Wednesday, September 30, 2015

අන්න එහෙමයි වැඩේ සිද්ධවුනේ..... (කලගුණ නොදත් මෝඩයන්ට ලියන වග නම්)

දිග සති අන්තයේ කාන්සියෙන් සිටි මා හැන්දෑ යාමයේ පාරට පැමිණියේ වෙනසක් වෙනුවෙනි. නගරය දෙසින් ඇසුනු ඝෝෂාකාරී හඬ කුමක්දැයි වටහාගැනීමට අපොහොසත් වූ බැවින් ඒ දෙසට ගමන් කිරීම ඇරඹීමි. අභාග්‍යකි! සිදුවීම කුමක් වුවද මේ වනවිට එය අවසන් වී ඇති බැව් දැනගැනීමට හැකිවූයේ රැස්ව සිටි පිරිස විසිරී යන ආකාරය දැකීමෙනි. කිසිවක් සිතාගත නොහැකි වුවද යම් කලබලයක් සිදුවී ඇති බවත් කඳුළුගෑස් ප්‍රහාරයක් එල්ල කර ඇති බවත් සිතාගතහැකි වූයේ දෙනෙත් පිසදමමින් පැමිණි පිරිස දුටු නිසාය. දස වසරකට පමණ පෙර විශ්ව විද්‍යාලයේ සිටියදී කඳුළු ගෑස් ප්‍රහාරයේ අත්දැකීම් ඇති බැවින් නගර මධ්‍යයට නොගොස් මාවෙත පැමිණෙමින් සිටි වයස්ගත කාන්තාවක් අසලට කිට්ටු වීමි.

"මොකද්ද ‍අම්මේ සිද්ධවුනේ....?, ඇයි කඳුළු ගෑස් ගැහුවෙ....?"

"කඳුළු ගෑස්? මොන කඳුළු ගෑස්ද? මොන කලබලයක්ද?"

"ඇ..ඇයි මේ කට්ටිය ඇස් පිහදාන්නෙ? මොකද්ද උනේ?"

"නෑ පුතේ මේ අපි ගියානෙ අර විරෝධතාවයට.... කොළඹ.... ඒකට ගිහිල්ල එන ගමං..."

"විරෝධතාවෙ? ඒ මොකද්ද අපි නොදන්න විරෝධතාවෙ...... ආ.... ඇමරිකාවෙ යෝජනාව ගැනද?"

"මොන යෝජනාවද ලමයෝ.... අපි ගියේ ජනාධිපතිතුමා පුතා යූඑන් එකට එක්ක ගියාට විරෝදෙ දක්වන්නනෙ...."

"හෑ! ඉතිං... දුන්න නේද ඔහේලට කඳුළු පනින්න?"

"උඹට පිස්සුද?"

"එහෙනං මේ මොකද කට්ටිය අඬන්නෙ? මොකද්ද වුනේ"

"අපි ගියා ජනාධිපති මන්දිරේටම දන්නවද! ඇතුලටම ගියා!"

"ඉතිං? ජනාධිපතිතුමා තාම ආවෙ නෑනේ....."

"ඒවුනාට ආර්යාව හිටියනෙ!"

ඔහේල විරොදෙ පෙන්නල එන්න ඇති නේද?"

"විරෝදෙ?" ඇය හැඬීමට පටන් ගත් අතර මේ පාත්වූ හෙනය කුමක්දැයි වටහා ගැනීමට අපොහොසත් වූ මා වික්ෂිප්ත විය.

"හරි හරි... අම්ම අඬන්නෙ නැතුව කියන්නකො..... මොකෝ ජනාධිපති ලඟට යන්න ගිහිල්ල කොච්චර ගුටින්න ඇද්ද, මැරුං කන්න ඇද්ද මෙහේ මිනිස්සු!"

"අවකැපෙන කතා කියන්න එපා දරුවෝ.... එහෙම දෙයක් උනේ නෑ.... අනේ ඒ උත්තමාවි කොච්චර හොඳයිද! අපි තමයි මෝඩයො වගේ කෑගහගෙන ගියේ.... දරුවන්ට ආදරේ දෙමව්පියො ගැන කොච්චර වැරදියටද අපි හිතුවෙ....ඉහි ඉහි ඉහි....."

යලි හැඬීමට පටන් ගත් ඇයගෙන් අපහසුවෙන් අසාගත් තොරතුරු අනුව සිදුවීම මෙසේ ගැලපීමි.

