Wednesday, August 22, 2012

දූෂණයේ විචල්‍යය.


දූෂකයා ඇයව දූෂණය කලේය. ඉන්පසු..............

ඇගේ කතාව.
මම වැඩ ඇරිල එනකොට ඔය මිනිහ ටික දවසක් මගේ පස්සෙන් ආව. එයාට කැමතිද කියලත් ඇහුව. මම නෑ කිව්ව. 28 වෙනිදත් මම වැඩ ඇරිල එද්දි එක එක ඒව කිය කිය මගේ පස්සෙන් ඇවිල්ල පාළු ඉසව්වෙදි තමයි මේ දේ කලේ..............

ඇගේ පියා.
...........මං ජනාධිපතිතුමාගෙන් ඉල්ලාසිටින්නෙ මේ අපරාධ වලට මරණ දඬුවම දෙන්න කියල. අලුගෝසුවෙක් නැතිනම් මම එන්නම්...............

දූෂකයා.
එයා වැඩ ඇරිල එද්දි හැමදාම වගේ මාත් එක්ක හිනාවෙනව. හිනාවුන නිසා මං හිතුවෙ මට කැමතියි කියල. වැරැද්ද පිලිගන්නව. එයා කැමතියි නං මං බඳින්න උනත් කැමතියි.........

දූෂකයාගේ මව.
ඕකි එච්චර හොඳ එකියක් නෙවේ. මටත් කනෙන් කොනෙං ආරංචි වෙලා තිබුනෙ ඕකි මගේ කොල්ලත් එක්ක පාළු පාරවල් වල මුකුළු කර කර ඉන්නව කියල. කොල්ලව දැලේ දාගන්න බැරිවුනාම කියන කතා තමයි ඔය. ඕකිගෙ අම්මගෙ හැටිත් අපි නොදන්නව කියලයැ. අනෙක තනි අතින් අප්පුඩි ගහන්න බෑනේ.

දූෂකයාගේ මිත්‍රයෙක්.
ඔය කෙල්ල ඒ කාලෙ මගේ පස්සෙනුත් ආව. එයාට තියෙන්නෙ උපං ගෙයි මෝල් අමාරුවක්. මීට කලිනුත් කොල්ලො කීප දෙනෙක් එක්කම යාලුවෙලා හිටිය. ඕකිගෙ ....... අමුතුවෙන් කැඩෙන්න දෙයක් නෑ.

පැමිණිල්ල ලියාගත් පොලිස් කාන්තාව.
මං මුල ඉඳලම විස්තරේ අහගත්ත. මට පේන්නෙ මේකිගෙත් කැමැත්තෙන්ද කොහේද වෙලා තියෙන්නෙ. අනේ මංද....... අපිටත් කරදරේ. කෙල්ලො උනාම පරිස්සං වෙන්න එපාය.

විපක්ෂ මන්ත්‍රී වරයෙක්.
බලන්න දැන් රටේ ස්ත්‍රී දූෂණ රැල්ලක් තියනව. එන්න එන්නම අපරාධ වැඩිවෙනව. බලයේ ඉන්න ආණ්ඩුව තමයි මේවට වගකියන්න ඕන.

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී වරයෙක්.
දූෂණ සිදුවෙනව තමයි. ඒත් වැඩිවීමක් නෑ. කවුද කියන්නෙ වැඩිවෙනව කියල? කෝ සංඛ්‍යා ලේඛණ? නීතිය ගැන ආණ්ඩුව ගැන මිනිස්සුන්ට තියන විශ්වාසය නිසා දැං බය නැතුව පැමිණිලි කරනව‍. අනෙක ආණ්ඩුවෙ මාධ්‍ය නිදහස නිසා මාධ්‍යන් පුළුල් වෙලා. ඒ නිසා වාර්තාවීම් වැඩියි.

රැඩිකල්වාදියෙක්.
................... අපේ රටට වික්ටෝරියානු සභ්‍යත්වය පැමිනීමත් එක්ක තමයි මේ අවුල හැදුනෙ. මේ තත්වය නැතිකරන්න ඕන. ........ගණිකා ව්‍යාපාරය නීතිගත කරන්න ඕන.

උපාසක මහත්තයෙක්.
මෙහෙම දෙයක් උනේ ඒ කෙලීගෙ පෙර කරුමෙට වෙන්න ඇති‍...............

