Tuesday, May 31, 2011

කෝපයෙන් ලියන වග නම්,..

ඊයේ රාත්‍රී ප්‍රවෘත්ති නැරඹිමේදි කටුකායක වෙළද කලාපයේ සේවකයන් අහිංසක පොලිස් නිලධාරීන්ට අමානුශික ආකාරයෙන් පහර දීම දුටුවෙමි. පොලිසිය විසින් අත්අඩංගුවට ගත් සේවකයන් තම අතේ පයේ හිරි ඇරගැනීමට යොදාගත්තේ ඔවුන්ට දිනපතා ශාරීරික අභ්‍යාසවල යෙදීමට කාලයක් හෝ අවකාශයක් නොමැති බැවිනි. ඔවුන් සේවකයන්ට වෙඩිතැබූවේද පුහුණු කාලයෙන් පසු වෙඩි තැබීමේ පුහුණුවක් නොලැබෙන බැවිනි.ඉදහිට අත්අඩංගුවට පත් සැකකරුවෙකු සගවා ඇති ආයුධ පෙන්නීමට ගොස් වෙඩිතැබීමට ගන්නා උත්සාහයේදී පමණක් ඔවුන්ට ආයුධ පාවිච්චියට අවස්ථාව ලැබෙන බැවින් මෙම වෙඩි තැබීමද එකහෙලාම අනුමත කල යුතුය.මේ දේවල් බෑන්කී මුන් දුටුවේනම් ඇමෙරිකාව සහ බටහිර රටවල් සමග කුමන්ත්‍රණය කොට තවත් දරුස්මාන් වාර්තාවක් ලංකාවට එවනු නොඅනුමානය. එය පරාජය කිරීම සදහා මාරාන්තික උපවාසයකට මෙපිට විසදුමත් මා හට නම් නොපෙනේ. ඒ සදහා බිස්කට්(විශේෂයෙන් ලෙමන් පfප්)තැඹිලි ආදිය දැන් සිටම සූදානම්කරගැනීම වටී. තවද එම ඊනියා උද්ඝෝෂණය අවස්තාවේදී අසල තිබූ දෙබර කූඩුවට ගල් ගසා දෙබරුන් අවුස්සවා පොලීසියට ඇන්නවීම තුලින් උද්ඝෝෂකයන්ගේ ම්ලේච්ඡත්වය මොනවට පැහැදිලි වේ. අනෙක් අතට ඇවිස්සුන බඹරුන් පොලීසිය දෙසටම පියඹා යාම පිටුපස ඇත්තේද ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්ම මිස වෙනකක් නොවේ. පෞද්ගලික අංශයේ සේවකයන්ට ඇති අතිමහත් වූ ආදරය නිසා දෙනු ලැබූ මෙම විශ්‍රාම වැටුප් කෙටුම්පත මේ වනවිට තාවකාලිකව නැවැත්වීමට තීරණය කිරීම ජාතියේ අවාසනාවකි.

2 comments:

  1. හරිම කණගාටුයි, ඒත් කොතනද වරද ? කාගෙද වරද ?

    ReplyDelete