Thursday, August 2, 2012

නීති විරෝධී මුදල් ආයෝජන ක්‍රමයකට හසුවී නූලෙන් බේරුනෙමි!

නීති විරෝධී මුදල් ආයෝජනක්‍රම ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනේ. සක්විති අයියයි පියදාස(දඞුවම්) අංකොලුයි ඕක ගැන රටටම කියල දුන්නනේ. ‍සීට්ටු කියන්නෙත් ඔයවගේම ක්‍රමයක් තමයි. විශ්වාසය උඩ ගනුදෙණුව සිදුවෙනකල් හොඳයි. නැත්තං සොරි. සීට්ටු ගැන අපේ මාරය පෝස්ටු ගනනාවක් දාල තිබුන. මේ මගේ අත්දැකීමක්.

පහුගිය දවසක උදේ 9ට විතර කාර්යාලයේ ඉන්න වෙලාවෙ මට කෝල් එකක්! වෙන කාගෙන්වත් නෙවේ, නෝනගෙන්. මුලින්ම කියන්න ඕන මේ සංවාදයේ රතුපාටින් දාල තියෙන්නෙ මම හිතන දේවල් මිසක් කියන දේවල් නෙවේ කියල. නෝනගෙ වචන නිල් පාටිනුත් මගේ වචන තදකළු පාටිනුත් තියෙන්නෙ.

කෑවද? බිව්වද? කෑම රසද? ඔක්කොම කෑවද?....... වගේ ෆුල්ටොස් පන්දු අවසානයේ නෝනගෙන් බවුන්සර් එකක එල්ලවුනා.

"මේ...... අයියේ,....(ඒකාලෙ අයිය කිව්වඑක තාමත් "අයිය" බව කියන්නත් ඕනද?) සීට්ටුවක් තියනව අපිත් දාමුද?"

"හපොයි මට නං බෑ! මොකද්ද ඇති වැඩේ?"

"ඔන්න බලන්න ගාන කීයද කියලවත් ඇහුවෙ නෑ බැ: ගානව"

"කීය උනත් මට බෑ"

"රුපියල් පන්දාහයි. ඔයා දෙදාහක් දෙන්න"

"ඒත් බෑ"

"අනේ එන්නකො. ලක්ෂයක් විතර ලැබෙනව"

"මොන මඟුලක්ද? බෑ කියල කිව්වනේ" "සල්ලි තියනවනං සීට්ටු දාන්න ඕනයැ. බැංකුවෙ දාන්න බැරිය"

"අනේ ඔයා දාන බැංකුව!"

"එහෙනං එනව නේද?"

"එනව නේද?"

"එනව නේද?"

..........

..........

මොන කරදරයක්ද!

..........

..........

..........

රුපියල් දෙදාහයිනේ. නොදුන්නොත්,

"උදේ බත්එකේ හොදි අඩුවෙන්න පුළුවන්"

"දවල් බත්එකේ තියන මාලු කෑල්ල, බිත්තරේ නැතිවෙන්නත් පුළුවන්"

"ගෙදර ආව ගමන් ලැබෙන තේ එකේ සීනි, පිටි අඩුවෙන්නත් පුළුවන්"

"රජතුමා තරහවුනාට වැඩිය හපං"


........................

........................

........................

........................

"හරි. මම දෙදාහක් දෙන්නං"


*****************************************************************

එදින සවස

"අයියේ, අපි එක"

"මොකද්ද?"

"සීට්ටුවෙ අංක එක අපි"

"හා.... දැන් සල්ලි ලැබෙනවද?"

"නෑ එක කිව්වෙ සීට්ටුව දානකෙනා අතහැරල. අපිට ලැබෙන්නෙ දෙවනි මාසෙ"

"හා"

පලමු මාසෙට 2000ක් ගෙව්ව. දෙවනි මාසෙ මගේ ගාන අතට ආව. මම ඒක නෝනගෙ අතට දුන්න.

"මෙන්න ඉස්සරහ මාස ටිකට ගෙවන්න තියන මගේ සල්ලි!"

"ඇයි"

"මගේ ලඟ තිබුනොත් ඉවර වෙනව, මේක ඔයා තියාගෙන 2000 ගානෙ ගෙවන්න. හරිනේ"

"%$^%%@@%$%$&$&^$@%@^%$&^&%**&*$"

අන්තිමේදි මම නිදහස් වුනා.


91 comments:

  1. හොඳම රතු පාටින් හිතපු දේවල් තමයි..

