Monday, August 4, 2014

රණරාල සමඟ අපේ විභාගය සහ ගලැස්ගෝ වන්දනාව.[Glasgow 2014]

මේ බ්ලොග්කරුවා පාසලේ අටවැනි වසර සිටින විට තවත් සිසුන් කිහිප දෙනෙකු සමඟ සාහිත්‍ය තරගාවලියක් සඳහා යාමට තෝරා ගැනුනි. අපේ කාර්යය වූයේ ලිඛිත පරීක්ෂණයකට පිළිතුරු සැපයීමයි. අදාල විභාගයට මාසයකට හෝ දෙකකට පෙර දිනෙක සිංහල-සාහිත්‍ය ගුරුවරයා විසින් පාසල නියෝජනය කරන සිසුන් තෝරාගනු ලැබීය. විභාගයේදී පිළිතුරු සැපයීමට සිදුවන්නේ කුමන වර්ගයේ ප්‍රශ්නවලට දැයි විමසූ මට සාහිත්‍ය ගුරුතුමා දුන් පිළිතුර අදටත් මතකය.

"මේ නිකං සාහිත්‍ය ගැන පොඩි ප්‍රශ්න ටිකක්...... හැම ඉස්කෝලෙකින්ම ළමයි එනව..... ඔයාල දිනුවොත් සහතික එහෙමත් ලැබෙනව"

විභායය පැවැත්වූයේ දිස්ත්‍රික්කයේ පිහිටි ප්‍රසිද්ධ පාසලකය. යාමට ඒමට බස්රථයේ ගාස්තුව රුපියල් දොලහක් පමණ වූ බැව්ද මතකය. අදාල වේලාවට කලින් විභාගය පැවැත්වූ පාසලට ගිය අප‍ට දක්නට ලැබුනේ ඒ වනවිටත් පොත් පෙරලමින් සිටි විභාග අපේක්ෂකයන්ය. නාඳුනන ශිෂ්‍යයෙකු ලඟට ගොස් ඔහු කතාවට අල්ලාගත් පසු ඔහු කීදෙයින් මා මවිත වීමි.

"රණරාල පොතෙන් එන්නෙ.... මම ඒක පාඩං කරන්නෙ"

"කොහොමද දන්නෙ?"

"ඇයි ඉස්කෝලෙන් කිව්වෙ!"

තවදුරටත් සොයා බැලූ විට සියල්ලන්ම කියවමින් සිටින්නේ රණරාලයි. අප පත්වූයේ හොල්මන්ද පොල්කොල තත්වයටයි. අවසානයේ අපේ ගුරුවරයා පැමිණි විට ඔහුගෙන් විමසුවෙමු.

"කමක් නෑ පුතාල ලියන්නකො.... මේක ඔයාලට හොඳ අවස්ථාවක්...."

විභාග ප්‍රශ්න පත්‍රය බෙදූවිට පෙනුනේ කීවා හරි බවය. ප්‍රශ්න පත්‍රයේ ඇත්තේ රණරාල ගැනය. රණරාල පොල්කැඩූ හැටිද, සතුරන් මෙල්ලකල හැටිද, දිවි රැකගත් හැටිද ආදී නොයෙකුත් ප්‍රශ්න අසා තිබුනි. විභාගයේ ප්‍රතිපල කවදාවත් දැනගන්නට නොලැබුන අතර දැනගත්තා කියා අමුතු සෙතක්ද නැති බව අමුතුවෙන් කිවයුතු නැත. කෙසේ වුවද එක් කරුණක් විශේෂ විය. අපේ අවධානයට ලක්වූ සිසුන්ගේ සෑම පාසලකින්ම එක් අයෙකු පැමිණ තිබූ විභාගයට අපේ පාසලෙන් තිදෙනෙකු සහභාගී විය. අප සහභාගීත්වය අතින් ඉදිරියෙන් සිටියේය.

