Thursday, June 19, 2014

සිංහල මුස්ලිම් ජාතිවාදී ප්‍රශ්නය හාරල බලමුද?

[ඔබාමගෙ තියරිය අනුව] නොබෙල් සාම ත්‍යාගයට සුදුසු ජනාධිපතිතුමාට බොලීවියාවෙන් සම්මාන දීම

සිංහල මුස්ලිම් ගැටුම මේ වනවිට තාවකාලිකව අවසන් වි ඇත. තාවකාලිකව යයි කියන්නේ ගැටුම ඇතිවීමට හේතු සාධක වූ කරුණු වලට විසඳුම් දීමට තවමත් කිසිවෙකුට අවශ්‍යතාවයක් ඇති බැව් පෙනෙන්නට නැති බැවිනි.

මාධ්‍ය ගැනද වචනයක් කිව යුතුය. දර්ගා නගරය සහ ඒ ආශ්‍රිතව සිදුවූ ගැටුම් පිළිබඳ විස්තර මාධ්‍යන් වලට වසන් කිරීමට කටයුතු කිරීමේ හොඳ නරක දෙපැත්තම ඇති බැව් කිවයුතුය. එක් පැත්තකින් ජනතාව කුපිත වීම වැලැක්වීමේ අදහසින් ප්‍රවෘත්ති වසන් කිරීම සිදුවූ අතර මහා පරිමාණ කටකතා වලටද ඉන් ඉඩ ලැබිනි. මා කාර්යාලයේ සිටියදී ලැබුනු එවන් 'ආරංචියකට' අනුව කියවුනේ තංගල්ල ප්‍රදේශයේ කඩ සාප්පු ගිනි තැබීමක් සිදුවෙමින් පැවති බවය.

සිංහල මුස්ලිම් ගැටුම පිළිබඳ ලියැවී තිබූ වාර්තා වලට අනුව මා දුටු එක් ලක්ෂණයක් නම් ගැටුමට නිශ්චිත හේතු දැක්වීමට රචකයන් අපොහොසත් වීමයි. එක් අයෙකු ඥානසාර හාමුදුරුවන්ටද තවෙකෙකු මුස්ලිමුන්ටද තවත් අයෙකු ආණ්ඩුවටද වශයෙන් තමන් කැමති කැමති මුවහම තඩිබෑමට තෝරාගෙන තිබුනි. මේ ලිපියෙන් උත්සාහ කරන්නේ කළමනාකරණයේ මූලධර්මයක් ඇසුරින් ගැටුම විශ්ලේශනය කිරීමටයි.

තර්ක රාමු ප්‍රවේශය යනු කළමනාකරණයේ ප්‍රශ්න විසඳීමට භාවිත වන ක්‍රමවේදයකි. එහි දැක්වෙන ආකාරයට යම් අයහපත් ප්‍රතිපලයක් ඇතිවීමට හේතු සාධක වන්නා වූ කරුණු පිහිටන්නේ දෘශ්‍යමාන ප්‍රතිපලයට යටින්ය. එමෙන්ම එකකට එකක් වෙනස් වූ මට්ටම් අනුවය. ජලයේ පාවෙන අයිස් කන්දක සුළු කොටසක් දෘශ්‍යමාන වන්නාක් මෙන්ම ප්‍රශ්නයක යටින් ඇති ගැටළු පැහැදිලිව දැකගැනීමට නොහැකිය. කළමනාකරණයේ විස්තර වන ආකාරයට එය මෙසේ විස්තර කල හැකිය.

1.ප්‍රතිපලය (ඇසට පෙනෙන මට්ටම)
2.විපාක ගැටළුව
3.මූලික ගැටළුව
4.පාදක ගැටළුව
5.හේතු ප්‍රත්‍යන්

1.ප්‍රතිපලය
ප්‍රතිපලය යනු ප්‍රශ්නය හේතුවෙන් ඇතිවූ "තත්වයයි". මෙය "ස්වභාවිකත්වයෙන්" එනම් පැවතියයුතු තත්වයෙන් කොතරම් දුරස්ද යන්න අනුව ප්‍රශ්නයේ බරපතල කම තීරණය කල හැකිය. පහසුවෙන් ඇසට පෙනෙන්නේ මෙම මට්ටමයි. ගැටුම හේතුවෙන් ජීවිත දේපල විනාශයට ලක්වීම ජාතීන්ගේ අසමඟිය වර්ධනයවීම ආදිය ප්‍රතිපලය ලෙස සැලකිය හැකිය.

2.විපාක ගැටළුව.
ප්‍රතිපලය ඇතිවීමට ආසන්නම හේතුව විපාක ගැටළුවයි. අන්තවාදී බොදු බල සේනාවේ ක්‍රියා කලාපය මෙන්ම ඔවුන්ට එදිරිවූ අන්තවාදී මුස්ලිම්වරුන්ගේ ක්‍රියා කලාපයද භික්ෂුවක් ගමන්ගත් රථයකට පහරදීමේ සිද්ධියද විපාක ගැටළු ලෙස හඳුනාගත හැකිය.

