Friday, August 17, 2012

ලයිට් කැපිල්ලේ විහිළු කතා. jokes @ power cut time



මේ දවස්වල ලයිට් කැපිල්ල නැගල යනවනෙ. ඔපීසියෙදි ලයිට් කැපුවම, රස්නෙ නිසා ඇතුලෙ ඉඳිල්ල ලේසි නෑ. සමහර වෙලාවට තාප්පය අයිනෙ තියන ගහක් යටට ඇවිල්ල ඉන්න සිද්ධවෙනව. ඒවගේ වෙලාවල් වල අහපු කියපු කතා දෙකතුනක් තමයි මේ.

පලමු කතාව සමෘද්ධි නියාමක කෙනෙක් ගැන. කතා නායකය අධික ලෝභයෙක්. පුළුවන් හැම දේම අනුන්ගෙන් ෂේප් වෙන්න බලන මෙයාට මොකක්දෝ නමකුත් කිව්ව, දැන් මතක නෑ. ඔන්න මෙයාගෙ කාර්යාලයේ උදවිය කොහේදෝ ට්‍රිප් එකක් ගිහිල්ල. මෑනුත් සෙට්වෙලා. අතරමඟදි බස්එක නැවැත්වූ වෙලාවක මෙයාගෙ පොකැට්ටුවෙන් රුපියල් තුන්දාහක් වැටිල. වෙන එකෙක් ඒක අහුලගෙන. කියන්න අමතක වුනා මෙයා බොන්න දක්ෂයා. ඒත් තමුංගෙ සල්ලිවලට නම් නෙවේ. මෑන්ගෙ කුම්මැහිකම දන්න නිසා අනිත් කස්ටිය පොඩි ප්ලෑනක් ගැහුව. ඒක මෙහෙමයි. එකෙක් කට්ටිය ඉන්න තැනට ඇවිල්ල ඇහුව "රුපියල් තුන්දාහක ටිකට් එකක් ඇදුන, මොකද කරන්නෙ?" කියල. අනේ අපේ කතා නායකය පැනපු ගමන් කිව්ව "එහෙනං අපි ඒකෙ අඩියක් ගහමු" කියල. යාලුව ආයෙත් ඇහුව "තුන්දාහෙම බිව්වට කමක් නැද්ද?" කියල. මෑන් කියනව "තුන්දාහත් ගානක්ද! කරමු" කියල. හරි, දැන් වැඩේ අනුමතයිනේ, අරක්කු බෝතල් තුන හතරක් ගෙනල්ල කස්ටිය බොනව. අන්තිම බෝතලෙත් අඩිය පේන ගානට ආවම ටිකට් එක ඇදුනු එකා කියනව, "මචං, මට ටිකට් එකක් ඇදුනෙ නෑ, මම රුපියල් තුන්දාහක් අහුලගත්තනේ ඉස්සෙල්ල බස්එක නවත්වපු වෙලාවෙ" කියල. ඔන්න එතකොට අපේ මෑන් සාක්කු අදින්න පටන් ගත්ත. ඒත් ප්‍රමාද වැඩියි. "අනේ මචං ඒ නැතිවෙලා තියෙන්නෙ මගේ සල්ලි....., මට මගේ සල්ලි දියල්ල......" වෙරි හිඳුනු මිනිහ මහ හයියෙන් අඬන්න පටන්ගත්තලු. ඒත් එක්කම මිනිහට පපුවෙ අමාරුවකුත් හැදිල. යාලුවො ටිකත් බයවෙලා. පස්සෙ දොස්තර කෙනෙකුටත් පෙන්නල සල්ලිත් එකතු කරල දීලයි වැඩේ අවසන්වුනේ.

☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻

දෙවනි කතාව මතක්වුනේ ඊයෙ දැක්ක හෙන්රි අයිය අලියට බයේ දුවපු දිවිල්ල ගැන පෝස්ටුව නිසා. මේ පැත්තෙ බූරු පිටියකට පොලිසිය පැනල. සූදුකාරයො දුවල. දුවපු එකෙක් ලඟ තිබිල තියනව වටින සෙරෙප්පු දෙකක්. එයා දුවන වෙලාවෙ සෙරෙප්පු දෙක කකුලෙන් ගැලවිලා. කෙහොමහරි වෙනත් පැත්තකට දිව්ව එකෙක් මේ සීන්එක දැකල තියනව. දුවමින් හිටිය එයා ආපස්සට හැරිල ඇවිත් සූදුපොල කිට්ටුව වැටිල තිබුන හොඳ සෙරෙප්පු දෙක තමන්ගෙ රබර් සෙරෙප්පු දෙකට මාරු කරගෙන ආයෙත් දිව්වලු. හෙන්රි අයිය වගේම තමයි නේද?

☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻

මේකත් පොලිස් කතාවක්. පොලිසියක ඉඳල තියනව ග්‍රාමාරක්ෂකයෙක්. ඒ පොලිසියෙ ඕඅයිසී මහත්තය හොඳට දන්නකියන, ඕඅයිසී මහත්තය එක්ක ඉඳහිට සෙට්වෙන මනුස්සයෙක් ගමේ ඉන්නව. ඒත් මෙයා ග්‍රාමාරක්ෂකයට කිසි සැලකිල්ලක් නැහැ. දවසක් ග්‍රාමාරක්ෂකය මෑන්ගෙන් ගල් බෝතලයක් නොඉල්ලා ඉල්ලල. ඒත් ඕඅයිසී මහත්තය එක්ක සෙට්වෙන මම මොකටද ගම්බට්ටන්ට සලකන්නෙ කියල බෝතලේ දීල නෑ. ග්‍රාමාරක්ෂකය තරහ හිතේ තියාගෙන ඉඳල. එක දවසක් තිත්තයටත් වාරය ඇවිල්ල. එදා ප්‍රතිවාදිය ඉඳල තියෙන්නෙ බීමත්ව පොලිසිය ලඟින් වාහනය පදවමින්. ග්‍රාමාරක්ෂකයගෙන් බුරුලක් ලැබිල නෑ. අනෙකාත් අත්හැරල නෑ, මොකද ඕඅයිසීගෙ පවර්එක තියනවනේ. ඒක ග්‍රාමාරක්ෂකයත් දන්නව. එයා ඕඅයිසී මහත්තයට කෝල් එකක් ගත්ත, "සර්, බීල වාහනේක ආපු එකෙක් කෑ ගහනව, මොකද කරන්නෙ?" හැබැයි ආවෙ කවුද කියල කිව්වෙ නෑ. "දානව කූඩුවට, වෙරි හි‍‍‍ඳෙයි එතකොට" ඕඩරෙත් ලැබුන, ඕඅයිසී මහත්තයගෙ යාලුව කූඩුවෙ. ඊට පස්සෙ ඕඅයිසී මහත්තය ඇවිල්ල සියල්ල සහසුද්දෙන් දැනගත්තට පස්සෙ යටත් නිලධාරියට කනේපාරකුත් දීල යාලුව ගත්ත. දැන් ඒ දෙන්නත් යාලුවො.

☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻

අන්තිම කතාවත් පොලිස් කතාවක්. එක්තරා පොලිසියක හිටිය ඕඅයිසී මහත්තයෙකේ. සංකේතාත්මකව, අවංකයි සාධාරණයි කාටත් එක හැන්දෙන්. වසම තුල ගමක හොරකමක් සම්බන්ධයෙන් සැකකරුවන් පස් දෙනෙක් අල්ලගෙන පොලිසියට ගෙනාව.‍ ගෙනල්ල පැය භාගයක් ගියේ නෑ දිස්ත්‍රික්කෙ ඉන්න ඇමතිතුමාගෙන් කෝල් එකක් එනව, "ඕඅයිසී මහත්තය XXXයි YYYයි මගේ මිනිස්සු. රාජකාරි කරන්න හැබැයි රිලීස් කරල". මොනව කරන්නද! ඒ දෙන්න අත්හරින්න ඕඅයිසී මහත්තයට සිදුවුනා. තවත් ටික වෙලාවකින් ඒ පැත්තෙ ඉන්න පළාත් සභා මන්තිරිය කෝල් කරනව. "ඕඅයිසී මහත්තය ZZZ කියන මිනිහ මගේ. එයාව නිදහස් කරන්න". අනේ ඕඅයිසී මහත්තය එයාවත් නිදහස් කලා. ටික වෙලාවකින් රාලහාමි කෙනෙකුට කතා කරල කූඩුවෙ ඉන්න අනිත් දෙන්න තමුං ලඟට ගෙන්වාගත්ත,

"උඹලගෙ XXXයි YYYයි දෙන්න ඇමතිතුමා නිදහස් කලා, ZZZ මන්ත්‍රීතුමා නිදහස් කලා. උඹලත් පලයල්ල, මගේ ගානෙ"

☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻

මේ අතරෙ මාත් කිව්ව කතා දෙකක්. "පහුගිය අවුරුද්දක විදුලිබල ඇමතිතුමෙක් කිව්ව ඉදිරියෙදි ඉන්දියාවටත් විදුලිය සපයනව කියල". "පාඨලී චම්පික රණවක ඇමතිතුමා ලඟදි කිව්ව න්‍යෂ්ටික බලාගාරයකුත් ලංකාවෙ ඇතිකරනව කියල". ඒත් දැනට පැය තුනක් ලයිට් කපනව.
කට්ටියට හොඳටම හිනා.

☻ ☺ ☻ ☺ ☻ ☻ ☺ ☻ ☺ ☻ ☺



76 comments:

  1. අන්තිම දෙකට හිනාවෙන්න ඕනෙ තැන හිතාගන්නත් බෑ..

    ReplyDelete
    Replies
    1. ඒවට නං අඬන්නයි තියෙන්නෙ.

      Delete
  2. අපේ රටේ පහුගිය කාලේ සිද්ද උන තාමත් සිද්දවෙන දේවල් එක්ක ජීවත් වෙන්න අපේ මිනිස්සුන්ට පුළුවන් වෙලාතියෙන්නේ ඔන්න ඔය ඕන මගුලකට හිනාවෙන්නතියෙන දක්ෂතාවේ නිසයි.. නැත්නම් ඉතින් අන්තිම කෑල්ලට හිනාවෙන්න නෙවයි ඕන..

    ReplyDelete
    Replies
    1. කළු පාටින් හිනාවෙමු! ☻ ☻

      Delete
    2. මූ වැඩ කෑල්ලක් ඉගෙනගෙන :)

      Delete
  3. කතා සෙට් එකම මරු... ඇති වෙන්ඩම හිනා උනා.
    අපට ලයිට් කැපිල්ලේ ආතල් එක නෑ.. මෙහේ සුද්දා ලඟදි ජෙනියක් ගෙනාවා... !

    ReplyDelete
    Replies
    1. අපේ ඔපීසියෙත් ජෙනියක් තියනව. පැය භාගෙට ලීටර 2ක් ද කොහෙද පිච්චෙනව. කොහේ තියන සල්ලිද! දාන්නෙ නෑ. :)

      Delete
  4. සෙනසුරදා රෑ 10.30 සිරසේ චම්පික තුමාගේ ඉන්ටවිව් එකක් යනව ඒ වෙලාවටත් ලයිට් කපයිද දන්නෑ

    ReplyDelete
    Replies
    1. ඇනෙන සයිස්නං කපයි.

      Delete
    2. සිරස කට්ටයො. ලයිට් කැපුවොත් උන් ඕකෙ නැවත විකාශ 10 ක් වත් දායි. ළිඳෙන් නාපු එකාට වැවෙන් නාන්න.

