Tuesday, November 14, 2017

යහපාලනේ කිව්වොත් සල්ලි තමයි.....

දකින දකින තැන බලන බලන තැන අස්සක් මුල්ලක් නෑර සල්ලි බෙදන පෙරලිකාර යහපාලනේ අපි තවත් වාසනාවන්තයෙක් හොයාගෙන අටකලම්පන්නට ආව.....

"ගෙදර කවුද.......?"

"අපි ආවෙ පොඩි සමීක්ෂණයකට..... ඔයාගෙ නම කියන්න"

"පී.කේ. සරළලතා..... පිස්සු කෙලිනගේ සරළලතා"

"හරි.....සරළලතා මහතිමියගෙ ගෙදර වෙන කවුද ඉන්නෙ?"

"මායි මහත්තයයි දරුවො තුන්දෙනයි අම්මයි...."

"හරි.....කැමතිම බීම ජාතිය මොකද්ද?"

"මහත්තය නං බියර්..... අපි නං මයිලෝ"

"බොහොම හොඳයි.... දෙදාස් පාලහේ ජනවාරි අට ඡන්දෙ දුන්කෙ කාටද?"

"යහපාලනේට!" [විසිල් බල්ටි සමඟ අත්පොලසන් නාදය පසුබිමින්.......]

"යහපාලන..........ය............... ඔව්..... ඡන්දෙ දුන්නෙ යහපාලනයට කිව්ව නිසා සරළලතාට අපි දෙනව මෙන්න මේ මුදල....... එහෙනං කට්ටියත් එක්ක සද්දෙට ගනං කරන්න බලන්න...."

"දාහායි... දෙදාහායි.... තුන්දාහායි..... හාරදාහායි..... පන්දාහායි.....හයදාහායි....... හත්දාහායි....... අටදාහායි...... නවදාහායි..... නවදාස් පන්සීයායි...."

"ඔව් යහපාලනේට ඡන්දෙ දුන්න නිසා රුපියල් නවදාස් පන්සීයක් සරළලතාට හිමිවෙනව..... මොකද හිතෙන්නෙ?"

"ඇත්තටම සංතෝසයි.... අපි ඡන්දෙ දුන්නෙ යහපාලනේට තමයි....."

"ඔව්... කියන්න බලන්න යහපාලනේ ප්‍රතිපල ටික මතකෙන්....."

"ඔව් ජනවාරි අට ඡන්දෙ දීල හිටං තුමා පත්කරගත්ත ඒකෙන් අපිට ලොකු සහනයක් ලැබුන..... ඊට පස්සෙ හිරුනිකා නෝන ඩිපෙන්ඩරේකින් ගිහිල්ල අසරණ තරුණයෙකුට යුක්තිය ඉෂ්ඨ කලා හරිම සතුටුයි ඒ ගැන..... ඊටත් පස්සෙ මාස්ටර් මයින්ඩඩ් අගමැතිතුමයි යාලුවයි එයාගෙ බෑනයි මහබැංකුව කැඩුව, අගමැතිතුමාගෙ මොලේ තියන තැන ඒකෙන් දැනගත්ත.....ඊට පස්සෙ හිටං තුමා නන්ස්ටොප් ආතල් දෙන්න ගත්ත, ඒව ඇහුවම වැඩ කරපු මහන්සිය නැතිවෙනව..... අපි හැමදාම යහපාලනේ එක්කයි. යහපාලනේ මගේ පන වගේ!"

"අන්න ඒ වගේ අපි ඔබේ නිවසට කාර්යාලෙට ගොඩවෙලා ඇහුවත්, බස්හෝල්ට් එකේදි කඩපිලේදි ත්‍රීවීල් එකේදි ඇහුවත් ඡන්දෙ දුන්නෙ යහපාලනේට කියල කිව්වොත්......."

"සල්ලි තමයි!"

Tuesday, October 31, 2017

Monday, April 3, 2017

කැවුම් මඩුවෙ ගින්න

නිවාඩු දවසෙ දවල් කෑමෙන් පස්සෙ පොඩ්ඩක් නිදාගන්න කලින් ෆෝන් එක අතට අරගෙන බුකිගත වෙලා ඉන්නකොට පුතා ආව. ටික වෙලාවක ඉඳල පුතා, අල්ලපු ගෙදර යාලුව එක්ක සෙල්ලම් කරමින් හිටියෙ.

“තාත්තේ කැවුං මඩුවෙ ගින්දර තියනව... වතුර ටිකක් දාන්න“

පුතාගෙ කතාව ඇත්ත වෙන්න පුළුවන්, අම්ම දවල් කැවුම් වගයක් හදනව දැක්ක ගේ ලඟ තියන පොඩි ගේ කෑල්ලෙ. ඉතිං ගින්දර ඉතිරි වෙලා තියෙන්න පුළුවන්.

“හරි හරි... පුතාල ඒ පැත්තට යන්න එපා... මම වතුර ටිකක් දාන්නං...“

******************************************************

පොරොන්දු වුනාට ෆෝන් එකේ එල්ලිලා හිටිය මට ගින්දර ගැන අමතක වෙලාම ගියා.

“තාත්තේ... අන්න කැවුං මඩුව ගිනිගන්නව...“

පුතාගෙ කටහඬ ඇහුන...

“ඒ කොහොමද?“

“අපි අඟුරු ටිකට පිදුරුයි වේලිච්ච තණකොල ටිකකුයි දැම්ම....“

“ඒ මොකටද? මම කිව්වනේ ඔයාලට ඒ පැත්තට යන්න එපා කියල...“

“ඉතිං ඊට ඉස්සෙල්ල මම තාත්තට කිව්වනේ වතුර දාන්න කියල.... තාත්ත වතුර දැම්මද? නෑනෙ! ඉතිං අපි ගිනි තිව්ව එතකොටවත් ඒවි කියල... දැං දුවල එයි වතුරත් අරගෙන.... හි හි හි....“

කොල්ලයි යාලුවයි පැනල දුවද්දි තමයි ගින්න නිවන්න කල්පනාවට ආවෙ.... මඩුවෙ බාගයක් විතර පිච්චිලා.... ගින්න වහල දක්වා පැතිරිලා....

“මෙන්න මඩුව ගිනිගන්නවා.... ඉක්මනට යං නිවන්න.....“ මම පුළුවන් තරම් හයියෙන් කෑගැහුව...

“මොකද මේ මහ දවල් හීනෙං බෙරිහන් දෙන්නෙ?“ හාමිනේගෙ සද්දෙට තමයි ඇහැරුනේ!

හාමිනේට උත්තර දෙන්න සුනංගු නොවී මම ගියා මඩුව ලඟට... කැවුම් පුච්චපු ලිපට වතුර දාල... ගින්න නිවල තිබුන... පුතා යාලුව එක්ක ආව...

“තාත්ත ආවෙ නෑනෙ... අපි මල් තෙමන බටේ අරගෙන ලිපට වතුර දැම්ම...“

“මොකද්ද දැං වුනේ? ඇයි ඔයා හීනෙං බයවෙලා මඩුවට ආවෙ?“ හාමිනේ ඇහුව.

ආචාර්ය මහාචාර්යලාට වැඩිය ළමයින්ට තේරෙනව ඒ නිසා අවුලක් නෑ!“

Saturday, December 24, 2016

ආගංගොඩ? කොහේද යකෝ ඒ?

ආගංගොඩ තියෙන්නෙ කොහේද?
“ආගංගොඩ” ඇවිල්ලා ලංකාවෙ A කියන දිස්තිරික්කෙ B කියන ප්‍රාදේසීය ලේකං කොට්ටාසෙ C කියන ගිරාම සේවක වසමට අයිති ගමක්. ඔහෙලට ඕනම නං ඉතිං ඔය A, B, C කියන එව්වට ගැලපෙන නමක් දෙකක් කාරිය දාගත්තෑකි. හැබැයි මක්කටෙයි කරදර වෙන්නෙ, ඔය වාගෙම ගං අටෝ රාසියක් මේ පුංචි රටේ තියෙනකොට?

ඇයි මේකට ආගංගොඩ කියන්නෙ?
මේ ගමට “ආගංගොඩ” කියන නම හැදුනෙ කොහොමද කියලා කවුරුත් දැනගෙන හිටියෙ නෑ. කොටින්ම මේ ලියන, ලියන මහත්තයා වන, මට වත් උත්තර දෙන්න ඇහැකි පුරස්නයක් නෙවෙයි ඒක.
හැබැයි මේ ගමට “ආගංගොඩ” නම නං අපූරුවට ගැලපුනා කියමුකො. ආගම්-ගොඩාක් තියෙන ගමකට වෙන මක්කා කියන්ටයැ?

කවුද ආගංගොඩ ඉන්නෙ?
එක්කෙනෙක් තමයි සිරිසේන මහත්තය. ඒ කියන්නෙ ගමේ ග්‍රාමසේවක මහත්තය. හැබැයි එයා රස්සාවෙන් අස්වුනා. ගමේ යූ ඇම් පී කාරයින්ගෙන් කරදර නිසා.

ඊට පස්සෙ?
ඊට පස්සෙ සිරිසේන මහත්තය පොතක් ලියන්න පටන් ගත්ත.

තව කවුද ගමේ ඉන්නෙ?
සමන්තභද්‍ර රහතන් වහන්සේ, එතකොට...

ඇහ්? සමන්තභද්‍ර රහතන් වහන්සේ?
නැතුව නැතුව. මෙන්න බලන්න....
"සමන්තබද්‍ර මහ බෝසතානන් වහන්සේ අරහත් භාවය ලබා ගත්තෙ කොළඹ හිල්ටන් හෝටලයෙදි. අර එක තට්ටුවක් අඩු හෝටලේ කියන්නෙ. ඔව්, ඒකෙදි තමයි."
"ඒ එක්කම පින්වතුනි ඔය ඇත්තන් සිහියේ තබා ගත යුතුයි සමන්තබද්‍ර වහන්සේද අරහත් භාවය ලබා ගන්නේ ඉතාම දුෂ්කර ක්‍රියා කලාපයකින් පසුව බව. කොටින්ම ඔය සම්පූර්ණ කාලය මුලුල්ලේම තන්හා රතී රාගා මර දෙවඟනන් තිදෙනාම සමන්තබද්‍ර වහන්සේගේ සයනය මත උන් වහන්සේගෙ වෑයම අඩපණ කරන මෙහෙයුමක යෙදී සිටියා පින්වතුනි. සමන්තබද්‍ර වහන්සේ අරහත් භාවය ලබා ගන්නේ ඒ මර දුවරුන් සමඟ කළ මාර පරාජයෙන් පසුවයි"

තව?
තව ඉන්නව බ්‍රදර් බර්නාඩ්, මුස්ලිං කෙල්ලයි දෙමළ කොල්ලයි හෙළ බොදු යුක්තිය සංවිධානෙ....

ටහිකෙන ගමක්නෙ යකෝ මේක! කොහේද මේ ගම තියෙන්නෙ?
තියෙන්නෙ ආගංගොඩයගෙ ඔලුවෙ! ඔලුවෙ තියන දේ බ්ලොග් එකට එනව.

එහෙනං ඉතිං පිලිවෙලකට කියවන්න බැරියැ!
එහෙමත් බෑ ඉතිං.... ඒ යකා ටයිං ෆ්‍රේම් මාරු කරනව කිසි කිසි ගාල.... මතකනෙ අර සමනල විප්ලවේ.... පිස්සු හදාගන්නෙ නැතිව කියවන්න එහෙනං.... මෙන්න තැන!

Thursday, December 15, 2016

ආගමික සංකේත සහ ආගමික පොලිසි!

"නැව් සුක්කානමක" හැඩය ගත් සලකුණක් සහිත සපත්තු විකිණූ වෙළඳසැලක් වැටළූ චීවරධාරීන් කිහිපදෙනෙකු උක්ත සලකුණ බුදු දහමෙහි කියැවෙන ධර්මචක්‍රය බව පවසමින් පිස්සු කෙලින වීඩියෝවක් අන්තර්ජාලයේ වෛරල් වෙමින් පවතී. සියල්ල අතහැර පැවිදි වුවද සියල්ල බදාගන්නා පැවිද්දන් ගැන කතාකිරීම අනවශ්‍යය. ඔවුන් පිළිබඳව නීතිය ක්‍රියාත්මක කිරීම රජයේ වගකීමකි. එසේ නොවුනහොත් පසුගිය රජය සමයේ මෙන් චීවරධාරීන්ගේ පිස්සුව උත්සන්න වීමට ඉඩ ඇති අතර ඒ හේතුවෙන් පාලකයන්ට මෙන්ම රටටද බොහේ දේ අහිමි විය හැකිය.

චීවරධාරීන් කුමක් කලද ආගමික සංකේත සම්බන්ධයෙන් රටකට නීති රීති අවශ්‍යය. කුමක්ද මේ ආගමික සංකේත?
ආගමික සංකේත යනු ඕනෑම ආගමක ශාස්තෘන් විසින් දේශනා කල දෑ සහ ආගම්වලට අනන්‍ය වූ දේවල් ආදියයි. ඒවා සියල්ල ඒ ඒ ආගම්වලට සහ ආගමිකයන්ට අයත් බුද්ධිමය දේපල ලෙස සැලකිය හැකි අතර ඒවා යොදාගැනීම හෝ පාවිච්චිය සම්බන්ධව සීමා තිබිය හැකිය. උදාහරණයක් ලෙස ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීමේදී ආගමික නායකයෙකුගේ නම යොදාගත නොහැකි යැයි නීතියක් තිබේ. බුද්ධා වයින් ස්ටෝර්ස් හෝ මුහම්මද් නබි මස් වෙළඳසල හෝ ජීසස් බේකරිය වැනි ව්‍යාපාර ලංකාවේ ලියාපදිංචි කල නොහැකිය. බුදු පිළිම හා ඡායාරූප, බුදුදහමේ සඳහන් සංඝ්‍යාගේ පිළිම සහ ඡායාරූප ආදියද ව්‍යාපාරික හෝ වෙනත් අරමුණු වෙනුවෙන් යොදාගැනීම නොකල යුතුය. මේවා සම්බන්ධ නීති රීති ඒ ඒ රටවලට ගැලපෙන ලෙස යොදාගෙන තිබේ. උදාහරණයක් ලෙස ඉස්ලාම් නීතිය ක්‍රියාත්මක වන මැදපෙරදිග රටවල කුරාණයට අපහාස සිදුවන ආකාරයේ ක්‍රියාවන්ට ලැබෙන දඬුවම් බරපතලය.


◄මෙවන් රෝද සහිත කරත්තයක් අදින ගොණුන් පවුකාරයන්ය!