මේ කතාව මට යලි සිහිකලේ ග්ලැස්ගෝ නගරයේ පැවති මෙවර පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල නියෝජනය කල අපේ කණ්ඩායමේ විශාලත්වයයි.

-------------------------------------------------------------------------------


♣ එයාගෙ වයස දහඅටයි. ඒ වගේ අයට‍ අත්දැකීම් දුන්නම, මේ සැරේ බැරිවුනත් අපිට අනාගතයේ පදක්කමක් දිනාගන්න පුළුවන්.

♣ එයාගෙ වයස විසි පහයි. කොහොම උනත් එයාට මුනගැහුනෙ ලෝක ශ්‍රේණිගත කිරීම්වල දහවෙනිය. ඒකයි දිනන්න බැරිවුනේ.

♣ එයාගෙ වයස තිස් දෙකයි. එයා වගේ අත්දැකීම් ඇති ක්‍රීඩකයෙක් යන්නම එපැයි.

♣ යකෝ එතකොට අපි දිනන්න යන්නෙ කවද්ද?

65 comments:

  1. රාජ්..එතකොට හැටහුටහමාරක් මැනේජර්ස්ලා, කෝචස් ලා, සහ තවත් අය?????

    ReplyDelete
    Replies
    1. ඒ අයත් මේකට ඇතුලත්
      104ක්ද කොහෙද ගිහිල්ල තිබුන. එවලේ හොයාගත්ත පුහුණුකරුවොත් ගිහින් තිබුන(ඩයන් ගෝමස්). එක පදක්කමයි ගෙනාවෙ. ස්ථානය 29ද කොහෙද. පිරිස අතින් බැලුවොත් අපි ඉන්නෙ 15ට. කොහොමද ආතල් එක

      Delete
    2. ඩයන් ගෝමස් නම් ගියාට කමක් නෑ මයෙ හිතේ. උන්නැහේගෙ කොම්පැණියෙන් ක්‍රීඩක,ක්‍රීඩිකාවන්ට සෑහෙන්ඩ ස්පොන්සර් ෂිප් එහෙමත් දෙනවනේ.

      Delete
    3. තීර්ථ යාත්‍රිකයා
      ඒක ඇත්ත. නමුත් පුහුණුකරුවෙක් විදියට යනව කියන්නෙ?

      Delete
  2. මට මතකයි මං ඉස්කෝල වෙලාවෙ රණරාල කියවල ගුටිත් කෑව...
    හිහි...
    හැබැයි ඔහොම මොලෝ හසරත් දන්නැතුව ඕ වගේ තරගෙකට ගියාම මංඥං වෙන කෙත් පොඩි ආතල් එකක් තියේ නේද රාජ්...
    හතර වටේ තියෙන ඒව බල බල පේපර් එකේ ලියනකොට
    හම්මේ තියෙන සැප..
    හිහි

    ReplyDelete
    Replies
    1. මට නං ඔය වටපිට බල බල ඉඳිල්ල සෑහෙන්න අමාරුයි. බැරිනං ලියපු ටික දීල යනව යන්න.

      Delete
  3. අපි යන්නේ දිනන්නයැ..අපි යන්නේ මැනේඡර්ලට ටුවර් එකක් ඔිනේ නිසානේ

    ReplyDelete
  4. හැබැයි රාජ්ගේ කතාවේ සර්ගේ ක්‍රි්යා පිළිවෙත හොදයි නේද?? සර් දන්නවා උනත් ඒක කිව්වේ නැහැ.. අභියෝගයක් විදියට අවස්ථාවක් දුන්නා විතරයි නේද??

    උඹ දන්නවද රාජ් දැං කාලේ හැම ඉස්කෝලෙකම වාර අවසාන විභාග ප්‍රශ්න පත්තරේ ෂැඩෝ පේපර් එකක් ඒ අයගේ ක්ලාස් වල දෙනවා.. අපේ ඒකාටත් දීලා තිබුනා.. මම ගිහිල්ල ටීචර්ට හොදවනයින් දෙකක් කිව්වා මොකද මේ ගෑනි සෙකන්ට් ටර්ම් එකේ පේපර එකක් ටිපෙක්ස් කරල අවුරුද්ද නොපෙනෙන්න..

