Tuesday, August 14, 2012

කූඩුකල වඳුරෝ සහ රාජ්‍ය සේවකයෝ.

sensored

94 comments:

  1. //මොකද්දෝ සමිතියකට වතුර ටැංකියක් අරං දුන්න? එතකොට ඒ වවුචරේට වතුර ටැංකියෙ පොටෝ කොපියක් අමුනන්න ඕනවෙයිද? (තදින් සිනා)//

    හපොයි දෙයියනේ...මට ඊටත් වඩා තදින් සිනා...:)))))

    ReplyDelete
  2. "පෙරකලේ මෙහේමයි කියන කියමන " නිසා ආයතන තුල රාජකාරි කටයුතුවලදි බොහෝ මත ගැටුම් ඇවිලියන අවස්ථා එමටය බොහොවිට මෙවා දක්නට ලැබෙන්නේ පැරනි සහ නවක සෙවකයන් අතරයි. ආයතන ප්‍රධානින් විසින් හෝ නිසිලෙස සැකසු චක්‍රලේඛයන් මගින් සේවකයන් දැනුවත් කරනවානම් මෙවන් ගැටළු කාරී අවස්තා මගහැරගත හැකිය

    ReplyDelete
    Replies
    1. අවාසනාවකට ඒ දේවල් සිදුවෙන්නෙ නෑ බං.

      Delete
  3. අපේ ක්‍රමය මීට වඩා ටිකක් වෙනස්. ඇස් කන්නාඩි මිලදී ගත් බවට සහතික කිරීමක් වශයෙන් එය අනුමත කරන නිලධාරියා "රාජකාරි වේලාව තුලදී උපැස් යුවල පැළඳ සිටිනු දක්නා ලදී" කියල අර වවුචරයේ සටහනක් දානවා.

    අපෙත් ඔය වගේ කිසිම තර්කානුකුල නැති නීති තියෙනවා.

    ReplyDelete
    Replies
    1. යම්කිසි භාණ්ඩයක්‍/සේවාවක් සම්බන්ධ ගෙවීමකදී ඊට අදාල සියල්ල වවුචරයේ සටහන් කිරීම ප්‍රායෝගික නොවේ. ඕනෑම අවස්තාවක, ගණුදෙනුව පිලිබඳ විස්තර සියල්ල සොයාගතයුතු මට්ටමට තිබීම ප්‍රමාණවත්ය.

      Delete
  4. අපිට බඩු ගේන පොරක් ඉන්නවා රාජ්.මිනිහා ආයතනයේ සේවකයෙකූ නොවුනත් ආයතනය තූල අසීමිත බලයක් ගොඩ නගාගන තියනවා.මෑන්ට අරගන එන්නේ තත්වයෙන් බාල අමුදුව්‍ය සහ උපාංග .ඒ එව්වායෙන් මිනිහට අධික ලාබයක් ලබා ගන්ඩ පුළුවන් හින්දා.අන්තිමට එව්වා හයිකරන්නේ මම විකූණුවට පස්සේ එන ප්‍රශ්න වලට උත්තර දෙන්න ඕන මම, ඒ හන්දා මුළු ඉදලම මම එව්වාට විරුද්ධ උනා.අන්තිමට මිනිහා මාකට් එකේ අරක නැ මේක නැ කියලා මට අවශ්‍ය දේවල් ගේන එක මග ඇරියා.මම තියන තැන මිනිහට කියලා. අදාල තැනින් එව්වා ඇණවුම් කරලා අරගන එන්න කියුවා.අන්තිමට මිනිහා කෑලිවල සාම්පල් ඉල්ලුවා.(මහන මෙෂින් පාට්ස් වලට දන්න එකෙක් සාම්පල් ඉල්ලිම විහිලුවක්, වර්ගය සහ මොඩලය කියපුවහම විකූණන ගෙන්නන උන් දන්නවා මොකක්ද කියලා)මමත් ඉතින් උස්සගන යන්ඩ බැරි තරම් බරට පාට්ස් ගලවලා දෙනවා.එනකොට බර දෙගූණයක් වෙනවා.

    හැම තැනම ඔහොම තමා තමන්ට ලැබෙන බලය හරිද වැරදිදද වැඩක් ඇති වැඩක්ද නොබලා ඒ බලයේ අනුහසින් කලින් කරපුවා කරපින්නගෙන යන එක තමා කරන්නේ

    ReplyDelete
    Replies
    1. එහෙම බැලුවම රාජ්‍ය සේවය හොඳයි. විශේෂයෙන් මිලදීගැනීම් තීරණය කිරීමේදී කරන්න ඕන මොකක්ද එපා මොකක්ද කියල පැහැදිලිව කියල තියනව. බාල තෙල් සිද්ධීන් වගේ දේවල් ඇතිවෙන්නෙ ඒව උල්ලංඝනය කිරීම නිසා.

      Delete
  5. රාජ් ගේම මයි ඉල්ලන්නේ..

    අපි නම් ශෙඩ් එකෙන් වාහනේට ප්‍රෙට්ට්‍රල් ගැහුවත් බිල් ඉදිරිපත් කරන්නෙ නැහැ. උබ කිව්ව වගේ අතීතේ සිට අපේ කම්පැනියේ හිටපු එවුන් පුරුදු කරල තියෙන හොද පුරුදු ඒවා. අලුත් එකෙක් වෙනස් කරන්න හැදුවොත් ඌ ඉදල ඉවරයි !!