    ReplyDelete
  2. උඹට හරි වටින මොළයක් තියෙන්නෙ... පරිස්සම් කරගනින් ඇස්වහ කටවහ වදී... :)

    ReplyDelete
  3. "මේ...... අයියේ,....(ඒකාලෙ අයිය කිව්වඑක තාමත් "අයිය" බව කියන්නත් ඕනද?)"

    මේ ටික දැක්ක ගමන් මට මතක් උනේ විනෝද සමට එකේ කෑල්ලක්..අමාරිස් අයියයි හාමු මහත්තයයි අතරේ සිද්ධ වෙන...

    ReplyDelete
  4. ඔයින් ගියා මදෑ

    ඇත්තටම ඉල්ලීම් වලට එකඟ උනාම අරවගේ කප්පාදු කිරීම් වෙනවද.?
    ඒ කප්පාදු කිරීම් කෑම බීම වලින් නවතිනවද?

    ReplyDelete
    Replies
    1. පිස්සුද! මොන මොන දීමනා කැපෙයිද කවුද දන්නෙ.

      Delete
    2. ඒ කනේ.....තව තව ඒවට බලපාන්නෙ නැත්ද..?

      Delete
    3. හෙහ් හෙහ් ... බ්ලොග් සහෘදයෝ රාජ්ගෙ පවුල් ජීවිතේ ගැනත් වද වෙනවනේ. ඔං බලන්ඩකෝ ඒ කෙත් හැටි. නේද?

      Delete
  5. ඊට පස්සේ සියල්ලෝම සතුටින් හිටියා කියල නම් කියන්න එපා ..ඕක මං පිළිගන්නේ නැහැ .. අනිත් එක ඉතින් එය ඔය සල්ලි එක පාරට දෙකට වියදම් කරලා ඊට පස්සේ මාසෙන් මාසේ ඉල්ලනකොට නොදී ඉන්න බැහැනේ. අර පලවෙනි දෙදාහට වලංගු තර්ජන ගර්ජන ඔක්කොම එයි.. ඊට වඩා හපන් ස්ට්‍රයික් එක දාගත්තම..

    ReplyDelete
    Replies
    1. අත්දැකීම් තියන උදවියත් ඔහොම කියල බය කොරන්නෙ ඇයි?

      Delete
  6. අපේ ගෙදරත් සීට්‍ටු වලින් අඩුවක් නෑ..බෙඩ් ශීට් සීට්‍ටු, ඇඳි පු‍ටු සීට්‍ටු , ඕවා තමා...
    අර රතු පාටින් තියෙන ඒවා එකක් හරි කියවුනා නං ගෙදරින් බත් කාලා ඉවරයි...

    ReplyDelete
    Replies
    1. ඒක නං හරි බං. හිතේ හැටියට ලියන්න පුළුවන් මෙහෙම තැනකනේ :)

      Delete
  7. නෝනා මේක බලන්නේ නැතෙයි?
    :D :D

    ReplyDelete
    Replies
    1. ඉස්සර නං ඉඳහිට බැලුව. දැං මෙයත් එක්ක බෑ.

      Delete
    2. නෝන පොඩි එකාව බලන නිසා උඹ වැඩ්ඩ වගේ මෙව්ව දානවා නේද? :)

      Delete
  8. හෙහ්... මූත් ආඳා වගේ තමා... වයිපරේට හිතෙන්න ඇති "අනේ මෙහෙමත් හිත හොඳ මනුස්පයෙක්" කියලා... විහිළු නෙමේ අපිටත් ඕක වටිනවා....

    ReplyDelete
    Replies
    1. ඒකනේ. මෙව්ව උඹලට ඕනවෙන්නෙ ඉස්සරහට.

      Delete
  9. රාජ් අයියගේ ටිකිරි මොලේ :))

    ReplyDelete
  10. ආං.... රාජ් රතුපාටින් දාපු ටික මාත් මතක තියාගන්ඩ ඕන.

    සීට්ටුගැන මගේ අදහසත් රාජ් හිතන විදියම තමා. සල්ලි තියෙනම් බැංකුවෙ දාන්ඩ බැරිය. සීට්ටුවලදි එකෙක් හරි පොල්ල තිබ්බොත් අමාරුවෙ.

    ReplyDelete
    Replies
    1. සීට්ටු කෙරුවාව අවුලක් නෑ විශ්වාසය තියන උදවිය අතර කරනව නං. මොකද බැංකුවෙ දානව කිව්වට අපි කවදාවත් ඕක ප්‍රායෝගිකව කරන්නෙ නෑනේ. කාන්තා පාර්ශවය තමයි දක්ෂ ඔය වැඩවලට.