කෙසේ වුවත් එක් එක් ආගම්වල පවතින නීති රීති ඒ ඒ ආගම්වල දර්ශනය සමඟ බැදී පවතී. ඉස්ලාමයේ පවතින නීති රීති දැඩි වන අතර කතෝලිකයන් තම ආගමික සංකේත සම්බන්ධයෙන් එතරම් දැඩි පිලිවෙතක් අනුගමනය නොකරයි. උදාහරණයක් ලෙස ‍ජේසුස් වහන්සේගේ හෝ කුරුසිය වැනි රුව සහිත ඇඳුම් පැළඳුම් කතෝලිකයන් පාවිච්චි කරන අතර දෙවියන් වහන්සේ ඡායාරූපයට නැඟිම පවා ඉස්ලාමයට අනුව නොකල යුත්තකි. අනෙක් ප්‍රධාන ආගම් දෙකට සාපේක්ෂව ආගමික සංකේත විශාල ප්‍රමාණයක් ඇති බෞද්ධයන් ඒවා සම්බන්ධයෙන් දක්වන්නේ ගෞරවය මුසුවූ ප්‍රතිචාරයකි. බුදුන් වහන්සේ හෝ රහතන් වහන්සේලා නියෝජනය වෙනුවෙන් කිසිවකු පෙනී නොසිටින අතර නාට්‍යමය අවස්ථාවක වුවද යොදාගන්නේ සංකේත පමණකි. ඒ ගැන ප්‍රශ්නයක්ද නැත.


මේ කොකිස් කෑවොත් පවුද?►


මතභේදයට තුඩුදෙන කරුණ වන්නේ ආගමික සංකේත නිසි පරිදි අර්ථදක්වා ගැනීමයි. අවුල් ඇතිවන්නේ එසේ නොවූ විටය. මගේ විශ්වාසය අනුව ආගමික සංකේත ලෙස සැලකිය හැක්කේ කෙලින්ම ශාස්තෘටත්, එවැනි අනෙකුත් පුද්ගලයන්ටත්, අදාල ශාස්තෘ හෝ ආගම විසින් හඳුන්වා දුන් යම් යම් දෑ වෙතොත් ඒවාය. ඒ අනුව ආගමික නායකයන්ගේ රූප-පිළිම ආදියත්, ඔවුන්ගේ දේශනා පාඨ-ගාථා-යාඥාපාඨ ආදිය මීට අයත්ය. එමෙන්ම ආගමිකයන්ගේ නිෂ්පාදන වන ශ්‍රී මහා බෝධිය, දළදා මාලිගාව, මක්කම වැනි ස්ථානවල අයිතියද ඔවුන් සතුය. එහෙත් මිනිසා විසින් නිපදවන ලද හෝ ස්වභාවයේ පවතින දේවල්වල අයිතිය ආගමිකයන්ට නොමැත. උදාහරණයක් ලෙස බුදුන් වහන්සේ එක් අවසථාවක යම් ධර්ම කරුණක් [මෙය බ්ලොග්කරුට අමතකය] විස්තර කිරීමට යොදාගත්තේ එකල පහසුවෙන් පෙන්විය හැකි උදාහරණයක් වන කරත්ත රෝදයක්ය.කරත්ත රෝදය 'ධර්මචක්‍රය' ලෙස බෞද්ධයන් හැඳින්වූ පමණින් එය වෙනස් වන්නේ නැත. තවත් උදාහරණයක් ලෙස කුරුසිය, කතෝලිකයන්ගේ සංකේතයක් වන අතර කුරුසිය කතෝලිකයන්ට පූජනීය වීමටත් ප්‍රථම මිනිසුන් යොදාගත් උපකරණයකි. ඉස්ලාමයේ ඇති අඩ සඳ හා තාරකා සලකුණ සම්බන්ධ තත්වයද එසේමය. සරළව කිවහොත් ඔවුන්ගේ දේවල් ඔවුන්ටය. අනෙක් දේවල් ඕන කෙනෙකුට විවෘතය.

ආගමික සංකේත සම්බන්ධයෙන් මා ඉහත සඳහන් කල ආකාරයේ නීති රීති පද්ධතියක් රටේ පොදු නීතියට අවශ්‍යය. එවිට ඕනෑම අවස්ථාවක් සම්බන්ධයෙන් නීතිය අනුව කටයුතු කල හැකි අතර නීතිය අතට ගැනීමට කිසිවකුට ඉඩ ලැබෙන්නේ නැත. ආගමික සංකේත තිබුනාට ආගමික පොලිසි අවශ්‍ය නැත. ආගමික හෝ නිර් ආගමික ඕනෑම අයෙකු ආගමික සංකේත අවභාවිතා නොකල යුතු අතර එකිනෙකා සම්බන්ධයෙන් ඇති ගෞරවයේ තරමට සමානුපාතිකව ජනවර්ග අතර සමඟියද පවතිනු ඇත.

Wednesday, December 14, 2016

මාධ්‍යකරුගේ උදාර අපේක්ෂාව....

දහවල් සිදුවූ සිදුවීම හේතුවෙන් රොෂාන් ගුණසේකර සිටියේ කැළඹීමෙනි. මධ්‍යම රාත්‍රිය වන තෙක් ඇ‍ඳේ ඒ මේ අත පෙර‍ලුනද නින්ද අහලකවත් නැත. ආහාර ගැනීමට රුචියක් නොවූයෙන් රාත්‍රී ආහාරය වර්ජනය කිරීමේ ප්‍රතිපලද ශරීරයට දැනේ. කරන්න‍ට දෙයක් නැත. සිදුවූ දේ ආපසු ඇද්දවිය නොහැකිය.

අනෙක්පස සිටි බිරිඳටද සැමියාගේ කනස්සල්ල නොතේරුනා නොවේ. අවසානයේ ඇය නිහඬතාවය බිඳ දැම්මාය.

"දැං ඉතිං මොනව කල්පනා කරන්නද.... වෙච්ච දේ වුනා... ඒත් ඔයාට තිබුනෙ යන්න කියද්දි ඉක්මනට මාරුවෙන්න.... ඔයිං ගියා ඇති....ගහන්නැතුව වෙඩි තිව්ව නං එහෙම?"

"ඒ වුනාට හාමිනේ නිව්ස්එක ගන්නම වෙනවනෙ.... ඒකයි ගියේ නැත්තෙ"

"හරි හරි.... කීයක් හරි ලැබෙන එක ඇත්ත... ඒත් ඉතිං ඔක්කොටම කලින් ජීවත් වෙන්නෙපැයි"

"නෑ නෑ.... ලැබෙන ගාන නිසා නෙවේ නෝනේ මම ඒක කවර් කරන්න හැදුවෙ..."

"එහෙනං... ඔයාට හිරු එකට ස්ථිරව යන්න ලැබෙයි කියල හිතුවද?"

"නෑ නෑ.... මේ..."

"එහෙනං? පත්තරේට යන්න නේ?...."

"නෑ නෝනේ පත්තරේට යන්නත් නෙවේ.... මිනිස්සු ගොඩක් බලාපොරොත්තු තියාගෙන පත්කරපු ජනාධිපතිතුමා....."

"ජනාධිපති! ජනාධිපතිගෙ වැඩ එයා බලාගනී...."

"මේ වෙලාවෙ අපි හැම දෙයක්ම හරියට වාර්තා කරන්නෝන.... මොකද..."

"ඇයි? ඔයාට සම්මානයක් ලැබෙයි කියලද? ලැබෙයි ලැබෙයි මේං කියල...."

"නෑ නෑ...."

"හරි ඉතිං කියන්නකො ඔච්චර උවමනාවෙන් ඉස්සරහට පැන්නෙ මොකද කියල"

"නෑ නෝනෙ මේකනේ....වරායෙ සේවකයන්ගෙ පොඩි කේස් එකකට, නේවි එකේ ලොක්ක ලොකු බෝට්ටු දෙකකින් ඇවිල්ල කේස්එක සෙට්ල් කරල ගියා කියන නිව්ස් එක අපි හරියට කවර් කලේ නැත්තං අපේ ජනාධිපතිතුමා කොහොමද එහෙම දෙයක් රටේ සිද්ධවුනා කියල දැනගන්නෙ....?"

Sunday, December 11, 2016

ගෝරිල්ල‍ාගේ කනේපාර සහ වරායේ අවුල.

ඊයේ රාත්‍රියේ රූපවාහිනී ප්‍රවෘත්ති නැරඹීමේදී දුටුවේ අපූරු දසුනකි. අපූරු කීවාට එය අපුල දනවන දසුනකි. වරාය සේවකයන්ගේ අත්අඩංගුවට පත්ව තිබූ හම්බන්තොට වරායේ නැව් දෙකක් නිදහස් කරගැනීමට පැමිණි නාවික හමුදාව අතර කොට කලිසමකින් සහ ටීෂර්ටයකින් සැරසී සිටි 'ගෝරිල්ලකු' මාධ්‍යවේදියෙකුට අසභ්‍ය වචනයෙන් බැන පහර දුන් ආකාරයයි. පසුව දැනගත් පරිදි මේ අන් කිසිවකු නොව නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවී විජේගුණරත්නය!

හම්බන්තොට වරාය ගැන අමුතුවෙන් කතා කිරීමට අවශ්‍ය නැත. චීනයෙන් ලබාගත් බිලියන එක්දස් පන්සීයකට අාසන්න ණය මුදල්වලින් වරාය සෑදුවද පැමිණි නැවක් නොවූ අතර වරායේ තිබුනා යැයි කියූ ගල, දයාසිරි ජයසේකරගේ බඩපිනුමට පින් සිදුවන්නට කුඩුවී ගිය බව පෙනුනි. රාජපක්ෂ යුගයේදී වරාය ක්‍රමයෙන් ලාභ ලබන තත්වයට පත්වෙමින් තිබූ බව හිටපු ජනාධිපතිවරයා පැවසුවද ඇත්තටම සිදුවූයේ කොළඹ වරායට පැමිණෙන නැව්වලින් කොටසක් බලහත්කාරයෙන් හම්බන්තොටට තල්ලු කර යැවීමයි. එමඟින් උත්සාහ කලේ හම්බන්තොට වරාය ආදායම් උපදවන ස්ථානයක් බව පෙන්වීමයි. ආණ්ඩු මාරුවත් සමඟ මේ තත්වය වෙනස් වූ අතර හම්බන්තොට වරාය ලැබුවා යැයි කියන ලාභයද නැතිවිය. වරාය අධිකාරිය, ලංකාවේ පාඩු ලබන ආයතනයක් නොවුවද කොළඹ වරායෙන් ලබන ලාභය හම්බන්තොට පාඩු පියවීමට වැය කිරීමට සිදුවිය. හම්බන්තොට වරාය චීන සමාගමට ලබාදීමට සිදුවන්නේ මෙවන් පසුබිමකය.

වරායේ තත්වය එසේ වනවිය එහි සේවකයන්ගේ තත්වය තවත් අයහපත් විය. වසර ගණනාවක් තිස්සේ රජ කුමරුවන්ට‍ බැල මෙහෙවර කල තරුණ තරුණියන් වරායේ සේවයට ගත්තේ ඔවුන්ගේ 'වරාය රස්සා' සිහිනය සැබෑ කරන බව පවසමිනි. එහෙත් සොච්චම් වැටුපක් හා කිසිදු දීමනාවක් රහිතව වසර ගණනාවක් සේවය කලද 'වරාය රස්සා' සිහිනය සැබෑ නොවූ අතර ආණ්ඩු පෙරලියෙන් පසුද කොම්පැනි සේවකයන් ලෙස රැකියා සුරක්ෂිතතාවයක් නොමැතිව සේවය කිරීමට ඔවුන්ට සිදුවිය. වරායේ කොටස් චීන සමාගමට විකිණීමේදී රැකියා සුරක්‍ෂිතභාවය ගැන යම් සහතිකයක් ලබා දුන්නද සේවකයන්ගේ අපේක්‍ෂාව වූයේ තවම දිනාගත නොහැකිව තිබූ වරාය අධිකාර‍ියේ රැකියාවයි.

දින කිහිපයකදී අවුල දුරදිග ගිය අතර මුහුදට පැනගත් සේවකයන් නැව් මාර්ගය අවහිර කිරීමත්, පෙරේදා පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ‍වරායේ තෙල් සංචිත ගැන කියමින් රජයට අනතුරු හැඟවීමට ඔවුන් කටයුතු කිරීමත් හේතුවෙන් වරාය තමන් අතට ගැනීම හැර විකල්පයක් රජයට නොමැති විය. නාවික හමුදාව සිද්ධියට මැදිහත් වන්නේ එලෙසය.

සේවකයන් ඉවත් කර වරායේ පාලනය තමන් අතට ගැනීමේ කාර්යයේදී නාවික හමුදාවේ මැදිහත් වීම, රතුපස්වලදී පිරිසිදු ජලය ඉල්ලූ ජනතාව මර්ධනය කිරීමේදී හෝ කටුනායක ඇඟළුම් කම්හල් සේවකයන් බලහත්කාරී විශ්‍රාම වැටුපට විරුද්ධ වීමේදී හෝ හලාවත ධීවර විරෝධතාවයට ඉවක් බවක් නොමැතිව වෙඩි තැබූ හමුදාවේ කාර්යභාරයට වඩා ප්‍රශංසනීයය. වෘත්තීය අරගල පාලනය කිරීමේදී වෛරී සහගතව කටයුතු නොකිරීම ආරක්ෂක අංශ විසින් ප්‍රගුණ කලයුතු නිපුනතාවයකි. මක්නිසාද යත් උද්ඝෝෂකයන් සමඟ පෞද්ගලික අමනාපයක් ආරක්ෂක අංශ සතුව තිබිය නොහැකි බැවිනි. ඒ අර්ථයෙන් නාවික සෙබලුන්ගේ හැසිරීම මෙවන් අවස්ථාවක පොලිසියේ හැසිරීමට වඩා සතුටුදායකය. එහෙත් කිරි කලයට ගොම දැමීමක් වූයේ නාවික හමුදාපතිවරයාගේ අනවශ්‍ය මැදිහත් වීමයි. වරාය තුල වෘත්තීය අරගලයක් කරමින් සිටි නිරායුධ පුරවැසියන් සීයක් දෙසීයක් පාලනය කිරීම සඳහා නාවික හමුදාපතිවරයා මැදිහත් වීම මැස්සෙකුට වෙඩි තැබීමට කාලතුවක්කුවක් පාවිච්චි කිරීමකි. නිල ඇඳුමක් හෝ නොමැතිව පැමිණි නාවික හමුදාපතිවරයා මාධ්‍යවේදීන්ට අසභ්‍ය වචනයෙන් බැනවදිමින් පහරදීම නාවික හමුදාපති තනතුරෙහි තත්වය කෙලෙසීමකි. නීතිය ක්‍රියාත්මක වන රටක නම් මේ වනවිට ඔහු සිටිය යුත්තේ නිල ඇඳුම් රහිතවය.

