Tuesday, September 9, 2014

කොටියාට වෙඩි තැබීම (ඉන්දියානු කතාවකි)

මේක පැරණි ඉන්දියානු කතාවක්.
ඔන්න ඉන්දියාවෙ දුෂ්කර ගම්මානයක් තිබුන. කැළෑබද ගම්මානයක් වෙච්ච එහේ බහුතරයක් ජීවත් වුනේ ගොවියන් සහ සතුන් ඇතිකරන්නන්. ඊට අමතරව ගමට ආයුධ සහ උපකරණ සාදා දුන් කම්මල් කරුවා, වලං සාදන්නා, වඩු වැඩ කරන්නා,.... ව‍‍ගේ කිහිප දෙනෙකුත් ජීවත් වුනා. එක කාලයකදි මේ ගමට පැමිණියා ව්‍යසනයක්. කැලෑවේ ජීවත් වූ කොටියෙක් ගම්වැදීමට පුරුදු වුනා. ගම් වැසියන් ඇතිකල සතුන් කෑමට පුරුදුවුන කොටියා අන්තිමට මිනීමස් කන්නෙක් බවට පත්වුනා.

කොටි උවදුරෙන් බේරෙන්න බොරු වලවල් දැමීම, විෂ සහිත කෑම දීම වගේ විවිධ ක්‍රම අත්හදා බැලුවත් සාර්ථක වුනේ නෑ. අන්තිමට ඉතිරි වුනේ "කොටියාට වෙඩිතැබීම" කියන විකල්පය විතරයි. නමුත් වැඩේට අවශ්‍ය කරන තුවක්කුවක් ගමේ තිබුනෙ නෑ. දැං වෙඩි තියන්න තුවක්කුවක් හදාගන්න ඕන.

වඩු බාස් භාරගත්ත තුවක්කුවෙ අච්චුව හදන්න, කම්මල් කාරය භාරගත්ත මැෂිම හදන්න, කරත්ත කාරය ලඟ තිබුන කඳට ඕන කරන බටය, පතලක වැඩකල මනුස්සය ලඟ තිබුන වෙඩි බෙහෙත්! ඔන්න දැන් තුවක්කුව හදන්න සියළු කටයුතු සූදානං. නමුත්........,මේ වැඩසටහනේ පොඩි අවුලක් තිබුන.

තුවක්කුව හැදුවට පස්සෙ කොටියාට වෙඩිතැබීමේ ගෞරවය ලබාගන්න මේ හැමෝටම ඕනවුනා. ඒ සඳහා ඒ හැමෝටම හොඳ හේතු සාධකත් තිබුන. වඩුව කියන විදියට තුවක්කු‍වෙ හැදිමේ අමාරුම කොටස තමයි අච්චුව.

"ඒක සියුම්ව කරන්න ඕන වැඩක්! මට ඇරෙන්න වෙන කෙනෙකුට කරන්න බෑ... මෙතනදි වැරැද්දක් උනොත් වෙඩිතියන කෙනා මියයන්න උනත් පුළුවන්...." එයා කිව්වෙ එහෙමයි.

"තුවක්කුවෙ මැෂිම හැදීම තමයි අමාරුම! ඒ නිසා මටයි වෙඩිතැබීමේ අවස්ථාව ලැබෙන්න ඕන" කම්මල් කාරය එහෙම කිව්ව.

"තුවක්කු කඳ තියෙන්නෙ මගේ ලඟ නෙව! ඒක නැතිව කොහොමද වෙඩි තියන්නෙ?" කරත්තකරු ප්‍රශ්න කලා.

"තුවක්කුව තිබිල මොකටද.... වෙඩි බෙහෙත් නැතුව? ඒ නිසා මටයි අවස්ථාව ලැබෙන්න ඕන...." වෙඩි බෙහෙත් කාරය කිව්ව.