    ReplyDelete
    Replies
    1. එහෙම කියන්න බෑ බං... එන්නේ රණරාළ පොතෙන් නම් ඒක කියන්න තිබ්බා.. රණරාළ පොත කියවලා නැති එකෙක් ගියා නම් වැඩක්ම නෑනේ... සාහිත්‍ය ගැන සාමාන්‍ය දැනුම නෙමෙයිනෙ... පොතක් ටාගට් කරලා නිසා ඒක කියන්න ඕනෙ.

      Delete
    2. එහෙනං ඒක රණරාල ටැස්ට් එකක්...

      Delete
    3. තිසරගෙ කතාව හරි. සර් හරියන්න තිබුන පොදුවේ සාහිත්‍ය ප්‍රශ්න පත්තරයක් ආවනං. මෙතන උනේ එකම පොතකින් ප්‍රශ්න ඇසීම

      Delete
    4. රාජ් ගේ පාසලේ පුස්තකාලයක් තිබුණාද?
      එහි රණරාළ පොත් තුනක් තිබුණාද?
      රාජ් ගේ සහ අන් සිසුන් දෙදෙනාගේ නිවසේ රණරාළ පොත තිබුණාද?

      Delete
    5. කකා අහන්නෙත් මරු කතාවක්.
      අපේ ඉස්කෝලෙ පුස්තකාලයක් තිබුන. ඒකෙ පැති දෙකක් තිබුන. එක පැත්තක පොත් තිබුන. අනිත් පැත්තෙ සඟරා වගේ දේවල් තිබුන. ඉඳහිට (අපි) හරක් සෙට්එක දක්කනව පුස්තකාලයට. නමුත් පොත් තියන පැත්තට යන්න දුන්නෙ නෑ. අපි ඔය තේරෙන්නෙ නැති සඟරාවක් බලල එනව. දුක තමයි කකා. කවදාවත් පොතක් බලන්න අවස්ථාවක් ලැබුනෙ නෑ.
      කොහොම උනත් අපිට පොත් කියවන්න යම් මට්ටමකට ඉඩක් ලැබුන ගෙදර පරිසරයෙන්. විශේෂයෙන්ම තාත්තගෙ සහ බාප්පලගෙ පොත්පත් යම් ප්‍රමාණයක් තිබුන. ඒ වගේම වටිනා රුසියන් පොත් සෑහෙන්න ප්‍රමාණයක් භීෂණ කාලෙ විනාශ කලා.(විනාශ කලේ වැසිකිළි වලකට දාල).

      Delete
  5. හලෝ රාජ්,

    මම මේ දැන් ලොක්කාගේ කාර් එක අරං ටවුමේ රවුමක් ගහලා ආවේ. එන ගමන් බත් එකකුත් අරං ආවා. තව පොඩ්ඩකින් බත් ඩිංගක් කාලා ගොලිප් එකකුත් බොන්න සුජානම.

    ඒක නෙමේ රාජ්,ඊයේ නිවාඩු දවසේ මොකෝ කරේ? මම නං ඊයේ ගියා ජයේ අයියගේ පොට් එකට. ඊයේ නං බිව්වා අදටත් එක්ක. ඒ හින්දා අද දවල් කෑමට කලින් වැඩිය ගන්නේ නෑ. හීනියට පොඩ්ඩක් අනුමත වෙන්න හිතං ඉන්නේ. මම කලින් ගෙනාපු කොටයක් හංගලා තියෙන්නේ ලොක්කා වාහනේ දාන ගරාජ් එකේ.

    ඉතිං මම ඊයේ ජයේ අයියගේ පොට් එකට ගිහිං අනුමත වෙලා,බත් ඩිංගකුත් කාලා,ගොලිප් එකකුත් පත්තු කරන් ගියානේ ඇහැලේපොල කුමාරි හාමිනේ ෆිල්ම් එක බලන්න. එකේ රජතුමාත් හොදට අනුමත වෙන කෙනෙක් වගේ. රජතුමා අඩි ගහනකොට මට නං අපේ රාජ්වත් මතක් උනා.