අවසාන වශයෙන් කිවයුත්තේ හම්බන්තොට වරාය සේවකයන්ගේ ගැටළුව විසඳීමට ආණ්ඩුවේ මැදිහත් වීම මීට වඩා ඇවැසි බවය. මේ සේවකයන් රැකියාවට පැමිණියේ කෙසේද, රැකියාවට කලින් සිටියේ කා සමඟද යන ප්‍රශ්නවලට ලැබෙන පිළිතුරු කුමක් වුවද ඔවුන් මේ රටේ තරුණ තරුණියන්ය. අවුරුදු පහක් හයක් සේවය කල ඔවුන්ට වර්තමානයේ ඇති රැකියා සුරක්‍ෂිතභාවය හෝ ලැබෙන ආකාරයේ විසඳුමක් ලබා දීමට ආණ්ඩුවට හැකි නම් එය දේශපාලන වශයෙන්ද පාඩුවක් සිදුවන දෙයක් නොවේ.

Saturday, December 10, 2016

බත් පිඟාන, බඩ සහ අපේ බඩජාරි කෑම.

පසුගිය දිනෙක කාර්යාලයට පැමිණ දේශනයක් ලබාදුන් කවුදෝ ගොඩවෙදෙකුගේ අදහස් බොහෝ කාර්යාල ‍නිලධාරීන්ගේ සිත්ගත් බව පෙනී ගියේය. අප ඕනෑ තරම් දැක ඇති සාම්ප්‍රදායික හණමිටි අදහස් රැසක් ඔහුගේ දේශනාවේ අන්තර්ගත වූ බව ඊට සවන් දුන් අයගේ කතා අනුව පැහැදිලි විය. ඩෙනිම් ඇඳීම නරකය, සාම්ප්‍රදායික 'අපේ ආහාර' හැර අන් සියල්ල වසය ආදී අදහස් එහෙන් මෙහෙන් අසන්නට ලැබුනි. කෙසේ වුවත් කෑම සම්බන්ධයෙන් ලාංකිකයාගේ අවධානය යොමුවිය යුතු කරුණු කිහිපයකි.

වර්තමානය වනවිට ලාංකිකයන් බොහේ දෙනෙකු බෝ නොවන රෝගවලින් පීඩා විඳින බව නොරහසකි. දියවැඩියාව, රුධිරයේ කොලෙස්ටරෝල් හා ඊටම සම්බන්ධ අධි රුධිර පීඩනය, හෘදයාබාධ ආදිය ඒ අතරින් ප්‍රමුඛය. රටේ ජනගහනයෙන් බහුතරයක් කෘෂිකාර්මික, ධීවර කටයුතු වැනි වෘත්තීන්වල යෙදුනු අතීතයේ මෙන් නොව මේ වනවිට වැඩි පිරිසක් යෙදෙන්නේ සුදු කරපටි රැකියාවලය. කාර්මීකරණය ආරම්භ වූ රටවල මෙන් ව්‍යායාම ආදිය සඳහා වෙනම කාලයක් වැය නොකල අප රට වැසියන්ගේ ව්‍යායාම අවශ්‍යතාවය සපිරුනේ ඉහත කී වෘත්තීන් තුලින්මය. එහෙත් මේ වනවිට කය නොවෙහෙසා රැකියාවන්වල යෙදෙන්නන් ව්‍යායාම වෙනුවෙන් දක්වන උනන්දුව අල්පය.

මීට අමතරව බෝ නොවන රෝග අපේ බත් පිඟාන සමඟ ඇත්තේ කිට්ටු සම්බන්ධයකි. ලාංකීය ආහාර රටාව සකස් වී ඇත්තේ විශාල බත් පිඟානකට බෙදාගන්නා, බත් ප්‍රමාණයෙන් පහෙන් එකක පමණ එළවලු එලවලු කිහිපයක් හා මස්-මාළු වැනි දෙයකිනි. එළවලු වෙනුවෙන් අල වර්ගයක් එකතුවීමට ඇති ඉඩකඩ විශාල වන අතර එහි ප්‍රතිපලය පිශ්ඨය අධික ප්‍රමාණයක් හා අනෙකුත් පෝෂක ඌණ ලෙස ශරීරගත වීමත්ය. මෙහි ප්‍රතිපලය ලෙස උදරය නෙරා ඒමේ පටන් (කොහොමටත් අසියාතිකයන්ගේ ශරීරයේ මේදය තැන්පත් වීම සිදුවන්නේ උදරය ආශ්‍රිතවය) ඉහත සඳහන් කල රෝගයන්ට ගොදුරු වීමේ අවදානම ඉතා ඉහලය.

මේ අවුලට යෝජනා වන විසඳුම් දේශපාලනිකය. ආහාර සම්බන්ධ පොදු එකඟතාවයක් හෝ ප්‍රතිපත්තියක් නොමැති බැවින් ඕනෑම අයෙකුට ඕනෑම හිතලුවක් දේශනා කිරීමට බාධාවක් නැත. ඕනෑ නම් විද්‍යත් සහ මුද්‍රිත මාධ්‍යන්ද මේ සඳහා උපයෝගී කරගත හැකිය. උදාහරණයක් ලෙස පොල්තෙල් ආහාරවලට යෙදීම හොඳද නරකද යන්න පිළිබඳව රටේ පොදු එකඟතාවයක් නොමැත. ජාතිකවාදී කඳවුරේ පෝෂණ වේදීන්ට අනුව පරම්පරා ගනනක් තිස්සේ භාවිතා කල බැවින් පොල්තෙල්වල කිසිදු අවුලක් නොමැති අතර ඔවුන් එදා සහ අද ජීවන විලාසිතාවේ වෙනස්වීම අමතක කර ඇත. තවත් සමහරුන්ට පොල්තෙල්වල කොලෙස්ටරෝල් බහුලය. මේ ගැන පෙර ලිපියක කතාකල බැවින් යලිත් කතා කිරීම අනවශ්‍යය.

කතාකල යුතු ප්‍රධාන මාතෘකාව වන්නේ සෞඛ්‍ය සම්පන්න දිවියක් ගතකිරීම වෙනුවෙන් බත් පිඟාන යාවත්කාලීන විය යුත්තේ කෙසේද කියාය. මේ වෙනුවෙන් සමබර ආහාර වේලක් ලබාගත යුතු අතර අධික ලෙස කුස පුරවන බත් කෑම අඩුකර එළවලු සහ මස් මාලු ආදිය වැඩි කල යුතුය. එසේ නම් කුඩා බත් ප්‍රමාණයකට එළවලු සහ මස් මාලු ආදිය වැඩිපුර ගෙන ආහාර ගැනීමට ඔබ සූදානම්ද? එය මේ ‍බ්ලොග්කරුවා දින කිහිපයක් අත්හදා බැලීමෙන් අනතුරුව අසාර්ථක වූ ව්‍යායාමයකි.


☜අඩු බත සහ වැඩි එලවලු.[හිතවතෙකුගේ බත් පිඟානක්]



උක්ත ක්‍රමය අසාර්ථක වීමට අපේ ඉහුම් පිහුම් කිරීමේ ක්‍රමය මූලික හේතුවයි. අපේ ඉවීම සකස් වී ඇත්තේ ග්‍රෑම් දෙසීයක පමණ එලවලු ගෙන තේ හැඳි කිහිපයක් කුළුබඩුත්, මිරිස්, ගම්මිරිස් ආදියත් ඊට අමතරව රම්පෙ-කරපිංචා වැනි රසකාරකත් යොදා පොල් කිරි ටිකක්ද එක්කර යහමින් තම්බා සකස් කරගන්නා ව්‍යංජනවලිනි. මස් හෝ මාලු ඉවීම සම්බන්ධයෙන්ද ඇත්තේ එවැනිම තත්වයකි. මෙලෙස උයාගන්නා ව්‍යංජන සහ මස් මාලු ආදිය ගිලදැමීම සඳහා හාල් සේරුවක බත් ඇවැසි වීම පුදුමයක් නොවේ. අප ආහාරයට ගන්නේ මස්, මාලු හෝ එළවලු නොව කුළුබඩුය. මෙසේ ආහාරයට ගන්නා මිරිස් සහ කුළුබඩු අම්ල පිත්ත රෝගයටද හේතුව බව සිතිය හැකිය.

එබැවින් දැන් සිදුකල යුත්තේ කෑම පිඟානෙහි බත් අඩුකිරීමත් එළවලු හා මස් මාංශ වැඩිකරීමත් ආහාර පිසීමේ රටාව වෙනස් කිරීමත්ය. අධික කුළුබඩු රසට පුරුදු වී ඇති ලාංකිකයන්ගේ දිව කෙසේ හෝ ආහාරයවල ස්වභාවික රසයට කැමති කරවාගත යුතුය. එසේ නොවී ලොකු බත් පිඟාන මෙන්ම ලොකු බඩගෙඩියද, මැදිවියටත් පෙර පැමිණ ජීවිතය අවසානය දක්වා එකට සිටින රෝග කිහිපයද අඩු කිරීම අපහසු විය හැකිය.

Wednesday, December 7, 2016

වේලාව නැවීම.

පසුගිය දිනවල, රජයේ කාර්යාල වේලාව නම්‍යශීලී කිරීමේ අදහසක් ගැන ආණ්ඩුව පැත්තෙන් අදහසක් ගෙනා බව මතකය. ඒ ගැන ලිවීමට සිටින විට රසිකලොජිස්ට් බ්ලොග් අඩවියේ රසිකගේ කාර්යාල වේලාව සංශෝධනය වීම පිළිබඳවද සටහනක් තබා තිබුනි. කෙසේ වෙතත් රජයේ කාර්යාල වේලාව නම්‍යශීලී කිරීම පිළිබඳව ජනතාවගේ පැත්තෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබෙන බවක් පෙනෙන්නට නැත. ඒ පිළිබඳව ඇති අවබෝධයද අවම මට්ටමක පවතින බව පෙනෙන්නට ඇත

ආයතන සංග්‍රහයේ XXVIII පරිච්ඡේදය අනුව රජයේ නිලධාරීන්ගේ සාමාන්‍ය කාර්යාල වේලාව පෙරවරු 8.30 සිට පස්වරු 4.15 දක්වා වන අතර කණිෂ්ඨ කාර්ය මණ්ඩය නිලධාරීන් උදෑසන සහ සවස් කාලයෙන් තවත් පැය භාගය බැගින් සේවය කලයුතුය. මීට අමතරව සහනයක් ලෙස පැය භාගයක ආවරන කාලයක්ද ලබාදී ඇත. එනම් උදෑසන 8.30 සහ 9.00 අතර කාලය තුල සේවයට පැමිණෙන නිලධාරීන්ට සවස 4.15 සිට 4.45 දක්වා කාලය තුල පසුව ප්‍රමාද වූ කාලය ආවරණය කල හැකිය. මීටත් අමතරව ගර්භනී කාන්තාවන් සඳහා පැය භාගයක් ප්‍රමාදව සේවයට පැමිණීමටත් පැය භාගයකට කලින් පිටවීමටත් හැකියාව ඇති අතර දරු ප්‍රසූතියෙන් පසු අඩ වැටුප් හෝ වැටුප් රහිත නිවාඩු ලබා නොගන්නේ නම් පැයකට පෙර කාර්යාලයෙන් පිටත් වීමටද(කිරි පැය) හැකියාව ඇත.

යෝජිත සංශෝධනය අනුව පෙරවරු දහය පමණ වන තෙක් කාර්යාලයට පැමිණිය හැකි අතර එතැන් සිට දිනකට නියමිත පැය ගණන සේවය කිරීමෙන් පසුව පිටවිය හැකිය. මේ නිසා කාර්යාල නිලධාරීන් මෙන්ම අනෙකුත් පුරවැසියන්ගේද යම් යම් අපහසුතා මඟහැරේ. උදාහරණයක් ලෙස නාගරික ප්‍රදේශවල පවතින රථවාහන තදබදය හා පොදු ප්‍රවාහන ක්ෂේත්‍රයේ පවතින තදබදය යම් මට්ටමකින් අඩු වේ යයි සිතිය හැකිය. එමෙන්ම ප්‍රමාද වී කාර්යාලයට යාමට හැකිවීම හේතුවෙන් උදෑසන කාලයේ පවතින අධික විදුලි ඉල්ලුම අඩුවිය හැකිය. යම් ආයතනයක සේවා කාලය පුළුල් වූ විට සේවා දායකයන්ට එහි වාසිය හිමිවේ.

කෙසේ වුවත් මෙවැන්නක් සිදුකල යුත්තේ යම් යම් සීමාවන්ට යටත්වය. රසිකලොජිස්ට්ගේ ලිපිය අනුව වේලාව වෙනස් වුවද සතියට නියමිත පැය ගණනක් ඇතිවාක් වැනි කොන්දේසි තිබිය යුතුය. විශේෂයෙන්ම බාහිර සේවාදායකයන් සමඟ සෘජුව සම්බන්ධ වන නිලධාරීන් සඳහා මෙම වේලාවන් ක්‍රියාත්මක කල නොහැකි අතර අභ්‍යන්තර රාජකාරි කටයුතු පමණක් පැවරී ඇති සේවකයන් සඳහා මෙවැන්නක් ක්‍රියාත්මක කලහැකිය.

Monday, December 5, 2016

කුමාර්, ජවිපෙ සහ වාම දේශපාලනය.

කුමාර් ගුණරත්නම් නිදහස් විය. වැඩි සද්ද බද්ද නැත. ඔහුගේ මව පැමිණ පුතු වැලඳගැනීමේ දසුන සංවේදීය. කොහොමටත් හිරේ ගිය පුතුන් නිදහස් වීම මවුවරුන්ට සතුටකි. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායකයාට පසුගිය වසර කිහිපය තුල සිදුවූ අලකලංචි අනන්ත අප්‍රමාණය. ජවිපෙන් කුට්ටියක් කඩාගෙන අලුතෙන් පක්ෂය පිහිටුවීමත් ඒ හා සමාන්තරව ඔහු හා දිමුතු ආටිගල පැහැරගැනීමත් ඉන් අනතුරුව ඕස්ට්‍රේලියාව බලා යාමත් යලි මව්රටට පැමිණ වීසා නොමැතිව රැඳී සිටීම හේතුවෙන් අත්අඩංගුවට පත්වීමත් ඒ අතර ප්‍රධානය. කුමාර් මහතාට සිදුවූ මේ ඇබැද්දි රටේ දේශපාලනය පැත්තෙන් සහ ඔවුන්ගේම වාමාංශික දේශපාලනය අධ්‍යයනය කිරීමට හොඳ කේස් ස්ටඩියක්ය.