♠ ♠ ♠ ♠ ♠ ♠ ♠ ♠ ♠ ♠ ♠ ♠ ♠ ♠ ♠ ♠ ♠ ♠ ♠ ♠ ♠ ♠ ♠ ♠ ♠ ♠ ♠ ♠ ♠ ♠ ♠ ♠ ♠ ♠

එදින රාත්‍රියේ මෛත්‍රී ජනාධිපතිවරයා සිටියේ නොනින්දෙනි. සැප පහසු සයනයේ ඒ මේ අත පෙරලෙමින් සිටි ඔහු අවසානයේ ඇඳ අසල තිබූ වතුර වීදුරුව එක හුස්මට පානය කලේය. සිරිසේන මැතිනියට ජනාධිපතිවරයාගේ වෙනස නොපෙනුනා නොවේ. එහෙත් ඕ සැමියාගේ ප්‍රශ්න වලට මැදිහත් වී ඇත්තේ අල්ප වශයෙනි. එහෙත් පසුදා යාමට නියමිතව ඇත්තේ ඉතා වැදගත් ගමනකි. එබැවින් නිහඬතාවය බිඳ දැමීමට ඇයට සිදුවිය.

"ඇයි මහත්තය මොකද්ද ප්‍රශ්නෙ? ගේනව කියන යෝජනාවද?"

"නෑ නෑ හාමිනේ.... ඒකනං මොකද්ද! රනිල් ඒක බලාගන්නැතෑ...."

"එහෙනං?"

"කැබිනට් එක ලොකුයි කියල එක එකා කියන කතා නිසාද?"

"අපේ කැබිනට් එක පුංචිවුනේ කවද්ද නෝනේ..... ඕක අපි දන්න කාලෙ ඉඳලම ඔහොමනෙ හිටං...."

"හ්ම්.... ඒකත් ඇත්ත... එහෙනං..... මරණ දඬුවම දෙන්න වෙන නිසාද? ඒක ඉතිං මං කිව්ව වගේම පාර්ලිමේන්තුවට දැම්මනෙ.... දැං ඉතිං මැරුවත් පාර්ලිමේන්තුවෙ අයටනෙ පවු සිද්ධ වෙන්නෙ නේද?"

"නෑ නෑ නෝනේ මං කල්පනා කලේ..... දැං හෙට මම ගියාම ඔයා කොහොමද මේ ළමයි තුන්දෙනා බලාගන්නෙ කියල....."

"ආ..... ඒත්....."

"බලන්න දැං රටේ සිද්ධවෙන දේවල්..... ළමයෙක් තනියම තියන්න පුළුවන්ද ආරක්ෂකයො හිටිය කියල මෙහේ උනත්.... මං අහගෙන කවුදෝ කියනව ළමයින්ට කරදර කරන්නෙ ලඟම ඉන්න අයයි කියල හිටං"

"ඒකත් ඇත්ත තමයි අපේ මහත්තය.... දැං අපි මොකද කරන්නෙ?"

"කට්ටියටම මා එක්ක යන්න නං පුළුවං.... ඒත් රටේ සල්ලි වලිං අපි එහෙම යන එක හරි නෑ නේද නෝනේ? රට්ටු මොනව කියයිද?"

"ඒකත් ඇත්ත තමයි අපේ මහත්තයා.... මං කියන්නං.... අපි මෙහෙම කරමු.... මහත්තය පුතා එක්ක යන්න.... මං දූල දෙන්නත් බලාගෙන මෙහේ ඉන්නං.... පුතා විතරක් ගියාට ලොකු පාඩුවක් නෑනෙ.... අනෙක කෙල්ලො දෙන්න වගේ ඌ එක එක දේවල් ඉල්ලන්නෙත් නෑනෙ...... කෙල්ලො එක්ක ගියොත් තමයි වියදං වැඩි!"

"අන්න හොඳයි හාමිනේ.... හරි එහෙනං.... මම තව ඩිංගක් නිදාගන්නං එහෙනං...."

♠ ♠ ♠ ♠ ♠ ♠ ♠ ♠ ♠ ♠ ♠ ♠ ♠ ♠ ♠ ♠ ♠ ♠ ♠ ♠ ♠ ♠ ♠ ♠ ♠ ♠ ♠ ♠ ♠ ♠ ♠ ♠ ♠ ♠

"අන්නේවගේ ගුනයහපත් මිනිස්සුන්ට තමයි පුතේ මුං දොස් කියන්නෙ ඉහි ඉහි ඉහි...."