3.මූලික ගැටළුව
මෙහිදී මූලික ගැටළුව ලෙස සැලකිය හැක්කේ නිරන්තරයෙන් සිදුවන සිංහල මුස්ලිම් ගැටුම් ඇතිවීමයි. බොබසේ, රාවනා ආදී සංවිධාන සහ මුස්ලිම් අන්තවාදී සංවිධාන විසින් ජාතිවාදී-ආගම්වාදී බීජ වැපිරීමයි.

4.පාදක ගැටළුව
මූලික ගැටළුව ඇතිවීමට ආසන්නතම හේතුව පාදක ගැටළුවයි. එනම් නීතිය සැමට සමානව ක්‍රියාත්මක නොවීමයි. රජයේ දිශාවට ඇඟිල්ල දිගු කිරීමට සිදුවන්නේ මෙවිටය. මේ වනවිටත් අත් අඩංගුවේ සිටියයුත්තන් වන ඥානසාරලා වැන්නවුන් මාධ්‍ය සාකච්ඡා පැවැත්වීමේ රහස එයයි. ආගමික පොලීසි ඇතිකිරීම වැනි අනවශ්‍ය විහිළු වලින් බැහැරවී කටයුතු කල හැකි නම්, අඩු තරමින් මූලික නීතිය ආරක්ෂා කිරීමේ වගකීම දැරීමට හැකි නම් ප්‍රශ්න ඇතිවීම පහසුවෙන් වැලැක්විය හැකිය.

5.හේතු ප්‍රත්‍ය
මුලින් සඳහන් කල ප්‍රතිපලය ඇතිකිරීමට සමත් වූ අනෙක් ගැටළු තුන විසඳීම එක රැයින් සිදුකල හැකිය. අවශ්‍ය වන්නේ අවංක උවමනාව පමණි. 2,3 හා 4 ගැටළු විසඳීම එතරම් අපහසු නොවේ. මතුවන අවස්ථාවේම ප්‍රතිකාර කලවිට රෝගය සුවකල හැකිය.
කෙසේ වුවත් අන්තිම කරුණ වන 'හේතුන්' වලට පිළිතුරු සැපයීම එක්වර කලහැක්කක් නොවේ. මෙහි හේතු වශයෙන් සැලකිය හැක්කේ ජාතීන් අතර ඇති අසමානතා විරෝදාකල්ප ආදියයි. උදාහරණ ලෙස මුස්ලිම් ජනතාව හලාල් ආහාර ගැනීමට කැමති වුවද සිංහලයන් එසේ නොවීම, මුස්ලිම් ව්‍යාප්තවාදය, විවාහ නීති... ආදියත් ඒවාට සිංහලයන් දක්වන නොකැමැත්ත වැනි දෑ දැක්විය හැකිය. මේ සංස්කෘතික අවුල් ලෙහෙසියෙන් පිළිතුරු සෙවිය හැකි ප්‍රශ්න නොවේ. එහෙත් ජාතිකත්වය, ආගම, මාතෘ භූමිය වැනි සංකල්ප මිනිස්කමට හා නීතියට පහලින් තබා කටයුතු කරන ‍ඓහික රාජ්‍යන්හි සාමාන්‍යයෙන් ජාතිවාදී ප්‍රශ්න අඩු බැව් මතක් කරනු කැමැත්තෙමි.
හේතු ප්‍රතයන් අතර ඇති අනෙක් වැදගත් සාධකය දේශපාලනයයි. කටයුතු කල හැකි අවලස්සනම ආකාරයෙන් සිදුවන ලංකාවේ දේශපාලනය ගැන අමුතුවෙන් කතා කිරීම අවශ්‍ය නැත.

තවත් ලිපි: 1.කඹේ පාගපු ගොනා ගැන කතන්දරයක් (කතන්දරකාරයා)
2.අළුත්ගම, අනුසාසනා හා අසමත් රාජ්‍යය, (මාතලන්)(මාතලන් සෑම පැත්තම ආවරණය කර තිබූ බව කිවයුතුය)
3.ආගම නම් වූ විනෝදාංශය (අමිල චතුරංග) අමිල මතුකරල තියනව වැදගත් කරුණක්.
"නිදහස ලබාගෙන අවුරුදු හැටක් ගත වෙනකොට ලංකා ආර්ථිකය තාමත් දුවන්නෙ ටී රබර් පොල්, ගෑනු සහ ඉතාම සුළු පරාසයක අපනයන ප්‍රමාණයකින්. එදා ඒ සල්ලි තියෙන මිනිස්සු මොලේ වෙහෙසලා අලුත් දේවල් හිතලා අලුත් කලා කෘති, අලුත් කර්මාන්ත, නව නිෂ්පාදන වෙනුවෙන් සල්ලි වියදං කලානම් අද වෙනකොට ලංකාව කියන්නෙ මාරම රටක්..."
4.ජාතිය නැති කල හැකිද? නීතිය පොදු විය යුතුද? වැප්
5.ධර්ගා නගරය මැදින් චාරිකාවක් (අජිත් පැරකුම්)