සුචරිතවාදියෙක්.
මම කීප දවසක්ම දැක්ක ඔය ගෑණු ලමය කොටට කොටේ සායවල්, ඇඟට හිරවුනු කලිසං ඇඳගෙන යනව. මේව දකිනකොට මිනිස්සුන්ගෙ හැඟීම් ඇවිස්සෙනව‍නෙ. දනහිසෙන් පහලට ඇඳුම් ඇඳල සංවරව පාරෙ තොටේ යනව නම් ඔය කරදර සිද්ධ වෙන්නෙ නෑ.


සත්‍ය සිද්ධියක් ඇසුරෙනි.

89 comments:

  1. අහිංසක ගොඩයෙක්

    මට ඔව්ව ගැන එච්චර වැටහීමක් නෑ

    ReplyDelete
  2. මේක ගැනනම් මොකුත් නොකියමි. හැම දේම ඉතිං එකිනෙකාට සාපේක්‍ෂයි.

    ReplyDelete
  3. අපරාදේ දූෂනය කොළේ.. ගලක් කපලා ඇරියනම් ඉවරනේ..

    පට්ට පෝස්ට් එක දොරේ.. සම්පූර්ණ කතාව ලස්සනට කෙටියෙන් ලියලා.. සුපර්...

    ReplyDelete
    Replies
    1. ඉතින් ඇරියට පස්සේ කොහොමත් දූෂණය වෙලා නේ..

      Delete
    2. ඒක්නෙ, ගලක් කපල ඒ පිටම අරින්නනං පට්ට කෑල්ලක් වෙන්න එපැයි.

      Delete
    3. මේවගේ කොමෙන්ට්ස් දාන අය ඉන්න රටක, දරුවන් දුෂණය කිරීම ගැන මොන කතාද?

      Delete
    4. හපෝයි මුං කියන කතා. මගේ නවාතැනේ මමත් දූෂණය වෙනව.

      Delete
    5. බුරණ බල්ලො හපන්නෙ නැති උනාට ඔය උපාසක බළල්ලු නං මීයො දෙන්න දෙන්න අල්ලනව කියනව නේද?

      Delete
    6. ගල කැපුවමද බං දූෂනේ වෙන්නේ, නැත්තං සීල් කැඩුවමද ?

      Delete
    7. 2 ම දූෂණ තමයි බං.

      Delete
    8. ////ගල කැපුවමද බං දූෂනේ වෙන්නේ, නැත්තං සීල් කැඩුවමද ?//// gal gana ubata wada danna un innawada?

      Delete
  4. කෙල්ලේ ඉලඟ ඉලෙක්ශොන් එකට විරුද්ද පැත්තෙන් චන්දේ ඉල්ලහං....

    ReplyDelete
    Replies
    1. හරියට පබා වගේ! නේද? :)

      Delete
  5. ඔන්න ඔය විදිහට තමයි අපේ රටේ වැඩ සිද්ද වෙන්නේ. අන්තිමට දුෂිත දුෂක වෙනවා.

    ReplyDelete
  6. බ්ලොග්වල ඇනෝ කමෙන්ට් කැපිටල් අකුරෙන් දාන අංකල් කෙනෙක්:

    MEVAGE ANUNGE DUKA GENA LIYAYA BLOG PURAWANNE EYI? OHE KOHOMADA ME SERAMA DANNE? AHAGENA HITIYADA? NADU VIBAGAYAK THIBBADA? DEN API MEVATA COMMENT KARANNANTHA ONEDA? RAJ TA VENA VEDA NEDDA? APITA VENA VEDA NEDDA?

    ReplyDelete
    Replies
    1. KK,
      UNCLE TA MOKUTH KIYANNA EPA. EYA MAGE YALUWA.

      Delete
    2. ඒ අංකල්ව මම වර්ජනය කරල තියෙන්නේ !

      Delete
    3. රාජ් ** ගෑවුන ** ටික වේලෙන්ඩත් කලින් පත්තරෙත් දාලා

      ජයවේවා

      Delete
  7. ප්‍රාදේශීය දේශපාලුවා

    අනේ මේ නංගි හරිම අහිංසකයි... එයාගෙ ගෙදර අයත් ඒ වගේමයි.. සමාජෙ වැදගත් විදියට ජීවත් වෙන අය.. මේ සිද්ධියට සම්බන්ධ උන්ට අම්මපා හෙන ගහන්න ඕනෙ... මම මේ පවුල වෙනුවෙන් යුක්තිය ලබා ගන්න ඕනෙ සටනක් කරනවා... රැකියා විරහිත මේ නංගිට මගේ ගානෙ රැකියාවක් හොයලා දෙනවා කියලත් මම පොරොන්දු වෙනවා.