      Delete
  11. ලාබ පාඩු නෑ... "නංගි" ත් ෂේප්... හරිම සිම්පල් ප්ලෑන් එකක්...

    ReplyDelete
    Replies
    1. හරී.....ම සිම්පල්. ඒත් සරත් අයිය නං ඉස්සරහට වෙන්නපුළුවන් හාණි ටිකක් පෙන්නල දුන්න.

      Delete
  12. //"දවල් බත්එකේ තියන මාලු කෑල්ල, බිත්තරේ නැතිවෙන්නත් පුළුවන්"

    "ගෙදර ආව ගමන් ලැබෙන තේ එකේ සීනි, පිටි අඩුවෙන්නත් පුළුවන්"//

    අඩෝ උඹලා "හොදට" කනවා නේද..... :D

    රජයේ සේවකයො කන බොන විදිය මෙහෙම ප්‍රසිද්ධ කළාම කෙලවෙන්නෙ අහක ඉන්න අපිටයි..... :(

    ReplyDelete
    Replies
    1. බිත්තරයක් 10යි. මාලුත් ගන්නෙ වැල්ලෙන්. පිරිමහගන්න පුළුවන් බං. සල්ලි ඇතුවට නෙවේ.

      Delete
  13. ඒකත් නරක නෑ... :-)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  14. කාට අහුවුනත් බ්ලොග් සක්විතිට අහුවෙන්න එපා.... ගැලවිල්ලක් නෑ..

    ReplyDelete
    Replies
    1. තැන්කූ. අහුවෙන්නෙ නෑ. :-)

      Delete
  15. මුලින් ම ඔය ගැන මහ බැංකුවට පැමිණිලි කළා නම් ඉවරයිනේ...

    ReplyDelete
    Replies
    1. ඕව කියන්න ගිහිල්ල ගමෙත් ඉන්න නැතිවෙයි.

      Delete
  16. එහෙනම් සීට්ටු දාන වැඩෙත් නරකම නෑ ... :)

    ReplyDelete
    Replies
    1. හ්ම්. නාස්තිකාරයන්ට හොඳයි.

      Delete
  17. සියඹලාම නොවුනත් පොඩි ඇඹුලක් තියෙන ප්ලොට් එකක් :)

    ReplyDelete
    Replies
    1. ඔව්නේ. සියඹලාම තමයි බං. අන්තිමට මම දාපු සීට්ටුවක් නෑනේ. :)

      Delete
  18. හැහ්..හැහ්.. ඔහොම ගෙවන්ඩ සීට්ටු දාන්ඩ ඕනයැ..

    ReplyDelete
  19. අපේ පැත්තේ උදවියත් සීට්ටු නම් දානවා ඒත් වැඩිපුර සීට්ටු දාන්නේ මුලුතැන්ගෙයි උපකරණ වලට .. ගල් වංගෙඩි . ඇලුමිනියම් මුට්ටි , පිඟන් රාක්ක , වීදුරු සැට් , සල්ලි වැඩේට වඩා ඒ වැඩේ නම් සෝක් ..

    ReplyDelete
    Replies
    1. සීට්ටු නරක නෑ. සීට්ටු දැමිල්ල නිසා එකසැරේට කරන්න බැරි දේවල් කරන මිනිස්සු ඉන්නව

      Delete
    2. ඔය හිස් අහස ලියලා තියෙන සීට්ටු අපේ පැත්තෙන් තියෙනවා. වෙන එකක් තියා අපේ අම්මත් සීට්ටු වලට හරිම කෑදරයි . දැන් නම් නැද්ද කොහෙද.. ඔය බඩු මූට්ටු සීට්ටු වලට උන්නා. ඇලුමීනියම් හට්ටි මුට්ටි , ප්ලාස්ටික් පුටුවලට එහෙම.

      Delete
  20. අන්න මොලේ ඇති වැඩේ.ඒකත් වෙලාවට මුල අංකයක් හම්බ වුනේ පහු පහු වෙනකොට සීට්ටුව දාපු කෙනා හොයා ගන්න නැති වුනොත් අපරාදෙ සල්ලි.

    ReplyDelete
    Replies
    1. පිරිස ගැන නං අවිශ්වාසයක් නෑ. ඕව කම්මැලි වැඩ ඒකයි.

      Delete
  21. කොහොමද ටිකිරි මොලේ..;)
    title එක දැක්කම මන හිතුවේ සිරාවට මොකෙක්ට හරි අහුවෙලා කියලා

    ReplyDelete
    Replies
    1. නූලෙන් බේරුනා කිව්වෙ ඒකයි

      Delete
  22. හොඳම ටික තියෙන්නේ රතු පාටින් සහ නිල් පාටින්.:)
    පුතාට නමක් තිබ්බද?