"හරි හරි.... දැං ඉතිං අඬන්න ඕන නෑ නෙව...." පපුවට ගසාගන්නට වූ ඇගේ අත අමාරුවෙන් ඉවත් කලා පමණි.

"මොනවද මේ හීනෙං කියවන්නෙ තනියම ඉඳගෙන.... කවුද ඔය අඬන්නෙ?" බිරිඳගේ හඬන් නින්ද හමාරවිය.

එහෙනං එ්ක හීනයක්!




[අදහස:නදීශා චන්ද්‍රසේන මහත්මිය]

66 comments:

  1. මාත් ඇස් පිහිදාල බැලුවේ වැගිරෙනවා මනුස්සකම.. ජනතාව කියන හරක් රැවටීමේ සුරයෝ..

    ReplyDelete
  2. එහෙනං එ්ක හීනයක්!////
    හුකැස්.. අහෝ දුකකි ඉරකි තිතකි.. මං දැක්ක බුකියෙ ෂෙයා වෙනව දහම්සොඩ පඩිතුමා විසින් බුකියෙ ඔය සම්බන්ධව තලන ලද සටහනක් අපි වගේ උංට කඩ්ඩ තේරෙන්නෙ නෑ නෙ ආයිබංඩ.. මොනා කරන්නද නැත්තං ඇයි ගියෙ කියල බලාගන්න තිබ්බ

    ReplyDelete
    Replies
    1. දහම් සොඬ - නියම නික් නේම් එක.

      Delete
  3. චැඃ චැඃ චැඃ.........................කලින් දන්නවනම් අපේ ලොකු ළමයවත් යවන්න තිබුණා. අපිටත් බලාගන්න බෑ කියලා. එහෙදි බෑන් කී මූන් නෝනා වෙන්ඩෑ කිරි (හදලා) පොවන්නේ හිටං.

    ReplyDelete
  4. රොකට් එකකුත් යවයිද?

    ReplyDelete
    Replies
    1. රගර් එහෙමත් ගහයි එහෙනම්.

      Delete
    2. ඒවානම් ගහන්න ලොක්කට බෑ. හැබැයි මේ අවුරුද්දට ත්රිකුනාමලේට නඩ දෙකක්‌ අරගෙං ඇවිල්ල ෆට්ට ෆන් දෙකක් ගත්තා නාවික හමුදාවටත් යන්න තහනම් කලාපයක් හදලා

      යන්නෑ කියපු ජනාධිපති මැදුරේ ඉන්නේ කවුද කියලා හොයල බැලුවනම් හිටන්. යකෝ පුතාට රජ මාලිගේ දුන්නම විජේරාමේ ගේත් රජ මාලිගේ වගේ වුනාම මේ ආණ්ඩුවේ රජ මාලිගා දෙකයිනේ

      Delete
    3. දුකයි නේද මචෝ. ඔහොම තමයි. හෙට අනිද්දා අර *&^% ගෙ පුතාලා මිනීමැරුම් හොරකම් වලට අහුවෙලා හිරේ යනවා. ඒවා බලලා මුන්ට ආදර්ශයක් ගන්න කියමු.

      Delete
    4. බලාගෙන ඉඳිමුකෝ......

      Delete
  5. මම හිතුවෙ ඇත්තම ඇත්ත බොරැවක් කියල හිටං.දැන් බොරැවත් ඇත්තක් වගේ පේන කාලේ හින්දා ඔක්කොම ටැපලෙනවා හිටං

    ReplyDelete
  6. ඒකත් එහෙමද එහෙනං.

    ReplyDelete
  7. රාජ්ටත් පේන හින අම්මපා......අනිත්දවසේ පන්සිල් අරං නිදාගනිං පුතේ. ආ මල් තියන්න එපා ගල් තියනවනේ.

    ReplyDelete
    Replies
    1. ආන්න හැලපෙට උත්තරේ දුන්න

      Delete
  8. උඹ හැමදාම අඬනව නේද විකාර හීන පේනව කියල හිටං.පිරිසිදු සිතින් පන්සිල් ඇරගෙන නිදාගනින්කො බං.

    ReplyDelete
    Replies
    1. පනිස්ල් ගන්න පුළුවන් හැලපෙ. නමුත් අපේ හීන නවතින්නෙ උන් පන්සිල් සමාදන් වෙච්ච දවසට බං.