ඊට අමතරව තවත් ප්‍රශ්නත් ඔවුන් අතර තිබුන. මේගොල්ල අතර ඉස්සර තිබුන පුංචි පුංචි නෝක්කාඩු නිසා තුවක්කුව අතට අරගෙන කොටිය ඉවර කලාට පස්සෙ තමුන්ට තුවක්කුව එල්ල කරයිද කියන බය එයින් එකක් විතරයි. ඒ අතරෙ දැනමුත්තෙක් කිව්ව මෙහෙම,

"උඹල හැමෝගෙම කාර්යභාරයන් එක වගේ වැදගත්...... ඒව එකක්වත් පුංචි නෑ..... හැමෝම වටිනව.... තුවක්කුව හදල හොඳ වෙඩික්කාරයෙකුට දීල හැමෝම කොටියගෙන් බේරෙමු"

නමුත් තුවක්කුවකින් වෙඩිතියන්න දක්ෂ කෙනෙක් හොය‍ාගෙන වැඩේ ඉවර කරගන්න, එයාලගෙ හිත්වල තියන ආඩම්බරකම ඉඩ දෙන්නෙ නෑ......

කතාව ඔතනින් ඉවරයි. අවසානය මොකක්ද කියන එක මාත් දන්නෙ නෑ..... ඒක ඉතිහාසය ලියන කාලෙක ලියවේවි.


පසුවදන: මාතලන්ගෙ ලිපියකට දාපු කෙන්ජිගෙ කමෙන්ටුවක් නිසා මතක් වෙච්ච කතාවක් මේක. බ්ලොග් වේලෙනව කියල මාතලන් කියන නිසා ලිව්වෙ.

58 comments:

  1. ඔය අවසානය එක එක විදිහට ලියවෙයි , හැබයි බොහෝ වෙලාවට තුවක්කුවෙන් වැඩක් වෙන එකක් නෑ

    ReplyDelete
  2. සමාර විට ඕකෙ අවසානෙ කෙන්ජි ෂහ පුත්රයෝ දන්නව ඇති...
    මම නං දන්නෙ නෑ ඔන්න

    ReplyDelete
    Replies
    1. මේක දන්නෙ දෙයියො තමයි!

      Delete
  3. කොහොම හරි ඔය තුවක්කුවෙන් වෙඩි තිබ්බ දඩයක්කාරයා ගොඩාක් වයසට ගිහිං ඉද්දි පුවත්පත් කලාවේදියෙක් ඇහුවලු දඩයම කරපු හැටි.
    ද.ක.-*ඔන්න මම මහ රෑ කැලේ පඳුරු අතරින් රිංගාගෙන ඉස්සරහට යනවා. එක පාරටම...ග්ර්ර්ර්ර්ර්ර්ර්.......පැන්න කොටියා.. මට කලිසමේ කක්කා ගියා...*
    පු.ක.-*පුදුමයක් නෑ...ඒ රෑ මහ කැලේ මැද කොටියෙක් ඉස්රහට පැන්නම කක්කා යන එක*
    ද.ක. -*නෑ...නෑ... එවලෙ නෙමෙයි...මේ දැන් ග්ර්ර්ර්ර් ගාපු වෙලේ....ඔන්න ආයිත් ගියා*

    ReplyDelete
    Replies
    1. pajaathayi yakoo.... grrrrr .... matath giyaa..

      Delete
    2. මෙතන පුක කියන්නෙ නලින් පුතාටද එතකොට

      Delete
    3. ද.ක.- දඩයක් කරු
      පු.ක.- පුවත්පත් කලාවේදියා

      Delete
    4. අදහස පැහැදිලි නෑ

      Delete
    5. පොරට වයසයිනේ... ගොරවනකොට යනවා.

      Delete
  4. එකඟතාවකට ආවයි කියමුකෝ.දක්ෂ දඩයක්කාරයෙකුත් හොයා ගන්න එපැයි කලිසමේ බඩයන දඩයක්කාරයො නං ඕසෙට.

    ReplyDelete
  5. ඔය කිව්වෙ අමු මිරිස් චැලේන්ජ් එක ගැන වත්ද කියලත් හිතුනා.