කුමාර් ජවිපෙට සම්බන්ධව සිටියේ තිරය පිටුපස හැංගුනු චරිතයක් ලෙසය. ඇතැමෙකුට අනුව කලක් ජවිපෙ නිල නොලත් නායකයාගේ භූමිකාවද ඔහු විසින් රඟදැක්වූ බව කියවේ. අනූව දශකයේ මැද භාගය වනවිට රටේ පැවති තත්වය අනුව දේශපාලන හැංගිමුත්තන් සෙල්ලම් කිරීමේ අවශ්‍යතාවයක් නොවීය. එහෙත් කුමාර් සිටියේ තිරය පිටුපසය. සැඟවුනු න‍ායකයෙකු සිටීම පක්ෂයට මාර මෙව්ව එකක් තිබුන නිසා විය හැකිය. හැංගිමුත්තන් සෙල්ලමට බොහෝ දෙනෙක් මනාපය.

ඉන්පසුව ආරම්භ වූයේ හතුරු මිතුරු සෙල්ලමයි. කුමාර් තවත් පිරිසක් සමඟ ජවිපෙන් ගැලවී ගිය අතර වාමාංශිකයන්ට ආවේනික වෛරය එතැනින් ආරම්භ විය. වාමාංශිකයන්ගේ සෙල්ලමට සම්බන්ධ වූ ආණ්ඩුවද කුමාර් සහ දිමුතු පැහැරගෙන පුවත් මවමින් උපරිම ලෙස ආතල් ගත් අතර කුමාර් යනුවෙන් අයෙකු නොදන්නා බව කියමින් ජවිපෙ පශ්චාත්භාගය පොලවේ ගසාගත්තේය. ඔවුන් පැහැරගැනීමට ජවිපෙන්ද උදව් ලැබුනු බව පසුව කියවුනි.

කෙසේ වුවත් වසරකට පසුව කුමාර් ගුණරත්නම් අර්ධ වශයෙන් නිදහස ලබා ඇති අතර එය පූර්ණත්වයට පත්වීමට නම් ඔහුගේ පුරවැසිභ‍ාවය සම්බන්ධ අවුල විසඳාගත යුතුය. ලංකාවේ රැඳී සිටිමින් දේශපාලනය කටයුතුවලට සම්බන්ධ වීමට ඔහුට අවශ්‍ය නම් අපරාධකරුවකු නොවන ඔහුට ඒ අවස්ථාව ලබාදීම 'යහපාලන රජයේ' වගකීමයි. මැවිසුරුවරයෙකු ලෙස සුවපහසු ජීවිතයක් ගතකිරීමට හැකිව තිබියදී ඔහුගේ තේරීම දේශපාලනය විය. එසේ හෙයින් කුමාර් ගුණරත්නම් නෙලාගත්තේ ඔවුන් විසින්ම වැපිරූ අස්වැන්න වන අතර ඔහු යලිත් බසින්නේ ඒ වගා භූමියටමය!

Thursday, December 1, 2016

හින්නා, හින්නෝ සහ දකුණේ බස ගැන හින්නිකිතර කතාවක්

පසුගිය දිනයක ෆේස්බුකියෙහි පළාත් සිවිල් යුද්ධයක් ඇතිවූ අතර ඊට මූලික වූයේ දකුණේ භාෂාවයි. රටේ මිනිසුන් සමාජ ජාල මාධ්‍ය මඟින් එක් කිරීමට ප්‍රථමව පැවති සීමිත, මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍යන්, භාෂාවේ ප්‍රාදේශීය ව්‍යවහාරයන් ගොඩනැඟීම වැලැක්වීමට සමත් වූයේ නැත. කඳුරට, නැගෙනහිර-පානම්පත්තුව, උතුරුමැද සහ විශේෂයෙන් දකුණෙහි භාෂාවන්ගේ විවිධත්වය හඳුනාගත හැකිය. මිනිසුන්ගේ නිරන්තර ගණුදෙනු සිදුකරන අගනගරය පිහිටි ප්‍රදේශයන්හි භාෂාව මිශ්‍ර සහ 'පොෂ්' ස්වභාවයක් ගනී.

දකුණේ භාෂාව ගැන කතා කිරීමේදී 'හින්නා' අමතක කල නොහැකිය. කොළඹදී 'කූඹි' ලෙස හඳුන්වන සත්වයාගේ දකුණු ලක නාමය හින්නාය. අනෙක් ප්‍රදේශවල හින්නාගේ නම ඇසීමත් හිනාවට කරුණකි. කෙසේ වුවත් හින්නා ගැන බ්ලොග්කරුගේ පියා උපහාසයෙන් පැවසුවේ මෙවැනි අදහසකි.
"කොළඹ මිනිස්සු හැම එකාටම කියන්නෙ කූඹි කියලනෙ!"
එය ඇත්තකි. ඒ ප්‍රමාණයේ සියලු සත්වයන් කොළඹදී කූඹි කැටගිරියේය. අපේ 'හින්නා', 'කූඹි' මෙන් කැටගරියක සිටින සත්වයන් කාණ්ඩයක් නොවේ. එක් සතෙකි. කුඩාකල අප කුඩාම ප්‍රමාණය හැඳීන්වීමට යොදාගෙන සිටි සත්වයා හින්නාය. කෙසේ වුවත් හින්නාටත් වඩා කුඩා සතෙකුද වේ. ඒ 'තෙල් හින්නා'ය. විශ කලාවේ ඇති චක්කරයක(දශ්ඨයකදී) හින්නා, තෙල් හින්නා ආදී සියලු සත්වයෝ ඇතුලත්ය. චක්කරය මෙසේය.

තෙල් හින්නො හත හින්නො එකයි,
හින්නො හත ඔලුබක්කො එකයි,
ඔලුබක්කො හත දිමි එකයි,
දිමි හත කඩි එකයි,
කඩි හත කුඹුක් කඩි එකයි.

මෙහි තෙල් හින්න‍ා යනු හින්නාට වඩා කුඩා සත්වයා වන අතර ඔලුබක්කා යනු හිස විශාල හින්නන් අතර ම සිටින විශේෂයකි. [ඈන්‍ට්ස් චිත්‍රපටයේ කම්කරු සහ සිකුරිටි කූඹින් මතක ඇතැයි සිතමි]. කුඹුක් කඩියා යනු කෙට්ටු ශරීරයක් සහිත තරමක් විශ කඩියාය. හින්නා මෙන් දෙතුන් ගුණයක් වේගයෙන් ගමන් කරන සත්වයා 'කොඩයා'ය. සමහර පළාත්වල 'කොඩව්' ලෙස බහු වචනයෙන් හඳුන්වන්නේ මේ සත්වයාය.
මෙවැනිම චක්කරයක් මැසි වර්ගයේ සතුන් සම්බන්ධවද තිබේ. ඒ,

මදුරු හත මැසි එකයි,
මැසි හත මීමැසි එකයි,
මීමැසි හත කලාඳුරු එකයි,
කලාඳුරු හත බඹර එකයි,
බඹර හත දෙබර එකයි,
දෙබර හත පොලොං එකයි,
පොලොං හත නයි එකයි,
නයි හත අසත්පුරුෂ එකයි. යනුවෙනි. බ්ලොග්කරුවා කුඩාකාලයේ මේ චක්කරය පියාගෙන් අසාගත් අවසානයේ නැඟූ පැනය වූයේ මේ සා විශාල විශක් සහිත අසත්පුරුෂයා යනු කවුරුන්ද කියාය. ඊට පිළිතුරු දැනගත් පසු විමසූ පැනය වූයේ අසත්පුරුෂයන් හතක විශ ඇත්තේ කාටද කියාය. ඊට පිළිතුරු ලැබුනේ පියාගෙන් නොව නැන්දම්මා සමඟ කෝපයෙන් සිටි මවගෙනි.
"අසත්පුරුෂ‍යො හතක විස තියනව බොලාගෙ ආච්චිට"

ආයෙත් හිනි කතාවට පැමිණියහොත්, 'හින්නා' සත්වයෙකු වීමට අමතරව සංකල්පීය අදහසක් ඇති වචනයකි. හරියට මහාචාර්ය නලින්ද සිල්වා මහතා 'පොල්' හැඳින්වූ ලෙසටය. සුද්දාට, පොල් ගෙඩිය කොකනට් වුවද අපට පොල් ගෙඩියට අමතරව පොල් නම් සංකල්පයක් වෙයි. හින්නාද එසේමය. හින්නා යන්නෙන් ප්‍රමාණයෙන් ඉතා කුඩා යන අදහස ලැබේ. ද්‍රව්‍යමය අර්ථයේදී 'හින්නිකිතර', 'හින්නංකිතර' යන්න දකුණේ පාවිච්චි වන වචන දෙකකි.

"හින්නෙක් විතර" යන්න 'හින්නිකිතර' හෝ 'හින්නංකිතර' ලෙස සුමට වන්නට ඉඩ තිබේ. කෙසේ වෙතත් මෙය මගේ අදහසක් විනා පර්යේශනාත්මක අදහසක් නොවේ. 'හින්නි' යන්න ප්‍රමාණ මැනීමේ කුඩාම ඒකකය ලෙස සැලකිය හැකිය. ඊට පසුව චූටි, පොඩි, ලොකු.... ලෙසට ප්‍රමාණ හැඳින්වීමේ වචන යෙදේ. 'හින්නි මහත්මයා' යනු දකුණේ ඕනෑම ගමකින් සොයාගත හැකි මහත්මයෙකි. හින්නි මහත්මයා ඇමතුම ලැබෙන්නේ පවුලේ බාල දරුවෙකුටය. කෙසේ වෙතත් පුද්ගල ආමන්ත්‍රණයේදී හින්නි මහත්මයාට වැඩිය පවුලේ බාලයා බාල මහත්මයාය. මූනට හින්නි මහත්මයා නැතිතැන අමතන්නේ හින්නා කියාය. බ්ලොග්කරුගේ ග්‍රාමයේද හින්නි මහත්වරුන් කිහිපපොලක්ම ඇති අතර එකම පවුලක සහෝදරියන් දෙදෙනෙකු කරකාර බැඳ ගමේ බින්න බැස්ස හින්නි මහත්වරුන් දෙදෙනෙකුද විය. එකම පවුලේ හින්නි මහත්වරුන් දෙදෙනෙකු සිටීම නිසා වැඩිමලාගේ මුලට ඔහුගේ ගමේ නමත් බාලයාට නිව් හින්නි මහත්තයා යනුවෙන් යෙදීමටත් ගැමියන් ක්‍රියා කලා මතකය.

Saturday, November 26, 2016

තාත්තගෙ බත් කැවිල්ල

අපේ ගෙදරට කෑමට වාඩිවෙන කෙනෙකුට අනිවාර්යෙන් විඳින්න වෙන අත්දැකීමක් තමයි තාත්ත‍ගෙ අතින් ඉස්මුරුත්තා බත් හැන්ද කන්න සිදුවීම. ඒක නොකා මාරුවෙන්න ආයෙ මොන රජාටවත් ඉඩ ලැබෙන්නෙ නෑ. මොකද්ද මේ ඉස්මුරුත්තා බත් හැන්ද?

මෙහෙමයි, ඔන්න කවුරුහරි අමුත්තෙක් ඥාතියෙක්-හිතවතෙක් ආවම තමයි ගෙදර සාලෙ මැද තියන මේසෙට බත එන්නෙ. නැත්තං ඉතිං කෙලින්ම හට්ටි මුට්ටිවලින්ම ‍පිඟානට දාගෙන කනව මිසක් අපේ කොහේද වැඩි කැටයං. දැං අමුත්ත කෑම මෙසෛට වාඩිවෙලා කෑම කනව. ටික වෙලාවකින් පිඟානෙ තියන කෑම ඉවර වෙද්දි තාත්ත කෑම බෙදන්න පටන් ගන්නව. බෙදාගත් කෑම ප්‍රමාණය කොච්චර වුනත් තවත් බත් හැන්දක් දෙකක් කන්න බැරිකමක් නෑනෙ කෙනෙකුට. හැබැයි ඊට පස්සෙ කෑම නවත්තන්න ඕනනෙ. හැබැයි තාත්තගෙන් ඉඩ ලැබෙන්නෙ නෑ. දිගටම තව කන්න කියල පෙරැත්ත කරනව.

"බත් තියනව කන්න" කියන්නෙ අන්න ඒ වෙලාවට තාත්ත පාවිච්චි කරන වාක්‍යය. මම වැඩිහිටි වෙලා යාලුවො එහෙම ගෙදර ඇවිල්ල බත් කන වෙලාවට තාත්ත ඇවිල්ල 'එපා වාහෙලාට බත් බෙදන්න යාම' මට ඇල්ලුවෙ නෑ. කිහිප වතාවක් තාත්තට ඒ ගැන ව්‍යංගයෙන් කිව්වත් තාත්තගෙ ව්‍යන්ජන බෙදීම අඩුවුනෙත් නෑ. බැරිම තැන තාත්තට පැහැදිලි කරන්න සිදුවුනා කෑම කන අමුත්තන්ට 'කරදර' කිරීම හොඳ නැති බව. ඊටත් අමතරව තාත්තගෙ කතාව මනෝ විශ්ලේශනයකින් පැහැදිලි කරන්නත් සිදුවුනා. ඒ කතන්දරය මෙහෙමයි.

තාත්තල‍ගෙ පවුලෙ දරුවන් නව දෙනෙක් ඉන්නව.(ලඟදි එක බාප්ප කෙනෙක් මියගියා) ඒ කුඩාකාලෙ මියගිය එක්කෙනෙක් හෝ දෙන්නෙකුට අමතරව. මේ නවදෙනාගෙන් කොල්ලොම හතක්. කොල්ලො හත් දෙනෙක් ඉන්න ගෙදරක කෑම කන වෙලාවට තවත් යහළුවන් කිහිප දෙනෙක් සිටීම පුදුමයක් නෙවේ. කොහොමටත් අපේ ආච්චි කෑම දීමට ප්‍රසිද්ධ කෙනෙක්. ඉතිං නොසිතූ වෙලාවක කටවල් ගනන වැඩි වෙද්දි පිඟන්වල බත් ප්‍රමාණය අඩුකරන්නම වෙනවනෙ. දරුවන්ගේ සහ මිත්‍රයන්ගේ බඩවල් පුරවපු ආච්චිලා බඩගින්නෙ ඉන්නත් ඇති සමහර වෙලාවට. ඉතිං වැඩිපුර බත් තියන වෙලාවට 'බත් තියනව කන්න' කියල ආයෙත් බත් බෙදන්න ඇති. තාත්තගෙ බත් කැවීම එන්න ඇත්තෙ ඔය විදියටයි කියල මම පැහැදිලි කලා.

ඒ කාලෙ ගම හරහා ගලන ඔයට පැනල පැය දෙකක් තුනක් නාල ගෙදර එන කොල්ලන්ට සහ හේනෙ කුඹුරෙ වැඩ කරල මහන්සි වෙලා ගෙදර එන පිරිමින්ට බත්කෑම කජු කනව වගේ වුනාට අද කාලෙ වයිට් කොලර් ජොබ් කරමින් තෙල් ආරපු බඩවල් එක්ක ගෙදරට එන පිරිමින්‍ එහෙමකට බත් ගිලින්නෙ නෑ නෙව. අනිත් අතට කෑමට එන එවුන් කලින් කියලනෙ එන්නෙත්. අනෙක බුෆේ ක්‍රමයට කෑම කන අලුත් ශිෂ්ඨත්වයේ කොයින්ද පෙරැත්ත කරල කැවීමක්!