    ReplyDelete
  23. සීට්ටු දැමිල්ලේ අවදානමක් තියෙනවා තමයි.
    ඒත් මටනම් හිතෙන්නේ හරි විදිහට වැඩගත්තොත් ඒකෙන් ඵල ප්‍රයෝජනයක් ගන්න පුළුවන් කියලායි.
    මොකද ඕනෑම වෙලාවක අපේ "අත්‍යවශ්‍ය වියදම්" ගොන්න, අපි උපයන ආදායමට සම වෙනවා.
    ඉතිං සීට්ටුවකට මාසිකව මුදලක් වෙන්කලොත්, කීයක් හරි ඉතිරිකරගන්න පොටක් පෑදෙනවා.

    ReplyDelete
    Replies
    1. සීට්ටු දැමිල්ලට පත්තියං වෙච්ච උදවිය ඉන්නව ගම්වල. ඇත්තටම සීට්ටුවකින් පැනගිය කෙනෙක් ගැන මම නං අහල නෑ.
      ඉතිරිකිරීමට හොඳ මාර්ගයක් තමයි මේක. (මම පෝස්ටුව ලිව්වෙ හාස්‍ය රසය සඳහා පමණයි)

      Delete
  24. එක හන්දා හොඳා නැත්නම් මේ පොස්ට් එක වෙන විදියකට ලියන්න තිබුනා හික් හික්

    ReplyDelete
    Replies
    1. හ්ම්. ඒත් කරන්න දෙයක් නෑ. සල්ලි ගෙවන්න වෙනව.

      Delete
  25. හෙහ් හෙහ් රුපියල් දෙදාහ වගේද යටිතල පහසුකම් කපාහැරියොත්.

    ReplyDelete
    Replies
    1. අන්න ඒකනෙ බං උඹට හරියටම තේරුනා. :)

      Delete
  26. හික් යාමේ බේරාගත්තා කූට විදියට :)

    ReplyDelete
    Replies
    1. නැතුව. මොන ප්‍රයෝගයක් හරි දාල බේරෙන්න එපැයි.

      Delete
  27. අන්න ටිකිරි මොළේ.... ලස්සනට අන්දලා ඇඟ බේරාගෙන. ඔය සීට්ටු වලට මගේ නම් ඒ හැටි කැමැත්තක් නෑ. සීට්ටු වලට ඉදලත් නැද්ද කොහෙද.. අර වෙන්දේසි සීට්ටු මට නම් මොනවද කියලවත් තේරෙන්නෙ නෑ

    ReplyDelete
    Replies
    1. වෙන්දේසි සීට්ටුව නං ලාභයි අන්තිමයට.

      Delete
  28. යකෝ රාජ්!

    තැන්කූ මේ අයිඩියා එකට.

    මම එක එකාගෙන් සල්ලි ඉල්ලන් පොලු තියල බොග අවකාශෙටම කිච වුනා!
    මේ වගේ සීට්ටු දම්මල පොල්ල තිබ්බ නම් පොඩි ගාන නිසා කවුරුත් නඩු දාන්නෙත් නෑ. අදම ගෑනිට කියල සීට්ටු කීපයක් සෙට් කරගන්නම්.

    එන්න-කෝලංකා සංචාරකාධිපති

    බ්ලොග් සක්විති පොදිරිසිංහ

    ReplyDelete
    Replies
    1. හහ් හහ් හහ් හා...........

      Delete
  29. මේක 'නංගිට' හොරෙන් ලියන බ්ලොග් එකක් බව සක් සුදක්සේ පැහැදිලියි!
    රාජ් 'අයියට' තාම රතු අකුරෙන් හෝ සිතීමේ නිදහසතියෙන එක ගැන සන්තෝසෙ බෑ.
    හැබැයි ඉතින් මේක 'නංගි' කියවපු දාට රාජ් 'අයියත්' රතු දත්ත පොතේ තමයි!!!:)
    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. හැබැයි ඉතින් මේක 'නංගි' කියවපු දාට රාජ් 'අයියත්' රතු දත්ත පොතේ තමයි!!!:)

      කවදාවත් කියවන්නෙ නෑ. කියෙව්වත් අවුලක් නෑ. "නංගි" වලියට බර නෑ.

      Delete
  30. රාජ් අයියා රතුවෙන් හිතපුව කිව්ව නම් තමා ෂෝක්... අර හෙන්රි අයිය කිව්ව වගේ වැඩක් තමා වෙන්නේ...

