Thursday, May 17, 2012

ගුණපාල මාමා ගවුචෝ සහ රයිටර්ස් බ්ලොක්.

මේ දවස්වල පුදුම කම්මැලිකමක් තියෙන්නෙ. පෝස්ටුවක් දාන්න හිතෙන්නෙත් නෑ. හරියට රයිටර්ස් බ්ලොක් වගේ. ඒ වගේම තියන තවත් ලොකු අවුලක් තමයි කලින් ඩ්‍රාෆ් කරන කිසිම පෝස්ට් එකක් පබ්ලිෂ් නොවීම. ඒ කියන්නෙ ක්ෂණිකව ලියල ඉවර කරන ලිපියක් මිසක් වැඩිපුර හිතල ටයිප් කරල සේව් කරල තියාගත්ත එකක්වත්, පබ්ලිෂ් කරන්න යද්දි හිතට මදි වගේ හිතෙන්නෙ. අමාරුවෙන් ටයිප් කරන නිසා දවස් දෙක තුනක් තියාගෙන හිටියත් ඊට පස්සෙ මකල දානව. මම අහන්නෙ හැබෑටම ඔහේලට මේ ලෙඩේ නැද්ද?

පොඩි කතාවක් දෙකක් කියන්නං.
මේකෙ කතා නායකය ගුණපාල මාම. ගුණපාල මාම කියන්නෙ රවි අයියගෙ අසල්වැසිය. මම රවි අයියලගෙ ගෙදර ගියාම ගුණපාල මාමත් අනිවාර්යෙන්ම සෙට් වෙනව. සම්මත භෞතික තත්වයට ආවට පස්සෙ ගුණපාල මාමට පොඩි අවුලක් තියනව. ඒ තමයි කරාටි ෂෝ පෙන්වීම. ගුණපාල මාම 71 කැරැල්ල කාලෙ ඉදල තද ජේ.වී.පී. කාරය. ඔය පන්ති පහට එහෙම සම්බන්ධ වෙලා කරාටි එහෙම ඉගෙනගෙන තියනව. සූර් වුනාට පස්සෙ හැමදාම කාටහරි පොලිස් ගැටේ ගලවන හැටි කියල දෙන්න ඕන. (දන්නවනෙ පොලිසි ගැටේගැන. පිටිපස්සෙසන් ඇවිල්ල අත්දෙකට යටින් අතදාල බෙල්ල පිටිපස්සෙන් අල්ල ගන්නෙ)

ඉතින් ගුණපාල මාම කියනව කාටහරි එයාට පොලිස්ගැටේ දාන්න කියල. ඊට පස්සෙ කරන්නෙ ‍"කවුරුහරි පිටිපස්සෙන් ඇවිල්ල මේ විදියට අල්ලගත්තොත් කරන්න තියෙන්නෙ මෙච්චරයි" කියල ඉස්සරහට නැවිල අල්ලගෙන ඉන්න කෙනාගෙ කකුලකින් ඉස්සරහට අදිනඑකයි. එතකොට අල්ලගෙන හිටිය කෙනාගෙ කොන්ද බිම ඇනෙනවා. ඒත් ඇත්තටම කොන්ද බිම ඇනෙන්න කලින් අපි එයාව අත්හරිනව.

ඊට අමතරව කික් කරන හැටි කියල දෙනව. ඒ වෙලාවට අපේ ආරක්ෂාව සලසගන්න ටිකක් ඈතින් ඉන්න ඕන. මොකද ඔලුවට උඩින් කකුල කරකවනව කියල කිව්වට ඇත්තටම ඉස්සෙන්නෙ බෙල්ලටත් පහලට. :)

එක දවසක් රවි අයිය අදුරන මල්ලි කෙනෙක් අපිත් එක්ක සෙට්වුනා. සුපුරුදු විදියටම මල්ලිට කරාටි උගන්වන්න ගුණපාල මාම සෙට්වුනා. ගුණපාල මාමගෙග හැටි නොදන්න මල්ලි පොලිස්ගැටේ දැම්ම. සුපුරුදු විදියට ගුණපාල මාමත් එකපාරටම ක්‍රියාත්මක උනා. එයා ගැන දන්නෙ නැති මල්ලි කොන්ද බිම ඇනගත්ත. ගුණපාල මාමා එතනිනුත් නැවතුනේ නෑ. "වැටුනට පස්සෙ සතුරා මෙල්ල කරන්න ඕන මෙන්න මෙහෙමයි" කියල විළුඹෙන් ඇන්න ඇලපතට. අන්තිමට මල්ලිට සිහි නැතිවුනා. අපේ ලේ වතුරවුනා. හදිස්සියෙ මූ මැරුනොත් එහෙම! කොහොමහරි වතුර ටිකක් මූනට ඉහලයි කොලුවට පන ගත්තෙ. කරාටි ෂෝ එතනින් ඉවරයි.