Tuesday, November 22, 2016

දඩයෙන් ගොඩයාම

රථ වාහන වැරදි සඳහා අයකරන දඩ මුදල් නැවත සංශෝධනය කර ඇති අතර ඒ පිළිබඳව කතිකාව වැඩිවී ඇත. මෙම ගාස්තු සංශෝධනයට පෞද්ගලික බස් හිමියන්ගෙන් එල්ල වූ විරෝධතාවයද හේතුවක් වන බව පෙනෙන්නට ඇති අතර නව ගාස්තු සංශෝධනය ඔවුන්ගේ පැත්තට තරමක වාසිදායක බවක්ද පෙනෙන්නට තිබේ. මෙම සංශෝධනය අනුව වැරදි හතක් වෙනුවෙන් අයකරන දඩ මුදල් වැඩිවී ඇති අතර ඒවා බීමත්ව රිය පැදවීම, රියදුරු බලපත්‍ර නොමැතිව ධාවනය හා එවැන්නකට අනුබල දීම, අධික වේගය, වම්පසින් ඉස්සර කිරීම, අනතුරුදායක ලෙස දුම්රිය හරස් මාර්ගවලින් ධාවනය, රක්ෂණ සහතිකයක් නොමැතිව රිය පැදවිම ආදියයි. මේ සියලු වැරදි සඳහා අවම දඩ මුදල රුපියල් විසිපන් දහසකි! මේ අනුව පෙර පැවති, පෞද්ගලික වාහන පාවිච්චි කරන්නන්ට යම් සහනයක්ද බස් හිමියන්ගේ නොසතුටට හේතු වී තිබූ දඩ අයකිරීම මෙවර කනපිට පෙරලී ඇත.

දඩ මුදල් වැඩිකිරීමට හේතුව ලෙස ආණ්ඩුව දක්වා ඇති, අධික ලෙස රථවාහන අනතුරු සිදුවීම අලුත් දෙයක් නොවේ. යුද්ධය පැවති සමයේද රථවාහන අනතුරු හේතුවෙන් සිදුවන මියයාම් සංඛ්‍යාව යුද්ධයේ මරණ සංඛ්‍යාව ඉක්මවා තිබුනි. අධික දඩ සහ අධික බදු අයකිරීම අසමත් ආණ්ඩුවේ මූල්‍යෝපාය මාර්ගයයි. ඒ සඳහා වාහන පදවන්නන්ද අරක්කු සිගරට් පාව්චිචි කරන්නන්ද වන්දි ගෙවිය යුතුය. කොපමණ වතුර ගැලුවද ගෙම්බාගේ කර මට්ටම ඉක්මවිය නොහැකි යැයි කියන්නා සේ ඔවුන්ට ඒ මුදලින් සැප වාහන ගෙන්වා 'නීතියට ඉහලින් සිටිමින්', සියලු මාර්ග නීති උල්ලංඝනය කරමින්, කිසිදු දඩයකට යටත් නොවී පහසුවෙන් ගමන් කල හැකිය.

දඬුවමක් වෙනුවෙන් මුදල් අයකරන විට/ සංශෝධනය කරන විට එ් සඳහා සලකා බැලිය යුතු කාරණා රාශියකි. වරදෙහි ස්වභාවය, හානි සහ පාඩු, වරදේ ස්වභාවයට දඩ මුදල ප්‍රමාණවත්ද, දඬුවමට ලක් වන්නන්ට අදාල මුදල ගෙවිය හැකිද, දඩ ගෙවීමට නොහැකි වූ විට කලයුත්ත කුමක්ද, සමාන්තර අනෙක් දඬුවම් සමඟ දඩ මුදල් ගැලපේද.... ආදී කරුණු සලකා බැලිය යුතුය. එමෙන්ම දඩ මුදල් සංශෝධනය විය යුත්තේ පවතින සමාජ ආර්ථික තත්වයන්ට අනුරූප ලෙසය. උදාහරණයක් ලෙස දඩ මුදල් නොගෙවීම හේතුවෙන් බන්ධනාගාරගත වූ පිරිසක් මේ වනවිට සිටී. ගාස්තුව වැඩිකිරීම හේතුවෙන් බන්ධනාගාරගතවන පිරිස වැඩි වුවහොත් එය අලුත් ප්‍රශ්න ඇතිවීමට හේතුවකි. චේතනාන්විතව සිදුකරන අපරාධ ලෙස සැලකිය හැකි වැරදි සඳහා අයකරන දඩ මුදලට වඩා වැඩි මුදලක් චේතනාන්විත නොවන රථවාහන වැරදි සඳහා ගෙවීමට සිදුවුව හොත් එය විකෘති තත්වයකි. එහෙයින් පොදුවේ, වැරදි සඳහා දඩ මුදල් සංශෝධනය කල යුත්තේ සියලු ක්‍ෂේත්‍රවලට අදාලවය.

අයවැයෙන් පසුව වැඩිකල දඩ මුදල් සඳහා මා විරුද්ධය. රථවාහන වැරදි සහ ඒ හේතුවෙන් සිදුවන මියයාම් සහ අනෙකුත් අලාභ වැඩිවුවද ඊට හේතුවන කාරණාවලට දඩ මුදල් වැඩිකිරීමෙන් සාර්ථක විසඳුම් ලැබෙන බව පෙනෙන්නට නැත. අනතුරුවලට හේතුව ලෙස බොහෝ දෙනා ඇඟිලි දිගු කරන්නේ පෞද්ගලික බස් රියදුරන්, ත්‍රී රෝද රථ රියදුරන් හා යතුරුපැදි කරුවන්ටය. වම් පැත්තෙන් ඉස්සර කිරීම, පාර පුරා ධාවනය, අනෙකුත් වාහන කෙරෙහි දක්වන අඩු සැලකිල්ල (විශේෂයෙන් පෞද්ගලික බස්) ආදී වැරදි ඔවුන් අතින් සිදුවන බවද අමුතුවෙන් පැහැදිලි කලයුතු නැත. එහෙත් "හේතු ප්‍රත්‍යන්" ඇත්තේ දෘශ්‍යමාන තලයෙන් ගැඹුරෙහිය.

පසුගිය කාලයේ සිදුවූ මාර්ග සංවර්ධනයේදී මූලික අවධානය යොමුවූයේ කාපට් කිරීම කෙරෙහිය. නගරබද ප්‍රදේශ හැරුනු විට මාර්ගයේ පුළුල් කිරීමක් සිදුවූයේ නැත. අනෙක් අතට වාහන මිලදී ගැනීම අධික ලෙස සිදුවීම හේතුවෙන් මාර්ගයට පැමිණි වාහන සංඛ්‍යාව ඉහල ගිය විට රථවාහන තදබදය ඇතිවීම සාමාන්‍ය තත්වයකි. වාහන තදබදය ඇතිවිට මාර්ග නීති උල්ලංඝනය කිරීම් සහ රථවාහන අනතුරු සිදුවීම අමුතු තත්වයක් නොවේ. දැනට මහාමාර්ගවල ඇති තත්වය අනුව මාර්ග නීති රකිමින් රිය පැදවීම පහසු කටයුත්තක් නොවේ. උදාහරණයක් ලෙස මාර්ග නීති උල්ලංඝනය කරමින් වුවද කොළඹ සිට තංගල්ලට බසයක පැමිණීමට ගතවන කාලය පැය පහක් හෝ හයක් පමණ වේ. 'අකුරට' පැදවූ විට මෙම කාලය පැය හතක් අටක් දක්වා දිගු විය හැකිය. දඩ මුදල් වැඩිකර ප්‍රශ්න විසඳීමට කල්පනා කරන්නෝ මේවා ගැන කුමක් කියයිද?

මාර්ග නීති කඩවීමට ඇති ප්‍රමුඛ විසඳුම වන්නේ දඩගැසීම නොව වාහන ධාවනයට සුදුසු වටපිටාවක් ඇතිකිරීමයි. පළමුව, වාහන ධාවනය සඳහා සුදුසු මාර්ග පද්ධතියක් රටට අවශ්‍යය. ප්‍රධාන මාවත් මංතීරු හතරකින් වත් යුක්ත වියයුතුය. උදාහරණයක් ලෙස මාතර තිස්ස මාර්ගය ලංකාවේ ඇති ප්‍රධාන මාර්ගයකි. එහෙත් එය මංතීරු දෙකක මාර්ගයකි. සමහර තැනකදී බස්රථ දෙකක් එකිනෙක පසු කර යන විට මැස්සෙකුටවත් ඉඩක් නැත. යතුරුපැදිකරුවන්ට කාර් දෙන්නට පොරොන්දු වී බලයට පත්වූ රජය පාරේ අනතුරුවලට විසඳුම් සොයන්නේ වාහන මිල වැඩිකරමිනි. පෞද්ගලික මෝටර් රථ වැඩිවීමට මූලික හේතුව වන්නේ රටේ පොදු ප්‍රවාහන පද්ධතියේ ඇති දුර්වලතාවයයි. ටයිකෝට් ඇඳගත් ජනතාව පෞද්ගලික බස්රථවල ගමන් කරන්නේ සංවර්ධිත රටවල පමණි. පෞද්ගලික අංශයට මගී ප්‍රවාහනයට අවසර දුන් දා පටන් මේ දක්වා එම ක්‍ෂේත්‍රයේ ලබා ඇති දියුණුව වන්නේ පැරණි බස්රථ වෙනුවට අලුත් බස්රථ පැමිණීමත් රෙඩියෝ-කැසට් වෙනුවට එල්ඊඩී ප්ලේයර් පැමිණීමත් පමණි. අඩු තරමින් අගනගරයේ කාර්යාල සේවය වෙනුවෙන් හෝ මගී බස් සේවාවක් නැත. මගී ප්‍රවාහනයේ ප්‍රධාන අංගයක් වන දුම්රිය සේවය සැලකූ විට, සුද්දා ප්‍රයෝජනයට ගෙන අතහැර ගිය දුම්රිය මාර්ග වල දිග අඟලකින් හෝ වැඩිකිරීමට අවුරුදු හැට අටක් රට පාලනය කල පාලකයන් සමත් වී නැත.
පන්සීයට දාහට තිබූ දඩය විසිපන්දාහ වන්නේ එහෙව් රටකය!

Friday, November 18, 2016

බුදු ආතල්

සමන්තභද්‍ර බුදුවෙලාද......???

ගරු කත‍ානායකතුමනි, දැං බලන්න අර සමන්තභද්‍ර හාමුදුරුවො බුදුවෙලාලු. ඒ මදිවට පිලිමයකුත් හදලලු. බුදුවුනා නං යමාමහ පෙලහර පාල මේ සභාව දැනුවත් කරන්න ඕන. එහෙම නැත්තං මේක කුමන්ත්‍රණයක්.
-විමල් වීරවංශ

සමන්තභද්‍ර බුදුහාමුදුරුවන් ලඟ තියන වස්තුව දිහා බැලුවම කියන්න පුළුවන් එක පාරමිතාවකට මිලියනයක් දෙකක් වෙන්න සල්ලි තියන බව.
-දයාසිරි ජයසේකර

අපේ ඊලඟ ප්‍රතිපත්ති ප්‍රකාශයේ පිටපතක් උන්වහන්සේටත් යවන්න ඕන.
-අනුර කුමාර දිසානායක.

ඕන ගොනෙකුට පුළුවන් බුදුවෙන්න.
-ලක්‍ෂ්මන් කිරිඇල්ල

මාත් යන්න ඕන වැඳල එන්න... පහුගිය කාලෙ වැන්ද එවුන්ගෙ හැටියට සමන්තයට වැන්ද කියල අවුලක් ඇත්තෙම නෑ.
-අකිල විරාජ්

මේගොල්ල කොහේ බුදුවෙන්නද හාමුදුරුවනේ, අපේ තාත්තටත් බැරිවුන එකේ
-නාමල්

අපි දැං අපේ අමාත්‍යාංශය යටතේ බුදු මීටරයක් හදාගෙන යනව. මේක මහා නායක ස්වාමීන්වහන්සේලාටත් පෙන්නල උන්වහන්සේලාගෙ අනුමැතියත් ඇතිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනව. ඊට පස්සෙ කාටවත් බෑ බොරුවට බුදුවෙන්න.
-විජේදාස රාජපක්ෂ

මගේ පියා වන ශ්‍රීමත් රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ සංකල්පයක් අනුව සැමට රැකියා ලබාදීමේ වැඩසටහන යටතේ උන්වහන්සේටත් රැකියාවක් ලබාදෙන්න සජිත් ප්‍රේමදාස වන මම කටයුතු කරන බව කියන්න කැමතියි මිත්‍රවරුනි. ලේකම් මහත්තයා, ‍උන්වහන්සෙගෙ උස මැනගෙන එන්න.
-සජිත් ප්‍රේමදාස.

අපි බලනව උන්වහන්සෙ ඇත්තටම බුදුවෙලාද කියල. හැබැයි බොරු කරල තිබුනොත් නං සිවුර ගලවල හෙලුවෙං පාරෙ දනගාවනව.
-එස්බී

යහපාලනය කියන්නෙ ඒකයි. ඕන කෙනෙකුට බුදුවෙන්න පුළුවන්. පහුගිය කාලෙ එහෙම තත්වයක් තිබුනෙ නෑනෙ.
-මහින්ද අමරවීර

බුදුවෙන්න අමාරු නං සෝවාන් වෙනවකෝ.
-ජෝන් අමරතුංග

ඔව්. අපි සලකා බලමින් යනව බුදුවෙච්ච අයගෙන් සීයට දහයක බද්දක් අයකරන්න. ඒ පිළිබඳව යෝජනාව ලඟදිම පාර්ලිමේන්තුවට ගේනව.
-රවී කරුණානායක

යහපාලනය යටතේ බුදුවරුන් දසලක්ෂයක් බිහිකරන්න අපි බලාපොරොත්තු වෙනව. සමන්ත හාමුදුරුවො කියන්නෙ එක්කෙනෙක් විතරයි
-රනිල්

දැං බලන්න අර සමන්ත බුදුහාමුදුරුවන්ටත් ඉන්න දෙන්නෙ නෑනෙ. ලඟදි එයත් එෆ්සීඅයිඩී ගෙනියයි. ලෑස්ති වෙලා ඉන්න... මගේ කාලෙ ඔහොම වු‍නේ නෑ.
-මහින්ද

බුදුවෙලාලු නේ? මාත් දැක්කෙ පත්තරෙං හිටං
-මෛත්‍රී

ඉඳල ඉඳල මාත් මොකක් හරි ඇඩ්එකක් දැම්ම ගමං මුං රිලව් වගේ උඩපනිනව. අනේ තොපි වගේ මැටි රැළක්.
-සමන්තභද්‍ර

Friday, November 11, 2016

අයවැයට අමුඩ ගහන්නේ මෙහෙමයි!