    ReplyDelete
    Replies
    1. ඉතිං උඹලගෙ එවුන් වැඩිපුර පෙට්‍රල් ගැහුව කියල ගසාකන්නෙ නැද්ද? එහෙමත් නැත්තං අර අරුණි ෂපිරෝ අක්ක කියන්න වගේ "නීති රීති වැඩිවෙනකොට කඩන උදවියත් වැඩිවෙනව" කියන කතාව අනුව වැරදි කරන්නෙ නැද්ද?

      Delete
    2. "නීති රීති වැඩිවෙනකොට කඩන උදවියත් වැඩිවෙනව"
      ඒ කතාව ඇත්ත රාජ්

      Delete
  6. මම එකත් කියෙව්වා. සමහ වෙලාවට මම ඒකේ දාපු කොමෙන්ට් එක උඹ දකින්නත් ඇති. අපේ රටේ බුද්ධියේ ඉහලම තැන කියලා පිලිගන්නේ විස්ස විජ්ජාල පද්දතිය නේ. ඒත් ඒකේ ඉන්න මහාචාර්යවරු සුද්දෝ 1948 දමලා ගහල ගියපු සිලබස් ඔළුවේ තියාගෙන ලෝගුවකුත් දාගෙන ඉන්නවා. සුද්දා අඟහරුගේ ලෑන්ඩ් සේල් කරන්න යනවා. අපි දුටුගැමුණු රජ්ජුරුවන්ගේ කඩුව හොයනවා. කොස් කොටන්න.

    ReplyDelete
    Replies
    1. ඇත්ත. යාවත්කාලීන නොවී ඉඳම නොදියුණු බවේ මුල.

      Delete
    2. @ මාතලන්
      +++++++++++++

      Delete
  7. ලංකාවේ බොහෝ දේ ක්‍රියාත්මක වෙන්නේ කෙනෙකුට දෙයක් ලැබීම වලාවන විදියට. ස්වල්ප දෙනෙක් කරන හොරකම මේකට රුකුල් දෙනවා. නිළධාරින් බලන්නේ මොනවා හරි කියල කපාහැරීම ක්‍රියාත්මක කරන්න. සමහරවිට් චක්‍රලේඛණ වඅල නැති දේ පවා කියනවා. එහෙම දේවල් පළමු අවස්තාවෙන්ම් වලක්වා ගන්න ඕන. නැත්නම් අර නීතියට පෙර පරිචය(Practice before law) ඉදිරියට එන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. //ලංකාවේ බොහෝ දේ ක්‍රියාත්මක වෙන්නේ කෙනෙකුට දෙයක් ලැබීම වලාවන විදියට. ස්වල්ප දෙනෙක් කරන හොරකම මේකට රුකුල් දෙනවා//

      නීතිරීති කොච්චර තදට තිබුනත් දැක්කනේ බාල තෙල් 4 සැරයක් රටට ආව හැටි.

      Delete
  8. අපේ තාත්තත් රජයෙ සේවකයෙක් නිසා මමත් ඔය වගේ කතා අහල තියෙනව රාජ්. ඒ විතරක් නෙවෙයි අපිට ඒ නිසා අකරතැබ්බෙකටත් මුහුණ දෙන්න සිදු වුනා. ඒ අත්දැකීම මම මෙතන ලියන්නම්. ඔය වගේ වැරදි කේස් එකක් ගැන තාත්තා එවකට වැඩ කරපු ඔපීස් එකේ ප්‍රා/ලේ ට අදාල ගෙවීමක් සම්බන්ධව ඔහු සමඟ කරපු කතාවක් ටිකක් දුරදිග ගිහින්, ප්‍රශ්නෙ පසුව ඒ ගෙවීම කරන්න බැහැ කියල විසඳුනත් එයා ඒක හිතේ තියාගෙන ඉඳල. ඒ ප්‍රා/ලේ අපේ ගෙදරත් ඇවිත් ගිහින් තියෙන හොඳින් හිතවත්ව හිටපු කෙනෙක්. පසුව එයා ටික කාලයක් මෙහේ ස/දි/ලේ වෙල ඉඳල දි/ලේ වුනා. එතකොට තාත්ත පෙන්ෂන් ගිහින් හිටියත් අපිට මුහුණ දෙන්න වුණු අභාග්‍යසම්පන්න සිද්ධියකදි දි/ලේ පුද්ගලිකව මැදිහත්වෙල තාත්තා නිවැරදියි කියල දැන දැනම ඒ ප්‍රශ්නෙ අවුල් කරන්න ට්‍රයි කළා. ඒ සිද්ධිය ගැන පොලිසියෙන් වෙනම පරීක්‍ෂණයකුත් කළා. පසුව අපි කවුරුවත් වැරදි කරල නැති නිසා අපි චෝදනාවලින් නිදහස් වුනත් ඔය වගේ සිද්ධි සම්බන්ධයෙන් නිලධාරීන් තරහ කරගන්න එක එච්චර ඇඟට ගුණ නෑ කියල තමයි මට අන්තිමට හිතෙන්නෙ. මොකද ප්‍රශ්නයක් ඇති වුනාම කවුරුත් එකතුවෙල ඒක විසඳගන්නවට වඩා ඔය ඔෆීස්වල දි වෙන්නෙ වැරැද්ද පෙන්නපු එකා තනි කරල අනිත් එවුන් ඇඟ බේරගෙන හොඳ මිනිස්සු වෙන එක. කෙහොමටත් ඉතිං එක එක පුද්ගලයන්ගෙ ගති පැවතුම් අනුව තමා ඒක තීරණය වෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. අසාධාරණයට විරුද්ධවෙන අවස්තාවෙම දැනගන්න ඕන තමුන්ට සතුරන් ඇතිවෙනබව. ඒත් කරන්න දෙයක් නෑ. දිනකට පැය 8ක රාජ්‍ය සේවය ඇතුලේ කවුරු තරහ උනත් හරිදේ කරන්න වෙනව. නැත්තං ඒක අපි වෙනුවෙන් බදු ගෙවන මිනිස්සුන්ට කරන අසාධාරණයක්. කාගෙන් බේරුනත් හෟද සාක්ෂියෙන් බේරෙන්න බෑනේ.

