Saturday, August 11, 2012

මා දුටු ඔලිම්පික්.

මේ සැරේ ඔලිම්පික් නං හරියට බලාගන්න බැරිවුනා. හරියට කිව්වෙ සජීවීව. යූ ටියුබ් ඔලිම්පික් විකාශයට පින් සිද්ධ වෙන්න ටීවී චැනල් කාරයන්ගෙ ආඩම්බර බලන්නෙ නැතිව කැමති තරග ඉසව් ටික බලන්න ලැබුන එකත් ලොකු දෙයක්.

මේ මොහොත වනවිට අංක එක ස්ථානය දිනාගැනීමට ඇ.එ.ජ. සහ චීනය අතර තියෙන්නෙ තියුණු තරගයක්. ඒ වගේම තමුංගෙ රටේ වාසිය අත්කරගත්ත බ්‍රිතාන්‍යයන් තුන්වැනි ස්ථානය දිනාගෙන තියනව. තමුන් දක්ෂ ක්‍රීඩා ඉසව් වලදි (රග්බි ලෝක කුසලානය වගේ) වෙනවෙනම තරග කරනත් අවාසිදායක තැන්වලදි එංගලන්තය, අයර්ලන්තය, ස්කොට්ලන්තය සහ වේල්සය එකතුවෙලා තරග වදින්නත් එයාල කටයුතු කරනව. රග්බි ලෝලිය වෙච්ච මට ඔලිම්පික් වල රග්බි නැතිවීම නං හෙනම පාඩුවක්. අනෙක් අතට රටවල් හැත්තෑවකටත් වැඩිය ක්‍රීඩා කරන, ලෝක කුසලානයක් පවත්වන ඒවගේ ඉසව්වක් නැතිව තිබීම පුදුමය දනවන්නක්. ඔක්කෝටමත් වැඩිය වෙඩිතැබීම වගේ මෙලෝ රහක් නැති ඉසව් ඔලිම්පික් වලට ගෙනාවෙ කවුද මංද! :)

මෙදා සැරේ ඉස්සරහට ආව අනිත් රට තමයි දකුණු කොරියාව. ජර්මනිය ප්‍රංශය ජපානය වගේ රටවල් පරද්දගෙන ඇවිල්ල රුසියාවට ගේම දෙන්න ලැහැස්ති වෙලා ඉන්නෙ. දකුණු කොරියානුවන්ගේ පසමිතුරු ඥාතියා වෙච්ච උ.කොරියාවත් රන් පදක්කම් 4ක් දිකල තියනව. රටවල් 70ක් විතර කුමන හෝ පදක්කමක් දිනල තිබුනත් අපේ රට ඉස්සරහින් තියෙන්නෙ බින්දු ටිකක් විතරයි.

තරගාවලියට කලින් මම දැක්ක සෝමාලි‍යාවෙන් ක්‍රීඩකයන් දෙන්නෙක් ඔලිම්පික් සුදුසුකම් ලබල තියනව. ඔවුන් දෙදෙනා සමඟ නිලධාරීන් දෙතුන් දෙනෙක් යනවත් දැක්ක. අපේ රටෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 7 දෙනෙකුයි නිලධාරීන් තිහක්ද කොහේදැයි ගිහිං තිබුන. කොහොම උනත් අන්තිමට සෝමාලියාවටත් අපිටත් පදක්කම් නැතත් සෝමාලියාව දිනල කියල හිතෙනව. :)

ඔලිම්පික් කියන්නෙ ලෝකයේ හොඳම ක්‍රීඩක නියෝජනයනේ. එතනදි දිනන්න පුළුවන් දක්ෂයටම විතරයි. ඒ ඒ ක්‍රීඩාවන්ට දක්ෂකම් පෙන්වන ක්‍රීඩකයන්ගේ ශරීර දිහා බැලුවම අපිට ගන්න පුළුවන් හොඳ ආදර්ශයක් තියනව. ඒ තමයි කොච්චර උනන්දුව තිබුනත් අපිට දිනන්න අපහසු ඉසව් තියනව කියනඑක. උදාහරණයක් විදියට කෙටිදුර දුවන්න පුළුවන් කැරිබියන් ප්‍රදේශවල උදවියට. (ඇමරිකාවෙ, එංගලන්තෙ සමහර දක්ෂයන්ගෙත් මුල් විහිදිලා තියෙන්නෙ ඒ කලාපයට. ඒ වගේම සුසන්තිකා වගේ කෙනෙක් ලංකාවෙන් හමුවීම මම දකින විදියට අහම්භයක් විතරයි කියලත් කියන්න ඕන). ඉතිං අපිට කරන්න වෙන්නෙ අපිට සුදුසු ඉලක්කයට වෙඩිතැබීම වගේ ඉසව් කෙරෙහි වැඩි අවධානය යොමුකිරීම. නැත්තං පදක්කම් දිනනව බොරු.

