Sunday, May 13, 2012

දයාබර මිතුර.....


දයාබර මිතුර,
කිසිදා අප හමු නොවුවත්,
නිමක් දකින්න බැරිවුන,
මේ සංසාර සාගරේ,
ගොඩාක් කලකට ඉස්සර,
මතකද?
අපි හොද මිත්‍රයෝ!
ඉස්සරහටත්,
එහෙමමයි.
දවසක එන්නම්,
හමුවෙන්න ලෙංගතුකමින්.
දිනයක් වෙලාවක් තැනක් කියන්න බෑ,
සත්තයි!
එනවමයි.

20 comments:

  1. ඇත්තෙන්ම අඳුනාගෙන කාලයක් වුවත් ඉතාම මෑතක්දී මුණගැසුනා. ඊට දින දෙකකින් ඔහු නැවත ලංකාවෙන් ගියා. ඒ යන්න ලෑස්ති වන ගමන් පළවෙනිදා සවස මට කතාකළා. අපි එවලේ ඊලඟ සැරේ කරන්න වැඩත් දාගත්තේ. ඒත් මරුවා.... ජීවිතේ මොන තරම් අස්ථීරද?

    ඔබට නිවන් සුව ප්‍රිය මිතුර!!!!

    ReplyDelete
  2. ඔබා මාමට නිවන් සැප ලැබේවා!!!
    ඊට වඩා යමක් කියන්ට හිත දෙන්නේ නෑ. :(((

    ReplyDelete
  3. ඔබා මාමා ඔබට නිවන් සැප !!!

    ReplyDelete
  4. අපි කිසිවිටකත් නොහිතපු මොහොතක ජීවිතයෙන් සමුගත් දයාබර ඔබා මාමාට නිවන් සුව.......!

    ReplyDelete
  5. ඔබා මාමාට නිවන් සුව...

    ReplyDelete
  6. ඒ සොදුරු සයිබරයේ මිනිසා , ඔබා මාමේ ඔබට නිවන් සුව.

    ReplyDelete
  7. අජර අමර නිවන් සුව!

    ReplyDelete
  8. උදේ නැගිට්ට ගමන් බ්ලොග් වලට ආවම දැක්ක මේ ප්‍රවෘතියෙන් ඇස් අදහා ගන්න බැරි උනා.. මොහොතකට විශ්වාස කලේ නෑ.. ඒත් ඇත්තටම ඔහු යන්න ගිහින්.. අපේ හිත් වලට කඳූලක් එකතු කරලා..

    ReplyDelete
  9. අදහාගත නොහී මොහොතක නික්මගිය සොඳුරු මිනිසානෙනි...ආදරණීය ඔබා මාමේ ඔබට නිවන්සුව අත්වේවා.............

    ReplyDelete
  10. මේ ප්‍රවෘත්තිය මුලින්ම දැනගත්තෙ අද උදේ. ඒත් මේ කමෙන්ට් එක දමන වෙලාව වෙනකොටත් පුදුම දුකක් හිතේ හිර වෙල තියෙන්නෙ. ජීවිතයෙ කිසිම දිනක හමුවෙල නැති මුණ ගැහිල නැති මනුස්සයෙක් වෙනුවෙන් මම කවදාවත් මේ තරම් දුක් වෙල නෑ. ඒත් ඔබ අපිට භෞතික ලෝකෙදි මුණ නොගැසුනත් සයිබර් අවකාශෙදි නිතර හමුවුණා. ඔබ කොතැනද එතැන හිනාව උතුරල පැතිරිල ගියා. ඔබ නැති සිංහල බ්ලොග් අවකාශය පාළුවට ගිහින්. ඒ අඩුව අපිට හැමදාම දැනේවි. ඒ අත්දැකීම් බහුල නිහතමානී සොඳුරු සිතැත්තා නැවත කිසිදාක නොඑන්නම යන්න ගිහින්. සහෘදයාණනි, ඔබට සුබ ගමන්.

    සදාදරණීය සනත් අංකල්, ඔබට අමාමහ නිවන්සුව අත්වේවා !!!

    ReplyDelete
  11. අයියෝ මචන්..මේ දැන් දැක්කෙ විස්තරේ.....
    මොනව කියන්නද කියල හිතාගන්න බෑ

    ReplyDelete
  12. අපිටවත් අයිති නැති අපේ ජිවිතේ. ඔබා මමතත් එසේම විය.

    ඔබා මාමේ ඔබට නිවන් සුව!!

    ReplyDelete
  13. ජීවත්වීම සඳහා යුහුසුළු වියයුතුයි....ඔහුගේ ඉක්මන් නික්ම යාමෙන් අප තේරුම්ගතයුත්තේ එයයි...

    ඔබා අයියෙ, ඔබට සුබ සැන්දෑවක්.....!!!!

    ReplyDelete
  14. හිතා ගන්න බැහැ.. ඒත් ජීවිතේ මෙහෙමයි..

    ඔබා මාමා හොද තැනක ඇති. අපේ දිහා බලාගෙන.

    ඔබට නිවන් සුව..

    රාජ්.. මේක කදුලු එන්න ලියලා..

    ReplyDelete
  15. ඔහු මියගියේ ද සිත සතුටින්. එයින් කොටසක් බ්ලොග් ලෝකය නිසායි.

    ReplyDelete
  16. ආදරණීය ඔබා මාමෙ ඔබට නිවන් සුව.....
    වෙන කියන්න දෙයක් හිතට එන්නෙ නෑ.... :'((((

    ReplyDelete
  17. ඔබා මාමේ ඔබට මොක් සුව.. මතු භවයේත් අප අතරම ඉපදේවා !

    ReplyDelete
  18. අපි කරනා පින් ඔබා මාමා ට අනුමෝදන් කරමු, එයයි අපට කළහැකි ලොකු ම දෙය... සුබ ගමන් ඔබට!

    ReplyDelete
  19. ඔබා මාමේ ඔබට නිවන් සුව...

    ReplyDelete
  20. ඔව් අයියේ ඒ ලෙංගතු සොදුරු මිනිසා කොහේ කොතැනකදි හරි අපි‍ට මුණ ගැසේවි.

    ReplyDelete