      Delete
    2. රාජ් විදියට හිතන මිනිස්සුන්ගෙ මතය ඉස්සරට එනවනම් ලන්කාව අශ්චර්ය වෙන එක ,බය ගුල්ලො වගේ තමන්ට ලබෙන වාසි කෑපෙනවට අසාධරනෙට ඈස් පියගෙන ඉන්න උන්ට රත් වෙන්නෙ ඌට දෙයක් උනම,එතකොට කතා කරන්න ඉන්න මිනිස්සුත් මෑරිල ඉවරයි.

      Delete
    3. රාජ් විදියට හිතන මිනිස්සුන්ගෙ මතය ඉස්සරට එනවනම් ලන්කාව අශ්චර්ය වෙන එක sure,බය ගුල්ලො වගේ තමන්ට ලබෙන වාසි කෑපෙනවට අසාධරනෙට ඈස් පියගෙන ඉන්න උන්ට රත් වෙන්නෙ ඌට දෙයක් උනම,එතකොට කතා කරන්න ඉන්න මිනිස්සුත් මෑරිල ඉවරයි.

      Delete
    4. ඇත්ත! ඔය තත්වය නැතිවෙන්න නං මිනිස්සු පුළුවන් තරම් දැනුවත් වෙන්න ඕන. දියුණු රටවල් දැන් ඉන්න තත්වයට ඇවිල්ල තියෙන්නෙ මේ අවධිය පහුකරගෙන.

      Delete
  9. mamath rajaye sewakayek hatiyata payments sambandawa deerga kalayaka athdakeem thiyanawa. (head of accts.br.)- - ada 14th aug. - kakage post eke ano commts. 1, 2, 5. magen. uncle -

    ReplyDelete
    Replies
    1. හහා.......//කණ අභ්‍යන්තරය ඉතා සියුම්ය. එය මෝඩයින් පිනුම් ගහන පිට්ටනියක් විය යුතු නොවේ.//
      නියම කියමන. මොකද සිංහලෙන් පුළුවනකම තියෙද්දි ඉංග්‍රීසියෙන් කොටන්නෙ? :)
      ඉංග්‍රීසි කැපිටල් අකුරෙන් ටයිප් කිරිල්ල අංකල්ගෙ අනන්‍යතාවය වගේ නේද?

      ඔය අත්දැකීම් දාන්න බ්ලොග් එකක.

      Delete
  10. ඉස්සර කලේ මෙහෙමයි කියාගෙන ඉන්න උන් හැම තැනකම ඉන්නවා... සමහර උන් දන්නෙත් නැහැ ඇයි එහෙම කරන හේතුව කියල.. හරියට අර වදුරෝ කතාවේ ඉන්න අලුත්ම වදුරෝ වගේ..මේවා ගොඩක්ම තියෙන්නේ රජ්‍ය ආයතන වල තමයි..

    ReplyDelete
  11. රාජ්ගේ කතාව දැක්කම මට ඒ වගේ ගොඩක් එවුව මතක් උනා. ලංකාවේ මන් වැඩකළ ආයතනයේ මට අදාළ දෙපාර්තමේන්තුව මම බාර ගත්තට පස්සේ මට සිද්ද උනා ගොඩක් අංශ වහල අනිත් එවුවට ඒකාබද්ධ කරන්න. ඒ මොකද ඒ තැන්වල බොහොමයක් තිබුනේ එකම වැඩේ දෙපොලක කිරිල්ල. ඒ වගේම කිසිම ප්‍රයෝජනයකට නැති පොත් පත් ලියකියවිලි පවත්වාගෙන යාම. මේ දේවල් වෙනස් කරන්න මට ලොකු සටන් කරන්න සිදු උනා. සේවක පැත්තෙන් සමිති එක්ක ප්‍රශ්න මං බොහොම ලේසියෙන් විසඳ ගත්ත ඒ මොකද කිසි කෙනෙකුට අලාබයක් නොවෙන විදිහට ඒවා කල නිසා .. ප්‍රශ්නේ ආවේ ඒ තැන් වල රජ කරලා ඉහලට ගිය මගේ උසස් නිලයින්ගෙන් .. මම ඒ ගොල්ල අතරේ නම් ජනප්‍රිය උනේ නැහැ..

    ReplyDelete
    Replies
    1. හොඳ මාතෘකාවක් මතුකලේ. එකම කාර්ය දෙතැනක සිදුවීමත් වෙනම කතාකරන්න ඕන දෙයක් තමයි. මේව වලක්වන්න පුළුවන් "බොසා"ට හොඳ අවබෝධයක් තියනව නම්. සරත් අයිය කරල තියෙන්නෙ හොඳ වැඩක්. ඔහොම ප්‍රධානියෙක් හිටියනම් දනී රාජකාරී කරන හැටි.

      Delete
  12. //හේතුව වශයෙන් දැක්වූයේ පැය 8ක් සේවය කලද දිවා ආහාරය සඳහා පැය භාගයක් කපාදැමූ විට සේවයේ යෙදී ඇත්තේ පැය හතහමාරක් බවයි.(සාමාන්‍යයෙන් රාජ්‍ය සේවකයෙකුට පැය භාගයක කාලයක් දිවා ආහාරය සඳහා ලැබේ-ඇතැමුන් මෙය නීති විරෝධීව පැය 2ක් පමණ හිතුමතේ දීර්ඝ කරගනී)//

    මේක නම් මාර නීතියක් අනේ...:)
    හොඳ වෙලාවට මම ඔය කන්තෝරුවේ වැඩ කරන්නේ නැත්තේ...:D

    ReplyDelete
    Replies
    1. මොකද්ද මාර නීතිය? භාගෙ දෙක කරනඑකද භාගෙ කපන එකද?