මේ සැරේ ඔලිම්පික් වල ජයග්‍රාහී ක්‍රීඩකයා කවුද? උසේන් බෝල්ට්ද, නැත්තං ෆෙල්ප්ස්ද? මගේ නං තේරීම ඔය එක්කෙනෙක්වත් නෙවේ. එයා තමයි ඔස්කාර් පිස්ටෝරියස් (oscar pistorius). පදක්කම් එකක්වත් දිනුවෙ නැති වුනත් කකුල්දෙක වෙනුවට බොරු කකුල් දෙකක් දාගෙන පැරාලිම්පික් තරගාවලියෙන් ඔලිම්පික් වලට එන්න සටන් කරල අවසානයේ ඔලිම්පික් නියෝජනය කරල මීටර් 400 තරගයේ අවසාන පූර්ව වටයටත් ආපු ගමන අඩුවෙන් තක්සේරු කරන්න පුළුවන්ද?

පිරිමි මීටර 100, 200 දෙකමත් කාන්තා මීටර 100ත් ජැමෙයිකාවට ගෙනයන්න ඔවුන් සමත් උනා. ඒ වගේම 100*4ත් ඔවුන් ජයගන්න ඉඩ තියනව. තවදුරටත් කෙටිදුර ධාවනය ඇමරිකානුවන් අතේ නැති බව පෙන්වන්න හොඳ උදාහරණයක්. ඒ වගේම ඇමරිකාවට සංක්‍රමණය වන කැරිබියන් දූපත්වාසී ධාවකයන් පසුගිය කාලෙ අඩුවුනා.

තරගාවලියෙ ශූරයන් තෝරන ක්‍රමය ගැනත් කියන්න ඕන. මම දන්න තරමින් ඒක කරන්නෙ රන් පදක්කම් ගනන අනුව.(දත් අයෙක් නිවැරදි කරත්වා). ඒත් ඒක ටිකක් අවාසියි. මොකද අනෙක් පදක්කම් වලට වටින කමක් නැති වෙනව. මේකට විසඳුමක් දෙන්න ලංකාවට භාරදෙන්නයි තිබුනෙ. එතකොට ජ්‍යාමිතික සූත්‍රයකින් හරියටම ජයග්‍රාහකයා තෝරන්න තිබුන. නැද්ද මං අහන්නෙ.

අන්තිමට කියන්න තියෙන්නෙ වැදගත් කාරණාවක්. ඒ තමයි ඔලිම්පික් වලට පස්සෙ මතුවන තහනම් උත්තේජක කේස්එක. ඕනෑම ක්‍රීඩකයෙකුට ඔලිම්පික් පදක්කමක් දිනනව කියන්නෙ රටක් රාජ්‍යක් දිනුව වගේ තමයි. ඒ වගේම ජයග්‍රාහි අවස්තාව කියන්නෙ වචනයෙන් විස්තර කරන්න බැරි තරම් සතුටුදායක මොහොතක්. ජයග්‍රහණයක් වෙනුවෙන් තමන්ගෙ රටවලින් විවිධ වරප්‍රසාදත් හිමි වෙනව. වැරදිලාවත් දිනපු කෙනෙක් තහනම් උත්තේජක අරගෙන තිබුනොත් මොකද වෙන්නෙ. එයාට නැති වෙන්නෙ පදක්කමයි කලකට තරග කිරීමේ අවස්ථාවයි විතරයි. ඒත් ඒ ජයග්‍රහණය ඇත්තටම අයිති කෙනාට ඒ අවස්ථාවේ ලබන්න තියන සතුට සම්පූර්ණයෙන්ම අහිමි වෙනව. පසු අවස්ථාවක ලැබෙන පදක්කමකින් මොකද්ද ඇති පලේ. හොඳම උදාහරණය සුසන්තිකා. ඇය‍ගේ ලෝකඩ පදක්කම රිදී බවට පත්වුනේ කොච්චර කාලෙකට පස්සෙද. මේ නිසා තමන්ට ලැබෙන්න තිබුන සමහර දේවල් නැතිවෙන්න ඇති. ඔන්න ඔය කාරණාව නිසා හිතාමතා තහනම් උත්තේජක ගන්න ක්‍රීඩකයන්ට බුරුලක් දෙන්න නරකයි. මගේ අදහස නං සිර දඬුවමක් පවා හිමිවෙන්න ඕන. අනෙකාගේ අයිතීන් නැති කිරීමේ වරදට.