      Delete
  5. කටේ නරිවාදං රෙද්ද පල්ලෙන් බේරෙන එව්වො ගැන කවර නම් කතාද?

    කතා ටිකත් නරක නෑ. අර ඕඅයිසී මහත්තය වගේ හැමෝම සැකකාරයො නිදහස් කරන්න තියා ගත්ත නම් මගේ හිතේ දේශපාලකයො පොලිසිවලට කෝල්කරන එක ටික දවසකින් ඉබේම නවතියි. නැත්නම් ඉතිං ඕක කොහෙන් කෙළවර වෙයිද මංද, දැන් එයාල කෙලින්ම නඩුකාර හාන්දුරුවොන්ටත් කෝල් කරනව නෙව. කලියුගේ ..... කලියුගේ ....

    ReplyDelete
  6. අන්තිම කතාව නොකිය ඉන්න බං තිබුනේ... ආතල් එක කෑවා...

    ReplyDelete
    Replies
    1. ආතල් කැඩිල්ලත් ආතල් එකක්නේ බං.

      Delete
  7. හි හි.... අන්තිම කතාව නම්............................. මල් හ‌ෙත් හතයි.............

    ReplyDelete
  8. අන්තිම එක තමා හොඳම ආතල් එක..
    අනේ මන්ද අර පංච බල ආශ්චර්යය කියල ගහල දීපු හෑන්ඩ් බිල් එකේ තියෙනවා දවල්ටත් කොළඹ වාරයේ ලයිට් දාලා. එහෙව් එකේ මොකෝ ඉන්දියාවට දෙන්න බැරි...
    අපි හිතින් දේශප්‍රේමී ජනත්වනේ.. ආ... නැද්ද ආ...

    ReplyDelete
    Replies
    1. දවල් දාල තමයි කෙලවගත්තෙ. කොහොම උනත් දේශප්‍රේමීත්වයට ඔය බාධක අදාල නෑ.

      Delete
  9. අර මුල්ම 3000 කතාව නම් මල් හතය. අනෙක් ඒවාටත් පිළිවෙලින් මල් තුන හතර බැගින් දිය හැකිවෙතත් අන්තිම කතාවට නම් උබ ගැනත්, හිටපු එකා ගැනත් දැන් ඉන්න එකා ගැනත් මළ පනින්නේය.

    ReplyDelete
  10. රටේ ජීවත් වෙන්නෙ හරක් කියලා හිතාගෙන නෙ ඉන්නෙ රට කරවන හරක්. ඒකයි නස්පැත්තිය. අපිට ලැප් වල වැඩ කරන්න වෙන නිසා පැය 4-5ක් ලයිට් කැපුවොත් නම් පොඩි ආතල් එකක් තියෙයි!

    ReplyDelete
    Replies
    1. ඇත්තටම හරක් නෙවේද?

      Delete
  11. හි හි මරු කතා ටික...
    ☻ ☺ ☻ ☺

    ReplyDelete
  12. කතා ටික ලස්සනයි. ලයිට් නැතුව වැඩ කරන්ට බැරි හන්දා කතා කර, කර ඇතිනේ.
    ඇයි අනේ ඔය හැටි ලයිට් කපන්නේ. වතුර හිඟයක්ද? ඔච්චර වහිද්දිත්?

    ReplyDelete
    Replies
    1. //ඔච්චර වහිද්දිත්?//

      මේ මොනව කතා කරනවද! තව ටිකක් පෑවිල්ල ගියොත් වතුර බොන්න වෙන්නෙ අර "Gods must be cazy" එකේ වගේ උදේට තණකොල උඩට වැටෙන පිනි එකතු කරල.

      Delete
  13. ලයිට් කපනවා?? ඒ කොහෙද?