37 comments:

  1. හලෝ රාජ්. මම නං ගෙදර ඇවිත් දැන් භාගේකටත්ත් වඩා විතර දාලා ඉන්නේ. අපි රාජ්ට,කකාට කැමති මොකද ඇපේ ඇනෝ අදහස් වරණය කරන්නේ නැති හින්දයි. ඔය හැන්දෑවට අතපය වෙවුලනවට අරක්කු ඩිංගක් බිව්වට මොකුත් වෙනෙනේ නෑ.එඅක් . ඇයි හැලපපේ.හැලපපේත් එක්ක සෙට් වෙන්න ඕනි.

    මම නං කැමති හම්මෝම සටුටින් ඉන්නව්ට. රණ්ඩු නෝවී.කව්රුත් රණ්ඩු සරුවල්වෙලා දුකීන් ඉන්න්ව්ට් මම ආසා නෑ, මම කැමති නෑ දෙෂ්පලන් ගැන,ආගම ගැන කොමෙන්ට් දන්න. ඒත් මමං හිතන්නෙව් මේ ලෝකේ ආගම අනං මනං නැතිව් නීතියෙන් විටරක්‌ පාලනය වෙනුනා නං ගැටළු අඩු වෙයි කියා.

    භාගය්ක් ගහනකොටත් වැදුනා වැටෙන්න්ම. කවලන්ද මන්ද‍ා, අකුරුත් වරදිඉද වෙරි හිනදා. සමවෙන්නස් රාජ්.

    ReplyDelete
  2. මමත් මේ ගැන නව ලිපියක් ලියමින් ඉන්නේ රාජ්. ඉක්මනින් පලකරන්නම්.

    ReplyDelete
    Replies
    1. නෑ සීයේ නැතත් කමක් නැහැ.83 දමළු පුච්චනකොට ආමි අය මැරිච්ච හින්දා ඒක කමක නැහැ කියලනේ හිටියේ .සීයා එතකෙට කොහේද හිටියේ.

      Delete
    2. විචාරක ගැන මගේත් විවේචනයක් තියෙනවා. මේ පුද්ගලයා සමහර විට අද කාලයට කිසිසේත් නොගැළපෙන අන්ත පසුගාමී අදහස් දරන්නේ. ඒ වුණත් කිසිම කෙනෙක් 100% නිවැරදි නැහැනෙ. එයාගේ වයසත් එක්ක දේවල් තේරුම් ගනිමු. සමහර විට වියපත් අය තරුණයින්ට වඩා ඉදිරියෙන් ඉන්නවා. එයාගේ පැත්තෙනුත් කතාව කියන්න ඉඩ දෙමු. කට අරින්නත් කලින් මෙහෙම බනින එක වැරදියි නේද මහත්තයෝ?

      Delete
    3. ලියමුකො බලන්න!

      ඇනෝ 1:59
      මේවගේ මානසික අවුල් තියන උදවිය ඉන්නව. කරුමෙට අපිට බැහැ නෙව පෙරල හොඳ ටික විතරක් ගන්න. ඔවුන්ට අනුකම්පා කරමු!

      Delete
    4. @ විචාරක

      ඔබ පළකරන්න විචාරක. අපි එතෙක් බලාගෙන ඉන්නවා. ඔබගේ විචාර ශක්තිය ගැන අපි මනාව දන්නවා. ඒක ඇනෝ නොදන්නවා වුණාට අපිට කරන්න දෙයක් නෑනේ... ඇනෝ නෑවිත් පිරිමියෙක් වගේ නමින් ආවානම් ටිකක් හිතලා බලන්න හරි තිබුණා......

      Delete
    5. ඇනෝ 1:44 PM හරි නෑ තමයි. ඒත් විචාරක කියන්නෙත් මම කලින් කිව්වා වගේ සමහරවිට දැඩි පසුගාමී හණමිටි අදහස් තියෙන පුද්ගලයෙක්. මේ දෙන්නගෙන බැලන්ස් එකක් තමයි අපි අපේක්ෂා කරන්න ඕනැ. ඒ චණ්ඩිකමෙන් නම් නෙවෙයි. සංවාදයෙන්.