69 comments:

  1. ඇත්ත.ලංකාවේ දක්ෂයෝ හිටියට උන්ට තැනක් ලැබෙන්නේ නෑ නේ.
    ඉතින් අපිට ඔලිම්පික් පදක්කම් කියන්නේ හීන විතරයි :(
    http://sandanathisanda.blogspot.com/2012/08/we.proud.of.u.niluka.html

    ReplyDelete
    Replies
    1. ඔලිම්පික් පදක්කමක් දෙනව 1 උනාට. :)
      ඇත්ත. නිලූකට පුහුණුකාරයෙක් නැතිවුනාට මෙහෙන් තිස් ගනනක් ගියා. මේ තත්වය තියනකල් ඔලිම්පික් කියන්නෙ හීනයක්.

      Delete
  2. sms වලින් තේරුවොත් මමත් මැසේජ් කරන්නේ ඔස්කාර් පිස්ටෝරියස් ට.

    ReplyDelete
    Replies
    1. හ්ම්. මම ඔහුගෙ කතාව ටිකක් කියෙව්ව. හැබෑ වීරයෙක්.

      Delete
  3. ලංකාවේ ක්‍රීඩකයො වගේ කීප ගුණයක් නිලධාරීන් යනකොට මම හිතුවෙ උන් හරි ලංකාවට පදක්කමක් ගෙනේවි කියලා...

    ReplyDelete
    Replies
    1. ප්‍රමාණයට පදක්කම් දෙනවනං අපිටත් ලැබේවි.

      Delete
  4. ක්‍රීඩාවේ ජීව ගුණ්ය ගැන ලියල තියෙනව වගෙයි...මරු...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. ලියන්න හිතුන.

      Delete
  5. අවතාර්ගේ කැමැත්තත් රාජ්ගේ කැමැත්තම තමා අන්න විනර්ස්ලා

    ReplyDelete
    Replies
    1. හ්ම්. ස්තුතියි ප්‍රතිචාරයට.

      Delete
  6. කතාව ඇත්ත අර මනුස්සයාට තමයි පදක්කමක් දෙන්ඩ වටින්නේ. ඒ මනුස්සයාගේ තිබ්බ කැපවීම් වලට !
    ලංකාව ගිනස් වාර්තාවක් තියලා ලු නෙහ්.. වැඩිම නිලධාරි මණ්ඩලයක් සහභාගිත්වයෙන් !

    ReplyDelete
  7. හ්ම් ... කියෙව්වෙමි.

    ReplyDelete
  8. පෝස්ට් එක ලියලා තියෙන රිද්මය ක්‍රීඩාවත් එක්ක අපූරුවට පෑහෙනවා.

    ReplyDelete
    Replies
    1. හ්ම්. හිතුන අල්ලල යයි කියල.

      Delete
  9. Replies
    1. සමස්ත ජය ලබන රට තේරීමට මං කැමතියි පහත "ජ්‍යාමිතික සූත්‍රය" යෝජනා කරන්න.

      (3 * sum(gold) + 2 * sum(silver) + sum(bronze))
      -----------------------------------------------
      (sum(gold)+ sum(silver) + sum(bronze))

      Delete
    2. හොඳ ක්‍රමයක් කසූ.

      Delete
    3. කමෙන්ට් එක ඩිලීට් කලාම මම හිතුවේ මුග්ධ ප්‍රතිචාරයක් කියල

      Delete
    4. "This comment has been removed by the author"
      not the administrator

      Delete
  10. //එතකොට ජ්‍යාමිතික සූත්‍රයකින් හරියටම ජයග්‍රාහකයා තෝරන්න තිබුන.//

    මේක සිරා...