    ReplyDelete
  31. අය්යෝ සල්ලි දෙය්යගේ මල්ලි කියුවලු,
    මොලේ තමයි මොලේ :ඩ්

    ReplyDelete
  32. මාළු කෑල්ල බිත්තරේ අඩු වුනා වගෙද ඔය සීට්ටුවක් දාලා අතුරුදහන් වුනොත්. මට මතකයි කලින් සීට්ටු ගැන කියපු මගේ මරණය ඕකේ සයිඩ් ඉෆෙක්ට්ස් කතා කරලා තිබ්බා.
    මම නම් තවම සීට්ටු දාලා නෑ. කොහෙද ඉතින් මාසේ අන්තිමට සීට්ටු දාන්න සල්ලි ඉතුරු වෙන්න එපැයි අපිට...
    (මම ඒ සල්ලි අරන් ගිහින් ශොපින් කරලා පොඩි එකා වගේ සතුටු වෙනවා.)

    ReplyDelete
    Replies
    1. සීට්ටුකරුවන් අතුරුදහන් වෙච්ච සිද්ධීන් අඩුයි. හේතුව කාලයක් තිස්සේ හොඳට දන්න කියන උදවිය තමයි සෙට්වෙන්නෙ.

      Delete
  33. රතු පාට ටික උපරිමයි ඈ...

    බැන්දම මාර ගේමක් දෙන්න එපැයිනේ ජීවත් වෙන්න හම්මියෝ ඔය ඉල්ලන දෙයක් දීලා දාන එක සැපයි වගේ...

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව. බැඳල බලපංකෝ....

      Delete
  34. හම්මේ මම නම් කිසිම කෙනෙක් එක්ක ඔහොම විශ්වාසය මත මුදල් ගනුදෙනු කරන්න ආස නෑ. පොඩ්ඩ පොඩ්ඩ ඉතිරි කරන්න ඉගන ගත්තනම් සීට්ටු දාන්න ඕන වෙන්නේ නෑ නේද

    ReplyDelete
    Replies
    1. ඔව්. කරන්න පුළුවන් නම් හොඳම දේ.

      Delete
  35. හික්ස්..
    රාජ් අයියගෙ මොලේ තමා මොලේ..

    ReplyDelete
  36. අපේ අම්මත් ඔය සීට්ටු වලට නම් බැදිලා හිටියා. ඒවගෙන් එක එක දේවල් අරගෙනත් තියෙනවා. රාජ් කියනව වගේ අපි කවදද් පොත් වල දාලා සල්ලි තැන්පත් කලේ.

    ReplyDelete
  37. රාජ් මොල කාරයා බව කියන්න තව අටුවා ටීකා මොනවටද?

    ReplyDelete
  38. මම සීට්ටු දැම්මේ ඉස්කෝලේ යන කාලේ එකතු කරන්නේ මම අවුරුද්ද ඉවර වෙද්දී සිට්ටුවත් නැහැ ලාබෙ මට.

    ReplyDelete
  39. රාජ් අයියගේ ටිකිරි මොලේ..

    අර රතු පාටින් හිතිච්චා රාජ් අයියා අවුලක් නැතුව ලිවුවා.. මම මේ කල්පනා කලේ ඉස්සරහට මට ඔහොම පාට පාටින් වත් ලියන්න බෑ.. හිතේ තියන්ම ඉන්නවා මිස.. :)

    ReplyDelete
    Replies
    1. උඹට රතුපාටින් ලියන්න වෙන්නෙ නෑ මලයෝ. දුක තමයි.

      Delete
  40. මාත් සීට්ටුවලට කැමති නැතුවයි හිටියේ ...
    මේක දැක්කට පස්සෙ කැමති වෙන්න හිතුවා ...

    ReplyDelete
    Replies
    1. :) හොරුන්ට අහුවෙන්න නං එපා.

      Delete
  41. හා හා මරැ වැඩක් නොවැ ඒක... සීට්ටුව මුලින්ම ගත්තට අන්තිම වෙනකන් ගෙවන්න එපෑයැ... දැන් වයිපරේ නංගි ගෙන් කරදරයක් නැතුවාද ?

    ReplyDelete
    Replies
    1. අන්තිමට ගෙවන සල්ලි මුලින් දුන්න. හරිම සිම්පල්.

      Delete
  42. අනේ මම නම් සීට්ටු වලට කැමති නෑ කොහෙත්ම...බැංකුවක දැම්මාම පොලිය වත් එනව..ඕන වෙලාවක ගන්න පුලුවන්..

    ReplyDelete
  43. හොද උප්පරවැට්ටියක් මචං..

    ReplyDelete