    ReplyDelete
    Replies
    1. නෑ .... නෑ ..... ඉතිං කරන්ට්. :)

      Delete
    2. කපනව කිව්වට බලාගාරෙ පොඩි දෝශයක් විතරයි. ☻

      Delete
  14. //"උඹලගෙ XXXයි YYYයි දෙන්න ඇමතිතුමා නිදහස් කලා, ZZZ මන්ත්‍රීතුමා නිදහස් කලා. උඹලත් පලයල්ල, මගේ ගානෙ"//........මේක තමයි හොදම කතාව...☺ ☺ ☺

    ඔය න්‍යෂ්ඨික බලාගාර හෙම හදන්න හැදුවොත් උඹලත් එන්න ඔන විරෝධතාවයට.....

    නොරොච්චෝලෙ, එස්ලෝන් බට-කොන්ඩිට් කෑලි එහෙම පුරුද්දලා ටියුබ්කෑලි වලින් බැඳලා දුවනවා වගේ නෙවෙයි, න්‍යෂ්ටිකයක් පිපිරුවොත්....... :(

    ReplyDelete
    Replies
    1. අනේ ඔව් බං. ලයිට් නං ඇතුව හරි නැතුව හරි ජීවත්වෙලා ඉන්න පුළුවන්. න්‍යෂ්ඨික බලාගාර හදල ලීක් එකක් ගියොත් පරම්පරාවම ඉවරයි.

      Delete
    2. සිරාවට. මේ ගොන් යක්කුන්ට දුන්නොත් නම් පුපුරවලා තමයි පස්ස බලන්නේ. එක්කෝ හොදම ඉංජිනේරුවෝ සෙට් එකක් අරන් උන්ට පට්ටම ට්‍රේනින් එකක් දෙන්න ඔනේ. න්‍යෂ්ඨික වල "න"යන්නේ ඉදන් "ක"යන්න වෙනකල්. එහෙම නැත්තම් ඒ ගැන හොද ස්පෙෂලිස්ට්ලා ටිකක් වෙන කොහෙන් හරි ගෙන්නන්න වත් වෙනවා.

      Delete
  15. හොදටම හිනා... උබලා මේ දවස් වල අයිස් ගහනවා නේද ?

    ReplyDelete
    Replies
    1. අයිස්ම නෙවේ. නැත්තෙත් නෑ බං. ලයිට් ගියාම ඔපීසියෙ ඇතුල කට්ට කලුවරයි. ඒ මදිවට පෝරණුව වගේ රස්නෙයි. ඕං දැන් ටිකකින් වැස්සකුත් වැස්ස. හරියටම මම පාරෙ. තෙමෙන්නත් උනා. බලපං වෙන වැඩ.

      Delete
  16. "උඹලගෙ XXXයි YYYයි දෙන්න ඇමතිතුමා නිදහස් කලා, ZZZ මන්ත්‍රීතුමා නිදහස් කලා. උඹලත් පලයල්ල, මගේ ගානෙ"

    ඇත්ත තමයි.. අරුන් බේරිලා ගියාට පස්සේ ඉතුරු වෙන්නේ උදවුවක් නැති එවුන්.. උන්වත් නිදහස් කලාම මොකද වෙන්නේ ඉතින්... :)

    ReplyDelete
    Replies
    1. ඒකනේ. සානුකම්පිතව සලකල බලල නිදහස් කලා

      Delete
  17. අන්තිම එක තමා හොදම එක...

    ReplyDelete
    Replies
    1. හිනා යන්නෑ වගේ නේද?

      Delete
  18. කතා සැට් එකම පට්ට ජෝක්ස්ය :D

    ReplyDelete
    Replies
    1. තැන්කූ. ජෝක් එකක්ම නොවේ.

      Delete
  19. APE PATHTHE ME DAWAS TIKEMA LIGHT KEPUWA. ADA E WELAWATA KEPUWE NEHE. MAMA REGIONAL OFFICE EKEN AHUWA ADA LIGHT KAPANNE NEDDA? e AYA KIYANAWA DANNE NEHE KIYALA. MAMA EHUWA KOHOMADA DANA GANNE? ETHAKOTA KIYANAWA IHALINLU KAPANNE.= U N C =

    ReplyDelete
    Replies
    1. ඉහලින් තමයි ඔක්කොම එන්නෙ. අපිට නං දැනට දවසකට පැය තුනහමාරක් කපනව.
      බොහොම ස්තුතියි අංකල්.