    ReplyDelete
    Replies
    1. // රැකියා විරහිත මේ නංගිට මගේ ගානෙ රැකියාවක් හොයලා දෙනවා කියලත් මම පොරොන්දු වෙනවා. //

      බඩුම තමා. හෙහ් හෙහ් .....

      Delete
    2. ඒක මට මිස්වෙලා.

      Delete
  8. නරඔන්නෙක්

    ඉතාමත් ලොල් සහගතයි

    ReplyDelete
  9. දැන් ඉතින් කෙල්ලගෙ දෙමව්පියන්ගේ සබ්බ සකල සේසතම ලෝයර්ලාගේ සාක්කුවට යනවා. නඩු කල් යනවා. උසාවි වල වාත වෙනවා. අන්තිමට 'forgot file' එකට කේස් එක යනවා.

    ReplyDelete
  10. කොහෙන් ගියත් වැරදි අර ගෑණි

    ReplyDelete
    Replies
    1. ඒක තමයි මට කියන්න ඕනවුනේ.

      Delete
  11. කමෙන්ට් කරන්නෙක්
    මේවා කොච්චරවත් මෙහෙම පෝස්ට් වලින් කතා කලාට වැඩක් නෑ.. ලොකු පුටු වල ඉන්න අයට මේවා ගැන ගානක් නෑ..

    ReplyDelete
    Replies
    1. නියම කියමනක් තමයි ඒකත්. මම ඒ ගැනත් ලියන්නයි තිබුනෙ.

      Delete
  12. මෑත කාලයේ රාජ්ගෙන් ලියවුන හොදම පෝස්ටුව..... :)

    ReplyDelete
  13. සිරාවටම එල පෝස්ටෙක.... :)

    ReplyDelete
  14. විත්තියේ නීතිඥවරයෙක්- මෙම දුෂණය සිදු කරනු ලබා ඇත්තේ කොහිදීද...? මේ සඳහා භාවිත කල උපකරණයෙහි දිග හා සිදු වූ අනතුරෙහි ගැඹුර හා සැසඳේද..? අධිකාර වෛද්‍ය වාර්තාව හා එය සම්පත වේද..?
    ගම වැසියන්:- දුෂකයට කෝ දඩුවම්.. දුෂකයා නිදැල්ලේ.... ගහපියව්.. මරා පියව්.. ඒ බන් ඔන්න කඳුළු ගස් ගහන්න හදන්නේ දුවපියව්...
    මං මේ සුදාගේ සිතුවිල්ලක් පැත්තෙන්....

    ReplyDelete
    Replies
    1. නීති පැත්ත ගැන ලිව්වනං තව දික්වෙනව. ඒකයි නොලිව්වෙ.

      Delete
  15. මටනම් මේක කෙටිකතාවක්. මෙන්න + එකක්

    ReplyDelete
  16. නඩු තීන්දුව : මෙය දෙපාර්ශවයේම කැමැත්ත අනුව සිදු වී ඇති බව පැහැදිලි නිසා විත්තිකරු නිදොස් කොට නිදහස් කරනවා. බොරු චෝදනා නැගීම නිසා පැමිණිලිකරුට දැඩි සේ අවවාද කරනවා. නඩු ගාස්තු සහ රජයේ ගාස්තු පැමිණිලි කරුගෙන් අය කර ගැනීමට නියෝග කෙරේ.

    ReplyDelete
  17. ඔය ආණ්ඩුවේ දේසපාලුවා සිරිපාල නේද? මුන්ට බය නැතුව (නෑ නෑ ලැජ්ජා නැතුව ) ඕවා කියන්න තරම් තියෙන හයියක් ඇත්තට...

    ReplyDelete
    Replies
    1. දේසපාලුවන් විතරක් නෙවේ බං. හැමෝම වගේ මේ විදියයි.

      Delete
  18. හන්දියෙ කොල්ලෙක් තව එකෙක්ට:

    කේස් එක පොඩ්ඩක් ශේප් වෙන්න දාල චාන්ස් එකක් ගන්න බලමු බන්...