      Ano 1:59 PM

      Delete
  3. නැතිවූ දේපළ හා ජීවිත යළි ලබා දෙනවා; දැන් චූ කරල බුදියගන්න

    (පචකීර්ති පලිහවඩන හා නෝමෑන් වර්ණකුලසූරිය විසිනි.)

    අලුත්ගමදී කවුදෝ අඟහරු ලෝකයෙන් ආ නොදන්නා මැරයන් පිරිසක් විසින් මාර සමගියෙන් සිටි සිංහල හා මුස්ලිම් ජනතාව දෙපිරිසටම මාර විදියට පහරදී ජීවිත හා දේපළ හානි සිදු කිරීම ගැන තමන් මාර ලෙස කණගාටු වන බවත්, මැදමුලන වලව්ව විකුණලා හරි නැතිවූ දේපළ තමන්ගේ පෞද්ගලික වියදමින් යළි ලබා දෙන බවත් ජනාධිපතිතුමා ඊයේ බේරුවලදී මුස්ලිම් හා බෞද්ධ ජන නායකයින් අමතමින් පැවසීය.

    ඒ සමඟම එම මැරයින් අඟහරු ලෝකයෙන් ආවාද, බ්‍රහස්පති ලෝකයෙන් ආවාද සිකුරු ලෝකයෙන් ආවාද නවනන්දනී පිල්ලේ මහත්මිය එව්වාද අර හැමදාම අපට විරුද්ධව කුමන්ත්‍රණ කරන බටහිර කුමන්ත්‍රණ කාරයින් විසින් එව්වාද නොසළකා ඔවුන්ට හැකි උපරිම දඬුවම් ලබා දෙන බවත් එතුමා ප්‍රකාශ කළේය. නැති වූ ජීවිත සියල්ලද යළි ලබා දෙන බවට එතුමා පොරොන්දු විය. එසේම නවනන්දනී පිල්ලේගේ ලංකාවට එරෙහි පරීක්ෂක කණ්ඩායම ලංකාවට ඒම වලකා ඇති හෙයින් ඉදිරියේදී කිසිම කලබලයක් ඇති වන්නට ඉඩක් නැති බවත් දැන් සියල්ල හරි බැවින් සිංහල මුස්ලිම් දෙපිරිසටම මෙගා ටෙලි නාටිටියක් බලා චූ කරලා නිදා ගත හැකි බවත් එතුමා නොබියව ප්‍රකාශ කළේය.

    අලුත්ගම සිද්ධීන් වලට වගකිව යුතු වැරදිකරුවන් අල්ලා ගැනීම පිණිස පොලිස් කණ්ඩායම් දහයක් හා ඇල්පිටියේ බස් නැවතුම්පළේදී සරසවි ශිෂ්‍යාවක් ඝාතනය කළ කොමාන්ඩෝ භටයකු නොවන ආමිකාරයා අල්ලාගත් සුනඛයාද යොදවා ඇති බවත්, ඒක හරි නොගියොත් මහාචාර්ය නලින් ද සිල්වා මහතා හා ප්‍රියන්ති සේනානායක මහත්මිය මාර්ගයෙන් නාථ හා විපස්සක දෙවියන්ගේ උදව් ලබා ගැනීම ගැනත් කල්පනා කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ අජිත් රෝහණ මහතා ප්‍රකාශ කරයි. මේ අතර අලුත්ගම සිද්ධීන් ගැන් විමර්ශණයක් කරන අපේ කාලයේ ආරක්ෂක ප්‍රවෘත්ති වාර්තාකරු පචකීර්ති වර්ණකුලසූරිය මහතා මේ සිද්ධියට දෙමළ කොටි ඩයස්පෝරාවේ (Tamil koti Diaspora) සම්බන්ධයක් (relationship) ඇද්ද කියා සැක (doubt) පහළ කරයි.

    අලුත්ගම සිංහල මුස්ලිම් ජනතාවට සෙත් පතා අති පූජ්‍ය රාජකීය පණ්ඩිත ගලබඩ අත්තේ ඥානසාර ස්වාමීන්ද්‍රයන්ගේ ප්‍රධානත්වයෙන් හා සිංහල රාවය හා ජාතික හෙළ උරුමය ආගමික සංවිධාන වල සහභාගිත්වයෙන් නුදුරු අනාගතයේදීම සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනයක් පැවැත්වීමට කටයුතු යොදා ඇති බවත් එයින් පසු සියළු අපල උපද්‍රව දුරුවී අලුත්ගම සිංහල මුස්ලිම් වැසියන්ට ශාන්තිය උදාවීම ගැන කිසිම සැකයක් නැති බවත් ජනාධිපතිතුමන් ප්‍රකාශ කළ බව අද 'දිනමිණ' පුවත්පත වාර්තා කරයි. මේ නිසා චූ කරලා නිදා ගැනීමට පොඩ්ඩක් වත් බිය විය යුතු නැති බව බොලීවියාවේ මැදහත් දේශපාලන නිරීක්ෂකයින්ගේ මතය වී තිබේ.