      Delete
  13. ඇත්ත ඉස්සර ඉදන් තිබ්බ පලියට අදට නොගැලපෙන දේ කිරීම වැඩක් නෑ.....

    ReplyDelete
  14. oya wage gon ala thama innawa.sahenna hithata aran inne balapuhama danna dekuth ne nodanna dekuth ne :)

    ReplyDelete
  15. හෙන පොතක්නේ පෙරලලා තියෙන්නේ

    ReplyDelete
  16. ගෑනු එක්කනං වැඩ කරන්න ගියාම එපා වෙනවා..අපරාදෙ කාලෙ...

    ReplyDelete
    Replies
    1. ගෑනු වැඩිවීමත් ප්‍රශ්නයක් තමයි. ඒ ගැනත් ලියන්න හිතාගෙන හිටිය. දවසින් දවස පහුවුනා.

      Delete
  17. රාජ්‍ය සේවයේ ඉන්න බොහොමයක් අය හිතාගෙන ඉන්නේ තමන් කරනදේ තමා හරියටම හරි කියලා. ඒ වගෙම තමයි එයාලා කරන වැඩකුත් නැහැ ඒත් එයාලාගෙන් වැරැද්දක් වෙලා එක කිවොත් පිලිගන්නෙත් නැහැ. අලුතෙන් රාජ්‍ය සේවයට බැදෙන තරුණ පරපුරවත් මේ තත්වය වෙනස් කරන්න උත්සාහ ගන්නේ නැහැ. එයාලාත් පරණ අය විදිහටම හැඩ ගැහෙනවා. ඒ සම්මතය බිදින්න උත්සාහ ගන්න අයට පවතින්න ඉඩ දෙන්නේත් නැහැ. මේ තමා රාජ්‍ය සේවයේ තත්වය...

    ReplyDelete
    Replies
    1. අලුතෙන් එන උදවිය වැටෙන්නෙත් ඒ ගොඩටමනේ. දන්නවනෙ ගිරා පැටවු දෙන්නගෙ කතාව. ඒවගේ තමයි.

      Delete
    2. ඒ වුනාට අර ළඟදි දීපු උපාධි පත්වීම් අරගෙන ඔය ඔෆීසිවල වඩට ආපු ගෑනු දැරිවියො වැඩි දෙනෙක් මාර පණ්ඩිතයි. උපාධිය නිසාද මන්ද එයාල හිතන් ඉන්නෙ ඔක්කොම දන්නව කියල. කියන මලදානයක් තේරුම් ගන්නෙත් නෑ, දන්න ඉටිගෙඩියකුත් නෑ. සතියක් කාපුව පිච්චෙනව එයාලට දෙයක් තේරුම් කරන්න ගියාම. ඒ අතින් නම් අළුත් පරණ කියල නෑ, සමහර ගෑනු ලඩි මට පේන්න බෑ.

      Delete
    3. ඔයාගෙ කතාව 100%ක් හරි. දැන් ටිකකට කලින් දැනගත්ත සිද්ධියක් කියන්නම්.
      අපේ කාර්යාලය කිට්ටුව කාර්යාලයකට ඇවිල්ල තියනව ඔය කියන උපාධිධාරීන් පිරිසක්.(අපේ කාර්යාලයෙත් ඉන්නව. හැම තැනටම දාල තියනවනේ). කාර්යාලයේ ප්‍රධානියා මමත් තරමකට දන්න හොඳ මනුස්සයෙක්. එයා කරල තියෙන්නෙ උපාධිධාරීන් තමුංගෙ කාර්යාලෙ එක් එක් අංශවලට අනුයුක්ත කිරීම(වැඩ ඉගෙනගැනීමට). ඒත් හිස උදුම්මවාගත් පිරිස කියල තියෙන්නෙ කාර්යාලයේ අභ්‍යන්තරයේ- විශේෂයෙන් ලිපිකරුවන්ගෙන්- වැඩ ඉගෙනීම ප්‍රතික්ෂේප කර "තමුන්ටම වෙන්වූ" ස්ථානයක් ඉල්ලා සිටීම. එහෙම තැනක් නොතිබූ නිසා, ආයතන ප්‍රධානියා ඔවුන්ව එලියට දාල. එයාට වෙන කරන්න දෙයක් නෑ. මොකද 200ක විතර පිරිසක් කොහේ තියාගන්නද! දැන් උපාධිධාරීන් ගස් ගල් යට ඇවිදිමින් ඉන්නවලු. වැඩත් නෑ. වැඩ ඉගනගැනීමකුත් නෑ. මේ තනතුරු ස්ථිරවෙච්ච දවසට ලංකාවෙ රාජ්‍ය සේවයට දෙයියංගෙම පිහිටයි.

      Delete
    4. කිසිම දේකට සැලැස්මක් නැති රටේ අරුමයක් නොවේ බං.! ඔයින් කාර්‍යාලයකට ගිහාම තමයි...! තේරෙන්නෙ අපේරටේ අධ්‍යාපනයේ රඟ.