අනිත් කතාව මේකයි. ලගදි කොරියාවෙ රැකියාව කරල යාලුවෙක් ආව. එයාගෙ තාත්තට තියනව කුඹුරක්. වී වපුරන්න කලින් දවසෙ තාත්ත කොල්ලට කිව්ව ගවුචෝ මලු තුනක් ගේන්න කියල. ගවුචෝ කියන්නෙ බිත්තර වී වලට කලවම් කරන කුඩු ජාතියක්. ටිකක් මිල වැඩි පලිබෝධ නාශකයක්.
අපේ යාළුව ත්‍රීවීල් එකක් හයර් කරගෙන ටවුමට ගිහිල්ල ත්‍රීවිල් එක කඩේ අයිනටම පාක් කරවල ඉල්ලුව ගවුචෝ මලු තුනක්. මුදලාලි ඇතුලට ගිහින් ගෙනල්ල දුන්න මලු තුන. මලුවල සයිස් එක දැක්කමයි යාලුවට තරු පෙනුනෙ. පැකට් තුනේම බර කිලෝවටත් අඩුයි.


63 comments:

  1. ගුණපාල මාමට කිසි ගුනයක් නෑනෙ අප්ප නැත්නම් බිම වැටුන මිනිහට ආපහු ගහනවද?.......

    ReplyDelete
    Replies
    1. ගුණපාල මාම හොද සිහියෙන් නෙවේ ඉන්නෙ ඒ වෙලාවට. අපි දැනගන්න ඕන ආරක්ෂාව සලසගන්න.

      Delete
  2. //මම අහන්නෙ හැබෑටම ඔහේලට මේ ලෙඩේ නැද්ද?// දරුණුවටම තියෙනවා :-)

    සික්...ගුණා මාමට ගහන්ඩ තිබ්බෙ වඩාගෙන.. :-)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!! (මේක තමා මගෙ අළුත් වචනේ ඈ..)

    ReplyDelete
    Replies
    1. එසේම වේවා. "රාජ්" උනාට රාජ සම්පත් තමා නැත්තෙ.

      Delete
    2. මොකද නැත්තේ මිත්‍රයා. භාගෙට ලියපුවා තුනක් තියෙනවා පබ්ලිෂ් කරන්න. දැන් ඒව ගැන ත්යෙන්නේ ඇල් මැරුණු උණන්දුවක්.

      Delete
    3. භාගෙට ලියපුව නෙවේ මචං.. ලියල අහවර කරපුවා තියෙනවා. ඒව බ්ලොග් එක පටන් ගත්ත කාලෙ ඒවා.. අනේ මන්ද දාන්න හිතක් නැහැ.

      එක පාරක් ඔන්න ඔහෙ කියල දාල බැලුව ඒක පස්ට හිට් එකක් වුනා.. මොකක්ද කියල දන්නව ඇති..

      * රාජ් සම්පත් * කියල නම වෙනස් කරපං !

      Delete
  3. නොදන්නා මිනිස්සුත් එක්ක බොන්න හොඳ නැහැ. විශේෂයෙන් කරාටි දන්නා මිනිස්සු.

    අරු මල්ලක් කියල කිවුවාම හිතන්නේ ඇත්තේ වී මල්ලක් වගේ කියල.හෙක්ස්‌..

    ReplyDelete
    Replies
    1. නොදන්නා මිනිස්සුත් එක්ක බොන්න හොඳ නැහැ.
      ඒකනං ඇත්ත තමයි. මොන මරාලයක් කඩාපාත් වෙයිද දන්නෙ නෑ.
      ඌ හිතල තියෙන්නෙ යූරිය මල්ලක් විතර එකක් කියල. කාලයක් රට ඉදල ආව එකානේ.

      Delete
  4. රයිටර්ස් බ්ලොකේට පිලියම ලිං කටෙන්ම ගොඩ ඒමයි!