    http://anonymousaya.blogspot.com/2014/06/blog-post_2327.html

    ReplyDelete
  4. මම මේ කාරණාව සම්බන්ධව ආණ්ඩුවට වරද පටවන්නේ ආණ්ඩුව නිතිය නිසි පරිදි ක්‍රියාත්මක නොකිරීම නිසයි.
    ත්‍රස්තවාදය වැලක්වීමේ පනතෙන් කරන්නේ විරුද්ධ මත දරන අයව මර්ධනය කිරීම විතරයි.අන්තවාදය කියන්නෙත් ත්‍රස්තවාදයක් බව තේරුම් ගත යුතුයි.

    වී.වී කොල්ලෝ පාගමනක්,සත්‍යග්‍රහණයක් සංවිධනය කෙරුවොත් ඒවාට එරෙහිව උසාවි නියෝග ගන්න,අවම බලය කියලා කොල්ලන්ගේ ඔළු පැලෙන්න ගහන නපුංසක පොලිසියට වුණත් මේ වගකීමෙන් කර ඇරලා යන්න බැහැ.දේශපාලන බලපෑම් ඔවුන්ට ඇති නමුත් ඒවාට යට නොවී ඉන්න තරම් හැකියාවක් පොලිස් නිලධාරීන්ට තිබිය යුතුයි.එහෙම කරන්න බැරි නම් තමන්ගේ යුනිෆෝම් එක ගලවලා ගෙදර යන එක නම්බුයි.

    ReplyDelete
    Replies
    1. මම දකින්නෙ ආණ්ඩුවෙ පැත්ත විතරක් නෙවේ. මම කිව්ව ජාතීන් අතර යම් යම් නොහොඳ නෝක්කාඩු තියනව. අන්තගාමීන් දෙපැත්තෙම ඉන්නව. එයාලට උඩගෙඩි දීම ආණ්ඩුව විසින් නොකල යුත්තක් මෙන්ම ඒවා සමනය කිරීම ආණ්ඩුවේ වගකීමක්. මේ දෙකම සිද්ධ වෙන්නෙ නෑ.

      Delete
  5. ක්‍රෙඩිට් එක යන්න ඕනැ ඥානසාර උන්නාන්සෙට විතරද පින්වතුනි?

    භාග්‍යවත් පින්වතුනි, පෙරේදා අපේ වීරෝධාර සිංහලබෞද්ධ උපාසක ඇත්තන්ගේ ක්‍රියාකලාපය නිසා හම්බයො දෙන්නෙක් මළා. අසූවක් රෝහල් ගත වුණා. හම්බ කඩ විස්සක්ම ෆ්ලැට්. (මේ ඇත්තො පන්සිල් හෙම අරගෙන බොහෝම සංවරශීලී විදිහට මේ මහා පුණ්‍ය ක්‍රියාවට සහභාගි වෙච්චි හැටි දැක්කම මගේ ඇඟේ මයිල් කෙළින් උණා හසන්ත...) දැන් ඔය ඇත්තන්ම කල්පනා කරලා බලන්න, මේක නේද ආශ්චර්යය කියන්නෙ? ඔය ඇත්තන්නම හිතලා බලන්න 1990 ගණන් වල ඉඳලාම අපට කර ගන්න ඕනැ වුණේ මේක නේද, පින්වතුනි? හැබැයි පින්වතුනි මේ මහා පුණ්‍ය ක්‍රියාවේ සම්පූණ ක්‍රෙඩිට් එක අපේ රාජකීය පණ්ඩිත අති පූජ්‍ය ඥාණසාර හිමියන්ට ලබා දෙන එකට නම් අපට එකඟ වෙන්න බෑ. දැන් ඔය ඇත්තන්ම කල්පනා කරලා බලන්න (මම මේ කියනවට නෙවෙයි) 1990 ඉඳලා විතරම හම්බ වෛරය පැතිරුවේ කවුද? අර අෂරොෆ් ලොක්කගෙන් ගේම ඉල්ලලා පුක බිම ඇනගත්තෙ කවුද පින්වතුනි? අපේ තන්ගොඩවිලේ සෝමදාස අන්කල් නේද? දැන් ඔය ඇත්තන්ම කල්පනා කරලා බලන්නකෝ මේ හම්බයො දෙන්නා මරලා නටපු නාඩගමේ ක්‍රෙඩිට් එක මුලින්ම යන්න ඕනැ කාටද කියලා. අපේ තන්ගොඩවිලේ සෝමදාස අන්කල්ට නේද? මේ වෙලාවේ අපි අපේ තන්ගොඩවිලේ සෝමදාස අන්කල් අමතක කරන එක හරිද පින්වතුනි? ඔය ඇත්තන්ම කල්පනා කරලා බලන්නකෝ.