    වෙනියා තමයි තුවක්කුවෙ මැෂිම හදන්නෙ. චමීරයා අච්චුව හදනවා. අභියා ලඟ තමා කඳ. හැබැයි රනාට තමයි කොටියට වෙඩි තියලා පත්තරේ නම දාගන්න ඕන. මොකද නැත්නම් ඔක්කෝම හබක් නෙ. මේ ඔක්කෝම කරන්නෙ පළාත් සභාවට රිංගන්න. ඒකට කෙළ වුණොත් කොහොමද?

    හැබැයි දැන් නම් ඒකත් ආඬි හත්දෙනාගෙ කැඳ හැලිය වගේ වෙලාලු. සංවිධායකයො අමු මිරිස් කාලත් නෑ, සතයක් වත් දාලත් නෑ කියලා දුකා කම්ප්ලේන් කරලා තිබුණා.

    ReplyDelete
    Replies
    1. පොදු අපේක්ෂකයා ගැන කතාවක්

      Delete
    2. AnonymousSeptember 9, 2014 at 4:13 PM
      ඔහේ හරියට හරි!

      Delete
    3. yes ..

      මං පහල ගිහින් කමෙන්ට් දාන්නේ නැහැ,,මන් දාන්න හිතං ආපු එක ඇනෝ කියලා අයියේ,,,, කොටියා නාකි වෙනකල් වෙඩි තියන්න කෙනෙක් නම් නැති වේවි

      Delete
  6. තව කරදර වෙනකන වෙඩි තියන්නෙ නැතිවෙයි‍‍‍‍....

    ReplyDelete
    Replies
    1. එහෙමද? වෙච්ච කරදර මදිද?

      Delete
  7. කොටිය මැරුවත් ඉතින් මරපු එකා අල්ලපු ගමට ගියොත් ඌ ද්‍රෝහිය වෙනවනෙ

    ReplyDelete
    Replies
    1. කොටිය වල්ගෙන් අල්ලන්න එපා. මම කියන්නෙ වෙන කතාවක්

      Delete
  8. කම්මල් කාරයට තමයි කොටියට වෙඩි තියන්න දෙන්න ඔනෙ.

    ReplyDelete
  9. ඉන්දියාවෙ කතාවක් නිසා මොකුත් කියන්න බෑ..

    මෙහෙත් ඔය වගේම කතාවක් සිඳු උනා.. කොටියත් මැරුවා.. ඒත් ඔය තුවක්කුව හදන ප්‍රශ්ණෙ මෙහෙත් තිබුනා.. එක දවසක් කොටියා කම්මල්කාරයට පැන්නා.. කම්මල් කාරයට මල පැන්නා.. ඌ වෙඩික්කාරයට පුල් සපෝට් එක දුන්නා.. රජ්ජුරුවොත් බොක්කෙන්ම ගේම දුන්නා.. කොටියා මැරුවා.. ඒත් දැන් කොටියා හදපු උන්ට පුකේ අමාරුව.. ඌ නැති උනා කියලා මැරෙන්න හදනවා..

    රජ්ජුරුවොන්ගෙ නම තමයි ඉතින් යන්නේ.. මොකෝ ගල් වඩ්ඩන්ගේ නම් ඉතිහාසේ ලිය වෙන්නේ නෑ නේ..

    ReplyDelete
    Replies
    1. ඇයි බං රජ්ජුරුවො වෙඩික්කාරයට වැඩේ දුන්න එක.

      Delete
    2. කොටියට වෙඩි තිබ්බ කියල දඩයක්කාරයව හිරේ දැම්මා

      Delete
    3. රජ්ජුරුවොත් එක්ක හැමිනෙන්න යනවද බං මොළේ තියෙන දඩයක්කාරයෙක්.... හීන් නූලෙන් ගේම දෙනවා මිසක්.. සියා උල් හක්ලා වගේ... ගඩාෆිලා වගේ.. ඉඩී අමීන්ලා වගේ...

      Delete
    4. මේ කතන්දරේ රජෙක් නෑ නේද? කොහෙන්ද ඌ මතු වුනේ?

      Delete
    5. ලංකාවෙත් ඉතින් රජෙක් නෑනේ ඔය යස අගේට මතුවෙලා ඉන්නේ

      Delete
    6. මාතලනුත් වැරදි තැනිං අල්ලල මම හිතන්නෙ. මේකෙ කොටිය වෙනුවට වෙන සතෙක් ආගත්ත නං හරි.

