Friday, September 19, 2014

පහේ පන්තියෙ අවුල!

ඉන්ටවල් එකෙන් පස්සෙ පහේ පන්තියට ආපු මිස් දැක්කෙ පන්තියෙ ගාලගෝට්ටියක්. කොල්ලො කෙල්ලො ටික මොනවදෝ වල්පල් කියවනව. මිස් අාවද කියලවත් ගානක් නෑ. කේන්ති ගන්නෙ නැති මිස් හෙමීට කිට්ටුවෙලා බැලුව. මොනවදෝ බර වචන වගයකුත් හුවමාරු වෙනව.

"උඹලට හොඳක් කලාමත් හොඳ නෑ කියන්නෙ ඕකයි" පන්තියෙ විසේකාරය වෙච්ච චමෝද් කියනව. අනිත් අය මොනවද කියනව ඇහෙන්නෙ නෑ.

"අපි නොදන්න මෙයාගෙ හොඳ!" එහෙම කියන්නෙ කවීෂ.

"හිහ් හිහ් හිහ්.... තාත්ත ගෙදර ආපු නිසාලු!" තාරුකා හිනාවෙනව.

"ඇයි වෙනදත් තාත්ත ආවෙ? එතකොට මොකුත් නෑනෙ!" තව ළමයෙක් කියනව. කවුරුත් චමෝද් දිහා බලාගෙන ඉන්නෙ.

"මොනවා කිව්වත් අන්තිමට අපි අහුවෙනව...." පන්තියෙ කෙලවරේම තනියම වාඩිවෙලා හිටිය මහිල් හෙමිහිට කියනව මිස්ට ඇහුන. තවත් බලන් ඉන්න බැරි තැන ඇය පන්තියට ඇතුළුවුනා.

"පුතාල මොනව ගැනද මේ කතා කරන්නෙ?"

"ටීච මේව කැත වැඩ!" චමෝද් දිහා බලාගෙන කවීෂ උත්තර දුන්න. කොහොම උනත් චමෝද්ගෙ මොකක් හරි මැර වැඩක් වෙන්න ඇති. පන්තියෙ ඉන්න දඟය, ඉගනගන්නත් එච්චර උනන්දුවක් නෑ, සල්ලි තියන පවුලක ළමයෙක් නෙව, මිස් තමන්ටම කියාගත්ත.

"මේ ළමයින්ට හරියට යමක් කියන්න බැරි හැටි..... කියන්න මොකද උනේ කියල"

"මෙයාට අපිව මතක් වෙන්නෙ වාසියට විතරයි ටීච"

"මොනවද දරුවෝ මේ කියන්නෙ.....? කා ගැනද ඔය කියන්නෙ?"

"චමෝද් ගැන ටීච, එයා දැං අපිට කැන්ටිමෙං කෑම අරං දෙනවනෙ"

"ඉතං පුතේ ඒක කොච්චර හොඳ දෙයක්ද? මොකද්ද ඒකෙ තියන වැරැද්ද?"

"නෑ ටීච, තාත්ත දුන්න සල්ලි වලින් මම මෙයාලට ටොපි අරං දුන්න විතරයිනෙ!"

"ළමයිනේ, අනිත් අයත් එක්ක බෙදාහදාගෙන කෑම හොඳ පුරුද්දක්! චමෝද් හොඳ වැඩක් කරල තියෙන්නෙ, මොකද්ද ප්‍රශ්නෙ?"

"ටීච මෙයා මේව කරන්නෙ අපිට ආදරේට නෙවේ.... "

"එහෙනං...?"

"මේකනෙ වාර විභාගෙ කිට්ටුයි, මෙයා පාඩං කරලත් නෑ, මෙයා හදන්නෙ ටොපි දීල අපි රවට්ටගෙන විභාගෙට උදව් ගන්න...."

"අන්න ඒකයි ටීච මාත් කියන්නෙ.... වෙනදට තනියම කන මෙයාට අපි ගැන අනුකම්පා හිතුනෙ විභාගෙ කිට්ටු උනාම තමයි"

"හරි හරි.... ඕක ඔච්චර"

"නෑ නෑ ටිච.... මෙයා මේ අපි ගැන හිතල ටොපි අරන් දෙන්න මොකෝ ලෝක වෙළඳපොලේ නෑ මේ කැන්ටිමේ ටොපි මිල අඩුවුනාද? නෑනේ.... ටොපිය රුපියලට තියෙද්දිවත් අපිට දුන්නැති එකේ දැං!"