    අපේ මාතලන් නං අලුත් පොස්ට් දාලා තිබුනා දැක්කා. ඒත් හරියට කියවන්න උනේ නෑ තාම. හැලපෙ නං අර පහුගිය දවස් වල දාපු මාස්ටර්ගේ කතා හරි හිනා. මට බඩ පැලෙන්න හිනා ගියා එව්වා දැකලා.

    මං එහෙනං දැන් ගිහිං බත් ඩිංගක් කාලා,ගොලිප් එකකුත් බිලා එන්නං කෝ.

    ReplyDelete
    Replies
    1. මචෝ වැඩිය ගෝලිප් බොන්න එපෝ.
      මගේ යාලුවෙක් ගෝලිප් බීලම මලා.

      Delete
    2. # AnonymousAugust 4, 2014 at 12:09 PM

      හලෝ ඇනෝ,

      ඔය හැන්දෑවට අතපය වෙවුලනවට අරක්කු ඩිංගක් බිලා,ගොලිප් එකක් පත්තු කරාට මොකවත් වෙන්නේ නෑ.

      මාත් මේ දැන් බත් ඩිංගක් කාලා,ගොලිප් එකක් පත්තු කරන් ආයේ ආවේ. අද ඉතිං මට වැඩිය වැඩ නෑ ඔපිස්‌ එකේ. හැලපෙලා,මාතලන්ලා පොස්ට් එකක් වත් දාලා තිබුනා නං කොමෙන්ට් දාන්න තිබුනා තරගෙට.

      එහෙනං මම තව ටිකකින් අයේ එන්නන්කෝ.

      Delete
    3. උඹේ යාළුවෝ තවත් ඉන්නවද?

      Delete
    4. ඇනෝ මිත්‍රයා,
      මම පෙරේද ගියා වෙඩිමකට. මනමාලය එද්දි හවස් වෙලා. බොන්න පටන් ගත්තෙ ඊට පස්සෙ. බොන්න හිටියෙ දෙන්නෙක් වගේ (මුළු වෙඩිමටම, රෑට තමයි ගමේ කස්ටිය එන්නෙ කියලයි කිව්වෙ) එකහමාරක් විතර බිව්ව. බීල ඇවිල්ල නිදාගත්ත. ඊයෙ මූදට පැනල හොඳට නෑව. හවස මස්සිනා කෙනෙකුගෙ ගෙදර ගිහිල්ල බියර් දෙකතුනක් බිව්ව. අද උදේ නාල කියල වැඩට ආව. අද නං බොන්නෙ නෑ.

      Delete
    5. මළ ඇනෝ,
      උඹ ඉන්න තිබුනෙ බුදු හාමුදුරුවන්ගෙ කාලෙ. එහෙම උනානං කිසාගෝතමී පිස්සු වැටෙන්නෙ නෑ.

      Delete
    6. කොහෙද මෙයා වැඩකරන්නෙ?

      Delete
    7. මචං ඇනෝ..

      මම ලියපු පෝස්ට් එකක්වත් වැඩක් නෑ. සමහර උන් හැරිලා ගිහින් තිබුනා උඹ නැති නිසා. ඊයේ නම් මමයි නෝනයි සෙට් උනා.. මොකෝ අර ඇම් ජී ගේ සින්දු ටික ගියානේ දෙරණේ.. ඊට පස්සේ ක්ලැරන්ස්ගේ.. වැඩේ ඉවරවෙන කොට බෝතලේ ඉවරයි.. බයිට් එක නම් ඉතිරුයි..