      Delete
  10. අපට ලැබී ඇති සියළු සාක්ෂි සම්පින්ඩනය කර බැලීමේදී නිෂ්ච්ත වශයෙන්ම කිව හැක්කේ කොටියා විසින්ම මෙම තුවක්කුව උදුරාගෙන වෙඩිතබාගෙන ඇති බවයි. නමුත් මේ සිද්දිය පසුපස යම් කුමන්ත්‍රණකාරී පිරිසක් යම් කණ්ඩායමක් සිටීදැයි පරීක්ෂා කිරීමට අප විසින් විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා තිබෙනවා..

    --- පො.ම.ප්‍ර. සුජිත් අවරෝහණ --

    ReplyDelete
    Replies
    1. තුවක්කුව හැංගුව තැන පෙන්නුවද?

      Delete
  11. විකල්පය = කොටියා සමග සහයෝගයෙන් ජීවත් වීමට මගක් හොයා ගැනීම.

    ReplyDelete
    Replies
    1. කොටියාගේ දෑත් ශක්තිමත් කෙරුවොත් කොහොමද?:D

      Delete
    2. ඒක තමා බොල කිව්වෙ :D

      එතකොට කොටිත් ගොඩ, සිංහයොත් ගොඩ, වටේ ඉන්න නරිත් ගොඩ!

      Delete
    3. ස්වේච්ඡාවෙන් කොටියට බිලිවෙන්න කැමති අය ඉන්නව නං වැඩේ ගොඩ. නමුත් කවුරුත් කැමති අනෙකා කොටියට බිලිවෙලා තමුන් බේරෙනව නං.

      Delete
  12. මේ දවස්වල ඌව පළාතෙත් ඔයවගේ කතන්දර යනවා.

    ReplyDelete
    Replies
    1. පොඩි කොටියෙක් ඉන්නෙ!

      Delete
  13. කරන්න දෙයක් නැහැ තමන්ගේ ගෞරවයට වඩා වටිනවා කොටියා මරන එක.එක නිසා එකට ප්‍රමුඛත්වය දෙන්නම වෙනවා.එහෙම නොකර වංශ කබල් ගාන්න තියා ගත්තොත් කොටියා වැඩේ දෙයි හොර රහසේම.එතකොට ඉතින් දුක තමයි.

    ReplyDelete
    Replies
    1. ඒක තමයි ඇත්ත! නමුත් කාටද තේරෙන්නෙ?

      Delete
  14. //කතාව ඔතනින් ඉවරයි. අවසානය මොකක්ද කියන එක මාත් දන්නෙ නෑ..... ඒක ඉතිහාසය ලියන කාලෙක ලියවේවි.//

    රාජ් කතාව අහගෙන තියෙන්නේ භාගයයිනේ...:P

    ReplyDelete
    Replies
    1. නෑ නෑ ඒව ඉතිහාසයේ ලියවෙච්ච දවසටයි කාටත් දැනගන්න ලැබෙන්නෙ.

      Delete
  15. කොටියා එක්ක අවබෝදතා ගිවිසුමක් ගහන්න තමයි තියෙන්නේ..

    ReplyDelete
    Replies
    1. සිංහයට දීපු උත්තරේ තමා උඹටත් දෙන්න වෙන්නෙ.

      Delete
  16. මගේ ප්‍රශ්ණය නම් ඇත්තටම කොටියෙක් හිටියාද? මිනිස්සු අතුරුදන් වුණා මිස කවුද කොටියාව හැබැහින්ම දැක්කේ?

