Thursday, April 28, 2016

වසන්තයා II, ඕන ප්‍රශ්නයක් අහන්න, හැබැයි..........


මගෙන් ඕනම ප්‍රශ්නයක් අහන්න.. උත්තර දෙනව. හැබැයි එක්කෙනෙකුට අහන්න පුළුවන් එක ප්‍රශ්නයයි...
(copy this status and post on your wall. Will see what your friends actually wants to know about you)

බුකිය පුරාම වයිරල් වෙන මේ කේස්එක නිසා මාත් තීරණය කලා ප්‍රශ්න ටිකක් අහන්න. ඉස්සෙල්ලම ගියේ වරාය අමාත්‍ය අර්ජුන රණතුංග මහත්තයගෙ පිටුවට.

"මගෙන් ඕනම ප්‍රශ්නයක් අහන්න, උත්තර දෙනව. හැබැයි එක්කෙනෙකුට අහන්න පුළුවන් එක ප්‍රශ්නයයි, ඒ වගේම ගුලි කන්ටේනරය ගැන අහන්නත් බෑ"

ඒක දැක්ක විතරයි මම වැඩේ අල්ලල දැම්ම. ඊලඟට ගියේ විමල් විරවංස මහත්තයගෙ බුකි පිටුවට.

"මගෙන් ඕනම ප්‍රශ්නයක් අහන්න, උත්තර දෙනව. හැබැයි එක්කෙනෙකුට අහන්න පුළුවන් එක ප්‍රශ්නයයි, ඒ වගේම මගේ පාස්පෝට් එක ගැන අහන්නත් බෑ"

ඉතිං කොහොමෙයි දං වළඳන්නෙ. ඊලඟට ගියා අපේ උදය ගම්මන්පිල මහත්තයගෙ පිටුවට,

"මගෙන් ඕනම ප්‍රශ්නයක් අහන්න, උත්තර දෙනව. හැබැයි එක්කෙනෙකුට අහන්න පුළුවන් එක ප්‍රශ්නයයි, ඒ වගේම පිවිතුරු හෙළ උරුමයෙ කීදෙනෙක් ඉන්නවද කියල අහන්නත් බෑ"

ඒ ගමන එතනින් ගියා දහම් පුතාගෙ පිටුවට,

"මගෙන් ඕනම ප්‍රශ්නයක් අහන්න, උත්තර දෙනව. හැබැයි එක්කෙනෙකුට අහන්න පුළුවන් එක ප්‍රශ්නයයි, ඒ වගේම කී සැරයක් තාත්ත එක්ක රටගියාද කියල අහන්නත් බෑ"

ඕන ප්‍රශ්නයක් අහන්න කිව්වට දැං බැලුවම උත්තරයක් ගන්න එකෙක් නෑ. ඒ ගමන ගියා අපේ අගමැතිතුමාගෙ පිටුවට,

"මගෙන් ඕනම ප්‍රශ්නයක් අහන්න, උත්තර දෙනව. හැබැයි එක්කෙනෙකුට අහන්න පුළුවන් එක ප්‍රශ්නයයි, ඒ වගේම කාර් ගැනයි ෆොක්ස්වැගන් ගැනයි බැඳුම්කර ගැනයි අහන්නත් බෑ"

ඒ ගමන ගියා නාමල් තරුණ මන්ත්‍රීතුමාගෙ පිටුවට,

"මගෙන් ඕනම ප්‍රශ්නයක් අහන්න, උත්තර දෙනව. හැබැයි එක්කෙනෙකුට අහන්න පුළුවන් එක ප්‍රශ්නයයි, ඒ වගේම තාත්තට වෙච්ච දේ ගැන මගෙන් අහන්නත් බෑ"

ජෝන් අමරතුංග මහත්තයගෙ පිටුවෙ තිබුනෙ මෙහෙමයි,

"මගෙන් ඕනම ප්‍රශ්නයක් අහන්න, උත්තර දෙනව. හැබැයි එක්කෙනෙකුට අහන්න පුළුවන් එක ප්‍රශ්නයයි, ඒ වගේම වත්තල මංතීරුව ගැන අහන්නත් බෑ"

මනූෂ නානායක්කාර මන්ත්‍රීතුමාගෙ පිටුවෙ මෙහෙම තියනව,

"මගෙන් ඕනම ප්‍රශ්නයක් අහන්න, උත්තර දෙනව. හැබැයි එක්කෙනෙකුට අහන්න පුළුවන් එක ප්‍රශ්නයයි, ඒ වගේම මහින්ද සමඟ නැඟිටීම ගැන අහන්නත් බෑ"

බැරිම තැන ගියා මහින්ද මහත්තයගෙ බුකි පිටුවට,

"මගෙන් ඕනම ප්‍රශ්නයක් අහන්න, උත්තර දෙනව. හැබැයි එක්කෙනෙකුට අහන්න පුළුවන් එක ප්‍රශ්නයයි, ඒ වගේම මං කැමති ප්‍රශ්න විතරයි අහන්න පුළුවන්"

ඇද්ද! අද උත්තරයක් ගන්න වෙන්නෙ අපේ ජනාධිපතිතුමාගෙන් ම විතරයි. ගියා එතුමාගෙ පිටුවට,

"මගෙන් ඕනම ප්‍රශ්නයක් අහන්න, උත්තර දෙනව. හැබැයි එක්කෙනෙකුට අහන්න පුළුවන් එක ප්‍රශ්නයයි,........."

අන්න බලන්න අවුලක් නැති එකම තැන! මං ඇහුව මෙහෙම ප්‍රශ්නයක්,

"සර්, ගාල්ලෙ මැයි රැලිය සංවිධානය කරන්නෙ කවුද?"