      Delete
    8. යාලු ඇනෝ,
      අපිනං පෙරේදා මුදු වෙරළේ බාබකිව් එකක් දැම්මා.පිංතුරත් ගොඩක් තියෙන නිසා පෝස්ට් එකක් දාන්න හිතුන ඒත් පස්සෙ බෑ කියල හිතුණා.මේ දවස්වල පෝස්ට් එකක් ලියාගෙන යනවා නමුත් ලියවෙන්නෙ බොහොම හෙමිං.හරිම කම්මැලියි.අද රෑට බියර් කෑන් දෙකතුනක් වත් ගහල ලියාගන්න බලන්න ඕනෑ.

      Delete
  6. Replies
    1. ඕකට හේතුව ලංකාවෙ පොඩි කාලෙ ඉඳල උගන්නන්නෙ participating is more important than winning කියල මිසක winning is important than anything කියල නෙමෙයිනෙ.

      ඉතින් බැලීමත් xකීමක් කියල හිතාන අපෙ උන් නිතරම බලන්නෙ ලද දෙයින් සැනසෙන්නනෙ. ලොක්කොත් ඒකටම උදව් කරනව, මොකද උන්ට යන්න දිව්‍යලෝකෙ අලි නැට්ටෙ එල්ලිල.

      Delete
    2. "වැදගත් වන්නේ ජය හෝ පරාජය නොව බුරුත්තක් සහභාගී වීමයි" කියල තියෙන්නෙ

      Delete
    3. උඹ අර ඩෙස්මගෙ පොතේ එකාගෙ කෑල්ලක්ද ප්‍රොෆයිලේට දාන් ඉන්නෙ?

      Delete
    4. indika,
      google crypto-zoology

      Delete
    5. ඉන්දික කියපු කේස් එක තමයි වෙලා තියෙන්නෙ . දැං කරන්න තියෙන්නෙ ප්‍රාගෙ ආදර්ශ පාඨය අප්ග්‍රේඩ් කිරිල්ල විතරයි.

      Delete
  7. හනේ....අපේ කිරීඩා නඩේ හොඳ වට වන්දනාවක් ගෙහුං ගෙවල් වලට බඩුත් ඇන්න එයි දැකපු ලස්සන දේවල් ගැන කතාවෙවී.

    ReplyDelete
  8. කථාව පැහැදිළියි.. පිටරට ක්‍රීඩා මෙවුවා නම් අපේ අය අරින්නේ නැහැ, පදක්කම් නම් මොනාද ඈ,, ඊට වඩා කොච්චර මෙවුවා තියෙනවද ගිහින් එන ගමන් කරන එන්න

    ReplyDelete
    Replies
    1. ඇත්ත. මගේ අදහස අනුව නං අපි දියුණු කරගන්න ඕන ඔය ඉලක්කයට වෙඩි තැබීම දුනු විදීම වගේ ක්‍රීඩා. මොකෝ අපිට පුළුවන්ද සුද්දො එක්ක රග්බි ගහන්න. නැත්තං කල්ලො එක්ක දුවන්න.

      Delete
    2. අනිවා

      Delete
  9. රාජ්ගේ අදහස හරි. අපිට පුලුවන් හොඳට වෙඩි තියන්ට වගේම දුන්නෙන් විදින්ට. :)

    ReplyDelete
  10. ඉස්පෝර්ට් කරන්න යවන්නේ කොහොමද සර්ලා ගල් කපනවනේ.. අපි නොදන්නවය සෑර්ලගේ හැටි..

    ReplyDelete
  11. //යකෝ එතකොට අපි දිනන්න යන්නෙ කවද්ද?//
    හෙහ් හෙහ් ළඟදීම පුතා ළඟදීම හෙහ් හෙහ්

    ReplyDelete
    Replies
    1. ලඟදි කිව්වෙ ...... රාවනා නැඟිට්ටමද?

      Delete
    2. ආපෝ ඒ මෑන් නැගිටින පොරක් නෙවෙයි

      Delete
  12. අපි ක්‍රීඩාව දින්නෙ නැති උනාට මොකකිං හරි දිනනවනෙ.
    කවුද වෙන රටකින් ඇවිල්ල හයිවේ වල බයිසිකල් පදින්න ට්‍රේන් වෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. හයිවේ වල බයිසිකල් පදින්න ට්‍රේන් වෙන්නෙ
      ??????????? දැක්කෙ නෑ බං මොකද්ද?