    ReplyDelete
    Replies
    1. කොටිය දැකපු අය ඕන තරම්. නමුත් කොටිය කොටිය විදියට දැකපු අය ටිකයි ඉන්නෙ
      (කකා කතාව ටපලගත්තද මංද, එහෙම නැත්තං තමා ඔය උත්තරේ හරියන්නෙ)

      Delete
  17. ඔය කතාවේ අවසානයට වර්ශන් දෙකක් තියෙනවා මම හිතන්නේ. ඒක වෙනස් වෙන්නේ මෙතනින්.
    ඔන්න වෙඩික්කාරයා යනකොට කොටියා එනවා. වෙඩික්කාරයා අහනවා අර කුප්‍රකට ප්‍රශ්නය
    "වෙඩි කනවද? පු....ද?"
    වර්ශන් #1- කොටියා කියනවා " මාත් කොටියෙක් ..වෙඩි නම් වෙඩි"
    වර්ශන්#2 " එහෙනම් දෙවෙනි ක්‍රමේ බලමූ"
    හැබයි අවසානයන් නම් මම දන්නෙත් නෑ

    ReplyDelete
    Replies
    1. ගැඹුරින් සලකල බැලුවම ඒකත් වෙන්න පුළුවන්.

      Delete
  18. තවත් කට්ටියක් කොටිය මැරෙනකල් බලං ඉන්නවා සොබාවිකව..

    ReplyDelete
    Replies
    1. දවසේ කියමන! ඔහොම හිතන අයත් ඉන්නව නේන්නං..........

      Delete
  19. තුවක්කුව අතට දෙන්න ඕන ඉවසීම හොඳටම තියෙන කෙනාට. තුවක්කුව අරගෙන වටේටම ඇල්ලුවා වගේ නෙමේ, ඊට පස්සෙ වෙන දේවලුත් හිතන්න පුලුවන් කෙනාට. එහෙම කෙනෙක් නැත්තම් කෙනෙක්ව ඒකට පුහුණු කරලයි තුවක්කුව දෙන්න ඕනෙ. හැබැයි ඒකට කාලයක් යනවා. එතකන් කොටියට කන්න බොන්න දීලා පෝෂණය කරලා දිගටම ගමට ගෙන්නා ගන්න එකත් එයාලාටම කරන්න වෙනවා. නැත්තම් පුහුණුවට ගිය සල්ලියි, කාලයයි අපරාදෙ. .. :D

    ReplyDelete
    Replies
    1. ඒක හරි. උඹ අර කළුපටි කතාවෙ වගේ.
      පළමු වතාවට මේ පැත්තෙ ආවට ස්තුතියි.

      Delete
    2. කලින් ඇවිල්ලා තියෙනවා. සමහර ලිපි වලට උත්තර දෙන්න අමාරුයි. ඒ ගැන අද්දැකීම් නැති නිසා. එත් කතන්දරයක් නම් අනිවාර්යයෙන් එනවා. කතන්දර කියවන්න කවුද අකමැති.

      Delete
  20. ඉක්මනටම අවසානයත් ඔහොමම දැම්මොත් හොද නැද්ද..නැත්නම් අවසානය අපි හිතාගන්නද..?හි හි

    ReplyDelete
  21. දඩයක්කාරයා කොටියට වෙඩි තියලා කල්පනා කරනවා දැන් මේ තුවක්කුව ආපහු දුන්නොත්, අරුන් ටික කියයි කොටියා මැරුවේ උන් තමයි කියලා... ඒ නිසා තුවක්කුව ආපහු දෙන්නේ නෑ මම තියාගන්නවා කියලා. කොටියට බයේ හිටපු එවුන් දැන් දඩයක්කාරයට බයේ ඉන්නවා. ඊට පස්සේ උන් දඩයක්කාරයව එලවන්න ඊට වඩා ලොකු තුවක්කුවක් හදන්න ගන්නවා.

    ReplyDelete
  22. ඔය තුවක්කුව හදපු වැඩේ අගක් මුලක් ගැන ඒ හැටි හිතන් නැති කවුරු හරි තුවක්කුව ගත්ත ගමන් ගිහින් කොටියට වෙඩි තියෙනවා. මිනිහා වීරයෙක් වෙනවා. හොඳට පිස්සු කෙලින්නත් පටන් ගන්නවා .කාලයක් යනකොට මිනිස්සු හිතන්න පටන් ගන්නවා ඊට මීට වඩා හොඳයි කොටිය කාල මලානම් කියල

    ReplyDelete