ටික වෙලාවකින් ආව උත්තරේ,

"පුතා මම තනතුරු බලාපොරොත්තු වෙන මිනිහෙක් නෙවේ.... අපි බොහොම චාම්, සරළ මිනිස්සු..... හේනෙ කුඹුරෙ වෙල් ඉපනැල්ලෙ සුවඳ දන්න මිනිහෙක් විදියට, මම අදටත් කන්නෙ නෝන කෙසෙල් කොලේ ඔතල දෙන බත්තෙක.... පහුගිය ආණ්ඩුව කාලෙ අපි මොන තරම් පීඩනයෙන්ද හිටියෙ.... වැරැද්දක් විවේචනය කලාම නායකත්වය අපිට බැන්න.... සිගරට් පැකට්එකේ සීයට අසූවක් අවවාද දාන්න හැදුවම ඒක කරන්න දුන්නෙ නෑ.... ඔෟෂධ පනත..............................................."

අප්ඩේටඩ්:2016.04.28 12.40

සයිබරයෙන් බුකියටත් බුකියෙන් එලියටත් ගිය මිත්‍රයො ටිකක් ජේමිස් බණ්ඩා එක්ක එකතුවෙලා හවුලෙ සුපර්මාකට් එකක් දාල. "ජේමිස් බණ්ඩා", "රිට්ටා" හෙවත් "රිටිගල ජයසේන", "මරණාසන්න රමණානන්ද" සහ "ගැත්තාට බය බෝයි" ලියන සටහන් මෙතැනින්.

Wednesday, April 27, 2016

වසන්තයා I 18+

වසන්තය ආයෙත් ඇවිල්ල කියල ලැබුන ආරංචියට ආවෙ. පොඩි කතා දෙකක් තියනව නමුත් කණගාටුවෙන් උනත් කියන්න වෙන්නෙ ළමයි ඉන්නව නං ඉවත් වෙන්න කියල. මේ කතා දෙකම අපේ බුකි මිත්‍ර ඉෂාන්ගෙ.

හොඳ සිරිත්.
ඔන්න ඉස්කෝලෙහාමිනේ කෙනෙකුට ඕනවුනා කෑම මේසෙදි කරන පොඩි පොඩි සිරිත් විරිත් ටිකක් උගන්වන්න. ඔන්න එයා ළමයින්ට මෙහෙම කිව්ව.

"හොඳයි, ළමයි කියන්න බලන්න, ඔයාල ගෑණු ළමයත් එක්ක කෑම ගනිමින් ඉන්න වෙලාවට මුත්‍රා කරන්න ඕනවුනා..... දැං ඔයාල ඒක කියන්නෙ කොහොමද?"

ඔන්න එකෙක් නැඟිට්ට,

"ටීච, මම කියනව චූ බරයි කියල"

"ඒක එච්චර හොඳ නෑ නේද පුතා.... වෙන කෙනෙක් කියන්න බලන්න....."

ඔන්න තව එකෙක් නැඟිට්ට,

"ටීච මම කියනව ටොයිලට් එකට යනව කියල"

"ඒක ටිකක් හොඳයි.... හැබැයි කෑම මේසෙදි ටොයිලට් වගේ වචන හොඳ නෑ..... තව කවුරුහරි ඉන්නව නං කියන්න ඊට වැඩිය හොඳට...."

ඒ ගමන නැඟිට්ටෙ ඇම්ඩා,

"මම යනව, මම හොඳට හඳුනන යාළුවෙකුට ශේක්හැන්ඩ් කරල එන්න.... මම බලාපොරොත්තු වෙනව කෑමෙන් පස්සෙ එයා ඔයාටත් හඳුන්වල දෙන්න"

ටීච සිහි නැතුව වැටුනලු!

******************************************************

දරුවගෙ අනාගතේ

ඔන්න පැඟිරි වයසෙ කෙල්ලෙකුට ඉන්නව ඒ වයසෙම යාළුවෙක්. දවසක් කෙල්ලගෙ ගෙදර කොලුව ආව පාඩම් කරන්න. ඒ දෙන්න උඩ තට්ටුවෙ පාඩම් කරද්දි කෙල්ලගෙ අම්මයි තාත්තයි යට ටීවී බලනව රටකජු වගයක් හපමින්. කජු ඇටයක් උඩදාල අල්ලන්න ගිය තාත්තගෙ නහය ඇතුලෙ කජ්ජ හිරවුනා. ගන්න ට්‍රයි කලත් වැඩේ හරිගියේ නෑ. ඔය සද්දෙ ඇහිල පාඩම් කරමින් හිටිය දෙන්නත් පහලට ආව. කොල්ල ඉදිරිපත් වුනා වැඩේ ගොඩදාන්න. කජ්ජ හිරවෙලා තිබුන පැත්තට අනිත් පැත්තෙ නාස් සිදුරට දබර ඇඟිල්ල ගහපු කොල්ල,

"හරි, අංකල් දැං හයියෙන් පිඹින්න" කියල කිව්ව. ඒ එක්කම කජ්ජ එලියට පැන්න. කට්ටියටම හෙන හැපී. කොලු කෙලි ඩබල ආයෙත් උඩට ගිය අතරෙ කෙල්ලගෙ අම්මයි තාත්තයි කතාව.

"හරි දක්ෂ ළමයෙක් නේද? මං හිතන්නෙ අනාගතේ දොස්තර කෙනෙක් වෙයි නේද?" අම්ම, තාත්තගෙන් ඇහුව.

"ඒක නං මං දන්නෑ ඕයි,..... හැබැයි උගේ ඇඟිල්ලෙන් ආපු සුව‍ඳෙ හැටියට අනාගතේ ඌ මගේ බෑන වෙන එක නං ෂුවර්"