      Delete
  13. ඇත්ත කතාව. එක්කෝ වයස මදි. නැතිනං වයස වැඩියි. අනිකා හැම තිස්සෙම හරි වයසේ හරි කැටිගරියේ ඉන්නේ.
    කොහොමද උඹට යන්න තිබිච්ච ප්‍රංස ශිෂ්‍යත්වෙට උඹව කපාගෙන පැරෂුට් එකකින් බැහැලා ගිහිල්ලා ආපහු ඇවිත් උඹට අයිෆල් ටවර් එකේ වරුනේ කියනකොට...

    ReplyDelete
    Replies
    1. අාං ඒවගේ සීන් එකක් තමයි.

      Delete
  14. ජයග්‍රහණයට වඩා වැදගත් වන්නේ සහභාගිත්වයයි කියල රාජ් අහල නැද්ද.අපේ අය ආදර්ශෙන් පෙන්නල දීල තියෙන්නෙ ඒ ටිකනෙ.රාජ්ල මේ බොරුවට කියෝනව.

    ReplyDelete
  15. රාජ් ගේ පාසල කොහේදැයි මා දන්නේ නෑ.

    තංගල්ල පැත්තේ ගමේ පාසලක අපේ කාලයේ ඉගෙනගත් සිසුවෙක් මා සමග කියු පරිදි ඔවුන්ගේ පාසලේ කිසිවෙකු ඒ වසරේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිට නෑ. එයට හේතුව නම් පාසලෙන් අදාල නම් ලයිස්තු නොයැවීමයි.

    නොයැවීමට හේතුව, "උඹලා කොහෙද බං සිස්සස්සේ පාස් වෙන්නේ?"

    මේ සිසුවා පසුව තනිවම වාගේ ඉගෙන ගෙන පොදු සහතිකය පාස් වී උසස් පෙළ සඳහා නගරයේ පාසලට ඇවිත්, එහිදීත් ටියුෂන් නොගොස් ඉගෙන ගෙන ගණිතයෙන් උසස් පෙළ පාස් වී මොරටුව සරසවියෙන් ෆස්ට් ක්ලාස් එකක් ලබා පසුව බටහිර රටකින් ආචාර්ය උපාධිය ලබා එහිම සේවය කරනවා!

    මේ කතන්දරේ මගේ බ්ලොග් එකේ විස්තර සහිතව ලියන්න හිටිය එකක්. බ්ලොග් එක වහන්න පෙර ලියන්න වෙලාවක් ලැබුණේ නෑ.

    ඒ ගුරුවරු සමග සසපන කොට රාජ් ගේ ගුරුවරයා හොඳයි නේද?

    මාත් පහේ පන්තියේ දී සාහිත්‍ය දින දිස්ත්‍රික් තරගයකට ගම්පහ ගිහින් තියෙනවා. අපිට බස් සහ කෝච්චි ටිකට් ගත්තේ සහ දවාලට මාළු පාන් අරන් දුන්නේ අපේ ටීචර්මයි.

    ReplyDelete
    Replies
    1. ලියන්න හිටියේ????

      හත් දෙයියනේ දැං මොකද කරන්නේ...

      Delete
    2. හොඳ නරක විවිධ මිනිස්සු ඇත තැන තැන. අපේ ගුරුවරයටත් වරදක් කියන්න බෑ. එක්කෝ නොදැනීම නැත්තං නොසැලකිල්ල වෙන්න ඇති.
      අන්න බලන්න කකා කතා නැවැත්තුව එකේ පාඩුව!

      Delete
  16. මැඩල් ද වටින්නේ ..ටුවර් ද වටින්නේ..

    ටුවර් නේ..

    ආයු බෝ..ජය වේ..