අයවැයත් ආව. අයවැයෙන් ලැබුන සහන සහ අසහන කලමනාකරණය කරගැනීම මේ අවස්ථාවේ සෑහෙන්න වැදගත් කියල හිතෙනව. ඒ සඳහා මේ වගේ යෝජනා ටිකක් කරන්න කැමතියි.

ගමනාගමනය
අද කාලෙ හුඟ දෙනෙකුට‍ වාහන තියනව. අඩු ගානෙ බයික් එකක්වත් තියනව. අවම දඩය රුපියල් දෙදාස් පන්සීයට ඉස්සුව නිසා-ඇත්තටම තැපැල් කන්තෝරුවට ගන්න සීයට දහයත් එක්ක මේ ගාන දෙදාස් හත්සිය පනහක්-බොහොම ප්‍රවෙශමෙන් පාරෙ යන්න ඕන. කොටිම්ම ජීවිතේ බේරගන්නවට වැඩිය වැදගත් සුදු ඉර-ඩබල් ඉර-කහඉර බේරාගෙන පාරෙ යාම. වැරදිලා හරි දඩේකට අහුවුනොත් යාප්පුවෙන් බේරාගැනීම, දඩයක් වෙනුවට සන්තෝසමක් දීල ට්‍රැෆික් රාලහාමි සන්තෝස කිරීම වගේ දෙයක් කරන්න පුළුවන්. ගානෙ හැටියට අරක්කු බෝතලයක් දුන්නත් පාඩු නෑ. ඊට අමතරව කඩ්ඩ ටිකක් ඉගනගැනීමෙන් පුළුවන්, එංගලන්තෙ ඉඳල ලඟදි ආපු කෙනෙක් විදියට ඇක්ට් කරල ට්‍රැෆික් මහත්වරු බයකරගන්න.
අධිවේගී මාර්ගයේ ඕෆ්පීක් ටයිම් ගාස්තු අඩුවීමෙන් ප්‍රයෝජන ගන්න රෑ නවය-උදේ පහ අතර කාලයේ ගමන් ගියාම හරි.

අධ්‍යපනය සහ ණය
ඒ ලෙවෙල්වලින් කැම්පස් යන්න බැරි අයට ලක්ෂ අටක ලෝන් එකක් දෙන එක මේ අවස්තාවෙ හැටියට සෑහෙන්න වටිනව. ලක්ස අටක් කියන්නෙ කජු ඇටද කොස් ඇටද නේද? මේක ගන්න නං ඉසෙඩ් ඉස්කෝර් එක ටිකක් වැඩිපුර තියෙන්න විභාගෙ ෆේල්වෙන්න වෙනව. කැම්පස් ගියා කියලත් වගතුවක් නැති එකේ ගෙවල්වල ඉන්න ළමයි, විභාග පේල් කරගන්න දිරිගැන්වීම හොඳ දෙයක්.
ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට දෙන ණය මුදල ලබාගැනීමට මොකක්හරි පත්තර කඩමාල්ලක හරි රේඩියෝ චැනල් එකක හරි මාධ්‍යවේදියෙක් වුනා නං හරි.

ඉන්ටනෙට්
අන්තර්ජාල සම්බන්ධතා ගාස්තු වැඩිකිරීම නිසා ඉන්ටනෙට් යන්න බැරිවීමේ පාඩුව පියවගන්න ෆ්‍රී වයිෆයි කලාපෙකට සෙට්වුනා නං හරි. මෙගාබයිට්ම සීයක් කියන්නෙ කොච්චරද නේ? ඊට අමතරව අන්තර්ජාලයෙන් සල්ලිකාර නෝනලා මහත්වරු ටිකක් සෙට්කරගන්න පුළුවන් නං අපේ කොල්ලන්ට කෙල්ලන්ටත් ඩේටා ප්‍රශ්නය ලොකු අවුලක් නැතිවෙයි නේද?

ටැබ්
අන්තර්ජාල ගාස්තු වැඩිවුනාට පාසල් සිසුන්ට, ගුරුවරුන්ට ටැබ් දෙන්න ආණ්ඩුව තීරණය කරල තියනව. හොයල බැලුවම අලුතෙන් දෙන්න යන ටැබ්වල තියන තාක්ෂණය නිසා සමාගම්වලට බදු ගෙවන්න ඕන නෑ. සිම්එකක් නැතුව කෙලිංම ඉන්ටනෙට් යන්න පුළුවන්. ෆුල් ටච් ස්ක්‍රීන්. මෙන්න බලන්න බොරු නං....


විශ්‍රාමිකයන්
විශ්‍රාමිකයන්ට දෙන අග්‍රහාර රක්ෂණය ජීවිත කාලෙටම දෙන්න තීරණය කරල තියනව.(දැනට දෙන්නෙ හැත්තෑව වෙනකල් විතරයි) ඉතිං ඒක ගන්න අවුරුදු හැත්තෑවෙන් පස්සෙත් මැරෙන්නෙ නැතුව ඉන්න හිතාගත්තම හරි.

කුස්සිය සහ කෑම
මේකනෙ වැදගත්ම දේ. අඩුවෙච්ච දේවල් තමයි පරිප්පු, මුංඇට, සීනි, හාල්මැස්සො, ගෑස්, ලාම්පු තෙල් වගේ දේවල්. ඉතිං උදේ ආහාරය සඳහා මුං ඇටත්, දවල්ට පරිප්පු සහ හාල්මැස්සොත්, රෑට අලත් යොදාගැනීමෙන් සෑහෙන ඉතිරියක් කරගන්න පුළුවන්. තෙම්පරාදු කිරීමේ කටයුතුවලට පොල්තෙල්/එලවලුතෙල් වෙනු‍වට ලාම්පු තෙල් යොදාගැනීමත් මුදල් ඉතිරිකරගන්න හොඳ උපක්‍රමයතක්.

බැරිම තැන
ඔය කියපු එකකින්වත් පොකැට්ටුවෙ බර වැඩිවෙන්නෙ නැත්තා කරන්න තියෙන්නෙ මෙච්චරයි.
ටොයියන්ට : අනේ ඉතිං අපිම පත්කරපු ආණ්ඩුවනෙ. ඒ කරුමෙ ගෙවලම ඉවර කරන්න එපැයි
බයියනිට : අපි කිව්ව නේද ඕක වෙයි කියල ඇද්ද ඇද්ද ඇද්ද.......

මෙවර අයවැය ජනතා ආදර්ශ පාඨය : ළූණු බිකත් බඩට!

Wednesday, November 9, 2016

සුභපැතුම් තුරුම්පුවා!


ඩොනල්ඩ් ට්‍රම්ප් ජයගෙන ඇත. ඒ ඇමෙරිකානු ජනාධිපතිවරණ ඉතිහාසයේ තවත් එක් තියුණු සටනකින් අනතුරුවය. මේ මා දුටු නිරීක්ෂණ කිහිපයකි.

☞ අනාවැකි සියල්ලම පාහේ බොරු වී ඇත.
☞ දරදඬු හා විසුළු හැසිරීමක් පෙන්නුම් කල ට්‍රම්ප්ගේ ස්වභාවය ඇමෙරිකානුවන් සීරියස් ගත් බවක් නොපෙනේ.
☞ ජනාධිපතිවරණ සටන වෙනදාට සාපේක්ෂව මඩගැසීම්වලින් බහුල විය.
☞ මුස්ලිම් අන්තවාදය, සරණාගත ප්‍රශ්න වැනි කාරණා පිළිබඳව ඇමෙරිකානුවන්ගේ ආකල්පය, යුරෝපා සංගමයෙන් තම රට ඉවත් කරගැනීමට ඡන්දය පාවිච්චි කල බ්‍රිතාන්‍ය වැසියන්ට සමාන යැයි කිව හැකිය.
☞ ලංකාවේ විචාරක ඔස්තාර්ලා කුමක් කීවද ඇමෙරිකාවේ ආණ්ඩුව/ජනාධිපති කවුරුන් වුවද රාජ්‍ය ප්‍රතිපත්තිවල මහලොකු වෙනසක් සිදු නොවන බව කිවයුතුය.

Friday, October 28, 2016

Ladies & Gentlemen, Welcome to Earth - 002 [සයිබර් වරිගෙ උණ්ඩියා]

කාලෙකින් කියවන්න ලැබෙන මසුරං ලියමනක්. රචකයා, අපි කවුරුත් දන්න සයිබර් වරිගෙ උණ්ඩියා. එක පාරක් කිව්වට තේරෙන්නෙ නැත්තං දෙපාරක් කියවල බලන්න.

කවීෂාගේ මරණය ගැන අපේ උගන්ඩලා කියන කථා බලලා මට දැඩි කළකිරීමක් ඇතිවුණා කියහංකො.....ඇතිවෙලා "ජාති ජාතිත් මට තොපිත් එපා - මේ රටත් එපා" කියල හිතාගෙන මම ගියා ජාත්‍යන්තරය පැත්තෙ, එහේ ඉන්න නල්ලම් ඩීසන්ට් සුදු නෝනලා, මාත්තේලා තැන් තැන් වල දාන කමෙන්ට්ස් බලලා හිත හදාගෙන නේවසඤ්ඤානාසඤ්ඤායතනයට පත්වෙන්ඩ.....
අම්මට හුඩු....ජාත්‍යන්තරේ පත්තුවෙලා.....බැලින්නම් කිම් කාඩේෂියන්ව ( අර පුකෙන් ගොඩ යන පවුලෙ ප්‍රවීණතම ගුද මාර්ගයේ හිමිකාරි... ) මංකොල්ල කාලා....ඉතින් UK ඩේලි මේල්, සන්, ටයිම්ස්, French Newspapers, U.S. Tabloids අනන් මනන් වෙබ් වල නිව්ස් එක ඕකාසෙට යනවා.....අපි වගේ තර්ඩ් වර්ල්ඩ්, තර්ඩ් ක්ලාස් අසිස්ඨ, වනචර, නිර්ධය, හකිස්කුඨ සමාජ වල වගේ නෙමෙයි, ඒවයේ ඉන්න සුදු නෝනලා, මාත්තුරු මානුසිකත්වය අඟලට නූළට මැනලා පට්ට මානවවාදී කමෙන්ට්ස් දානව ඇති කියල හිතන් ත්‍රෙඩ් එකකට දෙකකට හොම්බ දැම්මා....

හම්මට......අපේ උන් ලොවෙත් හොඳයි ඕයි උන් කියල තියෙන කථා බලනකොට.....සීන් එක වෙන වෙලාවෙ කිම් කාඩේෂියන් ඉඳල තියෙන්නෙ අර "බාත් රෝබ්" එකද මොකක්ද කියලා සුද්දියො හෙලුවට උඩින් දාගන්න වූල් කෝට් එකක් තියෙන්නෙ....අන්න ඒක විතරක් ඇඳගෙනලු....මාත් දන්නෑ, මටත් කිව්වෙ සුදු මහත්තයෙක්....එයා එතන හිටිය නම් ඒක ගලවලා කිම්ගෙ අතපය බඳිනවලු ( ඌත් මං වගේ "බැඳුම්කර" පංකාවක් ( Bondage Fan) ) ....තව එකෙක් කියනවා හොරු මහ ගොන් හරක් මෝඩ මූසළයො ටිකක්ලු....කිම් වගේ සැප බොඩියක් කාමෙරේදි අල්ල ගත්තු වෙලේ මුද්ද විතරක් ගලවන්, වෙන මොකුත් නොකර ගිය එකට උන්ට වෙනම දඬුවම් කරන්ඩ ඕනලු....තව එකෙක් කිම්ව බැඳල දාලා, කටේ ටේප් ගහල හිටියය කියන නිව්ස් එකේ, එහෙම ඉන්න වෙලාවෙ ගත්තු ෆොටෝ එකක් නැද්ද කියලා ලින්ක් එකක් ඉල්ලනවා....සාතිශය බහුතරය "හොරු ටික ඕකිව මරලා දාලා ලෝකෙට සෙතක් කරේ නැත්තෙ ඇයි? " කියලා අහනවා....

"හොරුන්ට සම්මාන දෙන්න ඕනලු....නයිට් පදවි දෙන්න ඕනලු....අදහන්න ඕනලු.....ඕකිගෙ රෙද්ද ගලවලා ෆොටෝස් ටිකක් ගහගෙන ආවෙ නැති එකට දඬුවම් දෙන්න ඕනලු......පැරිස් හීතලේ පාර අයිනේ කණුවක බැඳලා තියලා ගියේ නැති එකට දඬුවම් දෙන්න ඕනලු.....මම ගියා නම් මුදු මාළ හොරකම් කර කර ඉන්නෙ නෑලු....." .... ඔය විදියට සුදු මාත්තුරු අටෝරාසියක් තමන්ගේ වටිනා අදහස් ප්‍රකාශ කරනවා.....ඇරියස් තැපැල් කෝච්චියයි.....

සුදු නෝනලා ටික....හම්මට....උන් ඊටත් එහා ඕයි....." කිම් ෂුවර් එකටම වටිනාකමක් නැති මුද්දක් නැති කරගෙන, ඉන්ෂුවරන්ස් එකෙන් ඩොලර් මිලියන ගාණක වන්දියක් ගන්න දීපු ගේමක්ලු ඕක....වෙන වචන වලින් කිව්වොත් තමුන්ටම දීගත්තු රොබරියක්ලු.....ඒකි හම්බු කරපු සේරම හොරකම් කරලා මිනිස්සුන්ට බෙදන්න ඕනලු.....හොරුන්ට තිබ්බෙ පිහියක් අරගෙන ඒකිගෙ අහවල් තැන් ලොකු කරන්න බස්සපු සිලිකන් ජෙල් බෑග් හාරලා එළියට අරගෙන ලෝකයාට ඒකිගෙ ඇත්ත හෙළිදරව් කරන්නලු......හොරුන්ට තිබ්බේ ඒකිව කැමරාවක් ඉස්සරහා දණ ගස්සලා ලෝකයෙන් සමාව අයැදවලා ඊට පස්සෙ අයි.එස්.අයි.එස් පාරක් දාන්නලු.......ඒක ලෝකෙට සෙතක්ලු.....ඒකි නැති ලෝකය හොඳ තැනක් වෙයිලු.....ඒකිගෙ මේකප් සහ සායම් පිහදාලා, සිලිකන් වැඩ දාපුවා ගලවලා, පෙන්නන්න ඕනලු ලෝකෙට වමනෙ යන්න......මේක ප්‍රසිද්ධිය ගන්න තමුන් තමුන්ට දීගත්තු රොබරියක්ලු.....