      Delete
  9. මාත් මේ එකක් ලිය ලියා ඉන්නේ...

    ReplyDelete
    Replies
    1. තාම කියවන්න උනේ නෑ හිටහංකො පොඩ්ඩක්

      Delete
  10. අපරාදේ අපේ අතින් වියදන් කොරලා හරි ඩේකෙයා එකකට දාමු

    ReplyDelete
    Replies
    1. මේවත් අතින් වියදං වැඩ තමයි. ගාන තමයි ටිකක් සැර හිටං....

      Delete
  11. හෙහ් හෙහ් හෙහ් ... උඹ තමා දවසකටවත් මිනිහා !

    ඒක නෙවි, කවුද ඔය මිසිස් චන්ද්‍රසේන.

    ReplyDelete
    Replies
    1. මගෙත් හිතට ආවේ මේ ප්‍රශ්නේ....:P

      Delete
    2. චන්ද්‍රෙස්න හෙට්ටිආරච්චි ගේ වයිප්.. හැක්

      Delete
    3. මළා ! උඹත් එයාව දන්නවද?

      Delete
    4. එයා තමා දීප්තිගෙන් ගේම ඉල්ලල දීප්තිගෙ කීප් එකකින් මරණ තර්ජනයට ලක්වෙලා ඉන්න අහින්ස-කාවි.

      Delete
    5. මේ ඇවිල්ලා නාසා ගිය මිසිස් චන්ද්‍රෙස්නනෙ හිටං!

      Delete
    6. ඔව් බං අර හරි පුදුම ඉස්කෝලෙ බ්ලොග් එක ලියන්නෙ.

      Delete
    7. http://haripudhumaiskole.blogspot.com

      මේ නදීශගෙ බ්ලොග් එක. මම නදීශව හඳුනගත්තෙ බුකියෙන්.

      Delete
    8. රාජ්.................. යකෝ හමුදාවේ නෝනා කෙනෙක්නේ හිටං.... බයේ බෑ...........

      Delete
  12. මතකද අර බල ලෝභී ඒකාධිපති ජේ ආර් ජයවර්ධනගේ එකම පුතා රවි ජයවර්ධන ගැන? එයා කිසිම ආන්ඩුවේ ගණු දෙනුවකට සම්භන්ධ වුනේ වත් ඔටුන්න ඉල්ලන්නවත් ආවේ නෑ. එය කරපු එකමදේ පොලිසියේ විශේශ කාර්‍යය බලකාය හදන්න මූලික වෙච්ච් එකයි, මායිම් ගම්මාන ආරක්ශාව ගැන හොයා බලපු එකයි. ඒකාධිපති තාත්තාගේ බලෙන් ඔක්ස්ෆඩ් ගියෙත් නෑ, ලෝ කොලෙජ් එකෙන් උපාධි ගත්තෙත් නැහැ. ආසනේකට ඉල්ලන්න ආවෙත් නැහැ. පගා ගන්න කොන්ත්‍රාත් කළෙත් නැහැ. කිසිම වැඩකට නැති ලමයෙක්. බලලෝභී ඒකාධිපති ජේ ආර් ජයවර්ධනගෙ පුතා.

    ReplyDelete
    Replies
    1. කල්පනා කරලා බැලුවම ඒකත් ඇත්ත තමයි. දැන් වුනත් ඉන්නවද මලාද නැහැ.

      Delete
    2. දන්න තරමට පොඩි ප්‍රේමෙත් තාත්තගෙ කාලෙ ඔහොම වැඩ කලේ නෑ නේද?

      Delete
    3. රවී ජයවර්ධන ඇත්තටම හොද මනුස්සයෙක්...
      පරිසර හිතකාමියෙක්..

      Delete
  13. මුන්ගේ වැඩ දැක්කාම අපිට අඩන්න නෙමේ වෙලා තියෙන්නේ ඔලුව කළු ගලක ගහගන්ටයි.

    ReplyDelete
  14. උඹටත් පේන හීන...

    ඒක නෙමෙයි, රාජ් සුප්‍රා විභාගෙ ලිව්වද?

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ තොපි තාම එකේ උන්.. හැක්..

      Delete
    2. නෑ ඩ්‍රැකී. උඹ ලිව්වද? ලිස්ට් එක නං දාල නේද?