      Delete
    5. අපෝ අයියෙ රාජ්‍ය සේවයට කරපු ලොකුම අපරාදයක් තමා ඕක. මෙහෙත් ඔහොම වැඩක් වෙලා තියෙනවා. ඔෆිස් එකෙ අනිත් අය එක්ක වැඩ කරන්ට කීවම උපාධිධාරියො ටිකක් කියල " අපි ඉන්නෙ ක්ලාක්ලගෙ වැඩ කරන්ට නෙවේ" කියලා. වැඩට ආපු ගමන්ම හොර වෙලා ගස් ගල් යට ඉඳලා පිං පඩි ගන්නවා. ඉතින් ඔහොම මිනිස්සු කවදාවත් රටට වැඩක් කරන්නෙ නැහැනෙ

      Delete
    6. නෑ තමයි. මුලින්ම තමුන් ඉගනගෙන ඉන්න එපැයි. ඒකවත් නොකරන එවුන් වැඩක් කරයිද.

      Delete
  18. අපේ රටේ රාජ්‍යය සේවය ගොඩගන්න බැරි මේ හේතුව නිසාම තමා ....

    ReplyDelete
  19. රාජ්‍ය සේවෙට විතරක් නෙමේ රාජ් අයියේ..
    ලංකාවේ ගොඩක් දේ වලට ඔය වඳුරු තියරිය සෙට් වෙනවා..

    ReplyDelete
  20. පැන්සන් යන්න ඉන්න වයසක ඇන්ටිලා එක්ක ඇරගනන් යන්න එපා මචං..පාඩුවේ ඉන්න දීපං....

    ReplyDelete
    Replies
    1. ඇන්ටිල පැන්ෂන් යනකොට අනිත් එවුන් ඒ විදියට හැඩගැහිල. වඳුරු තියරියට අනුව.

      Delete
    2. එව්වනං එහෙම තමයි මචෝ....ඒ උනාට වයසක අය එක්ක රන්ඩුවෙන්න එපා බං, පව් සිද්දවෙනවා....

      Delete
  21. අනේ මන්ද අපිට නම් කෑම පැයක් තියනව ඒත් කවුරුවත් කන්න යන්නෙ නෑ ඉන්න තැන වැඩ කර කරම බිස්කට් හරි සැන්ඩ්විච් එකක් හරි කකා අපි වැඩ කරනව...

    ReplyDelete
    Replies
    1. තමුන්ට හිමි දෙයක් ලබාගත්තත් කමක් නෑ. වගකීම් හරියට ඉටුකරල.

      Delete
    2. කව්ද මේ වින්චැට්?

      Delete
    3. මේ වින්චැට් කිරිල්ලී පරණ වින්චැට් කිරිල්ලීම තමයි මං හිතන්නෙ. සමහර විට එහෙම නොවෙන්නත් පුළුවන්. කවුද දන්නෙ! :)

      Delete
  22. AR FR වෙනස් කරන්න ඕනෙ කියලා JR ගෙ කාලේ ඉඳන්ම කියන එකක්. තාම වෙනස් වෙලා නැත්ද? ඒවා වෙනස් උනත් අදාල පුද්ගලයෝ වෙනස් වෙන්නැත්නම් වැඩක් නෑ.

    ReplyDelete
    Replies
    1. AR FR වලට සංශෝධන එනව නිතරම. ඒ වේගයෙන්ම මිනිස්සු යාවත්කාලීන වෙන්නෙ නෑ.

      Delete
  23. කොහොමත් ඉතිං රාජ්‍ය සේවයේ වැඩි හරියක් ඉන්නේ පෙන්ෂන් එක බලන් ඉන්න ඇන්ටිලා නිසා කිසි දෙයක් ඉගෙන ගන්න උත්සහ කරන්නෙත් නෑ. ඉගෙන ගන්න කෙනෙකුට ඒක කරන්න දෙන්නෙත් නෑ.. තියෙන නීතියක් වෙනස් කරන්න හැදුවොත් විනාසයි..... ( මං හිතන්නේ උපාධි කට්ටිය රජයේ රැකියාම හොය හොය උද්ඝෝෂණ කරන්නේ ඒක හින්දා වෙන්නැති)

    මාත් චූටි කතාවක් කියන්නම්... මම රාජ්‍ය සේවයේ නම් ඉදලා නෑ... පෞද්ගලික අංශයේ රැකියවක් කලා ඒලෙවල් වලින් පස්සේ.. ඔය කොම්පැනියේ තිබුණා ජ්‍යාත්‍යන්තර කම්පියුටර් සිස්ටම් එකක්... අපේ අංශයේ හිටියා ඇන්ටිලා දෙන්නෙක්... අලුතෙන් ගිය කොල්ලෝ කෙල්ලෝ මාස 2ක් විතර යනකොට ඔය සිස්ටම් එක අල්ලගත්තා... මේ ඇන්ටිලා එතකොටත් අවුරැදු 10ක් තිස්සේ කොම්පියුටරේ අල්ලගෙන ඉදලත් හැමදාම යන ස්ක්‍රීන් දෙක තුන ඇරෙන්න වෙන මුකුත් දන්නේ නෑ... ඔන්න ටික කාලෙකින් එක්කෙනෙකුට ළමයෙක් හම්බුනා... එතකොට මාස 5 ක් විතර නිවාඩු... ඊට පස්‌සේ බබාට ඩෙංගු.... තව මාස 3 ක් නිවාඩු.... වැඩ කන්දක් ගොඩ ගැහිලා...
    ඔන්න එකපාරටම උපාධිධාරීන්ට රැකියා දුන්නා... මෙන්න මෙයා ඔක්කොම පැත්තක දාලා අර රස්සාවට ගියා.... එතකොට ඔක්කොම අමාරැ හොදයි.....