    ReplyDelete
  17. Apita medal gannathibuna, diyayatingindaragenayama,diyareddenbellakepeema wage event thibunanam, Ethakota wedima niladari Anupathayak sahabagikaraweemata medal nethda?

    ReplyDelete
    Replies
    1. අන්න කතාව.
      ඒ වයින් නං එන්න පුළුවන්.

      Delete
  18. හෙහ්, අපිට මෙඩල් ඉතින් හාව හද දකින්න වගේ එකක් තමයි.. වැරදිලා හරි ගන්න මනුස්සයා ඊලග තරග වාරේ වෙනකන් මාරම වීරයා.. මතකද අර එක පාරක් බර උස්සලා මෙඩල් එකක් ගෙනාව වින්තන.. දැන් කතාවක් වත් තියෙනවද? ( මම දන්න තරමින් නෑ.. එහෙම නෙමෙයි නම් සමාවෙනන )

    අපේ අයට ඉතින් තරඟාවලියක් කියන්නේ නිළදාරින්ට නොමිලේ යන්න හම්බුවෙන ටුවර් එකක් විතරක්ම වෙලා..

    ReplyDelete
    Replies
    1. බයිද වේ, රණරාල පොත යනු කුමක්ද? අවංකවම නොදන්න හන්දා අහන්නේ..

      Delete
    2. සිරාවටම මචං මමත් ඔය ප්‍රශ්නෙ අහන්නමයි හිටියේ. මට තේරෙන තරමට රාජ් මගේවයස් මට්ටමේම එකෙක්. ඒ වුනාට ඔහොම පොතක් ගැන මම අහලම නෑ. රාජ් කියපංකො මචං ඕක ගැන පොඩි විස්තරයක්.

      Delete
    3. Masterman Ready, or the Wreck of the Pacific (1841) by Frederick Marryat.

      Delete
    4. මේකට ඉස්සෙල්ල උත්තර දෙන්නං. ප්‍රා කියපු විදියට මේක මාස්ටර්මන් රෙඩි කියන පොත. ඒක ඒ විදියටම පරිවර්තනය කරල තිබුන කේජී කරුනාතිලක මහත්තය. මම ඒක කියවල තියනව. එ්ක අසංක්ෂිප්ත පරිවර්තනයක්. හොඳ කතාවක්

      මේ කියන රනරාල පොත (මම හිතන විදියට) පරිවර්තනය වෙන්න අැත්තෙ ඊට කලින් වෙන්න ඔ්න. පසු කාලයක එ්කත් මම කියෙව්ව. ඒක අපේ ආරට කරපු අනුවර්තනයක්.

      Delete
    5. ගූගල් දෙයිය කියන විදියට රණරාල ජීබී සේනානායක මහත්තයගේ වැඩක්. ම‍ට නං හිතට ඇල්ලුවෙ කේජී මහත්තයගේ පොත.
      http://www.silumina.lk/2013/11/10/_art.asp?fn=av1311102

      Delete
    6. අහ් තැන්කිවු තැන්කිවු.. බලමු පොත තාමත් තියෙනවනම් හොයාගන්න ට්‍රයි එකක් දීලා..

      Delete
  19. ඕවා නම් මොනවාද ලොක්කා රට යනකොට ප්ලේන් එකක් පිරෙන්නම කට්ටිය එක්ක යන්නේ.
    ඕනවුන්,එපා වුන්,ලේකම්ලා,උපදේශකයෝ,ආරක්ෂකයෝ විතරක් නෙමේනේ යන්නේ වලව්වේ පොල් කඩන එකාගේ ඉඳන් ආර්යාවගේ හැට්ටේ කට්ට ගහන එකා පවා යන්නේ.උන්ගේ ආදර්ශේ තමයි ඔය හැම එකාම අරගන්නේ.
    මහා වුන් ඇදේ ගිහින් කොහොමද බං පොඩි වුන්ට පාරේ කෙලින් යන්න කියලා දෙන්නේ.

    ReplyDelete