      Delete
  20. මගේ යාළුවෙක් ඉන්නව පොලීසියේ දවසක් මම ගාල්ලේ යන ගමන් පොලීසියට ගොඩ උනා. මගේ යාළුවට කෝල් එකක් ආවා. මූ එකසිය ගානට එහෙමයි හාමුදුරුවනේ එහෙමයි හාමුදුරුවනේ කියනවා. පුටුවෙන් නැගිට්ටේ නැති එක විතරයි. පස්සේ ෆෝන් එක තියලා කූඩූවේ හිටපු දෙන්නෙක් එළියට දැම්මා. මම ඇහුවා මොකක්ද බන් උඹගේ තත්වේ ගොන් ඇමතිවරුන්ට හාමුදුරුවනේ ගාන්නේ. මීට වඩා හොඳයිනේ ගෙදර ඉන්න එක කියලා. මූ කියපි නෑ බං ඒ ළොකු හාමුදුරුවෝ කියලා. ඒ හාමුදුරුවෝ කවුද කියලා දැන් ලංකාවම දන්නවා.

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නෙ ඔය සීන් එක ඇත්තද? ඒක ගැන පත්තරේකත් තිබුණ ලිපියක් හාන්දුරුවො එක්ක තරහට අටවපු උගුලක් කියල.

      Delete
    2. අපොයි වෙන්න පුළුවන්.

      Delete
  21. සිරා කතා සැට් එක.

    අර XYZ කතාව සිරා..

    ReplyDelete
  22. සැකකාරයෝ නිදහස් කරපු හැටි තමයි නියම. එහෙම තමයි කරන්න ඕනා.

    ReplyDelete
  23. ආශ්චර්ය, ඒකට ඉරිසියාවට තමයි ඔය කට්ටිය එක එක එව්වා කියන්නේ :ඩ්
    එල !!!

    ReplyDelete
  24. පවර්කට් කතා සීරීස් එකක්ම දෙන්න පුළුවන් ඇට්ට් හැලෙන්න...........වැස්සේ නැත්නම් :-)

    ReplyDelete
    Replies
    1. හ්ම්. ඔව්. ඊයෙ පෝස්ටුවට පස්සෙ අපිට නං වැස්සක් වැස්ස.

      Delete
  25. ලබන මැයි මාසේ බර්ත් ඩේ ස් වැඩිවෙයි ද?!!!!

    ReplyDelete
    Replies
    1. වෙන්න පුළුවන්, මේ ලයිට් කපන කැපිල්ලට. හැබැයි උසස් පෙල ඉවර වෙනකල් රෑට කපන්නෙ නෑ.

      Delete
  26. හ්ම්ම්ම්ම්.ලංකාව..ලංකාව අනේ මන්ද....:(:(:(

    ReplyDelete
  27. MAMA DAN KAI KATHANDARA AHANNE NEHE. RAJGE NAWA THANATA GODAWENAWA. THEMENNE NETHUWA INNA PULUWAN. - U N C -

    ReplyDelete
  28. මෙහෙම කතා ලියවෙනවා නම් ලයිට් යන එකමයිනෙ බං රාජ් මල්ලි හොඳ. උඹ ජොලිම කතා ලියන්නෙ ලයිට් ගියාම.

    පළවෙනි කතාවෙ වගෙ පොරවල් හරියට ඉන්නවා. අනිත් එකාගෙ මුදලින් කන්න බොන්න බලාගෙනෛන්න උන්. තමන්ගෙ මුදලක් වුනොත් තමයි හම්බ කරන්න තියෙන අමාරුව මතක් වෙන්නෙත්.