    ඔන්න ඔහොමයි අන්ටිලාගේ රස්සාවල්..... කවදාවත් වෙලාවට එන්නේ නෑ.... හැබැයි හැමදාම වෙලාවටත් කලින් එළියට පනිනවා... බනින්නත් බෑ... මොකද ළමයින්ගේ වැඩයි ගෙවල් වල වැඩයි ඔක්කොම එයාල‌ෙග පිටනේ.... ඒත් ගොඩක් වෙලාවට අනිත් අය ගැන නම් චුට්ටක්වත් හිතන්නේ නෑ... හිතන්න මොලයකුත් නැද්ද මන්දා.....

    ReplyDelete
    Replies
    1. තාක්ෂණික දේවල් අල්ලගැනීමේ දුර්වලතාවයක් තියනව වයසක අයට. අපි වයසට යද්දිත් ඒක වෙන්න පුළුවන්. ඒත් කරන්න පුළුවන් දේවල් කරන්න ඕනනේ. අපේ කාර්යාලයේ ඉන්න සමහර පරණ උදවිය පරිගණකයෙන් ලියුමක්වත් ටයිප් කරන්න දන්නෙ නෑ. ඒව කරන්න ටෙක්නිකල් කොලේජ් වලින් ට්‍රේනින් වෙන ළමයි ඉන්නඑක හොඳයි. නැත්තං ඉවරයි.

      Delete
  24. වදුරා නොකියා වදුරා කීම :D

    ReplyDelete
  25. මම ඒ කතන්දරය සටහන් කරන්න ආසන්නතම හේතුව වුණේ Z Score අර්බුදය. ඇත්තටම ගත්තම අපේ රජයේ සියලුම අංශ වල යල් පිනූ සම්ප්‍රදායන්, ප්‍රතිපත්ති නිසා සෑහෙන නාස්තියක් වෙනවා. රටටම බලපාන නිසා ප්‍රතිඵල තවත් දරුණුයි.

    මම ලියපු සටහනෙන් මතුවුණ කතිකාව රාජ්ගේ අත්දැකීම් සහ ප්‍රායෝගික උදාහරණ සහිතව තව දුරටත් ගෙන යාම ගැන හරිම සතු‍ටුයි.

    අපි වඩා යහපත් හෙටක් වෙනුවෙන් අලුතින් සිතා වැඩ කරමු. ජය! :)

    ReplyDelete
    Replies
    1. විසිතුරුගෙ පෝස්ටුවෙන් මතක් වෙච්ච කාරණා නිසා මේ පෝස්ටුව දාල මතුවුන සංවාදය ගැන බොහොම සතුටුයි.

      Delete
  26. එදා ඉඳල අපු ක්‍රමය වෙනස් කරන්න යන කෙනා මගදී වැඩේ අතාරිනවා. විධායක ජනාධිපතිකම අහෝසි කරනවා වගේ අමාරු එකක් තමා රාජ්‍යසේවය වෙනස් කිරීම.

    ReplyDelete
    Replies
    1. :) ඒක ඇත්ත. ඕනකම තියෙන්නෙ මුලදි විතරයි.

      Delete
  27. පුරුදු කල වඳුරන් ගෙන් ඊට එහාට වැඩක් ගත නොහැක.. මක් නිසාද යත් ඔවුන් සම්ප්‍රදායික වෙන බැවිනි..
    අපෝ රාජ් මහත්තයෝ රාජ්‍ය සේවේ ගැන නම් කියල වැඩක් නෑ.. මොකක් හරි කර ගන්න ගියාම එහාට මෙහාට යනවට වඩා වැඩක් නෑ.. අත යටින් ගානක් දුන්න නම් වැඩේ විනාඩි 10 න් ගොඩ

    ReplyDelete
    Replies
    1. හ්ම්. ඒකත් ලොකු අවුලක් තමයි. ඒ ගැන කලින් ලිව්ව.

      Delete
  28. රාජ්, ලංකාවෙ ගමන් ගාස්තු ෆෝම් එකේ තවම ගියේ අශ්වයා පිටින්ද කියලා අහනවද?

    මේ දූපත් සමූහයෙත් ඔයිට දෙවෙනි නෑ බං. මගෙ බඩු වගයක් හොරු ගත්තා. පොලිසියට පැමිණිලි කලාම මගෙ ඇඟිලි අත්සනත් තියන්න වුනා අත්සනට යටින්. ඒ මොන මගුලටද කියලා අහපුවාම කිව්ව ඒකලු ක්‍රමය.

    ෆොරෙන්සික් එකෙන් බාත් රූම් ටයිල් වල තිබ්බ හොරාගෙ ඇඟිලි සලකුනු ගත්තත් දැන් මාස 15ක් ගත වුනත් කරපු ලබ්බක් නෑ.

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. අශ්වයා පිටින් කියල නං නෑ. ඒත් වැඩි වෙනසකුත් නෑ. :)

      Delete
  29. රාජ් අය්යේ දින වැටුපක් ගන්ට 8.30-4.15 විතරයිනෙ වැඩ කරන්ට ඕනෙ නේද?
    ආආආආ අනික පෝය දවසට දින වැටුප් ගෙවන්නෙ නැහැ. ඔයාලට ගෙවනවද? එහෙම ගෙවන්ට පුලුවන් නම් කියන්ට.

