හැමදාම විපක්ෂයේ තමයි.

      Delete
    11. /මේක ගත්තෙ කොහෙන්ද කියල කිව්වනං මේ සංවාදය පහසුයි මාරයා?/

      ඔය මාරයා කියන මනුස්සයාට හා ඔහු වගේ අනෙක් අයට තියෙන ප්‍රධාන ගැටළුවක් තමයි මහින්දට නෙවෙයි නම් අනිවාර්යයෙන්ම එජාපෙට හෝ ජවිපෙට වෙන්න ඕනෑ කියලා හිතන එක. කෙනෙකුට මේ එකකට වත් ගැති නොවී ඉන්න පුළුවන් කියලා මේ අය දන්නෙ නෑ. මොකද ඔවුන්ට බෑ එහෙම ගැති නොවී ඉන්න. කාට හරි ගැති වෙන්න ඕනෑමයි. නිදහස් චින්තනය කියල දෙයක් නෑ. මේ වගේම තමයි සිංහ බෞද්ධ කියලා ලේබල් ගහ ගන්න අකමැති නම් මේ අයට ඕනෑම කෙනෙක් දෙමළ ජාතිවාදියෙක්. සිංහල ජාතිවාදියෙක් වත් නොවී දෙමළ ජාතිවාදියෙක් වත් නොවී කෙනකුට ඉන්න පුළුවන් කියලා තේරුම් ගන්න බැහැ. ආගමක් නැතුව කෙනෙකුට ඉන්න පුළුවන් කියලා තේරුම් ගන්න බැහැ. මොකද මේ අය කවදාවත් දේශපාලන පක්ෂයකට ගැති නොවී ආගමකට ගැති නොවී, ගෝත්‍රයකට ගැති නොවී ඉඳලා නැති නිසා.

      Delete
  16. අද ගෙදර. ගෙදර ඉනකොට මේ වගේ දේට යමක් ලියන්න දේශපාලන අදහස් එන්නෙ නෑ. හෙට බලමු.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.... පිට ට යන්නම ඕන.....අදහස් ගලා එන්න මචෝ......

      Delete
    2. උඹට එහෙම දේශපාලන අදහස් එන විශේෂ දවස් තියනවද?

      Delete
  17. ආණ්ඩුව පැරදෙනකං අපිත් බලං හිටපු එක ඇත්ත.. ඒත් දැන් බොරුවට මෙන්න මේක තමයි පරාජයේ ආරම්භය කියලා නටන එකේ තේරුමක් නෑ. ආණ්ඩුව දිනුවා එච්චරයි. ඊට පස්සෙ එන මැතිවරණයේදී මොනවා වෙයිද කියලා මේ ප්‍රතිඵල වලින් කියන්න බැහැ. ඒක අර ම.ක.සි. ජනගහන වර්ධන ප්‍රස්ථාර ඇඳලා මෙන්න මේ අවුරුද්දේ මුස්ලිම් බහුතරය වෙනවා වගේ ගණනය කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. බලයක ඉන්න ආණ්ඩුවකට අපහසු බලය රැකගන්න එක තමයි. ඒ අර්ථයෙන් ඡන්ද 70,000 අඩුවීම කියන්න මහලොකු ගානක් නෙමෙයි කියලා මට හිතෙන්නේ.

    මට තියන ප්‍රශ්නය තමයි, පැරා සහ උඹ, මාතලන් වගේ දේශපාලනය ගැන උනන්දු අය පවා යූ.එන්.පී. එකේ නැගිටීම කලින් දැක්කේ නැත්තේ ඇ‍යි කියන එක. මම දන්නව උඹලා ක්‍රියාකාරී දේශපාලනයට සම්බන්ධ නෑ... නමුත් මම කිරිම පත්තරේක හෝ ඉන්ටර්නෙට් එකේ කිසිම තැනක යූ.එන්.පී. එක මේ ඡන්දෙන් ලබාගත් ප්‍රතිඵලය ගැන කිසිම ඉඟිකිරීමක්වත් දැක්කේ නැහැ. මට නම් හිතෙන්නේ මට වගේම උඹලා ඔක්කෝටම මේක පුදුමයට කාරණයක් වෙන්න ඇති කියලා. මම දැක්ක ඉඟිකිරීම් ඔක්කෝම තිබ්බේ ජවිපෙ වටේ.. ජවිපෙම නෙමේ සමන්ත විද්‍යාරත්න වටේ.

    පෞද්ගලිකව මට නම්, නිලට ඡන්ද අඩුවෙලා ඒවා කොලට වැටුණා කියන එකේ මහ ලොකු දෙයක් නැහැ... මම බලාපොරොත්තු වුනේ ජවිපෙ ලොකු බලපෑමක් කරන්න තරම් බලයක් ලැබාගනියි කියලා.