"අනිත් එක ටීච මේක මේ වාර විභාගෙ විතරක් ගැන හිතල කරපු වැඩක් නෙවේ.... ඉස්සරහට ශිෂ්‍යත්වෙත් එනවනේ..... අන්න ඒකයි මේ"

"අනේ මංදන්නෑ මේ ළමයි නං....."

40 comments:

  1. රජ්ජුරුවෝ අම්බානක බය වෙලා වගේ නේ.. ඒත් ඉතින් විභාගේ නම් පාස් වෙයි ළකුණු අඩු උනත්.. පෝස්ට් එක පට්ට..

    ReplyDelete
  2. දැන් ඔය කෑගහන උන් ටික ටොපිය කාලද ඔය කෑගහන්නේ? නැත්නම් අනේ අපිට එපා උඹේ ටොපිය කියල විසිකරලද? :D

    ReplyDelete
  3. නියමයි රාජ් අයියා ප්‍රහසනය, හෙක් හෙක් ඌවට බෙදන ටොපි වල කොළ හරි අපිටත් ඔය හම්බ වෙන්නේ

    //නෑ නෑ ටිච.... මෙයා මේ අපි ගැන හිතල ටොපි අරන් දෙන්න මොකෝ ලෝක වෙළඳපොලේ නෑ මේ කැන්ටිමේ ටොපි මිල අඩුවුනාද? නෑනේ.... ටොපිය රුපියලට තියෙද්දිවත් අපිට දුන්නැති එකේ දැං!"

    "අනිත් එක ටීච මේක මේ වාර විභාගෙ විතරක් ගැන හිතල කරපු වැඩක් නෙවේ.... ඉස්සරහට ශිෂ්‍යත්වෙත් එනවනේ..... අන්න ඒකයි මේ" //

    හෙක් හෙක් පැහිච්ච ළමයි. :D

    ReplyDelete
  4. ලැබෙන දෙයක් කාහං. ටොපියක් උනත් මොකද?? ආයේ මොන රැවටිල්ලක්ද අපි පොඩි ළමයි නේ..

    ReplyDelete
  5. ++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
    දවසට ,,,,,,, හොදම......

    ReplyDelete
  6. නොකා ඉන්න බැරි ටොපි දෙනකොට මොනා කරන්නද.

    ReplyDelete
  7. ටොපිය කන්නම වෙනවනෙ බං.මොකෝ බෑ කියල නිකං ඉන්නයැ.වාර විබාගෙ නං අනේ මන්දා බං.

    ReplyDelete
  8. මේක නං වාර විබාග සීන් එකක් නෙවී... මේ අත කට උඩතියෙන චන්ද දෙක ගැන හිතල ලීව එකක්...
    හොක් නෑ කියන්නෙ කෝමද... ඊයෙ පෙරේද හොද ටොපියක් ගිල්ලෙව්වෙ...
    අරක මේක අඩු කරා කියල...
    කන්නෝ කති නැත්තෝ ගන්න් නොගනිති...
    සමහරු වමාරිති

    ReplyDelete
  9. ආඩම්බොරකාර තාත්තාගේම පුතෙක්!

    ReplyDelete
  10. ටොපිය පුකේ ගැවෙන්නත් මදි.. ඒක දීල තොපේ බඩ පිරුණද කියලත් අහනව..