    ReplyDelete
    Replies
    1. ඕනම කෙනෙකුට-ඒ කියන්නෙ ඕනම කැටගරියක බ්ලොග් එකක් තියන කෙනෙකුට-කරන්න තියෙන්නෙ මොකක් හරි සරළ දෙයක් ලියනඑක.

      Delete
  5. අර කරාටෙ ශොට් එකනම් මරු..... :))
    ඉගෙන ඉන්න එක වටිනවා.....

    ReplyDelete
    Replies
    1. ඔයාට තමයි අන්තිම කොමෙන්ටුව. පෙන්නන්න ඕන ලින්ක් එකක් හෙව්ව මෙච්චර වෙලා. හරිගියේ නෑ.

      Delete
  6. රාජ් මම ඇනෝ ආවේ උඹ කින්ඩිය දාන නිසා. තරහ නැතුව හොඳ කොල්ල වගේ කියහං "ඇලපත" කියන්නෙ කොහෙද කියල.
    (ඇයි යකෝ දන්න සිංහලෙන් ලියහංකෝ, නොදන්න ලතින් දෙසාබාන්නේ)

    ReplyDelete
    Replies
    1. යකෝ ඇලපත කියන්නේ ඇල වෙලා නිදියනකොට පපුවේ යට්ට හිටින තැන (කිහිල්ලේ ඉඳන් ඉන දක්වා). අනේ ඇනෝ ! ඒක හොඳ සිංහල වචනයක්.

      Delete
    2. ඇත්තමද ඔය? බොහොම ටැංකූ ඔයාට!

      Delete
    3. ඇනෝ ඔයාට "ත" , "ක" මාරු වෙලා වගේ..

      Delete
    4. ඇනෝ
      උත්තරේ ලැබිල තියෙන්නෙ. මම කින්ඩිය දාපු තැනක් පෙන්නපං.

      Delete
  7. "පබ්ලිෂ් කරන්න යද්දි හිතට මදි වගේ හිතෙන්නෙ. අමාරුවෙන් ටයිප් කරන නිසා දවස් දෙක තුනක් තියාගෙන හිටියත් ඊට පස්සෙ මකල දානව. මම අහන්නෙ හැබෑටම ඔහේලට මේ ලෙඩේ නැද්ද?" මොකද නැත්තෙ,අපෝ තියෙනව, මෙක කොටලා කොටලා සේව් කරලා බ්ලොග් එකට අප් ලෝඩ් කරයින් පස්සෙ අකුරු තැනින් තැන වෙනස් වෙලා තියෙනකොට තමයි එපා වෙන්නේ, ආයිත් එඩිඩ් කරලා හරි ගස්සලා දාන්න ගියහම එපා වෙනවා.....ඔබට ජය වේවා...!

    ReplyDelete
    Replies
    1. ජයවේවා! අහන්නත් සතුටුයි. කාටත් ලෙඩේ තියනව. මං හිතුවෙ මට විතරයි කියල. :-)

      Delete
  8. ඇත්තනේ ඉතින් මලු කියලා කිවුවම හිතන්න ඇති ලොකුයි කියලා හොද වෙලාවට 6ක් විතර ගේන්න කිවුවේ නැත්තේ.. :)

    ReplyDelete
    Replies
    1. එහෙම උනානම් ලොකු වාහනයක් අරගෙන යන්න ඉඩ තිබුන.

      Delete
  9. ඔය ලෙඩේට කියන්නේ බ්ලොග් අඩස්සිය කියලයි ;)

    කරාටේ විතරක් නෙමෙයි මොන දෙයක් වුනත් යන්තං දන්න අය අනුන්ට උගන්නන්න සන්දර්ශන පෙන්නන්න යන තැන්වල ඉන්න එක භයානක වෙන්න පුලුවං.

    ReplyDelete
    Replies
    1. හා... මම ඒක දැක්කෙ නෑ. කතාව ඇත්ත.

      Delete
  10. ඔය "කරාටි" උණ මටත් පුංචිකාලේ තිබුණා. පෑනකින් මට අනින්නයි කියලා අනිනකොට ඒක කවර් කරලා ඌව බිම දානවා. මේ සෙල්ලමෙන් දවසක් එකෙකුට රිදිලා, පොල්ලකින් ගහලා මගේ උණ සනීප කළා.
    ගුණපාල මාමටනම් එසේ නොවේවා...