    ReplyDelete
    Replies
    1. ඒකනෙ සෑම් අපිට දෙන්න කියල ඉල්ලුවෙ. ඕං කකා සූත්‍රයක් හදල.

      Delete
  11. ඔලිම්පික් වල හොරා කන ඉසව්වක් තිබුණ නම් කාන්තා/ පිරිමි භේදයක් නැතිව ඔක්කොම ඉසව් ටික දිනන්න තිබුණා... හා නැද්ද?

    ReplyDelete
  12. මම නම් ඔය ඔක්කොටම වඩා කැමති කාන්තා බීච් වොලි බෝල් වලට.

    සමස්ත ජයග්‍රාහකයා සොයන එක බන්දුල ගුණවර්ධන මහත්තයට දුන්න නම් හරි

    ReplyDelete
  13. //කෙටිදුර දුවන්න පුළුවන් කැරිබියන් ප්‍රදේශවල උදවියට//

    රාජ් මේ ගැන ඊයේ TV එකේ සාකච්ඡාවක් තිබුනා..මයිකල් ජොන්සන් සහ කොලින් ජැක්සන් සමග. මයිකල් ජොන්සන් C4 එකේ වාර්තා වැඩසටහනකුත් කලා කළු ජාතිකයන්ගේ ධාවන හැකියාව ගැන.

    Johnson says: ‘It is currently being researched to see how much of a factor being descended from slaves contributes to athletic ability.’

    මෙතනින් බලන්න පුළුවන් තව විස්තර.

    http://www.dailymail.co.uk/news/article-2167064/London-2012-Olympics-Michael-Johnson-descendants-slaves-medals-sprint-finals.html

    http://www.dailymail.co.uk/sport/olympics/article-2185692/London-2012-Olympics-White-men-run-apart-Christophe-Lemaitre.html

    ReplyDelete
    Replies
    1. කරිබියන්ලා නෙමෙයි අපිත් කෙටි දුර ධාවනයේ හපන්නු වෙලා හිටිය.90 දශකයේ ලංකාව හැඳින්වුණේ " ආසියාවේ කළු අශ්වයා " කියල.ශ්‍රියන්ත දිසානායක මීටර් 100 දිනල "ආසියාවේ වේගවත්ම මිනිසා "වෙලා පටන් ගත්තු ගමන සුගත්, දර්ශා, ශ්‍රියානි, රොහාන් ප්‍රදීප් ආදී ක්‍රීඩකයන් හරහා උපරිමයට ආවෙ සුසන්තිකාගේ ඔලිම්පික් ජයග්‍රහණයත් එක්ක.මීටර් 100,200,400 තරගවල ආසියානු මට්ටම දක්වා චීනය ,ජපානය, ඉන්දියාව වගේ දැවැන්තයෝ පරදවල අපි පුංචි ක්‍රීඩා අධිරාජ්‍යයක් හදා ගෙන හිටිය.අපේ අනිත් හැම දේම වගේ මේවත් දැන් අතීත මතක විතරයි.එකක් එදත් අපි මෙහෙම උඩට ආවෙ නිලධාරින්ගේවත් දේශපාලන නායකයින්ගේවත් සැලසුම් දස්කම් හින්ද නෙමෙයි. තමන්ගේ සහජ හැකියාව සහ පුහුණුව නිසා බාධක බිඳ ගෙන උඩට ආපු කෙල්ලෝ කොල්ලෝ ටිකකුත් උන්ව හරියට දැකල උඩට ගෙනාපු පුහුනුකරුවොත් නිසා.අපිට කවදාවත් අනික් කිසිම දේක වගේ ක්‍රීඩාවටත් හරි හමන් සැලසුමක් තිබ්බේ නැහැ.වාසනාවකට මහවැලි ක්‍රීඩා, යොවුන් ක්‍රීඩා වගේ ගමේ ක්‍රීඩකයන්ට තමන්ගේ ටැලන්ට් එක පෙන්නන්න ක්‍රීඩා උළෙල කීපයකුත් දක්ෂ පාසල් ළමුන්ට හරි හමන් පුහුණුවක් ගන්න ක්‍රීඩා පාසල් කීපයකුත්( උදා: තෝලංගමුව ඩඩ්ලි සේනානායක විදුහල ) තිබුන.අද මේවත් නිකන්ම දේශපාලන සංදර්ශන වෙලා.