    ReplyDelete
    Replies
    1. සුපිරි! ඒකත් මට මිස්වෙච්ච එකක්.

      Delete
  19. මේක කෙටි කතාවක් ව‌ගේනේ.....
    හැම එකාම ඒ කෙල්ලගෙන් තමන්ගෙ අවශ්‍යතාවයන් සපුරා ගන්න හදනවා මිසක් ඒ කෙල්ලට වෙන පලක් නෑ....
    ඒකත් එක්තරා විදියක දූෂණයක් තමයි....

    ReplyDelete
  20. හැබෑටම ඇයි ඔය වැඩේට දූෂණය වෙනවයි කියන්නෙ ? හැඟීම් දැනෙන වයසෙ කෙල්ලොන්ටත් ඕනි කොරවා ගන්ඩ.. කොල්ලන්ටත් ඕනි කොරන්ඩ.. එහෙනම් අහවල් කජ්ජක්ද දූෂණය වෙන්නෙ ?

    ReplyDelete
    Replies
    1. ඒකනෙ ඒකනෙ ඔය කිව්වෙ!......☺

      Delete
    2. දූෂණය වෙන්නේ ප්‍රවෘත්තිය. දූෂණය කරන්නේ මාධ්‍යය!

      Delete
  21. DAN JANATHAWATA HONDATA KEMA BEEMA LABENAWA. POSHANAYA IHA WAHA GIHILLA. JANATHAWA ITHA THRUPTHIYEN INNE.(GAMPOLA SEEYA) - UNC -

    ReplyDelete
  22. තවත් චරිතයක්:
    ඔය කතාව මට විශ්වාස නෑ. ඇත්තටම එහෙම දෙයක් වෙලාද කියලා පරීක්ෂා කොරල බලන්ඩ එනවා අහවල් ගෙස්ට් හවුස් එකට!
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
  23. කිරි අම්මා

    අනේ අප්පේ ධර්මද්වීපෙකට ගිය කලක්.

    ReplyDelete
  24. මම පොඩි එකා නිසා අහන්න තියෙන්නෙ අනාගතය හොද වෙයිද? තව අවුල් වෙයිද? කියල විතරයි...

    ReplyDelete
    Replies
    1. කියන්න බෑ. යන තත්වෙ හොඳ නෑ.

      Delete
  25. පට්ට ක්‍රියේටිව්...

    ඕක වෙන්න මෙහෙමයි. දෙන්නගේ කැමත්තෙන් වැඩේ වෙනවා. පාළු හරියෙදි කවුරු හරි වැඩේ දකිනවා. ගෙදරින්, අහළ පහළින් ෂේප් වෙන්න කෙල්ල කෙප්පෙ අතාරිනවා.

    විසදුම් -

    1. හන්දියක් හන්දියක් ගානෙ තියන රූම්ස් වල ගණන් තව අඩු කරන්න ඕන.

    2. රූම්ස් වල පෞද්ගලිකත්වය උපරිමා ආරක්ෂා වෙන විදිහට නීති හදන්න ඕන.

    3. සල්ලි නැති උන්ට පහසු ගෙවීමේ ක්‍රමයට හරි රූම්ස් දෙන්න ඕන.

    4. කොන්ඩම් නිකං දෙන්න ඕන.

    5. සැබෑ ස්ත්‍රි දුෂණ වලට දූෂකයා ට සහ බොරු චෝදනා ස්ත්‍රී දූෂණ වල දුෂිතයා ට මරණ දඩුවම දෙන්න ඕන.

    තව තියනවනම් ඇඩ් කරගනින්.

    ReplyDelete
  26. නියම නිර්මානයක් රාජ්..!

    ReplyDelete
  27. මේක නම් උපරිමයි රාජ් !!

    ReplyDelete
  28. දූෂකයට මෙහම කියන්නත් පුළුවන්...

    "එයා වැඩ ඇරිල එනවා මතකයි... එතනින් එහාට මෙලෝ දෙයක් මතක නෑනේ..."

    ReplyDelete
    Replies
    1. කාලෙට ගැලපෙන තාලෙ නං ඒක තමයි.

      Delete
  29. හැමෝටම තමන්ගේ පැත්තෙන් කියන්න උත්තර තියෙනවා.. තමන්ගේ ගැලවීමට..