    ඒක නෙවෙයි උඹ ආශ්‍රය කරන ඔක්කොම ජෙප්පො ද ?

    ReplyDelete
    Replies
    1. පොල්ලකින් ගහලා මගේ උණ සනීප කළා. :-)
      මම ආහ්‍රය කරද්දි උංගෙ දේශපාලනය බලන්නෙ නෑ. හොද එවුන් නරක එවුන් ඔක්කොම ඒ අතර ඉන්නව.

      Delete
  11. සෑමා කුලේ ගැන කියද්දී රාජ් ගුණපාල මාමා ගැන කියනවා :)
    ගවුචෝ ගේන්න ගියේ උබ නේද?:D

    ReplyDelete
    Replies
    1. :D යකෝ මම නෙවෙයි ගවුචෝ ගෙනාවෙ. අපේ පැතිවල ගවුචෝ කිව්වම ඕන එකෙක් දන්නව.

      Delete
  12. අප්පෝ බීපුවම චන්ඩි වෙන ඩයල්නම් ඕනෙම නෑ...

    ReplyDelete
  13. බිව්වට පස්සෙ වාත වෙන මිනිස්සු කොහෙත් ඉන්නව අප්පා ... ඔතන තියන ලොකුම වැරැද්ද, ඌ බීලනේ ඉන්නෙ කියල කරන ඕන දහදුරා වැඩක් අනෙක් අය ඉවසන එක. ඇත්තටම උඹේ යාළුව සිරා පොරක් නේ. අපේ එකෙක් 7 - 8 පන්තිවල ඉඳිද්දි දවසක් ගෙදරින් ඌට 100 W බල්බ් එකක් ගේන්න කියල. මූ කඩේට ගියාම කඩේ 100 බල්බ් ඉවරළු. ඌ 25 බල්බ් 4 ක් අරගෙන ඇවිත්.

    ReplyDelete
    Replies
    1. //100 W බල්බ් එකක් ගේන්න කියල. මූ කඩේට ගියාම කඩේ 100 බල්බ් ඉවරළු. ඌ 25 බල්බ් 4 ක් අරගෙන ඇවිත්//
      මේවගේ ඩයල් නැත්නම් මේ සමාජය කිසි ගතියක් නැති තැනක් වෙනව. :-)

      Delete
  14. මේ දවස් වල එන්න බැරි වූණා ඔන්න දැන්නම් බ්ලොග් එක ටොප් ඉස්සර තිබුණේ අපිලිවෙළටනේ දිගටම කරගෙන යන්න මගේ සුභ පැතුම්

    ReplyDelete
    Replies
    1. ඇත්ත නේන්නම් . කෝ ඔරලෝසුව??????????

      Delete
    2. යසිරු මල්ලිලගෙ ඉස්කෝලෙ පැත්තෙ සිද්ධීන් තමයි මගේ කතන්දරවල තියෙන්නෙ.

      නාකියා
      ඔරලෝසුවෙ වෙලාව නැවතුනා බං. බැටරි බැහැල.

      Delete
  15. ගුණපාල මාමා මරු පොරක්නෙ...

    ReplyDelete
  16. පළවෙනි ඡේදෙ ගැනනම් කියල වැඩක් නෑ... මගේ දැනටත් ඩ්‍රාෆ්ට් කරපුව තියෙනව 15ක් විතර... එක හුස්මට කොටාගෙන යන ඒව විතරයි පබ්ලිෂ් වෙන්නෙ....

    ReplyDelete
    Replies
    1. මටත් ඔයලෙඩේම තමයි තියෙන්නෙ. හොදට කල්පනා කරල ටයිප් කරන ලිපි පබ්ලිෂ් වෙන්නෙම නෑ.

      Delete
  17. හපුයි ඩෙයියනේ....හික් හික්...

    ReplyDelete
  18. මම ඉතින් තවම එල් බෝඩ් කාරයානේ.අකූරැ හොය හොය තමයි කොටන්නේ.ටික ටික ඉතූරැ කරකර කොටන වැඩේ මට හරියන්නැ.ඉදගත්තොත් ඉවරයක් කරලා තමයි නැගිටින්නේ.අම්මො මට පොස්ට් එකක් කොටන්ඩ යන වේලාව. බිල් මාමාගේ ජනෙල් හොරකම මම ලියන්ඩ ඉදගත්තේ රෑ 9ට ඉවර කරන කොට 1යි.එහෙම කරලත් වැරදි එමටයි.අනේ සමාවෙලා වැරදි හදාගන කියවහල්ලා ඇ

    ReplyDelete
    Replies
    1. ගූණපාල මාමත් අපේ වීකියා වගේ.විකියගේ කත්දර සෙට් එක දාන්ඩ වෙන්නැ.අපරාදේ ඔකටම කියලා ලේබලයක් හැදුවේ.