ඔය ටික කියවලා මම ආයෙ මව්-රට ආවා පිංවතුනි.....දැන් වනගත වෙන්න යනවා.....( කෑමට ගෙදර එනවා ) ....
සාතිශය බහුතරය කිම් කාඩේෂියන්ව, එයාගේ නංගිලා, අක්කලා, අම්මලා, හත්මුතු පරම්පරාවකම ගෑණු ඉතාම දරුණු ලෙස අපහාසයට සහ වාචික හිංසනයට ලක් කරලා තිබුණා.....අතරින් පතර මෙහේ වගෙම දායක සභාවක එකෙක් දෙන්නෙක් මානුසිකත්වය වෙනුවෙන් වර්ඩ් එකක් දාල තිබ්බට, අපහාස මල්ටි බැරල් තිබ්බෙ.......කොටිම්ම කිව්වොත් කිම්ගෙ නංගිට වයස 16 ද කොහෙද වෙනකල් පීරියඩ් හැදුනෙ නෑ කියන එකත් කවුරු හරි ශ්‍රේෂ්ඨ ගවේෂකයෙක් හොයාගෙන තිබුණා......

දැන් මේ මොකද වෙන්නෙ?.....මේක තේරුම් ගන්න උත්සාහ කරන්න.....කවීෂාට මැරිලවත් නිදහසක් නැති වෙන තරමට වාචිකව දූෂණය වෙන්නෙ ඇ‍යි.....?......ෂනුද්‍රිට ඉලක්කම් පෙළක් වැරදිච්ච එකට මුළු ජාතියක් අතින් දූෂණය වෙන්න උනේ ඇයි....?.....ඇයි මෙච්චර ඇරියස්......?.....මුන්ගෙ ඇම්ප්ලිෆයිඩ් වර්ෂන් එක වෙච්ච කිම් කාඩේෂියන්ව මංකොල්ලයට ලක්වෙච්ච වෙලාවෙ එකෙක් හොරුන්ට වචනයකින් වත් හානියක් නොකර වින්දිතයාව මරාගෙන කන්න ලෑස්ති උනේ ඇයි?.....

පිංවතුනි.....සයිබරය නම් වූ හෙටරොටොපික අවකාශය වෙනම ලෝකයක්......අපි මේ ජීවත් වන භෞතික යථාව තුළ පරිණාමික ක්‍රියාවළියක බොහෝ දුරක් ඇවිත් තියෙනවා......ඒ පරිණාමික ක්‍රියාවළිය සකස් වෙන ඥාණසම්බන්ධිතතාවය (Cognition) සහ අවස්ථා - අවශ්‍යතා සම්බන්ධය තුළ අපිව සෑහෙන දුරට අත්දැකීම් මගින් කෘත්‍රිම ශික්ෂණ රාමුවකට අවනත කරවා තිබෙනවා......ලෝක යුද්ධ දෙකකින් පස්සෙ අපි මානව හිමිකම් ප්‍රඥපතීන් සොයා ගත්තා......අධිරාජ්‍යයන්ගෙන් පස්සෙ ප්‍රජාතන්ත්‍රවාදය සොයාගත්තා.....කාන්තා අරගල තුළින් ස්ත්‍රීවාචිකය සොයාගත්තා.....වහල් අරගල වලින් සමානාත්මතාවය සොයාගත්තා.....අපි උථෝපියාවක හෝ මොනොතෝපියාවක සිහිනයක් දකිමින් යනවා......

හැබැයි ඒ යන ගමන යන්නේ අපේ අභ්‍යන්තරයේ ඉන්න පරපීඩක, ශෝකී, සදොස් පෝෂක, සතාව හිරගත කරගෙන.....
ෆූකෝ අපේ දර්පණ ප්‍රතිබිම්භය සමාන කරනව උථෝපියාවට....කාළ අනුකෘතියෙන් සහ පැවැත්මෙන් දුෂ්කර උථෝපියානු මිනිසා තමයි දර්පණයේ ඉන්නෙ.......සයිබරයේ තත්වයත් ඕකයි.....භෞතික හෙජමොනික යථාව තුළ ජීවත් වෙන මිනිසාට වඩා තථ්‍ය, අසම්බන්ධිත, අවසමබ්න්ධිත, බහුමාන සහිත, බහුවිධ පැවතුම් සහිත, ( Time, deviation, crisis, all 3 ) හෙජමොනියෙන් විශ්වාස ගන්වා වියුක්ත කරවන ලද ( උදා: ෆේස්බුක් අඩවිය තුළ පැවැත්ම පොලිස්කරණයෙන් බාහිර වූ, ආයතන පද්ධතියෙන් මුක්ත වූ එකක් බවට ක්‍රියාකාරීත්වය විසින් සහ සාකාළික ( ඒ කියන්නේ වත්මනේ තාක්ෂණයට අනුරූපීව ) අත්දැකීම් විසින් ඒත්තු ගන්වන ලද ), එකකට එකක් යථාව තුළ අනුරූපී නොවන, ගැළපීම් රහිත තත්වයන් එක්ව තබන, ඒ සියල්ල තුළට තමන්ගේ චරිත කොටස් අවසාදනය කරමින් ජීවත් වීමට පහසුව සළසා දෙන ( Juxtapose ) අවකාශය තමයි සයිබරය.....ෆේස්බුක් කියන්නේ මේ මොහොතේ එහි අග්‍රඵලය......දැන් අහන්න එපා එබඳු අවකාශයකට "අග්‍රඵලයක්" තියෙන්න පුළුවන්ද කියලා.....පුලුවන්....ස්කන්ධ සංස්ථියට සහ ශක්ති සංස්ථියට අනුව මැවීම කළ නොහැකි නිසා, භෞතික යථාවේම කොටසක් ( ෆූකෝ මේක ඔහුගේ හි 1,2,3,4 හෙටරොටොපික නියමයන්ගෙන් පැහැදිලි කරනවා ) මත, භෞතික යථාවේ නිර්මාපකයන් විසින් කරන ඉදි කිරීමක් නිසා මේ සයිබරයෙත් අග්‍රඵලයන් තියෙන්න පුලුවන්.....

පිංවතුනි....අපි අරගෙන ඔබාගෙන, අමාරුවෙන් හිරකරගෙන ඉන්න බිම්ගෙයි සතා, ඉතාම ප්‍රිය කරන්නේ මේ වගේ අවකාශයන්ට......අපි සුරංගනා කථා තුළින්, අපේ ෆැන්ටසි තුළින්, ජන කථා තුළින්, මැජික් වගේ ෆැන්ටසිමය අවකාශය පෝෂණය කරන සංකල්ප තුළින්, පරිකල්පනය සහ ප්‍රඥාව තුළින් සකස් කරගන්නෙ මේ වගේ අවකාශයන්......ඔන්න පිංවතුනි සිතූ පැතූ සම්පත් දෙන ගස් තියෙනවා....

එහෙම සම්පත් දෙන එළදෙන්නු ඉන්නවා ( ඔය සුරබි දෙනද මොකාද කියන්නෙ ), පාරාදීස සංකල්පයෙන් ස්වර්ගය පෝෂණය වෙනවා, කවුරු හරි හරකෙක් ආගමික උමතුවෙන් අහිංසකයො මරාගෙන මැරිලා ගියාම අල්ලාහ් කන්‍යාවියො 72 ක් දෙනවා, රට ජාතිය වෙනුවෙන් දිවි දෙන කෙනා "සුන්දර සුරඹුන්ගෙ අතේ නැළවෙනවා".....අපේ සතා ඒ භෞතික යථාවෙ අර්බුදයන් නිසා කරගන්න බැරි හැසිරීමට හරි ආසයි.....ඒකෙ මරණින් මතු හෝ ජීවත් වෙන්න පුලුවන් නම් කියලා ඇඟිලි ගණිනවා.....
එහෙම ඉන්නකොට අපිට ඇලන් ටියුරින්, වින්ට් සර්ෆ්, මාක් සකර්බර්ග් කියලා තුන් දෙනෙක් ඇවිත් අවම වශයෙන් කාළාර්ථයේ ද්විමාණික හෙටෙරොටොපික අවකාශයක් ( කාළාර්ථයේ කියන වචනය භාවිතා කලේ පරිඝණක ප්‍රොසෙසර් එක උපදෙස් පිළිපදින එක මනින්නෙත් කාළමාන චක්‍ර වලින් නිසා ) හදලා දෙනවා......අපි ඒ අවකාශයට අපේ සතාව මුදාහරිනවා....
ඒක වෙනම ලෝකයක් පිංවතුනි....ඒක තමයි අපි මෙතෙක් සොයමින් සිටි ලෝකය.....ඒකෙ දැනට අපිට ද්විමාණිකව සතාව දුවවන්න පුලුවන් හෙටෙරොටොපිකය හරහා......දැන් අපේ සතා උද්දාමයට පත්වෙලා ඉන්නෙ.....අර ජිනීවා ප්‍රඥප්තිය, වියානා ප්‍රඥප්තිය, පොලීසිය, හමුදාව, රජය, එක්සත් ජාතීන්ගේ සංවිධානය, නියුරෙම්බර්ග් නඩු තීන්දුව, ඇමරිකානු නිදහස් ප්‍රකාශනය, කොමියුනිස්ට් ප්‍රකාශය, බුදුන්, මාක්ස්, එංගල්ස්, යේසුස්, මුහම්මද්, වෝල් ස්ට්‍රීට් එක, අනගාරික ධර්මපාල, මා ඕ සේතුං, අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බළ මණ්ඩලය, කොංග්‍රසය, පාර්ලිමේන්තුව, ඉඩි අමින්, රොත්ස්චයිල්ඩ් වරු, කියු ක්ලුක්ස් ක්ලෑන් එක, මාටින් ලූතර් කිං, යනාදි සියල්ලගෙන් චර්යාව තාවකාළිකව "විපාකයෙන් තොරව" නිදහස් කරගත්ත අවකාශයක අපේ සතා වේගෙන් උඩ පැන, පැන දුවනවා....

විපාකයෙන් සහ යථාවේ භෞතික විද්‍යාත්මක බාධක වලින් සතා නිදහස් වෙනවා......
දැන් නිතර නිරුවත් වෙලා අපිට ඇරියස් එකතු කරන කිම් කාඩේෂියන්ව ඇඳක බැඳලා දාලා මනෝ කායික ප්‍රචණ්ඩත්වය මුදාහරින්න, කවීෂගේ, ෂනුද්‍රිගේ අඟ පසඟ සමග ඔවුන්ව බිත්තියකට තියලා තද කරගන්න, අපේ සතාට පුළුල් බළතල තියෙනවා.....එහෙම කරලා විසි එක් අවුරුද්දකට කූඩුවක කූරු ගනින්නෙ නැතුව ධාතු පහවුනාම පිටවෙලා සැනසිල්ලෙ යන්නත් පුලුවන්.......කාඩේෂියන්ව දූෂණය කරන්න, ෂනුද්‍රිලව දූෂණය කරන්න තියෙන භෞතික, සාගර, කාළාවකාශ සහ ප්‍රාග්ධන බාධක මෙතන නැහැ........හැබැයි භාවිතා කළ හැකි උපාංග වෙනස්......
භෞතික යථාවේ:
බාහු බළය + ප්‍රාණවත් අංග ජාතය + යෝනි පුරාසනය = දූෂණය
මෙතන
බාහු බළය ( ඇයි යකෝ ටයිප් කරන්න ඕනනේ ) + මනස + කැමරා ඇසක ප්‍රතිබිම්භය + දත්ත ප්‍රවාහය + ප්‍රාණවත් අංග ජාතය = දූෂණය

ඔය පළවෙනි එකේදි දූෂණයට නඩු තියෙනවා.....නඩුවට විත්ති කූඩුවට යන පාර බොහොම කෙටියි.....දෙවනි එකේදිත් නඩු ඇති.....නමුත් විත්ති කූඩුව තමුන්ට බොහොම දුරයි කියන එක අත්දැකීම් අනුසාරයෙන් ඇතිවන අනුභූතීන් දන්නවා.....ඒ නිසා බය නැතුව පට ඇරලා දෙනවා......
මේක අලුත් ග්‍රහ ලෝකයක් මහත්වරුනි.......සූර්යයාගේ සිට කිලෝමීටර් මිලියන 149.896 ක් ඈතින් මේ මොහොතේ තිබෙන කාබනික, හයිඩ්‍රොක්සික ග්‍රහ ලෝකයෙ අපේ මිනිස් ජීවී විශේෂය පරිණාමයෙන් බොහෝ දුරක් ඇවිත් හිටියට, මේ 1 0 1 0 1 0 සොබා දහම සහිත, ඊතර්නෙට් කේබල්, ඔප්ටිකල් ෆයිබර්, උඩ පවතින අලුත් ග්‍රහ ලෝකයේ අපේ මිනිස් වර්ගයා මේ දැන් පහළ වුනා විතරයි......

දැන් මේ සයිබරය නම් ග්‍රහ ලෝකයේ මිනිස් වර්ගයා ආයෙ මුළ සිට පරිණාමික ගමනක් යනවා....තේරෙනවද සීන් එක?......ලුසීගෙන් පටන් ගෙන මේ හෝමෝ සේපියන්ස් සේපියන්ස් තෙක් ආපු ගමන එතනට වලංගුයි වගේම වලංගු නැහැ.....ඒක ආයෙ මුල ඉඳන් පටන් ගත්තු ගමනක්.....
පිංවතුනි, අපි තමයි සයිබර් ග්‍රහ ලෝකයේ හෝමෝ රුඩොල්ෆෙන්සිස්ලා, හෝමෝ ඉරෙක්ටස්ලා......අපි යථාවේ ග්‍රහ ලෝකයේ හෙවත් "පෘතුවියේ " හෝමෝ සේපියන්ස් සේපියන්ස්ලා වුනාට, සයිබරය නම් මේ අලුතින් නිමවන ලද ග්‍රහ ලෝකයේ තාම ඉන්නෙ ප්‍රාග් ඓතිහාසික තත්වයන් තුළ.....
මේ පෘතුවි ග්‍රහ ලෝකයේ නොදැමුණු අතීතය ගැන කල්පනා කරල බලන්න......දැන් අපි ඒ තත්වයන් පසුකරගෙන පාර්ශ්විකව බොහෝ දුරක් ඇවිත්...... නමුත් සයිබරයේ අපි තාම ඉන්නෙ අර දැති පොල්ලකුත් අරගෙන ගොදුරු සොයන, ස්ත්‍රියක් හමුවූ විට කොණ්ඩ වල්ලෙන් ඇදගෙන ගල් ගුහාවට ( අපේ කම්පියුටරය හෝ ස්මාට් ෆෝන් එක තමයි මේ ලෝකෙ ගල් ගුහාව ) ඇදගෙන ඇවිත් බලෙන් රමණය කරන යුගයේ......
මේ හෙටෙරොටොපිය තුළ මිනිසාගේ පරිණාමය අමුතුම එකක් වේවි......ඒක ගැන හිතනකොට බය නම් VR headset එකක් ඔලුවට දාගෙන බලන්න....බය වෙන්න එපා.....මේකෙ Cognitive Revolution එකෙත් තියෙන්නෙ එකම භෞතික යථාවේ Cognitive Revolution කරපු ස්ඵෝටකයන්ම තමයි.....මේකට වසර මිලියන ගණනක් ගත වෙන එකක් නෑ......21 වැනි සියවසේ අග පමණ වනවිට, පරමාදර්ශයන් සහ නොදැමුණු ෆැන්ටසි අතර සමතුලනයක් මිනිස්සු සොයා ගනියි.....
Ladies & Gentlemen, Welcome to Earth - 002

Thursday, October 27, 2016

අලුත් ප්‍රින්සිබල්, ගුරුහොරු දෙදෙනා සහ අපේ රසායන විද්‍යා ඉගෙනුම.