    ReplyDelete
  30. ඉතාම හොද පෝස්ටුවක් රාජ්. මිනිසුන් හැමෝම තම තම තමන්ගේ සුචරිතවාදිත්වය පෙන්නුම් කරන්නට ආත්මාර්ථකාමී වන හැටි මේ පෝස්ටුවෙන් අපූරුවට කියවෙනවා. ඇත්තටම මේ දේ අර කෙල්ලගේ කැමැත්ත ඇතිවත් සිදු වුණා වෙන්නත් පුළුවන්. නමුත තරුනියක් විදිහට ඇයට මුහුණ පාන්නට සිදුවිය හැකි ගැහැට නිසා ඇයට ඇත්තම කියන්නට විදිහක් නෑ. ඒ අතින් මෙහි එන දූෂකයා තමන්ගේ වරද පිළිගැනීමම කොයි තරම් නම් හොදද ?

    ReplyDelete
    Replies
    1. සාමාන්‍යයෙන් වෙන්නෙ ඕක තමයි. කෙල්ල අකමැත්තෙන්ය සිදුවුනේ කියල ඔප්පු කිරීම ලංකාවේ ඉතාමත් අමාරුයි. එංගලන්තය වගේ රටක නං අතවරයක් කලා කියල කරන සාමාන්‍ය පැමිණිල්ලම ඇති කාලයක් ඇතුලෙ ඉන්න. පරීක්ෂණ පටන්ගන්නෙ ඊට පස්සෙ.

      Delete
  31. මාධ්‍ය - මෙන්න දැන් ලැබුනු ප්‍රවෘත්තියක් - වයස අවුරුදු 22ක තරුණියක් දූෂණය කෙරේ. සැකකරු මානසික ආබාධයකින් පෙළෙන බව පොලීසිය පවසයි. වැඩිදුර පරීක්ෂණ පැවැත්වේ.

    ReplyDelete
    Replies
    1. ප්‍රදීප්ල ලඟට තමයි එයාල ඊට පස්සෙ එවන්නෙ.

      Delete
    2. ඔව්.. ඒත් සමහරුන්ට කිසිම මානසික ලෙඩක් නෑ...

      Delete
  32. නියම පෝස්ට් එක රාජ්. කියන්න ඕන ටික හරියටම කියල තියෙනවා .

    ReplyDelete
  33. හොඳ නිර්මාණයක්!!!

    එකම දෙයක් දිහා විවිධ පුද්ගලයන් විවිධ විදියට බලන හැටි ලස්සනට පෙන්නලා. ජපන් කතාවක් සිහියට නැගෙනවා. නම මතකට එන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. හ්ම්. මට මතකයි. චිත්‍රපටියකුත් ගැහුවෙ.

      Delete
    2. ....රෂොමාන්....අකිර කුරසෝවගෙ චිත්‍රපටයක් .

      Delete
  34. This comment has been removed by the author.

    ReplyDelete
  35. දාපු කමෙන්කටුව මකබාවන්න උනා ඒකේ "පරස්තාව" ර අකුරට ක අකුර එබීම නිසා. බැරිවෙලා හරි හෙන්රි කොලු‍වා දැක්කොත් මටත් ලාස් වේගාස් යන්න අඩගහවි. අනික රාජ් මහත්තයා නොබලම ඔබන නිසා අපිවත් පරිස්සමින් ඔබන්න එපායැ. ඔන්න මකපු එක පහලින් එබුවා

    "මට හිතෙන්නේ කෙල්ලගේ යාලුවගේ තමෙන්කටුව තිබුනනං අගේටම නඩුව අහන්න අපේ රාජ් මහත්තයට ඉඩ පරස්තාව ලැබෙනව කියලයි. හොද පරිකල්පනයක්."
    http://deshakaya.blogspot.com


    ReplyDelete
  36. අපරාදේ ඒ ළමයා නඩු නොදා ඉන්න තිබ්බේ
    මේකෙන් වෙන්නේ ඉතුරුවෙලා තිබ්බ හිතේ හයියත් නැති වෙලා මානසිකව වැටෙන එක විතරයි

    ReplyDelete
  37. සතුටු වන්න!

    ඔබට පහළ වූ මේ අදහසම දශක කිහිපයකට පෙර ලෝකයේ ප්‍රමුඛ සිනමාකරුවකුටත් පහළ විය. ඔහු එය පාදක කොට ගෙන මෙතෙක් ලෝකයේ විශිෂ්ඨතම නිර්මාණයක් සේ ගිණිය හැකි සිනමා කෘතියක් තැනුවේය.