    ReplyDelete
    Replies
    1. Bora diye maalu baana thambi...

      Delete
  6. රාජ්,

    මේ නාඩගම මේ විදිහට ම 1983 දිත් නැටුවා. හැබැයි රාජ් මේ 1983 වෙච්චි දේ නම් නෙමෙයි. මේ තමයි දෙමළ සිංහල බෙදීම හදපු මුල් කාලේ වෙච්චි දේවල්. නමුත් 1940-50 කාලය මේ වගේ දරුණුවට ප්‍රහාර දියත් වුණේ නෑනේ. ඒ නිසා ඒ තරම් ඈත අතීතයටත් මේක සමාන කරන්න බෑ. නමුත් 1970 කාලේ් වගේ ගන්න පුළුවන්. ඒකනේ 1973 වෙද්දි එල්.ටී.ටී.ඊ එක හැදෙන්නේ. ඒ වගේ අල්කයිඩා, හමාස් කෑල්ලක් මෙහෙත් හැදෙයි හෙට අනිද්දාම. හැබැයි ඒකට වග කියන්නත් ඕනේ ඔය නානසාර කියලා කියන්න රටේ එකෙක්ට හරි කොන්දක් තිබුණොත් ලොකු දෙයක්.....

    ReplyDelete
  7. හොඳ විචාරයක් රාජ්.
    ඒක නෙවි, මීට පෙර පලවුනු පේලි දෙකේ පෝස්ට් එකට මොකද උනේ

    ReplyDelete
  8. This comment has been removed by the author.

    ReplyDelete
  9. මේක දෙපැත්තේම අවස්තාවදීන්ට හොඳ අවස්ථාවක් . හැමදේම කරලා නානසරට බනින එක තමයි කරන්න තියෙන්නේ

    ReplyDelete
  10. ලංකාව කියන්නේ මෝඩ මිනිස්සු ඉන්න රටක්. කොටින්ම ගෝත්‍රික ගති රටක්. අපේ කලිසම කමීසේ අඳින එකත් කැමති ගෝත්‍රික සරම බැනියමට, සාටකේට. උන් අමුඩේ කරේ දාගෙන ගියේ නැති උනාට, කරේ එල්ලගෙන යනවා. සුද්දො නම් ඒකට කියන්නේ ටයි පටිය කියලා. මම නම් ඒකට කියන්නේ අමුඩේ කියලා. මොකෝ මුන්ගේ චින්තනය ඇවිල්ල පට්ට අමුඩ චින්තනයක්.

    උගත්තු කියලා සෙට් එකක් ඉන්නවා උන් උගත්තු කියලා පෙන්නන්න ලීස් දාලා ගන්න වාහනේ ඉස්ටිකර් එකකුත් ගහගෙන යනවා. උන් උගත් උනාට බුද්ධිමත් නෑ. අපේ ගේ ගාව එකෙක් කාරෙකේ ඉස්ටිකර එකක් ගහගෙන හිටියා. බුද්දාස් කන්ට්‍රිද මොකක්ද කියලා. ඌ ඒ ඉස්ටිකර් එක ගලවලා දාලා. නිලාවැලි පැත්තේ යන්න ඕන නිසා.

    උන් සංසාරෙදි අහලා නැති ඇට කෑළි වලට කෙස් වලට පෝලිමේ ගිහින් වඳිනවා. තව සෙට් එකක් දෙවියන් වහන්සේ ආයේ එනකන් බලාගෙන ඉන්නවා. තව සෙට් එකක් ලෝගු වල බැහැලා. ඔළුවේ ඉඳගෙනම කළු පෙරවගෙන අල්ලා හොයනවා. අනික් ටික මොට්ටු තියාගෙන අළු වලින් ඉරි ඇඳගෙන දෙහි ගෙඩු මිරිස් කරල් එල්ලගෙන යනවා. පට්ටම ආතල් එක කියන්නේ මුන් ඔක්කෝම බලාගෙන හිටියා දියසේන කුමාරයා එනකන්. ඌ ආවා. ඌ දැන රට ගිනි තියනවා. ෆුල් ඩිසපොයින්ටඩ්, මාරම අප්ෂෙට් දැන බලාන ඉන්නවා රාවණා එනකන්.

    ඒ අස්සේ අද ගුරු මාරුව. කට්ටියම ෆුල් ආතල් එකේ ඉන්නේ. ඔක්කෝම ලග්න වලට සුභයිලු. ගුරු මාරු උන නිසාද දන්නේ නෑ, තම්බි ටිකත් කඩ වහලා මාරු වෙලා. හර්තාල්ය කියන්නේ..

    නොවේ මෙවන් වින්දනයක් ළොවේ..