    ReplyDelete
    Replies
    1. 8.30-4.15 දිනයක් ලෙස සැලකිය හැකිය.(සාමාන්‍ය කාර්යාල වේලාව)
      සමහර සේවාවන් වලට 8.00-4.00.
      පෝය දිනයකට ර.ප්‍ර.නි දින බැවින් මාණ්ඩලික සේවාවන් වලට වැටුපෙන් 1/20ක්ද මා. නොවන අයට 1/30ක්ද ගෙවිය යුතුයි දන්න විදිහට.
      සමහර පළාත්වල මුදල් ඉතිරි කර ගැනීමට පැය ගණනඅඩු කර OT විතරක් ගෙවනවාළු
      Thushara

      Delete
    2. දඟ මල්ල & Thushara
      පෝය දිනයට උනත් ඇනෝ කියන විදියට 1/20 හෝ 1/30 ගන්න පුළුවන්. ඒත් චක්‍රලේඛයේ දක්වල තියෙන්නේ "පැය 8ක්" සේවය කලයුතුයි කියල නිසා මෙහේ නං 8.30-4.30 දක්වා බලනව. පැය ගනන අඩුනම් OT ගන්න පුළුවන්.

      Delete
    3. අපිත් කලින් පෝය දවසට දින වැටුප් ගත්තා. ඒත් මේ අවුරුද්දේ ඉඳලා ගෙවන්නේ නැහැ. අපිට කීවෙ පෝය දවසට දින වැටුප් මත සේවයෙ යොදවන්ට රජයෙන් අවසර දීලා නැහැ කියලා.. අපේ කට්ටියත් ලේසි නැහැ. පෝය දවසට වැඩ කරලා දින වැටුප් ගන්නෙ නැතුව OT ගන්නවා

      Delete
    4. OT ගන්නව නං අවුලක් නෑ. සාමාන්‍යයෙන් ආයතන සංග්‍රහයේ තියෙන්නෙ පෝය දිනයට වැටුප් ‍ගන්න පුවවන් කියනඑක. ඒත් ආයතන මට්ටමින් නිකුත් කරන සමහර චක්‍රලේඛ වලින් පාලනය කිරීම් කරනව. ඔයා වැඩකරන ආයතනය මොකක්ද? හරියටම ආයතනය කියන්න ඕන නෑ. කැටගරිය කිව්වම ඇති. :)

      Delete
    5. සමහර පළාත්සභා වලින් ඒආර්-එෆ්ආර් ඉක්මවා යන තරම් චක්‍රලේඛ නිකුත් කරනව. එහෙනං ඕකත් ඒ විදියෙ එකක් තමයි.

      Delete
  30. මටනම් පේන්නෙ තමන් තමන්ට ලැබෙන වැටුපට සාදාරන සේවයක් තම සේවාදායකයන්ට සපයනවානම් මෙ මොනවත් නෑ මෙ හැම වෙනසකටම මුල ඔන්න ඕක.(මම උපදින්නටත් පෙරසිටම රාජ්‍ය සේවයේ අත්දැකීම් ලබා ඇත්තෙමි. තවමත් එසේමය.)

    ReplyDelete
    Replies
    1. //වැටුපට සාදාරන සේවයක් තම සේවාදායකයන්ට සපයනවානම්//
      සාධාරණ සේවයක් නැතිඑකයි අවුල. ඒවට ක්ෂණික ක්‍රියාමාර්ග වගේම ප්‍රතිපත්ති වශයෙන් ගන්න ඕන ක්‍රියාමාර්ග ගන්න ඕන.

      Delete
  31. කාලයත් එක්ක මිනිස්සු පුරුදු වෙලා ආපු දේවල් වෙනස් කරන්න අමාරුයි නේ රාජ් අයියේ.. මොනා උනත් අන්තිමේ දුන්න උත්තර ටිකනම් නියමයි..

    ReplyDelete
    Replies
    1. කාලය ගතවෙනකොට ඊට සමාන්තරව වෙනස් වෙන්න ඕන. එහෙම උනානං දිනේෂ් මල්ලිලට ලංකාවෙන් පිට යන්න අවශ්‍ය නොවෙන්න ඉඩ තිබුන.

      Delete
  32. අදමයි මේ පැත්තේ ආවේ ..... බොහෙම වටින කියන පනිවි‍ඩයක් ..... ඔන්න පාරකුත් දැම්ම !!!!

    ReplyDelete
    Replies
    1. වැරදුනා ""පාරකුත් දැම්ම "" නෙවෙයි fallow පාරකුත් දැම්ම

      Delete
    2. සාදරයෙන් පිලිගන්නව මගේ නවාතැනට. බොහොම ස්තුතියි.

      Delete
  33. SWAZILAND GENA WISTHARAYAK DANNAKO. EYA KALOCHITHI. " REED DANCE IN SWAZILAND" WEB. EKEN WISTHARA GANNA PULUWAN. (U N C )

    ReplyDelete
  34. ADA KAKAGE GEDARA ATAMPAHURA EKKA ANOLAGE GUTI KELIYAK. EAKATA WACHANEKIN WATH MAMA NEHE. ( U N C )

    ReplyDelete
    Replies
    1. අංකල්.
      සාමාන්‍යයෙන් වලියට බරයි වගේ පෙනුනට මට නං අංකල් හොඳයි. ස්වාසිලන්තය ගැන අහල තිබුන විතරයි. හොයල බලන්න ඕන. දකින්න ඇතිනේ අර ජෝඩුව ජාතික ඇඳම ඇඳගෙන ප්ලේන්එකෙන් බැස්ස උජාරුව.

      Delete
  35. මම උඹේ ලිපි වලට ගොඩාක් කැමති මේ වගේ නැවුම් වෙනස්කම් නිසා. විවිධත්වය නිසා. මේ වගේම මගේ අත්දැකීමක් ගැන කමෙන්ටුවක් මම උඹේ පොස්ටුවක මීට කලින් දැම්මා. මේක වෙනස් කරන්න අපිට සාමුහිකව කරන්න පුළුවන් දෙයක් තියනවද? ඒකයි අපි දැන් කතා කරන්න ඕන.