    එක්කෝ අපි ඉන්ටනෙට් එක හරහා කතා කරන දේවල් මහපොලවේ ඉන්න මිනිස්සුන්ට නොතේරෙන අපබංශ්‍ර. එහෙම නැත්නං ඌව කියන්නේ සෙසු ලෝකයෙන් කොන් වෙච්ච පළාතක්.

    ReplyDelete
    Replies
    1. //යූ.එන්.පී. එකේ නැගිටීම කලින් දැක්කේ නැත්තේ ඇ‍යි//
      එජාපය බදුල්ල දිනාවි කියන අදහස මට නං තිබුන. ඒ වගේම මගේ උපකල්පනය උනේ ජවිපෙ තුනක්.
      අනෙක්වා එක්ක 100%ක් එකඟයි. මගෙත් මතය තමයි ඒ.

      Delete
  18. මොන පිස්සුද............කම්පියුටර් ජිල්මාට්.
    ලොක්කා මේ චන්ද ප්‍රතිපලය හෑදුවේ ඊලග ජනදිපතිවරනයෙදි ඵයාට වාසි වෙන විදියට.
    ජවිපෙට විශේශයෙන් ප්‍ර.ප ට තිබ්බ චන්ද ඔක්කොම වෙනස් කරලා අලියට චන්ද වෑඩිකරලා මේ ප්‍රතිපලය හෑදුවේ මිනිස්සුන්ගේ ඔලුව කන්න.
    හොර චන්ද ප්‍රතිපල විග්‍රහ කරන්න යන ඵක හොද වෑඩක් නෙවෙයි.
    මේ සූදුව නතරකරන විදියක් ගෑන හිතපල්ලා.

    ReplyDelete
  19. මොණරාගල ඉන්නෙ මැට්ටො නෙවෙයි කියන්නෙ ඒ වගේම පිරිසක්. මොණරාගල ඉන්නෙ මැට්ටො කියන්නෙ උන් එජාපයට හරි ජවිපෙට හරි චන්දෙ නොදීපු නිසා නෙවෙයි. ඒක කෙකෙන්ගෙ අයිතිය. උන්ට මැට්ටො කියන්නෙ උන් රුපියල් 2,500 නියං ආධාරෙට චන්දෙ දීපු නිසා. නියං ආධාර නුදුන්න නම් උන් එජාපයට හරි ජවිපෙට හරි දෙන්නත් තිබුණා. උන්ට එහෙම චන්දෙ දෙන්න කියලා නිශ්චිත පක්ෂයක් නැහැ. ඒ වෙලේ හිතිච්චි එකකට දෙනවා. කිසිම විචාරයක් නෑ. උන්ට මැට්ටො කියන්නෙ ඒකයි.

    ReplyDelete
    Replies
    1. හරියට හරි මචං.
      //උන්ට එහෙම චන්දෙ දෙන්න කියලා නිශ්චිත පක්ෂයක් නැහැ. ඒ වෙලේ හිතිච්චි එකකට දෙනවා. කිසිම විචාරයක් නෑ. උන්ට මැට්ටො කියන්නෙ ඒකයි//
      ඕක තමයි පිලිගන්න අකමැති උනත් ඇත්ත. ඔන්න ඔය තත්වය වෙනස් වෙච්ච දවසට තමයි අපට හොඳ කලක් යන්නෙ

      Delete
  20. මාත් මේ එක එක ඒවා ටිකක් ගණන් බස්සනකොට හිතුවේ මහින්ද අයියත් හෙන නූල් සූත්තර කාරයා තමා කියලා..

    ඒත් ඉතිං බලාගෙන ගිහාම මෑන් හරියටම හරි... වැරදිලාවත් යුද්දේ ඉවර වෙලා අවුරුද්දක් යද්දිම හැම එකේම ගණන් බස්සලා ඔහේ හිටියනං ඊ ළගට අවුරුදු හතරක් පහක් යද්දි මිනිස්සුන්ට බඩු මිල අඩු කලා කියන එකවත් මතක හිටිනවා කියලෑ... ඒ හින්දා ඔහේ පටි තද කරගෙන දුවන්න ඇරලා ජනාධිපතිවරණයක් කිට්ටු වෙද්දි අඩු කරන එක තමා ලංකාව වගේ ඉක්මනින් කාරණා අමතක වෙන මිනිස්සු ඉන්න රටක කරන්න ඕන...

    “කමක් නැහැ යුද්ධේ දිනුවනේ“ වගේ ගොං කතාවක් ඉස්සරහට දාගෙන හිතේ අමාරු පිට කරගන්න අයියලා ටික නැත්තං

    “කමක් නැහැ තෙල් මිල අඩු කලානේ“

    “කමක් නැහැ හාල් තිස්පහට දෙනවනේ“

    “කමක් නැහැ ගෑස් බැස්සුවනේ“

    වගේ ගොං පාට් දානවා මිස බඩු මිල අඩු කලා කියලා මතක තියං හිටලා ඡන්දයක් දෙයි කියලෑ... ඔහොමම තමා කරන්න ඕන...

    ReplyDelete