      Delete
    2. kandyan
      බලන්නම්.

      ඇනෝ,
      කියන කතාව හරි. ආසියානු මට්ටමේ මළල ක්‍රීඩා දක්ෂයන් ටිකක් අප‍ට හිටිය. දැන් ඒ වගේ අය නැතිවෙන්න හේතුව, ඔවුන් සොයාගෙන නොයාම වෙන්නත් පුළුවන් සහජ දක්ෂයන් නොමැතිවීම වෙන්නත් පුළුවන්. දේශපාලනයත් එක්ක කිසි දෙයක් කරන්න බැරිවෙලානෙ අද.

      Delete
    3. ඇනෝ සමග එකගයි.

      Delete
    4. ඇනෝගේ කතාවට මමත් එකඟයි. අපිට එහෙම අතීතයක් තිබුනා. ඒ වගේම අමතක කරන්න එපා විමලදාස, ප්‍රේමචන්ද්‍ර වගේ අය. එදා අමෙරිකානුවෝ කෙටිදුර ධාවනයේ රජ කරගෙන හිටියා..අද ජැමෙයිකානුවෝ ඒ තත්වෙට ඇවිත්. අපිටත් හරි සැලසුමක් තියේ නම්?????

      Delete
    5. ඇනෝ සමග මාත් 100% එකඟයි.! අනේ ඇත්තට අපේ රටට යන කල..

      Delete
  14. ඇත්තටම තරඟාවලියෙ ශූරයා ‍තෝරන්න අපේ කශ්ටියට දෙන්නයි තිබ්බෙ. :D

    තහනම් උත්තේජක භාවිතය ගැන රාජ්ගෙ අදහසට මම මුලුමනින්ම එකඟයි

    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
  15. අර පත්තරේක තිබුනා වගේ වැඩිම නිළධාරියෝ ගිය , අඩුම ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගිය රට හෙව්වොත් ලංකාවට රන් පදක්කම හම්බෙනවා ෂුවර්....

    ReplyDelete
  16. මේ පාර ඔලිම්පික්වල මේ දක්වා හොඳ සමාලෝචනයක්. බලමුකෝ ඉස්සරහට එන ටික ටිකත්...

    ReplyDelete
  17. 2000 සිඩ්නි ඔලිම්පික් වලදී මී:200 ට රිදී දිනපු සුසන්තිකාගේ කාලය වුනේ තත්පර 22.28 යි. රන් දිනපු Pauline Davis ගේ කාලය වුනේ තත්පර 22.27 යි. "අපිට" ඔලිම්පික් "රන්" පදක්කමක් අහිමි වුනේ තත්පරයෙන් සීයෙන් එකකින් :-(

    ReplyDelete
    Replies
    1. ඔව්. ඇත්ත. ඒත් ඒ වෙලාවෙම රිදී පදක්කම ලැබුනනම් කොච්චර ‍ෙහාඳද

      Delete
  18. අපේ උන් කිසිම පදක්කමක් අරන් නැහැ නේද?
    අහෝ ලංකා මාතාව

    ReplyDelete
  19. ඔස්කාර් පිස්ටෝරියස් ගේ කතාව මමත් ටිකක් දැන ගත්තා මෙහේ නිවුස් වල පවා වැඩියෙන් කත කල නිසා.. ඇත්තටම අගය කරන්න ඕන දක්ශයෙක්..

    ReplyDelete
  20. ටිකක් දක්ෂ තාවයන් තියෙන ක්රිදකයෝන්ට සැප දෙනවා වැඩි එහෙම නැත්නම් පාලකයෝ ඉදිරියට යන්න දෙනවා.සුගත් තිලකරත්න සුසන්තිකා වගේ අය ආවේ සැප ලබල නෙවෙයි රටේ දක්ෂයෝනම් නැතුව නෙවෙයි මොකක් ක=හෝ වරදක් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. සැප අයින්කරල බලමුද!