    ස්වාසිලන්තය ගැන නම් අහන්න දෙයක් නෑ. අපි ලොක්කගෙ විදේශ ප්‍රතිපත්ති හැටියට නියම ගැලපෙන රට.

    ReplyDelete
    Replies
    1. මේ හැමදේකම මූලික හරය වෙන්නෙ, අපිට ඉහලින් ඉන්න දේශපාලන නායකත්වය නරක්වීම. ඒත් ඒ ගැන අපිට කරන්න දෙයක් නෑ. මෙතනදි මම අදහස් කලේ "මහින්ද මාරුකරල රනිල් පත්කිරීම" වගේ සිල්ලර කාරණාවක් නෙවේ. රටේ සමස්ත දේශපාලනයේ තියන අඩු ලුහුඬ්කම් මේවට බලපාන ආකාරය ගැන. මේව ගැන මිනිස්සුන්ගෙ තියන ආකල්ප වෙනස් වෙන්නම ඕන. උදාහරණයක් විදියට 17වන සංශෝධනයට පස්සෙ ආව 18 වන සංශෝධනයෙන් රාජ්‍ය සේවයේ යහපත වෙනුවෙන් තිබුන ටිකත් නැතිවුනා. නමුත් සාමාන්‍ය මිනිස්සුන්ට ඒ ගැන අවබෝධයක් තිබුනෙ නෑ. ඔය කියන වෙනස ඇතිවෙන්න නම් කලක් යාවි කියලයි මම හිතන්නෙ.

      අනිත් කාරණාව තමයි අපිට කරන්න පුළුවන් දේ මොකක්ද කියල කල්පනා කරල බැලීම. එතනදි සේවා දායකයන්ගේ දැනුවත්භාවය තමයි අතිශයින්ම වැදගත් වෙන්නෙ. රාජකාරියක් කරගන්න යන්න කලින් ඒ ගැන දැනුවත් වෙලා යන්න පුවවන්. (1919 වගේ දේවල් තියෙන්නෙ ඒකටනෙ). යම් අඩුපාඩුවක් සහිතව සේවාව ලබාගන්න ගිහිං එතන ඉන්න කාට හරි අල්ලසක් දීල චාටර් වෙනවට වඩා මේ ක්‍රමය හොඳයි. ඒ වගේම යම් අසාධාරණයක් වෙනුවෙන් පැමිණිලි කිරීම ගැන මම කලින් ලින්ක් එක දාල තියන පෝස්ට් එකෙනුත් කිව්ව. කොළඹ රාජකාරී කල කෙනෙක් විදියට මම දන්නව කොළඹ සහ මෙහේ වෙනස. මිනිස්සු දැනුවත්වුන තරමට වැඩේ ලේහෙසියි.

      රජයේ සේවය තියෙන්නෙ තමන්ට සේවාවක් ලබාගන්න තමන් බදුගෙවල නඩත්තු කරන ආයතනයක් මිසක් එක එක්කෙනාගෙ රෙස්පට් බලන්න ඕන තැනක් නෙවේ.

      Delete
    2. උඹට මගේ ආචාරය...බොරු දේශප්‍රේමීන්ට වඩා උඹ වගේ එවුන්ව රටට හරි වටිනවා. 1919 න් මම උපරිම ප්‍රයෝජන අරගෙන තියනවා, අරගන්නවා. ඒක නිසා දවස් ගාණක් රස්තියාදු වෙන්න තිබ්බ වැඩ ගෙදට ඉදල කරගෙන තියනවා. ඒත් මේ ගතානුගතික පුහු ක්‍රම සහ විධි වෙනස් කරන්න වෙන්නේ උඹල වගේ රාජ්‍යය සේවකයන්ටම තමා. මහජනතාව බලන්නේ තමන්ගේ වැඩේ කොහොම හරි කරගෙන මාරු වෙන්න මිසක් සමස්ථය වෙනස් කරන්න නෙමේ.

      Delete
  36. උඹල වගේ එකෙක් දෙන්නෙක් හරි ඕවට කතා කරන එක හොඳයි... :)

    ReplyDelete
    Replies
    1. කතා කරන තරමටම ප්‍රතිඵල නැතත් යම් සේවයක් වෙනව. කොටින්ම මධ්‍යම ප්‍රමාණයේ කනිෂ්ට සේවකයන් වන අපි ඔලුව උස්සගෙන ඉන්න ටෝක්ස් දෙන්න වෙනව.

      Delete
  37. රාජ් නිලධාරිනියට දී ඇති ටෝක්ස් ටික නම් පස්ටය... බහුතරයක් අයට මේ වගේ පිටකොන්ද ශක්තිමත්ව තිබුනට.. දේශපාලන බලපුලුවන්කාරකම් නිසා තමයි රාජ්‍ය සේවය මෙච්චර අවුල්...

    ReplyDelete
    Replies
    1. දේශපාලන අවුල නං ලිහන්න ලේසි නෑ.

      Delete
  38. මෙන්න මේවගේ මාතෘකා, අපි නොදකින නොහිතන බොහෝ දේවල් විවෘතව කතා කරන්න වේදිකාවක් කරගමු මේ බ්ලොග් ලෝකය.

    බැණඅඩගැසීම, තර්ජණය කිරීම, මඩගැසීම හෝ අවලාද නැගීම නොවයි. සැමගේ බුද්ධිය, විමර්ශන ශක්තිය අවදිකරවීමයි වැදගත්.

    ස්තුතියි රාජ්.

    ReplyDelete
  39. කට නැත්තම් ඔළුව කෙලින් තියාගෙන වැඩ කරනවා බොරුතමයි, නැත්තම් හැම කෙනා ම ඔළුවට අත සෝදනවා ඇවිත්.. ඵල ඵල!

    ReplyDelete