      අපි තාම පොඩි එවුන් දේශකයො. තොපි වගේ මැන්ටල් නෙවේ හරිය!

      Delete
    3. ලිස්ට් එක දැක්කා... මාත් උන්නා.

      මං රාජ්ටත් වඩා ෙපාඩි එකා ෙද්ශකෙයා. මං දෙකේ..

      Delete
  15. http://newscurry.co/i-should-not-have-taken-him-to-the-un-maithris-son-tells-father/

    ReplyDelete
    Replies
    1. ඇයි දැක්කෙ නැද්ද කොලුවගෙ බුකි නිවේදනය?

      Delete
    2. ඈ ප්‍රා.. උඹ මේ කරිය රස කර කර කන විත්තියක් තමා මට සුදාවිත්තියෙන්ම පේන්නේ..

      Delete
  16. ඕවා ගැන කතා කරලා වැඩක් නෑ.. අපරාදේ අපේ වෙලාව :/

    ReplyDelete
  17. බනින්නෙපා
    පොඩි කොල්ලට
    බනින්නෙපා
    එක ගමනක් ඔය ගිහිල්ලා ඇත්තේ
    සෙල්ලම් කතා අහන්නයි

    ReplyDelete
    Replies
    1. සිරාවටම ඔය දාල බලන්නේ මුට්ටිය. ඔලුව දාන්නේ පස්සේ

      Delete
    2. ඇනෝ කිව්ව වගේ මුට්ටිය දානවද දන්නෑ.

      Delete
    3. මුට්ටිය දාන්න කලින්ම හරි තැන තිබ්බ නම් හරි.

      Delete
    4. හැබැයි මුට්ටියට කුඩුවෙන්න වැදුන නේද? බලමු පාඩමක් ඉගනගත්තද කියල........

      Delete
  18. පට්ට..... මං හිතන්නෙ තාම හීන පේන්න පටන් ගත්තා විතරයි අපට.......... තා ඉස්සරාට පෙනෙයි තව තව එව්වා.........

    ReplyDelete
    Replies
    1. මුට්ටිය දානව කියලත් කියන්නෙ ඔය උඩ අය

      Delete
  19. හීන හැබෑවේගෙන වේගෙන එන්නේ දැන් තමා.

    ReplyDelete
  20. මම නම් හිතාගෙන හිටියේ ඔබාමාව මස්සිනා කර ගන්න හිතලා කොල්ලව එකේ එක්කන් ගිහින් කියලමයි..

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්...... එහෙමත් එකක් තියනවනෙ හැබෑටම. මේක කලින් මතක් උනානං ලියන්න නියම ප්ලොට් එකක් බං..... අපරාදෙ!

      Delete
  21. Replies
    1. බොහොම ස්තුතියි අජිත්

      Delete
  22. පොළොන්නරුවේ කොල්ලෙක් යූ.එන්. ගියාම ඉතිං උඹලට ඉරිසියයි.

    ReplyDelete
    Replies
    1. සතුටු වෙයල්ලා ඉරිසියාව අතහැරපල්ලා........

      Delete
  23. හෙහේ! මරු කතාව රාජ්! පව් දෙයියනේ අසරණ දහම් අයියා.

    මම දැක්කා නදීසා මහත්මියත් දහම්ට කන් දෙකෙන් දුං විසිවෙන්ඩ ලියල තියෙනවා.

    ReplyDelete
  24. එහෙන ඒක හීනයක් නේද හිටං

    ReplyDelete
  25. රාජ්......................

    මේ ඩීල් අාණ්ඩුවේ තව තව අාතල් සිද්ධ වෙයි..... අපි බලයට ගෙනාපු ජනාධිපති දැන් නැහැ...... අපි බලයට ගෙනාපු යහපාලනයත් දැන් නැහැ....... තාම මෙයාලා කරන්නේ අපිව අන්දන්න බලන ඒකයි.... ඔ්ක කරන්න ගිහිල්ලා තමා කලින් කස්ටියත් දැන් උන්නද මළාද නැත්තේ...... බලමු... බලමු.... ඒක හීනෙන් ඒළි වෙන්නෑනේ නේද මචං

    ReplyDelete
  26. සිහින සැබෑවන්නේ කැපවීමෙනි.......
    කවුද අලුකුත්තේරුවෙක් කියල තිබුනා.

    ජ ය වේ වා !!

    ReplyDelete