    ReplyDelete
    Replies
    1. මට කියපල්ල බලන්න එක ඇමතියෙක් හරි ලොක්කෙක් හරි ඉන්නවද නියම බෞද්ධයෙක්. ඒ හැම එකෙක්ම මොකක් හරි උන ගමන් දුවන්නෙ එක්කො කාලි අම්මගෙ කෝවිලට නැත්නම් කතරගම දේවාලෙට එහෙමත් නැත්නම් දකුණු ඉන්දියාවෙ කට්ටඩියෙක් ලඟට.
      නියම බෞද්ධයෙක්නම් කරන්නෙ හාමුදුරු නමක් වැඩම්මවාගෙනෙ සෙත් පිරිතක් කියවාගැනීම, විහාරෙටෙ ගිහින් බෝධි පූජාවක් කිරීම (ගස් ගල් වන්දනාවත් මට හිතෙන විදියට නම් බුද්ධාගම නෙවෙයි.), හිත සන්සුන් වෙන්න භාවනා කිරීම, එහෙමත් නැතිනම් කරණියමෙත්ත සූත්‍රය කියවීම.
      ඔය මහලොකු සාසන ලැදි බෞද්ධයො එකෙක් ඔය විදියට කරනවද මම අහන්නෙ. හැබැයි කතාවනම් මහාලොකුවට නිර්මල බෞද්ධ සාසනයේ මුරදේවතාවුන් වගේ. කොරන්නෙම අන්‍යාගමික විශ්වාසයන් (විශේෂයෙන් හින්දු ) පස්සේ දුවන එකයි. මතක තියාගන්න අද ලංකාවෙ ප්‍රධානම ස්ඨානයක් වන කතරගමත් බෞද්ධ සිද්ධස්ථානයක් නොවන බව.

      Delete
    2. මෙව්වා ලියා වටරැක විජිතට වූ දේ ඊළඟට විය හැක්කේ මාතලන්ට බව යළි සිහිපත් කරමි.

      Delete
  11. ලංකාවෙ ඉන්න එකම බෞද්ධයා විරෝධතාවයක් කරනවා දැක්කද? මමනම් ඒ තරුනයගෙ ක්‍රියාව අගය කරනවා. එයාව දැක්කහම මතක් වෙන්නෙ මොර‍ටුව සරසවියෙ උගන්නපු ආචාර්ය අමිත් මුනීන්ද්‍රදාසව.
    https://www.youtube.com/watch?v=799GsrNUnT4

    ReplyDelete
  12. හේතු ඵල දහම.......ඇත්තම කියනවනම් අවංක උවමනාව තමයි අද නැත්තේ......

    ReplyDelete
  13. නීතිය නිතිය ලෙස ක්‍රි‍යාත්මක වෙනවනම් මේ ප්‍රශ්ණෙන් සෑහෙන්න කොටසක් විසඳිලානෙ.

    ReplyDelete
  14. නීතියට ස්වාධිනව ක්‍රියාත්මක වෙන්න හරි හැටි ඉඩක් තිබුනනම් හුඟක් දේවල් මීට වැඩිය වෙනස් වෙන්න තිබුනා.. දැන් ඉතින් අරයා මෙයා මැදිහත් වෙලා ලකුණූ දාගෙන පැලැස්තරයක් දාලා තියාවි...

    ReplyDelete
  15. නියම තත්වය අපූරුවට පැහැදිලි කරලා.

    ReplyDelete
  16. Maathalan - Priyantha Hewage උන්නැහේගේ කොමෙන්ටුව පටන් ගන්නේ මෙන්න මෙහෙම "ලංකාව කියන්නේ මෝඩ මිනිස්සු ඉන්න රටක්. කොටින්ම ගෝත්‍රික ගති රටක්. අපේ කලිසම කමීසේ අඳින එකත් කැමති ගෝත්‍රික සරම බැනියමට, සාටකේට"
    මම කෙටියෙන් ප්‍රශ්න 3ක් අහන්නන්. හැකියාවක් ඇත්නම් උත්තර දෙන්න.

    1. සවුදි අරාබියත් ඔබගේ ඉහත කී ලංකාව හැඳින්වීම ගැලපෙන රාජ්‍යක්ද. ?
    (නැතිනම් ඒ ඇයි ?)

    මම නම් සිතන්නේ සවුදිය අපිටත් අන්ත, අපේ රටේ ඇති සොච්චම් ප්‍රජාතන්ත්‍රවාදයවත් නැති කාලකන්නි නීති රීති ඇති රටක් ලෙසයි. එම නිසා,

    2. එම කාලකන්නි ෂරියා නීතියේ ඇති කොටස්, ටිකෙන් ටික හෙමින් සැරේ ලංකාවේ නීති පද්දතියට ඇතුලත් කරනවිට ඔබ කී පරිදි පෙර කී ගෝත්‍රික ලාංකිකයෝ මෙහෙම හැසිරීම අරුමයක්ද ?