      Delete
    2. කොටන්න පුරුදු වෙයි දිගටම කොටනකොට. විකිය ගැන දාන්න බලන්න.

      Delete
  19. ආ.... මටත් බ්ලොග් එකක් කියලා එකක් තියෙනවා නේද?????





    (බෙහෙත් ගැන දැන ගත්ත නිසා ලෙඩේ මතක් වුනා..)

    ReplyDelete
    Replies
    1. මතක් වුනාද...!? අනේ සාදු....!!!!

      Delete
    2. ඔය තියෙන්නෙ මගේ රීඩරෙත්. 1 month ago කියලත් යටින් තියනව.

      Delete
  20. මුදලාලි ගෙනත් දුන්න ගවුචෝ මොනාද අප්ප?

    ReplyDelete
    Replies
    1. අහ් කිරිල්ලි ඕව දන්න එකක්යැ. ගවුචෝ කියන්නෙ කුඩු ජාතියක්. ගොයම් වලට පණු ලෙඩ එනවට බිත්තර වී වලට කලවම් කරන. පොඩි පැකට් තියෙන්නෙ. හැබැයි මිල වැඩියි සයිස් එකේ හැටියට බැලුවම.

      Delete
  21. අහලා තිබුනේ ගෑනු ගැට ගැන විතරයි. දැන් පොලිස් ගැට ගැනත් දන්නවා. :D

    ReplyDelete
    Replies
    1. නැන්ද ඒකාලෙ දැම් ගෑණු ගැටේ නං ගුණපාල මාමට තාම ලිහාගන්න බැරිවෙලා තියනව. :D

      Delete
    2. ගෑනු ගැට පහු පහු වෙනකොට වැල වෙනවනේ..............

      Delete
  22. දැන් රාජ්ටත් හොඳට ගැටදාන්න පුළුවන් ඇති ...... ගුණපාල මාමා හින්දම ..... :D

    ReplyDelete
    Replies
    1. ගැට ලිහාගන්න නං පුළුවන්. :-)

      Delete
  23. මට පෙනෙනා ලෙසට ඇතුළෙත් ගැට පිටත් ගැට වගේ ය. මටත් මේ දවස් වල හරි ම කම්මැලිය...

    ReplyDelete
    Replies
    1. ඇගමැලි කඩල ගනිංකෝ.....

      Delete
  24. මොකෝ නැතුව. මටත් මේ ටික දොහේ තියෙන්නෙ ඔය ලෙඩේම තමයි. මං උන්නෙ මට විතරයි තියෙන්නෙ කියල. ඩ්‍රාෆ්ට් එකේ පෝස්ට් හතරක් විතර තියනව. ඒත් ඒව මදියි මදියි කියලයි හිතෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. කමක් නෑ. එකක් දාපං බලන්න.

      Delete
  25. මගේ දු.ක ට රින්ග් කරපන්කො බං. උඹෙ නොම්මරේ කොහෙද මංද හැලිල බං

    ReplyDelete
  26. ඔය රයිටර්ස් බ්ලොක් එක නම් මටත් හැදෙනවා කාලෙකට.. එතකොට ඉතින් ලිවිල්ල එපාම තමයි. මට වැඩිපුරම තිබුනෙ එහෙම කාල ද මන්දා.. හි...හි...

    ReplyDelete
  27. මේකත් අදද බං දැම්මේ ??

    ReplyDelete
  28. ඇඳුම මාරුකරලා නේ? හොඳයි හොඳයි!!
    ඒ ඩිලීට් කරන ලෙඩේ මට නම් නෑ. නමුත් මම එඩිට් නම් කරනවා.

    henryblogwalker the Dude

    ReplyDelete
  29. සෙට් වෙයන්කෝ ඔය ගුණපාල මාමව මම පොලිස් ගැටේ දාල බුවාව උඩට උස්සන්න.............කට උත්තර නැති වෙන්න.......

    ReplyDelete