      Delete
  21. //විසඳුමක් දෙන්න ලංකාවට භාරදෙන්නයි තිබුනෙ
    එල විසදුමක් හම්බවෙයි..
    රත්තරං මැඩල් එකයි රිදී මැඩල් එකයි මේම කරලා කම්බයින් කරලා ලෝකඩ වලිං බෙදුවම උත්තරේ එන විදහට හදලා දෙයි...

    ReplyDelete
    Replies
    1. ඒකත් හොඳ ක්‍රමයක්.

      Delete
  22. ඔලිම්පික් ඉසව්වක් විදිහට රති ක්‍රීඩාව තිබුනානම් අකුරැස්සේ ළමා අපචාර සාරුවා සුනිල්ව ලන්ඩන් යවන්න තිබුනා.

    ReplyDelete
    Replies
    1. හැබැයි සාරුවට වැඩි වෙලා බෑ ලු. :D

      Delete
  23. ඔලිම්පික් බැලුවෙමි.. ඉතියෝපියාව පදක්කම් දිනන ලස්සන දුටු මට ඇඬුණි..
    හොඳ ලිපියක් සහෝ..

    ReplyDelete
  24. INTERESTING ARTICLE, THANKS. - UNCLE -

    ReplyDelete
    Replies
    1. හලෝ අංකල්. සාදරයෙන් පිලිගන්නව. බොහොම ස්තුතියි ‍දිරිගැන්වීමට.

      Delete
  25. රුසියාවත් නැවත නැගිටින හැඩයි..නේද..උස පැනීම මැදිදුර දිවීම වගේ.... ඉදිරියටම ඇවිල්ල.
    අපේ රටට වෙලා තියෙන දේ ගැන මොනව කියන්නද මන්දා....!!! ලේ කුපිත වෙන එක තමයිවෙන්නේ..!

    ReplyDelete
    Replies
    1. රුසියාව සාමාන්‍යයෙන් අන්තිම දවස්වල පදක්කම් දිනන රටක්. තරගාවලිය එංගලන්තයේ නොතිබෙන්න රුසියාව 3ට එන්න ඉඩ තිබුන.

      Delete
  26. ඔලිම්පික් + ලංකාව = මට ඇඩෙනවා...

    ReplyDelete
  27. මුල් දවසෙ ඉඳන් හැම දාම මම ඔලිම්පික් බැලුවා..අපේ රට ගැන දුකයි..කේන්තියි.

    ReplyDelete
  28. වටින වචන ටිකක්. විශේෂයෙන් අර තහනම් උත්තේජක කතාවග

    ReplyDelete
  29. ලංකාවේ කෙටි දුර පදක්කමක් ගන්නවා කියන ඒක දැන් හීනයක් තමයි... ආයෙමත් සුසන්තිකා වගේ ක්‍රීඩිකාවක් බිහිවෙයි කියලා හිතන්න අමාරුයි..

    ReplyDelete
  30. මට නම් හොඳම ආදර්ශයේ දෙන්නේ දකුණු කොරියාවයි.. ආර්ථික වශයෙන් පහලම මට්ටටම්කින් පටන් අරන් ආර්ථික යුද්දයත් දිනලා අද ඔලිම්පික් තරඟවලදී පලවෙනි රටවල් පහ අතරට ඇවිත්.. මම දැකල තියෙන දේ වල හැටියට ඔවුන් තව ඉදිරියට යන එක විශ්වාසයි අපේ රටට හේනේ ගහල තියෙන්නේ ක්‍රීඩකයින්ගේ හැකියාවල් ඉදිරියට ගෙනෙන්න අවශ්‍ය පසුබිම කවදාවත් නොතිබීමයි..

    ReplyDelete
  31. ලංකාවට රන් පදක්කමක් දෙන්ට වටිනවා අර ක්‍රීඩකයින් හත්දෙනාට නිලධාරීන් තිස් ගණනක් යවපු එකට. ඒක ලෝක වාර්තාවක්...:)

    ReplyDelete
  32. ඔලිම්පික් සහ ලංකාව ගැන කියලා වැඩක් නැත.ඔස්කාර් පිස්ටෝරියස් නම් නියම දිරියවන්තයෙක්.

    ReplyDelete
  33. අර ආබාධිත ක්‍රීඩකයා ගැන පත්තරේ මමත් දැක්කා... පුදුම ධෛර්යවන්තයෙක්....

    ReplyDelete