    ReplyDelete
    Replies
    1. ඔයා ටොපි කන්නේ පුක පැත්තෙන්ද අයියෝ .........:P

      Delete
  11. ඔය පන්තියේ ළමයි ටිකට තියෙන්නෙ චමෝද් ළමයා අරගෙන දෙන කෑම ටික කාලා වාර විභාගෙදි උදව් නොකර අහක බලාගෙන ඉන්න එකයි. අනික ඔය ළමයගෙ තාත්තා පුතාට වුනත් සල්ලි දෙන්නෙත් ගිණි පොලියටනේ. ඉතිං චමෝද් දෙන කෑම කෑව නොකෑව පන්තියේ ළමයි ඔක්කොගෙම සාක්කුවලින් ආපහු චමෝද්ම ඔය නිකං දෙන කෑමවල සල්ලි පොළියත් එකක් හොරකම් කරනවනේ. ඔව්වා මේ පහේ පන්තියෙ ළමයිට නොතේරෙන එකයි ප්‍රශ්නේ.
    චමෝද්ගෙ මළයෙක් ඉන්නවලු නේද තාත්තා වියදමට දෙන සල්ලිවලිනුත් 10%ක් ද කොහෙද හොරාට තමන්ගෙ සාක්කුවට දාගන්න?

    ReplyDelete
  12. හොඳ ළමයි නම් දෙන ටොපී ඔක්කොම කාලා වාර විභාගේදී උදව් නොකර ඉන්නවා. අම්මපා.

    ReplyDelete
  13. පට්ට කතාවක්..එල කියන්නේ එල ද බ්‍රා.
    හිනියට ටෝක්කක් ඇනලා.

    ReplyDelete
  14. ඔය කිව්වට විබාගේ පාස් වෙනවා , අනිත් අය රතු එළියක් දල්වනවා

    ReplyDelete
  15. චමෝද් පුතු ටොපී දීල ගිරිය යටින් කෑ ගහනව
    ඒ කටහඬ ඇතුලේ පුදුම බයක් ගැබ්වෙලා තියෙනව
    මෙතුවක් කල් තනියෙන් කෑ ටොපී අනුන්ටත් කවනව
    ශිෂ්‍යත්වෙන් පාස්වෙන්න ඕනැම මගුලක් කරනවා
    ඬෙඟ රඟ රඟ ඩෙඟ රඟ රඟ බූංං

    අනේ ඉතිං මේ චමෝ පුතා ටොපී දීලත් යාලුවන්ගෙන් බැණුනුත් අහනව
    ටොපී දුන්න කිව්වට දුන්නම ටොපීම නෙමෙයි...
    ටොපියෙනුත් බාගයක් කාලා ඉතිරි බාගෙ කොලේ ඔතලා දුන්නේ

    ReplyDelete
  16. මං නං මේ ලඟදී දවසක පහ පාස් කරපු හින්දා ඔය ගැටවලට අහුවෙන්නේ නෑ.

    හැබැයි ඩොලර් මිලියන් 2.5ක් දුන්නොත් නං සලකා බලනවා.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්ම්.....+++++++++++++++++++++++++++++++++++

      Delete
  17. ටොෆි ටික කාලා නිකං හිටියානම් ඉවරනේ. :P

    ReplyDelete
  18. ශිෂ්්‍යත්වේ ඉවර වුණාට පස්සේ කාපු ටො‍ෆි වමාරන්න වේයි!

    ReplyDelete
  19. හැක්! අපේ ආඩම්බරකාර තාත්තා නම් ටොපි නෙමේ බෙදන්නෙ වශියක්!! කාපු ගමන් පෙර වැරදි ඔක්කොම අමතකයි.

    ReplyDelete
  20. waiting for Pera`s comment.

    ReplyDelete
  21. දවසේ ටොක්ක... !! :D

    ReplyDelete
  22. කවීෂලා, චමෝද්ලා රවට්ටන්න ටොෆී ඕනෙත් නෑ. මමත් දන්න කාලේ ඉඳලා ඔය කට්ටිය දැන දැන අහුවෙනවා.

    ReplyDelete
  23. පට්ට.

    පව් බන් මානි. දැන් ඉතින් මිනිහට මෙහෙම ලියන්න බැරි එකේ උබවත් උගේ ඉස්ටැයිල් එකට ලියන එක මරු.

    ප.ගෝ.

    ReplyDelete
  24. අපේ ආතල් ඇනෝ පේන්න නැත්තේ මොකද ??????????

    ReplyDelete
  25. පියාපතක්...හිරකරගෙන
    පියාඹන්න පුලුවන්දෝ....
    පුංචි දෙතොල්...හිරකරගෙන
    හිනාවෙන්න පුලුවන්දෝ.....