    දෙවෙනි කතාවෙදි, උඹ විශ්වාස කරනවා නම් විශ්වාස කරපං, මම පොඩ්ඩක්වත් බය වුනේ නෑ. ගාමිණියා තමයි මාව ඇදගෙන දිව්වෙ. ඒ මගෙ නිර්භීත කමකට නෙවෙයි. අධික බයක් ඇතිවුනාම ඒ දේ වෙන්නෙ තමන්ට නෙවෙයි වාගේ හැඟීමක් ඇතිවෙන්නෙ. අන්න ඒක ඇතිවෙලා තිබ්බෙ. අනික අර ප්‍රමාද වී පැමිනෙන් ප්‍රතික්‍රියාවකුත් delayed reaction තියෙනවනෙ. මට දාඩිය දාලා කකුල් වෙව්ලන්න ගත්තෙ අලියා ගියාටත් පස්සෙ.

    අර පොලිස් කතා දෙකම එල. ග්‍රාමාරක්ෂත් ගානට වැඩේ දීලා. අන්තිම කතාවෙ OICත් අර ගමේ බාසාවෙන් අලුගුත්තේරු කම කියන සංකල්පය යටතේ හරි කරන්න ඕනෙ වැඩේ කරලා තියෙන්නෙ. අන්න මිනිස්සු.

    අන්තිම එකනම් උඹ මොකට ලිව්වද මන්දා. ඒක තමයි anti climax එක.

    අර මූණු. අර කලු සුදු ඒවා. අපි කොපි කලාට කමක් නැත්ද? වෙන ඉමෝටිකොන් නැත්ද ඒවගෙ?

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. "අධික බයක් ඇතිවුනාම ඒ දේ වෙන්නෙ තමන්ට නෙවෙයි වාගේ හැඟීමක් ඇතිවෙන්නෙ"
      මට නං ඕකෙ අනිත් පැත්ත හෙන්රි අයියේ. ඉස්සෙල්ල බය ඊට පස්සෙ නෑ. ඒ ගැන කතාවක් තියනව වෙනම කියන්න ඕන‍.

      ඔය මූනුටික මට ලැබුනෙත් කාගෙදෝ බ්ලොග් එකකින්. දැක්ක ගමන් මම සේව් කරගත්ත. කොපි කරන්න පුළුවන් මෙහෙම,

      රෑට සහ ලයිට් කැපුවම - ☻
      දවල්ට, ලයිට් තියනවිට - ☺

      :D

      Delete
  29. හත් වලාමයි හිනාකාලා මැරෙනවා

    ReplyDelete
  30. පවර්කට් ඇන්ටර්ටේන්ට්මන්ට්!

    ReplyDelete
  31. සමෘද්ධි නියාමකයා බොරු අසනීපයක් පෙන්නලා 3000 ආයි එකතු කරගෙන වගේ :D

    ReplyDelete
    Replies
    1. නෑ ඇත්තටම අසනීප වෙලා තියෙන්නෙ. 3000ට තියන ආසාව පේනවනේ.

      Delete
  32. ආශ්චර්යය... ආශ්චර්යය....
    අපි ඉතිං ශෝක් එකේ ජොලියෙන් ඉන්න දේශප්‍රේමී ජනතාවනේ...... :D

    ReplyDelete
  33. උබේ කතාව එතනට ගැලපෙන්නෙ නෑ බන්
    …☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻
    මම ආතම්මගෙ පෙට්ටගම ලියන ලොකුජෝන්

    ReplyDelete
  34. පාට ලී ඔච්චරටම කරන්ට් එක කපන්නෙ නොකපා බැරි කමට නම් කොහොමද රාමසාන් කියලා නොකපා ඉන්නෙ... ඒකෙන්ම පේනවා මේක විහිලුවක් කියලා

    අද කථා පෙලක්ම කියෙව්වා ගොඩාක් ඒවා කලින් කියවලා තිබුනෙ නෑ... මරු...

    ReplyDelete
  35. අර ඕ අයි සී මහත්තයා හරි හොදයිනේ...

    ReplyDelete