    එහිද ඔබේ බ්ලොග් පෝස්ටුවේ මෙන්ම කතාවට සම්බන්ධ සියළු පාර්ශ්වයන් තම තමන්ගේ පැත්තෙන් කියන කතා වෙයි. එකම වෙනස ඔබේ කතාව දූෂණයක් ගැන පමණක් වෙද්දී මේ සිනමා කෘතිය දුෂණයක් හා මිනීමැරුමක් පිළිබඳව වීමයි.

    http://en.wikipedia.org/wiki/Rashoman

    ReplyDelete
    Replies
    1. මෙහෙම ඇනෝලත් ඉන්න නිසා තමා අපි ඇනෝලත් එක්ක තරහ නැත්තේ...

      Delete
  38. මොනා කියන්නද කියල හිතනව මම..ගොඩාක් පැතිවලින් බැලුවාම එක එක විවිධ අදහස් හිතට එනවා...මොකුත් නොකිය ඉන්න තරමට හොඳයි..ඔයාගෙ ලියවිල්ල විශිෂ්ඨයි...!

    ReplyDelete
  39. නෙල්ලි ගෙඩියේ රස හතක් කියනවානේ..!

    ReplyDelete
  40. සිංහල බ්ලොග්කරුවෙක්

    මෙන්න පෝස්ට් එකක් ලියලා හිට්ස් ටිකක් දාගන්න පට්ට චෑන්ස් එක. අදම ලියනවා.

    ReplyDelete
  41. මේව බලල හිනා වෙන්නද අඬන්න ද කියල හිතා ගන්න බෑ..!

    ReplyDelete
  42. චන්ද්‍ර අනගිරත්න හෝටලේකට ගිහින් වඩේ කාපු කතාව මතක් වුණා :)

    ReplyDelete
  43. සෑහෙන්න හිතන්න දෙයක් තියෙන පෝස්ට් එකක්...ඇත්තම කිව්වොත් මටත් හිතාගන්න බෑ මොනව කියන්නද කියලා...අපේ මිනිස්සු පුදුම මානසික අසහනයකින් ඉන්නේ..අන්න ඒ අසහනය නැති උන දවසට මේ දේවල් නැතිවේවි...අවුරුදු 16 වැඩි කෙල්ලෙක් දූෂණය වෙන්නේ ගොඩාක් වෙලාවට එයාගෙම වරදින්..ඒකෙන් මම දූෂකයා සාධාරණීකරණය කරනවා නෙමෙයි..ප්‍රධානම හේතුව මෝඩකම,එක්කෝ නොසැලකිල්ල, වැරදි හැසිරීම්, වැරදි යහළුවන් ආශ්‍රය, සහ අනිත් වැදගත්ම දේ ඉතින් ඔය ලෙඩේ හොද කරගන්න තියෙන අමාරුව...ඔය දේවල් වලින් බැහැරව වැඩිහිටි කෙනෙක් දුෂණයට ලක්වෙනවම් ඒ පලිගැනීමේ හේතුවක් මත එහෙමත් නැතිනම් මිනිමැරීමේ අවශ්‍යතාවය සමග දූෂණයත් සිදුකර එක ගලෙන් කුරුල්ලෝ දෙන්නනෙකු ඩැහැගැනීමේ අවශ්‍යතාව..නැතිනම් මිනීමැරීමක අරමුණ වසන් කර දූෂණයක් ලෙස පෙන්වීමෙන් පරීක්ෂණ නොමග යැවීම..මෙතනින් එහා අවුරුදු 16 වැඩි කෙල්ලෙක් දූෂණව වෙන්න තියෙන හැකියාව ඉතා අවමයි..අවුරුදු 15 ට අඩු ගැණු ළමෙක් එක්ක කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ලිංගිකව එකතු වීම ස්ත්‍රී දුෂණයක් එයට මගේ මතය මරණීය දණ්ඩනය දිය යුතුයි යන්නයි...කිසිම හෙවිල්ලක් බැලිල්ක් අවශ්‍ය වෙන්නේ දූෂණයක් සිදු වෙලා නම් ඒ සදහා දඩුවම මරණය.....

    ReplyDelete
  44. සැබෑ වීරයෝ හොයනවා කියන්නේ කළුනික හොයනවා වගේ වැඩක්

    ReplyDelete