    සිතසපුරා සැරිසරන්න
    මුවපුරවා හිනාවෙන්න
    සන්තෝසය උපන් තැනට
    අපි ආවා....හා.....හා......

    වේවැල් නැති දඩූවම් නැති
    හරිම අමුතු ඉස්කෝලෙක
    රැවුම් බැනුම් ගෙරවුම් නැති....
    ආදරයේ නවාතැනක....

    වෙල් ඉස්මත්තට ඉහලින්
    ගුරුතරු පොකුරක් ඇවිදින්

    අපට කැමතී තැනට යන්න
    පාර කියන්නේ........
    ඒ පාරෙන් අපි යනතුරු
    බලාසිටින්නේ.....
    හා......හා....
    හා......හා....

    අපට උඩින් කවුද යාලු
    අපිම තම්යි ඉන්නෙ යාලු
    අපට යටින් කවුද යාලු
    ඒත් අප්ම තමයි යාලු //

    දඟමල්ල වේදිකා නාටය...

    ReplyDelete
  26. ඒක මේක කොහොම උනත් අන්තිමට ටොපිය හම්බුවෙන්නෙ අපිටනෙ බං

    ReplyDelete
  27. මේ සැරෙත් ටොපිය කාලා පුළුවන් උදව්වක් කරගෙන හිටියනම් හරිනේ. ආයේ මොකටෙයි ටීචට කියන්න ගියේ.? ළමයි ඕනිවට වඩා හුරතල් කරන එකේ වැරැද්ද

    ReplyDelete
  28. අපි ටොපි කෑමටම උපන් ජාතියක් වෙමු.

    ReplyDelete
  29. //"හිහ් හිහ් හිහ්.... තාත්ත ගෙදර ආපු නිසාලු!" //

    තාත්තෙ උඹ ඇනපු ටොක්ක දවාලෙ තරු පෙනුනා.

    ඉල්ලංකා චී+ණය පජාත තන්ත්‍රයාන සමාජවාදී ජනරජය..

    ReplyDelete
  30. මම නම් පුදුම වෙන්නෙ නෑ....ඔය ටොපිය ලෙවකාලා අපේ උන් අත දිග ඇරලා කතිරෙ ගහයි...පෙට්‍රල් රුපියල් 5 කින් අඩු කරලා ඡන්දෙ ඉවර උනාට පස්සෙ රුපියල් 8 කින් ඉහළ දායි....අන්න එහෙමයි රජතුමාගෙ තියරිය...

    ReplyDelete
  31. ඔය ටොපි දුන්නට දැන් , පස්සේ ටොපි නෙවේ බුල්ටෝ එකක්වත් ඕකා දෙන්නේ නෑ . ශිෂ්‍යත්වේ පාස් වෙන්න වෙන වෙන තොප්පි කාරයින්ටත් ටොපි හම්බෙයි ඉස්සරහට ;)
    එල එල . මරු පෝස්ට් එක

    ReplyDelete
  32. තව තව ටොෆි ඉස්සරහට දෙයි ...ඔවා දිරවගන්න ගියාම තමයි අවුල

    ReplyDelete
  33. ටොෆි තියෙන්නේ කන්නනේ මචං....

    ReplyDelete
  34. මම චමෝද් උනානම් කරන්නේ එක ටොපි ගන්න සල්ලිවලින් ටිචට හොඳ තෑග්ගක් අරන් මේ විබාගේ ගොඩ දාගෙන ශිෂ්‍යත්වේ ඉන්ස්පැක් කරන්න එන කෙනාට වෙනම තැග්ගක් දීලා එකත් ඒ වගේ කොරමයකට ගොඩ දාගන්න එකයි ...... එතකොට ළමයි කියයි නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හඳුරුවන්ගේ අපි මොකදැයි කරන්නේ කියලා

    ReplyDelete
  35. තාරුකා එහෙම කිව්වට, අනික් කට්ටිය ඔක්කොම හොරෙන් ටොපි කාලා නේද? එපා කියපු තව එකෙක් දෙන්නෙක් ඉන්න ඇති... ඒත් ටොපිය වැඩ කරලනේ.

    ReplyDelete