    3. ඉහත 1 සඳහා පිළිතුර, ඔව් නම් 2 පිළිතුර නැත නම්, මෙම ජාතීන් අතර ප්‍රශ්නයට ඇත්තෙන්ම වැරදි මුස්ලිම් අය නොවේද.

    Sahan

    ReplyDelete
    Replies
    1. ෂරියා නීතියේ ඇති කොටස් ලංකාවේ නීති පද්ධතියට එකතු කරනවා කියන කතාව බොරුවකි. එසේ කරනවා නම් ඊට වැරදිකරුද රජය මිස ජන කොටසක් නොවේ. අප රජයක් පත් කර ගන්නේ එවැනි දේ පාලනය පිණිසය. ඉතින් එවැනි දේ සිදු වන්නේ නම් අපේ විරෝධය එල්ල විය යුත්තේ රජයටයි, මුස්ලිම් ජනතාවට නොවේ. එසේ වෙනවාය කියා මුස්ලිම් ජන කොටස්ට එරෙහි සංවිධානාත්මක ප්‍රහාර එල්ල කොට මිනීමැරීම සාධාරණීකරණය කළ නොහැකිය.

      Delete
  17. ඇත්තටම හැම මනුස්සයම සාමයෙන් සතුටෙන් ඉන්නවනම් ඒක ලොකු දෙයක්, කව්රු මොන ආගම ඇදෙහෙව්වත් කමක් නෑ නමුත් තවත් ආගමකට කිසිදු ආකාරයක බලපෑමක් නොකර, නමුදු කූරගල, සහ මුහුදු මහා විහාර සම්බන්ධ ගැටළු වලදී නිසි ප්‍රචාරයක් නොලැබුනු නිසා එක් පාර්ශවයකට දැඩි ලෙස අවාසියක් සිදු උනා. අළුත්ගම ප්‍රශ්ණය නම් එක දෙක කර BBC අඩවිය මගින් සහ මුස්ලිම් ජනතාව මගින් ප්‍රචාරය කර තිබුනා. මෙම ගැටළුවේදී මාධ්‍ය වල හැසිරීම ඉතාමත් අවාසි සහගත යැයි මට හැගෙනවා.

    ReplyDelete
  18. මේ ගැන මා ලියූ කතන්දරය ඔය ඔබ උඩින් එකතු කර ඇති එක නොවේ. මේ පහත මා දෙන සබැඳියේ කතන්දරයයි.

    අඩෝ මරක්කලයා! - Hey you seafarer! -- http://kathandara.blogspot.com/2014/06/hey-you-seafarer.html

    ReplyDelete
  19. Raaj kiyalathiyena wipaka getaluwa thamai Dharganaganagaraye wune .Neththnam nanatharalge kathawalata game minissu kulappuuana nowei.hebei inpasse hema thenama depeththenma dekke nadunana muhunu.

    ReplyDelete
  20. අපි ඉස්සරහ බලාගෙන පස්සට ඇවිදින ජාතියක්.. ඔච්චරයි කෙටියෙන්..

    ReplyDelete
  21. hebei dharga nagaraye madavinge una wediune,osama kiyana thrasthawadiya Amerikawata gahapu da indalai edata passenda indala ma "WE are for osama"kiyana wachanaset eka hema haras parakama thappa biththiwala liyala thbuna,danna minissudannawa,thmathethi,hebi darganagar libreri eka ginithibbe 1988. Jvp kattiya.muslim kollo dennata auda trening ekath jvp thamai dunna.

    ReplyDelete
  22. මම අහලා තියෙන විදියට ඉංජිනේරුවන්ට පුලුවන්ලු ඕනම දෙයක් හොඳින් විග්‍රහ කරලා, ඒ දිහා බලන්ට. ඒක ඇත්තක් බව රාජ්ගේ මේ ලිපියෙන් ඔප්පුවෙනවා...:)

    ReplyDelete
  23. රටක් හැටියට නැගී සිටීම මිස අපේ අභියෝගය ජාතියක් පිළිබදව සහ ආගමක් පිළිබදව සිතා කලය කා දැමීම නොවන බව තේරුම් ගැනීමට එරෙහි අවිද්‍යාවේ බලය යි මේ ක්‍රියාත්මක වෙමින් පවතින්නේ.සමහර පිරිසක් මෙය දැන දැනම සිය පැවත්මට භාවිතා කරනවා.

    ReplyDelete
  24. I appreciate you for sharing that outstanding written content on your web site.

    I ran into it on search engines. I am likely to check back again as soon as you publish extra
    aricles.

    Here is my blog: Best Acne Treatment

    ReplyDelete