මේ සිද්ධිය මතක් වුනේ ලෝක ගුරු දිනේ දා. තමන්ට මතක්වුන හොඳ ගුරුවරු ගැන කට්ටිය බුකියෙ කයිවාරු ගහද්දි මට මතක් වුනා ගුරුහොරු කියල කියන්න පුළුවන් බුවාල දෙන්නෙක් ගැන.
ඒ අනූ හත අවුරුද්ද වෙන්න ඕන. අනූ හයේ ඕලෙවෙල් කරල ප්‍රතිපලවලින් පස්සෙ ගණිත අංශයෙන්අ උසස්පෙල කරන්න හිතාගෙන ඉස්කෝලෙට ගියා. ගණිත අංශය තෝරාගත්ත පහක් හිටිය මතක විදියට. ඊට අමතරව ඉහල පන්තියෙ දෙන්නෙකුත් කැමැත්තෙන්ම 'ෆේල් වෙලා' වගේ අපේ පන්තියටම ඇතුලත් වුනා. උන් දෙන්නත් පළමුවර විභාගය ලිවීම අතහැරල අපි එක්කම විභාගෙට යනව කියලයි තීරණය කරල තිබුනෙ. කොහොම වුනත් එයිනුත් එක්කෙනෙකුත් අපේ එකෙකුත් මාස කිහිපයකට පස්සෙ කලා හෝ වානිජ්‍ය කරන්න හිතාගෙන පසුබැහැල ගියා.

අපි ඕලෙවෙල් ප්‍රතිපලවලින් පස්සෙ ඉස්කෝලෙට යද්දි ඉස්කෝලෙ එක වෙනස්කමක් වෙලා තිබුන. ඒ අලුතෙන් ආපු ප්‍රින්සිබල් නිසා. නඩු අහන්න කලින් වේවැල් පාර දීල පස්සෙ නඩුව අහන ජාතියෙ බඩුවක් වෙච්ච ඔහු දැන් මගේ කාර්යාලය කිට්ටුව ඉන්නෙ. බුවා ගැන කලින් ලිව්ව කියලත් පොඩි මතකයක් තියනව.

ඔන්න ඉස්කෝලෙට ආපු පළමු දවසෙ තම තමන් තෝරාගත් විශයයන් අනුව පන්ති ලැබුන. අපට ලැබුනෙ විද්‍යාගාරය. ඉගැන්වීමට හිටිය ගුරුවරු මෙහෙමයි.
සාපෙල ගණිතය ඉගැන්වූ ගුරුවරයා උසස්පෙළට ශුද්ධ ගණිතය උගන්වනව.
භෞතික විද්‍යාව සහ ව්‍යවහාරික ගණිතය එක ගුරුවරයෙක් ඉගැන්වුවා.
ඔවුන් දෙදෙනා තමන්ගේ කාර්ය නිසි පරිදි කල බව සතුටෙන් මතක් කරන්න කැමතියි. ටියුෂන් යද්දි, දිස්ත්‍රික්කෙ ජනප්‍රිය පාසල්වල ළමුන්ට වැඩිය අපි යමක් කමක් ඉගනගෙන තිබුන.
අවුල හැදුනෙ රසායන විද්‍යාව සම්බන්ධව. ප්‍රින්සිබල්තුමා වේලපහින්ම අපට කිව්ව "ඔයාල කැමති ගුරුවරු ඉන්නව නං කියන්න, මම එයාල උගන්නන්න දාන්නං" කියල. ඉතිං අපි මොකද කලේ අපේ ඉස්කෝලෙ හිටිය, එවකට ජනප්‍රියම රසායන විද්‍යාව ටියුෂන් ගුරුවරය, අපට දෙන්න කියල ප්‍රින්සිබල්ට කිව්ව. හැබැයි මේ කියන ගුරුවරයාගෙන් මෙතෙක් වැඩක් ගත්ත බවක් පේන්න තිබුනෙ නෑ. රසායන විද්‍යාව ඉගැන්නුවෙත් වෙනත් ගුරුවරයෙක්.

ඔන්න වැඩේ පත්තුවුනා. ප්‍රින්සිබල් කිව්ව ටියුෂන් ගුරාට අපට උගන්වන්න කියල. බුවා වැඩේට අදිමදි කලා, හේතුව ටියුෂන්වලට බාධාවීම වෙන්නත් පුළුවන්, අනිත් ගුරාගෙ විෂය බලෙන් ගත්ත වගේ සීන් එකක් වෙයි කියල හිතල වෙන්නත් පුළුවන්. කොහොම නමුත් ඔහු වැඩේට කැමති වුනේ නෑ. අපි අලුත් ගුරෙක් ඉල්ලුව කියල පරණ බුවාත් අපට ඉගැන්වීම ප්‍රතික්ෂේප කලා. දැං අල්ලපු අත්තත් පය ගහපු අත්තත් දෙකම නෑ. ඒ මදිවට ප්‍රින්සිබලුත් නිහඬයි. අන්තිමට පන්තිය භාරව හිටිය ඉස්කෝලෙහාමිනේ වැඩේ භාරගත්ත. හැබැයි ඩිස්ක්ලේමරයකුත් එක්ක.
"මම දන්නෙ ඕගනික් විතරයි, ඕගනික් කියන්නෙ සිලබස් එකෙන් බාගයක්නෙ.... ඔයාල ඉස්කෝලෙ එන්නෙ මුල් අවුරුද්ද විතරයිනෙ කොහොමත්.... ඉතිං ඒ ටිකේ ඕගනික් නං කරන්න පුළුවන් ඔයාල කැමති නං?"
'නිකං ඉන්න මට ඇරල ගියත් මදැයි' තත්වෙං හිටි අපට ඒ යෝජනාවට පයින් ගහන්න උවමනාවක් තිබුනෙ නෑ.

Wednesday, October 19, 2016

කංකරු-සිකුරිටි කතා

සජිත් ලොක්කගෙ කම්කරු සිකුරිටි කතන්දරය නැගලම යනවනේ. ඕක ඔහොම ගිහිල්ල මේ වගේ පැතිවලටත් යන්න පුළුවන්.

යාලුවගෙ පුතා
"හා..... මේ ඉන්නෙ ඔයාගෙ පුතා නේද? බලන්න මම ගියපාර දකිද්දි කම්කරු, දැං සිකුරිටි සයිස් නේ...."

පොරොන්දම
"නෝනා මේ කසාදෙ නං කරල වැඩක් නෑ! මේ දෙන්නගෙ "සජිත් පොරොන්දම" ගැලපෙන්නෑනෙ..... ඒක ‍ගැලපෙන්නැතුව කසාද බැඳල වැඩක් තියනවයැ! පිරිමි ලමය කංකරු, ගෑනු ලමය සිකුරිටි! විවාහ වුනොත් පවුල කැඩෙනව දෙකක් නෑ"

සුදුසුකම
"ශ්‍රී ලංකා පොලිසියේ පොලිස් කොස්තාපල් තනතුර සඳහා ඉල්ලුම්පත් කැඳවනු ලැබේ. පපුව අඟල් තිස් දෙකක් හා උස සිකුරිටි මට්ටම ඉක්මවා තිබිය යුතුය"

මාපියන්ගෙ සතුට
"කම්කරු දුවෙකුයි සිකුරිටි පුතෙකුයි ඉන්නව නං මදෑ!"

"සයිස් එක"(ඔව්වොව් ඒක තමයි)
"නංගී..... කම්කරු වුනාට අපිත් සිකුරිටි කොල්ලො තමයි හරිය...."

"කම්කරු මොඩල් ලඟ පිකප්"

"අද මං ඔබට කියල දෙන්නෙ කම්කරු සයිස් එක සිකුරිටි සයිස් කරගන්න පුළුවන් ෆෙංශුයි කෙමක්. ඇත්තටම මේක චීනෙ ගොඩක් ජනප්‍රිය ක්‍රමයක්. චීනෙ ජනගහනය ඔච්චර වැඩිවෙලා තියෙන්නෙත් මේ නිසා..... හරි මේකයි ඔබට කරන්න තියෙන්නෙ..... ගන්න හොඳ දිග ආනමාලු ගෙඩියක්,.... නැත්තං ඇම්බුං ගෙඩියක් නං වඩාත් හොඳයි.... මේක අරගෙන, දිග අතට අඟලක විතර කැපුමක් දාල මම ඔබට ලබාදෙන 'ඕං ජුන්ඩං සයිසං කංකරුං සිකුරිට්ටං පුහ්' කියන මන්ත්‍රය අඩංගු තඹ පත්‍රය කෙසෙල්ගෙඩිය ඇතුලට යවල නිවසට නිරිත දිශාවෙන් වලදාන්න..... සතියක් යනවිට ඔබට සාර්තක ප්‍රතිපල ලබාගන්න පුළුවන්"

Friday, October 14, 2016

බිහයින්ඩ් ද සීන්ස් ඔෆ් දක්කාගෙන යාම්ස්......

"මම ගිහිල්ල එන්නං හාමිනේ.... කොල්ල එක්ක යන්න තිබුනනං හොඳයි ඉතිං.... ඒත් රට්ටු මොනව කියයිද දන්නෑනෙ...."

"හරි හරි ඒව මං බලාගන්නං පුළුවන් නං තව ළමයි දෙතුන්දෙනෙක් පුතා එක්ක ඉන්න කියන්නකො ඒ මදැයි.... ඒ දරුවත් දැං පොඩිඑකෙක් නෙවේනෙ පරිස්සං කරන්න"

"හරි, හාමිනේ එහෙනං දූලත් බලාගෙන ඉන්න.... මං යන්නං"

************************************************

"ම්........ සර් අනිත් කට්ටියට නං යන්න දෙන්න බෑ.... සර් විතරක් යන්න.... කමක් නෑනෙ සර්....?"

"අඩෝ උඹ දන්නැද්ද මං කවුද කියල *&^$% අම්මට %$%%^ ^$&^$& පුතාලා.... තොපිට &^$&*%*^...."

"බුදු අම්මෝ......."

ඩාං ඩෝං සලා.......ං සල සලා............ං "අම්මට %%&&*(^(&$@@&*%&$$^*(&%& *%*(^^(*^( *%&$^$%...."

************************************************

♫ ♫ ♫ ♫ ♪ ♪ ♪ ♪

"හලෝ..... මොකෑ හාමිනේ රෑ ජාමෙ කතා කරන්නෙ නින්ද යන්නැද්ද?"

"හරි වැඩක්නෙ මහත්තය වෙලා තියෙන්නෙ.... පුතා නයිට්ක්ලබ් එකකට ගහල කුඩුකරල.... අර ලමයිත් එක්ක...."

"හයියෝ...... බලන්න මම නැතිවුන ඩිංගට නරපු වැඩේ..... හාමිනේට බැරිවුනානෙ ඔය කිරිසප්පය බලාගන්න.... දැං මං කොහොමද රෙද්දක් ඇඳං රටට මූන දෙන්නෙ හිටං.... මම පොලිසියට කියනව ඔන්න රාජකාරිය හරියට කරන්න කියල ඕං....."

"නෑ නෑ දැම්ම එපා.... මහත්තය ලංකාවට එනකල් චුට්ටක් ඉන්න කියල මං කියන්නං...."

************************************************

"රාජකාරි කරන්නත් එපා නං.... මට සිද්දවෙන්නෙ මේ ජනාධිපති පට්ටම අතෑරල දාල ගමට ගිහිල්ල හේනක් කුඹුරක් කොටාගෙන ඉන්න.... නැත්තං තොරං පලවල්වල විරිදු කියන්න..."

"මං කියන්නං මොකද්ද කරන්නෙ කියල...."

"අනේ හාමිනේගෙ ප්ලෑන්.... ලමෙය බලාගන්න බැරිවුනා මං රටගිය ඩිංගට.... මොකද්ද දැං කියන්නෙ.... පොලිස්පතිට නං කතාකරන්න මට බෑ ඔන්න..."

"නෑ නෑ.... ඒක නෙවේ මම කිව්වෙ..."

"රනිල්ට කියල නඩුකාරේක් ලව්ව ඇප ගන්නද?"

"නෑ නෑ.... ඕව කරන්න ගිහිල්ල දරුව හිරේ විලංගුවෙත් වැටුනොත්"

"එහෙනං ගුටිකාපු එවුන්ට කියන්නද උංම ගහගත්ත කියල....? මට බෑ ඒකාලෙ ගොංකං කරන්න හාමිනේ...."

"නෑ නෑ.... දැං ගෝටාබය මහත්තය"

"අනේ මතක් කරන්න එපා.... සුදුවෑන් දාල මිනිස්සු උස්සන්න බෑ මේ කාලෙ හාමිනේ...."

"නෑ නෑ මනුස්සයෝ......කියන දේ අහන්නකො.... මහත්තයට කරන්න තියෙන්නෙ මෙච්චරයි.... ගෝටාබය මහත්තයයි නේවි එකේ ලොක්කොයි උසාවියට දක්කගෙන ගියේක වැරදියි කියල පොඩ්ඩක් බනින්න එච්චරයි......"

"දක්කගෙන? මොන පිස්සුද හාමිනේ... ඔය නැහැදිච්ච වචන කියන්න පුළුවන්ද මට? අනිත්තෙක ඕක කිව්ව කියල පුතාගෙ පටලැවිල්ල ගොඩදාගන්න බෑනෙ?"

"අපේ මහත්තය මං කිව්වට ඕක කියල බලන්නකො.... දක්කගෙන ගියා කියලම කියන්නෝන.... එතකොට‍ තමයි කට්ටිය අතරට ගැම්ම ඇතුව කතාව යන්නෙ..."

"ඉතිං ඊ පස්සෙ....?"

"ඊට පස්සෙ කරන්න ඕන ටික ටීවී චැනල්කාරයොයි පත්තර කාරයොයි ඉන්ටනෙට් එකේ ඉන්න කොල්ලො කෙල්ලොයි කරයි.... ඒ අතරෙ පුතාගෙ ප්‍රශ්නෙ අමතක වෙනව මහත්තයා.... මේක ලංකාවනේ...."